සමාජවාදී අධ්‍යාපන භාවිතාවක්! A constructivist approach for blogging! (1)


අජිත් ගේ (කොළඹ ගමයාගේ) පරණ සටහන් ටිකක් කියෙව්වට පසුව හා ඊයේ මා කියවපු නේචර් කලාපයකුත් නිසා මගේ කලින් සටහනේ ඉතිරි කොටස වෙනස්ව ලියන්නට සිතුවා.

මා ගිය සතියේ කියවපු පර්යේෂණ ලිපියකට මගේ නිර්දේශය වුණේ කුණු කූඩයට දමන්න කියන එක. හැබැයි නිකම් නොවේ, හේතු සහිතව. එයම බලපු අනික් කෙනා කිසිම විවේචනයකින් තොරව එය පළ කළ හැකි වගට නිර්දේශ කර තිබුණා. සංස්කාරක මේ අතරමැදට යමින්, මා ඉදිරිපත් කරන විවේචන වලට පිළිතුරු දී, එය නැවත ලියන්න හැකි නම් පළ කරන්න හැකි වගට තීරණය කර තිබුණා.

ඔය එක කතාවක්. මේ තව කතාවක්. යටගිය දවසක මට එංගලන්තයේදී හමුවුණ ලාංකික දෙමල ජාතිකයෙකු, මා සෝවියට් දේශයේ ඉගෙන ගත්තා කියුවහම, මට සමච්චලයට සිනහා වුණා. හරියට ඕකත් ඉගෙන ගැනීමක් ද කියන්න වගේ. මේ වගේ මිනිසුන්ට මගේ ඉගෙනීම හෝ දැනුම ගැන ඔප්පු කිරීමට මට අවශ්‍යතාවයක් නැති නිසා මා වාද කරන්න ගියේ නැහැ. අඩුම ගානේ මොන වගේ අයෙක්ද ඔයා කියලවත් මා අහන්න ගියේ නැහැ.

මෙයා මා අඳුරන එක්කෙනෙක් නොවේ. අඳුරන එක්කෙනෙකු හමුවීමට ආපු ඥාතියෙක්. මිනිහා ගියහම මා ඇහුවා, මොනවාද අරයා කරන්නේ කියල. මිනිහා ජර්මනියේ පොඩි කිඕස්ක් එකක් කරන එක්කෙනෙක්. ලංකාවේ අප දන්නා භාෂාවෙන් නම්, පොඩි පෙට්ටි කඩයක් පවත්වාගෙන යන හාදයෙක්. මිනිසුන් මොන රැකියා කළත් උසස් හෝ පහත් වෙන්නේ නැහැ තමා. නමුත් බලන්න පෙට්ටි කඩ කරන මිනිහා, වෙනත් මිනිසුන්ගේ ඉගෙනීම් මණින්න හදන හැටි. ඔය එක කතාවක් පමණයි. ඔවැනි කතා සිංහල මිනිසුන් සම්බන්දවත් මට කියන්න පුළුවන්. ඒවා සමහරක් මෙහි කලින් ලියා තියනවා.

සෝවියට් දේශයේ අප ඉගෙන ගත්තේ මොනවාද කියන එක (මේවට අලුතින් දේවල් එකතු වී තියන බව ඇත්තක්) බටහිර මිනුම් දඬු වලින්ද මැන ගන්නට හැකි බවට උදාහරණයක් තමා මා මුලින් ලියුවේ. මේවා ලිවීමට අවශ්‍ය දේවල් ද නොවේ. නමුත් නොලියත් බැහැ. ව්‍යංගාර්ථ සහිතව ලියන දේවල් තේරුම් යනවා ද යන්නත් සැකයක්. හැබැයි මේ බ්ලොගයේ මා අධ්‍යාපන කියන ප්‍රවර්ගය යටතේ ලියා ඇති සරල/පතෝල රසැති ලිපි කියවීම කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි වගත් මතක් කරන්නම්.

ඉගෙන ගැනීම කියන දෙය, උගන්වන එක්කෙනා හා උගන්වන විදිහ අනුව විතරක් නොවේ, ඉගෙන ගන්න එක්කෙනා මතත් රඳා පවතිනවා. පරමාදර්ශී ක්‍රමයක, පරමාදර්ශී ගුරුවරයෙක් ඉගැන්වුවත්, ඉගෙන නොගන්නා අය ඉන්නවා. එහෙම වන්නටත් විශාල පරාසයක හේතු තියනවා. මේවා එක ලිපියකට ගොනු කරන්න බැහැ.

කොහොම වුවත් ඉගෙන ගත්ත දේවල් (සහතික නොවේ) රැකියා වලදී කෙසේ වෙතත් අපගේ එදිනෙදා ජීවිතයේදී නම් යන්තමින් හෝ පෙනෙන්න තියෙන්න අවශ්‍යයි කියා මා සිතනවා. පාර අතුගාල ලැබෙන මුදල ජිවත් වීමට ප්‍රමාණවත් හා එයින් සැනසීමට පත්වනවා නම්, අනික් මිනිසුන් කියන දේවල් වැදගත් නැහැ. හැබැයි හැම පාර අතුගාන මිනිසුන්ගේම ජිවන විලාසිතා තේරීම් එකම වන්නේ නැහැ. අන්න එතැනදී තමයි මා කියන අර අප ඉගෙන ගත්තේ මොනවාද කියන දේ පෙනෙනවා කියන්නේ.

