ඔබ දුකින්ද? මට පුළුවනි පිහිට වෙන්න!!!*


මා කලින් සටහනේ ලියුවේ සමාජයක් ලෙස මුහුණ දෙන ප්‍රශ්න වලට ඒකීය පුද්ගලයට විසඳුම් තියනවද? නැත්ද? යන්න ගැන පොඩි ඉඟියක්. තමන්ව ප්‍රශ්නයෙන් ඉවත් කරලා, අනික් සේරම මත වරද පැටවීම තමයි ඔබෙත්, මගෙත් පහසුම පිළිතුර වන්නේ. අර කවුද කියල තිබුණා වගේ, දෙකක් නවාගෙන හතර අතට කෙලලා අරිනවා නම්, ලියන කෙනාත්, කියවන කෙනාත් හරිම තෘප්තියට පත් වෙනවා. අඩුම ගානේ ඒකෙන් යම් යහපතක් වෙනවා තමා. නමුත් මේවයින් ප්‍රශ්න නැති වන්නේ හෝ විසඳෙන්නේ නම් නැහැ.

ඉස්සර නගර අලංකරණය කිරීම ගැන ගෝටාභය මහතාට විශේෂයෙන් පින් දුන්න කට්ටිය, ඒ මහත්වරුන්ගේ බලය නැතිවුණ විගස, අනික් පැත්ත හැරී ඔයා තමයි රට කෑවේ කියනවා. එයත් තාවකාලිකයි. යලිත් රාජපක්ෂලා බලයට ආවොත්, ඔව් මෙයාල නැතුව බැහැ, අපි දැක්කනේ නැතිවෙලා හිටිය ඩිංගට රටට වුන දේ යයි නිසැකවම කියාවි.

එහෙම හැසිරෙන එකට වරදක් කියන්නත් එක අතෙකින් බැහැ. මොකද ඇත්තම තත්වයත් ටිකක් ඒක තමයි. නමුත් ඇත්තම තත්වය සේරම එය නොවේ. බලන්න ජනාධිපති සිරිසේන මහතාට ලැජ්ජා නහර කපාගත් කියන මිනිසුන්, කලින් රජය යටතේ කටයුතු කරපු හැටි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක්, ගෝටාභය විවේචනය කිරීමට කෙසේ වෙතත් නම පවා, කීමට භය වුණා. සාමාන්‍ය ජනයා නම් නමක් නොමැතුව හෝ බ්ලොගයකවත් මෙයාල ගැන විවේචනය කෙරුවේ නැහැ (එයටත් හේතු ඕනේ තරම් තියෙන්න ඇති).

කුමන හේතුවකට හෝ මයිත්‍රීපාල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවුණා, නම් අද ඒ තිබුන තත්වය තවත් දරුණු වනු ඇතැයි උපකල්පනය කරන්නට හැකියි. විපක්ෂ නායකගේ රාජ්‍ය නායක සිහිනය, සිහිනයක්ම වනු ඇති. අවශේෂ කට්ටිය මේ වන විට දෑත්-දෙපා ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටිනු ඇති. දැන් මේ සියල්ල බොහෝ දෙනාගේ කල්පනාවට එන්නේ නැහැ.

මේ තත්වය අත්දකින්නේ ලංකාවේ පමණක් නොවේ. ඔබ ලෝකයේ කුමන රටක ජිවත් වුවත් අඩු වැඩි වශයෙන් මුහුණ දෙන්නේ මෙවැනි දෙයකට. මා මේ කියන්නේ අප වගේ සාමාන්‍ය ජනයා. හැබැයි සාමාන්‍ය ජනයාගෙනුත් සියලුම දෙනා නොවේ. මේ කිසිම දෙයක් ගැන නොසිතන විශාල පිරිසක් අප අතර ඉන්නවා.

රටක විතරක් නොවේ, මිනිසෙකුගේ පෞද්ගලික ජිවිතයේ දින සියයක්-දෙසියයක් කියන්නේ මහා කාලයක් නොවේ. සාමාන්‍ය ජීවිතකාලය අවුරුදු හැත්තෑවක් කියා ගත්තොත්, දින 150 ක් කියන්නේ එයින් සියයට දශම පහක්-හයක් වගේ ගණනක්. අපට තව 99.5% ක් තියනවා. රටවල් වෙනස් වෙන්නේ දශක නොවේ, සියවස් ඇවෑමෙන්.

අනික තමා කලින් හිටපු තත්වය අමතක වන්නේ දේශපාලන කරුණු වලදී පමණක් නොවේ. අපේ පෞද්ගලික ජීවිතයේත් මුහුණ දෙන කරුණු වල දී අප හැසිරෙන්නේ මෙයිට වෙනස් ව නොවේ. හැම විට අප මේ මොහොතේ නොලබන දෙය තමා වඩාත් හොඳ දෙය. ආයිත් කලින් මොහොතට ගියහම, නැතිවුණ, (එනම් කලින් කලින් හිටිය මොහොත) හොඳ වෙනවා.

