ඔබ ළඟ නැති මේ සසරේ……….!


මේක හැමදාම වගේ ලියවුණේ නැත්නම් මග හැරී යනවා. එම වෙලාව වෙනත් දේවල් විසින් අත්පත් කර ගන්නවා. මොකද දැන් බ්ලොගය ලියන්නේ නැත්ද කියා ඇසුවේ අපේ හාමිනේ. ඇත්තටම මේ දිනවල වඩාත් ප්‍රයෝජනවත් කාරියන් කිහිපයක් නිම කෙරුවා. එව්වා මේකේ ලියන්න නම් නොහැකියි.

ඒ වෙනුවට ඊයේ දවස ගැන මා යමක් ලියන්නම්. ගිය සතියේ මට දුරකථනය පණිවුඩයක් ලැබුනේ රතු කුරුසෙන්. සාමාන්‍යයෙන් මෙයාල කතා කරන්නේ නැහැ. මගෙන් ඇහුවේ, ලබන සතියේ (එනම් මේ සතියේ) එයාලගේ ජංගම ලේ (ගන්න) රථය මා වැඩ කරන තැනට කිට්ටුවට එනවා, බැරිද ලේ ටිකක් දෙන්න කියල. මගේ ලේ වර්ගය අඩුය කියන දැන්වීම මගේ ඊමේලයට ටික දවසකට කලින් ආවත්, ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට මට අවස්ථාවක් ලැබුනේ නැහැ.

සාමාන්‍යයෙන් මේ ජංගම රථය එන දින කිහිපයට ප්‍රමාණවත් මිනිසුන් සංඛ්‍යාවක් එයාලට සොයා ගන්න පුළුවන්. මේ සීතල නිසා, මෙවර සෙනග අඩු ඇති. අම්මප, අගෝස්තු කියල නැහැ, අද හිමත් වැටුණා. අර දුරකථන ඇමතුම නිසා, මා ලේ දෙන්න යොදා ගත්තේ ඊයේ.

වැඩට ගිහින් අයිස් ගැහිල්ල පැත්තක තියල, එයට ගියා. එතන එයාලගේ ඉන්ටර්නෙට් අංජබජල්. ඒක හරියන කම්, තොරතුරු සටහන් කර ගන්න සිටිය සුදු කාන්තාව මා සමග කතාවට වැටුණා. එයාගේ දරුවන් දැන් හොඳටම ලොකු මහත් වෙලා. දුවලා තුන් දෙනයි, පුතයි. පුතා තමා බාලයා. එයාට අවුරුදු 24 යි.

දැන් දුවලා කසාද බැඳ ගෙදරින් ගිහිං. පුතා තවම ගෙදර ඉන්නවා. එයා ලඟදි මෙහෙ පොලිස් සේවයට බැඳිලා. පළමු රාත්‍රී වැඩමුරය කර තියෙන්නේ, මේ සති අන්තයේ. පුතාට දවල් නිදා ගන්න ඕනේ නිසා, සුපර් මාර්කට් එකකට ගිහිං කල් මැරුවා කියල ඇය කියුවා.

ඔබගේ දරුවන් දැන් ලොකුමහත් වෙලා හින්ද, ජීවිතය පෙරට වඩා පහසුද කියල මා ඇසුවහම ඇය සිනා සුනා. ඒ වෙනුවට ඇය කියුවේ ලඟදි දුවල තුන් දෙනා ගෙදර ආපුවහම, ගෙදර එකම කාල ගෝට්ටියක් කියල. ඒ සමගම ඇය කියුවා, ඔවුන් ඒමත්, නිතර කතා කරන එකත් සතුටක් කියා. මේ දරුවන්ගේ කතාව මට වෙනත් අයත් කියා තිබෙනවා. එනම් ප්‍රශ්න වල ස්වභාවය වෙනස් වුවත්, ඔවුන් විසින් දෙමාපියනට කරන බලපෑම එකයි.

ඉන්ටනෙට් හරියන පාටක් නැති නිසා, ඇය පරණ විදිහට අතින් කොළ පුරවල, මගේ අත්සන අරං මාව පිටත් කළා.

