සිව් වසරක් බ්ලොග් ලෝකේ! Little things I should have said and done……….!


Red-Roses-Flower-on-Hand

මෙයට හරියටම අවුරුදු හතරකට පෙර තමා මෙහි පළමු සටහන ලියවුණේ. යමක් පටන් ගන්න එක ලෙහෙසියි, හැබැයි දිගටම පවත්වා ගෙන යන එක තමා අමාරු කියල කතාවක් තියනවනේ. මෙන්න මේක බ්ලොග් වලට විතරක් නොවේ, සෞඛ්‍ය සම්පන්න කෑම, ව්‍යායාම, සඹදතා, ඉගෙනීම්, රැකියා, යහපාලන යනාදී ජීවන විලාසිතා තේරීම් බොහොමයකට පොදු ධර්මයක්.

අනෙක් අතට කසිප්පු, අයිස් (ක්‍රිස්ටල් මෙතැම්පිටමින්) ඇතුළු අනෙක් මත්ද්‍රව්‍යය, දුම්වැටි යනාදී ගැසිම්ද, යටිමඩි ගැසීම ද, ජරා පාලන තන්ත්‍ර ද කඩා ගන්න අමාරුයි. මේවා පටන් ගත් පසු කෙළවරක් කර ගන්න සමහරුන් උත්සහා ගත්තත් නොහැකියි. මෙහිදී තියන විශේෂත්වය තමා මුලින් කියපු දේවල් ජිවිතයට උපකාර (බ්ලොග් ලිවිම හැරුණු විට) කරන දේවල්. දෙවෙනි කාණ්ඩය ජීවිතය කොට කරන, සමාජයට වින කරන දේවල්. බලන්න ඒකෙත් හැටි.

හැම තත්පර භාගයකම අලුතින් බ්ලොගයක් ලෝකයේ කොහේ හරි පටන් ගන්නවා කියා මා දැන ගත්තේ, යම් දෙයකට කල් මරණ විට කියවපු රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙන්. එයින් අතලොස්සක් තමා මේකෙන් යම් ගාණක් උපයන්නේ. මෙන්න මෙයාල වගේ අය නම් බ්ලොග් හදල ඒවායින් ගාණක් හම්බ කරනවා . බ්ලොග් විතරක් නොවේ, අනෙක් සමාජ ජාල වලින් ද මුදල් හොයා පෙන්වූ අය ඉන්නවා. මෙවැනි බ්ලොග් ප්‍රධාන වශයෙන් ජිවන විලාසිතා ප්‍රවර්ධනය කරන්නන්. විලාසිතා (ඇඳුම් පැළඳුම්), ආහාර හා ව්‍යායාම අඩංගු සෞඛ්‍යමත් ජිවන රටා ඒ අතරින් ඉදිරියෙන්ම තියන මාතෘකාවන්.

හැබැයි, එහෙම හම්බ කරන කුඩා පිරිසෙන් 63% ක් දිනකට ඩොලර් 7 කට අඩු මුදලක් තමා හොයන්නේ. දැන් ඔබ හිතාවි ලෝකය මිනිසුන් බිලියන 1.2-1.3 ක් පමණ ජීවත් වන්නේ දිනකට ඩොලරයකට අඩු ආදායමකින් නිසා, මේක ලොකු ගාණක් කියල. නැහැ, කොම්පියුටර් තියාගෙන, විදුලි බිල් ගෙවාගෙන, අන්තර්ජාල පහසුකම් අරගෙන ඔය වගේ සොච්චම් ගාණක් හොයනවට වඩා කරන්න වෙන දේවල් තියනවා.

මා එසේ බ්ලොග් ලිවීමෙන් උපයන කෙනෙකු නොවේ. ඇත්තටම, මට සමහරවිට මෙයිට වඩා “ප්‍රයෝජනවත්” ලෙස අනෙක් බොහෝ දෙනා මෙන් වෙනත් දෙයකට, මේ කාලය යොදා ගන්න පුළුවන්. මුදල් නොමැතිව මොනම දෙයක් වත් කරන්න බැරුවා වගේම, මුදල් හම්බ නොවුණත් අප සමහර දේවල් කරන්නේ යම් හේතුවක් නිසා.

