පරසිදු කොලොම්පුරේ… මෝදර ගං ඉවුරු කොණේ……………


මේ කලින් සටහනේ ඉන්දිකගේ ප්‍රතිචාරය සමග මගේ පිළිතුරයි……….

indika27
07/19/2015 at 02:14 Edit
සුනාමි අවස්ථාවෙන් පස්සෙ මුහුදට මලමිනි ගසාගෙන ගියාය ඒ නිසා මුහුද අපිරිසිදු වෙලාය ඒ නිසා මාලුත් සවුත්තු වෙලාය කියලා මහ ජනතාව මාලු කෑමෙන් ඈත් වෙලා සිටියා.. ඒ නිසා එවකට ලංකාව වටේ හිටිය සුලු පරිමාන මාලු වෙලෙන්දන් සහ ධීවරයින් දැඩි ලෙස අසරණ වෙලා හිටියා.. ඔවුන්ට එක අතකින් සුනාමිය බැට දුන්නා අනික් අතින් මාලු විකුනගන්න බෑ..

ඒ අවස්ථාවේ දි තිස්ස විතාරණ ඇමති තුමා ප්‍රසිද්ධ ස්ථානයකදි තවත් විද්වතුන් පිරිසක් සමග එකතුවෙලා මාලු බැදලා කෑවා.. ඔහු එවකට විද්‍යා හා තාක්ෂණ ඇමති තුමා.. මම කියන්නෙ නැහ තිස්ස විතාරණ කරපු හැම දේම හොදය කියලා..නමුත් ඒ වැඩේ පලක් ප්‍රයෝජනයක් තියෙන කාලෝචිත තීරණයක්..

කොයි තරං සමීකරණ දත්ත අරන් පෙන්නුවත් ලොක්කො ටික මාලු කාල පෙන්නුව තරම් වදින්නෙ නැහැ වෙන කිසිම දත්තයක්.. සෑම විටම පුද්ගලයින් සම්පූර්ණයෙන් ඇදාල ගන්නෙ නැතුව සිදුවීම් සහ ක්‍රියාකාරකම් මූලික කරගන්නවා නම් අවුල් අඩුයි..

දැන් අපේ රටේ දේසපාලනේ කොච්චර උනුසුම් වුනත් කොහේද කස්ටිය ප්‍රතිපත්ති..ඉදිරි වැඩපිලිවෙලවල්..ඉදිරි ක්‍රියාකාරකම් නව යෙදවුම් ගැන කතා කරන්නෙ? කොහෙවත් නෑ.. හැමදාම අරයා මෙයා කියාල තෝරාගත් චරිත ටිකක් තියාගෙන කාඩ් සෙල්ලං කරන්න වගේ මාරු කරන්න දගලමින් ඉන්නවා..

Reply
raigam
07/19/2015 at 08:54 Edit
මාර කොමෙන්ටුවක්. ඇත්තටම මා කියන්න හදපු දෙයම ඔය ලියවිලා තියෙන්නේ අපුරුවට. මේ තත්වය අප ජිවත් වන්නේ කොයි රටේද, අප අයත්වන ජාතිය මොකක්ද, කතා කරන්නේ මොන භාෂාවකින්ද, කියවන්නේ මොනවගේ බ්ලොග් ද කියන දේවල් වලින් වියුක්තව ගත්තත් හරිම ඇත්ත.

දත්ත, සමීකරණ අරන් පෙන්වන කතා යූ ටියුබ් වලත් පිරිලා. සමහර කතා පැය ගණන් දිගයි. අයියෝ සල්ලි, අයියෝ කාලය. හැබැයි ඉන්දික ප්‍රතිපත්ති. ඉදිරි වැඩපිලිවෙලවල්, ඉදිරි ක්‍රියාකාරකම් නව යෙදවුම් මේවා ගැන කියවෙන සමිකරණයේ දෙපැත්තම බිංදුවයි.

