ලෝකයේ වෙනස් වුණේ මිනිහාදෝ, දෙවියාදෝ?


මට ඉදිරි සටහන ලියන්න කලින්, අවුරුදු හතර තුල මේක කියවපු කට්ටිය සමහර පාඨකයන් ලියපු දේවල් අතරින් තෝරා ගත් සමහර ප්‍රතිචාර මෙහි දමන්න සිතුනේ වෙන කිසිවක් නිසා නොවේ, මේ අවුරුදු හතර තුල මා කියන්න හදපු දේ සමහරුන් තේරුම් අරන් නැති වග මට පෙනෙන නිසා.

මා හැමවිට කියන්නේ ලියන්න, ඔබට සිතෙන දේ කියල. ඔබගේ වයස, ජිවත් වන රට, ඔබගේ ලිංගය, කරන රැකියා, අයත්වන ජාතිය, භාවිතා කරන භාෂාව ගැන මට දැන ගන්න ඕනේ කමකුත් නැහැ, ඒවා ගැන මා තකන්නේත් නැහැ. හැම කොමෙන්ටුවකටම මා පිළිතුරු දීලත් ඇති.

1. අහම්බයකින් දුටුවෙමි. එහෙන් මෙහෙන් කියවා බැලුවෙමි. තරමක් මවිතයකට ද පත්වීමි. සාමාන්‍යයෙන් සිංහල blog වපසරියේ අහන දකින blog post වලට වඩා ගැබුරු කරුණු දැක්වීමක් විශ්ලේෂණයක් නිර්මානාත්මක අදහසක් හැම ලිපියකම දුටු හෙයිනි.

මෙතෙක් කලක් මෙය ඇස නොගැසීම ගැනද පුදුම වුනෙමි. සමහර විට මාතෘකාවේ දැක්වෙන සරල කම නිසා තව දුරටත් විමසීමට උනන්දු නොවුවා විය හැකිය.

සියලුම ලිපි නිවාඩු පාඩුව කියවීමට අදහස් කරමි. පරණ ලිපි කෙසේ වෙතත්, අලුත් ලිපි ගැන අදහස් දැක්වීමකට ද සිතා සිටිමි.

පෙනෙන විදියට අවුරුදු 3 ක පමණ කාලයක් මාසයකට post එක ගණනේවත් පළකර ඇත. අගය කලයුතු ප්‍රතිපලයකි. සුභ පතමි.

2. සිව් වසරක කාර්යභාරයට උණුසුම් සුබපැතුම් පිළිගන්න. මමත් මේ වසර අගදී සිව් වසරට පාතබනවා. මටත් බොහොම දෙනෙක් යෝජනා කළා දැන්වීම් දාන්න කියලා මගේ අඩවි දෙකේම. නමුත් මම බ්ලොග් ලියන්නේ සල්ලි හොයන්න නෙවෙයි. දැනුම බෙදන්න. ඔබේ අඩවියේ නිතර කමෙන්ට් නොදැම්මත් මා එයින් දැනුම ලබනවා.

තව දිගුකලක් වැජඹෙන්නට සුබපැතුම්!!!

3. ගුණදේ ලියන්නට
නිදහස් සිතක් ලැබුමට
“වෙනස” අඩු කරන්නට
වේවා ආසිරි ලබන වසරට

4. ඕයේ
අවුරුදු හතරක් අකුරු කෙටුව කියන්නෙ සෙල්ලංද. ඒවයිං බහුතරයක් මාගල්. වෙලාවකට දිගෑරගන්න අපිටම බෑ. හිහි.
මොනා වුණත් මොන දේ ලීවත් තවත් චිරාත් කාලයක් බ්ලොග් ලෝකෙ යෙහෙන් වැජඹේවා

ජයෙන් ජයම වේවා
හැමදාම රයිගං අය්ය දාන සිංදු අපිඅහනව නෙව. මෙන්න අවුරුදු හතරමෙං දෙනව එකක් අහල බලන්ටකො.
හැමැදාම පරණ ඒවම අහන්නෙ අලුත් ඒවත් තියේ අනේ හිහි
Here to stay – song by Lenka
ජංගමෙන් කියවන්නෙ ඒ හංද ලිංක කරන්න අමාරුයි ඒත් හොයන්න අමාරුවක් නං නෑ

ජයෙන් ජයම වේවා

5. සුබ පැතුම් රයිගම්!!!

ආත්ම තෘප්තිය උදෙසාම පවත්වාගෙන යන ඔබගේ වැනි වියුණුවක් සිව් වසරක් අඛණ්ඩව පවත්වාගෙන යෑමම දුෂ්කර කාර්යයක්. මම ඔබගේ වියුණුවෙහි අනවරත පාඨකයෙක්….:)

6. රයිගමට කැමතිදේ ලීවා නම් හරි. ඔය ලියන විදිය හන්දනේ රයිගමව අපි අඳුන ගන්නේ. ඒක වෙනස් කලොත්, කිසිම වැඩක් නෑ… 😀

7. If u try to change the way you write, there is no raigam anymore. It will be a somebody. People are build within framework base on where they born how they grown up and what they formally and informally learned. U can be flexible to adopt new things but u can’t ever escape or break your frame. If u do there won’t be u anymore. Or I haven’t Understand what u try to tell 🙂

8. >>මට තේරුණ දෙයක් තමා දෙයක් තමා මගේ බ්ලොගය සාර්ථක ගොඩට දමා ගැනීමට නම්, මා දැනට අනුගමනය කරන පිළිවෙත වෙනස් කළ යුතුයි කියන එක.<<
මා ඔබේ ලිපි තමයි මුලිනම් කියවල කොමන්ට් කලෙත්.
අනිත් ලිපි කියවන්න පටන් ගැනුනෙත් ඔබේ ලිපි මට රසවත් වුන නිසා.
ඔබගේ සමහර පරණ ලිපිත් කියෙව්වා නිදහස් තිබෙන වෙලාවට.
ඔබගේ ලිපියක් ලගදි නැති හින්ද මාතලන්ගේ සින්ඩියේ බලද්දී තමයි දැක්කේ දැන්.
ඔබ මොනවා කියනවද මන්ද රයිගම.
දිගට හරි කෙටියට හරි ලියාගෙන ආපු විදියට එන්න.
ඉට්ටයිල් එක මාරු කොරන්න ඕනෙම නම් මගේ ‘ය’ යන්න දෙන්නම් 🙂 :).

9. සුභ පැතුම් රයිගම්… !!!

ඔපීසියේ කැන්ටිමට දවල්ට කන්න ගියාම ඔය බුෆේ එක පැතිරිලා තියෙනවානේ නානාප්‍රකාර කොටස් වලට…අනිත් තැන්වල වගේ කලබලයක් නැති, නිතරම එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරක් ගැවසෙන එක ඒරියා එකක් තියෙනවා එතන ගහලා තියෙන්නේ “healthy food” කියලා 🙂 මට මතක්වෙන්නේ රයිගම් හන්දිය බ්ලොග් එක…

නිතරම එතනින් කන අපි දෙතුන් දෙනෙකුට හරි බයක් තියෙනවා උයනවටත් පාඩුයි කියලා කැන්ටිමේ මැනේජරයා කොයිවෙලේ හරි ඒ සෙක්ශන් එක ගලවයිද කියලාත්… 😀

10. /* අමාරු දේ තමා තමන් කැමති දෙයක්, අනුන්ට බලන්න හිතෙන අන්දමට ලිවිම. */
Tell me about it!!!

