සුරා සූදු අතහැර!


මගේ පෞද්ගලික මතය උපේක්ෂා, නාගරික සංවර්ධනය හා ග්‍රාමීය සංවර්ධය කියා රටක සංවර්ධනය බෙදන්න බැහැ. මොකද මේ දෙකම එකම අවස්ථාවේ සිදු වන්නේ නැත්නම්, දෙකෙන් එකක් වත් සිදු වන්නේ නැහැ.

දැන් මේ ලංකාවේ වගේ රටවල් වල තියන මුඩුක්කු කියන්නේ, ඇත්තටම ග්‍රාමීය දුප්පත්කම නිසා, නගරයට ගලා එන කාණ්ඩ වලින් පිරී යන්නක්. මෙය උල්පතක් වගේ. එයට අමතරව අඩු ආදායම් ලබන පවුල් වල අධික උපත් සංඛ්‍යාව හා නුතන සෞඛ්‍ය සේවය නිසා අඩු ළදරු මරණ මගින්, මේ ප්‍රශ්නය තවත් උග්‍ර කරනවා. මෙතැනදී දුප්පත්කම-අඩු අධ්‍යාපනය කියන දේවල් මාරක චක්‍රයක්.

දැන් මේ සමාජ වල තියන පසුගාමී බව ජාන වලින් එන දෙයක් කියා කියන්න බැහැ. මෙහෙත් සමාජ-ආර්ථික වශයෙන් පසුගාමී පවුල් බහුලව වෙසෙන නාගරික කොට්ටාශ වල ඔබ ඔය කියන ප්‍රශ්න අඩු වැඩි වශයෙන් තියනවා. නමුත් ලංකාව වැනි රටක තියන තව දෙයක් තමා, අප තවම රජතුමා-යටවැසි මානසිකත්වයේ ඉන්න අය වීම. අන්න ඒක මෙහෙ නැහැ.

දැන් බලන්න පොඩි ආයතනයක වුවත්, එහි ප්‍රධානියා, “මේ මට සර් කියන්න එපා. මට නිකම් නමින් කතා කරන්න” කියුවොත් එහි සේවකයන් ගෙන් අන්තිමට වැඩ ගන්නවා තියා, ප්‍රධානියාට එයාලගේ ගෙවල් වල ගිහින් වැඩ කරන්න නොවුනොත් පුදුමයක්. මොකද ඒ හයිරාකි එක ඉවත්කරන්නට සුදුසු පරිදි අපේ සමාජය පරිණාමය වෙලා නැහැ. ඔවුන් දන්නේ, “යකෝ මගෙන් දෙකක් අහන්නේ නැතුව ඕක කරපන්” කියන විධානයට ප්‍රතිචාර දැක්වීම පමණයි. එයින් ඉවතට ගිය පිරිසක් සමාජයේ ඉන්නවා තමා. නමුත් ඔවුන්ගේ ප්‍රතිශතය තාම කුඩායි.

දැන් රජවරුන් සුදු වෑන් එවල මිනිසුන් අතුරුදහන් කරන විට, මිනිසුන් ඔවුනට නමස්කාර කරන්නේ අන්න ඒ මානසිකත්වයට අනුවයි. එහෙම තැනකට, නිකම්ම මයිත්‍රී ආවිට, ඔහුට කුණුහරුපයෙන් බනිනවා. මේ බ්ලොග් කාරයොත් එහෙමයි. බලය නැති රජවරුනට දෙන ගෞරවය, බලය තියන, ඒ කියන්නේ නිල වශයෙන් ගෞරවය දිය යුතු, ජනාධිපතිවරයාට දෙන්නේ නැහැ. මොකද තියන දීන මානසිකත්වය. මෙතැනදී ශිෂ්ට මනුෂ්‍යයාට කියන්නේ කොන්ද පන නැති දුර්වලයා කියල. ගෙදරට සුදු වෑන් එවන එකා තමයි, නියම වන්දනා මාන කරන්න සුදුසු කෙනා. මරනවා නම්, තමන්ව පාගනවා නම් ඔවුන්ට වඳිනවා. නැත්නම් කොන්ද පණනැති එකා කියල බනිනවා. සාමාන්‍ය සමාජයේ අප වැනි මිනිසුන්ට සලකන විදිහත් අන්න ඒ වගේ. අධිපතිවාදීන්ට විතරයි සමාජය සලකන්නේ. ගෝභයලා දෙයියන් වෙන්නේ අන්න ඒ දීන මානසිකත්වය සහිත සමාජය නිසා.