දැන් කවුද මේවා කතා කරුණු ඇතැයි බලාපොරොත්තු වන්නේ? ඔබ හා මා වැනි දෙතුන් දෙනෙකු (ඔබ ඔබේ රටේ, මා මගේ රටේ) පමණයි. ගොඩක් මිනිසුන් කාලය කා දමන අනිකාට බනින, අතීතය පිටම වැරදි දාන, එකෙක් කරන පැය එකහමාරක-දෙකක කතාවක් අහගෙන ඉන්නේ හුරේ දමමින් වෙන්න පුළුවන්. මේ කාලය පවා කොතරම් නාස්තියක් ද? එතකොට විදුලි බලය, වෙනත් යෙදවුම්, ඉන්ටර්නෙට් හා වෙනත් ජනමාධ්‍ය වල ඉඩ වැය කරන්නේ, නිකම් බහුබූත වැඩකට.

දැන් මේ අයියල මේ රටවල් වලට ඇවිත්, අපටත් මේ පරණ තෙල් බෙදන්න උත්සහ කරන්නේ, අප මේවා පිළිකුල් කරනා වග නොදැනයි. මොකද මෙහෙත් ඇවිත් ඔවුනට සපෝර්ට් කරන පිරිස් බලාපොරොත්තු වන්නේ, වෙනස් දෙයක් නොවේ. විකල්පය කියා දෙයක් ඔවුන් දන්නෙත් නැහැ. අඩුම ගානෙ චීනය රුසියාව වැනි, රටවල් ගැන සිහින මවන කාලය, තමන් ජිවත් වන සමාජය මොනවගේ එකක් ද කියා දැන ගන්නට යොදවන්නේ නැහැ.

දැන් අප වැනි සාමාන්‍ය මිනිසුනුත්, අපේ ජිවන විලාසිතා ගැන නිකම් කතා කරල, ලියල විතරක් වැඩක් නැහැ. කෝ පෙනෙන්න කරගෙන තියන වෙනස්කම්? කෝ මාළු බැදීම්? කොහොමද සෞඛ්‍යමත් ජිවිතයක් ගත කරන්නේ? මොනවගේ දේවල් ද කියවන්නේ? ඇත්තටම නොමිලයේ දෙන සෞඛ්‍ය සේවය හොඳ මදි කියන ගමන්, තමන් ලෙඩ නොවී ඉන්න ගන්න උපරිම උත්සාහය මොන වගේද? ඉංගිරිසි ඉගැන්නුවේ නැතිය කියල මැසිවිලි නගන අයට සිංහලවත් බැරි ඇයි? අධ්‍යාපනයට යොදන මුදල, දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස හරිම අඩුයි කියන අය, දැනට දෙන අධ්‍යාපනයෙන්වත් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්නවද? අපට රජයේ රැකියා දියව්, කියල උද්ගෝෂණය කර, ණයට මුදල් අරන්, රැකියා ටිකක් “හදල” දුන්න පසුව, ඒවාට අයිති වැඩ ටික කරන්නේ නැතුව, යලිත් උසාවි ගිහිං, මූලික අයිතිවාසිකම් නැතිවුණා කියල, නඩු දමල ජනතාවගේ මුදල් තව දුරටත් කාබාසිනියා කරන දේශපාලනය නවතන්නේ කවදාද? මේ කට්ටිය කියන රැකියාවේ තියන “උපාධිධාරීන්ට” අයිති නැති වැඩ මොනවාද? ඒවා කිරීම නිසා තමන්ගේ මිනිස් අයිතිවාසිකම් කඩවන්නේ කෙසේද? එතකොට ඒ වැඩ ටිකම කරන අනික් මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ වෙන්නේ නැත්ද? ඒ අයත් නඩු දමයිද? මේ මගේ සිතට නැගෙන ප්‍රශ්න ටිකක්.