සැමදා මගේ ප්‍රශ්නයක්.
ඔබේ බ්ලොගය මං රස විඳිනවා. සමහර දවස්වලට දිරවා ගන්න ටිකක් අමාරුයි.
මගේ සුභ පැතුම් රයිගමයා ගේ සංවත්සරයට.

11. මුලින්ම මම රයිගම් හන්දිය හදන ප‍තෝල හොද්දේ රසිකයෙක් බව කියලා ඉන්න ඕනෙ. රයිගම් සමහර විට ලියන ඕස්ට්‍රේලියාවට අදාල දේශපාලනය, රාජය පාලනය, බදු හා සම්බන්ධ පෝස්ට් මම කියවලා සද්ද නැතුව යන්නෙ මට කියන්න දෙයක් නොමැතිවූ විටයි. සමහර විට ලංකාවට අදාල සමහර දේවල් වලටත් එහෙම වෙන්න පුලුවන්. එදාට ලුණු පොඩ්ඩක් වැඩි වුනාට මම ආයෙ හොද්දක සුවඳ දැනුනම දුවගෙන එනවා.

ප‍තෝල ගැන කිව්වොත්, පොඩි කාලෙ මට ප‍තෝල වැටකොලු පේන්න බෑ. එව්වට කැමති මිනිස්සු දිහා බැලුවෙත් ‘ලෙඩ කෑම වලට කැමති මෝඩයො’ හැටියට. නමුත් වයසත් එක්ක දිව පරිණාමය වෙනකොට තමයි අර මූලික රස හතරට අමතරව තියෙන වඩාත් සංකීර්ණ රස තේරුම් ගන්න පුලුවන් වුනේ. අද නම් ප‍තෝල හොද්දට අමතරව අර උඹ කියාපු ඔක්කොම හොදි වලට මම මාර ආසයි.

මේක කියවපු මගෙ බිරිඳ කිව්වෙ “ඔය රයිගමයට කියන්නකො එළවලු ඇට පැකට් ටිකකින් ඔය එළවලු හදාගන්න බලන්න පුලුවන්ද කියලා ග්‍රීන් හවුස් හරි හයිඩ්‍රොෆොනික්ස් හරි වලින්වත් කියලා. ඒ මොකද උඹලා ඔහේ ඉන්නෙ අපි මෙහෙ ඉන්නවා වගෙ රස්සාවට විතරක් නොවන හන්දා.

12. මාත් ඔබව කියවන්නේ රීඩරය හරහා, බොහෝ වෙලාවට මා බ්ලොග් හෝ සිංහල බොහෝ දේවල් කියවන්නේ ෆෝන් / ටැබ් එකෙන් නිසා කොමන්ට් කිරීමක් නෑ. කොහොමත් අර ඉස්සර කාලේ වගේ දැන් කමන්ට් කරන්න කම්මැලියි. ලැප් එකට ඩෙස්ක්ටොප් එකකට ලොග් වෙන්න හරිම කම්මැලියි දැන්. ඒක හින්දා කොමන්ට් එකක් ලියවෙන්නේම නෑ. ඒත් ඒකෙන් කියන්නේ කියවීම අඩු කලා කියලා නෙමෙයි. මේක ඔබේ බ්ලොගයට විතරක් අදාල දේකුත් නෙමෙයි.

විශේසයෙන්ම ඔබගේ ලිපිවලට යමක් කියන්න ගොඩක් හිතන්න වෙනවා. සමහරවිට අපේ වයස එක්ක අපි අපි හිතන විදිය වෙන්න ඕනේ. අනික කොමන්ට්ස් හින්දම ලියන කෙනෙක් වෙන එකක් නෑ ඔබ. ඒක හින්දා කියවන අපි වගේ අයත් ඉන්නවා කියලා හිතලා ලියන එකයි වටින්නේ,

පතෝල හොදි නම් මම දන්නේ නෑ ඒත් පතෝල කරවිල මෑ බණ්ඩක්කා වගේ එළවළු මතක් වුනාමත් මට මේකට කොමන්ට් එකක් දාන්නත් හිතුනා. මම හොදි නම් කන්නේ නෑ ඒත් ඕන ගමේ එළවළුවක් කනවා. බෙහෙත් නොගහා හදන එළවළු හොයාගෙන අතරමන් වෙන්න තාමත් මම උනන්දුයි. ඒක හින්දා බලංගොඩ ඉඳන්, මහියන්ගනයේ ඉඳන් මාතර ඉඳන් යාපනේ ඉඳන් ආණමඬුවේ ඉඳන් කොළඹට එළවළු ගේන්නත් මම හරි ප්‍රසිද්දයි නිවාඩුවට ආවම. ඒ ගෙනාවට ඉතින් උයාගන්න නම් යාළුවන්ගේ අම්මාලාගේ පිහිට තමයි.
මෙහෙදිත් මා නම් වැඩිපුර එළවලු ජීවියෙක් තමයි. මස් වලට වඩා මම ආස එලවළු හා සැලඩ් නිසා. ඒත් මම වෙජිටේරියන් කෙනෙකුත් නෙමෙයි. එළවළු උයලා කෑවත් හොදි තිබ්බොත් නම් මට බත් කන්න නම් බෑ. හොදියි එක්ක දිය වෙලා තියෙන බත් දකිද්දි මට මතක් වෙන්නෙම අර පොඩි කාලේ අම්මලා බලෙන් කවන පප්පා එක හින්දා වෙන්න ඇති.

13. පතෝලත් අත් ගුණය හොද කෙනකු හැදුවොත් රසම රස වැන්ජනයක් තමයි.දිගටම ලියන්න රයිගම,ඔබගේ ලිපි කියවන අයගෙන් කෙනෙක් මමත්.

14. හ්ම්ම්…. පතෝල රහ නෑ කියන්නෙ පතෝල හරියට උයන්න දන්නෙ නැති අය. ඒ වගේම පතෝල කියන්නෙ හරිම ගුණ කෑමක්. ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් කියයි.
මම නම් පතෝල වලට කැමතියි ඒ වගේම රයිගමගේ ලිපි වලටත් කැමතියි. රසයි වගේම ගුණයි. 🙂

15. මේකට ඊයේ කමෙන්ට් එකක් දාලා අතරමඟදි කරන්ට් ගිහින් කමෙන්ට් එක මැකුනා… ඒක දැන් මතක නෑ… හි හි

මම කියවලා එකපාරටම කමෙන්ට් එකක් නොදාන බ්ලොග් දෙකෙන් එකක් මේක… අනිත් එක සහන්ගේ එක.. මොකද සමහර විට මට දැනෙන විදියට මේක ලියවෙන්නේ මගේම ආරට නිසා .. කියාගන්න තියෙන දේවල්, සමහර විට ළඟපාත ඉන්න කෙනෙක්ට කිව්වොත් මේ ගෑණිට පිස්සු, හිතන්න මෙච්චර දේවල් තියෙද්දි මොනා කියෝනවද මන්දා, එහෙම නැත්තම් ඕව‌ කතා නොකර ඉන්න එක ඇඟට වගේම හිතටත් ගුණයි කියන හින්දා මං බ්ලොග් එකේ ලියනවා… මේකත් ඒ වගේ කියලා මට හිතෙන්නේ.. මොනා උනත් රයිගම් හන්දිය මං හරි ආසාවෙන් කියවනවා… සමහර මාතෘකා නම් මගේ නොදැනුවත්කම නිසා තේරෙන්නේ නෑ.. ඒ වෙලාවට පැත්තකට වෙලා බලං ඉන්නවා… ( කමෙන්ට් ෆලෝ අප් කරලා…)

