තාරා දිවවල් සමග සෝයා මස්! Nestle is destroying a staple of the Australian student diet!


imagesCAN27ZHR

මා ගෙනිහින් තිබුණ පාන් පෙති දෙක කන්න ඊයේ දවල් වැඩ කරන තැන කෑම කාමරයට යන විට, එහි ඒ වන විටත් කමින් හිටපු සුද්දන් දෙදෙනෙකු, මා දැක හයියෙන් කෑ ගසා කියුවේ ” ආ, ඔය එන්නේ නියම මිනිහා” කියල. එයින් එක්කෙනෙකු ගිය සතියේ චීනයට ගියා. සංචාරයක් නොවේ. පොඩි රාජකාරි වැඩකට.

එයා චීනයට ගිය ප්‍රථම වතාව මේක නොවේ. මේ වතාවේ ගිහිං ආපුවහම අපට කියුවේ මේ කතාව. පළමු වෙනි දවසේ රෑට කාපු හැටි. මා අර කලින් කියුවා වගේ තමා. ඔය අපටත් සමහර විට තරුපහේ හෝටල් වලින් කන්න ලැබෙනවනේ. අන්න ඒ වගේ කන්න ලේස්ති කර තියෙන්නේ නගරයේ තිබුන හයි-ෆයි හෝටලේක.

ඔන්න ගිහින් වැඩි වෙලා පොඩි කසිප්පු පාරක් එහෙම ගහමින් ඉන්න කොට ආවලු බන්දේසියක්. ලපයි සිපයි කෑම නොවේ, ෆුල් ඩෙලිකසී. ලැයිස්තුවක් එයා කිව්වා, මට හරියට මතක නැහැ. තාරා දිවවල්, හරක් බඩවැල්, ඌරු නැටි ….. ඔන්න ඔය වගේ සාමාන්‍යයෙන්, සතෙක් මැරුවහම කපල අයින් කරන දේවල් (නැත්නම් ඔය සොසේජස වගේ දේවල් නිෂ්පාදනය පිණිස යොදා කොටස් ). එයා සිතෙන් සිතල තියෙන්නේ කෝ යකෝ මේ සත්තුන්ගේ කන්න පුළුවන් කොටස් ටික කියල.

දැන් සුද්ද ප්‍රශ්න කෙරුවේ, මේ යක්කු මේ පොඩි දේවල් කන්න සතෙක් මරණ කොට කොච්චර නාස්තියක් කරනවද කියල. දිව විතරක් කන්න තාරාවෙක් මරණ කොට කොතරම් නාස්තියක් ද? (මෙතැනදී උපකල්පනය කරන්න ඕනේ, සමාජයේ ඉන්න සියලුම මිනිසුන් මේ වගේ කියා).

දැන් දවල් මා යනකොට කෑ ගැහුවේ මොකද දන්නවද? ඔහු චීනයෙන් ගෙනත් තිබුණ පොඩි කෑමක් බෙදා ගන්න. ඔබ දන්නවා ඇතිනේ ටොෆු . අන්න ඒවායින් හදපු පොඩි ස්නැක් පැකට් (මේ ලේබලේ බලපු චීන ගෑල්ලමෙක් එය පරිවර්තනය කර තිබුනේ බීන් කර්ඩ් ලෙස). මේවට චීන තුනපහත් එකතු කර තිබුණා. මා පැකට් එකක් කඩල කන විට, අපට හුරු පුරුදු සොයා මීට් වල රසය තමා දැනුණේ. නමුත් එයට එකතු කර තිබුන රසකාරක නම් මට එච්චර ඇල්ලුවේ නැහැ.

ඔය ටොෆු හදන්නෙත් සොයා බෝංචි කිරි වලින් වුවත්, මා සමහර දාට වෙනසකට ගෙනත් හැදුවහම නිකම් කඩදාසි වගේ (බඩගින්නේ මැරෙන්න යන වෙලාවක නම් කන්න පුළුවන් හොඳ ආහාරයක්). එය රස කර ගන්න වෙනත් දේවල් එකතු කරන්න ඕනේ. හැබැයි ඉස්සර ලංකාවේ තිබුන සෝයා මස් වලට මා කැමතියි. පසු කලෙක මේවාට කුකුල්, හාල්මැස්සන්, දැල්ලන්, ඉස්සන් යනාදියගේ කෘතීම රසකාරක දමල විනාශ කෙරුවා (කෘතීම රස කාරක විතරක් නම් මදෑ, සමහරෙව්වා ගේ හැඩේත් හාල්මැස්සන් වගේ). ඇත්තටම සතුන්ගේ මස් නොකන කෙනෙකුට, ඒ මස් වල රසය ලබා ගන්න අවශ්‍ය වන්නේ ඇයි කියා මේවා නිෂ්පාදනය කර අය සිතුවද, නැත්නම් මේවා පාරිභෝගිකයන්ගේ ඉල්ලුමද? මා නම් දැන් මේවා මිලදී ගන්නේ නැත්තේ, මේ “බෙහෙත් රසයන්ට” ආස නැති නිසා පමණක් නොවේ.

