මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (2)


senior-survey-

එංගලන්තයේ ගැහැණු ළමයි මහා ඉස්ලාම් රාජ්‍යය ගොඩ නගන්න යන හැටි ගැන පොඩි වැඩසටහනක් පසුගිය සතියක මා බැලුවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ වල ජිවත් වන, හැත්තෑවේ දශකයේ පකිස්තනානයෙන් සංක්‍රමණය වූ එක මධ්‍යම පාංතික පවුලක ගැහැණු දරුවෙක්, දැන් සිරියාවේ සිට එයාලගේ කෝස් එකට ගැහැණු දරුවන් බඳවා ගැනීමට අන්තර්ජාලයේ කරන ප්‍රචාර ගැනයි එහි කතා කෙරුවේ.

මේ ගෑල් ළමයාගේ මවුපියන් ඉහල මධ්‍යම පන්තික ජිවිත ගත කරන්නන්. ඔවුන් ආන්තික ආගම් වාදීන් නොව, ලිබරල් මත දරණ, දරුවන්ට ආගම කරට නොදාපු පිරිස් වශයෙනුත් හඳුන්වා දුන්නා. දැන් අර ගෑල් ළමයව යවල තියෙන්නෙත්, පළාතේ උසස් පෞද්ගලික පාසලකට. ඇය ප්‍රීතිමත් හා බුද්ධිමත් තරුණියක්ව සිටියා යයි කියවුණා. ඉස්ලාමික රාජ්‍යයේ පූර්ණකාලීන සටන් කරුවෙක් වන (ඇත්තටම සටන් කරුවෙකුගේ/කරුවන්ගේ බිරිඳ) ඇයගේ දැන් වයස අවුරුදු විස්සයි. පැන යන විට ඇය වෛද්‍ය විද්‍යා පාඨමාලා වක් හදාරමින් සිටියා (මේ CNN වල ගිය ඇගේ කතාව.

සාමාන්‍ය නව යොවුන් වියේ යුවතියක් මෙන් බ්ලොග් කට්ටකුත් අටවාගෙන, ඔය වල් පල් ටිකක් ලියමින් ඉන්නාතුර තමා ඇය රැඩිකලයිස් වී තියෙන්නේ. ඉන්පසු දෙමාපියන්ට හොරෙන් ඇය සිරියාවට ගිහින්. එහි සිට අන්වර්ථ නාම වලින් ලියන ඇයගේ ප්‍රචාරක වෙබ් අඩවි හා බ්ලොග් පස්සේ ගිය තවත් යුවතියක් තමා, මේ කවුද කියා සොයාගෙන තියෙන්නේ. අර දෙමාපියන් ප්‍රවුර්ති සාකච්ඡාවක් තියා, ඔවුනගේ කනගාටුව කියුවා. ඔවුන් කියන්නේ දුවණියට විශාල වැරදීමක් සිදුවී ඇති වග.

මෙතැනදී මා මතක් කරන්නම්. අද සිරියාව මූලිකව සටන් කරන ඉස්ලාමික රාජ්‍ය සටන් කරුවන් අතර බටහිර කාන්තාවන්/යුවතියන් 500 කට අධික පිරිසක් ඉන්නවා යයි ගණන් බලා තිබෙනවා. මෙයින් එංගලන්තයෙන් පැන ගිය අවුරුදු 17 ක් වන හලෙන් නිවුන්නුන්ගේ කතාවත් ප්‍රධාන තැනක් ගන්නවා. සෝමාලියානු සංක්‍රමණිකයන්ගේ පවුල් වලට අයත් මේ දෙන්න පාසලේ ගණිතය ඇතුළු අනෙක් විෂයන්ගෙන් ද දක්ෂතා දක්වපු, කථිකත්වයට විශේෂ හැකියාවක් තිබුණ, අනාගතේ දොස්තරුන් වෙන්න අපේක්ෂා කරපු, යුවතියන් දෙදෙනෙක්.