මේවා අප කතා කලත් වැඩක් නැහැ ඉන්දික. මා මේ බ්ලොග් එකෙත් උත්සහ කෙරුවේ මා මාළු බැදල කන හැටි පෙන්වන්න. නමුත් ඔබ ඔය කියන පරිසරයේ, ඉපදී, හැදී වැඩි, ඉගෙන ගෙන ඉන්න ඔබ වැනි තවත් අතලොස්සක් විතරයි මේ කියන්න හදන දේ තේරුම් ගන්නට උත්සහ කරන්නේ. පුරුදු අච්චුවේ අය අහන්නේ කවදද යකෝ අපිට මස් හොදි සමග පාන් දෙන්නේ, පතෝල සම්බල් අපට එපා කියල. මොකද ඒ අයට තාම තේරුමක් නැහැ, අප මස් හොදි තව දුරටත් කන්නේ නැතිය කියන එක. ඉතිං රුසියාවේ, චීනයේ සමාජ ක්‍රම වල පරමාදර්ශී බව කියන්න කැන්බරා එනවා!

දැන් ලංකාවේ පවතින තත්වය ගත්තොත්, දේශපාලකයන්ගේ ඇත්ත ජීවිතය තමන්ගේ තීරණයට ගාව ගන්න කි දෙනෙක් සමාජයේ ඉන්නවද? මේ ගොල්ලන්ගේ ශරීර ප්‍රමාණ කොයි වගේද? අඩුමගානේ එයාලවත් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කරනවද? එහෙම නැත්නම් සමාජයට, එයාල කොහොමද අපට සෞඛ්‍ය සම්පන්න සමාජයක් උදා කරන්නේ කියා සිතනවද? යහපාලනය ගැන වරු ගණන් කයිවාරු ගහන අය, මුල්ම ඩීල් එකෙන් කෝටි 1000 ක් ගැහුවම, කොළේ මොකක්ද? මේ වෙබ් අඩවි යක්කුන්ගේත් කටවල් ඒ ගැන ඇරෙන්නේ නැත්තේ ඇයි? මේ කරන්න හදන්නේ නවතපු තැනින්, පටන් ගෙන කාගෙන, කාගෙන යන්න නොවේද කියා නොහිතන්නට කරපු දේවල් මොනවාද? වරු ගණන් අතීතයට තඩි බෑම හැරුණු කොට, ඇත්තටම මොකක්ද අනාගත වැඩපිළිවෙල? මේවා ඔබට හැර වෙනත් අයගේ, මනසට එන්නේ නැත්ද? කළ යුත්තේ කුමක්ද?

මා සිතන්නේ ඉන්දික, ඔබල වැනි පිරිස් මේ සමාජ ජාල වලින් පවා විකල්පය කුමක්ද කියා අපට පැහැදිලි කරපං, අපට මේ කාගෙන කාගෙන යාම තව දුරටත් එපා, කබරරාළ වෙනුවට මහා කබර මහේන්ද්‍රන් එපා කියන පණිවිඩය ඉදිරියට ගෙන යන්න හැකි නම් ඉතා හොඳයි. කොටින්ම අපට මාළු බැදලා කාලම පෙන්වාපල්ලා කියල ඉල්ලීම, මේ සමාජ ජාල වලින් හෝ පටන් ගත යුතුයි. සමහර විට කිසිම දෙයක් සිදු නොවේවි, සමහර විට කියාවි අපට ඔය පතෝල එපා කියල. බිස්නස් ඈස් යුෂූවල් වේවි.

නමුත් පොඩියෙන් පටන් ගත්තු දේවල් සමහරවිට සිතා ගන්න බැරි අයුරින් වර්ධනය වෙනවා. දුම්කොළ ගහ හොඳ උදාහරණයක්. මේකේ මුල් කොළ දෙක, ඇටයෙන් එලියට ආපුවහ, පියවි ඇසට නොපෙනෙන ගාණට කුඩායි. නමුත් මාසයකින්, ඔබට සිතා ගන්නට බැරි තරම් විශාල පැලයක්.

(ඉරිදා උදේ මා සාමාන්‍යයෙන් ගත කරන තැන මේ දිනවල වහල. මා ඒබීසී නරඹන ගමන් මේ ලියුවේ. මේ කතා කරන දේවල් මේ මොහොතේ එහිත් කතා වෙනවා. ඔබට පෙනෙනවානේ ප්‍රශ්න වල ස්වභාවය ටිකක් වෙනස්. නමුත් ඒවායේ පදනම් කොයි රටෙත් යම් පමණකට සමානයි).