මෙතන තියන අනෙක් පුරස්නය තමා, දැන් මේ ජාන තාක්ෂණ ආහාර වල “විෂවීම් ගැන” සිහින මවන මිනිසුන් (සිහින මවනවා කියුවේ ඔවුන් බොහෝ දෙනා මේවා තවම කන්නේ නැති නිසා) මෙවැනි කෘතීම රසකාරක යොදා තනන සෝයා මස් වැනි දෙයකින් තමන්ට වන්නට හැකි හානියන් ගැන සිතන්නෙත් නැතුව ඇති. ඇත්තටම අර ටෝෆු ස්නැකය අපේ කෑම කාමරයේ අද මාතෘකාව වුණා.

කොහොම වුණත් අප කොතරම් මස් කන්න ඕනෙද කියන දේ ගැන කතා කරන බිබිසි වැඩසටහනක් මා නැරඹුවා. දැන් අප මස් කන නිසා සතුන් මරණ එකට අමතරව මහා පාරිසරික හානියකුත් කරනවනේ. මේ පරිසර හානිය කරන්නේ අපට කෙලින්ම කන්න පුළුවන් ශාක ආහාර මස් වලට පරිවර්තනය කිරීමේදී ශක්ති හානිය නිසාත්, එසේ කිරීමේදී ජනනය වන හරිතාගාර වායු නිසාත්.

හැබැයි පරිසර හානිය ඉහල යන්නේ සරල රේඛියව නොවේ. මස් කෑම එක්තරා අවස්තාවක් එනකම් සිදුවන පරිසර හානිය අවමයේ තියනවා. ඉන්පසු එක අවස්ථාවකදී එය දර්ශීයව වර්ධනය වෙනවා. අර පරිසර හානිය අවමව තියා ගන්න පුළුවන්, අප අනෙක් වගාවන්ට යොදන්න පුළුවන් බිම්, සත්ත්ව පාලනයට යොදා නොගන්නා තාක් කල්.

imagesCA89QPOS

ඉහත ප්‍රස්ථාරය ඇසුරින් මේ කියන දේ තේරුම් ගන්න බලමු. මේකේ නම් තියෙන්නේ මිනිසුන්ගේ වැඩිවීම, එනම් ලෝක  ජනගහණය කාලය සමග වැඩි වෙච්ච හැටි. මේකේ වයි අක්ෂයේ ජනගහණය වෙනුවට, පරිසර හානිය හා ඇක්ස් අක්ෂයේ අවුරුදු වෙනුවට මාංශ නිෂ්පාදනය ආද්ශ කෙරුවොත් වැඩේ හරි. දැන් මස් නිෂ්පාදනය 1900 ක් විතර වෙනකම් පරිසර හානිය අවමයි. හැබැයි එයිට පස්සේ මස් නිෂ්පාදනය වැඩි වෙන කොට, පරිසර හානිය අභ්‍යවකාශ ගත වෙනවා (ඔය පුළුවන් තරම් පැටවූ ගහපල්ලා කියන සමහරක් අයට, මේ ප්‍රස්ථාරය හරක් (මස්) වලට පෙරලන්නේ නැතිවත් තේරුම් ගන්න අවශ්‍ය දෙයක්).

මස් කතාවට නැවත ගියොත්, දැන් සමහර බිම් තියනවනේ වගාවන්ට කොහෙත්ම සුදුසු නැති. මේවායේ ඔය තණකොළ ටිකක් වවා ගන්න නම් පුළුවන්. එයට අමතරව දැන් කුකුල් කිලෝ එකක් හදන කොට මුක්ත වන හරිතාගාර වායුව වගේ හතර ගුණයක් නිපදවෙනවා හරක් මස් කිලෝවක් හැදීමේදී. ඉන්ටෙන්සිව් කුකුල් පාලනය, ඒ කියන්නේ කුඩු ඇතුලෙම නොවේ, (නවීන මඩු වල තමා එයින් වඩාත් පරිසර හිතකාමී) එහි එක අංගයක් කරන්න හැකියි.