ලේ දුන්නම කියුව කතාව තමා, strenuous ක්‍රියාකාරකම් වල දවසක් දෙකක් යෙදෙන්න එපා කියන එක. දැන් බලන්න ලෝකයේ මිනිසුන්ගෙන් කී දෙනක් සෞඛ්‍යමය දිවියක් ගත කරන්න උත්සහ කරනවද? ලෝකේ ජිවත් වන කීයෙන් කී දෙනෙකුට ඇත්තටම ලේ දෙන්න පවා හැකිද. මේ පිරිසෙන් කී දෙනක්, මේ වගේ සරල දෙයක් වත් කරන්න උත්සහ කරනවද? අඩුම ගාණේ මැරුණ විට, තමන්ගේ ගන්න හැකි අවයව (ගෙවී ගිය දේවල් පැත්තක දාල)! ටික ජීවත්ව ඉන්න වෙන කෙනෙකු වෙනුවෙන් දෙන්න සුදානම් ද?

මේ ප්‍රශ්න ටික ලියන්න සිතුනේ මට අල්ලපු පුටුවට/ ඇඳට ලේ දෙන්න ආපු සුදු මනුස්සයාට, එය කරන්න බැරි වුණා. පළමුව ගන්නා සාම්පලයේ යකඩ ප්‍රමාණය අඩුවීම නිසා, ඔහුට සොරි කියා හරවා යැවුවා. ඔහු එක අයෙකු පමණයි.

මා දවල්ට කන්න ගෙන ගිය පාන් පෙති දෙක කන්න ගත්තේ සවස තුනහමාරට. තේ බොන්න ආපු කෙනෙක් මගෙන් ඇහුවේ, මාරෙට වැඩ වගේ නේද? කියල. මා ඇත්තම කියුවා. ලේ දීල ඉවර වෙන විට උදේ තේ වෙලාව හරි. ඒ ගමන අසල කඩේකින්, මා කේක් කෑල්ලක් කාල, කිරි එකක් ගැහුවා. දවල්ට බඩගින්නක් නොදැනුන නිසා තමා මෙච්චර වෙලා අල්ලලා හිටියේ.

පොරත් ලේ දෙන්න ගිහිං. මේ වගේ කිහිප දෙනෙක් අපේ වැඩකරන තැන ඉන්නවා. ඔන්න සේරම කොළ පුරවල ලේ දෙන්න ලේස්ති වෙනකොට, පොරට මතක් වෙලා සති අන්තයේ ගෙදර වැඩක් කරන කොට කකුලේ ඇඟිල්ලක් තලා ගත්තු හැටි. එය හෙදියට පෙන්නුවහම, හපොයි උඹට ලේ දෙන්න බැහැ, ගිහිං දොස්තර කෙනෙක් හම්බු වෙයන් කියල හරවල එවලා. ඇත්තටම ලේ දෙන්න හැකිය කියන්නෙත්, තමන්ගේ සරීර සෞඛ්‍යය පිලිබඳ හොඳක් පෙන්වන දර්ශකයක්.

මා දන්නා ලේ පරිත්‍යාග කිරීමට ආසා නමුත්, ඔවුනට තියන තමන්ට පාලනය කරගත නොහැකි රෝගී තත්වයන් නිසා එය කරන්න බැරි පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඒ අතරේ අප වගේ පිරිස් තමන්ගේ සෞඛ්‍යය ෆෝ ග්රාන්ටඩ් ගන්නවා.

ඔන්න ගෙදර ආවේ සවස හයට. එතකොට තමා මගේ සොඳුරිය කියුවේ, පුතාගේ පාසලේ ප්‍රදර්ශනය ගැන තොරතුරු කියන්න යොදා තියන දෙමාපිය-භාරකරු රැස්වීම තියෙන්නේ අදය කියන එක. එය තියන්නේ 6.30 සිට රෑ අට වෙනකම්. කොලා නේද?

ඒ කතාව හෙට……

Advertisements

20 Comments

Filed under Health, Lifestyle

20 responses to “ඔබ ළඟ නැති මේ සසරේ……….!

  1. Pingback: ඔබ ළඟ නැති මේ සසරේ……….! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කැන්බරා ඉන්න ඇබට් ගොයියා නම් මට පේන්නේම ලේ උරා බොන ඩ්‍රැකිව්ලා වගේමයි!