අවුරුදු දෙකක් එක දිගට ලියනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.. දැන් නම් මං ඒක හොඳට තේරුම් අරන් ඉන්නේ… හි හි

16. මා නිතර කමෙන්ට් නොදැමුවත් මේ රයිගම් හන්දිය මට කියවන්න ලැබෙන බ්ලොග් අතර ඉතාම හොඳ මට්ටමේ ලිපි ලියැවෙන තැනක්. ඒ ගැන ඔබට තුති.
ඒ වගේම රයිගම් බ්ලොග් ලියන්න එන අය ඒකාත්මික දැනුමැත්තෝ නොවන නිසාවෙන් ඒ ඒ බ්ලොග්වල ලියැවෙන්නේ තම තම නැණ පමණින් වන්න හැකියි.
එහෙයින් අපට ඒ ලියැවිලි ගැන බලපෑමක් කරන්න නොහැකිය. එනමුදු කැමති කෙනකුට වෙනස්වන්නට උත්සාහයක් හෝ ගත හැකියි. එයද තම අභිමතය පරිදිය.

17. ඔබේ සංවත්සරයට උණුසුම් සුබ පැතුම් රයිගම.සාමාන්යෙන් මම පුරුද්දක් විදිහට ඔබේ බ්ලොගයට ගොඩ වදින තත්වයක් දැන් උදා වෙලා..වැඩිහිටි මනසකින් ලියවෙන බ්ලොගයක් විදිහටතමයි ඔබේ බ්ලොගය මා හඳුනාගෙන සිටින්නේ (ඉඳ හිට ඉස්කෝලේ යන ළමයි කියන කතා කිව්වත් 😀 .. විහිළුවක් හරිද :D)..

අනිත් දේ තමයි ඔබ වැන්නෙක් බ්ලොග් කරණයේ යෙදි සිටීමත් අත්‍යවශයි ..ඇතැම් විට ඒ නිසාමයි මම ඔබව දිරිමත් කරමින් කමෙන්ටුවක් දමන්නේ කොපමණ රාජකාරි තිබුණත්..මාතලනුත් මම මේ කියන කතාව පිළිගනී ….

ඔබටත් ඉඩ ඇති විටක අනිත් බ්ලොගයන්ට ගොඩ වැදී අදහසක් කියන්න..ඒක වටිනවා බොහෝ දෙනා වෙනුවෙන්…

පෝස්ටුවට අදාළව නම් දෙයක් කිව්වේ නැහැ ඔන්න මේ පාර , අපිට ඕනේ තරම් වෙලාව තියෙනවා ඒ ගැන කතා කරන්න ඉදිරියේදී … ඉතින් ඔබට සුබ බ්ලොග් සංවත්සරයක් වේවා රයිගම් මිතුර … 🙂

මේ ප්‍රතිචාර ටික දැමුවේ, මගේ ලිවීම් ගැන වර්ණනා කර ගන්න නොවේ (ඒවා විශිෂ්ටයි කියා මා දන්නවා 😀 ). මේ සටහන් රසවිඳින අය මේ ලෝකයේ ඉන්නවා කියා පෙන්වා දෙන්න. ඒ අය අතර තියන විවිධත්වයත්, මේ කොමෙන්ටු වලින්ම ඔබට පෙනෙනවා ඇති. මේවා රස නොවිඳින පිරිස මෙයිට වඩා වැඩි ඇති. ඔව්, මාත් එයින් එක අයෙක්, මට “ඔබ” ලියන දේ රස විඳින්න බැහැ.

මට ලංකාවේ විශ්ව විද්‍යාලයට තේරෙන සිසුන්ට තියන, සමාරම්භක පුහුණු වැඩසටහනේ දේශනයක් කිරීමට අවස්ථාව ලැබුණොත්, එයාල සරඹ කිරීමෙන් පසුව, විවේක ගන්නට එන කාලයේ, නිදා ගන්නට කරන දීර්ඝ දේශනයක කොටස් ලෙස මගේ බ්ලොග් සටහන් උපයෝගී කර ගනු ඇත.

27 Comments

Filed under Comments

27 responses to “ලෝකයේ වෙනස් වුණේ මිනිහාදෝ, දෙවියාදෝ?

  1. කුරුටු ගෑ ගී පවුර

    පට්ට………….. පට පට

  2. Pingback: ලෝකයේ වෙනස් වුණේ මිනිහාදෝ, දෙවියාදෝ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. රයිගං කෝරළේ වැඩ කොහොමත් රහයි. මම අල්ලපු වත්තේ ගඟෙන් එහා පස්දුන් කෝරළේ

  4. ප්‍රාදේශීයවාදය කියන දේ හොඳ දෙයක් නම් නොවේ කිචි. හැබැයි ලඟපාත කෙනෙක් හඳුනා ගැනීම මොනවා වුවත් සතුටට කරුණක්.මේ දිනවල මා ලියපු කරුණම කලින් ලියා තියන හැටි ඔබට මෙතනට ගියොත් පෙනෙනවා ඇති.. ලඟපාත විතරක් නොවේ අප විටින් විට ජිවත් වූ රටවල්, නගර, හා පළාත් වලට අපේ ඇතිවන බැඳීම්, ජීවිතය පවතින තුරු තියනවා. ආයිත් අවුරුදු ගාණකට පස්සේ, මේ වගේ කලින් ජිවත් වූ පරිසරයකට යන්න හැකි වුවොත්, ඔබට යම් හර්දයාංගම බවක් දැනෙනවා.

    මේ මා කියවන බ්ලොග් ලිස්ට් එකේ දැන් තියන සංවාදයක් What is Your Biggest Blogging Battle?. බලන්න මිනිසුන් කතා කරන දේවල්.

  5. අර අන්තිමටම කියල තියෙන ලෙක්චර් කතාවට නං මං මාර ලයික්. ඇයි දන්නවද. සමහර ලෙක්චස් ල තමන්නෙ ලෙක්චර් එක දෙද්දි ඇස් දෙක නොපියවී තියන්න බුලත් විටක් චුවිංගම් එකක් හපල ඒත් බැයි නං කෝම හර් වතුර ඩිංගක් හරි ගාගන ඉන්න හදන ඒත් සමහර වෙලාවට ඇහි දෙබැම්මට ගිනිකූරු දෙකක් තියල මුක්කු ගහං ඉන්න අපි වගේ උං රයිගං අය්ය වගේ ලෙචෙක් ආවොත් ඉස් මුදුනිං පිළිගන්නෙ.
    මොකෝ දැම්මම චන්ද පොරොන්දුවත් දීලනෙ හිහිහිහි

  6. නිකං

    //මේවා රස නොවිඳින පිරිස මෙයිට වඩා වැඩි ඇති
    ම්හ්.රසවිඳින්න අච්චුව බලපානවා රයිගම් ඔබ එය පිළිනොගත්තත්.සුට්ටක් හිතුවොත් ඔබේ දෙමාපියන් යක්කු වාගේනං,ඉගැනීම යකාට ගියානං,ආදරයක් කරුණාවක් කාගෙන්වත් නොලැබුනානං, ජීවනබරට හුස්මක්වත් ගන්න බැරුව පොඩි වෙලානං ඔබ අතින් මෙවැනි බ්ලොගයක් ලියවෙයිද?
    එතකොට මේවා රසවිඳිනවට වඩා මැරී ගෙන වැඩකරලා හවහට සොට් එකක් දාගෙන හිතේදුක යන්න ජොලියක් දාල බුදියගන්න එක සැපයි.