දැන් බලන්න ලෝකයේ මිනිසුන් බිලියන 7 කට ටිකක් වැඩියෙන් ඉන්නවා. ලෝකයේ බ්ලොග් මිලියන 300කට වැඩි ප්‍රමාණයක් තියනවා කියා තිබුණේ අර සඟරාවේම තමා. ඒ අතරින් මා වගේ මෙහෙම සිංහලයෙන් බ්ලොග් ලියන්නේ ලෝක ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් කොපමණ කුඩා පිරිසක් ද කියල ඔබට තේරුම් යාවි. එයිනුත් මෙවැනි ඉතාම සුළු පිරිසක් කියවන බ්ලොගයක් කියන්නේ, ගණන් ගන්නත් බැරි දෙයක්.

මිනිසුන් කියන හා කරන දේවල් වල පවතින මහා පරතරය අපට නොපුරුදු දෙයක් නොවේ. ඒ විතරක් නොවේ, කියන දේවල් හා කරන දේවල් වල පරතරය, මහලු වෙන්න වෙන්න වැඩි කර ගන්නා මිනිසුන් තමා අපට ජිවිතයේ හමු වන්නේ. අපගේ ක්‍රියා හා කතා අතර පරතරය අඩු කර ගැනීමකුත් මා නිතර බලාපොරොත්තු වෙනවා. ඔබත් දන්නා පරිදි එය හරි අමාරු දෙයක්. මොක හෝ වේවා, අපගේ ජිවිතයේ යම් සාර්ථකත්වයක් හෝ අසාර්ථකත්වයක් තියනවා නම් එයට හේතුව, අනුන් කරන දේ පසුපස නොගොස්, තමන්ට තේරෙන විදිහට හරිය කියන දේවල් අනුගමනය කිරීමයි.

වසර හතරක් එක දිගට, එකම වේගයකින් යමක නිරත වීම පහසු දෙයක් නොවේ. මා කියන ජිවන විලාසිතා තේරීම් වලින් අපට වැඩක් නැති, එනම් ඵලදායි නොවන දේවල් වලින් ක්‍රමයෙන් ඉවත් වන්නට ඕනේ. මේ බ්ලොග් ලිවිම මා කියන අන්න ඒ දෙයට ටිකක් එරෙහියි. මොකද මේ ලියන දේවල් කියවන පිරිස ඉතාම සීමිත නිසා, යොදන කාලයේ ඵලදායකත්වය අඩුයි.

මෙයින් මා සතුටක් ලබන එකත්, මේකෙන් මටත් ප්‍රයෝජනයක් තියන එකත් වෙනම කතාවක්. හැබැයි, මේක ප්‍රධාන වශයෙන් ලියවෙන්නේ මෙය කියවන පිරිස නිසා. එයින් එක අයෙකු ඔබ, ඔව් අහක බලන්න එපා, මේ දැන් මේ සටහන කියවන ඔබ. කියවන දෙතුන් දෙනෙකු හෝ නැත්නම්, මගේ බ්ලොගය “අනාථයි” නේද? මා ලියන්නේ මගේ සතුටට. ඔබ කියවන්නේ ඔබේ සතුටට. ඉන් එහාට කතා කරන්න, ස්තුති කරන්න දෙයක් නැහැ. හැබැයි මෙතන තව යමක් තියනවා.

