ග්ලයිපොසෙට්, ඔබ හා මා! (3)


මේ වගේ සටහන් ලියන විට ලිඳ වඩා ගැඹුරු වුනොත්, කවුරුවත් කඹයෙන් ඇදගෙන නාන්නේ නැහැ කියා මා දන්නවා. ඒ නිසා ලිවිම තරමක් සීරුවෙන් කරන්න අවශ්‍ය දෙයක්. මේවායේ අන්තර්ගතය ලියාගෙන යාමේදී වර්ධනය වනවා. දැන් මේ සටහන පටන් ගත්ත හැටිත් අමතකයි වගේ.

කෘෂිකර්මය ගැන මා ලියා ඇති සටහන් වල තවත් දිගුවක් කියාත් මේක නම් කරන්න හැකියි. ඇත්තටම ලෝකේ කොයි රටකවත් “වස-විෂ නැති” ආහාර නැති ද? ලෝකය දියුණු වූ නිසා, අප අද කන සේරම දේවල් ශරීරයට හොඳ නැති ද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලින් සිත් තවාගෙන ජිවත් වන පිරිස් ඔබත් දන්නවා ඇති. සමහර විට එයින් කෙනෙක් ඔබත් වෙන්න පුළුවන්.

පසුගියදා නෙදර්ලන්තය ග්ලයිපොසෙට් වෙළඳ භාවිතා වලට හැර, අනෙක් භාවිතාවන්ට යොදා ගැනීම තහනම් කෙරුවා. මෙසේ තහනම් කරපු රටවල් කිහිපයක් දැන් ලෝකයේ තියනවා. මා අනෙක් රටවල් නම් කරන්න විශේෂ හේතුවක් නිසා වෙහෙසෙන්නේ නැහැ. දැන් මේ නෙදර්ලන්ත තහනම, ගැන ලියපු “පාරිසරික ව්‍යාපෘති” වෙනුවෙන් පෙනී සිටින වෙබ් අඩවියක ගිය ලිපියක් තමා, ඔන්න නෙදර්ලන්තයත් දැන් ග්ලයිපොසෙට් තහනම් කරපු රටවල් අතරට අලුතින්ම එකතු වුණා කියල.

මෙතැනදී වෙළඳ නොවන භාවිතාවන් මොනවාද කියා බලමු. ඒ කියන්නේ ගෙවතු වල තණකොළ මරන්න යොදා ගැනීම වගේ දේවල්. කර්මාන්තයක් වන කෘෂිකර්මයේ දී යොදා ගැනීම තහනම් කර නැහැ. එවැනි ලිපි වලට සුවිශේෂී කරුණ තමා, ඔවුන් භාවිතා කරන පර්යේෂණ ප්‍රභවයන් කියන්නෙත්, එක්කෝ ඔවුන්ම ලියපු ලිපි, නැත්නම් ඒ වගේම තවත් කට්ටිය ලියපු දේවල්. මේවාට “භයානක වචන” ඔබා (මිනිසුන්ට පිළිකා කාරකයක්යයි ඔප්පු වූ, ඉතා හානිදායක වැනි) සරසා තිබුනත්, ඒවාට පදනම් වී තියෙන්නේ විස්වාසයක් තබන්න බැරි මුලාශ්‍රයන්.

ලාභය සොයා අනවරත ගමනක් යන සමාගම් වල වචන අපට එකවර විස්වාස කරන්න බැරි වගේම, වෙස්ටඩ් ඉන්ටරෙස්ට් තියන මේ වගේ “ස්වෙච්චා පරිසර ආයතන හා ඒවායේ පඩි ගන්නා” මිනිසුන්ගේ වචනත් පරිස්සමින් කියවන්නට අවශ්‍යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ආයතනයක් වන පිළිකා පයේෂණ පිලිබඳ ජාත්‍යන්තර ඒජන්සිය කෘෂි රසායන 4 ක පිළිකාකාරක (ඇත්තටම මේ කෘෂිරසායන වර්ග පිළිකාකාරක ද කියන එක) තියනවද නැත්ද යන්න ගැන පොඩි ඇස්තමේන්තුවක් පසුගිය දා නිකුත් කෙරුවා. ඒ හතරෙන් එකක් ග්ලයිපොසෙට්. මේ වාර්තාව පිළියෙළ කරපු කණ්ඩායම, තමන්ට ලබා ගන්නට තියන පර්යේෂණ දත්ත වලට අනුව ග්ලයිපොසෙට් ඇතුලත් කර තිබුනේ “probably carcinogenic to humans (Group 2A)” යන කාණ්ඩයට. මේ වාර්තාවෙන් කොටසක් මා උපුටා පහතින් දමනවා. හැබැයි මේ වගුවේ මනුෂ්‍යාට පිළිකා ඇති කිරීම පිලිබඳ සාක්ෂි යන කොලම යටතේ, මේ විද්වතුන් ලියා තිබුනේ “ලිමිටඩ්” යන්න වගත් මා මතක් කරන්නම්. ඒ කියන්නේ දැනට තියන දත්ත/සාක්ෂි සීමිතයි කියන එක.