මොවුන් සියල්ලන්ම මහා විප්ලවවාදීන් වී තියෙන්නේ, ඔවුනගේ නිදන කාමරයේ. එනම් අන්තර් ජාලයෙන්. ඉස්ලාමික සටන් කරුවන්ගේ මැනිෆෙස්ටෝ එකේම කියවෙන විදිහට ගැහැණු දරුවෙක් වයස 9 පිරුණු විට කසාද බඳින්න හැකි වගත්, එක පිරිමියෙකුට කාන්තාවන් එක අයෙකුට වඩා කසාද බඳින්න පුළුවන් වගත් කියනවා.

ඒ විතරක් නොවේ, මේ දරුවන් ඇත්තටම ඔවුන් වෙළඳ භාණ්ඩ ලෙස සලකන වග ඔවුන්ගේ ප්‍රචාරක යු ටියුබ් වලින්ම පෙන්වා දෙනවා. දැන් අර ග්ලාස්ගෝ තරුණිය ඉරාකයේ සිට ලියන බ්ලොගේ කියන්නේ, ඉගෙනගෙන, බිරියක් වී, දරුවන් හදා, ඔවුන්ට ද උගන්වා, සැමියන් රැක බලාගෙන, උයා පිහාගෙන ගෙවන “බටහිර” ජිවිතයෙන් පලා ඇවිත්, කාන්තා විමුක්තිය ලබා ගන්න ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවීමට එකතු වෙන්නය කියා.

මොවුන්ගේ සැමියන් සටන් කරන්නේ වෙන කිසිවෙකු සමග නොවේ, තමන්ගේම ආගමේ තවත් නිකායක් අදහන කට්ටියක් සමගයි. ම්ලේච්චකම් විතරක් නොවේ, පිටාර ගලන නූගතත්වයත් පසුගිය කාලයේ ඔවුනගේ ක්‍රියා කලාපය පෙන්වා දුන්නා. දැන් මෙහෙම කාණ්ඩයකට එකතු වන්නට, මේ තරුණ යුවතියන් යන්නේ ඇයි? එහි වරද මේ දෙමාපියන්ට පවරන්නට හැකිද?

මේ තරුණියන් ඇත්තටම අර “වික්ටිම්ස් ඔෆ් දෙයා පේරන්ට්ස් සක්සෙස්” කියලත් කියුවහැකි. විශේෂයෙන් සෝමාලියාව වැනි රටක කාන්තාවන්ට විශේෂයෙනුත්, දරුවනට හා සාමාන්‍ය මිනිසුනට තියන ප්‍රශ්න අර පැන ගිය නිවුන්නුන් දෙදෙනාට එක්කෝ අවබෝධයක් නැහැ. නැත්නම් අන්තර්ජාලයේ තියන වෛරී කතාවන්ට මුලාවී, මෙවැනි ගමනක් යතැයි සිතන්නට අමාරුයි.

මෙතැනදී තියන විකුර්තිය තමා, බටහිර හා ඇමෙරිකානු ව්‍යාප්තවාදයයකට එරෙහිව සටන් කරනවා කියමින් මොවුන් මරා ගන්නේ තමන්ගේ සහෝදර ජනතාව, විනාශ කර ගන්නේ තමන්ගේ ම දේපොළ. අන්තිමට කැකුණ තලා දෙන්නේ ඔවුන් එරෙහි යයි කියන බටහිරටමයි.

මෙහෙම සටන් කරන්නට ගිය ඕස්ට්‍රේලියානු කට්ටිය ගෙන් කිහිප දෙනෙකු (දරුවන් ද සමග) ආපසු එන්නට අවසර ඉල්ලනවා යයි පසුගියදා වාර්තා වුණා.

පලි
අද ලෝක දෙමාපිය දිනයයි. දරුවන්ගේ කුඩා කාලයේ ඔවුනගේ ක්‍රියා වලට දෙමාපියන්ගේ බලපෑමක් තිබුණත්, වැඩිහිටියන් වූ විට ඔවුන් ස්වාධින මිනිසුන් හා ගැහැණුන්. මේ දෙමාපියන්, ඔවුනගේ දරුවනට කුඩා කාලයේ ලබා දෙන්න පුළුවන් හොඳම දෙය එනම් අධ්‍යාපනය ලබා දීමට ඔවුනට කරන්න පුළුවන් හොඳම අන්දමට කටයුතු කර තිබෙන වග පෙනෙනවා. මෙතැනදී අමතක කරන්න එපා මා ඉහත කියුව පිරිස, ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් ගේ දරුවන් අතරින් ඉතාම කුඩා පිරිසක්.

