ග්ලයිපොසෙට්, ඔබ හා මා! (1)


Picture1

Average cereal productivity and fertiliser use intensity (total fertiliser use over area cropped) at national level for selected countries between 1961 and 2008. Pablo Tittonell a,, Ken E. Giller, 2012) Source: FAOstat.

කැනේඩියානු අධිකරණයක් මගින් දුම්කොළ සමාගම් තුනකට එරෙහිව දුන්න නඩු තීන්දුවකින් (කැනේඩියානු) ඩොලර් බිලියන 15. 5 ක්, දුම් බීපු කට්ටියට ගෙවන්නට නියම කරපු පුවත මා ඇසුවේ අද රේඩියෝවෙන්. නඩු තීන්දුව දෙමින් විනිසුරු (Judge Brian Riordan) මෙසේ පවසා තිබුනා “The companies earned billions of dollars at the expense of the lungs, the throats and the general well-being of their customers. If the companies are allowed to walk away unscathed now, what would be the message to other industries that today or tomorrow find themselves in a similar moral conflict?” මෙන්න ඒ කතාව

මෑත ඉතිහාසයේ බහු ජාතික සමාගම් වල විසින් කර ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට උදාහරණ සියලුම මහද්වීප වලින් සොයා ගන්නට හැකියි. මොවුන්ගේ ක්‍රියාකාරිත්වය එයිනුත් එහාට යනවා. ආණ්ඩු පත් කිරීමත්, හැසිරවීමත් හා පහ කිරීමත් මොවුන්ගේ බලපෑමෙන් තොර වන්නේ නැහැ. මෑතකදී ඕස්ට්‍රේලියානු සෙනේටයේ තිබුන එක විභාගයක් වුනේ, ඇපල්, මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් විසින් සිදුකරගෙන එන බදු ගෙවීම් පැහැර හැරීම්. මෙවර ආණ්ඩුවේ අයවැය යෝජනා අතර, මෙසේ අහිමි වන බදු එකතු කර ගැනීමට පියවර යෝජනා කර තිබුණා.

ඒ එක පැත්තක්. අනික් අතින් මේ සමාගම් මනුෂ්‍ය ප්‍රගමනයට ලොකු මෙහෙවරකුත් කර තිබෙනවා. දුම්කොළ වැනි සමාගම් කෙසේ වෙතත්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, මොන්සන්ටෝ, නොවාටිස්, ෆයිසර්, ෂෙල් හා තවත් නොයෙකුත් සමාගම්, සන්නිවේදන, කෘෂිකර්ම, වෛද්‍ය, බලශක්ති හා වෙනත් ක්ෂේත්‍ර වල මනුෂ්‍යයා ලබා තියන ප්‍රගතියට කර තිබෙන දායකත්වය අමතක කරන්නට නොහැකියි. මේ ප්‍රගතියට කර තිබෙන දායකත්වය පසුපස තිබෙන්නේ, ලාභයට එනම් ධනය ගොඩ ගැසීමට තිබෙන මනුෂ්‍ය කෑදරත්වය යන වගත් අපට අමතක කරන්නට නොහැකියි. මේ කෑදරත්වය ඉවත් කළා යයි කියපු රටවල් වල සමාජ නතර වූ සෝචනීයත්වයත් මෙතැනදී මතකයට නගා ගනිමු.

ලෝකයේ ආහාර නිෂ්පාදනය මා කලින් ලියා ඇති පරිදි, එන්න එන්නම අර්බුදකාරී වේ ගෙන යනවා. මා එහෙම කියන්නේ ලෝකයේ ජිවත් වන සියල්ලන්ටම අවශ්‍ය ආහාර අපට නිපදවා ගන්න බැරි නිසා නොවේ. අදත් ලෝකයේ නිපදවෙන ආහාර හරියට ගණන් බැලුවොත්, මෙහි ජිවත් වන සියලු දෙනාට, ප්‍රමාණවත් පෝෂක සපයන්නට ඇති වේවි. නමුත් ප්‍රශ්නය ඇත්තේ ආහාර නිපදවීම අඩුකම නොවේ, ඒවා අවශ්‍ය තැන් වල නොනිපදවිම. මෙහිදී බෙදා හැරීමේ ජාලය දියුණු කළ යුතුයි කියන සම්ප්‍රදායික තර්කය මා විස්වාස කරන්නේ නැහැ. මේකම වෙන වචන වලින් කියනවා නම්, ඕස්ට්‍රේලියාවට අවශ්‍ය බහුතර ආහාර ද්‍රව්‍ය, මෙහි ජනයාට මිලදී ගන්න හැකි මුදලට මෙහිම නිපදවා ගන්න අවශ්‍යයි.