එනම් කලින් ලියුවා සේ, මගේ සටහන් කියවන්නේ ඉතාම සුළුතරයක්. ඒ අය නැවත, නැවත ඇවිත් මෙය කියවනවා. සමහරවිට මගේ සටහන් ගැන ඔබට ලියන්න දෙයක් නැතිය කියල හෝ ඉඳහිට සටහන් කරන අවස්ථාවල් තියනවා. මේ අවුරුදු හතර තුල මා කිසිම ප්‍රතිචාරයක් කපා නැතුවා විතරක් නොවේ, වැඩිම කාලයක් යොදවා තියෙන්නේ, ප්‍රතිචාර වලට පිළිතුරු ලිවීමටයි. එයත් අනන්‍ය දෙයක්. ප්‍රතිචාර නොකැපීම මගින් කියවෙන්නේ මගේ “හොඳකමකට” වඩා, ගණනින් කුඩා වුවත් මෙය කියවන්නේ කුමන අන්දමේ පිරිසක් ද කියන එකයි. කුණුහරුප හා කමකට නොමැති ජරා කතා ප්‍රතිචාර වශයෙන් මෙහි ලියවිලා නැහැ. මා මෙයට කලිනුත් ලියා ඇති පරිදි, අපගේ කැමැත්තෙන් තොරව, මෙලොව කිසිම දෙයකට පැවැත්මක් නැහැ. එය බ්ලොගයන්ට විතරක් නොවේ, යටිමඩි ගහන රජපාලන වල සිට යහපාලන දක්වා අදාලයි.

සිව් වසර තුලම හෝ එයිට කුඩා කාලයක් තුල හෝ මෙය කියවීම ගැනත්, කියවපු සමහර දෙනා ප්‍රතිචාර දමපු එක ගැනත්, සමහර වෙලාවට ලිවීමට උනන්දු කරපු එක ගැනත් මා ඔබට මගේ ස්තුතිය පුද කරනවා.

සින්දුවක් වත් අහමු!

අවස්ථාව: සැන්දෑ ජාමය. ආතා මල් පැල (ගොක් වලින් නිමවූ, පාන් පත්තු කිරීමට ඇටවූ කුඩා මඩුව) පත්තු කිරීමට සැරසේ. මුණුබුරා ගීතයක් මුමුනමින් පැමිණේ.

මුණුබුරා: මුළු ලොව මගෙන් අසාවි… (අයියෝ) ඔබ ගැන කුමක් කියම්දෝ ඕ…ඕ…. ඕ….ඕ ….

ආතා: හනේ කොලුවෝ, උඹ මොකද කරදර වෙන්නේ ලෝකය මොකක් කියුවත්. දැන් බලපං, මං මේ පාන පත්තු කරන එක ගැනත් රටේ ලෝකේ එවුන් කොච්චර කතා කියනවද?

ඒක නොවෙයි පුතේ, මටත් පරණ සිංදුවක් මතක් වුණා බොල. මං උදේ ඉඳල, කොම්පීටරේ ජාලේ කරක් ගැහුවා, උඹේ බටේ මේ සිංදුවක් හොයා ගන්න. මෙන්න මේක පුතේ, හොයල දීපන්කො හොඳ පැටියා වගේ!

Maybe I didn’t treat you
Quite as good as I should have
Maybe I didn’t love you
Quite as often as I could have
Little things I should have said and done
I just never took the time

You were always on my mind
You were always on my mind

Maybe I didn’t hold you
All those lonely, lonely times
And I guess I never told you
I’m so happy that you’re mine
If I make you feel second best
Girl, I’m sorry I was blind

You were always on my mind
You were always on my mind

Tell me, tell me that your sweet love hasn’t died
Give me, give me one more chance
To keep you satisfied, satisfied

Little things I should have said and done
I just never took the time
You were always on my mind
You were always on my mind

You were always on my mind

Maybe I didn’t treat you
Quite as good as I should have
Maybe I didn’t love you
Quite as often as I could have

Maybe I didn’t hold you
All those lonely, lonely times
And I guess I never told you
I’m so happy that you’re mine
(http://www.lyricsfreak.com/e/elvis+presley/always+on+my+mind_20047785.html)

35 Comments

Filed under Anniversary

35 responses to “සිව් වසරක් බ්ලොග් ලෝකේ! Little things I should have said and done……….!

  1. Pingback: සිව් වසරක් බ්ලොග් ලෝකේ! Little things I should have said and done……….! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. සිව් වසරක කාර්යභාරයට උණුසුම් සුබපැතුම් පිළිගන්න. මමත් මේ වසර අගදී සිව් වසරට පාතබනවා. මටත් බොහොම දෙනෙක් යෝජනා කළා දැන්වීම් දාන්න කියලා මගේ අඩවි දෙකේම. නමුත් මම බ්ලොග් ලියන්නේ සල්ලි හොයන්න නෙවෙයි. දැනුම බෙදන්න. ඔබේ අඩවියේ නිතර කමෙන්ට් නොදැම්මත් මා එයින් දැනුම ලබනවා.