සමහර දරුවනට, දෙමාපියන්ගේ තේරීම් හා ඔවුනට වෙනස් කරන්නට බැරි සමාජ ආර්ථික වටපිටාව නිසා කොහොමත් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. එතැනදී දරුවන්ට කළ හැකි දෙයක් නැහැ.මේ සටහන පටන් ගත්තේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ගැන යාමක් ලියන්න. එය තමා ඊළඟට ලියන්නේ. ගොඩක් වෙලාවට ලබන මේ සිකුරාදා.

ඉහත ප්‍රස්තාරයේ තියෙන්නේ ටයිම්ස් සරසවි ශ්‍රේණි ගත කිරීමට අනුව අංක එකට ආපු ඇමෙරිකානු හාවර්ඩ් සරසවියේ මේ වසරේ උපාධි අවසන් කරපු පිරිස සමග කරපු සමීක්ෂණයක දත්ත කොටසක්. හාවර්ඩ් යන්න අදහසක් නැති වුවත්, එයත් කියවන්නට වටිනාකමක් තියන සමීක්ෂණයක්.

Advertisements

13 Comments

Filed under Education

13 responses to “මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (2)

  1. Pingback: මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (2) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේක මේ තරම් ලෙහෙසියෙන්ම විග්‍රහ කරන්නත් අමාරුයි. මෙහෙ මුස්ලිම් දෙමාපියන් ළමයින්ට හඳුන්වල දෙන්නේ තමන්ගේම මුස්ලිම් කැටිය විතරයි. අනිත් මිනිස්සු එක්ක කටහ්වක් නැහැ. එලියට යන්න දෙන්නේ නැහැ. මේක තමා අන්තිමට වෙන්නේ.

    • ස්තුතියි මචං. උඹ කියන දේ හරියටම හරි. ඊයේ මට රෑ වුණා, මෙතන ටේක් හෝම් මෙසේජ් එක කියන්න.
      //පැන යන විට ඇය වෛද්‍ය විද්‍යා පාඨමාලා වක් හදාරමින් සිටියා//
      //සෝමාලියානු සංක්‍රමණිකයන්ගේ පවුල් වලට අයත් මේ දෙන්න පාසලේ ගණිතය ඇතුළු අනෙක් විෂයන්ගෙන් ද දක්ෂතා දක්වපු, කථිකත්වයට විශේෂ හැකියාවක් තිබුණ, අනාගතේ දොස්තරුන් වෙන්න අපේක්ෂා කරපු, යුවතියන් දෙදෙනෙක්//
      //දැන් අර ග්ලාස්ගෝ තරුණිය ඉරාකයේ සිට ලියන බ්ලොගේ කියන්නේ, ඉගෙනගෙන, බිරියක් වී, දරුවන් හදා, ඔවුන්ට ද උගන්වා, සැමියන් රැක බලාගෙන, උයා පිහාගෙන ගෙවන “බටහිර” ජිවිතයෙන් පලා ඇවිත්, කාන්තා විමුක්තිය ලබා ගන්න ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවීමට එකතු වෙන්නය කියා//
      //විශේෂයෙන් සෝමාලියාව වැනි රටක කාන්තාවන්ට විශේෂයෙනුත්, දරුවනට හා සාමාන්‍ය මිනිසුනට තියන ප්‍රශ්න අර පැන ගිය නිවුන්නුන් දෙදෙනාට එක්කෝ අවබෝධයක් නැහැ. නැත්නම් අන්තර්ජාලයේ තියන වෛරී කතාවන්ට මුලාවී, මෙවැනි ගමනක් යතැයි සිතන්නට අමාරුයි//
      ඉහත කොටස් මා ලියුවේ හේතුවක් ඇතිව.