අඩු යෙදවුම් කෘෂිකර්මයක් කරා අප යා යුතු එක හේතුවක් මා ඉහත කියපු කරුණ. මේ සටහන දික් වෙනවා. මෙවැනි අඩු යෙදවුම් කෘෂිකර්මය කරා යා හැක්කේ, අපේ මුතුන්මිත්තන් මෙන්, හේන් වගා කිරීමද? නැත්නම්, කාබනික කෘෂිකර්මයක් කියා හීනටි, මදටිය වැනි වී වගා වලට යොමු වීමද (මදටිය කියල වී ජාතියක් මා දන්නේ නැහැ. අපේ පාසලේ හිටියා කෘෂිකර්මය ඉගැන්වූ අපූරු (අංජබජල්) ගුරුවරයෙක්. මෙයාගේ අන්වර්තනාමය මා ලියන්නේ නැහැ. හැබැයි ඇත්තටම ඔළුව ටිකක් ජල්තරයි. අපට අට වසරේදී දුන්න ප්‍රශ්නයක් තමා ඇට වලින් පැල කරන එළවලු වර්ග විස්සක්ද කොහෙද නම් කරන්න කියන එක. අපරාදේ කියන්න බැහැ, ප්‍රශ්නෙට උත්තරේ මේකද කියල මෙයාගෙන් ඇහුවහම ඔව්ද නැත්ද කියල කියනවා. අර ප්‍රශ්නෙට අපට උත්තර මදි වුණහම, බොරු නම් හදල මේවත් ඇට වලින් නේද පැල කරන්නේ ඇහුවහම, අරයා ඔව් කියනවා. මොකද, එයාගේ නොදැනුවත්කම එලි වේවි යයි තියන බය නිසා හෝ ඇත්තටම මොළයේ අංජබජල් කමක් නිසා. කොහොමහරි එහෙම “හදපු” එක එළවළුවක් මට තාම මතකයි. මා ලියන්නේ නැහැ. ඒක ඇට වලින්ද පැල වෙන්නේ ඇහුවහම අපේ ගුරුතුමා ඔව් කියුවා. පිස්සු පීකුදු කියුවා වගේ මෙහෙම ඉගෙන ගත්තු අප අද………).

ඉහත ප්‍රස්ථාරයේ තියෙන්නේ පසුගිය දශක කිහිපය තුල ලෝකයේ තෝරාගත්තු ප්‍රදේශ කිහිපයක ධාන්‍ය අස්වැන්න වෙනස් වුන හැටි හා පොහොර භාවිතය වෙනස් වුණ අන්දම. මෙයින් ප්‍රදේශ තුනක් මා තෝරා ගන්නම්. යුරෝපය, ඇමෙරිකාව හා චීනය. දැන් බලන්න, ධාන්‍ය නිෂ්පාදනය වැඩි වී තිබෙන අන්දම හා පොහොර භාවිතය වැඩි වී තියන අන්දම. මේ ප්‍රදේශ තුනේම ඒකීය වර්ග ඵලයක කරන ධාන්‍ය නිෂ්පාදනය දශක පහක් තිස්සේ අඛණ්ඩ වැඩි වී තියන අයුරු නිරීක්ෂණය කරන්න හැකියි. දැන් බලන්න මේක, අත් කර ගන්න මේ තැන් තුන භාවිතා කර තියන පොහොර ප්‍රමාණය.

