ග්ලයිපොසෙට්, ඔබ හා මා! (2)


ඊයේ අජිත් ලියා තිබුන සටහන මා නිතර ලියන කරුණකට අදාළ නිසාත්, එය මගෙත් ජිවිතයේ කොටසක් නැවත මතකයට නගපු නිසාත් මාත් ආසාවෙන් ප්‍රතිචාරයක් දැමුවා. ලෝකයේ ආහාර කියන දෙය අපයෝජනය කරන පිරිස් වැඩි වෙලා තියෙන්නේ සමාජ ක්‍රම වල වැරැද්දකට වඩා, ජිවිතයට අවශ්‍ය කුසලතා හිඟය නිසා කියල මෙන්න මේ සටහනේ මා ලියා තියනවා. මේ සටහන කියන්නෙත් එයම, මා මුහුණ දුන්න අත්දැකීමක් ඇසුරින්. බලන්න මේ වගේ සටහන් සමහරුන්ට නයාට අඳුකොළ වගේ. වචනයෙන් කියන්න බැරි වුවත්, තරු වලින් ලකුණු කරනවා.

ඇත්තටම අප ඉගෙන ගන්න අවශ්‍ය මොනවාද කියන ප්‍රශ්නය සිතට එන්නේ මේ වගේ දේවල් මා සමාජයේ දකින නිසා. දුප්පත් මිනිසුන් මේ බටහිර සමාජයේ තරබාරු, ඔවුන් වැඩිපුර කන්නේ කඩේ ලාබෙට තියන ජරා කෑම නිසා. හැබැයි ඒ වියදම් කරන ගාණට වඩා අඩුවෙන් වඩාත් පෝෂ්‍යදායක හා තරබාරුවට මග නොපාදන ආහාර වේලක් ගෙදර හදා ගන්න හැකියි. හැබැයි එහෙම හදා ගන්නට තියෙන්න අවශ්‍ය මුලික දැනුම හා කුසලතාවයන් බොහෝ මිනිසුනට නැහැ. මා මේවා ලියන්නේ නිකම් ඉන්නවට විවේචනය කරන්න නොවේ, යමෙකුට ප්‍රයෝජනවත් නම් ජිවිතයේ ලබපු අත්දැකීම් හා ගත්ත දැනුමක් බෙදා ගන්න.

සහතික දුසිම් ගණන් අයත් කර ගත්තත් ජිවිතයේ අවශ්‍යම කුසලතාවය වන ආහාරයක් පිළියෙළ කර ගන්නට ඇති හැකියාව ගැහැණු-පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනාට නැහැ. එයත් ලියාගෙන ආපු දෙයට සම්බන්දයි. සෝවියට් දේශයේ මා ගත කරපු කාලය තුල ලබා ගත්තේ, උපාධියට අවශ්‍ය දැනුම පමණක් නොවේ, ස්වාධින දිවියකට අවශ්‍ය සමහර කුසලතා හා ආගන්තුක ආහාර වලට නිරාවරණය වීමේ භාග්‍යය.

මා භාග්‍යය කියුවේ, තරුණ වයස පසු කරපු, පසු පුරුදු වලින් මිදීමේ හැකියාව එන්න එන්නම අඩු වෙනවා. වෙනත් රටවලට සංක්‍රමණය වූ සමහර තලස්තෑනි කට්ටිය, ජිවිතයේ අවසානය තෙක්, ඒ සංක්‍රමණය වූ රටවල් වල තියන ආහාර කනවා තියා, බලන්නෙත් නැහැ. මෙය ඔවුනගේ වරදක් නොවේ, පුරුදු වල වරදයි.

මා කලින් ලියා තියන මේ කරුණ මතක් කරන්නම්. සෝවියට් දේශයට ගිය මුල් දිනවල, කුස්සියක් හෝ ආපන ශාලාවක් ලඟින් යන විටත් මට ඔලුව කැක්කුම හැදෙනවා. දින කිහිපයකින් තමා මගේ ඔළුවට ආවේ එයට හේතුව මොකක්ද කියා. ඒ සුර්යකාන්ත තෙල් වල සුවඳ නිසා. හැබැයි මාසයකින් පමණ පසු සුර්යකාන්ත තෙල් විතරක් නොවේ, අනෙක් “තෙල්” වලටත් හුරු වූවා.