      අජිත් කියන දෙය අප සැමටම වැදගත් නිසා සටහනට අතුරු සටහන ලෙස මෙය ලියනවා. සටහන් අසුබවාදී පැත්තට බර කරන්න අකමැති නිසාත්, රෑ බෝවුන නිසාත්, සටහන කෙටි කරපු නිසාත්, මේ සටහන තවත් ඉදිරියට ලියවෙන නිසාත් අජිත් පෙන්වා දෙන කරුණ ඉහත මතු කර නැහැ. නමුත් මගෙත් හයිපොතිසිසයක් මෙහි තියනවා. ඉහත කඩල ගත්තු කොටස් නිරීක්ෂණය කෙරුවොත් ඒ මොකක්ද කියා ඔබට වැටහේවි. මේ දරුවන් ඇකඩමික් අතින් ඉදිරියෙන් හිටපු අය කියල පෙනෙනවා. තරුණ වයසට පත්වී, “නිදහසේ” අන්තර්ජාලයෙන් ලෝකය “දකින්නට” පටන් ගත්තු ගමන්, මුලධර්ම වාදී දේශනා වලට වශී වෙලා ගෙදරින් පැන ගොස් කැමැත්තෙන්ම “වහලියන්” බවට පත් වෙන්නේ ඇයි? අන්න ඒක වැදගත්ම ප්‍රශ්නයයි. මේ දරුවන් ජිවිතයේ එක පැත්තක් පමණක්, එනම් විබාග පාස් කිරීමට පමණක් මනස හුරු කරපු අයද? කලින් කතාවේ ගිරවා මතකනේ. දැන් පවා මොවුන් මේ සටන් කරුවන් නැත්නම් ත්‍රස්තයන් කරන ම්ලේච්ච ක්‍රියා, ඔවුනගේ යයි පිළිගන්නේ නැහැ. මෙතැනදී ඔවුන්ට පුළුල් චිත්‍රයක් දැකීමේ නොහැකියාව තිබෙන වග පෙනෙනවා.

      දරුවන් විභාග විතරක් පාස් කරන්නට පමණක් පුහුණු කිරීම හරිම නරක දෙයක්. දරුවන්ට ආගම්වාදී මුලධර්ම මනසට පෙවීමත් නරක දෙයක්. ලෝකයේ හැටි කුඩා කාලයේ පටන්ම දැක ගන්නට ඉඩ ලබා දෙන්න හැකි නම් එය හොඳ දෙයක්. බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන්නට අවස්ථාව දීමත් වැදගත් දෙයක්. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියා දෙමාපියන් ද දැන සිටීම වගේම වයසින් අඩු දරුවන් මේවායේ කරක් ගහමින් මොනවාද කරන්නේ කියන එකත්, කළ යුතු හා නොකළ යුතු, දේවල්ද කුඩා කාලයේ දරුවන්ට කියා දීමත් වැදගත්. අපේ නූතන දිවියට ගරහමින්, කොම්පියුටර් වැනි දේවල් දරුවන්ට අරන් දෙන දෙමාපියන්, දරුවන්ට නරක ආදර්ශයක් දෙනවා. එනම්, එවැනි දෙමාපියන්ව තමන්ට ආදර්ශ ලෙස දරුවන් සලකන්නේ නැහැ. ඔවුන් තමන්ට ආදර්ශ අන්තර්ජාලය ඔස්සේ බාහිර ලෝකයෙන් සොයා යනවා.

      අන්තිමට මේ මොනවා කලත් අර තරුණියන්, ඔය පියවර ගැනීමෙන් වලක්වන්නට නොහැකි වෙන්නත් ඉඩ නැතුවා නොවේ. පේරන්ටින් යනු ලෝකයේ අසීරුතම පූර්ණකාලින රැකියාවයි.මා පේරන්ටින් උපදෙස් දීමට කිසිදා වෙහෙසෙන්නේ නැහැ. පේරන්ටින් අසමසම දෙයක්. ඔබේ දෙය ඔබම සොයා යා යුතුයි. අනෙක් රැකියා වලට මෙන් ප්රෝටකොල් හදන්නත් එහිදී අපට නොහැකියි.