  7. /මා කියන්න හදපු දේ සමහරුන් තේරුම් අරන් නැති වග/
    තේරුම් ගන්න විදි වෙනස්.

    මම නම් සිංහල බ්ලොග් කියවන්නේ රස වින්දනයට නොවේ.රස වින්දනයට ෆන් එකට වෙනත් දේවල් තියෙනවා.
    පළමු කාරණය දැනුම.අනෙක එකම පොළොවක ජීවත්වෙන මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ජීවිත අත්දැකීම්, වෙනස්කම්,මේක එක අතකින් සමාජ දැනුම ,මේ දේවල් ජීවත්වීමේදී විවිධ ආකාරයෙන් ප්‍රෙයා්ජනවත්.

    කමෙන්ට් කොටන එක නම් මං ආසම නැති වැඩක්. මගේ බ්ලොග් එක ලියන්න විතරක් ලොග් වෙන නිසා ඒක කොහොමත් කරදරයි.ඒ නිසා මගෙන් කමෙන්ට් නැහැ.

    හා ප්‍රශ්නයක් තියෙනවා අහන්න .හැමදාම කම්මැලි කමට අහන්නැතිව යනවා.
    අන්තර් ජාල වෙළදාමට සාපේක්ෂව අඩුම සහභාගීත්වයක් ඇති රට ඕටු රට. හේතුව මොකද මට අනුමානකරන්නත් බැහැ. northern hemisphere නිසා ඍතුන්ගේ වෙනස්වීම ඇර මට වෙන අනුමානයක් නැහැ. එහෙම නැතිනම් ඔටු රට සුඛිත මුදිත සශ්‍රීක ස්වයංපෝෂි නිසාද?

    තිත් තිත් තියන ඇබොජින් ආට් ඇර වෙනත් ආවේණික කලාවන් අහුවෙනවත් අඩුයි?
    හේතු පහදන්න කරුණාකර.

  8. නුවර කුමාරි

    මං තරහයි. දැන් මම කියපු දේ හොඳයි කිව්වේ නැහැනේ… ( ඒ තමයි කිවයුතු ප්‍රතිචාරය)

    හරි හොඳයි. ( ඒතමයි මම ලියපු ප්‍රතිචාරය.)

    බුද්ධිමත් නම්, පෙනෙන්නේ දෙවැනි පේළියේ ඉඳන් පහලට. ( හෙහ් )

  9. මලේ, මගේ ලැක්චර් එකේදී උඹ නිදා ගන්න එකක් නැහැ. මා මුලින්ම කියන්නේ ඔය ගෙනාපු පොත් පත් පැත්තකට දාල, ඉනේ ගහගෙන ඉන්න බුලත් විට, චුයිංගම් එලියට ගනිල්ලා කියල. ඉන්පස්සේ පාඩම පටන් ගන්නේ පරසිදු කොලොම් පුරෙන්….. 😀

  10. ඉතිං, නිකං මා කියන්නෙත් ඔය කාරණේමනේ. දැන් මේ පහල දෙන්න පිලි නොගන්නෙත්, අර ද්විභාෂා පරමේෂ්වර ප්‍රා මහතා (විහිළු ප්‍රා!) (මාත් ෂඩ් භාෂා දන්නවා, ලියන්න, කියවන්න, කතා කරන්න හා තේරුම් ගන්න විතරයි බැරි) තේරුම් ගන්න උත්සහ නොකරන්නේත් ඔන්න ඕක.

    අප මිනිසුන් වශයෙන් මේ ලෝකේ තියන සියලුම දේ ප්‍රගුණ කරන්න අවශ්‍යයි. සතුන් ස්වභාවික ඉවෙන් කරන ලිංගික ක්‍රියා පවා, අප එනම් මිනිසුන් ඉගෙන ගන්නේ ඒ නිසා. මොකද එකක් ස්වභාවික ඉව අපට දැන් නැහැ, අනික පොඩි කාලේ ඕවා කරලා ළමයි හදා ගත්තොත් මොකද වෙන්නේ කියා අප දන්නවනේ. හැබැයි පොඩි අය දන්නේ නැහැ. එතකොට නිසි වයසේදී මේවා අප වෙනමම ඉගෙන ගන්නවා. අනික් සියල්ලමත් අන්න ඒ වගේ. පිහිනන්න, ගස් යන්න, බයිසිකල් පදින්න, ජම්බු කඩන්න මේවා අප ප්‍රගුණ කරනවා. ඔබ කියනවා වගේ එම ප්‍රගුණ කිරීම් වලට ගෙදර පරිසරය, කවුද දෙමාපියන් කියන්නේ, ජිවත් වන රට, ප්‍රදේශය, ගම, අවට ඉන්න අසල්වැසියන් කියන විශාල පරාසයක දේවල් බලපානවා.

    රසවින්දනය/ආතල් ගැනීම විතරක් නොවේ කෙනෙකු දැනුමට විවුර්තවිමේදීත්/නොවිමේදීත් මෙන්න මේ ප්‍රගුණ කිරීම්, එනම් කොතරම් දුරට දැනට අප ප්‍රගුණ කර තියනවද කියන එක බලපානවා. ශිෂ්‍යත්වය පාස් එකාට, එක පාරටම ඕලෙවල් ලියන්න බැහැනේ. අප ඉගෙන ගන්නේ විතරක් නොවේ, අප උගන්වන්න පවා අවශ්‍ය දැනට තියන දනුම/අත්දැකීම් මත කියල මහා අධ්‍යාපනඥයන් කියන්නේ අන්න ඒ නිසාමයි.

    පොත් බලන එක, සිනමාවක් බලන එක, නාට්ටියක් බලන එකේදී, විවිධ අය වෙනස් විදිහට රස විඳින්නේ හෝ නොවිඳින්නේ අන්න ඒ නිසා. එනම් එයාලගේ ප්‍රගුණ කිරීම් වල ඉන්න “පන්ති” වෙනස්.

    මා මේ ලඟදි නිවාඩුවට ගිය වෙලාවේ, අමු හරක් මස් කෑවා. ලොකු හෝටලයක කුස්සියෙන් හදපු එව්වා. මෙයට අවුරුදු 30කට පමණ පෙර (එනම් මට වයස අවුරුද්දක් විතර කොට) මේක මට සිතන්නවත් බැරි දෙයක්. ඉස්සර වෙල්ඩන් ඉල්ලන මං, දැන් මීඩියම් හෝ මීඩියම් රෙයාර් ඉල්ලන්නේ. දැන් ලංකාවේ කෙනෙක් ඊයියා කියාවි. මොකද රස “ප්‍රගුණ” කර නැති නිසා.