    තව දිගුකලක් වැජඹෙන්නට සුබපැතුම්!!!

  3. නිකං

    ගුණදේ ලියන්නට
    නිදහස් සිතක් ලැබුමට
    “වෙනස” අඩු කරන්නට
    වේවා ආසිරි ලබන වසරට

  4. තවත් කිලයක් බ්ලොග් ලියන්න හේතු වාසනා වේවා

  5. ඕයේ
    අවුරුදු හතරක් අකුරු කෙටුව කියන්නෙ සෙල්ලංද. ඒවයිං බහුතරයක් මාගල්. වෙලාවකට දිගෑරගන්න අපිටම බෑ. හිහි.
    මොනා වුණත් මොන දේ ලීවත් තවත් චිරාත් කාලයක් බ්ලොග් ලෝකෙ යෙහෙන් වැජඹේවා

    ජයෙන් ජයම වේවා
    හැමදාම රයිගං අය්ය දාන සිංදු අපිඅහනව නෙව. මෙන්න අවුරුදු හතරමෙං දෙනව එකක් අහල බලන්ටකො.
    හැමැදාම පරණ ඒවම අහන්නෙ අලුත් ඒවත් තියේ අනේ හිහි
    Here to stay – song by Lenka
    ජංගමෙන් කියවන්නෙ ඒ හංද ලිංක කරන්න අමාරුයි ඒත් හොයන්න අමාරුවක් නං නෑ

    ජයෙන් ජයම වේවා

  6. සිව් වසරක් කියන්නේ දිගු කාලයක්.
    කැමැත්ත තිේ‍රන කම් කරඝෙන යන්න!
    මාත් දැන් කරන ජොබ් එකේ අවුරුදු පහක් සම්පූර්ණ වුනා, දැන් නම් එපා වෙලා තියෙන්නේ.

  7. නුවර කුමාරි

    යාන්තං අර කියාපු කැටගරි ගොඩ අස්සේ මම එක තැනක තියෙන කැටගරි එකේ ඉන්නවා. ඒ තමයි කොමෙන්ටු දාපු ගොඩේ!
    අනේ දෙය්යනේ කතා කරන්නත් එපාලු, ස්තුති කරන්නත් එපාලු, දැන් එහෙනම් මක්කා කරන්න කියලද කියන්නේ ඈ ?

    එකක් විතරක් කියන්නම් ( ඔය කතා කරන්න එපා කියල කියනවා නේද? ඒකම ඇති මට මොකක් හරි කතාකරන්න මතක් වෙන්න. මම ඔය ගැන පෝස්ටුවක් ලිව්වා. ඒ වගේම නම්බු කටුව නැතිකර ගත්ත.) ඔය කවුරුත් එන්නේ නැහැයි කියන තැන් තියෙනවා නේද? ( ඔව්ව ඉතින් බ්ලොග් විතරද, ඉඩම්, වනාන්තර , මුහුදු පතුල වගේ තැන් තියෙන්නේ..) ඒවායේ තමයි රහසේ කෙරෙන වැඩිමනත් වැඩ කෙරෙන්නේ. ඒ වගේම ඒවායේ වෙන දේවල් බාහිර පරිසරයෙන් ස්වයායත්ත වගේම ඒවායේ තියෙන භෞතික නිර්නායක වලින් මනින්න බැහැ. මම නම් ආස වැඩිය මිනිස්සු නොයන තැන්වල ඔහේ ඉන්න. ඒවායේ වැඩිපුර නිදහසේ තණකොළ වැඩෙනවා. අපිට තියෙන්නේ තණකොළ පාගන්නේ නැතුව ගිහින් ආතල් එකේ විඳින්න. අනේ මන්ද මගේ දෝසයක්ද කියල.

