ග්ලයිපොසෙට්, ඔබ හා මා! (4-අවසාන කොටස)


දැන් ග්ලයිපොසෙට් නිසා පස විනාශ වෙනවා කියන කට්ටියට මේ කතාව මං උපුටා දක්වන්නම්. පස විනාශ වීමේ ප්‍රධාන ක්‍රමයක් තමා නිතර පස බුරුල් කිරීම. තව ක්‍රමයක් තමා ට්‍රැක්ටර්, අස්වනු නෙලන යන්ත්‍ර වැනි දේවල් පස උඩින් ධාවනය නිසා පස් තද වීම. පස් බුරුල් කරන්නේ ඇට සිටුවීමට පමණක් නොවේ. පැලෑටි වැඩෙන විට පේලි අතර වල් පැල ඉවත් කිරීමේදීත් පස බුරුල් වනවා. සමහර ප්‍රදේශ වල කිරීමේදී පසෙන් සැලකිය යුතු කොටසල් සුළඟට හා වැස්සට ගසාගෙන යනවා.

අප අස්වද්දනවා යයි කියන ඇට පැල කරන්න කරන හෑමත් සමහර ප්‍රදේශ වල සීමිතව කරන්නේ. නැත්නම් කොහෙත්ම එවැනි හෑමක් කරන්නේ නැහැ. හැබැයි එවැනි ක්‍රමයකදී වල් නාශක යොදා අනෙක් සියලු පැලෑටි ඉවත් කරන්න අවශ්‍යයි. දකුණු ඇමෙරිකාවේ ග්ලයිපොසෙට් භාවිතා කර සිදු කරන හෑම් නොමැති කෘෂිකර්මය මගින් කන්නයකට හෙක්ටයරයකින් ඉවත් වන පස් ටොන් 1.2 සිට 0.2 දක්වා අඩුකර ගත් වග වාර්තා වී තියනවා.

ලංකාවේ පවතින තත්වය ගත්තොත්, උතුරුමැද පළාතේ තියන වකුගඩු රෝගයට හේතු වන්නේ ග්ලයිපොසෙට් හෝ රසායනික පොහොර කියන දේ තවම, හයිපොතිසිසයක් පමණයි. බෝල්කන් ප්‍රදේශයේ පැතිරුණු මෙවැනිම වකුගඩු රෝග වසංගතයකට හේතුකාරක වන්නේ කෘෂි රසායන වග මුලදී හිතුවා. නමුත් අහම්බෙන් සොයා ගත්තු කරුණක් ඔස්සේ ගිය පර්යේෂණ කණ්ඩායමක්, එයට හේතුව චීන ඖශදිය ශාකයක අම්ලයක් නිසා වග තහවුරු කර තිබෙනවා (http://www.sciencemagazinedigital.org/sciencemagazine/11_april_2014?pg=30#pg30).

මෙවැනිම ප්‍රාදේශීය වශයෙන් ප්‍රචලිත දකුණු ඇමෙරිකානු වකුගඩු රෝගයටත් හේතුකාරක වන්නේ කෘෂිරසායන කියා කලෙක සිට කියුවත්, කර තිබෙන පර්යේෂණ මගින් කිසිවක් තහවුරු කර නැහැ. ගොවියන් වතුර අඩුවෙන් බි, ගිනි ගහන අව්වේ වැඩ කිරීම මගින්, ඇතිවන විජලනය තව හේතුවක් ලෙස දැක්වුවත්, එයත් ඔප්පු කරපු දෙයක් නොවේ.

Jarquin collaborates on a project studying a mysterious affliction of Central American agricultural workers known as chronic kidney disease of unknown etiology (CKDu). First reported in 2002, CKDu has no known links to diabetes or hypertension, the main causes of progressive renal damage worldwide. Much about CKDu is clouded by sketchy health statistics and the difficulty of distinguishing it from other kidney disease. But it appears to be spreading in the hot lowlands of Central America’s Pacific Coast—and concerns are rising. In October, the Pan American Health Organization (PAHO) declared CKDu a “serious public health problem,” with case reports streaming in from southern Mexico, Guatemala, Honduras, Nicaragua, Costa Rica, and Panama. In El Salvador alone, PAHO’s latest figures say chronic kidney disease of all causes kills at least 2500 people in the country each year, and it’s the main reason adults die in Salvadoran hospitals.