      • ලිපිය සහ කමෙන්ට් එකට ස්තුතී. ඊයේ පෙරේදා මෙහෙ tv එකේ නිවුස් බලද්දී අහම්බෙන් බලන්න හම්බුණා හරි පුදුමයි මේ දේවල්.. ඊශ්‍රායලය වටේම තියෙන අරාබි රටවල් එක්ක නොනවතින යුද්දෙක හිට්‍යට රට ඇතුලේ ඉන්න යුදෙව් අය අතරම ඉස්රායලිත අරාබි ජාතිකයන් මිලියන දෙකක් විතර ඉන්නවා. ලෝකේ කිසිම අරාබි රටක යුදෙවුවෙක්ට රටේ රාජ්‍ය ආයතන වල රැකියා දෙනවද ? ඒත් මේ රටේ හැම රෝහලකම කාර්ය මණ්ඩලයෙන් බාගෙකට වඩා අරාබි, හැම රජයේ ආයතනයකම අරාබි අය ඒ වගේම පාර්ලිමේන්තුවේ,,, ක්‍රිස්තියානි අආග්ම අදහන අරාබි ජනතාව යම් තාක් දුරකට මේ වෙද්දී යුදෙවුවන් ගැන නිසි අවබෝදයක් ලබාගෙන තියෙනවා ඒත් බහුතර ස්ලාම් අරාබි ජනතාව රටේ සියළුම රාජ්‍ය සේවා ,, ස්වුක්ය ,අධ්‍යාපන ,ගමනාගමන යනාදී එකී මෙකි සේවා අමතක වුණා පොලිසියේත් බාගෙට බාගයක් ඉන්නේ අරාබි ගිය සතියේ පොලිසි යන්නත් වුණා ඒ හින්දා ඒක දන්නේ.. ඒත් අයියේ ඔය හැම පහසුකමක් ම විඳගෙන රට අතුලේ ආරක්ෂිතව හිටියත් මේ මිනිස්සු ඇතුලේ මහ අමුතු ආත්මයක් තියෙනවා,, හරියට ෆුජියාමා වගේ

        • ෆෝන් එකෙන් කමෙන්ට් කරන්නේ ඒ නිසා අකුරු අඩුපාඩු තියෙනවා

          • නංගි, අරාබි රටවල් කෙරෙහි පවත්වාගෙන එන ඊශ්‍රායල් හා ඇමෙරිකානු ප්‍රතිපත්තිය ගැන මා ලියන්න ගත්තොත්, මේ බ්ලොගය එයටම වෙන් කරන්න වෙනවා. ඔය ප්‍රශ්නය දෙස ඔය තරම් සරල ලෙස බලන්න එපා.

            මා මේ සටහනේ කියපු දරුවන් ව පොළඹවා ගන්න උපයෝගී කර ගන්නා එක කරුණක් තමා, ඉහත කියපු දෙපිටකාට්ටු, අසාධරණ හා නොමිනිස් ඇමෙරිකානු හා ඉස්රායෙල් ප්‍රතිපත්ති. එයත් මේ වෙනත් අරමුණු තියන ත්‍රස්තවාදීන් විසින් ප්‍රයෝජනයට ගන්නා දෙයක්. මෙතනදී ඒ ගැන කතා කර නැත්තේ, මා ප්‍රශ්නය කියුවේ දෙමාපියන්ගේ පැත්තෙන් නිසා.

            • ඉදිරියෙදි ලියන්න මට ඒ ගැන දැනගන්න ඕනේ.

              • ඔමා, මා නොලියුවත්, ඔබ වැනි කෙනෙක් මේවා කොහොමත් දැන ගනීවි. ඔබට පෙනෙනවා නේද, මා ලියන්නේ පොඩි දේවල් විතරයි කියා.

  3. saman

    Can I please know the relationship with the title ?

  4. what is the name of your blog. I can’t add this to blog power syndicate
    I tried with https://raigamahandiya.wordpress.com/

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s