මා පසුගියදා පොඩි කතාවකට පැටලුනු, ලාංකිකයන් දෙදෙනෙකු මෙහෙ ජිවත් වෙමින්ම, මෙහෙ ක්‍රමයටත් බණිනවා. ඒ කියන්නේ සුද්දන්ට වැඩ බැහැ, අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ වගේ දේවල්. ලංකාව ගැන මතක් කළහම, කියුවේ රාජපක්ෂ ජනාධිපති හරිනම් තව අවුරුදු හයක් වත් ඉන්න තිබුණා. එහෙනම් රට හදල ගන්නවා කියල. මේක ජාත්‍යන්තර කෘමන්ත්‍රණයක් කියල.

මේ විවේචන වල තේරුම මොකක්ද කියල, මා ඒ කතාවට පසුවදා කල්පනා කෙරුවේ. මොවුන් මෙහෙ ජිවත් වුණත්, ඔය පාසල් වලට බැන්නත්, රජය පාසල් අධ්‍යාපනයට ඉදිරිපත් කරපු කරන වෙනස්කම් මොනවාද කියල හොයන අයත් නොවේ (එහෙම හෙවුවත් එතරම් වැඩක් නැති එක අමතක කරමු). අඩුම ගානේ චන්ද බලය වත් නැහැ.

ඊළඟට ලංකාව ගම්මු, එහෙන්, මෙහෙට ඇවිත් ඉන්නේ කවුරුන්ගේ හෝ බල කිරීමටත් නොවේ. තමන්ගේ කැමැත්තට. එයත් නොවේ වැඩේ. දැන් මෙහෙ ක්‍රමයට බනිනවා කියන්නේ, ලංකාවේ “කොරෝමේ” හොඳය කියන එකනේ (නැත්නම් නිරපේක්ෂ ක්‍රමයක් සිතේ තියනවද කියල මා දන්නේ නැහැ). එතකොට මේ ගොල්ලන් තවත් ඉදිරියට ගෙන යා යුතුය කියන ඒ ක්‍රමේ රැක ගන්නට, ලංකාවට යන්නේ නැත්තේ ඇයි? අඩුම ගානේ අන්තිම මැතිවරණයේදී චන්දය හෝ පාවිච්චි කර නැහැ.

දැන් මෙයාල බලාපොරොත්තු වෙන්නේ, මේ රටවල් දෙකේම අනික් මිනිසුන් විසින් තමන් බලාපොරොත්තු වෙන ක්‍රමය පිහිටුවල දේවිය කියල. ඇත්තටම ලෝකයේ මොනම දෙයක් වත් එහෙම වෙනවද? අඩුම ගානේ අපගේ පෞද්ගලික ජීවිතය වත් අනික් පිරිස් විසින් වෙනස් කර දේවිද?

චන්දයක් මගින් ලෝකය වෙනස් වනවා කියන එක නොවේ මා කියන්නේ. එය යම් ආරම්භයක්. එය ගලා යන්නේ අප එදිනෙදා ජිවත් වෙන හැටියට. එය එක දෙයකින් නවතින්නේ නැහැ. ඉරක් ඇඳලා මේකෙන් නතර වෙන්න කියල අපට කියන්න බැහැ. හැබැයි සමස්ත සමාජයක් ලෙස අප වෙනස් වන්නේ අන්න ඒ ඒකීය පුද්ගලයාගේ නොනවතින ක්‍රියා කලාපය නිසා.

ගිය සතියේ අපේ පෞද්ගලික ජිවිතයේ යම් “ජයග්‍රහණයක්” කියල කියන්න හැකි දෙයක් ලඟා කර ගත්තේ නොසිතූ පරිදි. රට රටවලට ඇවිත් අප “අනාථයන්” මෙන් ජිවත් වනවා යයි සමච්චල් කරන හැටි මා දැක තියනවා. අපට අනාථයන් මෙන් ජිවත් විය හැකි වෙන රටවල් වලට ගිහින් පමණක් නොවේ, තමන් ඉපදුන රටේම ඒ තත්වය අත්කර ගන්න පුළුවන්.

  • මිනිසුන් රැවටීම, හැර වෙන කුසලතාවයක් අත් කර නොගත් පිරිස් වලට මෙවැනි දැන්වීම් සිරස්තල හිතුමතේ දමන්න හැකි වී ඇත්තේ සමාජයත් එවැනි මිරකල් වලට කැමති නිසා.
Advertisements

30 Comments

Filed under Opinion

30 responses to “ඔබ දුකින්ද? මට පුළුවනි පිහිට වෙන්න!!!*

  1. Pingback: ඔබ දුකින්ද? මට පුළුවනි පිහිට වෙන්න!!!* | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //රටවල් වෙනස් වෙන්නේ දශක නොවේ, සියවස් ඇවෑමෙන්.//// yes but People never not understand

    • නියපොත්තෙන් පවුරු පදනම් කඩන්න පටන් ගන්න ඔමා!