    ඔබ කියනවා ඔබේ බ්ලොගය අනාථයි කියල, එහෙනම් මගේ එකට කියන්නේ පිටුවහල් කරලා කියල. දාන කොමෙන්ටු ප්‍රමාණයෙන් මනින්නේ මොනවද කියල මට නම් තාම තේරෙන්නේ නැහැ. අනිත් එක, ඔබේ පෝස්ටු කියෙව්වම මගේ නම් කැසිල්ල වගේ එකක් ඇවිත් උත්තර දිගට දිගට ලියවෙනවා. ඒ හින්ද නොදැක්ක වගේ ඉන්නත් වෙලා.

    කලින් මගෙන් අහල තිබ්බ නේද මොකටද එහෙනම් ඊ මේල් වලින් ගෙන්නගන්නේ කියල. මම දෙන්නද උත්තරයක්. මගේ ඊ මේල් එක කියන්නෙත් ඔබේ බ්ලොග් එකට වඩා පාලු කාන්තාරයක්. ඒ උනාට මම විනාඩි පහෙන් පහට චෙක් කරනවා ( ලෙඩක්.. ලෙඩක්… ) ඉතින් ඔබේ පෝස්ටු ගැන දැනුම්දෙන ඊ මේල් පණිවිඩේ කියන්නේ මගේ පාලු ගෙදරට එන රෝයල් අමුත්තෙක්, නැද්ද? ( හුහ්.. ඇද්ද? හිතන් හිටියේ මම ඔයාගේ පෝස්ට් මාරයි කියයි කියලනේ? ඇද්ද දැන්? හෙක් හෙක්…. ඕකත් ලෙඩක් මගේ )

  8. Read.
    Best wishes !!!
    😀

  9. ඇත්තමයි මෙහෙම පතෝල බ්ලොග් එකක් අවුරුදු හතරක් කොහොම ලිවුවද මන්දා.
    පතෝල නිසාම වෙන්න ඇති ජයවේවා!

  10. හතරට සුභපැතුම්. සමහර ලිපි පතෝල ගතියකුත් තියනව මීට වඩා රසවත්ව කියවන්න ලැබේවා

  11. අවුරුදු හතරක බ්ලොග් ජීවිතයට සුබ පැතුම්. මමනම් ළගදි තමා බ්ලොගය පටන් ගත්තේ. ඔබට තියෙන ප්‍රශ්නයම මටත් තියෙනවා. ඒත් කීදෙනෙක් කියවනවද? කමන්ට් කරනවද කියන එකට වඩා මට ඕන වුණේ මගේ ජීවිතේ සිදුවීම් ටිකක් අකුරු කරලා තියාගන්න. පස්සේ කාලෙක ආපහු හැරිලා බලන්න. ඉතින් මං ලියාගෙන යනවා. බෙදාගන්න යමක් තිබුණොත් කට්ටිය බෙදාගනී කියලා.
    තවත් අවුරුදු ගාණකට ජය…!

  12. Hey I commented on this, this morning. Is it spammed?

  13. ස්තුතියි විචාරක. මෙයින් ඔබට ප්‍රයෝජනයක් අත්වුණ වග දැන ගැනීමට ලැබීම සතුටක්.

  14. නිතර මෙහි එන්නට
    ඉඳහිට කොටන්නට
    ආසිරි පතන්නට
    සිත් වූ ඔබට තුති එමට!

  15. කියවීම ගැනත් ඔබට නොවක් තුති ලක්මාල්. එමෙන්ම ඔබගේ නව ව්‍යාපාරික කටයුත්තටත් ජයෙන් ජයම අත්වේවා!

  16. මල්ලිට නම් ස්තුති නොකරත් කියවන වග මා දන්නවා. දමන සිංදු අහන වග දැන ගැනීම එයිට වඩා සතුටක්. බලමු මල්ලි ඉදිරිය. මල්ලිටත් ජයෙන් ජයම වේවා!

  17. ඔව් රසික එය දිගු කාලයක්. මගේ කැමැත්ත තියන කම් මෙය ලියවේවි.
    රැකියාවක වසර පහක කාලයක් ගතවුණා කියන්නේ, එපාවෙන කාලය හරි කියන එක තමා.