  3. ලේ දෙන්නත් පුළුවන් දිලත් තියනවා අම්මෝ දොස්තර උන්නැහේලා උන්නැහීලා අර සේරම පිරිස්වලට ඇහෙන්නේ නෑ වගේ ඇහුවට අහන දේවල්. ඒව අනිත් එවුන් අහගන ඉන්නකොට කෝමද ඇතිවන තතත්ත්තවය. මේ මං කිව්වේ ලංකාවේ ලේ දෙන කදවුරු ගැන.

    • කණගාටුවකට මෙන් නලින්, මා ලේ දෙන්න ආරම්භ කෙරුවේ අවුරුදු පහකට විතර පෙර. ලංකාවේ තත්වය ගැන අවබෝධයක් නැහැ. මෙහෙදී නම්, ලේ දෙන මිනිසුන්ට මේ වැඩ කරන හෙදියන් හා අනික් පිරිස ඉතාම ගෞරවයෙන් සලකනවා. එයත් මට සටහනේ සඳහන් කරන්න අවශ්‍යව තිබුන දෙයක්. අප පුරවන කොලය ගැන ප්‍රශ්න අහනවා නම් අහන්නේ, කාටවත් එන්න බැරි, වසන ළද කුඩා කාමරයක. එතැනදී අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා.

      ලංකාවේ අපට යන්න තියන දුර බොහොමයි නලින්!

  4. ගෙදර අයට නිදහසක් නිදහසක් නිස්කලංකයක් ඇත්තේ බ්ලොග් ලියන වෙලාවට වෙන්න ඇති.
    😀

    • ඇයි හැමෝම ඔබ වගේ වගේ කියලද හිතන්නේ? 😀

      • ඊයේ කලබලයෙන් උද පිළිතුර ලියුවේ. ඔබගේ කතාවේ ඇත්තක් නැත්තේම නැහැ. 🙂

  5. මාර රොමැන්ටික් සිංදුවක්. එහෙම කියනවට වඩා හොඳයි නිරෙඔගීව ඉන්න එක කියලද ඒකෙන් කියන්නේ.

    පොඩ්ඩිගේ ලේ වර්ගයත් ඔය දුලබ එකේ…අර O එක නේ? 🙂

    • ඕකනේ කියන්නේ, මන්ම එන්න ඕනේ සිංදුත් තෝරලා දෙන්න. කොහෙද මේ අහවල්ලු සිංදුවක්වත් අහන එකක්යෑ!

      //එහෙම කියනවට වඩා හොඳයි නිරෙඔගීව ඉන්න එක කියලද ඒකෙන් කියන්නේ.//
      You are almost there. අන්න එහෙම තමා ප්‍රවීනා ඉන්න ඕනේ (මේ ලියන දේවල් පතෝල කියන පිරිස් මේවා කියවන්නට ඒවි කියා මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔබල වැනි කුඩා පිරිසක් මේවා කියවනු ඇතැයි මාගේ බලාපොරොත්තුවයි).

      අපේ සෞඛ්‍යයට අපේ ප්‍රවේශයත්, හරියට ආදරයට හා ආදරය කරන අයට, අපේ ප්‍රවේශය වගේම තමා. හොඳට තියනකම්, හොඳට ලැබෙනකම් කිසි අගයක් නැහැ. ව්‍යායාම් නැතුව, පමණට වඩා කමින්, දුම්-මත්පැන් හිටු කියල ගහමින් ඉඳල, ඇඳට වැටුන දවසට දුක් වෙනවා.
      //තනිකම දැනුණා අඳුරේ// කියල මතක් වෙන්නේ අන්න ඒ වගේ, ආදරය කරපු කෙනා වෙන්වී ගියවිටක තමා.

      //පොඩ්ඩිගේ ලේ වර්ගයත් ඔය දුලබ එකේ//
      ඒක නොවේ අප දෙන්න ඇඩ්රස් දෙක හුවමාරු කරගත්තොත් නරකද? හදිසියකදී ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියනවා. 😀

  6. ලේ වල සීනි වැඩි උනාමත් ලේ ගන්නේ නැද්ද? මම කවදාවත් ලේ දෙන්න ගිහින් නෑ.. හැබැට ඔය දවල්ට පාන් පෙති දෙකක් කාල ඇතිද?