වනාතේ සුනිල්  තමාගේ අදහස් කීමෙන් පසුව සිදු වුණ දේ උපේක්ෂා, ඔබට මතක ඇතිනේ. ඇත්තටම උපේක්ෂා සුනිල්ලව “අන්තර්ධාන” කර  නාගරික සංවර්ධනය කරන්න නොහැකියි. මොකද සුනිල්ගේ තැන ගන්න එන්න තව විශාල පිරිසක් රටේ ඉන්නවා. මොවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබෙන තෙක්, වතු, මුඩුක්කු රටේ බිහි වේවි. අනික ග්‍රාමීය සමාජයේ තියන දුප්පත්කමට විසඳුම් නොදීමෙන් නගර “අලංකරණය” කරන්න බැහැ.

මේ පසුගාමී මානසිකත්ව දියුණු කල හැක්කේ සමස්ත ආර්ථිකය-අධ්‍යාපනය දියුණු කිරීම හා හා නීතිය සමානව ක්‍රියාත්මක කිරීම දියුණු කිරීම තුළිනුයි. එය දීර්ග කාලීන ක්‍රියාවලියක්. මෙයට කෙටි කාලීන විසඳුම් තියනවා. ලී ක්වාන් යූ කියන්නේ, අන්න ඒ කෙටි කාලින විසඳුම් ඉදිරිපත් කරපු කෙනෙක්. හැබැයි ඔහු රාජපක්ෂලා වගේ ජාතික ධනය යටි මඩි ගැහුවේ නැහැ. එමෙන්ම ජාතික ආර්ථික මර්මස්ථාන වලට ගොන් මචංලා පත් කෙරුවේ නැහැ. මෝඩ පුතුන්ට රටේ ධනය යොදාගෙන ජෝගි නටන්නට දුන්නේ නැහැ. ඒ වගේම අන්තවාදී (වෙනත්) කණ්ඩායම් තමන්ගේ පටු අරමුණ, එනම් ජාතික ධනය කොල්ලකෑම සඳහා පරිසරය සකස් කර ගන්න යොදා ගත්තේ නැහැ. රටේ ව්‍යවස්ථාව, නිතිය කියන දේවල් තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් සඳහා විටින් විට වෙනස් කර ගත්තේ නැහැ.

ලී ප්‍රවර්ධනය කෙරුවේ ඒකාධිපති-කෞශල්‍යතන්ත්‍ර වාදයක්. මා එයටත් එකඟ නැහැ. හැබැයි ඒ ඒකාධිපති වාදයේ මූලික බලාපොරොත්තුව පොදු යහපත මිසක්, එක පවුලක යහපත නොවේ.  ඒ සමාජය තරමක් දුරට බමුණුකුල සමාජයක් දක්වා අද වර්ධනය වී තියට අන්දම වෙනම ලියන්නම්. එතකන් ලි ගේ අදහස් වලින් ටිකක් මේ. ලංකා සමාජය, එහි තියන පසුගාමී බව හා එයින් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලදී විසඳුම් සොයා යාමේදී මේ අදහසුත් ප්‍රයෝජනවත් වෙන්න හැකියි. හැබැයි උපේක්ෂා ඔබට පෞද්ගලිකව යම් ප්‍රයෝජනයක් ඇත්තදැයි මට සැකයි.

ලාංකීය ජනයා වෙනත් රටවල් වලට ඇවිත් ක්‍රියා කරන හැටි ගැන මා ලියන්නේ නැහැ. මොවුන් ඔබ කියනවා වගේම ලංකාවේ කරපු ගොන් කම් සියල්ල මේ රටවල් වලත් කරනවා. ඔය කියන දීන මානසිකත්වයත් අරන් එනවා. පන්සල් යනවා. නමුත් කරන්නේ “පවු”. පවුල් “කනවා”. දරුවන්ට පොතක් පතක් අරන් දෙන්නේ නැහැ, කුඩා කාලයේ බෙඩ් ටයිම් ස්ටෝරීස් කියන්නේ නැහැ. නමුත් ටියුෂන් නම් නහුතෙට යවනවා. එකිනෙකාගේ දරුවන් සංසන්දනය කර ගනිමින් මෝඩ චූන් ගන්නවා. මේවා ලියල මටම එපා වෙලා.