  18. ස්තුතියි මහේෂ්!

  19. අද මා වැඩිය දිගට ලියන්නේ නැහැ. ඔබටත් බොහොම ස්තුතියි උපේක්ෂා. ඔබ වැනි පාඨකයන් නොමැති නම්, මෙහි පැවැත්ම ඉබේම අහෝසි වෙනවා!

  20. Noted.
    Cheers Pra!

  21. හි! හි!! කියවන්නට “සමහරුන්” ඉන්න නිසා මා ලියුවා. තුති මල්මි!

  22. ස්තුතියි සුබ පැතුමට!

    හැබැයි, මා මේ බ්ලොග් එකේ නිතර කියන කරුණක් තේරුම් නොගත්ත වගයි රාජ් ඔබගේ මේ කොමෙන්ටුව පෙන්නුම් කරන්නේ. මේ බ්ලොගය මෙයිට වඩා “රසවත්” වෙන්නේ නැහැ. මේ බ්ලොගයේ පැවැත්ම තියෙන්නේ, ඉහතින් සහ පහළින් කොමෙන්ටු දමා තියන, මෙය ආසාවෙන් කියවන පිරිස් හින්දා. මා ලියන්නෙත් ඔවුන් වෙනුවෙන්. මෙය ඔබ ඔය කියන පරිදි ඔබට රසවත් වුවොත්, මගේ “පැවැත්ම” එතනින් අවසානයි. මේක බ්ලොග් වලට පමණක් නොවේ, අපේ ජිවිතයේ තේරීම් බොහොමයකට අදාලයි.

    අප අකමැති දේවල් වල (ජිවන විලාසිතා තේරීම් වල) තවත් ඇලී-ගැලී ඉන්නේ නැතිව ඒවායින් ඉවත් වෙමු!

  23. ස්තුතියි රතු!
    මට නම්, ප්‍රශ්නයක් නැහැ, රතු. මෙය කියවන ගණන ඔබටත් දැන ගැනීමට තමා මා Blog Stats දමා තියෙන්නේ. ඔබ කියන කරුණ හරිම වැදගත් දෙයක්. තමන්ගේ ජීවිතය දෙස, නැවත හැරී බැලීම වඩාත් ප්‍රයෝජනවත්, අවට සමාජයට නොවේ, තමන්ටමයි. ගොඩක් දෙනාට එලෙස හැරී බලන්නට විවේකයක් ලැබෙන්නේ නැහැ. නැත්නම්, එවැනි විවේකයක් ලැබුණ, විට “ඉතුරු වෙලා තියන කාලය” හරි සීමිතයි. අනුන්ට සිතෙන දේවල් නොව, තමන්ගේ අදහස් දිගු කලක් ලියන්නට ඔබටත් හැකි වේවායි පතමි!

  24. No Machan, nothing is there. May be it ended up in a “black-hole”.

  25. නෑ රයිගම්, මම කියන්නෙ ඒක නෙවේ. ඔබ කිව යුතු දේ වෙනස් කල යුතු නෑ. මේකෙ හිනා කතා ලියන්න නෙවේ මම කියන්නෙ. සමහර ලිපි, ඊට වැඩිය කියවන්න හිතෙන විදියට ලියන්න පුළුවන්කම තියනව කියල හිතනව.

  26. මෙතන රාජ්, පණ්ඩමෙන්ටල් ප්‍රශ්නයක් තියනවා. මා උත්තරය ලියන්න කලින්, ගිය වසරේ සංවත්සර සටහනට බිට්ල් දමපු මේ ප්‍රතිචාරයෙන් පටන් ගන්නම්.

    //සුභ පැතුම් රයිගම්… !!!

