සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ!


koaladiet2

වෙනස් විදිහකට සිතන්නට නොහැකි වන්නේ, වෙනසක් ගැන මිනිසුන් දන්නේ නැති නිසා කියන එක අර්ධ සත්‍යයක් පමණයි. මා එහෙම කියන්නේ, වෙනස් විදිහට ජිවත් වෙන්න හැකි පරිසර වලදී පවා, අන්න ඒ මිනිසුන් ජිවත් වන විදිහ දකිනා නිසා. වෙනස්ව සිතන එකා, ඕනෙම පරිසරයකදී වෙනස්ව සිතනවා. අන්න ඒ නිසාම, එයාලට සමහර පරිසර වල වසන්නටත් බැරි වෙනවා. අනෙක් අය වෙනස්ව ජිවත් වෙන්න හැකි පරිසර වලට ඇවිත් පරණ තත්ත්ව උපදවා ගන්නට වෙහෙසෙනවා. මේවා මොනවාද යන්න එලබරේට් කරන්නට මා වෙහෙසෙන්නේ නැහැ. මා සමහර දේවල් මෙහි කලින් ලියා ඇති.

මේ කතන්දරේ ප්‍රධාන කොටස එය නොවේ, මගේ සංවත්සර සටහන ඉදිරියට ගෙන යාමයි. එයට ප්‍රතිචාර දමපු “ඕවර්වෙල්මින් මැජෝරිටිය” මගේ බ්ලොගය ගැන ධනාත්මක අදහසක් ලියා තිබුණේ. සමහරුන්ගේ අදහස් මට සිතා ගන්නට නොහැකි මට්ටමේ කාරුණික එව්වා. සාර්ථක වෘත්තීය දිවියකින් පසුව, විශ්‍රාම ගොස් කල් යවන, විචාරක පවා මගේ සටහන් කියවීමෙන් දැනුමක් ලබා ගන්නවා කීම සැබවින්ම සතුටට කරුණක්. එයට සමාන ප්‍රතිචාර එහි තිබුණා, කලිනුත් ලියපු අය සිටියා. ඔවුන් අතර විවිධ වයස් කාණ්ඩ වලට අයත් පිරිස් ඉන්නවා.

මෙතන මේ ප්‍රතිචාර වලින් මගේ බ්ලොග්ය කියවන අතිමහත් බහුතරය සිතන්නේ කොහොමද කියන එක ගැන කියවන අනෙක් අයටත් වැටහීමක් ඇතිකර ගන්න පුළුවන්. දැන් මේ “අතිමහත් බහුතරය” කියන දේ, අපගේ නියැදිය අනුව වෙනස් වෙනවා. ඒ පිරිස සිංහල බ්ලොග් කියවන අතිමහත් බහුතරය නම් නොවේ. අවුල් ද? ඇත්තටම නැහැ.

දවසක් රසික සමච්චලයට මෙන් ලියා තිබුණේ “හුහ්! එහෙනම් උඹ ලියන්නේ, නිෂ් මාකට් එකකට නේද?” කියල. මගේ පිළිතුර මෙහි නැවත ලියන්නේ නැහැ. මේ සටහන් කියවන පිරිස කියන්නේ මගේ තේරීමක් නොවේ. එය මෙය කියවන පාඨකයන්ගේ තේරීමයි. මේවාට ආස නැතිය කියා මෙහි නැවත නැවතත් ලියන පිරිස් මට සමාන කරන්න පුළුවන්, සියල්ලන්ම හෙළුවෙන් ඉන්න පොදු නාන කාමරයකට, අමුඩ ගහගෙන පැමිණියා වගේ වැඩක් ලෙස. සාමාන්‍යයෙන් අප ඇඳුම් ඇඳීම නේ විනීතකම ලෙස සළකන්නේ. අරම තැනකට ගිය පිරිස් දන්නවා ඇති, එය හැමවිටම සත්‍යයක් නොවන වග.

මගේ සටහන් නීරස කෙනෙක් සිතන්නට අවශ්‍ය දෙයක් තමා, ඇයි එයාට සිතෙන්නේ නැත්ද, එයාගේ සටහන් මට කොයි වගේ ද කියල අහන්න. ඇයි මා ගොඩක් සිංහල බ්ලොග් ප්‍රතිචාර දානවා තියා, කියවන්නේවත් නැත්තේ? මෙන්න මේක අප ගොඩක් වෙලාවට නොසිතන දෙයක්. අපගේ විවිධත්වය තේරුම් නොගැනීම, අපගේ සමාජයේ තියන ප්‍රධාන ප්‍රශ්නයක්. අපට එකිනෙකාව ඉවසන්නට නොහැකිත් මෙන්න මේ නිසා.