“ I am often accused of interfering in the private lives of citizens. Yes, if I did not, had I not done that, we wouldn’t be here today. And I say without the slightest remorse, that we wouldn’t be here, we would not have made economic progress, if we had not intervened on very personal matters-who your neighbour is, how you live, the noise you make, how you spit, or what language you use. We decide what is right. Never mind what the people think”

“Mine is a very matter-of fact approach to the problem. If you can select a population and they’re educated and they’re properly brought up, then you don’t have to use too much of the stik because they would already have been trained, It’s like with dogs. You train it’s got to leave, go outside to pee and to defecate. No, we are not that kind of society. We had to train adult dogs who even today deliberately urinate in the lifts”.

ඉහතින් තියෙන්නේ ලී ගේ උපුටා ගත් අදහස් වලින් පොඩි කොටසක්. ජාතික ධනය යටි මඩි ගැහුව වගට චෝදනා තියන, සුදු වෑන් සංස්කෘතියක් බිහිකෙරුවා යයි පැවසෙන, ඇමෙරිකාවේ සුපර්මාර්කට් වල ඉංගිරිසියෙන් සේවය කළා යයි කියන, සිංහලයෙන් ඉගෙන ගත්තු රාජපක්ෂලා වගේ නොවේ, ලී ඒකාධිපතියෙක් වුවත්, සමාජ දැක්ම, ආර්ථිකය හා ලෝකය ගැන අවබෝධය අතින් හුඟක් ඉදිරියෙන් සිටිය මිනිසෙක්.සාමාන්‍යයෙන් මොඩස්ට් පසුබිමකින් ඉහල නගින මානවවාදී ජනනායකයන් නම්, අතීතයේ අත්දැකීම් මුළුමහත් සමාජයේ සුබසිද්ධිය පිණිස යොදා ගන්නවා.

ඒ විතරක් නොවේ, අපට ඉංගිරිසියෙන් ඉගෙන්වුවා නම්, සිංගප්පුරුවක් වෙන්න තිබුණා කියල මනෝරාජික දේශ වල ජිවත් වන මිනිසුන්, අමතක කරන කරුණ තමා, ඉංගිරිසියෙන් උගත් ගම්බයියන් නොවනවා යයි කියන, සේනානායකලා, බණ්ඩාරනායකල, කොතලාවලලා, ජයවර්ධනලා අතර එවැනි නායකයෙකු හිටියේ නැතිය කියන කරුණ. හැබැයි අද සිංගප්පුරුවේ හැදී තියන බමුණු කුලය අනුව, වඩාත් හොඳ එවැනි සමාජයක ජිවත් වීමද? නැත්නම් මිනිසුන්ගේ සමානත්වය ගරු කරන egalitarian society එකක ජිවත් වීමද කියා තීරණය ඔබටම බාර කරන්නම්!

“We have to lock up people, without trial, whether they are communists, whether they are language chauvinists, whether they are religious extremists. If you don’t do that, the country would be in ruins”.

දැන් බලන්න ලීව වන්දනා මාන කරන, අපේ ආගම්, ජාති, භාෂා, හා දේශපාලන අන්තවාදීන්, ඇත්තටම කොහෙද සිටිය යුත්තේ කියල, ලීගේ වචන වලින්ම.

(මෙය කලින් සටහනේ  “නුවර කුමාරි” ගේ ප්‍රතිචාරයකට, මගේ පිළිතුරයි).

Advertisements

10 Comments

Filed under Comments, Opinion

10 responses to “සුරා සූදු අතහැර!

  1. Pingback: සුරා සූදු අතහැර! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. /* මොවුන් ඔබ කියනවා වගේම ලංකාවේ කරපු ගොන් කම් සියල්ල මේ රටවල් වලත් කරනවා. */

    අයිස් ගැසීමත් එක්ක නේද?