      • ඇණයා

        නියපොත්තෙන් හූරලා පවුරුපදනම බිඳින අයට ලැබෙන වරප්‍රසාදය තමා පවුර පෙරලුනදා ඒකට යටවෙලා මියයාම. ඒත් පවුරු නැති අනාගතයක් ගැන ප්‍රාර්ථනා කරමින් අපිත් හූරමු.

        • පවුරු පදනම් බිඳී දසඅත විසිර යන යාමේ…..
          කවුරු නම් ලං වේද තනියට…….

          • කෝ මේ මිල්ටන් මල්ලවාරච්චි වත් නැහැනේ. නැත්නම් එයාවත් කියාවි “තනියට ළඟ ඉන්නම්, නැතිනම් තනි වෙන්නම්” කියල.

        • පොඩි තාප්ප වලින් පටන් ගත්තොත් යට වෙන එකක් නැහැ නේද ඇනයෝ?

  3. රයිගම කියන ඒ ජාතියේ ලාංකිකයින් ලංකාවට ලොකු සේවයක් කරපු අයයි.
    දන්නවා නේද ඒ සේවය?

  4. මට පෙන්නන බැරි කට්ටියක් එංගලන්තෙත් ඉන්නවා. මෙහෙ රස්සා කර කර ලංකාව හොඳයි ලංකාව මාරයි කිසි වරදක් නැහැ. ළමයි මේ හොඳ යුනිවර්සිටි වලට දාගෙන , අමු ජාතිවාදී කතා කියාය හතර වටේටම බනිනවා. ලංකාවට අපි ආදරෙයි තමා. නමුත් එංගලන්තේ තියෙන ප්‍රශ්න වගේම ලංකාවෙත් ඒවා තියනවා. ඒවා වැඩි නිසානේ මුන් මෙහෙ ඇවිල්ල ඉන්නේ.
    http://nelumyaya.com/?p=3421

    • ප්‍රශ්න කොහෙද නැත්තේ මචං?

      ඔව්, මේ අයියලාගේ තව ලක්ෂණයක් තමා අමු ජාති වාදීන් වීම. හැබැයි මෙවුන්ම තමා සුද්දන්ගේ ජාතිවාදය ගැනත් හරියට වද වෙන්නේ. උනුත් ඒ වගේමයි කියල තේරෙන්නේ නැහැ. මේකුන්ට වැඩ කරන තැන් වලත් ප්‍රශ්ණ තියනවා නම්, එයට ප්‍රධාන හේතුව මේ හිතන හැටි නිසාම වෙන්න පුළුවන්.

  5. නුවර කුමාරි

    කරුණු කීපයක් ගැනම අදහස් පොපියන්න ගත්ත මේක කියෙව්වම ( කලින් එක නම් තාම කියෙව්වේ නැහැ හොඳේ… ගණන් ගන්න එපා..)

    එකක් තමයි සමහර දේවල් ( විශේෂයෙන්ම ඉදිකිරීම් ආදිය) කෙරුණු වේගය සහ ක්‍රමවේදය. උදාහරණයක් ලෙස ගත්තොත් ඔබ විසින්ම සඳහන් කරලා තියෙන නගර අලංකරණය කියන දේ. ලංකාවේ මිනිසුන්ගේ ආකල්පයක් තියෙනවා මේ නාගරික සංවර්ධනය කියන්නේ ‘පට්ටම අමාරු’ වැඩක් කියල. ඒක ඇත්තටම අයිති වෙන්නේ නගර සභාවකට. කැලිකසල කළමනාකරණය, පාරවල් හැදීම සහ නඩත්තුව අයිති නගර සභාවකට. ඊට අමතරව ජනතාවගේ තමයි එහි වගකීම. රටේ පාලනය ගැන තියෙන සෝමාරි ආකල්පෙන්ම තමයි මේවයෙත් වැඩේ කෙරෙන්නේ. ඒ කියන්නේ ඕනේ වෙලාවට සල්ලි පාස් කරන්නේ නැහැ, හරියට කරන්න අනිත් උන් ඉඩ දෙන්නේ නැහැ, සබ්ජෙක්ට් එක දන්නේ නැහැ ( නැත්තම් දන්නා උන්ට කරන්න දෙන්නේ නැහැ) ඒ හැමදේටම වඩා දෙය්යෝ කෙනෙක් ඇවිදින් ‘කරලා දීලා’ යනකල් තමයි බලන් ඉන්නේ. අන්න එතකොට ඔය ගෝඨාභය දෙය්යා ඕනේ වෙයි… ඉතින් නගර සභාවක වැඩක් කරන එකත් මහා වික්‍රමයක් වගේ පේනවා. එතකොට තමන් ඉන්න පැල්පත් ටික සමතලා කරන්න කිසි අවුලක් නැතුව ඉඩදීලා ( ඊට කලින් එහෙම එකක් කරන්න ගියොත් ජිවිතේ පරදුවට තියලා සටන් කරන්නේ!) ඒක ඉදිරියට ගෙනියන්න කතිරෙත් දෙනවා. අන්න කළගුණ !!