    ඔපීසියේ කැන්ටිමට දවල්ට කන්න ගියාම ඔය බුෆේ එක පැතිරිලා තියෙනවානේ නානාප්‍රකාර කොටස් වලට…අනිත් තැන්වල වගේ කලබලයක් නැති, නිතරම එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරක් ගැවසෙන එක ඒරියා එකක් තියෙනවා එතන ගහලා තියෙන්නේ “healthy food” කියලා 🙂 මට මතක්වෙන්නේ රයිගම් හන්දිය බ්ලොග් එක…

    නිතරම එතනින් කන අපි දෙතුන් දෙනෙකුට හරි බයක් තියෙනවා උයනවටත් පාඩුයි කියලා කැන්ටිමේ මැනේජරයා කොයිවෙලේ හරි ඒ සෙක්ශන් එක ගලවයිද කියලාත්… 😀 //

    මා ඔබ ඔය කියන පතෝල කතාවට සටහන් කිහිපයක් ලියා ඇත්තේ, එය අපගේ සමාජයේ තියන ප්‍රධාන ප්‍රශ්නයක් නිසා. එනම් තෝරා ගැනීමේ අවස්ථාව තියන විටත් මිනිසුන් තෝරා ගන්නේ නැහැ. ඔබ වැනි පිරිස් නැවත, නැවත ඒ කතාවම මෙහි ලිවිම මට දනවන්නේ විමතියක්.

    හෙල්ති ෆුඩ් කොටසට ඇවිත් කෝ චිප්ස් නැත්ද, මේකේ තියන ඒවා මෙලෝ රහක් නැතිය කියල මුදලාලිට බනින්නේ, කේඑෆ්සී එක පහුකරගෙන ඇවිත් නම්, එතන වරද මුදලාලිගේද?

    ඔබට පතෝල රස නැතුවට, මට රහයි. මා කන අනික් කෑම ගැන ඔබට කියුවොත්, වමනය දමන්නත් ඉඩ නැතුවා නොවේ. ඔබ මේවා මෙයිට රසවත්ව ලියන්න පුළුවන් කියුවට, මට අවශ්‍ය ආකාරයට ලියුවොත්, ඔබ කියාවි අයියෝ ලියන සේරම පතෝල කියල. මොකද කියනවා නම්, මා ලියන දේවල්, මගේ අදහස අනුව සරලව ලියවෙන ඒවා. මේවා තවත් විනෝදමත් කිරීමට මගේ හැකියාව අනුව බැහැ. එයට එක හේතුවක් තමා මා කියවන බොහෝ දේවල් වල ආභාෂය.

    ඔබ වැනි කියවන කෙනෙකුගේ අදහස් වලට මා තැන දෙනවා වුවත්, ඔබ ඔය කියන පතෝල කතාව හරිම සාපේක්ෂ දෙයක්. එහිදී අපට තිබෙන එකම විකල්පය නම්, මහා සාගරයක් වන අන්තර්ජාලයේ තියන වෙනත් කියවීම් ප්‍රභව සොයා යාමයි. අන්න එවැනි ආඩම්බරකාර කතාවකුත් මට යෝජනා කරන්න හැකිවී තියෙන්නේ, අර බිට්ල් කියුවා වගේ, මෙයින් මට මුල්‍යමය ලාභයක් නොලැබෙන නිසා. ඇත්තටම කඩ අයිතිකරයෙකුට එහෙම ආඩම්බර වෙන්න බැහැ. අන්න ඒකම තමා රාජ්, මේ බටහිර ලෝකයේත් හෙල්ති කෑම නිපදවන්නන්, අභාවයට යත්දී, ජරා කෑම නිෂ්පාදකයන් දිනෙන් දින දියුණු වන්නේ. මොකද අන්තිමට හෙල්ති කෑම හදන අයත්, අර ක්‍රමයට අනුගත වෙනවා. මොකද විකිනෙන්නේ ඒවා නිසා. බිට්ල් අර සෞඛ්‍යදායක කෑම කොටස වැසේවි යයි භය වන්නේ අන්න ඒ නිසා.

    මෙය කෑම, ව්‍යායාම, දේශපාලනය, අධ්‍යාපනය, කියවීම්, විනෝද තේරීම් යනාදී සියල්ලේම දක්නට ලැබෙන, කනගාටුදායක දෙයක්. මෙහි කලින් සටහන් ගණනාවක් ලියා ඇත්තේ මෙන්න මේ මුලික ප්‍රශ්නය වටේ.