අවුරුදු කිහිපයක් තිස්සේ මා ලියමින් ඉන්න, සමාජය පිරී තියෙන්නේ වෙනස් රසවින්දන සහිත පිරිසගෙන්ය කියන මූලික කරුණත්, ඒ නිසාම අප එකිනෙකා උසස්-පහත් ලෙස වර්ග කර නිග්‍රහ කිරීම හොඳ දෙයක් නොවන වගත්. නමුත් රසවින්දනයේ ප්‍රබේද නම් තියනවා. මේ ආහාර ඇසුරින් පවා මා කියන්න උත්සහ කර තියෙන්නේ අන්න ඒ කරුණයි. මා ලොකු දේවල් ලියන වග නොවේ මේ කියන්න හදන්නේ. හැබැයි ඒවා වෙනස්. ලොකු දේවල් ලියන්නට අවශ්‍ය නම්, ඒවාට වෙනත් මාධ්‍ය තියන වග අප හැමෝම දන්නවනේ.

මා කිසිදා දැකල නැහැ, හංසයන් දියෙන් කිරි වෙන් කරලා බොනවා. එහෙම කතාවක් විතරක් අහල තියනවා. අන්න ඒ වගේ ජිවන විලාසිතා තෝරා ගැනීමේදී, අපට අවශ්‍ය හා අවශ්‍ය නොවන දේවල් තෝරා ගැනීමට හැකි විය යුතුයි. මා බොහෝ විට ලියන්නේ, මා විශ්වාස කරන අපට (ඔබ හා මට) තෝරා ගන්න හැකි “යහපත්” ජිවන විලාසිතා ගැන.

මගේ සටහන් කෙනෙකුට (බහුතර සිංහල බ්ලොග් පාඨකයන්ට) නීරස වීම පුදුමයකුත් නොවේ. මා ලියන්නේ, මට අවශ්‍ය නිසා හා එයින් මට ප්‍රයෝජනයක් වෙනවා යයි හිතන නිසා. හැබැයි ප්‍රකාශයට පත් කරන්නේ, අන් අයට කියවීම පිණිස. ඔය තියෙන්නේ මා කලින් ලියපු දෙයක්.

මා ද, රයිගම්ගේ පරණ සටහන් සමහර වෙලාවට කියවනවා. මේවා ගැන මගේ කිසිම කලකිරීමක් නැහැ. ඒවාට ආපු ප්‍රතිචාර වලිනුත් මට පෙනෙනවා, මේ අවුරුදු හතර ඇතුලතත් සමහරුන් ගේ ක්ෂණික වෙනස් වීම්. ඔබටත් දකින්නට හැකි වේවි. මිනිසා වෙනස් වනවා තමා, නමුත් මේ ක්ෂණික වෙනස් වීම් සමහරක් ප්‍රශ්නකාරියි. ඒවා ඇත්ත වෙනස්වීම් ද, නැත්නම් අනුන්ගේ මැහි වල යන වැල් ද යන්නත් තීරණය කිරීමට ඔබටම පවරන්නම්. මේවා හොඳින් නිරීක්ෂණය කලොත් මිසක් දැනෙන එකක් නැහැ.

මේ සටහන් වල නම් එක දෙයක් යටින් ගලනවා. ඒ මොකක් ද කියන එකත් මා විස්තර කරන්නේ නැහැ. සමහර දේවල් මා යලි යලිත් ලියන්නෙත්, කලින් ලියු වග අමතක වීමෙන් නොවේ, හේතුවකට. මේ බ්ලොගය පටන් ගත්තු කාලේ, මා එක තැනක දමපු කොමෙන්ටුව පසුදා තිබුණේ නැහැ. මට තරහා ගියේ නැහැ. කිසි දා ඒ ගැන ප්‍රශ්ණ කෙරුවෙත් නැහැ. මොකද ඒක එයාගේ කැමැත්තනේ. මගේ ප්‍රතිචාරයෙන් කියුවේ, එම සටහනේ තියන විසංවාදී බව. එවැනි දෙයක් පෙන්න දුන්නහම තියා, ලියා තියන භාෂාවේ අවුල් බව කියුවත්, බොහෝ දෙනා හදන්නට උත්සහ නොගන්න වග මා අත්දැකිමෙන් දන්නවා. අන්න ඒ වගේ අයම තමා. ලෝකය වෙනස් කරන්නට වෙහෙසෙන්නේ. එය කරන්නට හැකි දෙයක් නොවේ.

වෙන මොකවත් නිසා නොවේ, අපට වෙන මිනිසුන් හදන්නට නොහැකියි. අපට පුළුවන් අපවම “හදා ගන්න හෝ නොගන්න”. මෙන්න මේකත් මා තදින් විශ්වාස කරන දෙයක්. අදත් විසංවාදී (අද සිංහල බ්ලොග් අඩුවෙන් කියවන නිසා එතරම් පෙනෙන්නේ නැහැ) බව බ්ලොග් වල විතරක් නොවේ, අපගේ ජිවිත වලත් පිරිලා තියන දෙයක්. මගේ සටහන් කියවන අයගේ හා මගේ අතර අදහස් වල වෙනස්කම් ඕනේ තරම් තියනවා. නමුත් එක සමානකමක් නිසා, ඔවුනට මගේ බ්ලොගයත්, මට ඔවුනගේ බ්ලොගුත් කියවන්නට හැකි වී තියනවා කියල මා විශ්වාස කරනවා. එය තමයි මා අර කියුව විසංවාදී බව නොමැතිවීම හෝ අවම බව. මැහි හදන්නේ ගොඩපොර ඉනි වලින්ද, බෝවිටියා ඉනි වලින්ද නැත්නම් වල්ලපට්ට ඉනි වලින් ද කියන එක නොවේ, මගේ ප්‍රධාන පුරස්නය. මේ මැහි ගහල තියෙන්නේ කුමන පැත්තට යන්න ද කියන කරුණ. අනුන් ගහල දෙන මැහි වල යන වැල් ලෝකයේ හැමතැනම තියනවා.