    ඉතින් ඔහොම සිස්ටම් එකක ඉඳල ලෝකේ කොහේ ගියත් මේ ලෙඩේ හොඳවෙන්නේ නැහැ. මොකද මේක ශාරික ලෙඩක් නෙවෙයි. ජානමය ලෙඩක්. නැති කියා දෙයක් වේද, එයම සෙවීම… ඕක තමයි ප්‍රධාන රෝග ලක්ෂණය. ඔය ලෙඩේ මරණාසන්න තත්වෙට එනවා දේශපාලනය වගේ මාතෘකාවකදී. වෙනත් රටක ඉන්න එක දැන් ස්වයන් තීරණයක් වෙලා ලාංකිකයින්ගේ. හිනායන වැඩේ කියන්නේ ඔවුන් මෙහෙ දාල යන්න පාදක උන හේතුවම එයාල ඒ රටේ ඇතිකරගෙන එය තමන්ගේ ‘ලාංකික’ බව කියල සඳහන් කරන එක. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හරියන්නේ නැහැ කියල ඒ රටවල් වලදී ළමයින්ගේ නිදහස් ඉගෙනීම් රටාව දැකල පරල වෙනවා. දේශපාලනය ගැනත් එච්චරයි. ඉන්නකන් මැටි විදියට චන්දය පාවිච්චි කරලා, ඉන්න උන් ටික දැන් ගන්න තීරණ ගැන ප්‍රශ්න කරනවා.

    මේ මොනවා කියනවද? මිනිස්සු රැවටෙන්න ආසයි. මොකද මිරකල් පෙන්නන්න පුළුවන් වෙන්නේ රැවටෙන උන්ට විතරයි. මිරකල් දැකපු එකා දැකපු මිරකල් එක දකින්න නම් රැවටෙන්න ඕනේ. නැත්තම් මිරකල් එක නිකම්ම් සිද්ධියක් වෙනවා. අප්පොච්චියෙක් නැති වෙනවා.

    • නුවර කුමාරි

      මතක නැති උනා…

      කෝ මාතෘකාවේ කියල තියෙනවා නේ පිහිට වෙනවා කියල…. කෝ දැන් ඒ කොටස?

      • //පිහිට වෙනවා කියල….//
        Visa, PR, Job permit , Job වගේ දෙයක් වෙන්න ඇති නේ.
        අපිටත් ????

        • නුවර කුමාරි

          ඒකනේ…. මමත් හිතුවේ ඔය ජාතියෙන් එකක්වත් මෙතන නිකමටවත් ඇතිය කියල… සෙක් ඉතරක්! මාතෘකාවේ ඉඳලම වංචාව ( අපි හොර බොරු නැහැ හරිද.. වංචාව විතරයි)

          • කිසි වංචාවක් නැහැ. මේක වශී ගුරුකම් දැන්වීමක්. ඔබගේ හා ඔබගේ සිත් ගත් කෙනාගේ කෙස් ගස් දෙකක් (නෑමට පසුව ගලවා ගත්), මගේ ඊමේල් ලිපිනයට එවන්න (ස්කෑන් කර). මුදල් නම් ස්කෑන් කර එවන්න ඔට්ටු නැහැ. ප්‍රතිඵල සතියෙන් හෝ දෙකෙන්. අත්දුටුවයි! ප්‍රක්තක්ෂයි!!

            ඒ විහිළු. ඇයි දුටුවේ නැත්ද * එක. අන්තිමට දමල තියෙන්නේ එහි පැහැදිලි කිරීමක්. මේක වශී-ගුරුකම් දැන්වීමකින් උපුටා ගත්තු මාතෘකාවක්.

          • නුවර කුමාරි

            අග තියෙන තරුව පේන්න කලින් තාරකා පෙනුන නිසා ඉස්පාසුවක් නැතුව කියෝගෙන ගියා. මම හිතන්නේ ගුරුකම දැන්විමෙන්ම ඔප්පු කරලා වගේ. දැන් ඔය එවන ප්‍රතිකර්මෙත් ස්කෑන් කරපු වශී බෝලයක්ද?
            මුදල් නම් ඉතින් දැන් ෆොටෝකොපි ගහන්න වෙන්නේ.

            ඕකනේ කියන්නේ, මුලින් ජේදයක් කියල පස්සේ එක වාක්‍යකින් කියනවා ‘ඒ විහිළු’ කියල. කොහොමත් අපි විහිළු වලට හරි ආසයි. ඒවා ඇස් රතු වෙනවා උනත්.