දැන් ලෝකයේම මස් කෑම මේ තත්වයෙන් පවත්වාගෙන යන්න කොපමණ මස් ප්‍රමාණයක් එක පුද්ගලයෙකුට කන්න හැකිද? අවුරුද්දට මස් කිලෝ 50 ක් කෑවොත් අර අවම පරිසර හානි මට්ටමේ අපට ඉන්නට පුළුවන්. ඒ කියන්නේ දිනකට මස් ග්‍රෑම් 100 ක් වගේ. අද ඇමෙරිකානුවන් අවුරුද්දට මස් කිලෝ 150 ක් කනවා (දිනකට ග්‍රෑම් 300ක්), බ්‍රිතාන්‍යයන් කිලෝ 80 කුත් චීනුන් කිලෝ 40 කුත් කනවා.

චීනුනට මස් කන එක ටිකක් වැඩිකර ගන්න හැකි වුවත්, ඇමෙරිකාව වගේ රටක මස්කන ප්‍රමාණය තුනෙන් එකකින් අඩු වේවි යයි බලාපොරොත්තු වෙන්න බැහැ.

ඔන්න ඔය අව්අස්සේ අද මා කියවපු ප්‍රවුර්තියක ඇමෙරිකානු ඖෂද හා ආහාර අධිකාරිය ඒකීය පුද්ගලයට (යලිත් වරක්) කෙලවලා තියනවා දුටුවා. එනම් ආහාර නිෂ්පාදන කර්මාන්තයෙන් කෘතීම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ්, වසර තුනක් තුලදී අතුගා දමන්නට ගත් තීරණය. මේවා ඕස්ට්‍රේලියානු ආහාර ප්‍රමිති වලට අනුව දැනටම අඩු කරලා තියෙන්නේ.

ඒ විතරක් නම් මදෑ, ඉන්දීය ආහාර ආරක්ෂණ අධිකාරියත් අප හොඳින් දන්නා මැගී ක්ෂණික නුඩ්ල්ස් තොගයක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසුයි කියල වෙළඳපොලෙන් ඉවත් කරන්නට නියෝග කර තිබුණා. මෙව්වයේ ලෙඩ් නැත්නම් ඊයම් ප්‍රමාණය වැඩි වගයි ඔවුන් කියන්නේ. මේ ගැන පුවතක තිබුන ට්විටර් පණිවුඩයක් තමා “I’m so sad about these! Love those Maggi noodles. I grew up on them”. එය ලියා තිබුනේ සහකාර මහාචාර්යවරියක්. මේ ගැන වාර්තා කර තිබුන ඕස්ට්‍රේලියානු බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවියේ මාතෘකාව වුණේ “Nestle is destroying $US50 million worth of Maggi noodles, a staple of the Australian student diet”.

“සෝවියට් දේශයට” මැගී නුඩ්ල්ස් ආපු මුල් කාලයත්, ශිෂ්‍යන්ගේ (ඕස්ට්‍රේලියානු පමණක් නොවේ) ජිවිතය හා මැගී නුඩ්ල්ස් තර තියන සමීප සම්බන්දය ගැනත්, අද අප මැගී අක්කගේ නුඩ්ල්ස් හදන විදිහ ගැනත්, ආහාර හා කෘතීම රසකාරක ගැනත්,  අපේ කෑම මේසයේ කතා වුණ ආහාර, ඒකීය පුද්ගලයා, ආහාර ලේබල් කිරීම  හා ආහාර නිෂ්පාදන සමාගම් ගැනත් වෙනමම ලියන්න උත්සහ ගන්නම්.

Advertisements

32 Comments

Filed under Food, Opinion

32 responses to “තාරා දිවවල් සමග සෝයා මස්! Nestle is destroying a staple of the Australian student diet!

  1. කාලෙකින් රයිගම් හන්දියේ කොමෙන්ටෙකක් දාන්න ලැබුණේ.. පහුගිය පෝස්ට් ඔක්කොම කියවනකොට එක්ස්පයර් වෙන්න ඇවිත්.. හැක්. මටත් හිතා ගන්න බැරිව හිටි එකක් තමයි මස් මාළු කන්න අකමැති මිනිස්සුන්ට මොකටද ඒ රස කෘතිමව සෝයා වලට දාල දෙන්නේ කියල.. පස්සේ තේරුම් ගත්තේ.. අපේ මිනිස්සු සෝයා කන්නේ මස් මාලු වලට ආදේශකයක් විදියට.. කටට සැරට රසට අඩුවට හම්බෙන නිසා. නැතුව වෙන දෙයක් දැනගෙන නෙවෙයි. ඉතින් සෝයා මුදලාලිලා හරි.

    • කාලෙකින් තමා කල්‍යාණ ව මෙහි දුටුවේ. ඔබ ලියන දේවල් කියවනවා වුවත් මාත් කොමෙන්ටු දාල ඇත්තේ ඉතා කලාතුරකින්. මෙහි කල් ඉකුත්වීම් නැහැ. ඔබට ඕනෙම දිනෙක පරණ සටහනකට සිතට එන යමක් ලියන්න. එයට මගේ පිළිතුරත් මා දෙන්න හැමවිටම උත්සහ කරනවා.