    අද දවල් විවේකයේදී මා ගියා එළවලු කඩේට. පතෝල කිලෝව් ඩොලර් අටයි. බෝංචි කිලෝව ඩොලර් 2.50. ලංකාවේ කෙනෙක් මරු එළවලු කියල බෝංචි ගන්න විට, මා වැඩි ගානක් දීල පතෝල කරලක් ගත්තා. ඒ අප එව්වට කැමති නිසා. දැන් මා පතෝල වලට ආසයි කියන විට සිනාසෙන මිනිහට, මටත් සිනා වෙන්න පුළුවන් ජරා බෝංචි කනවා කියල.

    යලිත් රසවින්දනයට ආවොත්, දැන් පීචන් හා ප්‍රබුද්ධ කියල කියනවනේ. මේක ඇත්ත දෙයක්. නමුත් මේ වචන යොදා ගන්නා ආකාරය අනුව උසස් හා පහත් කිරීමක් ගම්‍ය වන නිසා, එය ප්‍රගුණ කරපු රසිකත්වය හා අඩුවෙන් ප්‍රගුණ කරපු රසිකත්වය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. නවකතාවක් තේරුම් ගැනීම පවා, තමන් රසිකත්වය ප්‍රගුණ කරලා තියෙන්නේ කොතරම් දුරට ද කියන එක මත රඳා පවතිනවා.

    දෙයක් කියවල තේරුම් ගැනීමත් අන්න ඒ වගේ. කට පත්ත නොවේ, මා කියවල තේරුම් අරන්, ශාරාංශය මෙහි ලියන පර්යේෂණ ලිපියක්, සාමාන්‍ය පාඨකයෙකුට තේරුම් ගන්න හැකි වන එකක් නැහැ. මොකද එයා ශිෂ්‍යත්වය විතරයි පාස්. මා ඕලෙවල් කරලා තියනවා. මෙතැනදී අන්න අරූ මෝඩයෙක් කියල මට කියන්න බැහැ. ඔහුගේ පහත් කමකුත් නැහැ. මොකද ඒ ලෙවල් කරපු එකෙක් මට සිනා සේවි.මේක ලංකාවේ වන්නේ අපේ ඉගෙනීමේ ක්‍රමයේ තියන අඩුපාඩුවක් නිසා. සමහරවිට වෙනත් පරිසර වලදී පවා මේක අපගේ ඉස්මතු වෙනවා.

    දැන් අර හොඳට තේරුම් ගන්න පුළුවන් මිනිහට, වෙනස් විදිහකට, අර දෙවෙනි එක්කෙනාට කියල දෙන්න පුළුවන්. දැන් ඔය සාහිත්‍ය විචාරකයන් වැනි අය කරන්නේ අන්න ඒ වගේ දෙයක්.

    දැන් මෙතැනදී විචාරකයා හෝ අර කියල දෙන මිනිහාට, ඔය විදිහට නොවේ ඕක ලියන්න තියෙන්නේ, මෙන්න මේ විදිහට කියල උදාහරණ එක්ක තවත් කෙනෙක් (විචාරකයෙක්/රසිකයෙක්) කියන එක වෙනම කරුණක්. හැබැයි අපොයි ඔය මොනවාද ලියන්නේ, මට ආස වෙන විදිහට ලියන්න කීම තේරුමක් නැති දෙයක්. ඒ ආස විදිහ විස්තර කරන්න පුළුවන් දෙයකුත් නොවෙනවට අමතරව, අර කලින් කෙනාට අනුව, ඔහුට හොඳම විදිහට තමා දැනටම ලියල තියෙන්නේ. දැන් ඒක තවත් “දියුණු” කරන්න පුළුවන් කියුවට, ඒක එයාට අනුව දියුණුවක් නොව පහතට යාමක් ලෙසත් සිතෙන්න පුළුවන්. මෙතැනදී ඒ අයිතිය, එනම් පහතට යනවද කියන දේ, තනිකර එයාගේ අයිතියක්. විචාරකයන්ගේ විතරක් නොවේ, නිරමාණ කරුවන්ගේත් එය අයිතියක්. වෙනස් විදිහට තේරුම් ගැනීමත් රසිකයාගේ/විචාරකයාගේ අයිතියක්. වැඩේ තියෙන්නේ යමක් ප්‍රගුණ කරපු කෙනාට, සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ දකින්න වැඩි අවස්ථාවක් තියනවා. සමහරවිට, නිර්මාණ කරුට පවා නොපෙනෙන දෙයක් එයා විස්තර කර දෙනවා.

    ලෝකයේ නිර්මාණ කරුවන්, රසිකයා සොයා යනවාට වඩා වෙන්නේ, රසිකයන් නිර්මාණ කරුවාගේ, නිරමාණ සොයා යාමයි. වෙළඳ ලෝකයේ මෙහි අනෙක් පැත්ත වෙනවා තමා. නමුත් එතැනදී නිර්මාණ කරුවා පොඩි කම්ප්‍රමයිස් එකක් කරනවා.

    මේ කතාව බ්ලොග් ලෝකයෙන් එහාට යන දෙයක්. මේ විස්තර කෙරුවේ ඒ අර්ථයෙන්.

    මගේ බ්ලොගයට ආවොත් මා විවිධ විදිහට ලියා තියනවා, කෙනෙක් කියනවා නම් සමහර ඒවා එයාට රසයි, අනෙක් ඒවා නීරසයි, සේරම ඒ විදිහට ලියන්න කියල, මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබට අර නීරස (පතෝල) ටික තමා මට රසවත්ම, ඔබ රසයි කියල කියාන (බෝංචි) මට එතරම් රසවත් නැති කොටස. මා ඇත්තටම ලියන්නේ අර පතෝල කොටස නිසා, ඉඳහිට බෝංචිත් හදන්නේ ඔබ වෙනුවෙන්, මිසක් මට ආස හින්ද නොවේ. ඔබ නිග්‍රහ කරන්න වගේ අයියෝ පතෝල වගේ දේවල් ලියන්න එපා කියුවට, මගේ රසිකත්වය අනුව, ඔබයි ප්‍රගුණ කරන්න අවශ්‍ය කෙනා. අන්න ඒකයි මට සමහර බ්ලොග් සටහන් කියවන්න හෝ නොසිතෙන්නේ. නමුත් මා කිසිදා ඒවාට ගිහින් කියල නැහැ, මොනවාද ඔය ලියන කතා කියල. මොකද එහෙම කිරීමම වැරදියි. අප ඇපල් සමග අඹ සසඳා ගන්න අවශ්‍ය නැහැ. අජිත්ගේ බ්ලොගයේ තියන කතාවත් මේ දෙයටම සම්බන්දයි.මා ලියන දේවල් වල වැරදි, භාෂාවේ වැරදි, වාක්‍ය වින්‍යාසයේ වැරදි, කෙනෙක් පෙන්වා දුන්නොත් ඒවා එසැනින් නිවැරදි කිරීමට සුදානම්. නමුත් නොපෙනෙන කළු බල්ලෙක් වන, මා ලියන රටාව වෙනස් කරන්න කියල කියන්න එන එකේ තේරුමකුත් නැහැ. එවැනි දෙයක් දිගින් දිගටම නිග්‍රහ කරන්න වගේ කියන කොටත් ඇති වෙනවා. විශේෂයෙන් එම කරුණ ගැන කලින් ඕනෙවට වඩා ලියා ඇති විට. බොරු කියන්නේ මොකටද, මා දිගින් දිගටම ලියන සමහර කරුණු තේරුම් නොගන්න අය, මේක කියවීම වැඩදායක දෙයකුත් නොවේ.