අනික අප හැමවිටම බලාපොරොත්තු වන්නේ, මුළු ලෝකයම අප වටේ කැරකේවිය කියල. කොටින්ම මට අවශ්‍ය දේ තමයි, අනෙක් අය දෙන්න ඕනේ කියන සිතුවිල්ල. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් බිහිවන දොස්තරලා විතරක් නොවේ, අනෙක් උපාධිධාරින්ද (සියල්ලන්ම නොවේ හොඳේ, හැබැයි විශාල පිරිසක්) ඔවුනට විශේෂ වරප්‍රසාද සමාජයෙන් ලැබිය යුතු යයි සිතන්නේ අන්න ඒ නිසා යයි මට සිතෙනවා.

තමන්ගේ අධ්‍යාපනයට මහජන මුදල් දැමීමෙන් පසුවත්, මොවුන්ගේ සමහර දෙනා සිතන්නේ, ඔවුනගේ මුළු ජිවිතයම මහජනතාව විසින් නඩත්තු කළ යුතුයි කියා. සාමාන්‍ය ජනයාත්, මෙහි තියන වරදක් දකින්නේ නැහැ. හැබැයි අප වැනි සංක්‍රමනිකයෙකුට වෛර කරනවා, “නිදහස් අධ්‍යාපනයෙන්” ඉගෙන, රටට ද්‍රෝහී වුණා කියා. මට නම් පෙනෙන සැබෑ ද්‍රෝහී කම, මහජන මුදලින් දෙපයින් නැගිටින්න කුසළතා ලබා දුන්න පසුවත්, රැකියා දියව් කියා උද්ගෝෂණ කර, දෙන රැකියාත් හරියට නොකිරීමයි.

මුදලාලි කෙනෙක් කඩේ වැඩට ගන්න තරුණයා, මගේ මාස තුනේ, පරිවාස කාලයත් ඉවත් කරන්න, මට බඩු කිරණ දේවල්, කඩේ අතුගාන දේවල්, කස්ටමර්ලට බඩු විකුණන දේවල්, රාක්ක ටික පුරවන එක හැර අනෙක් ඕනෙම දෙයක් කරන්නම් කියා කියුවොත්, ඔබ මොකද සිතන්නේ? හරිනං කරන්න තියෙන්නේ මුලික අයිවාසිකම් කඩවුණා කියන්න නොවේ, අතුගාන වැඩේ පවා වෙනස්ව කර, වැඩකරුවන් වග ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමයි.

ලංකාවේ නිලධාරීන් හරියට වැඩ නොකරන වගත් අපට අසන්නට ලැබෙන කරුණක්. හැබැයි අප නොසිතන කරුණක් තමා හරියට වැඩ කරන අයට කොහෙන්ද තල්ලුවක් තියෙන්නේ? ඔවුන්ට වැඩ කරන තැනිනුත් කැපිල්ල. ඊළඟට ඔවුන්ට කැපිල්ල දාන සිස්ටම් එකත්, බහුතර කැමැත්තෙන් ජනතාව පවත්වාගෙන ගෙන යනවා. මෙතැනදී වැඩ කිරීමට දක්ෂ, වෙනස්ව සිතන මිනිසුන් අකර්මන්‍ය වීම පුදුමයක් නම් නොවේ. සාමාන්‍ය ජනයා මොවුන්ව හඳුන්වන්නේ මෝඩයන් ලෙස. ගසා නොකා, අයිස් නොගහන මේ අය “අසාර්ථක” මිනිසුන්ගේ ගොඩට දමල කතා කරන හැටි, මට පවා ඇහිලා තියනවා. වැඩකරුවනට ඉදිරියට එන්නට නොදෙන රටක්, සමාජයක් කිසිදා නැගී සිටින්නේ නැහැ.

//මොක හෝ වේවා, අපගේ ජිවිතයේ යම් සාර්ථකත්වයක් හෝ අසාර්ථකත්වයක් තියනවා නම් එයට හේතුව, අනුන් කරන දේ පසුපස නොගොස්, තමන්ට තේරෙන විදිහට හරිය කියන දේවල් අනුගමනය කිරීමයි// මේත් මා කලින් ලියපු දෙයක්. මේක මගේ බ්ලොගයටත් අදාලයි. නමුත් සමහරුන් ව්‍යංගාර්ථ තේරුම් ගන්නවා අඩුයි.