      ආහාර ගත්තොත්, අපේ ඔය නාථ අයියල පවා ඔය දේවල් ගැන හුම් නැහැ. කැඳ නම් බෙදල ගාණ කපනවා. හැබැයි කල්‍යාණ නාථලා අර වෙබ් අඩවි කාරයන්ගේ වැඩ නිසා අනාථ වුණා. ඇත්තටම “අපේ කියන දැනුම් පද්ධතියක්” තියනවා කියමින් කෙකර ගාපු පිරිස් වල නිරුවත, මේ කෙල ගැනීම් නිසා මිනිසුන්ට දැක ගන්නට ලැබුණා. හෙක් හෙක් හී!!

      සෝයා වලට ආවොත්, මස් මාළු වලට ආදේශකයක් විදිහට කෑවත්, ඔය දමන දේවල් එතරම් හොඳ නැහැ. gm කැනොල වලින් හදන තෙල් වල කිසි ආබාධයක් තියනවා කියා මා සිතන්නේ නැහැ. නමුත් ඔය කෘතීම රසකාරකයන් ආහාර කර්මාන්තයෙන් ඉවත්කරගෙන යන්නේ නිකම්ම නොවේ.

  2. Pingback: තාරා දිවවල් සමග සෝයා මස්! Nestle is destroying a staple of the Australian student diet! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. නුවර කුමාරි

    දැන් හැබැයි සෝයා වල කිසිම රසකාරකයක් නැති පැකට් එනවා. මම ගන්නේ එව්වා. රසකාරක වලින් අදහස් කරන්නේ මස් හෝ මාළු නොකන අයට ආදේශකයක් විදියට යොදාගන්න එක වෙන්න ඇති. මිලටත් වඩා මම නම් හිතන්නේ වෙලා තියෙන්නේ රසය ගැන තමයි වැඩි අවධානය.

    මැගී ගැන නම් කියන්න කණගාටුයි, ලංකාවේ මැගී වැඩියෙන්ම කන්නේ වැඩෙන වයසේ දරුවන්. පෙර පාසල්, ප්‍රාථමික පන්තිවල දරුවන් ඔක්කොම කන්නේ මේ විස. ( සංගා ඉතින් කනවා, අපිටත් කන්න කියන නිසා කනවා වෙන්නත් පුළුවන්)

    තාර දිවවල් සහ ඌරු නැටි ගැන කිසිදෙයක් කියන්න දන්නේ නැහැ. එතකොට ඔය කැරපොත්තෝ, හුනෝ, හැකරල්ලෝ ( ඊයා!) බැදලා කන එක එතරම් අපරාධයක් නෙවෙයි ( පාරිසරික වශයෙන්) කියලද දැන් කියන්නේ?

    ආහාර පුරුදු නිසා ලෝකයේ වන පාරිසරික විතරක් නෙවෙයි සමාජයීය විනාසය පවා තනිකරම වන්නේ මහා පරිමාන වලින්. සුළුතරයකට කරන්න පුළුවන් බලපෑම බොහොම අඩුයි.

    • ම්ම්ම් ඔබගේ නමත් අමතකයි! උපේක්ෂා, අපේ ගෙදරත් මැගී තියනවා. නමුත් අප භාවිතා කරන්නේ නුඩ්ල්ස් විතරයි. මෙහෙ තියන රස පැකට්ටුව, ලංකාවේ තරම්ම නරක නැතැයි සිතන්න හැකියි. නමුත් අප කන්නේ නැහැ. එය ඉඳහිට ඉක්මනින් රත් කර ගන්න හොඳ දෙයක්.
      ආහාර ගත්තොත් මාත් ඔය සිතන තරම් රැඩිකල් නැහැ. ඔය එක්ස්සොටික් හා අමුතු කියන දේවල් ගැන මගේ එතරම් කැමැත්තක් නැහැ. කැරපොත්තන්, හැකරල්ලන් හා හූනන් නොකාවී, මිනිසුන් විසින් කිසිම දිනයක. ඒ ගැන බය වෙන්න එපා.