    මා දීර්ග පිළිතුරු දෙන්නේ මා සමග එකඟ නොවන අයට කියන එක ඇත්ත (ඔබ සමග මෙතැනදී එකඟ වුවත්, ඔබට කියා පිළිතුරු දෙන්නේ ඇත්තටම වෙනත් අයට). ඒ තරහ අරන් නොවේ. මගේ විරුද්ද මතය තව දුරට පැහැදිලි කිරීම තමා මා එන්ජෝයි කරන්නේ. එකඟ වන අයට මා එතරම් කාලයක් යොදා නැහැ (ඔබට හැර).

    මේ බ්ලොගය කියවන්නේ ටික දෙනෙක් වග ඔබත්, මාත්, කියවන අන් සියල්ලක්ම දන්නවා. මට කියන්න අවශ්‍ය වුණේ, බහුතර පිරිසක් මේ වගේ “නීරස” බ්ලොග් වලට අකමැති වුවත්, කැමති සුළු පිරිසකුත් ඉන්නවා කියන්න. අර බහුතර පිරිස ගෙන්නා ගන්න, මට අකමැති විලාසිතාවක් අනුගමනය කර, දැන් මේ කියවන ටික දෙනා හලා ගන්න මට අවශ්‍ය නැහැ. මොකද මා කියන ජිවන විලාසිතා තේරීම් වලින් බොහොමයක්, සමාජයේ බහුතර පිරිසක් තෝරණ දේවල් නොවේ. බලන්න බටහිර සමාජයේ 65% ස්ථුලයි. වැඩිපුර දෙනා ආගම් නම් අදහනවා. නමුත් මේ බොහෝ දෙනා හොඳ ඇදහිලිකරුවන් නම් නොවේ. මේ ලිස්ට් එක දිගයි. මා කැමතියි, කෙනෙකුට නීරස වෙන්න හැකි අන්න ඒ දේවල් ගැන කතා කරන්න.

    (වුව මැන සමා නිකං) 🙂

    ඔබ කියනවා වගේ මට දැන් නිදහස් වෙලාවක් තියන නිසාත්, මනස නිරවුල් නිසාත්, දැන් නම් රෑට උයල ඉවර නිසාත් මේ වගේ දේවල් ලියන්න පුළුවන්. ලෝකයේ බොහෝ දෙනාට, ලියන්න තියා, හෙට දවස ගෙවෙන්නේ කොහොමද කියා හිතන්න හෝ නොහැකියි. එහෙම ප්‍රශ්න නැති අයට පවා, මෙවැනි දෙයක යෙදෙනවා ට වඩා කරන්නට දේවල් තියනවා. සමහරුනට ඕනේ වුවත්, ලියන්නට හැකියාවක් නැහැ (මටත් නැහැ නම් තමා). අනික මේ දෙකක් දාගෙන ලියන බ්ලොග් කලාව මට නම් අරහං. මා ඔය විහිළුවල ලියුවට, මා බ්ලොගය ලියන්නේ, මනසත්, ශරීරයත් නිස්කලංක වෙලාවට. මගේ ජීවිතය ගැන මා තෘප්තිමත්. ඒ විතරක් නොවේ, එවැනි ජිවිතයකට අතදුන්න සියලු දෙනාටමත් මා හැමවිටම ඒ ගැන ස්තුතිය පුද කරනවා. ඔබට හැකි නම් මේ බ්ලොගය ලබන සෙනසුරාද කියවන්න.

  11. ප්‍රශ්නයක් ද මෝඩ ආතල් ද?
    ඇත්තටම ප්‍රස්නයක් නම් ඔටු රට යනු කුමක්ද?

  12. ‍‍‍මෝඩ ආතල්
    පොඩි අත්වැරැද්දක් කැන්ගරු රට!
    උත්තරයකට ‍වෙ‍හෙ‍සෙන්න වුවමනා නැහැ.

  13. නිකං

    //එනම් මට වයස අවුරුද්දක් විතර කොට
    හැබෑට! අනේ ගොයියෝ තව ගොරක ටිකක් ගේන්ට

    //ප්‍රගුණ කරපු රසිකත්වය හා අඩුවෙන් ප්‍රගුණ කරපු රසිකත්වය ලෙස අපට හඳුන්වන්න පුළුවන්
    මේක මිස්ලිඩ්න් රයිගම්.
    මං ඇහැව්වොත් පීචං විතරක් අහන කෙනෙක් අහන්නෙම ඒවා විතරයි.ඒවාට සියල්ලටම බොක්කෙන්ම කැමතියි.එතකොට ඔහුගේ “ලොවේ” රසිකත්වය ප්‍රගුණ වෙලා නැද්ද?
    කෙනෙක් අහන්නෙම නන්දා මාලනීගේ ගීත පමණයි.අනිත් ප්‍රබුද්ධ එවාවත් අහන්නෑ.දැන් ඔහුගේ රසිකත්වයේ තත්වය කොතනද?

    //දැන් මේ කියවන ටික දෙනා හලා ගන්න මට අවශ්‍ය නැහැ
    හලා ගැනීමත් වඩා රයිගම්,ඔබේ විවේකයේදී ඔබ අකමැති දෙයක් කරනවා කියන්නේ බුරූම වැඩක්.ගාණක් එනවනං ඒක වෙනම කතාවක් 🙂

    //කැමති සුළු පිරිසකුත් ඉන්නවා
    මේ පිරිසේ අච්චුව එක වගේද යැයි බලන්න ක්‍රමයක් ඇත්නම්

  14. ඇයි තරහා ගියාද? මන් හිතුවේ මඩවන්නට ලේස්ති වෙනවා කියා. (අපි ඉන්නේ දකුණු අර්ධගෝලයේ මල්මි).

    මගේ පටු දැනුමේ හැටියට උත්තරයක් දෙන්නට උත්සහ කරන්නම්. මෙහෙ බටහිර ශිෂ්ටාචාරයට මහා වයසක් නැහැනේ. ඒ නිසා ආවේනික කලාවන් කියලා මහා සම්ප්‍රදයකුත් නැහැ. අනික මිලියන විස්සක් වගේ ජනගහනයක මහා, කළා සම්ප්‍රදායයන් ඇති වෙන්නේ නැහැ. කැපී පෙනෙන සිනමාවක්, චිත්‍රකලාවක් හෝ ගීත කලාවක් නැත්තේ අන්න ඒ නිසා. හුදකලාව බිහිවුන දක්ෂ සිල්පින් ඉන්නවා. සමහර දෙනා, මහා වෙළඳපොළවල් හා සම්ප්‍රදායන් සොයා රටින් යනවා.

    එයිට අමතරව අනික් රටවලින් හුදකලාව තියන දුපතක් නිසා, සංස්කෘතික හුවමාරුවන් වෙනවා අඩුයි වගේ. අඩු ජනගහණයත් මෙයටම බලපාන දෙයක්.