පලි (මේ ටික අද (23.07.15) එකතු කෙරුවේ)
මලක වුණත් ගඳ හෝ සුවඳ කියන දේ මනුෂ්‍යයාගේ තේරීමක්. නමුත් මලක (හෝ ශාකයක) මූලික අරමුණ, මිනිසාගේ කවි කල්පනා උපදවීම නොවේ. තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යාමයි. මිනිසුන් වන අපත් එකිනෙකාට ආකර්ෂණය හෝ විකර්ෂණය වන්නේ, අපේ තියන බාහිර හා අභ්‍යන්තර ගතිගුණ නිසානේ. මලුත් එහෙමයි. එයාලගේ බලපොරෝතුව සංසේචනයයි. “ගඳ” මල් කියන්නේ, “සුවඳට” කැමති නැති, මැස්සන් ආකර්ෂණය කර ගන්නට ගත්තු සූර උපක්‍රමයක්. හැමෝම “සුවඳ” වුණොත් මොකද වෙන්නේ? කොආලා වැනි සතුන් පවා වෙන කිසිම සතෙකුට කන්න තියා හිතන්නවත් බැරි, යුකැලිප්ටස් කොළ කමින් අවුරුදු මිලියන ගානක් තිස්සේ අභාවයට නොගොස් බේරී ඉන්නවා. මේක ස්වභාව ධර්මයේ මාර “සිතීමක්”. කවුද ස්වභාවධර්මයාට මේ චින්තනය දුන්නේ? මා නිතර සිතන දෙයක්…..! (මේ දිග සටහන ඊයේ ලියුවේ. එහි මාතෘකාව දෙකට කඩල සටහන් දෙකක් නිර්මාණය කෙරුවා. සමහරුන් ඉන්නවා හෙට ලියන දෙයට, අද ප්‍රතිචාර දමන 🙂 ).

මගේ සටහන් වලට අකමැති අයට වඩා, මේවට කැමති සුළු පිරිසට වැඩි අවධානයක් යොමු කරන්න මා කැමතියි. මගේ සටහන් වලින් මට හොඳම එව්වා තමා අඩුම පිරිසක් ඇවිත් විව් කර තියෙන්නේ. මට අනාගතයේ වැඩි කාලයක් ලැබුනොත්, එවැනි සටහන් වල ගණන වැඩි වේවි.

මා බ්ලොග් ලියන්න පටන් ගත්ත වසර හතරකට පෙරට වඩා, අද ‘හොඳ” මිනිහෙක් කියා මට සිතෙනවා. මේක මා මූලිකවම ලියන්නෙත් ඒ නිසා (හැබැයි මගේ වෙනස්වීම කියන්නේ, මේ බ්ලොග් ලිවිම නිසා ඇතිවුන දේවල් නොවේ. එයට බලපෑව වෙනත් බොහෝ දේ තියනවා). එවැනි සිතුවිල්ලක් ඔබට ඇති වනවාද?

Advertisements

22 Comments

Filed under Careers/Employments, Lifestyle, Opinion

22 responses to “සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ!

  1. Pingback: සුවඳති මල් මෙන් දුගඳති මල් පිපෙයි එක විලේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මොනවා වුනත් ලියන එක නවත්තන එපා. හැම බ්ලොග් ලියන්නාම පාහේ එන්න එන්න හොඳ මිනිහෙක් වෙනවා. බොහොම අතලොස්සයි එහෙම නොවෙන්නේ. ආවේගයන් හැකිතරම් සංවේදීව සහ සදාචාරාත්මකව ලිවීම තමා බ්ලොග් ලිවීම කියලා මා තේරුම්ගෙන තිබෙන්නේ.

    ඉදිරි ගමනට සුබ පැතුම්!

    • මා සිතන්නේ විචාරක බ්ලොග් නිසා මිනිසුන් හොඳ හෝ නරක වෙන්නේ නැහැ. සමාජයේ ජිවත් වන ඇත්ත මිනිහා බ්ලොග් නිසා එලියට එනවා. බොරුව කරගෙන ගියත්, එය හැමදා කරන්න බැහැ . ඔබත් දකින්න ඇතිනේ එසේ සැබෑ මිනිසුන් එලියට පනින අවස්ථා.

      බ්ලෝග ලිවීමට කොන්දේසි දමන්න මා සුදානම් නැතුවා වගේම, කිසි කෙනෙකුට එය කරන්නත් නොහැකියි. රටක පවතින නීති රීති වලට යටත්ව කුමන ආවේගයකින් හෝ මාතෘකාවකින් හෝ බ්ලොග් ලියුවට වරදක් ඇතැයි මා සිතන්නෙත් නැහැ. ඒවා තෝරා කියවීමේ අවස්ථාව ඔබට හා මට තියනවා. අමතක කරන්න එපා ලිවිය යුත්තේ කුමන කරුණුද, කියවිය යුත්තේ මොනවාද කියල ඉහලින් තීරණය කරන රටවල් ලෝකයේ තියනවා.