      මගේ “කකුළු හොද්දේ මකුළුවෙක්” නමින් ලියපු සටහන කියෙව්වද? එහි ලියා තියන පරිදි, ආත්රපොඩ වංශයට අයත්, සතුන් වන පලන්ගැටියන් (කෝ හරි වචනය) හෝ මකුළුවන් වැනි සතුන්ගෙන් හදා ගත ආහාර කන්න හැකි නම්, පරිසරයට අවම හානියක් කරන්න පුළුවන්. මොකද මේකුන්ගේ කිලෝවක් හදන්න යන සියලුම වියදම (බලශක්තිය, සම්පත්…) හරක් කිලෝවක් හදන්න යන වියදමට වඩා අඩුයි. මේ ගැන පර්යේෂණ කළත්, අපේ කෑම මේසයට පළඟටි බිස්කට් නුදුරේදී ඒවී යයි සිතන්න නොහැකියි.
      මා එවැනි විසඳුම් වලට වඩා කරන්නට හැකි වෙනත් ප්‍රයෝගික විසඳුම් පිලිබඳ විස්වාසය තබනවා. ඒවා ගැන මෙහි කලින් ලියා ඇති.

      සුළුතරයට කරන්න හැකි බලපෑම සුළුයි තමා. නමුත් රසකාරක නැති සෝයා ගන්න මිනිසුන් වැඩිවෙන්න වෙන්න අනික්වා වඳ වී යාවි.

      • හුඟක් ඉස්සර මං කියෙව්ව SF නවකතාවකමිනිස්සුන්ව අඟල් කාලක සයිස් එකට අඩු කරනව. හදිසි ආහාර ගිඟයකට විසඳුමක් කියලත් තිබුනා. ආත්‍රපෝඩා සතුන්ගේ මස් කෑමත් තිබුන. Reference හොයාගත්තොත් දෙන්නම්

      • එය කියෙව්වද අහනවා. උපේක්ෂා, දැන් බලනකොට ඔබ එතැනත් කොමෙන්ටුවක් දාල තියනවා දුටුවා! 🙂

        • නුවර කුමාරි

          නමත් මතක නැතිය කියන්නේ… කියපු දෙයක් මතක තියෙයි කියල කොහොම හිතන්නද? ඒත් සාමාන්‍ය ලොජික් එක අනුව, කෑම කොතනද… මම එතැන ! හික්..
          රස පැකට්ටු සම්බන්ධයෙන් නම් ඇත්තේ හුඹස් බියක් කියල මගේ හිත කොතරම් කිව්වත්, කවුද කැමති ඒ වගේ අවදානමක් ගන්න? මම කියන්නේ ඒවා එළියට ප්‍රතිඵල පෙන්නන කාලෙට ඉතින් මේ වගේ අතේ පයේ හය්යක් තියෙන එකක් නැහැ නොවැ , ඉතින් බයවෙන්න ‘සිද්ධවෙනවා’

          කෑම වලට නම් එතරම් පෙරලියක් නුදුරේ ( අපේ ජිවිත කාලය ඇතුලත) වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද මොකක් නැතත් මිනිස්සු තමන්ගේ කෑම රටාවෙන් අපගමනය වෙන්න පරම්පරා දෙකක් වත් යනවා. ( එකනේ තාමත් සමහර ජාතීන්ට සමහර පුරුදු කෙසේවත් අතාරින්න බැරි!)

          මට මේක පස්සේ තමයි හිතුනේ ; සතෙක්ගේ පොඩිම පොඩි කොටසක ප්‍රයෝජනයක් තියෙද්දී ඒ මුළු සතාවම තේරුමක් නැතුව මරනවා නම්, ඒ ලංකාවේ අලියන් විතරයි කියල මම හිතන්නේ. ( අලි කෙඳි ගන්න, අලියෙක් මරණ කාලයක්!) නැත්තම් නිකන්ම මසට මරණ සතෙකුගේ ඉවත දාන නැට්ටක්, දිවක්, කකුල් දෙකක් ( ගෙම්බන්ගේ : ඈක්කා….!) පාදක කරගෙන කෑමක් හදන එක අපතේයාමකට වඩා මට නම් පේන්නේ හොඳ අදහසක් කියන විදියට. ඒකත් හරියට පොල්ලෙලි වලින් කොසු හදනවා වගේ…

          • එහෙමත් අමතක වෙනවද?
            කෑම වල පෙරලියක් මේ ලෝකේ පසුගිය දශක 40 හ විතර කාලය තුල වෙලා තියනවනේ උපේක්ෂා. අද ලෝකයේ බඩගින්නේ ඉන්න කට්ටිය අඩුයි. නමුත් මිලියන 800 කට පමණ ප්‍රමාණවත් ආහාර වේල් තවම ලැබෙන්නේ නැතිය කියනවා. හැබැයි % ක් වශයෙන් ගත්තොත්, තරබාරුකම අද මන්දපෝෂණයට වඩා ප්‍රශ්නයක් කියල කියනවා.