    ලංකාවෙන් මෙහෙට ඇවිත් ඉන්න සමහරු ලංකාවට ලොකු සේවයක් කරපු අය විදියටයි මං නං දකින්නේ.

    ඒ සේවය තමයි ලංකාවට පව් නොදී තොලොංචි වෙලා යෑම!

  3. නුවර කුමාරි

    මල ජුලියයි… ( ජුලි මාසේ තමයි හලෝ)… මෙන්න බොලේ උත්තර පෝස්ට් එකක් දාල. දැන්නම් බොලේ අතාරින්න බැරුවා! පොඩි වැඩක් තියෙනවා, ඉවර කරලා සුටුස් ගාල එන්නම්… ( අන්න එහෙමයි ‘වචීපරම මිත්‍රයෝ.. අහල ඇතිනේ?)

    • නුවර කුමාරි

      මුල සිට අනු පිලිවෙලින්…..

      රටක සංවර්ධනය නම් ඒ ලෙස බෙදන්න බැරි බව පිලිගන්නවා ( මොකද සමස්තයක් විදියට සංවර්ධනය ග්‍රාමීය සහ නාගරික යන අංශ දෙකෙන්ම සිදුවිය යුතු නිසා; එකම මොහොතක සිදුවෙනවාද යන්න නම් නිගමනය කරන්න අමාරුයි) නමුත් අනුගමනය කරන්න වන ක්‍රමවේදයන් අතින් නම් ඒ සංවර්ධනයන් දෙක එකිනෙකට වෙනස් බවයි මගේ අත්දැකීම. කොටින්ම නාගරික සංවර්ධනයේදී ඉඩම් අත්පත්කර ගැනීම සහ ග්‍රාමීය සර්වර්ධනයේදී එයම සිද්ද කරනකොට කරන්න වෙන්නේ එකිනෙකට වෙනස් සහ නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්.

      මුඩුක්කු කියන්නේ උල්පතක්! හැබෑමයි… කොටින්ම කිව්වොත් චන්ද උල්පත්. බිලි පිත්තට අහුවෙන්න පොරකන මාළු ඕසෙට ඉන්න තැන්. ඉතින් කවුද කැමති තමන්ගේ වගාබිම් අතුගාන්න. හැබැයි එකක් කියන්න ඕනේ, එහෙම මිනිස්සුන්ට තමයි මෝහනයෙන් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඒ කුඩුව පොඩිකරන ඩෝසර් එක මෙහෙයවන එකාට පින් දීල දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන ඉන්න නම් දැක්කම මෝහනය වන උඩු රැවුල් කාරයෙක් ඕනේ. නැත්තම් උන්ව වෙනස් වසස්තානෙකට යවන්න ලෙහෙසි නැහැ හෝ කොහෙත්ම බැහැ.

      නුගත්කම කියන්නේ එතන විතරක් තියෙන දෙයක් හැටියට මට පෙනෙන්නේ නැහැ. මට පෙනෙන්නේ විශ්වවිද්‍යාල තුල පවා නුගත්කම දැන් හරිම වැඩියි. කන් දෙකට හෙඩ් ෆෝන් ගහගෙන ලවුඩ් ස්පිකර් වලින් අනිත් උන්ට ගිරිය පුප්පන් දේශනා තියන උන් තමයි එහෙත් ඉන්නේ. නැතිනම් දැන් ඉස්සරට වඩා පැල්පත් වල පාඩම් කරන්න මේසයක්වත් නැතුව විභාග වලින් උපරිම දස්කම් දක්වන දරුවන් ගණන දැන් වැඩියි. මම හිතන්නේ අපි දෙන්නම කියන්නේ එකම දේ ගැන..