            මම ලියාපු ජේද ටිකකත් අගට මක්කා හරි ලියන්ට වෙනවා තරුවත් එක්ක. නැත්තම් ඔතරම් ලියලත් ඒවා පහුකරගෙන යන්න මම ගන පිහිටපු විදියට කරන්ට පුළුවන් වැඩක්ද?

            • සිරා කොමෙන්ටු වලට පිළිතුරු පසුව ලියනවා. 🙂

              • නුවර කුමාරි

                ඕකනේ ඉතින් කියන්නේ….
                කොමෙන්ටුවත් සිරා කියලලු කියන්නේ.. ඒ උනාට උත්තරේට බාලගිරි. රටත් සිරාට ගිහින් තියෙන එකේ… එක්කෝ ඕන්නැහ් !

                • මේක නිකම් ලයිව් චැට් වගේනේ. මේ වෙලාව බාලගිරි වැඩ වලට මිසක් සිරා දෙයකට සුදුසු නැහැ.

                  • නුවර කුමාරි

                    වගේ නෙවෙයි මේක එහෙම එකක් තමයි….

                    හරි හරි…. ඔන්න ඔහොමයි ඇඩ් එක දාල ගෙන්නගන්න උන්ට වශී ගුරා ( සොරි ඈ … කරන්න දෙයක් නැහැ ඈ ) සලකන්නේ ඈ … අපි බලාගම්මු ඈ… මමත් දැන් සිරා දෙයක් කරන්නේ නැහැ, අනිත් උන්ට අංචි අදිනවා වගේ දෙයක් විනොදෙට කරාට

                    • අඩුම ගානේ, සිරස්තලයට වත් වශී වුනානේ.
                      ඇයි මොනවාද බලාගන්නේ?

                    • නුවර කුමාරි

                      බලාගන්නේද?

                      වෙන මොනාද ඉතින්, ඊළඟ පෝස්ටුව මිසක්!

    • මේක නම් “කුමාරි”, හරි අමාරු කොමෙන්ටුව උත්තරයක් ලියන්න. වෙනකක් හින්ද නොවේ, වැඩකට නැති දේශපාලන කොටස “ඉවත් කර” ලියන්න අවශ්‍ය නිසා. පසුව ලියන්නම්!

      • මගේ පෞද්ගලික මතය උපේක්ෂා, නාගරික සංවර්ධනය හා ග්‍රාමීය සංවර්ධය කියා රටක සංවර්ධනය බෙදන්න බැහැ. මොකද මේ දෙකම එකම අවස්ථාවේ සිදු වන්නේ නැත්නම්, දෙකෙන් එකක් වත් සිදු වන්නේ නැහැ.

        දැන් මේ ලංකාවේ වගේ රටවල් වල තියන මුඩුක්කු කියන්නේ, ඇත්තටම ග්‍රාමීය දුප්පත්කම නිසා, නගරයට ගලා එන කාණ්ඩ වලින් පිරී යන්නක්. මෙය උල්පතක් වගේ. එයට අමතරව අඩු ආදායම් ලබන පවුල් වල අධික උපත් සංඛ්‍යාව හා නුතන සෞඛ්‍ය සේවය නිසා අඩු ළදරු මරණ මගින්, මේ ප්‍රශ්නය තවත් උග්‍ර කරනවා. මෙතැනදී දුප්පත්කම-අඩු අධ්‍යාපනය කියන දේවල් මාරක චක්‍රයක්.

        දැන් මේ සමාජ වල තියන පසුගාමී බව ජාන වලින් එන දෙයක් කියා කියන්න බැහැ. මෙහෙත් සමාජ-ආර්ථික වශයෙන් පසුගාමී පවුල් බහුලව වෙසෙන නාගරික කොට්ටාශ වල ඔබ ඔය කියන ප්‍රශ්න අඩු වැඩි වශයෙන් තියනවා. නමුත් ලංකාව වැනි රටක තියන තව දෙයක් තමා, අප තවම රජතුමා-යටවැසි මානසිකත්වයේ ඉන්න අය වීම. අන්න ඒක මෙහෙ නැහැ.

        දැන් බලන්න පොඩි ආයතනයක වුවත්, එහි ප්‍රධානියා, “මේ මට සර් කියන්න එපා. මට නිකම් නමින් කතා කරන්න” කියුවොත් එහි සේවකයන් ගෙන් අන්තිමට වැඩ ගන්නවා තියා, ප්‍රධානියාට එයාලගේ ගෙවල් වල ගිහින් වැඩ කරන්න නොවුනොත් පුදුමයක්. මොකද ඒ හයිරාකි එක ඉවත්කරන්නට සුදුසු පරිදි අපේ සමාජය පරිණාමය වෙලා නැහැ. ඔවුන් දන්නේ, “යකෝ මගෙන් දෙකක් අහන්නේ නැතුව ඕක කරපන්” කියන විධානයට ප්‍රතිචාර දැක්වීම පමණයි. එයින් ඉවතට ගිය පිරිසක් සමාජයේ ඉන්නවා තමා. නමුත් ඔවුන්ගේ ප්‍රතිශතය තාම කුඩායි.