රටක ජනතාවගෙන් කොටසක් “අත්භූත හේතුවක්” නිසා ඇතිවන රෝගයකින් දුක් විඳ මිය යාම හා එසේ වන්නේ මොකද කියා සොයා ගැනීම, එවැනි රටක, රජයක ප්‍රමුඛ කාර්යයක් විය යුතුයි. දැන් මේ වගේ වෙලාවට ඔය සමහර මිනිසුන් ගිරවුන් වගේ කියන, ඒකීය පුද්ගලයා කියන කෙනාට කරන්නට ඇති දෙයක් නැහැ. මෙවැනි විපත් මනුෂ්‍යයාගේ සාමූහික ප්‍රයත්න තුලින්ම විසඳාගත යුතුයි.

අන්න ඒ පියවරේ අංගයක් ලෙස, දැනට ඉදිරිපත් වී තිබෙන උපකල්පන විතරක් නොවේ, වෙනත් දැනට සිතා නැති හේතුන් ද තිබෙන්නට හැකි වග දන්නා විවුර්ත මනසින් සිටින පර්යේෂකයන්ට අවශ්‍ය දීර්ග කාලින ප්‍රතිපාදන මහජන මුදලින් ලබා දීම රජයකට හැකියි. ඩීල් එකකින් කෝටි දාහක් කොමිස් ගහන රටක, පලාතක මිනිසුන් පිරිසක්, නොදන්නා හේතුකාරකයක් නිසා ඇති වන රෝගයකින් දුක් විඳ මිය යනවා. මෙන්න මෙතනදී රටේ හෝ ඒ ප්‍රදේශයේ ඒකීය මිනිසුන් සිතන හැටි වැදගත් වෙනවා.

දැන් කෘෂිරසායන මගින් දැනටම දූශ්‍යව තියන කුඹුරක, වෙනත් වර්ගයක බෝගයක් වැවුව කියා, ඒ බෝග අර දූෂක නොවුරගෙන ඉන්නේ නැහැ. ඒත් කන්නේ වස විසම තමා. මිනිසුන්ගේ කම්කටොලු තුලින් යමක් ගරාගෙන, සමාජයේත් වැජඹී ඉන්න හදන මිනිසුන් හරියට මාපිලුන් වගේ.

ලංකාවේ රසායනික පොහොර භාවිතය වැඩි වීම නිසා නොයෙක් ප්‍රශ්න ඇතිවන වගත්, මේවා සියල්ල තහනම් කල යුතු වගත්, සමාජයේ විශාල පිරිසක් සිතන වග බැලූ බැල්මට පෙනෙනවා. අර අජිත් කියනවා වගේ, එංගලන්තයේ වගේ ගිනි ගණනට අර කන්න හැකි “කාබනික ආහාර” විතරක් වෙළඳ පොළේ තිබුනොත්, එහෙම හිතන කී දෙනෙකුට ජීවිතය තව දුරටත් පවත්වාගෙන යාමටවත් හැකි වේදැයි මා දන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ පවා, හැට හැත්තෑ ගණන් වල පොහොර යොදපු හැටි අද වන විට වෙනස් වී තියනවා. එයට ප්‍රධාන ලෙස හේතු වී තියෙන්නේ එදාට වඩා අද දැනුම අතින් ද වෙනස් නිසා විතරක් නොවේ. ඕනෙම කර්මාන්තයක මිනිසුන් යෙදෙන්නේ ලාභයක් සොයන පරමාර්ථයෙන්. ලෝකයේ තියන පොස්ෆරස් වැනි ඛනිජ නිධි අවසන් වෙමින් පවතින නිසා, ඒවායින් නිපදවෙන පොහොර මිලත් එන්න එන්නම වැඩි වෙනවා. බලශක්තියට යන මිල ඉහල යාමත් සමග නයිට්‍රජන් වැනි පොහොර වල මිල කොහොමත් ඉහලයි. යමක් නිපදවීමට යන මිල, නිපදවන භාණ්ඩය විකුණාගන්න හැකි මුදලට වඩා වැඩි නම් (ඒ කියන්නේ වෙන කොහෙන් හෝ එයිට අඩුවට ගෙනත් විකුණන්න හැකි නම්), මිනිසුන් වෙහෙසෙන්නේ නැහැ. පොහොර වල කාර්යක්ෂමතාවය ඉහල දැමීම කෘෂිකර්මයේ වැඩි අවධානයක් යොමු වී තියන කරුණ වී ඇත්තේ අන්න ඒ නිසා.