ආහාර කියන දේවල් නිෂ්පාදනය, අනෙක් නිෂ්පාදන වලින් වෙනස් වනවා. ඒ වෙනස් වන්නේ කර්මාන්ත ශාලාවක නම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී, තිතට තත්ත්ව පාලනය කරන්න පුළුවන්. මේවට යොදා ගන්න අමුද්‍රව්‍ය කොහොමත් මේ පරිසරයේ තියන දේවල් අවශ්‍ය පරිදි තෝරා ගන්නට හැකියි.

නමුත් කෘෂිකර්මයේදී, අපට ස්වභාවික පරිසරය අනුව නිපදවෙන නිෂ්පාදනයේ කොලිටිය අපට සමහර විට පාලනය කරන්නට නොහැකියි. උදාහරණයකට වෙනත් හේතු නිසා පසක් දැනටම දුෂ්‍ය වී ඇත්නම්, අපට කන්න තිරිඟු වැවුවත්, හරකුන්ට තණකොළ වැවුවත්, අන්තිමට පාන් ගෙඩියේ හා බයිට් එකට කන බීෆ් ජර්කි වල, අර දූෂණ වලින් එකතු වූ ද්‍රව්‍ය තිබෙන්නට හැකියි. මෙතැනදී පාන් බේකරියේ හා හරක් මස් වේලන කර්මාන්ත ශාලාවේ මොන තත්ත්ව පාලන ක්‍රම තිබුනත් ඇති වැඩක් නැහැ.

සමහර රටවල් වල කෘෂිකර්මයේදී අනුගමනය කරපු ක්‍රියාමාර්ග නිසා ආපසු හැරවිය නොහැකි ලෙස පස “විනාශ” වී තියනවා. පසක සෙන්ටිමිටරයක් වර්ධනය වීමට අවුරුදු සියගණනක් නැත්නම් සමහරවිට දහස් ගණනක් යනවා. මතුපිට තියන පස් ස්ථරය එක කන්නයක් වගා කිරීමෙන් නැති කර ගන්න අපට පුළුවන්.

මිනිසා කියන්නේ අලුත් තත්ව වලට හැඩගැහෙන විතරක් නොවේ, කරපු වැරදි වලින් ඉගෙන ගන්නා සත්වයෙක්. අතීතයේ කෘෂිකර්මයේ කරපු මෙවැනි සමහර වැරදි වලින් අප පාඩම් ඉගෙන ගෙන තිබීමට උදාහරණ ලෝකයේ බොහෝ රටවලින් සොයා ගන්නට පුළුවන්. අපේ පෞද්ගලික ජීවිතයේත් පාඩම් වලින් ඉගෙන ගන්නේ නැත්නම්, කරපු වැරදි නැවත කිරීම වලක්වා ගන්නට නොහැකියි.

ඔබ දකින්න ඈති මේ සටහන් මාලාවේ කලින් එකේ මුලට තිබුන ප්‍රස්තාරය. එහි තියන පරිදි යුරෝපයේ පොහොර භාවිතය පසුගිය දශක දෙක තුලදී විශාල ලෙස අඩු වෙලා තියනවා. නමුත් එම රටවල් වල ධාන්‍ය අස්වැන්න ඒ හා සමාන ලෙස අඩුවෙලා නැහැ. ඒ වෙනුවට, ඒකීය වර්ග ඵලයකින් ලැබෙන අස්වැන්න එක දිගටම වැඩි වෙලා තියනවා. මගේ මේ සටහන නැවත කියෙව්වොත්, ඩෙන්මාර්කය වැනි රටවල් පොහොර භාවිතයට සීමා පනවා ඇති අයුරු ඔබට දැන ගන්නට ලැබේවි. ඒ සිමා පනවා තියෙන්නේ, ගොවියන්ට කෙල වෙන අයුරින් නොවේ. ගණනය කිරීම් මගින් උපරිම අස්වැන්නක් ගන්නත්, ඔවුන් කටයුතු කරනවා.

(මතු සම්බන්දයි)!

