දිනමිණෙන් වැඩක් නැත්ද?


Household-solar-and-battery-market

මේ සටහනත් කෙන්ජි කියන්න වගේ සමහරවිට ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කට්ටියට ඇති සේද්දක් නැති එකක්. නමුත් මා ලියන කරුණු වලට අදාළ නිසාත් වෙනස් වන තත්ත්ව අනුව කෙනෙකුට වැදගත් වන්න පුළුවන් නිසාත් යලි ලියනවා.

මා මේ සටහන ලියුවට පස්සේ ටයිම් කලාපයක තිබුනා ඇමෙරිකාවේ සුර්ය බලශක්ති කර්මාන්තය වර්ධනය වන හැටි ගැන පිටු දෙකක සංක්ෂිප්තයක්. වසර 2014 දී වාර්තාගත 187,000 ක නිවාස හිමියන් පිරිසක් විසින් සූර්ය පැනල ස්ථාපනය කර ගෙන තිබෙනවා. මේ වර්ධනය ගැන අවබෝධයක් ගන්න මෙහෙම පුළුවන්. වසර 2005 දී ඇමෙරිකාවේ තිබුනේ සූර්ය පැනල සවිකරගත් නිවෙස් හා කර්මාන්ත 20, 000 ක් පමණයි. වසර 2010 දී මේ ගණන 156,000 දක්වා ඉහල නැග්ගා. වසර 2014 දී එය 644,000 දක්වා වැඩි වී තියනවා.

හැබැයි ඇමෙරිකානු මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් සුර්ය බලය කියන්නේ 1% ක් පමණයි. ප්‍රාන්ත 10 ක් පමණයි 90%ක සුර්ය බලශක්තියට දායක වන්නේ. නමුත් මේ යන හැටියට සුර්ය බලය ගේම් චෙන්ජර් කෙනෙක් වනු නිසැකයි.

දැන් මෙතැනදී අර්බුදයට යන්නේ අපට විදුලිය සපයන සමාගම්. ඔවුන්ගෙන් විදුලිය මුලදී ගන්න පිරිස අඩුවන විට, ඔවුන් ලබන ලාභයත් පහල යනවා. විදුලි බිල වැඩි වන්න වන්න, විකල්ප බලශක්ති ප්‍රභව කෙරෙහි ඇදී යාම වැඩි වනවා. හැබැයි එතනත් කොස්සක් තියනවා. මොකද සූර්ය පැනල සවි කෙරුවා කියා, ගෙදරක බලශක්ති අවශ්‍යතාවය මුළුමනින්ම සපුරා ගන්න නොහැකියි. වෙනත් වචන වලින් කියනවා නම්, දවල් ට වුණත්, හැමදාම අව්ව නැහැ. රෑට කොහොමත් අව්ව නැහැ. එතැනදී අපට අර සමාගම් වල සහය කොහොමත් අවශ්‍ය වෙනවා.

මෙයත් අද සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. බැටරි සහිත සූර්ය කෝෂ පද්දති ඕස්ට්‍රේලියාවටත් දැනටම ඇවිදින්. ඕස්ට්‍රේලියාව කියන්නේ සූර්යාලෝකය හොඳට ලැබෙන රටක්. අපට දැන් ශීත සමය. උදේ එලියට බහින විට සෘණ උෂ්ණත්වයක් තිබුණත්, දහවල වන විට හිරු හොඳින් පෑව්වා. ග්‍රීෂ්ම සමය තරම්ම සැර නැති වුනත්, නරකම නැහැ.

ඕස්ට්‍රේලියානු දත්ත වලට අනුව නිවාස පහෙන් එකක සූර්ය කෝෂ තියනවා. ඕස්ට්‍රේලියානු නිවාස මිලියනයක සුර්ය බලය ගන්න පුළුවන් පද්දතියක් තියනවා. රටේ මුළු බලශක්ති අවශ්‍ය තාවයෙන්, එය 2% ක් ජනනය කරනවා. හැබැයි එහි විභවය 9% ක් තරම් වනවා (මගේ මතකය හරි නම්). මෙතැනදී ඒකපුද්ගල දායකත්වය අතින් ඇමෙරිකාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ.