මෙතැනදී රටේ සමස්ත ජනගහණයේ පොදු මතය මොකක්ද, මිනිසුන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය කොපමණද යනාදිය වැදගත් තමා. ප්‍රමිතිකරණය, ජනමාධ්‍ය, වෙළඳපොල, නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් යනාදී සියල්ලන්ම ක්‍රියාකරන හැටි ඒවා මත රඳා පවතිනවා. සමාජයේ පෙරගමන් කරුවන් වන්නේ කට්ටඩියන්ද නැත්නම් වෘත්තීය දැණුම සහිත පිරිසද කියන එකත් ඒ මතම රඳා පවතිනවා.

ලංකාවේ භාවිතා කරන, රසායනික පොහොර වලට වාර්ෂිකව රුපියල් බිලියන 60ක් වැය කරන වග මා දුටුවා. මෙයින් රුපියල් බිලියන 40 ක් සහනාධාර ලෙස යොදවා ගොවියන්ට පොහොර ලබා දෙනවා. ඒ කියන්නේ, රටේ මිනිසුන් විසින් පොහොර කිලෝවක් රුපියල් 60කට අරං, එය ගොවියන්ට රුපියල් 20 කට දෙනවා. ඒ පොහොර හිටු කියල ගහල, එයින්ම ලෙඩ හදා ගන්න ගොවියන්ට, බේත් ගන්නත් අන්තිමට අර රුපියල් 40 ක් අතින් දාපු මිනිසුන්ම වියදම් කරන්නත් ඕනේ, හිටු කියල ගහන නිසා ඇතිවන පරිසර හානිය හා එයින්ම ඇතිවන ආර්ථික හානියත්, විෂ සහිත ආහාර කෑම නිසා ඇතිවන තමන්ටත් ඇතිවන හානියත් දරා ගන්නේ අර රුපියල් 40 ක් දමපු මිනිසුන්මයි. ඉහත සංඛ්‍යා ලේඛන හා කලින් කියපු “නාථ” උපකල්පන ඇත්ත කියා ගත්තොත් (එනම් ගොවියන් විසින් රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගය පැතිරෙනවා නම් හා ඒවා භාවිතාව නිසා විෂ සහිත ආහාර නිපදවනවා නම්) මේක ප්‍රතිපත්ති සම්පාදනයේ මාර ගොන් පාර්ට් එකක් නේද?

අනවශ්‍ය ලෙස පොහොර භාවිතය ඉහල නම්, විචාරශීලි සමාජයක්/රජයක් නම් කළ යුතු වන්නේ, බිලියන 40හේ සහනාධාරය ඉවත් කිරීම නේද? එවැනි දෙයක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයක් හෝ බහුජන සංවිධානයක් හෝ “පර්යේෂකයෙක්” මේ කැඳ විකුණා තර වන කපටියන් අතරින්වත් සොයා ගන්නට පුළුවන් වේවිද? මේ පොහොර ගන්නා මිලටම (ලාබ අවශ්‍ය නැතිය කියමු) ගොවියන්ට විකුණුවොත්, දැන් “නිකම්” දෙන නිසා පොහොර ගහල පසත්, ජලයත්, නිපදවන අහරත් දුෂණය කරන ගොවි මහතුන්ට, තමන්ගේ නිෂ්පාදන වල ඇත්ත වියදම වටහා ගන්නට හැකි වේවි. එතැනදී පොහොර විතරක් නොවේ, කොපමණ මුදලක් අනෙක් කෘෂිරසායන වලට වියදම් කරන්නට තමන්ට හැකි දැයි ඔවුනටම ගණන් හදා ගන්නට පුලුවනි.

අනෙක් විකල්පය ලෙස, සියලුම රසායනික පොහොර හා පලිබෝධ නාශක තහනම් කර, දෙමුහුන් බෝග වලින් ඉවත් වී, පෞරාණික සරල කාබනික කෘෂිකර්මයකට යොමු වීමෙන් පසුව, දැනට මැඩ පවත්වා තියන කෘමි, දීලිර, වෛරස් වසංගත නැවත කැඳවා ගැනීමෙනුත්, කොහොමත් අඩු අස්වනු වලින් ලැබෙන ආහාර වලට නියම වන මුදල ගෙවන්නට ගොවියන් නොවන ජනතාව සුදානම් ද, කි දෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් ද කියාත් දැන ගන්නට හැකි වේවි.