අතුරු කතාව
The good old days!
ආහාර ගැන කියන කොට මේවායේ මිල ඉහල යාම තමා ප්‍රධාන ප්‍රශ්නය. මෙතැනදී ඕස්ට්‍රේලියාව වගේ ප්‍රමිතිකරණ ඉහල රටවල් වලදී ආහාර නිපදවීමේ පිරිවැය, එවැනි බැඳීම් නැති චීනය වැනි රටකට වඩා වැඩියි. ඉතිං සිල්ලර ගාණත් වැඩියි. පහත කතාව මා ඊයේ නිකම් කල් මරණ විට තැනකදී කියවපු සඟරාවක තිබුනේ.

ඔන්න එක සීයා කෙනෙක්, තමන්ගේ මුණුපුරා සමග, ඉස්සර හොඳ කාලේ ගැන කියනවා. පුතේ මං උඹගේ වයසේ ඉන්න කොට, මගේ අම්මා ඩොලරයක් අතට දීලා මාව කඩේ පිටත් කරනවා. මට පුළුවන් වුණා, අර්තාපල් කිලෝ පහකුයි, පාන් ගෙඩි දෙකකුයි, කිරි බෝතලෙකුයි, චීස් කෑල්ලයි, බිත්තර 10 කුයි ගෙදර ගේන්න. බලපං, මේ වගේ දෙයක් හිතන්නවත් අද පුළුවන්ද? හැමතැනම සිකුරිටි කැමරා!!!!

Advertisements

10 Comments

Filed under Agriculture, Food, Opinion

10 responses to “ග්ලයිපොසෙට්, ඔබ හා මා! (2)

  1. Pingback: ග්ලයිපොසෙට්, ඔබ හා මා! (2) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //වෙනත් රටවලට සංක්‍රමණය වූ සමහර තලස්තෑනි කට්ටිය, ජිවිතයේ අවසානය තෙක්, ඒ සංක්‍රමණය වූ රටවල් වල තියන ආහාර කනවා තියා, බලන්නෙත් නැහැ. මෙය ඔවුනගේ වරදක් නොවේ, පුරුදු වල වරදයි.//

    මං නම් පිටරටක සිට ඇති වැඩිම කාලය සුමාන 3යි.
    අකමැතිම දේ තමයි නැවතිලා ඉන්න ශ්‍රීලාංකික සම්භවය ඇති අය මා සඳහා කියල ලංකාවෙ කෑම සෑදීම. ඊයෙත් කෑවෙ ඒවා ! තව සුමාන දෙක තුනකිනුත් කන්නෙ ඒව ! මෙහෙ ඉන්නකොටවත් අමුතු දෙයක් කන්න ඕන කියන එක ඒ ගොල්ලන්න්ට හිතෙන්නෙ නෑ. ඒගොල්ල හිතන්නෙ පුරුදු දේට ආස ඇති කියල. හුඟකාලයක් ඉන්නකොට නම් එහෙම කන්න ආස වෙයි. හැබැයි කෙටිකාලීනව නම් මං ආස ඒ රටේ කෑම අත්හදාබලන්න. පුරුදු කෑම සුමාන දෙක තුනක් නොකා ඉන්න එක මටනම් ලොකු අමාරුවක් නෙමෙයි.

    Jerkyyyyyyyyy !!! :- D

    • ප්‍රා කොහෙද ඉන්නේ ? ලන්ඩන් නම් මෙහෙත් එන්න

    • //හුඟකාලයක් ඉන්නකොට නම් එහෙම කන්න ආස වෙයි//
      මේ කතාව පවා එක එක්කෙනා අනුව වෙනස් වෙනවා ප්‍රා. ඔබ වැනි මිනිසුන් ඉන්නේ ස්වල්පයයි. අපත් දැන් ලංකාවට ආපුවහම බොන්න විස්කි හොයන්නේ නැහැ. කොකා කෝල වගේ දේවල් මෙහෙදිත් බොන්නේ නැහැ. නමුත් සමහර දෙනා ගෙදර යනකොට මෙහෙන් පැණි බීම අරන් යනවා ලංකාවේදී බොන්න කියා. අරගොල්ලන් සිතනවා ඇති ඔබට ලංකාවේ ආහාර “මිස්” වෙනවා කියා.

      අපේ පවා දැන් ගෙදර හදන “ලංකාවේ කෑම”, ලංකාවේ කෙනෙකුට ආස නොවෙන්න ඉඩතියනවා. මොකද ඒවා පරිණාමය වී වෙනස් වී තියන නිසා. විශේෂයෙන් දානේ ගෙවල් වලදී කන්නට ලැබෙන, තුනපහ, තෙල් වැඩිපුර දාපු කෑම වලට මගේ ආසාවක් නැහැ දැන්.