            මෙහෙමයි රසකාරක නරක නැහැ. බෙහෙත් වැනි කෘතීම රසකාරක වෙනුවට ස්වභාවික ඒවා ගන්න පුළුවන්. කෘතීම රසකාරක පවා ඉඳ හිට කෑවට ඇට හැලෙන එකක් නැහැ. නමුත් කුඩා දරුවෙක් පටන් ගෙන ජිවිතකාලයම කෑවොත්, අට හැලෙන්න ඉඩ නැතුවා නොවේ. මේ අද තියන සොයා ගැනුම් අනුවයි මා කියන්නේ.

            අර කතාව උපකල්පනයක් විතරයි. සමාජයේ ඉන්නේ දිවවල් ඩෙලිකසි එකක් ලෙස කන්න සල්ලි කාරයන් විතරක් නම්, සතුන් ගේ වැඩි කොටස අහක යනවා. අපේ සුද්ද කියුවේ, මුන් සෙන්ටි මීටරේ දිව කන්න තාරාවන් මරණ කොට, ගමේ ඉන්න දුප්පත් ගොවියන් මස් ටික කනවා ඇති කියල. එය විහිළුවට කියුවේ.

            එතකොට පසුපස කකුල් දෙක විතරක් ගන්න ගෙම්බන් මරන විට, ඉතිරිටිකෙන් හදපු දෙයක් කන්න උපේක්ෂත් කැමතිද? අන්න එහෙම තමා ඉන්න ඕනේ! (අපේ ස්කෝලෙත් ගෙම්බෝ මරල කාණුවට විසි කෙරුවා. ඒ සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න. අසංග මහත්තය තිලාපියන් තොගයක් අර ස්ටේඩියම් එකට ගෙනත් බෑවා. ඒත් සත්ත්ව විද්‍යාවට).

    • චීන්නු මම හිතන්නේ පළගැටියෝ කනවා. එහෙම කන සීන් එකක් පර්ල් එස් බක් ගේ ගුඩ් අර්ත් කියන පොටේ තිබුන මතකයි.

      බැදපු මකුළුවෝ සමහර අග්නිදිග ආසියානු රටවල ඩෙලිකසී එකක්. අර ක්ලික්බේට් මල්ලිලා කියනවා වගේ සංවේදී නම් බලන්න එපා

      චීන්නුන්ගේ වෙජිටේරියන් සීන් එක අමුතු එකක්. පොෂ්ම රෙස්ටුරන්ට් තියනවා ඇත්තට එළවලු එළවලු විදියට උයන. ඒ වගේම තව සමහර ස්ටෝල්ස් තියනවා වෙජිටේරියන් කියන්නේ මාංස ආදේශක. ඒවායේ ඔය සොය්මීට් වගේ රසෙන් විතරක් නෙවෙයි පෙනුමෙන් සහ ටෙක්ස්චර් එකෙනුත් කෙලින්ම මස් කොපි කරපු කෑම තියෙන්නේ. පියලි පියලි මස් ගැලවෙන හමත් තියන (හමට සී වීඩ්) තෝරා මාළු පෙති, බේකන්, අර චීන්නු කොහෙත් කන ග්‍රවුන්ඩ් පෝක් ඔක්කොම තියනවා හැබැයි එළවලු නැහැ. ඔක්කොම මම හිතන්නේ සෝය් බේස්ඩ්. රස නම් හම්බ කෘත්‍රීමයි. (ඕකට හේතුව, චීන්නු අතරේ බුඩිස්ට්ලා සෑහෙන්න ඉන්නවා මසට කැමති, නමුත් බුද්ධාගම නිසා මස් නොකන. චීන පන්සලුත් මම දන්නා ඒවා නම් බොහොමයක් වෙජිටේරියන්.)

      සෝයි මීට් මම කැමති කෑමක්, රසකාරක වල අවුල නැත්නම් එක එක රසෙන් එන එකේ මට නම් ලොකු අවුලක් නැහැ. මම ඔය රයිගම් එච්චර ඉම්ප්රෙස් නොවුණු මයිල්ඩ් තෝෆු රසටත් කැමති. stinky tofu කියලත් ජාතියක් තියනවලු. ගූ ගඳයි කියල තමයි අහල තියෙන්නේ.

      • මේ තියෙන්නේ අරම මොක් මීට් වෙජිටේරියන් ජොයින්ට් එකක්. ආතල් එක කියන්නේ මෙහෙම තැන් ගොඩක නිකන් ඇරියස් එකක් අල්ලන්න වගේ හොඳ එළවලු වෑංජන නැහැ!

        https://veganfoodandtravelling.files.wordpress.com/2014/06/kasvislihat.jpg

          • මකුළුවන්, පළඟටියන් හා නානප්‍රකාර කෘමින් ආසියාවේත්, වෙනත් මහද්වීප වලත් කනවා තමා ඇනෝ. චීනුන් නම් නොකන ඒවා ලියන්නට ලෙහෙසියි. අප වුනත් කොහේ හෝ කැලේක අතරමං වුණොත්, ගොළුබෙල්ලන් කාල හරි දිවි රක ගන්නේ නැත්ද? කොහොමත් ඕවා සතුන්ගේ තියන රසයන්ට වඩා සංස්කෘතිමය බැඳීම්.