මිල ගත්තහම ටයිම් සඟරාවට අනුව ඇමෙරිකාවේ 6 කිලෝවොට් පද්දතියකට බදු ගෙවීමට පෙර වට්ටම් ලෙස (pre-tax credit) ඇමෙරිකානු ඩොලර් 20,867 ක් ලැබෙනවා. එහි ඇත්ත වෙළඳ මිළ මා දන්නේ නැහැ (ටයිම්, මැයි 18, 2015). හැබැයි, අද මට ආපු කෙටි පණිවිඩයකට අනුව, කිලෝවොට් 5 හක පද්දතිය ඕස්ට්‍රේලියානු ඩොලර් 3699 කට ගන්න පුළුවන්.

පහත ප්‍රවුර්තියෙන් කියවෙන්නේ ගෙදර මුළු බලශක්ති අවශ්‍යතාවය තමන් විසින්ම නිපදවා ගැනීමක් ගැන. ජේ ආර් කියුවා වාගේ තමන්ගේ ආරක්ෂාව, තමන්ම සලසා ගැනීම. මෙයට දශකයකට පමණ පෙර මේ වගේ දෙයක් සිහිනයක්. මේක මනුෂ්‍යයා ගේ ප්‍රගතිය පෙන්වන සංදිස්ථානයක්. මේ වන විට පැනසොනික් සමාගම ඕස්ට්‍රේලියාවේ සූර්ය බැටරි වෙළඳපොළට ඇතුළු වෙන්න පියවර අරන් තියනවා (http://www.abc.net.au/news/2015-06-03/farming-family-opts-for-solar-power-battery-system/6519960).

මෑතකදී මෝර්ගන් ස්ටැන්ලි (මෙයාල ආයෝජන බැංකුවක්) කරපු සමීක්ෂණයකට අනුව, දැනට විදුලිය පාවිච්චි කරන නිවාස වලින් භාගයක්, බැටරි සහිත සූර්ය කෝෂ තියනවා නම් හා, එහි ප්‍රාග්ධන වියදම වසර 10 ක් තුලදී නැවත ලැබෙනවා නම්, සුර්ය බලශක්ති කට්ටල ස්ථාපිත කර ගන්න කැමැත්ත දක්වනවා. මේ අනුව ඔවුනගේ ගණන් බැලීම් කියන්නේ ඕස්ට්‍රේලියානු, බැටරි සහිත සූර්ය වෙළඳපොලේ වටිනාකම ඩොලර් බිලියන 24 ක් කියා (http://www.solarchoice.net.au/blog/news/attractive-economics-could-mean-half-aussie-solar-homes-install-batteries-morgan-stanley-250515).

මේ සමීක්ෂණය කර ඇත්තේ ටෙස්ලා විසින් බැටරිය වෙළඳපොළට දැමීමට කලින්. මේ මාස කිහිපයේදී සිදුවුණ වෙනස්කම් ඇඟට දැනෙන සුළුයි. මට දැනෙන හැටියට වසර 2020 වන විට සූර්ය බලශක්තිය කියන්නේ ලෝකයේ ඕනෙම රටක, තරඟකාරී බලශක්ති ප්‍රභවයක් බවට පත් වේවි. මෙයිනුත් සමහර රටවල් වල වල ජිවත් වන අයට, එයින් ප්‍රයෝජනය ලබන්න එයිටත් කලින් පුළුවන්. ඉන්න රට අනුව, අවධිමත්ව ඉන්නවා නම්, සමහරවිට අද වුනත්, මෙවැනි ආයෝජනයක්, ඔබට වඩාත් ප්‍රශස්ත නැවත ලැබීමක් දෙන දෙයක් වන්නට තියන ඉඩ බැහැර කරන්න නොහැකියි.

Advertisements

9 Comments

Filed under Energy

9 responses to “දිනමිණෙන් වැඩක් නැත්ද?