    //අප අකමැති දේවල් වල (ජිවන විලාසිතා තේරීම් වල) තවත් ඇලී-ගැලී ඉන්නේ නැතිව ඒවායින් ඉවත් වෙමු!//
    ඔබට මගේ සාකැස්ටික පිළිතුරත් නොතේරී තියන හැඩයි. මා මෙයින් කියන්නේ, ඔබට මේවා පතෝල වගේ නම්, ඇලී ගැලී ඉන්නේ නැතිව, ඉවත්වන්න කියායි. පතෝල වලට කැමති පිරිස් දිගටම මෙහි ඒවි. ඔවුන් එන තාක් මාත් මෙය ලියාවි.

    මෙතන විතරක් නොවේ, ඔබට ඔය පතෝල කියා සිතෙන වෙන තැන් වලටත් යමින්, ඒවා ප්‍රවර්ධනය කරමින්, අනෙක් අතට ඒවාම විවේචනය කරමින් ඉන්න එපා. නාට්‍ය, ගුවන්විදුලි වැඩසටහන්, නවකතා, දේශපාලකයන්, සිනමාපට යනාදී දේවල් තෝරා ගැනීමේදීත්, වෙනත් ජිවන විලාසිතා තෝරා ගැනීමේදීත් මේ ක්‍රමයම අනුගමනය කරන්න.

    ඔබට මස් හොදි යයි සිතෙන තැන් වලට, සමහරවිට මා ගොඩ නොවන්නේ ඇයි කියා ඔබට තේරුම් ගන්න දැන්වත් හැකි වේවි යයි සිතමි. මේ පිළිතුර ඔබට විතරක් නොවේ, මගේ බ්ලොගය කියවන අන් අයටත්, එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි මට සිතෙන නිසා ලියුවේ.

  27. Really? Maybe you blog has Bermuda Triangle Syndrome. I wanted to congratulate you for being able to keep blogging for four years which is a real tough task. Easy to start, difficult to sustain. Well the rate is variable of course.

  28. සුබ පැතුම් රයිගම්!!!

    ආත්ම තෘප්තිය උදෙසාම පවත්වාගෙන යන ඔබගේ වැනි වියුණුවක් සිව් වසරක් අඛණ්ඩව පවත්වාගෙන යෑමම දුෂ්කර කාර්යයක්. මම ඔබගේ වියුණුවෙහි අනවරත පාඨකයෙක්….:)

  29. No Machan, seriously nothing was there. Did you comment under your Blogger profile? These two platforms (blogger and WP) have serious antagonistic issues.

    Anyway it really doesn’t matter now. Thanks heaps for being with me. As you say, it has been a tough task. Once, I nearly abandoned this. You were among a few who told me not to. I am grateful for your unwavering support.

    Easy to start, difficult to sustain.

  30. ඔබටත් සැබවින්ම ස්තුතියි. ඔබ වැනි පාඨකයන් සිටීම මෙහි අඛන්ඩ පැවැත්මට බෙහෙවින් බලපෑවා.

    මගේ සටහන් කියවන (හා ඒ වග පිළිගන්න) සියලුම දෙනාගේ සටහන් ද මා කියවනවා (පිට නොකසා බැහැ). ඔබගේ බ්ලොගය ද මා ආසාවෙන් කියවන එකක්.

  31. සුබපැතුම්!
    වචනය හරිද මංදා, හැමෝම ලියන හින්දා ලීවත් මම වඩා කැමති මෙහෙම කියන්නයි;
    අගය කරමි!

  32. අගය කිරීම, අගය කරමි. ස්තුතියි ඇනයෝ.

    ඔබේ නම ඉංගිරිසියෙන් the bolt man වෙන්න ඕනේ නේද?
    https://en.wikipedia.org/wiki/Bolt_(fastener)

  33. රයිගම්,

    ඔබ හරි ..Nut Man ඇණයා නෙවෙයි මුරිච්චියා වෙන්න ඕන… 🙂

    මේ Nut කියල මනුස්සයෙක් කරපු කැත වැඩක් ගැන පත්තරේක ගිය සිරස්තලයක්…Nut Screws & Bolts.