            ඔබ හරි සෝය මස් වලට ඕනෙම රසයක් එකතු කරන එකට අප වගේ මාංශ කන උදවිය අකමැති වෙන්න ඕනේ කමක් හෝ හේතුවක් නැහැ. මගේ ප්‍රශ්නය මේවායේ තියෙන්නේ බෙහෙත් රසයක්.

            චීන කෑම වගේ ඕනෙම රටක කෑම, වෙන රටවල් වල හදන විට ඔතෙන්ටික් නැහැ කියල මට සිතන්නේ, චිනුන්ම කියන කතාත්, ලංකාවේ අපේ කෑම මෙහෙ හදන විදිහ දන්නා ත් නිසා.

            ටෝෆු දමපු කඩේ කෑම සමහරවිට නරකම නැහැ. හැබැයි ඔබ කියන්න වගේ ඒවාට නොයෙක් දේවල් දමල ඇති. චීන ටේකවේ විතරක් නොවේ කඩේකින් කෑවත් කෑවොත් මාර වතුර තිබහක් හැදෙන්නේ තියන සෝස් හා ලුණු ගතිය නිසා වෙන්න ඕනේ.

  4. රෝමන් banquet හා ප්‍රංශ haute cuisine වල නයිටින්ගේල් දිවත් තිබුන

  5. /* දිව විතරක් කන්න තාරාවෙක් මරණ කොට කොතරම් නාස්තියක් ද? */

    විහිළුවක් නේද?
    මං හිතන්නේ හැම කෑල්ලම කනවා ඇති!

    • එය විහිළුවක්. ඔය සතුන් විසි කරන්නේ නැහැ.
      හැබැයි මේ හෝටලේ “ගණනින් වැඩි” ආහාර වට්ටෝරුවක් තමා ඔවුන් වෙනුවෙන් ඇනවුම් කර තිබුණේ. අන්න ඒකයි සුද්ද එහෙම කියුවේ.

  6. රයිගම් මස්කෑවත් අනෙක් අයට එපාවෙන්න තමා ලියල තියෙන්නෙ. ඊට හපන් දාල තියන පින්තූරයෙ දිව දුටු ගමන් ඔක්කාරය ආවා

    • First we’ll have some jerky (over a couple of Pol on the rocks) Raigam, then see if we got the balls to try RM oysters!

      • Don’t worry, Jerky is on the list. I do not mind either Pol on the rocks or the Rock (Gal) on the rocks. (Even if we got the balls) The problem is to find a skilled monkey to crack the nuts!

    • නැහැ ගුණේ, මා එතරම් මස් කන්නේ නැහැ. මේ පිඟානේ ඇත්තටම තිබුන දේවල් මා අමතකයි කියුවේ බොරුවට. ඒවා ලියුවා නම් ඔබ වමනේ දමාවි. 😀

      මාත් ඕවා කන්නේ නැහැ. හැබැයි ඒ පින්ගනේ තියන වෙන දෙයක් අහුලන් මට කන්න පුළුවන්.

      අර පින්තුරය ආහාර වලට සම්බන්ද නැහැ.

  7. ඊයා මාතෘකාව කියෙවුවම අප්පිරියා හිතුණා.

    සතාගේ පිට හැම ඇරුනම හැම දේම කනවනේ මිනිස්සු ඊයා..
    මං ගොඩක් ආස කෑමක් තමයි මැකරොනී එක්ක බුල්ගාරියන් චීසුයි අඹරපු චිකනුයි එක්ක හදන ඩෙවල් ටයිප් මකරෝණි එක.. පොඩි කාලෙම මැගී වගේ ක්ෂණික නුඩ්ල්ස් පැකට් වර්ග වලට තිබ්බ අආසාව අයින් වුණා ඒවා අහිතකර බව කොහේ හෝ කියවපු නිසා.. සෝයා මිට් වලට අපි සාමන්‍ය ව්‍යංජන වර්ග උයද්දී දාන තුන පහ වර්ග එකතුකරලා හදපුවම නියමයි..