Glyphosate is a broad-spectrum herbicide, currently with the highest production volumes of all herbicides. It is used in more than 750 different products for agriculture, forestry, urban, and home applications. Its use has increased sharply with the development of genetically modified glyphosate-resistant crop varieties. Glyphosate has been detected in air during spraying, in water, and in food. There was limited evidence in humans for the carcinogenicity of glyphosate. Case-control studies of occupational exposure in the USA,14 Canada,6 and Sweden, 7 reported increased risks for non-Hodgkin lymphoma that persisted after adjustment for other pesticides. The AHS cohort did not show a signifiantly increased risk of non-Hodgkin lymphoma. In male CD-1 mice, glyphosate induced a positive trend in the incidence of a rare tumour, renal tubule carcinoma. A second study reported a positive trend for haemangiosarcoma in male mice.15 Glyphosate increased pancreatic islet-cell adenoma in male rats in two studies. A glyphosate formulation promoted skin tumours in an initiation-promotion study in mice. Glyphosate has been detected in the blood and urine of agricultural workers, indicating absorption. Soil microbes degrade glyphosate to aminomethylphosphoric acid (AMPA). Blood AMPA detection after poisonings suggests intestinal micro bial metabolism in humans. Glyphosate and glyphosate formulations induced DNA and chromosomal damage in mammals, and in human and animal cells in vitro. One study reported increases in blood markers of chromosomal damage (micronuclei) in residents of several communities after spraying of glyphosate formulations.16 Bacterial mutagenesis tests were negative. Glyphosate, glyphosate formulations, and AMPA induced oxidative stress in rodents and in vitro. The Working Group classified glyphosate as “probably carcinogenic to humans” (Group 2A).

ලෝකයේ බහුලව භාවිතා වන (සර්ව) වල් නාශකය වන ග්ලයිපොසෙට් වල භාවිතය ඉහල ගියේ ජාන තාක්ෂණ බෝග වර්ග වෙළඳපොළට ඒමත් සමග. මෙයින් “රවුන්ඩප් රෙඩි” කියන බෝගයන් කියන්නේ, මේ සර්ව වල්නාශකයට ඔරොත්තු දෙන එව්වා. මේවා ගැන මා කලින් ලියා ඇති නිසා අද ලියන්නේ නැහැ. කෙටියෙන් කියුවොත් එවැනි බෝගයක් වවා තියන භූමියකට, මේ වල්නාශකය ඉසීමෙන්, ඒ බෝගය හැර වගාවේ තියන සියලු ශාක මැරී යනවා.

එක්තරා කාලයක ග්ලයිපොසෙට් සැලකුනේ නුතන කෘෂිකර්මාන්තයේ සොයා ගැනුන, සුරක්ෂිතම කෘෂි රසායනයක් ලෙස. නමුත් පසුගිය කාලයේ කරපු පර්යේෂණ වලින් මාළුන්ට, මි මැස්සන්ට හා වෙනත් හානිදායක නොවන කෘමීන්ට, ගල්යිපොසෙට් හානිදායක බලපෑම් කරනවා කියා සොයා ගැනුනා. තව දෙයක් තමා ග්ලයිපොසෙට් වලට ප්‍රතිරෝධී වල් පැල පරිණාමය වීම.

හැබැයි මිනිසුන්ට කොහොම බලපෑමක් කරනවාද කියන එක ගැන අදට කර තියන පර්යේෂණ වලින් සහසුද්දෙන් කියන්නට හැකි වෙලා නැහැ. මෙතැනදී එක දෙයක් මතක් කරන්නම්, එනම් මේ වල් නාශකයට කෙලින්ම විවුර්ත වීම (එනම් කෘෂිකර්මාන්තය හා සම්බන්ද පිරිස්) හා වල්නාශක යොදා වැවු භෝග කොටස් කෑම කියන්නේ දෙකක්.

අවසන් කොටස හෙට!

Advertisements

5 Comments

Filed under Agriculture, Opinion

5 responses to “ග්ලයිපොසෙට්, ඔබ හා මා! (3)

  1. Pingback: ග්ලයිපොසෙට්, ඔබ හා මා! (3) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේ ලිපියට ග්ලයිපොසෙට් මැල්මුම පොල් නැතුව හදමු වගේ මාත්‍යකාවක් දැම්මා නං මං මීට කලිනුයි කියවන්නේ!

    • අද වැඩේ අල්ල ගත්තා! අදින් පසු මැල්ලුම් විතරයි.

  3. මේ ලිඳ එච්චර ගැඹුර නෑනේ අනේ. 4 කොටසත් කියවන්න එමි, ස්තුති,

    • මොකද දැන් වැඩේ හරිද? ඔව් කියවන්න. ඒක 20 දෙනෙක් වත් කියවල තිබුනේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s