    සාමාන්‍යයෙන් අත්තර්ජාල වෙළඳාම දැන් දැන් තමා ටිකක් නැගල යන්නේ. එයට රටේ තියන අන්තර්ජාල පහසුකම් (දැන් දියුණුව යනවා) හා නීති බලපෑවා. රටේ ජනගහන අඩු නිසාත්, සමහර දේවල් මෙහෙ ප්‍රමිති වලට නිපදවිය යුතු නිසාත්, ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ හා ඇඳුම් වගේ දේවල්, ඇමෙරිකාව වගේ රටකට වඩා සාපේක්ෂ වශයෙන් වැඩියි. නීති වල තියන අඩුපාඩුකම් දැන් හදා ගෙන යනවා. ඉදිරියට මෙයිට වඩා අන්තර්ජාල වෙළඳාමක් සිදු වේවි.

    ඕස්ට්‍රේලියාව ස්වයංපෝෂි නැහැ. ආහාර නම් ටිකක් නිපදවනවා. කාර, ටීවී, කොම්පියුටර් වගේ දේවල් සියල්ල පිටින් ගෙනෙන දේවල්. යපස්, ගලඟුරු, වෙනත් ඛනිජ හා ආහාර ද්‍රව්‍ය අපනයන කරන දේවල් අතර තියනවා. අධ්‍යාපනය ද හොඳ වෙළඳාමක්.

  15. ඒක මිස්ලිඩින් නැහැ. රසිකත්වයේ මට්ටම් තියනවා. කුමන මට්ටමද කියා සැනසී නැවතීම වෙනම කරුණක්. නමුත් ප්‍රගුණ කිරීම මගීන් රසිකත්වය වළලු පුළුල් කර ගන්න හැකියි. සමාජයේ හැම දෙනාටම එයත් කරන්න බැහැ. එයට හේතුව අප හැමටම සීමාවක් තියනවා. මේවා ගැන ලතවිම තේරුමකට නැති දෙයක්. හැබැයි අප ඉගෙන ගන්නවා වගේම තමා, ප්‍රගුණ කිරීම මගින්, කලින් නොදකින චමත්කාරයන් අපට සොයා යන්නට හැකියි. අදට නම් මේ හොඳටම ඇති නේද?

    අච්චු වෙනස් වුවත් පිරිසක් අන්තිමාට එක තැනකට එකතු වෙනවා. මගේ අදහස් සමග එකඟ වන පිරිස් ලංකාවට වඩා, මෙහෙන් සොයා ගන්නට හැකි වේවි.

    රයිගම හන්දිය හැඳින්වීමේදී හොරණ, අඟුරුවාතොට හා පානදුර කියන්නේ මා ජිවත් වූ සමාජ තුනයි. හන්දිය කියන්නේ එහි (මගේ ජිවිතයේ) පටන් ගැන්මයි . ආගමට මා බර නැති වුවත්, පන්සලටද ඉඳහිට ගොඩ වෙනවා.

  16. නිකං

    අම්බෝ,දෙන්නාගේ ඝනකම යුද්දෙට ගෙනියන්න හොඳා 🙂
    රයිගම්,
    ඔබ ඉන්න රටට ලංකාවේ උදවිය කියන්නේ ඔටුරට කියලා රටේ නම කිට්ටුවෙන් යන හින්දා වෙන්නැති
    වරදක් කියන්නත් බැහැ වැඩිම වල් ඔටු ගහනයක් ඉන්න රට නොවැ(ඒ වල් නෙමෙයි යෝදයෝ අනිත් වල් 🙂 )
    මල්මි,
    දැන් තරහ ගන්ට කාරී නෑ ඔය රයිගම් ලෙසටම දීලා තියෙන්න

  17. නිකං

    //අච්චු වෙනස් වුවත් පිරිසක් අන්තිමාට එක තැනකට එකතු වෙනවා
    හ්ම් ඉන්ටෙරෙස්ටින්.කල්පනා කරන්න වටින පොයින්ට් එකක්.අච්චුව වෙනස් වුනත්
    කොහොමද එහෙම වෙන්නේ කියලා.

  18. ස්තුතියි්‍
    .‍පේනව‍‍නේ මම ක‍මෙන්ට් කරන්න ගියාම ‍වෙන ‍දේ.‍හොදටම නිදිම‍තේ තමයි ක‍මෙන්ට් ක‍ළේ. ඔටු රට උත්තර අර්ධ ‍‍ගෝලය කීයක් නම් වරද්දලාද .

    ඕස්‍‍ට්‍රේලියාව ගැන ම‍ගේ දැනුම හරිම අල්පයි.
    ඔව් ‍මේ හු‍දෙකලා බව ඕස්‍‍ට්‍රේලියානු ‍වෙ‍ලෙන්දන් එක්ක ආස්ස‍රේදි දැ‍නෙනවා. ‍වි‍ශේෂ‍යෙන්ම සිල්ලර ‍වෙ‍ලෙන්දන් නිසා. ජනප්‍රිය ‍ලෝකය උත්තර අර්ධ ‍ගෝල‍යේ සඍර්තු උත්සව එක්ක යද්දි , ‍මේ අය ටිකක් බිස්නස් වලදි අතරමං ගතියක් ‍පෙන්නනවා.

    සර්ව සම්පුර්ණ උත්තරයට ආ‍යෙමත් ස්තුතියි.

  19. ඇයි නිකන් ගොයියෝ ලුණු-ගොරක මදිද? ඝනකම් නොවී බැහැ . අපේ අම්මා පොඩි කාලේ කියල දුන්නේ, පුතේ ලාභ බඩු වල හිලක් කියල.

    කෝ එළදෙන ගැන කියුවා මිසක් එදා මැක්කට එන්න බැරි වුණා. මෙන්න මේ ප්‍රගුණ කිරීම අඩු වීමම තමා ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාචන්චවදයක් බවට විකරණය වී තියෙන්නේ. මා කියල ඇති අර කෑම ලෑස්තියි කියන මෙලෝ රහක් නැති නාට්‍යය බලන්න ගිය එක ගැන. හොලිවුඩ් වල පිචන් චිත්‍රපටයක් රසවිඳින කෙනෙකුට පවා, එම නාට්‍යය රස විඳින්න බැරි, එහි මට්ටම තවත් පහල නිසා. අන්න ඒක මගින් යම් අවබෝධයක් ගන්න පුළුවන්, රටවල් අතර තියන “පිචන් රසිකත්වයේත්” වෙනස. මේ වෙනස නිසාම තමා, එකම ප්‍රජාතන්ත්‍රවාදය, දෙවිදිහකට මේ රටවල් වල ක්‍රියාත්මක වන්නේ. ඒත් එක්කම, මිනිසුන්ගේ “රසිකත්වය” ඉහල නම් ලංකාවේ නොවේ, ඕස්ට්‍රේලියාවේ පවා මේ පවතින ක්‍රමයම, මෙයිට වඩා පොදු යහපත වැඩියෙන් සලකා බැලෙන අයුරින් ක්‍රියාත්මක කර ගන්න හැකියි. මා මේකෙන් කියන්න අදහස් කරන්නේ, අපේ සමාජය කියන්නේ, ඇත්තටම, අපගේ නිර්මාණයක්.