      ජිවිතයේ අනෙක් රාජකාරි වලින් විවේකය ලද විට, මා බ්ලොගය ලියනවා. මා සතුටුය කියා වැඩියෙන්ම කියුවේ, ඔබ දැනුමක් ලබන එකට වඩා, එහෙම ලබනවා කියල ලියපු එකට. ගොඩක් දෙනා එවැනි දෙයක් කරන්නේ නැහැ. මා කියන්නේ බ්ලොග් ගැන විතරක් නොවේ. අප ලබන අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් වගේ දේවලුත් එක්ක.

      මගේ බ්ලොග් ලිවිම, මගේ වින්දනය සඳහා කරන දෙයක් කියා, මෙහි දිගින් දිගට කියුවට එය සමහර අයට තේරුම් ගැනීමට, අවශ්‍යතාවයක් නැහැ. එයත් මිනිසුන්ගේ මනස සකස් වී තියන විදිහක් තමා.

      මා විනෝදය පිණිස ලියුවත්, මා ලබපු මානසික පුහුණු, එනම් ඉගෙනීම් මේ බ්ලොගය තුලින් මතු වෙනවා. රටවල් තුනක ඉගෙන ගත්තා, කියා පොල් ගෑවේ නැහැනේ. ඒ ගැන නිකම් බොරු නිරහංකාර කමක් ආරුඩ කර ගැනීමටත් මට වුවමනා නැහැ.

      හැබැයි විචාරක, ඔබ නිරීක්ෂණය කරන්න ඇති, මා ලියන්නේ ඒවා සිතමින් නම් නොවේ, සාමාන්‍ය මිනිසෙකු, තාත්තා කෙනෙකු හා සහකරුවෙකු ලෙසයි. මගේ දිග පිළිතුරු ගැන කමා කරන්න.

      ඔබේ සුබ පැතුම් වලටත් නොවක් තුති.

  3. රයිගම් එන්න එන්න තිරිහන් වෙනවා වගේ.මං කිවුවේ තරුණ
    ලියන ශෛලිය එන්න එන්න බබෙක්ගෙ වාගේ වෙනවාග

  4. හිතෙන දේ හිතෙන විදියට ලියනව මිසක් කාට වත් ඕන විදියට වැට කඩොලු දාන් ලියල වැඩක් නෑ නේ… අපි අපිට කියවන්න ඉස්සරෝම ලියන්න ඕන ඊට පස්සෙ ඒක අපිට හරියනව නං අන්න පබ්ලිෂ් කරන එක හොදයි ( මම එහෙමයි.. මට හොදා හිතෙනව නං විතරයි මම පබ්ලිස් කරන්නෙ) .
    අවුරුදු හතරක් තිස්සෙ රයිගං අය්ය මේකෙ ඉන්නව මම කියවන්න ඇරං අවුරුද්දක් ඇති ඒත් මම කියෝන තරමට කමෙන්ට් නොකරනව කියල පෙන්නෙ ඇත්තටම කියන්න දෙයක් නොදන්නා කම නිසා මම ඒක කලිනුත් කියල තියෙනව අනිත් අයත් එහෙමයි.. කියවනව මොනා හරි කියන්න තිබ්බොත් කියනව නැත්තං බ්ලහ් ගාල යනව යන්න
    කමෙන්ට් ගැනම නෙවී මම කියන්නෙ අර රයිගං අය්ය කියනව වගේ හැම කෙනාම වෙන වෙනස්

    මංද මි කියන්න ගිය දේ නෙවී වෙන මගුලික් ලියවිල තියෙන්නෙ මහ ඉලව්වක්

    • //මංද මි කියන්න ගිය දේ නෙවී වෙන මගුලික් ලියවිල තියෙන්නෙ මහ ඉලව්වක්//

      මල්ලිගේ ජෙනුයින් කොමෙන්ටු වලට මා කැමතියි. 🙂

      ඔච්චර වෙහෙසෙන්න එපා මලයා, ලියන්න තියන දෙයක් තියනවා නම්, මේකේ ලියන්න. නැත්නම් කියවල නිකම් යන්න. කියවන්න අමාරු නම්, අත්හැර දමන්න. “මේ බ්ලොග්කරු” හදන්න නම් වෙනත් අයට නොහැකියි. එහෙමත් අය මේ ලෝකේ ඉන්න ඕනේ නේද?
      //කමෙන්ට් ගැනම නෙවී මම කියන්නෙ අර රයිගං අය්ය කියනව වගේ හැම කෙනාම වෙන වෙනස්//

  5. නුවර කුමාරි

    කියන්න ගියොත් නම් ඉතින් ජේදෙකට උත්තරේ විදියට තව ජේද දෙකක් ලියන්න වෙනවා. ඒ නිසා කෙටියෙන් කියන්නම් ( ඔහොම තමයි වැල්වටාරම් කියන්න බිම් සකස් කරන්නේ, හෙහ්)