    (බ්ලොග් ලිවිම සහ කියවීම අතපසු වුණා අලුත් ජොබ් එකට ගිය නිසා.. අලුත් දේවල් ගොඩක් තියෙනවා ලියන්න.අලුත් ජොබ් එක ටිකක් වගකීම් වැඩි කෙයාගිවින් වලට අමතරව සීයාගේ ගිණුම් සහ ඊ මේල් ,ෆැක්ස් වගේ දේවල් වල වගකීමත් තියෙනවා ඇමරිකන් සීයා කෙනෙක් වැඩි සැලරි එකක් ඒ වගේම ඔයා විස්තර ඇහුවම සතුටු වෙන නිසා ලිවුවේ )

    • අපි නම් හමත් අතහරින්නේ නැහැ. ඔහොම තමා. ඔව් ඔමා කාට කාටත් තමන් කැමති “කන” ජාති තියනවා. කම්පා වී පලක් නැහැ.

      නියමයිනේ වැඩි සැලරි නම්. බැරිද සීයාගේ ගිණුමට වැඩේ දෙන්න. ඇමරිකාන්ස්කියි සීයා හින්ද ටිකක් බරට ඇති නේද? (බ්ලොග් නම් කවද ලියන්න බැරිද. වැඩ ටික හිතුව පරිදි වුනා නම් එච්චරයි).

  8. apdharma

    රයිගම් ලියන ස්පීඩ් එකට කියවන්න වෙනම වේලාවක් හදා ගන්න ඕනේ. මේකේ මම අර සොවියට කෑම කතා කරපු දේවල් එක්කම එකතු කරලා කල්පනා කරනන් දේවල් ලියල තියෙනවා. අප කන අහ‍ර ගැන පි මිට්ඩ් වඩා දැනුවත් වෙන්න ඕනේ.

    • වුව මැන සමා! මේක අජිත් ලියන සටහන් හා බලන හිට්ස් අතර තරඟයක් දෙන බ්ලොග් එකක්. බලමු කවුද දිනන්නේ කියල!

      • apdharma

        හික්ස්. අපොයි තරඟයක් නැහැ. ඔයා මේ ලිපි කලින් ඉඳන් ලියන්නේ. මම පොඩ්ඩක් දේශපාලනෙත් අදිනවනේ. මන් කියවනං ලෑස්ති වෙනකොට තව එකක් එනවා. මම සාමාන්‍යයෙන් නෙලුම් යායේ දාන්නත් එක්ක දවසට බ්ලොග් 5-8 විතර කියවනවා. ඒකයි එහෙම කිව්වේ. වැඩ ඇරිලා ආවම තියෙන පය දෙක තුනේනේ ඔක්කොම සෙල්ලම් දාන්නේ. අර අකුරු වැරදීම් ගැන සොරි. වැඩ කරන ගමන් ටක් ගාල කියවල දාන කොමෙන්ටු ඒ.

        • එය විහිළුවක් බං. මං ව්‍යංගයෙන් කියුවේ මගේ සටහන් කියවන්නේ ඉතා සුළු පිරිසක් විතරයි කියල. මාත් වැඩ ඇරිලා ගෙදර ඇවිත් අනෙක් වැඩක් කරන ගමන් දාන සෙල්ලම් තමා. මේක මෙයිට වඩා හොඳට ලියන්න මට අවශ්‍ය වුවත්, එයට වඩා වැඩි කාලයක් යොදවන්න අවශ්‍යයි.

          • නුවර කුමාරි

            චිහ්…. ඒක එහෙනම් දැන් තරඟයක් නෙවෙයි ද? අපරාදේ මගේ තෑග්ග….

            තෑග්ගට දෙන්නේ පළන්ගැටියෝද ? නැත්තම් කගේ හරි දිවක්ද කකුලක්ද? ( ඈක්ක !)

            • හිකිස්, මෙයාත් වල්ගේ පාගාගෙන. //මේක අජිත් ලියන සටහන් හා බලන හිට්ස් අතර තරඟයක් දෙන බ්ලොග් එකක්// මේ කියන්නේ ඉන්ටර්නල් බැට්ල් එකක් ගැන. එනම් මේ බ්ලොගයේ සටහන් ගණන හා හිට් ගණන අතර පොඩි පරතරයයි තියෙන්නේ කියන එක.
              නැතුව මගේ බ්ලොගය වෙන ඒවා සමග සසඳා තෑගි දෙන්න ක්‍රයිටිරියා හදන්න කෙනෙක් මේ ලොවෙත්, ලොවි ගහෙත් ඉන්නවා යයි මා සිතන්නේ නැහැ. මොකද මෙය ජිවන විලාසිතාවක් ගැන ලියවෙන්නක් නිසා, මා අසම-සම යයි සිතන දෙයක් ගැන එහෙම සසඳන්න හැකිය කියා මා නොසිතන නිසා.

              //නැත්තම් කගේ හරි දිවක්ද කකුලක්ද?// මේකට මගේ උත්තරය පොලිටිකලි කොරෙක්ට් නොවන්නට ඉඩ ඇති නිසා නිහඬ වෙන්නම්! 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s