        දැන් රජවරුන් සුදු වෑන් එවල මිනිසුන් අතුරුදහන් කරන විට, මිනිසුන් ඔවුනට නමස්කාර කරන්නේ අන්න ඒ මානසිකත්වයට අනුවයි. එහෙම තැනකට, නිකම්ම මයිත්‍රී ආවිට, ඔහුට කුණුහරුපයෙන් බනිනවා. මේ බ්ලොග් කාරයොත් එහෙමයි. බලය නැති රජවරුනට දෙන ගෞරවය, බලය තියන, ඒ කියන්නේ නිල වශයෙන් ගෞරවය දිය යුතු, ජනාධිපතිවරයාට දෙන්නේ නැහැ. මොකද තියන දීන මානසිකත්වය. මෙතැනදී ශිෂ්ට මනුෂ්‍යයාට කියන්නේ කොන්ද පන නැති දුර්වලයා කියල. ගෙදරට සුදු වෑන් එවන එකා තමයි, නියම වන්දනා මාන කරන්න සුදුසු කෙනා. මරනවා නම්, තමන්ව පාගනවා නම් ඔවුන්ට වඳිනවා. නැත්නම් කොන්ද පණනැති එකා කියල බනිනවා. සාමාන්‍ය සමාජයේ අප වැනි මිනිසුන්ට සලකන විදිහත් අන්න ඒ වගේ. අධිපතිවාදීන්ට විතරයි සමාජය සලකන්නේ. ගෝභයලා දෙයියන් වෙන්නේ අන්න ඒ දීන මානසිකත්වය සහිත සමාජය නිසා.

        වනාතේ සුනිල් තමාගේ අදහස් කීමෙන් පසුව සිදු වුණ දේ උපේක්ෂා, ඔබට මතක ඇතිනේ. ඇත්තටම උපේක්ෂා සුනිල්ලව “අන්තර්ධාන” කර නාගරික සංවර්ධනය කරන්න නොහැකියි. මොකද සුනිල්ගේ තැන ගන්න එන්න තව විශාල පිරිසක් රටේ ඉන්නවා. මොවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබෙන තෙක්, වතු, මුඩුක්කු රටේ බිහි වේවි. අනික ග්‍රාමීය සමාජයේ තියන දුප්පත්කමට විසඳුම් නොදීමෙන් නගර “අලංකරණය” කරන්න බැහැ

        මේ පසුගාමී මානසිකත්ව දියුණු කල හැක්කේ සමස්ත ආර්ථිකය-අධ්‍යාපනය දියුණු කිරීම හා හා නීතිය සමානව ක්‍රියාත්මක කිරීම දියුණු කිරීම තුළිනුයි. එය දීර්ග කාලීන ක්‍රියාවලියක්. මෙයට කෙටි කාලීන විසඳුම් තියනවා. ලී ක්වාන් යූ කියන්නේ, අන්න ඒ කෙටි කාලින විසඳුම් ඉදිරිපත් කරපු කෙනෙක්. හැබැයි ඔහු රාජපක්ෂලා වගේ ජාතික ධනය යටි මඩි ගැහුවේ නැහැ. එමෙන්ම ජාතික ආර්ථික මර්මස්ථාන වලට ගොන් මචංලා පත් කෙරුවේ නැහැ. මෝඩ පුතුන්ට රටේ ධනය යොදාගෙන ජෝගි නටන්නට දුන්නේ නැහැ. ඒ වගේම අන්තවාදී (වෙනත්) කණ්ඩායම් තමන්ගේ පටු අරමුණ, එනම් ජාතික ධනය කොල්ලකෑම සඳහා පරිසරය සකස් කර ගන්න යොදා ගත්තේ නැහැ

        ලී ප්‍රවර්ධනය කෙරුවේ ඒකාධිපති-කෞශල්‍යතන්ත්‍ර වාදයක්. මා එයටත් එකඟ නැහැ. ඒ සමාජය බමුණුකුල සමාජයක් දක්වා අද වර්ධනය වී තියට අන්දම වෙනම ලියන්නම්. එතකන් ලි ගේ අදහස් වලින් ටිකක් මේ. ලංකා සමාජය, එහි තියන පසුගාමී බව හා එයින් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලදී විසඳුම් සොයා යාමේදී මේ අදහසුත් ප්‍රයෝජනවත් වෙන්න හැකියි. හැබැයි උපේක්ෂා ඔබට පෞද්ගලිකව යම් ප්‍රයෝජනයක් ඇත්තදැයි මට සැකයි.