    බ්ලොග් ලියන්නේ මොකටද සහ කොමෙන්ටු දමන්නේ මොකටද කියන දේවල් ඇත්තටම සාපේක්ෂයි. මොකද මම දැනගෙන හිටියේ ඉංග්‍රීසි බ්ලොග් අවකාශය ගැන විතරයි මෑතක් වෙනකල්. එයිනුත් ටෙක්නිකල් ( විෂයානුබද්ධ) බ්ලොග් තමයි වැඩිපුරම දැනගෙන හිටියේ. බ්ලොග් වල ලියන්නේ කෙනෙක්ට දැනුමක් දෙන, රිසර්ච් කරන දේවල් ලියා තබන තැනක් කියලා තමයි මම ඒ නිසා දැනගෙන හිටියේ. ඒ නිසා බ්ලොග් එකේ සටහනක් දානවා කියන්නේ පාර පනිනවා වගේ පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් කියල මම ‘තනිකරම’ හිතන් හිටියා. ඒ තමයි ඉංග්‍රීසි බ්ලොග් මගේ හිතේ ඇතිකරලා තිබ්බ ආකල්පය ( වැඩිමනත්ම අපි ටෙක්නිකල් ප්‍රශ්න වලට උත්තර හොයන්න නෙට් එක පිරද්දී උත්තරේ සඳහා වැඩියෙන්ම ලිස්ට් වෙන්නේ බ්ලොග් සටහන් වල මිනිසුන් ලියපු දේවල්) නමුත් සිංහල බ්ලොග් අවකාශය කියන්නේ ඊට වෙනස්. ( අඩේ මමත් ඒ ජාතියේ එකෙක් නේද? ) ඒක ඉතින් එක බ්ලොග් එකක් කියෙව්වම තුරුම් ගන්න පුළුවන්.
    කොහොමත් ලාංකික අපි ඕනෙම දෙයක් කරන ‘ලාංකික’ විදියක් තියෙනවා නේ. දරුවන් හැදීම තියා කසාද බැඳිල්ල බැලුවත් එකම කතාව. ඒ නිසා බ්ලොග් අවකාශයේ උනත් හැසිරීම එච්චරයි. එතනත් අපි ‘බ්ලොග් අවකාශයේ රජා’ විදියට එකෙක්ව පත්කරගෙන ආයෙමත් රජතුමා සංකල්පයේ ජිවත් වෙනවා. එක්කෝ ‘මාව බ්ලොග් අවකාශෙට ගෙනාවේ මෙයා’ කියල කාට හරි මල් පහන් පුජා කරනවා. කොමෙන්ටු ගාන සහ හිට්ස් ගාන වැඩිකරන එක ගැන දිවා රෑ කල්පනා කරනවා. ( හරියට ඉඩමක් ලැබුනා වගේ. හතර මායිම ලකුණු කරන්න, අනුන්ගේ වත්තකින් කොළයක්වත් වැටෙන්නේ නැතුව තියාගන්න, ඉඩම් බලාගන්නේ ගම්බාර දෙය්යෝ කියල හිතන්න, ඉඩමට ඇවිත් සද්ද දැම්මොත් උන්ගේ අඬු කඩන්න/කුණුහරප කියල එලවන්න… තවත් නොයෙක් ජාති

    මට නම් කියන්න තියෙන්නේ, ඇති මේ ගැන කියෙව්වා. ලියමු දැන් වෙනත් දෙයක්. පන්සලට එන එකාටම බණ කියනවා වගේ මෙහෙම කිව්වම වැඩක් නැහැ කියලයි මට හිතෙන්නේ. තරහ උනාට මොකෝ, ඔන්න මට හිතෙන දේ කිව්වා..

    අර කොම්පෝස්ට් හදන්න ගිහින්, තවත් නොයෙක් දේවල් කරන්න ගිහින් ඉතුරු වෙච්ච කොට කියා ඉවර කරනවා හොඳයි! නැත්තම් දන්නවනේ! ( දන්නවද? දන්නේ නැත්තම් කමක් නැහැ, දන්නවා නම් ඉතින් ආයෙත් කියන්න ඕනේ නැහැනේ.. දන්නවද කියල බැලුවේ.. හෙහ් )

  6. මං ඉස්සරත් කියා ඇති පරිදි මගේ පුද්ගලික මතයනම් බ්ලොග්කරු විසින් ප්‍රමුඛස්ථානයේ තැබිය යුත්තේ බ්ලොග් ලිවීමෙන් බ්ලොග්කරු ලබන සතුටයි. කියවන්නන් සතුටක්/ප්‍රයෝජනයක් ලබනවානම් හා කියවන්නන් විශාල ප්‍රමාණයක් ඉන්නවානම් බ්ලොග්කරුගේ සතුට තීව්‍රවන බව ඇත්ත. ඒත් මුලින්ම ලිවීමෙන් සතුට ලැබිය යුත්තේ ලියන්නායි. මුදල් ලැබීමත් පරමාර්ථයක් ලෙස ලියන පොත් ආදිය නම් ජනප්‍රිය ලෙස ලිවියයුතුයි. ඒත් බ්ලොග් එසේ නොවන නිසා ලියන්නාට ප්‍රියබව ඉතා වැදගත්.
    (To be very honest Raigam, what prompted you to write this post and what you intend to convey by it are not entirely clear to me. My comment is based on what I perceived which may or may not be correct)