  1. Pingback: දිනමිණෙන් කෙලින්ම ප්‍රයෝජන ගැනීම ගැන ඇත්ත! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. දිණමිණ විතරක් නොවෙයි, දිනකර, සිළුමිණ, උදාකර, රිවිර, වගේ පත්තර රාශියකින් ප්‍රයෝජන තියෙනවා බත් මුල් එතීම සඳහා.

    • හැක හැක, මට ඔය සේරම මතක් වුණා. ඔය තරම් පට්ට ගහපු දෙයක් සිංහල පත්තර ලෝකේ නැතිව ඇති.

  3. මාත් මේ බලාගෙන ඉන්නේ සූර්ය කෝෂ සහ බැටරිවල මිළ අඩුවෙන තුරු තමයි. ඔය බැටරි සෙට් එකක් තියෙන, වහලේ හැම උළුකැටයක්ම සුර්ය කෝෂ සාදා ඇති ඩිස්ප්ලේ නිවෙසක් තියෙනවා කෙලිවිල් ප්‍රදේශයේ. අපි ඒක බලන්න ගියා දැන් වසර දෙකකට පමණ පෙර!

  4. ලංකාවේත් මේ සූර්ය විදුලිය පාවිචචි කරන්නට උපදෙස් සහ තාක්‍ෂණය දෙන සමාගම් තියෙනවා. දිවාකාලයේ නිපදවෙන අතිරික්ත විදුලිය ගබඩා වෙන්නේ බල ජාලයේමයි!
    http://www.jlankatech.com/

    ඔන්න අඩු වශයෙන් මංවත් මේ සෙද්දෙන් ප්‍රයෝජනයක් ගත්තා. කමෙන්ට් තුනකුත් දැම්මා!

    • අන්න එහෙම තමා ඉන්න ඕනේ. පුළුවන් තරම් කොමෙන්ට් දාන්න. නැහැ ඒ විහිළු, ඔබට යමක් ලියන්න නැත්නම් කිසිම කොමෙන්ටුවක් නැති වුනත් මා ගණන් ගන්නේ නැහැ.

      මට නම් බැටරි ප්‍රශ්නය 2020 වන තෙක් නැහැ. මොකද මා සූර්ය විදුලිය කෙලින්ම ප්‍රයෝජනයට ගත්තා හෝ පද්දතියට එකතු කෙරුවය කියා හෝ වෙනසක් නැහැ. මෙය යුනික් සිටුවේෂන් එකක් නම් තමා. වසර 2020 වන විට බැටරි වල ගාණ, පසුගිය වසර කිහිපය තුල සූර්ය කෝෂ වල මිල පහල ගියා මෙන් අඩු වී තිබුණොත්, මාත් මිලදී ගන්නවා.

      උළු කැට විතරක් නොවේ https://youtu.be/AxKE6P0LYC8?t=39 මේවත් නිෂ්පාදනය කර තිබෙනවා.

      ලංකාවේ මා දන්නා කෙනෙක් සූර්ය කෝෂ සවි කර ගත්තා. අස්ප ගණන් නේ.

      • රසිකගේ තුනට මගෙනුත් කොමෙන්ට් තුනක්. කිලෝ වොට් 5 $3699 කියන්නේ නරක ගණනක් නොවේ. මේ කියන්නේ ඕල් ඉන්ක්ලුසිව් ගණන. දැන් මේ මිල ප්‍රස්තාරය සමතලා වී යනවා.

        කෝෂ වල මිල පහල ගියත්, මේවා සවි කිරීමට යන වියදම යන වියදම අඩු කරන්නට නොහැකියි. විශේෂයෙන් මේ වගේ වැඩ වලට (ශ්‍රමයට) අධිකව අය කරන ඕස්ට්‍රේලියාව වැනි රටක. එතකොට එක අවස්ථාවක් එනවා මිල තවත් පහල නොයන. මා සිතන්නේ දැන් ඒ අවස්ථාව එක්කෝ උදා වෙලා, නැත්නම් ආසන්නයි.

        බැටරි කතාව වෙනස්. එහි තාක්ෂනය දියුණු වෙලා මිල පහල යාමට තව ටික කලක් යාවි.

  5. මෙයට සම්බන්ධව මාත් ලිපියක් ලියනවා. මගේ අත් දැකීම ගැන.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s