        ලාංකීය ජනයා වෙනත් රටවල් වලට ඇවිත් ක්‍රියා කරන හැටි ගැන මා ලියන්නේ නැහැ. මොවුන් ඔබ කියනවා වගේම ලංකාවේ කරපු ගොන් කම් සියල්ල මේ රටවල් වලත් කරනවා. ඔය කියන දීන මානසිකත්වයත් අරන් එනවා. පන්සල් යනවා. නමුත් කරන්නේ “පවු”. පවුල් “කනවා”. දරුවන්ට පොතක් පතක් අරන් දෙන්නේ නැහැ, කුඩා කාලයේ බෙඩ් ටයිම් ස්ටෝරීස් කියන්නේ නැහැ. නමුත් ටියුෂන් නම් නහුතෙට යවනවා. එකිනෙකාගේ දරුවන් සංසන්දනය කර ගනිමින් මෝඩ චූන් ගන්නවා. මේවා ලියල මටම එපා වෙලා.

        “ I am often accused of interfering in the private lives of citizens. Yes, if I did not, had I not done that, we wouldn’t be here today. And I say without the slightest remorse, that wouldn’t be here, we would not have made economic progress, if we had not intervened on very personal matters-who your neighbour is, how you live, the noise you make, how you spit, or what language you use. We decide what is right. Never mind what people think”

        “Mine is a very matter-of fact approach to the problem. If you can select a population and they’re educated and they’re properly brought up, then you don’t have to use too much of the stik because they would already have been trained, It’s like with dogs. You train it’s got to leave, go outside to pee and to defecate. No, we are not that kind of society. We had to train adult dogs who even today deliberately urinate in the lifts”.

        ඉහතින් තියෙන්නේ ලී ගේ උපුටා ගත් අදහස් වලින් පොඩි කොටසක්. ජාතික ධනය යටි මඩි ගැහුව වගට චෝදනා තියන, සුදු වෑන් සංස්කෘතියක් බිහිකෙරුවා යයි පැවසෙන, ඇමෙරිකාවේ සුපර්මාර්කට් වල ඉංගිරිසියෙන් සේවය කළා යයි කියන, සිංහලයෙන් ඉගෙන ගත්තු රාජපක්ෂලා වගේ නොවේ, ලී ඒකාධිපතියෙක් වුවත්, සමාජ දැක්ම, ආර්ථිකය හා ලෝකය ගැන අවබෝධය අතින් හුඟක් ඉදිරියෙන් සිටිය මිනිසෙක්.සාමාන්‍යයෙන් මොඩස්ට් පසුබිමකින් ඉහල නගින මානවවාදී ජනනායකයන් නම්, අතීතයේ අත්දැකීම් මුළුමහත් සමාජයේ සුබසිද්ධිය පිණිස යොදා ගන්නවා.

        ඒ විතරක් නොවේ, අපට ඉංගිරිසියෙන් ඉගෙන්වුවා නම්, සිංගප්පුරුවක් වෙන්න තිබුණා කියල මනෝරාජික දේශ වල ජිවත් වන මිනිසුන්, අමතක කරන කරුණ තමා, ඉංගිරිසියෙන් උගත් උගත් ගම්බයියන් නොවනවා යයි කියන, සේනානායකලා, බණ්ඩාරනායකල, කොතලාවලලා, ජයවර්ධනලා අතර එවැනි නායකයෙකු හිටියේ නැතිය කියන කරුණ. හැබැයි අද සිංගප්පුරුවේ හැදී තියන බමුණු කුලය අනුව, වඩාත් හොඳ එවැනි සමාජයක ජිවත් වීමද? නැත්නම් මිනිසුන්ගේ සමානත්වය ගරු කරන egalitarian society එකක ජිවත් වීමද කියා තීරණය ඔබටම බාර කරන්නම්!

        “We have to lock up people, without trial, whether they are communists, whether they are language chauvinists, whether they are religious extremists. If you don’t do that, the country would be in ruins”.

        දැන් බලන්න ලීව වන්දනා මාන කරන, අපේ ආගම්, ජාති, භාෂා, හා දේශපාලන අන්තවාදීන්, ඇත්තටම කොහෙද සිටිය යුත්තේ කියල, ලීගේ වචන වලින්ම.