    • You are the man.
      මේ සටහන ලියන්නට හේතු වුන කරුණු තුනක් තියනවා. එකක් ඇත්තටම ලියපු දවසේ දැනගන්නට ලැබුණ අපට සතුටුදායක ආරංචියක්. එය මොකක්ද කියා බ්ලොගයක කියන්න මා බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් රැකියාවට සම්බන්ද දෙයක්. දෙවෙනි කරුණත් රැකියාවට සම්බන්ද, නමුත් ලංකාවේ කෙනෙකුට සම්බන්ධ නිසා එයත් සටහන් කරන්න නොහැකියි. තුන තමා මෙන්න මේ පුවත. මට තියන විශාල ප්‍රශ්නයක් තමා, උපාධිධාරින්ට සුදුසු නොවන රාජකාරි කියන්නේ මොනවාද යන්න. රැකියාවට බැඳෙන විට, කරන්න තියෙන්නේ මොනවාද කියල දැන ගැනීමට ලැබෙනවා නේද? ඔබට හැකි නම් පැහැදිලි කරන්න. http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=15479:2015-07-06-17-35-51&catid=41:local&Itemid=74

      දැන් එතකොට මේ සටහන (දෙකම එකට කියවන්න), රටේ යහපාලනය, රටවැසියාගේ එයට දායකත්වය, රැකියා සොයන්නන්ගේ ආකල්ප, වෘත්තිකයන්ගේ ආකල්ප යනාදිය කලවම් කර ලියවුන එකක් නිසා, ටැපලිලි සහිතයි.

      අනෙක් අයට පිළිතුරු හෙට තමා. ප්‍රාට විශේෂයක් කෙරුවා නොවේ. බ්ලොගය ගැන ලියා තියන කරුණු මෝඩ ආතල් එකක් පමණි. දඹුලු වැඳලා, තලගොයි නොමරා එන්න බැහැනේ!

      (බ්ලොග් කරු නම් විනොදෙට තමා ලියන්නේ. කොහෙද බ්ලොග් කරුට, කියවන අය කියනවනේ, ඕවා ඔයිට වඩා හොඳට ලියන්න හැකිය කියල. එතකොට මොකද කරන්නේ? 😀 )
      What about me ?

      • pra jay

        If the readers tell u that u can write better than this they maybe correct. Almost anything could be improved and a writer like u certainly must be capable of bettering urself. So,if u can and IF U WISH to do so….try to better. BUT it is ur wish. That is the beauty of blogs – u are not dependant on readership !
        Well, your blog is not the easiest to read and comprehend. But i do read it and enjoy what i am capable of understanding. Even when it is difficult i still read. Maybe i am a glutton for punishment . Heh heh. But i am not the only one. Better people than me too read this. So, relax ..enjoy ur own writing. That is the prime concern for a blogger as i see it. But i’m not a blogger. Just an on and off commentator. So, pl excuse my impertinence.
        Cheers !!

        • Don’t worry too much Pra. We’ve dealt with this before. I am sad to learn that /my blog is not the easiest to read and comprehend.// And I am equally sorry to let you know that neither you or anybody else can change the way I write or can change what I write.

          It is commendable that you do read this and enjoy what you are “capable of understanding”, and even when it is difficult you still read. That is what I would expect from a reader. As a writer I am always grateful for those who read this.

          • //If the readers tell u that u can write better than this they maybe correct. Almost anything could be improved and a writer like u certainly must be capable of bettering urself. So,if u can and IF U WISH to do so….try to better. BUT it is ur wish. That is the beauty of blogs – u are not dependant on readership !//

            I did not have enough time to give you a proper reply in the morning. Let me to dissect what you are trying to say here.

            It is not only wrong, but absurd to say that “I can improve my writing style according to “them”. Who are these people? If you can point out the structural flaws in my writing or factual inconsistencies, I am more than happy to correct them. When someone is suggesting that these writing are not up to their taste, one should come up with a format or a criterion.

            Let me to explain this further. If there are a million of readers with different “reading palates”, which one of them should I follow? Most importantly, how would I know what these different tastes are?

            Even if you can point them out, which one should I choose? You may suggest to follow the majority with “a good taste” or the minority with “ good taste” and vice versa. Then a question arises; how can it be decided what is “the good” and “the bad” taste in writing/reading?

            I will explain this further, because I know that you have difficulties in understanding your second language (which is, of course, Sinhala). When you submit a manuscript for a scientific journal you are provided a format according to which you have to write. In addition, you have to fulfil the basic procedures of conducting a research. Some journals have specific writing styles. The difference is that these are explained in their instructions to the authors.