      ඔය ලංකාවේ ඉඳන් සමහරුන් සිනා වෙනවනේ අරුන් පිටරට ගිහිනුත් කන්නේ කරවලයි සම්බෝලයි කියල. මේවා සිනා වීමට අවශ්‍ය කරුණු නොවේ. එහෙම සිනා වෙන අය පවා වෙන රටවල ආහාර කාවි යයි සිතන්නට අමාරුයි. මොකද එහෙම ආහාර දැකපු කෙනෙකු ඔහොම සිනා වෙන්නේ නැහැ.

      අනික, එවැනි තේරීම් මගින් සමාජයට හානියක් නැහැ. එය කෙනෙකුගේ අහිංසක පෞද්ගලික තේරීමක්. මාත් තරුණ කළ රටින් එලියට නොගියා නම් තත්වය වෙනස් වන්නට තිබුණා. තාමත් සමහර දේවල් කන්නේ නැහැ. අප සෝවියට් දේශයේ ගත කරපු අන්තිම කාලේ, කඩවල් වල ආනයනය කරපු (ප්‍රංශ) ගෙඹි කකුල් ඕනේ තරම් තිබුණා. ඇත්තටම කෑවේ නැති ගොන් කම කියා දැන් හිතෙනවා. මෙහෙ හරි ගණන් caviar අපට කැන්ටිමේදීත් කන්න හම්බ වුණා.

      මට මතක් වෙන්නේ ලංකාවේ වැඩ කරන කාලේ පිනා චාන්ස් වලට තරු පහේ හෝටල් වලට ගියහම මිනිසුන්, හොඳට කන්න තියන බටහිර කෑම අතහැර, විශාල බත් පංගුවක් බෙදා ගෙන (එතකොට එළවලු මස් මාළු පවා බෙදා ගන්න පිඟානේ ඉඩ නැහැ) කනවා. හැම්, බේකන් පැත්තක වේලෙනවා. මේවා පුරුදු වෙලා තියන හැටි තමා.

      එක දිගට මේවා ලියන්න නම් හැකියි. නමුත් මේ තොරතුරු වල එතරම් ප්‍රයෝජනවත් දෙයක් නැති නිසා නතර කරන්නම්.

      • අජිත්, රයිගම්,
        මං ඔය ලිව්වෙ කාලයකට ඉහත ඔක්ස්ෆර්ඩ්වල මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉන්න කොට මට ලැබුන කෑම ගැන.
        සමාවෙන්න present tense වලින් ලියල සිතුවිලි.
        එන්න ආසයි අජිත්, සපත්තුවට කකුල හම යනකම් ඇවිදිනවා ආවහම. රටම living කෞතුකාගාරයක් වගේ නිසා බලලා ඉවරකරන්න බෑනෙ.
        ඒත් වීසා ගන්න කරදරේට මාර කම්මැලියි.

  3. ඉහත ලිපි කීපය මට මග හැරී තිබෙනවා. මගේ අදහසත් මෙයම තමා. සමාජයේ පහලම ස්තරය තමා ඉවීම පිහිම වත් නොදැන ජන්ක් ෆුඩ් කමින් නාස්ති වෙන්නේ.

    • ඔව් බං, අනික ඉවීම නොදන්නා කෙනා තමා ඉවීමට වෙලාවක් නැහැ කියලත් කියන්නේ. ඉස්සර කැන්ගරු මස් කාපු (තෙල් අඩු) ඇබෝරිජිනල් වරුන් දැන් කන්නේ මැක්ඩොනල්ඩ්ස්.

  4. jagath pathirana

    පුලුවන්නම් ලංකාවේ ස්වභාධර්මය පෙන්වන පින්තූ 5 අයින් කරන්න. මොකද ඒකට මෙගා බයිට් 25කට වඩා වැයවෙනවා.

    • මා මේ වෙලාවේ වෙන වැඩක් ජගත්, එය ඉවර වුණ පසුව ඒවා අයින් කරන්නම්. ඔබ කියන්නේ එබවුට් රයිගම හන්දිය පිටුවේ දෙක හා කැටෙගොරිස් වලට යටින් තියන පින්තූර තුන නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s