මා පෙරේදා කියවපු එක ලිපියක තිබුණේ වනාන්තරයකට රසායනික පොහොර අවශ්‍ය නැතිවත්, ගස් වැල් සෞඛ්‍ය සම්පන්නව වැඩීම මහා ප්‍රාතිහාර්යයක් ලෙස හුවා දක්වල. කැඳ කෝප්ප සේප්පඩ විජ්ජා ප්‍රවර්ධනය කරන වෛද්‍යවරුනුත්, සිහින ලෝක වල සරි සරණා අනෙක් විද්වතුනුත් දකිනවිට සිතෙන්නේ, ඇත්තටම නලින් කියනවා වගේ මේ අය එක්කෝ, තමන් උගත්ත දේ ගැන විශ්වාසයක් නැති, නැත්නම් හරිහමන් දෙයක් ඉගෙන නොගත්ත අනුකාරකවාදීන් කියල තමා.

මේ ලිපි කියවීම අවශ්‍ය වන්නේ වැඩිදුර දෙයක් දැන ගන්න ආසාවක් තියන අයෙකු පමණයි.

The Working Group classified
http://www.abc.net.au/news/2015-04-01/glyphosate-cancer-threat-debate/6364098
http://www.theguardian.com/cities/2015/apr/21/glyphosate-probably-carcinogenic-pesticide-why-cities-use-it
http://www.monsanto.com/glyphosate/pages/glyphosate-frequently-asked-questions.aspx
http://www.collective-evolution.com/2015/05/30/why-the-netherlands-just-banned-monsantos-glyphosate-based-herbicides/
http://reset.me/story/mit-scientist-uncovers-link-between-glyphosate-gmos-and-the-autism-epidemic/
http://sustainablepulse.com/2013/09/19/el-salvador-government-bans-roundup-over-deadly-kidney-disease/#.VW5obVZ-99N
http://www.nature.com/news/widely-used-herbicide-linked-to-cancer-1.17181
http://www.bbc.com/news/world-latin-america-32677411
Science 11 April 2014: Vol. 344 no. 6180 pp. 143-147 DOI: 10.1126/science.344.6180.143 Jon Cohen Mesoamerica’s Mystery Killer
Science 11 April 2014: Vol. 344 no. 6180 p. 146 DOI: 10.1126/science.344.6180.146 A Balkan Riddle’s Serendipitous Solution Jon Cohen

පසු වදන හෙවත් මේ කතාවේ ගත යුත්ත
අප නිපදවාගෙන තියන බෙහෙත්, කෘෂිරසායන විතරක් නොවේ කෑමත් අවශ්‍ය පමණට වඩා ගැනීම/භාවිතාව හොඳ දෙයක් නොවේ. මේ අවශ්‍ය පමණ කියන දේ ගොඩක් වෙලාවට අප හොඳින් දන්නා දෙයක්. අර කොහෙද කියෙව්වා වගේ ඉතා “අවිහිංසක” පැනඩෝල් පෙති 10 ක් එකවර බිවුවොත්, නිකම්ම අඩු වී යන්නත් පුළුවන්කම තිබුන ඔලුව කැක්කුම, අඩු කර ගන්නවා වෙනුවට, කිසිදා ඔලුව කැක්කුම නොහැදෙන තැනට යන්නත් අපට පුළුවන්.

මෙන්න මේ දේ අප ගොඩක් දෙනා සිතන්නේ නැහැ. මගේ මාතෘකාව “ග්ලයිපොසෙට් හා අප වනසන බහුජාතික සමාගම්” කියා මා නම් කෙරුවා නම් මෙයට වඩා ගොඩක් දෙනා කියවාවි. මෙවැනි ප්‍රාදේශීයව එක වරම ඇති වී පැතිරෙන ඇති වන ලෙඩ රෝග වලට හේතුව, මිනිසුන්ගේ ජිවන විලාසිතා වල තේරීම් නිසාත් වන්නට පුළුවන්. කන බොන හැටි, ජිවත් වෙන හැටි පවා ඒ අතර තියනවා. මේවා සොයා යා යුතුයි. ඕනෙම ප්‍රශ්නයකදී “තමන්ව” අතහැර, අනුන්ව විවේචනය කිරීම් වලට අපගේ තියෙන්නේ පුදුම කැමැත්තක්.