    • ගන්නේ නැහැ කල්‍යාණ. අඩු/වැඩි රුධිර පීඩන, හර්දය වස්තු ප්‍රශ්න හා තවත් හේතු ගණනාවක් නිසා සමහරුනට ලේ දෙන්න නොහැකියි.
      //හැබැට ඔය දවල්ට පාන් පෙති දෙකක් කාල ඇතිද?// ඉස්සර මාත් එහම සිතුවා. දැන් ඇත්තටම මෙයට වඩා කන්න බැහැ කල්‍යාණ. පාන් මැදට දමන දේවල් ද වැදගත්. මේවා රටින් රටට වෙනස් වෙනවා. ඒ නිසා ලියන්නේ නැහැ.

  7. ලේ දෙන්න දෙපාරක් හැදුව එක පාරක් බර මදි කීව දෙවනි පාර මට ලේ දෙන්න ද ඇහුව
    බ්ලා බ්ලා බ්ලා….තනි ඇහැට ඇඩෙනව…

    • //දෙවනි පාර මට ලේ දෙන්න ද ඇහුව// ඇත්තටමද? පුදුම අපතයෝනේ මල්ලි. මිනිහෙක් මේ වගේ දෙයකට ඉදිරිපත් වීමත් කොතරම් දෙයක්ද? ඇස් දෙකටම ඇඩෙනවා (ඬ යන්න ගන්න බැහැ ).

  8. කුරුටු ගෑ ගී පවුර

    හත්තිලව්වේ අමාරුවෙන් හදාගත්තු ලේ ටික………….

  9. මම හිතුවෙ ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකෙ වේගවත්ම අන්තර්ජාල සබඳතා තියෙන රටක් කියලා.
    >>මේ පිරිසෙන් කී දෙනක්, මේ වගේ සරල දෙයක් වත් කරන්න උත්සහ කරනවද? අඩුම ගාණේ මැරුණ විට, තමන්ගේ ගන්න හැකි අවයව (ගෙවී ගිය දේවල් පැත්තක දාල)! ටික ජීවත්ව ඉන්න වෙන කෙනෙකු වෙනුවෙන් දෙන්න සුදානම් ද?<<
    උඹත් හිටපු රුසියාවේ වෛද්‍ය විද්‍යාලවල තියෙන එක ප්‍රශ්ණයක් ඕක. ලංකාවෙ තරම් මිනිස්සු වෛද්‍ය විද්‍යාලයට තමන්ගේ දේහය පරිත්‍යාග කරන්නේ නෑ. තියෙන ඒවත් සෑහෙන පරණයිලු.

    • මිනිසුන්ගේ සම්පුර්ණ දේහය දීම ගොඩක් පිරිසකට (මැරුණ කෙනාට වඩා ජිවත්ව ඉන්න පිරිසට) අමාරු දෙයක් මචං. මොකද දේහය වත්පිළිවෙත් අනුව ඉවත් කිරීම මගින්ම තමා ඔවුන් ජිවිතයක අවසානයක් දකින්නේ. මෙය අපේ පරිණාමයත් සමගත් සම්බන්දයි. ඉතිං කුමන සමාජයක හෝ එවැනි විශාල පිරිසක් සොයා ගන්න බැහැ. අනික් තමා එවැනි දෙයක් සැබෑවටම Altruistic ක්‍රියාවක් වෙනවා. එනම් එවැනි දෙයකින් තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැත, අන්‍යයන්ගේ යහපත (මෙතන නම් වෛද්‍ය ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය හා එමගින් වඩාත් නිපුණ වෛද්‍යවරුන් බිහිවීම නිසා මුළු සමාජයේම යහපත) විතරක් සලකා බලෙන කටයුත්තක්. එය දකින්න වත් තමන් මෙලොව නැහැ. මෙන්න මේ දෙය මචං හරිම අමාරු දෙයක්.

      අප ලේ දෙන විට පවා එයින් වන යහපත අප දකිනවා. සමහර විට ස්තුති කර ඊමේල් එනවා. අනාගතයේ අපටත් ලේ අවශ්‍ය වන දිනයක් එන්නත් පුළුවන්. මිනිසෙක් මියගිය විට, මුළු ශරීරය වෛද්‍ය විද්‍යාල වැලට දීමට අමතරව, ශරීරයේ සමහර අවයව, වෙනස් පිරිසකගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කරන්නත් පුළුවන්. මෙතැනදී දේහය යලිත් ඥාතීන්ට ලබාගන්නත් පුළුවන්. හැබැයි එයට මියයන කෙනාගේ කැමැත්ත හා ඥාතීන්ගේ කැමැත්ත අවශ්‍යයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s