ස්වදේශීය සේවය අහලම එපා වෙලා පුතේ, කරකවපන්කෝ වෙළඳ සේවයට………

Advertisements

5 Comments

Filed under Comments

5 responses to “පරසිදු කොලොම්පුරේ… මෝදර ගං ඉවුරු කොණේ……………

  1. Pingback: පරසිදු කොලොම්පුරේ මෝදර ගං ඉවුරු කොණේ…………… | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. වැල් බයිල මදිවට අන්තිමට බයිල සින්දුවකුත්!

    කැන්බරාවේ නම් බයිලාකාරයෝ වැහි වැහැලා නේ නේද?

    මාත් මේ දිනවල කඩේ වහලා නිසා ඉරිදා උදේට කරන්නේ හිටු කියලා නිදා ගන්න එකයි.

    • කැන්බරා වල කට්ටියක් අයිස් ගහනවා, අනෙක් කට්ටිය බයිලා ගහනවා. බයිලා කාරයන් ටික පළමු වාරයෙන් ගෙදර යැවුවොත් හොඳ වගේ. විකල්ප තියනවද කියන එක තමා පුරස්නය.

      හැබැයි නියම සහ භයානක අයිස් ගහන්නන් ඉන්නේ සිඩ්නි හා මෙල්බර්න් වල කියලයි පත්තර වල නම් තියෙන්නේ ( http://www.heraldsun.com.au/news/law-order/surge-in-violent-knife-crime-combined-with-use-of-drug-ice-is-catastrophic-problem/story-fni0fee2-1227448380148)

      මා නම් සෙනසුරාදට, ඉරිදටත් උදෙන් නැගිටිනවා. සමහරවිට ගෙදර අය චෝදනා කරනවා, උදෙන් නැගිටලා සද්ද බද්ද කරලා එයාලවත් නගිටවනවා කියල. මා ඉරිදාට කරමින් සිටිය දෙය, දැන‍ට කියන්න යන්නේ නැහැ. එය මගේ ජීවිතය වෙනස් කරපු දෙයක්. අර කෙනෙකුගේ දුරකථන ඇමතුමකුත් ලැබුනේ, මෙන්න මේ දෙයට යන අතරතුර.

  3. මම කෝච්චියට නගින්නෙ මහරගමට නුදුරු නාවින්න ඉස්ටේශමෙන්…හොද ප්‍රාඩෝ වගේ වාහන වලින් හොද කාර් වලින්…බයික් වලින්..බස් වලින් කට්ටිය ඇවිත් බහිනවා කෝච්චියෙ යන්න. මොකද ඒ වෙලාවට පාරෙන් යන්න ගියොත් පැය එකහමාරක් යනවාමහරගම ඉදලා මරදානට යන්න. ඒ නිසා එයාල වාහන වලින් බැහැල කෝචිචයට යනවා..

    අනේ ඒ කෝච්චියෙ තියෙන සැප.. දවසක් මට මතකයි ෆුට් බෝඩ් එක ලග ඉදන් කනේ හෙඩ් පෝන් ගහගෙන ඉංගිරිසි සිංදු වගයක් අහමින් ගිය එක පොශ් වගේ පිරිමියෙක් ඉංගිරිසියෙන් ෆක් ඕෆ් කිය කිය ගියා තියෙන තදේට..සහ දාඩියට…

    ගොඩක් දවසට එන කෝචචිය පරක්කු වෙනවා..ආවත් පොල් පොදියට තෙරපිලා ,ෆෑන් වැඩ කරන්නෙ නැහැ.. ඒ සී තිබුනෙ එකම දවසයි..ඒ අලුත්ම කෝච්චියක් දාල ඇමතිතුමා ඒකෙ ගිය දවසෙ විතරමයි.. ඔබ දන්නවා අපේ රට නිවර්ථන රටක්..ඉතිං මිනිස්සු සැමන් වාගේ පොදි ගැහිල පාන්දරක කෝචචියෙ ෆෑන් එකක් වත් නැතිව මුඩුක්කු අතරින් ඇදෙන කෝචචියෙ ෆුට් බොඩ් එකේ අයට හැර හුලගක් වත් වදින්නෙ නැහැ..