අද පවා, දිනකට සිගරට් හත අටක් බොන කෙනෙක්, “හනේ දෙයියනේ, අපි ඉවරයි ග්ලයිපොසෙට් නිසා මැරෙන්න තමා වෙන්නේ” කියන කොට මට කියන්න තියන්නේ ‘give me a break’ කියල. මට අද ලබා ගන්න තියන තොරතුරු වලට අනුව, ඕස්ට්‍රේලියාවේ ග්ලයිපොසෙට් ගහපු ජිඑම් කැනොල වලින් හදපු තෙල් වලින් යමක් බැදගෙන කන එක, සිගරට් උරනවාට වඩා සුරක්ෂිතයි. දැන් ව්‍යායාම් නොකර, මේදය වැඩිපුර තියන, ආහාර කල්තබා ගැනීමේ කෘතීම රසායන යොදපු කෑම කමින්, ග්ලයිපොසෙට් හෝ වෙන පොසේට්ටුවකුන් ජීවිතය නැති වේවි යයි සිතනවා නම් මුලාවක්. ඇත්තටම පිළිකාකාරකයක් වුණත්, එවැනි කෙනෙක් ග්ලයිපොසෙට් වලින් පිළිකාවක් හැදෙන තරම් කල් ජිවත් වෙන එකකුත් නැහැ.

ගොඩ වෙලාවට ජිවිතයේ අපගේ තෝරා ගැනීම් මේ වගේ. අපට ඇත්තටම වෙනස් කර ගන්න පුළුවන් මහා හානි දායක දේවල් මග හරිමින්, අනුන් මත වරද පටවන්නට පුළුවන් හා විවේචනයෙන් විතරක් නතර වෙන්න හැකි දේවල් ගැන ලත වෙනවා. විවිධ රටවල් වල ජිවත් වන මෙය කියවන සියලුම දෙනා, මා ඉහත ලියා තියන දේවල් තේරුම් ගත යුත්තේ අන්න ඒකත් සිතේ තබාගෙනයි (කණගාටුවකට මෙන් සටහන ගොඩක් දිග වූවා).

Advertisements

3 Comments

Filed under Agriculture, Opinion

3 responses to “ග්ලයිපොසෙට්, ඔබ හා මා! (4-අවසාන කොටස)

  1. Pingback: ග්ලයිපොසෙට්, ඔබ හා මා! (4-අවසාන කොටස) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇණයා

    ඉතාම හොද පොස්ටුවක් රයිගම්, පළවෙනි කොටසට විහිළු කරේ ඉතුරු කොටස් ඉක්මනින් ලබා ගන්නයි. මම නිතර රජරට ගොවීන් අතරට යනවා, ගොවි සමිති වලදී කෘෂි උපදේශක වරුන් සහ ගොවි නායකයන් ගේ කතා අහන්න ලැබෙනවා, ඔවුන් කරන්නේ පත්තර සහ ටීවී වලින් වලින් සමාජගත කරන ජනප්‍රිය මතයන් පුණරුච්ඡාරණය කිරීමයි. වෙනස් මතයන් / තොරතුරු විවෘතව සමාජ ගතවීම ඉතාම වැදගත්, ගොඩක් දෙනාගේ පෝස්ට් නෙළුම් යායෙන් වෙබ් එකට දාන කොළඹ ගමයා වත් රයිගම් ගේ ඒවා දාල තියනවා මම දැකල නෑ (වැරදිලා නම් සමා වෙන්න), ලංකාවේ විශ්ව විද්‍යාලවල මේ පිළිබද තොරතුරු ඒවා තමන්ගේ කණ්ඩායමෙන් පිටට දෙන්නේ නෑ සේරම ලා හදන්නේ trophy එක තනියම දිනා ගන්න, එක් අතකින් තොරතුරු රදවාගෙන සිටීමට දොස් කියන්නත් බැරි අපේ ජනමාධ්‍ය හැසිරෙන විලාසයට පින්ස්දුවෙන්නයි.

    • මට විහිළු තේරෙනවා ඇණයෝ. ඔබලා වැනි ගොවින් සමග වැඩ කරන මිනිසුන් සිතන හැටි හරියට වැදගත්. මා ලංකාවේ තත්වය ගැන ඔබ කියල තියනා දෙවල්ම් වලට යමක් එකතු කරන්නේ නැහැ.
      කුඩා කාලයේ පටන් අපට උගන්වන විදිහේ යම් ගැටලුවක් තියනවා. එතැනදී අපට කියා දෙන්නේ, තව කෙනෙකුට රහසින් වත් උදවු කරන්න එපා කියලනේ. විභාග ක්‍රමය සමග එය හොඳට සමපාත වුවත්, මිනිසුන් වශයෙන් සමාජයට බහින විට ඒ ගතිය අපෙන් ඉවත් වන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s