      ඔය සර් කියන්න එපා තියරිය නේද? හිනත් යනවා කියනකොට. මටත් ඔහොම කරන්න ගිහින් බල්ලාගේ සහ බුරුවාගේ වැඩ සියල්ලමත් කරන්න උනා. ඒ නිසා ඔබ ලියපු සියල්ල සත්‍ය බවට සහතික වෙන්න පුළුවන්. හැබැයි, මේ කියන වන්දනාව මම හිතන්නේ වැඩි කලක් නොගිහින් අතුරුදහන් වෙයි කියල. මොකද ඒ පරපුරේ උන් ගොඩදෙනෙක් දැන් ඉන්නේ විශ්‍රාම වැටුප් ලබන කැටගරියේ. එයාල ටික ගොක්කොල දකිනකල් යන්තම් තියෙයි. නමුත් මම හිතන්නේ අඩුවෙයි. හැබැයි ඒ ටික වෙනකල් සෝමාරි විදියට ඉන්න එක නම් මෝඩකමක්.

      ලංකාවේ මුඩුක්කු වල තත්වය ගැන මට 100%ක්ම කියන්න වැටහීමක් නැති උනත් මම අහලා තියෙන විදියට ඒ මිනිසුන්ට අනන්‍ය ජිවන රටාව ඇරුණුකොට මොකක් දුන්නත් ඒ අයගෙන් යමක් ‘ගන්න’ බැහැ. එකනේ ඒවා චන්ද උල්පත් වෙන්නේ. දුප්පත් කමට විසඳුම් දෙන්න අමාරුයි. මොකද ඔවුන්ට රජයෙන් දෙන ආධාරය ( සමෘධි) උනත් දියුණුවකට යොදාගන්නේ හරිම අඩුවෙන්. පැල්පත් ඇතිවීමට ඉඩ නොදීම මිසක් විකල්පයක් මට නම් පෙනෙන්නේ නැහැ.

      ඉතිරි ටිකට උත්තරේ නම්…
      ලංකාවේ මිනිසුන්ට පාඩමක් ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ක්ද කියලා මුලින් කියලා දෙන්න වෙයි.

  4. Politeness is almost always mistaken as weakness. Happens to me all the time. අර -ness කෑල්ල නැතුව මේක රයිම් නොවෙන නිසයි ඉංග්‍රීසියෙන් ලිව්වේ

    • නුවර කුමාරි

      හැක්.. හැක් ….

      මොකක් උනත් රයිම් වෙන එක ගැන සතුටුයි අප්පා

  5. Pretty nice post. I just stumbled upon your blog and wished to say that
    I have truly loved browsing your blog posts.

    After all I will be subscribing to your feed and I
    am hoping youu write again soon!

  6. කිපසැරයකට කියවලා ඉවර කලේ. ගොඩක් හොඳ උත්තරයක්

    ///මොවුන් ඔබ කියනවා වගේම ලංකාවේ කරපු ගොන් කම් සියල්ල මේ රටවල් වලත් කරනවා. ඔය කියන දීන මානසිකත්වයත් අරන් එනවා. පන්සල් යනවා. නමුත් කරන්නේ “පවු”.///

  7. Anonymous

    //මොකද ඒ හයිරාකි එක ඉවත්කරන්නට
    ඕක තමයි කොතලාවල ලොක්ක කීවේ ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න තියෙන්නේ ක්‍රම දෙකයි,
    එකක් දනින් වැටීම අනෙක බෙල්ලෙන් අල්ලා ගැනීම කියල.
    දුක ඇවිල්ලා අවුරුදු පනහකට පස්සෙත් ඒ කියමන ඇත්ත වීම.

    // ලී ක්වාන් යු
    ඔහුට තිබුණු අධ්‍යාපනයම තමා බණ්ඩාරනායක ලොක්කටත් තිබුනේ.එක්කෙනෙක් මහජනයාට ඉදිරියෙන් සිටියා (බේත තිත්ත උනත්).අනෙකා මහජනයාට ඕනිදේ දුන්නා.දෙන්නා පැති දෙකකට රටවල් ගෙනිච්චා.අදටත් තිත්ත බේත් දෙන එක්කෙනෙක් රටේ පාලකයා වුනොත් කොහොමට හිටීද ?

  8. මේ සටහනේ කොමෙන්ටු වලට ඔබලාට ස්තුතියි. වෙනම පිළිතුරු දෙන්නට උත්සහ කරන්නේ නැහැ. (මා මේ සති දෙක නිවාඩුවක් ගත්තා).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s