    මේ කෝච්චියෙ යනවා ලොකුම සල්ලි කාරයො ටික හැරුනාම ඉතිරි හැම මාදිලියකම මිනිස්සු.. ඒත් එයාල හැමෝම එකට තෙරපිලා එකම දිහාවකට ඔහේ හැමදාම යනවා..
    උදේට මේ විදියට සැමන් පැක් වෙච්චි කෝච්චි 8ක් විතර එකම දිහාවකට යනවා.. ඒ වගේම ඔය පැරලල් යන 138-103 වගේ පාරවල් වල බසුත් ඔය වෙලාවට ඔහොම්ම තමයි..

    අඩුතරමෙ ඡන්දයක් ලං වෙනකොට බොරුවක් විදියට වත් අපි මහරගම කොට්ටාවෙ ඉන්න ඔයාලට විනාඩි 10න් කොටුවට යන්න මෙට්‍රො රේල් එකක් හදලා දෙනවා කියන වචන සෙට් එක මට ඇහිල නැහැ.. කාරුවත් එහෙම දෙයක් ඕනි කියලා හිතලත් නෑ.. මට මේක පේන්නෙ ඩිවලොපින් සිස්ටම් එකක් නෙමෙයි..අර ග්‍රීසිය වගේ වේගයෙන් පහලට යන රටක් විදියට..

    • //දවසක් මට මතකයි ෆුට් බෝඩ් එක ලග ඉදන් කනේ හෙඩ් පෝන් ගහගෙන ඉංගිරිසි සිංදු වගයක් අහමින් ගිය එක පොශ් වගේ පිරිමියෙක් ඉංගිරිසියෙන් ෆක් ඕෆ් කිය කිය ගියා තියෙන තදේට..සහ දාඩියට…//
      මේකට නම් මට සිනහා ගියා. ඉංගිරිසියෙන් කියුව එක තමා වැඩේ!

      //අඩුතරමෙ ඡන්දයක් ලං වෙනකොට බොරුවක් විදියට වත් අපි මහරගම කොට්ටාවෙ ඉන්න ඔයාලට විනාඩි 10න් කොටුවට යන්න මෙට්‍රො රේල් එකක් හදලා දෙනවා කියන වචන සෙට් එක මට ඇහිල නැහැ.. කාරුවත් එහෙම දෙයක් ඕනි කියලා හිතලත් නෑ.//
      ලොකු කතාවක් කියන වචන සෙට් එකක්. මට මේවට වෙන එකතු කරන්න බැහැ . කියන්න දේවල් නැති නිසා නොවේ, ලංකාවේ ජිවත් නොවන නිසා. හැබැයි මා කල්පනා කරපු දෙයක්.

      ඇත්තටම ලංකාවට වාහන නොයන අධිවේගී පාරවල් අවශ්‍යද? මා ගිය වතාවල් වල දැක්කේ, ඉතාම සීමිත (සාපේක්ෂව) වාහන ප්‍රමාණයක්. මිනිසුන්ට වැඩට යාමට (දිනපතාම කරන දෙයක්නේ) දුම්රිය මාර්ග සහ වෙනත් ප්‍රවාහන සේවා දියුණු කිරීම මගින්, ඵලදායකත්වය ඉහල නංවා ගන්න, අරවට වඩා දායකත්වයක් ගන්න හැකිත් වගේ නේද?

      මත්තල වගේ දේවල් ඔබලාට අවශ්‍ය යටිතල පහසුකම් නොවේ, මේවා අනාගතයේ චීන බල ව්‍යාපෘතියට අවශ්‍ය යටිතල පහසුකම් කියලයි මා සිතන්නේ. මේ දෙයම චීනය අප්‍රිකාවේ කරනවා. ණයත් දීල, ඉදිකරලත් දීල යනවා. ගෙවා ගන්න බැරි වගත් දන්නවා. අන්තිමට එක්කෝ ඒවා පවරා ගන්නවා, නැත්නම් ස්වභාවික සම්පත් ටිකට කෙලවනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s