            However, no one can set a set of rules of the way you write in a blog. I mean as far as your wording is correct, grammar is right and sentence structure is flawless, that would be enough. Readers will decide whether they can read it or not. Some writings would be difficult and bland to read while others are easy and tasty for different people. However, can you differentiate which one of them is “better readers”? I do not enjoy reading most of popular Sinhala blogs, because they are not tasty to my palates.

            //මගේ සටහන් නීරස කෙනෙක් සිතන්නට අවශ්ය දෙයක් තමා, ඇයි එයාට සිතෙන්නේ නැත්ද, එයාගේ සටහන් මට කොයි වගේ ද කියල අහන්න. ඇයි මා ගොඩක් සිංහල බ්ලොග් ප්රතිචාර දානවා තියා, කියවන්නේවත් නැත්තේ? //

            //අවුරුදු කිහිපයක් තිස්සේ මා ලියමින් ඉන්න, සමාජය පිරී තියෙන්නේ වෙනස් රසවින්දන සහිත පිරිසගෙන්ය කියන මූලික කරුණත්, ඒ නිසාම අප එකිනෙකා උසස්-පහත් ලෙස වර්ග කර නිග්‍රහ කිරීම හොඳ දෙයක් නොවන වගත්. නමුත් රසවින්දනයේ ප්‍රබේද නම් තියනවා. මේ ආහාර ඇසුරින් පවා මා කියන්න උත්සහ කර තියෙන්නේ අන්න ඒ කරුණයි. මා ලොකු දේවල් ලියන වග නොවේ මේ කියන්න හදන්නේ. හැබැයි ඒවා වෙනස්. ලොකු දේවල් ලියන්නට අවශ්ය නම්, ඒවාට වෙනත් මාධ්ය තියන වග අප හැමෝම දන්නවනේ.//

            ගණන් ගන්න එපා ප්‍රා. මේ කරුණ පැහැදිලි නොකරන තාක් කල්, ඉදිරියට ලිවීමේ තේරුමකුත් නැහැ. 🙂

            • Actually, what I was trying say was quite similar to what you have said here.
              You can write more to the taste of one segment and that would be an improvement for THEM. But, what I meant was that a blogger need to primarily satisfy himself with his writing. Readers come second. That is all !!

              • //I will explain this further because I know that you have difficulties in understanding your second language (which is, of course, Sinhala). //
                බුදු අම්මෝ , මට ඉන්ග්‍රීසිත් තේරෙන්නෙ නෑ දැන් නම්. මේ බැනලද තියෙන්නෙ? 😀 :- D
                I learned Sinhala before English. So it can not be the second, no?
                In most occasions my lack of understanding is more with the subject than with language I think. Also, sometimes I’m a bit lazy to read twice. I apologize sincerely if I write out of context due to poor understanding.

                • ඒක විහිළුවක්! දැන් බලාගෙන යනකොට සිංහල විතරක් නොවේ, විහිළුත් තේරෙන්නේ නැතුවා වගේ! 😀

  7. /* දවසක් රසික සමච්චලයට ලියා තිබුණේ “හුහ්! එහෙනම් උඹ ලියන්නේ, නිෂ් මාකට් එකකට නේද?” කියල. */

    ඒක මෙහෙම වෙනස් කරමුද?

    “දවසක් රසික සමච්චලයට මෙන් ලියා තිබුණේ “හුහ්! එහෙනම් උඹ ලියන්නේ, නීෂ් මාකට් එකකට නේද?” කියල.”

  8. මාතෘකාවත් මේ පහත ආකාරයට වෙනස් කරන්න. (මොකද ඇ-කාරයට අකැමැතිද?)
    “සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ!”

    මං මේ කල්පනා කරන්නේ කාටද මේ “මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය”න්නේ කියලයි!

    • ඔබ‍ට ගොඩාක් ස්තුතියි වරදවල් දෙකම පෙන්වා දුන්නට. මා මේකේ කෙලින්ම ලියන, කෙහෙල් මලෙන් ඇ-කාරය (ඳ යන්න සමග එකට) ගන්න බැරි වුණා . අන්තිමට මා අල්ලලා දැම්ම.
      මල්පෙත්තක ආදරය ලියල, බැදලා කන්න තමා වෙන්නේ?

      මොකෝ රසික මගේ ආදරය “දොරේ ගලා යනවා” වගේ පෙනෙනවද? 🙂

  9. මගේ කාර් එකට මගේ ගෙදර තෙල් ළිඳෙන් තෙල් ගහගෙන දුවනවා වගේ වැඩක් තමයි මගේ බ්ලොග් එකත්. ඒකයි සතුට

    • අප ගොඩක් වෙලාවට අනන්‍යතාවයවල් ගැන කතා කරනවා කිචි. හැබැයි සමහර වෙලාවට මේවා අමතක වෙනවා. එතකොට තමා කියන්න සිතෙන්නේ, අනේ අරයා වගේ ලියන්න, මෙයාව ආදර්ශයට ගන්න, මම නම් කැමති අන්න අරයා ලියන විදිහට විතරයි වගේ කතා.
      ඔබේ සතුට මගේද සතුටයි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s