  6. //මේ තත්වය අත්දකින්නේ ලංකාවේ පමණක් නොවේ. ඔබ ලෝකයේ කුමන රටක ජිවත් වුවත් අඩු වැඩි වශයෙන් මුහුණ දෙන්නේ මෙවැනි දෙයකට.//

    ඒ රටවල ගාණටම අඩු කරන්න බැරිවුනත් ටිකක් හරි අඩුකරගන්න කියල හිතල තමයි චන්දෙ දෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ මහජනයා හුඟක් ඉන්නවනෙ එහෙම ඕනෙ නැති ෂෝ එකට විතරක් චන්දෙ දෙන

    //රට රටවලට ඇවිත් අප “අනාථයන්” මෙන් ජිවත් වනවා යයි සමච්චල් කරන හැටි මා දැක තියනවා. අපට අනාථයන් මෙන් ජිවත් විය හැකි වෙන රටවල් වලට ගිහින් පමණක් නොවේ, තමන් ඉපදුන රටේම ඒ තත්වය අත්කර ගන්න පුළුවන්.//

    එහෙම සමච්චල් කරන අයට මෙහෙ දේශපාලනේ කරන එකෙක් හෝ උන්ගෙ යාලුවෙක් නෑදෑයෙක් ආධාරකාරයෙක් එක්ක නිකම් ඉඩම් මායිමක් වගේ දෙයකටවත් ආරවුලක් ඇතිකරගෙන බලන්න කියන්න, එහෙම නැත්නම් එස්කෝට් දාගෙන යන දේශපාලු වාහනයට ඉස්සර වෙන්න නොදී ඉන්න, එහෙමත් නැත්නම් ආණ්ඩුවෙ රස්සාවක් ගන්න , උසස් වීමකට වගේ දේකට දේශපාලු පුල් එක තියන එකෙක් එක්ක තරඟ කරන්න.
    අඩුම ගණනෙ කන පැලෙන්න ලවුඩ් ස්පීකර් දාන මියුසිකල් ෂෝ එකක්, දන් සැලක් , පන්සලක් , පල්ලියක්, මීටිමක්, උත්සවයට ආදියට විරුද්ධව පැමිණිලි කරන්න.
    එතකොට තේරෙයි කවුද අනාථයො කියල

    • අපේ අයියලත් මේ ඩයිනොසර යුගයේ අගමැති කෙනෙක් පත් කරගෙන ඉන්නේ ප්‍රා. එකම දේ මෙහෙ “ආර්ථික වැන්ඩලිස්ම්” වලට අඩු ඉඩක් තියෙන්නේ. මොකද අනෙක් සංස්ථා ස්ථාපනය වී ඇති නිසා.

      දේශපාලකයෙක්ගේ හෙන්චයියෙක්ම වෙන්නත් ඕනේ නැහැ. අල්ලපු වත්තේ ඉන්නේ කකුල් දෙකෙන් යන, සතෙක් වගේ මිනිහෙක් නම් ඒත් ඇති. මෙහෙත් ඉන්නවා තමා එවැනි අය. නමුත් අපට විකල්ප තියනවා. මේ සම්බන්ධව මා දන්නා දේ තුලින් ඔබ ඔය කියන සියලු දේ වල ඇත්ත තත්වය මා හොඳින් දන්නවා.

      අජිත්ගේ බ්ලොග් එකේ බංග්ලාදේශය සමාජය ගැන දුක් වෙන ලංකාවේ අය, අපේ සමාජයේ පසුගිය කාලයේ සිදුවුණ දේවල් ඇත්තටම නොදන්නවාද? නැත්නම් ඕනේ කමින් මගහරිනවද කියන ප්‍රශ්නය මට ඇති වුණා. ඇත්තටම මේ මධ්‍යම පංතිකයන් තමන්ගේ රටේ සිදුවූ ම්ලේච්ච කම් වලට කොතරම් දුරස්තද?

  7. මම සුට්ටි එකා කාලෙ දිනමිණේ සිළුමිණේ නිතරම ගිය ඇඩ් දෙකක් මතකයි…. ” ඔබ කැමතිද විවාහ වෙන්න..මට පුළුවනි සළස්වන්න ” ” සුරා සූදූ අතහැර…කවීශ්වරතිස්ස, බදුරුලෙන, පත්තලගෙදර, වේයන්ගොඩ ” මගෙ වැඩේ කොයිවෙලෙත් ඔව්ව මහ හයියෙං කියන එක කෑගහල කියන එක අහල ගං හතකට ඇහෙන්න……අම්මගෙන් බැණුං අහල ඉවරයක් නෑ…:)

    • නුවර කුමාරි

      ඒ කාලෙත් කලැයි එව්වා? වැඩේ කියන්නේ බැනුම් අහලත් තාමත් ඒකම කරන එක? හික්…

      • මගෙත් විවාහය සැලස්සුවේත් එයා තමා. අද මට එයාව හම්බ වුණොත්….. 😀

        ඇත්තටම රවී ඕවා ඔච්චර මතක, ගියා නේද පත්තල ගෙදර? ඉස්සර රිවිරැස පත්තරේ අග පිටුවට ඇතුල් පැත්තේ අරක්ගෙන හිටිය කෙනෙක් තමා කවීශ්වර තිස්ස. මෙයා මහණ කෙනෙක් නේද? පස්සේ මහණ (ඇඳුම්) වැඩේ අත්හැර, ඔය සුරා සූදු වැඩේ ෆුල්-ටයිම් කළා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s