ඇමෙරිකාව ගත්තොත්, එහි වසර 1960 දී මේ රටවල් (ප්‍රදේශ) තුනෙන් ධාන්‍ය නිෂ්පාදනය ( ඒකීය වර්ග ඵලයකින්, ඒ කියන්නේ හෙක්ටයාරයකින් හෝ අක්කරයකින්) වැඩියෙන්ම ලබපු රටක්. හැබැයි යුරෝපයත් ඒ වගේමයි. හැබැයි මල්ලි, ඒ දවස් වල යුරෝපය පොහොර කිලෝ 100කට වඩා හෙක්ටයාරයකට ගහන විට, ඇමෙරිකාව ගහන්නේ කිලෝ පනහක් පමණයි. මේ කාලයේ චීනයේ පොහොර භාවිතය ඇත්තෙම නැති තරම්. දැන් බලන්න මේ ප්‍රදේශ තුනේ පොහොර භාවිතාව පසුගිය වසර 50 හ තුල වෙනස් වී ඇති අයුරු. ඒ වගේම අපට නිරීක්ෂණය කරන්න හැකියි යුරෝපයේ පොහොර භාවිතය පසුගිය දශක දෙකක පමණ කාලයක සිට පහල  ගිහින්  තියන වග.

අපට පෙනෙනවා චීනයේ ධාන්‍ය අස්වැන්න වැඩි වී තියන අන්දම හා පොහොර භාවිතය වැඩි වී තියන හැටි. හැබැයි යුරෝපය හා ඇමෙරිකාව අද ලබා ගන්න ධාන්‍ය අස්වැන්නට (6.5 kg/ha) වඩා අඩුවෙන් ගන්න චීනය (5.0 kg/ha), එය ලබා ගන්න අර ප්‍රදේශ දෙකට වඩා දෙගුණයක් පොහොර දානවා. මේක චීනයට පමණක් නොවේ, ඉන්දියාව, ලංකාව වැනි රටවල් වලටත් පොදු දෙයක්.

මතු සම්බන්දයි.

Advertisements

5 Comments

Filed under Agriculture

5 responses to “ග්ලයිපොසෙට්, ඔබ හා මා! (1)

  1. Pingback: ග්ලයිපොසෙට්, ඔබ හා මා! (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. නිදහස් සිතුවිලි ලියන රවී ගේ පෝස්ට් එකක් වගේ, ග්ලයිපොසෙට් නෑ, ඔබ හා මා තියා ඔබාමා වත් නෑ. ඒත් ප්‍රස්තාර දෙකින් මහ ලොකු කතන්දරයක් කියවෙනවා. ඒවා සේව්කර ගත්තා, බොහොම තුති.

    • ග්ලයිපොසෙට් විතරක් නොවේ, ඔබාමාත් එනවා. බලමු එය හරියට ලියන්න හැකි වෙයිද කියා. ප්‍රයෝජනයක් අත් වුණා නම් එය මට සතුටක් ඇණයා . නාථ දෙවි පිහිටෙන් තොරව ලබා ගන්න පුළුවන් විස්තර වලටත් සමාජයේ ඉල්ලුමක් තියන වග පෙනෙනවා. 🙂

  3. ලංකාවෙ සමහරු හිතනවා රසායනික පෝර දාල හදන ඒව ඉතා හානිකරයි කියල.
    ඊට වඩා තනිකර විස පුස්නාශක කෘමිනාශක අස්වැන්න නෙලා ගත් පසුවත් පලතුරු හා එලවලු වලට ගහනව සමහර ගොවීන් හා වෙලෙන්දන්

    • විතරක් නොවේ ප්‍රා, නෙලා ගත් අස්වැන්න හරි විදිහට බලා ගන්නේ නැති වුනහම, හැදෙන සමහර පුස් එකතු කරන විෂ සමහරවිට මාරාන්තිකයි, නැත්නම් පිළිකා කාරක. පොහොර, වල්නාශක, දිලීරනාශක හා කෘමිනාශක කියන්නේ සමහර රටවල මහා අවභාවිතයක්. මෙසේ වීමට හේතුව එකක් ගොවීන්ගේ නොදැනුවත්කම, අනෙක මාධ්‍ය වල ඉන්න මැටිකල.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s