    බලන්න, ඉල්ලන දේ දෙන එක තමා ප්‍රධාන ජනමාධ්‍ය සියල්ලක්ම පාහේ කරන්නේ. ඕස්ට්‍රේලියාව වැනි රටවල, ජනතාවට ඇත්තටම දැන ගන්න ඕනේ දේවල් දෙන්න මහජන මුදල් යොදවා ගුවන්විදුලිය සේවා හා රූපවාහිනී සේවා (ඒබීසී) පවත්වාගෙන යන්නේ මේ නිසා. මේ ආයතන පිහිටුවා තියෙන්නේ රජය කරන දේවල් ප්‍රචාරය කර ගන්න නොවේ. මෙන්න මේක හරිම වැදගත් කරුණක්. මේවා පිහිටුවා තියෙන්නේ “මහජනයාට දැන ගන්න ඕනේ” දේවල් ප්‍රචාරය කරන්න.

    මේවා පිහිටුවා තියන පනත් මගින් ඒවායේ ස්වාධිනත්වය තහවුරු කර තියනවා. හැබැයි ඒ ස්වාධිනත්වය කියන දේත් නිරපේක්ෂ දෙයක් නොවේ. එය පුද්ගලානුබද්ධ දෙයක්. ඒවායේ වැඩකරන මිනිසුන් මත එම “ස්වාධිනත්වය” රඳා පවතිනවා. මෙහෙ ගොටු අල්ලන පිරිස් වලට පවා, පෞරුෂත්වයක් තියන නිසා, මේ ආයතන වල කොලිටිය ටිකක් ඉහලයි. එතැනදී පවා ලංකාව වැනි රටක රජයේ ජනමාධ්‍ය හා ඕස්ට්‍රේලියාවේ රජයේ ජනමාධ්‍ය වල වෙනස අපට දකින්න පුළුවන්. ඇත්තටම එය පොදු සමාජයේ “ඉහල හෝ පහල රසිකත්වය” මතයි රඳා පවතින්නේ.

    ලංකාවේ ජනප්‍රිය පත්තරය වන ලංකාදීප කියන්නේ අපේ/ ලංකාවේ “පොදු රසිකයා” කොතනද ඉන්නේ කියන එකට හොඳ උදාහරණයක්. ඔවුන් ඉල්ලන දේ තමා විජය කාරයා දෙන්නේ. දැන් මේ බ්ලොග් පවා කියවන්නේ “දෙයියෝ සාක්කි” පාඨක පිරිසම තමා (බහුතරය). මෙයට ප්‍රතිරෝධය දක්වන්න නම්, නිෂ්පාදන වලින් ලැබෙන මුදල මත රඳා පවතින මාධ්‍ය ආයතනයක් වෙන්න ඕනේ. ප්‍රායෝගික ලෝකයේ එහෙම ආයතන පවතින්න නොහැකියි (කුඩු කාරයන් පවත්වාගෙන යන මාධ්‍ය, ආයතන වල අරමුණ පොදු ජන රසිකත්වය ඉහල නැංවීම නොවේ නේ). මෙය විෂම චක්‍රයක්. ම පවා ජනප්‍රියත්වය සොයා යනවා නම් මොවුන් මේ කියන “පතෝල රස නැති” දේවල් ලියන්නට අවශ්‍යයි. ඔබට තේරෙන පරිදි, කිසිම මුල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන දෙයක්, මට අවශ්‍ය අයුරින් පවත්වාගෙන යාමේ රහස එතනයි. ඉන්න පාඨකයන් හලා ගන්න ඕනේ නැහැ කියන එකේ, ඇත්ත තේරුම මෙයයි. ඇත්තටම “දෙයියෝ සාක්කි” පාඨක පිරිස පවා එයින් මුදවා ගන්න තමා අවශ්‍ය. නැතුව ඔවුන් ඉල්ලන දේ දිගින් දිගටම සැපයීම නොවේ. මහජන මාධ්‍යකරණය පුළුල් වීම හා මේවා සමාජයේ විශාල පිරිසකට අතපොවන්න හැකි වීම, ලංකාව වැනි සමාජයක “ගේම් චෙන්ජර් එකක්” වෙන්න හැකි වග මා විශ්වාස කරන්නේ අන්න ඒ නිසා.

    ඔබ අර කියුව, අපත පරිසරයක, ඉපදී, අපත පරිසරයක හැදෙන දරුවෙකුට, ඒ අපත කමින් ගැලවීමට නොහැකිවීම අන්න ඒ වගේ දෙයක් ම තමා. අන්තර්-පරම්පරා දුප්පත්කම/නූගත්කම කියන්නේ මෙන්න මෙයයි. සමාජ මේකෙන් ගලවා ගන්න පුළුවන්ද? ඒ කොහොමද? වුවමනාව තියෙන්නේ කාටද? මෙන්න මේවා මනුෂ්‍යත්වය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයි.

    මා සර්ව ලෝක සෞඛ්‍ය සේවයක් හා සැමට නිදහස් පාසල් අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටින්නේ අන්න ඒ නිසා. මේවා නිකං අප ඉදිරියට කතා කරමු!

  20. මයි ප්ලෙෂර් මල්මි. මා ඔය විහිළු කළාට ගණන් ගන්න එපා. ඔබට ඕනෙම දෙයක් මෙහි ලියන්න. ඔබට ඕනෙම දෙයක් මෙහි අහන්න. මා දන්නවා නම්, මට හැකි නම් උත්තර දෙන්නම්. මගේ බ්ලොගයේ එක දෙයක් තමා මා ජිවත් වන පරිසරය ගැනත් ඔබට කීම.

    මා හිතුවේ ඔබ උදේට නැගිට්ට ගමන් කියවන්නේ “නව යව්වනයේ සිහින කුමරා වන සුජීව ප්‍රසන්න ආරච්චිගේ” නවකතා කියල. බලනකොට නිදිමතේ කියවන්නේ “රයිගමහන්දියනේ” කීප් ඉට් අප් ! මේවත් විහිළු හොඳේ!

  21. ඕකේ කියුවට ඔබ කියන දේ මා තේරුම් ගත්තේ නැහැ උපේක්ෂා “නංගි”. මට අපහාස කරන්න දාපු එකක් නම්, එය ඔබතුමිය වෙත නැවත හරවා එවනවා. හිකිස්!

  22. පරම භාෂා ද්වි ප්‍රා මහතාට තේරුම් ගැනීමට කොහෙත්ම බැරිවී ඇත්තේ ඔබ හිතන්නේ ඒ මහතා කුමක් තේරුම් නොගන්නේද කියාය.

    For the last time Raigam, what I am saying is that “as long as the blogger enjoys what he writes the readership is not very important “.
    About the diverse tastes of readers – If you really like to do so, a writer like yourself is capable of satisfying a wider readership. But, that is only if you want to do that.
    Other than the above two points I have not intended to convey anything by my comments. For the life of me, I cannot understand what you find wrong and/or disagreeable in my comments. 😀

  23. හා හා කලබල වෙන්න එපා ප්‍රා! ද්වි භාෂා කතාව විහිළුවක්. ඔබත් මාත් හැම විටම කියන්නේ දෙකක්. අප යන්නේ සමාන්තර රේඛා දෙකක. අනන්තයේදී එක්වේවි! 😀

    ඔබ පමණයි, යමක් ලියුවහම, එයට එකඟ නැත්නම් විතරක් නොවේ, එකඟ වුණත් යලිත් පිළිතුරු ලියන කෙනා. I really appreciate you as a valuable reader. 🙂