ඇත්තටම සෝවියට් අධ්‍යාපනය මගින් කොහොමද උගන්වන්න උත්සහ කෙරුවේ කියන එක, අද අධ්‍යාපනය පිලිබඳ නව දැනුම සමගින්, අතීතය දෙස හැරී බලන විට වඩා පැහැදිලි චිත්‍රයක් මැවෙනවා. මා කලින් කියුවා වගේ, ඕනෙම ක්‍රමයකදී කොහොමද ඉගෙන ගන්නේ කියන දෙය ඉගෙන ගන්න කෙනා මත තමා වැඩියෙන් රඳා පවතින්නේ. මේවා ගැන විවේචන හා විශ්ලේෂණ ඉදිරිපත් කරන විට වඩා පරිස්සමින් කරන්නට ඕනේ වග මා නිතර සිතනවා. මොකද කියනවා නම්, එයට වඩා කාලයක් යනවා. මේ කෙටි සටහන් වල ලියන සමහර දේවල්, සමහරුන් වෙනත් තැන්වල සම්පුර්ණයෙන් වෙනස් අරුත් සඳහා භාවිතා කරන අයුරු මා දැක තිබෙන නිසා, අනාගතයේ වැඩි ඉඩකඩක් ලැබුණ විටෙක වඩාත් ප්‍රයෝජනවත් අයුරින් එවැනි සටහන් ලියන්නට මා බලාපොරොත්තු වෙනවා.

මා මේ ලියන්නට ගත්තු සටහන් මාලාවේ (මෙහි ඉතුරු කොටස් අනාගතයේ බලාපොරොත්තු වන්න) කියල තිබෙන පරිදි බටහිර අද වඩාත් ප්‍රගතිශීලි යයි සැලකෙන අධ්‍යාපනයේ අභිසංස්කරණවාදය (මොන කුණුහරුපයක්ද? හරි වචනය constructivism) හා ක්‍රියාකාරී ඉගෙණුම (active learning) කියන කතන්දර වල එක පියෙක් තමා සෝවියට් අධ්‍යාපනඥය විගොට්ස්කි. මේවා ගැන හාන්කවිසියක් දන්නේ නැති අපේ “පියාල” දරුවන් ටියුෂන් වලට ගාල් කිරීම ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලත් දැක ගන්නට පුළුවන්. මහේෂ් මල්ලි කියනවා වගේ මේවා දුටු විට තනි ඇහැට කඳුළු එනවා.

විද්‍යා අධ්‍යාපනය ගැන විශේෂ කලාපයක් වෙන් කරන නේචර් සඟරාව මෙසේ කියනවා “One of the subjects that people love to argue about, following closely behind the ‘correct’ way to raise children, is the best way to teach them. For many, personal experience and centuries of tradition make the answer self-evident: teachers and textbooks should lay out the content to be learned, students should study and drill untill they have mastered that content, and tests should be given at strategic intervals to discover how well the students have done.

And yet, decades of research into the science of learning has shown that none of these techniques is particularly effective. In university-level science courses, for example, students can indeed get good marks by passively listening to their professor’s lectures and then cramming for the exams. But the resulting knowledge tends to fade very quickly, and may do nothing to displace misconceptions that students brought with them.(256 p./Nature/VOL 523/16 July 2015).

දැන් මේක විද්‍යා අධ්‍යාපනයට සීමා වන කාරණයකුත් නොවේ. එමෙන්ම අධ්‍යාපනයට විතරක් සිමාවන දෙයකුත් නොවේ. එක රටකට සිමා වුන ප්‍රශ්නයකුත් නොවේ. හැබැයි සමහර රටවල තත්වය වඩාත් උග්‍රයි කියන්නත් පුළුවන්. මේ නිසාම මිනිසුන් ජිවිතයට ප්‍රවේශ වන විදිහේ (ජිවන විලාසිතා තෝරා ගැනීමේදී) දී අවශ්‍ය ක්‍රියේටිව් තින්කින් කියන එක නැති වීමට ප්‍රධාන ලෙස හේතු වී තියනවා කියල මගේ පෞද්ගලික මතය. අපේ සමාජය දෙස පරිස්සමින් බලන විට ඔබට මේ දෙය තේරුම් ගන්න පුළුවන්. මා මෙහි ලියල තියෙන්නේ ඒවායින් සමහරක් දේවල්.

නේචර් සඟරාවේ විද්‍යා අධ්‍යාපනය ගැන ලියා තිබුණ දේවල් වලට යොමු වන්නට මට අදහසක් නැහැ. හැබැයි කෙටියෙන් කියුවොත් ඔවුන් සොයා බලන්නේ the many ways in which educators around the world are trying to implement such ‘active learning’ methods. දැන් මේ කතාව පුතාලගේ පාසැලේ තිබුණ දෙමාපිය-භාරකරු රැස්වීම සමග පැටලෙන්නේ කොහොමද? ඒ ගැන ඊළඟට.

මතු සම්බන්දයි…..

තෝරා ගත් ලිපියක්.
http://www.usma.edu/cfe/literature/bull_07.pdf

We can’t go on together
With suspicious minds
And we can’t build our dreams
On suspicious minds

Advertisements

6 Comments

Filed under Education

6 responses to “සමාජවාදී අධ්‍යාපන භාවිතාවක්! A constructivist approach for blogging! (1)

  1. ඇත්තටම රයිගං අය්ය අර මනුස්සයට තියෙන්නෙ අධ්‍යාපන ක්‍රමයේ ගැටළුවකටත් වඩා සිතන ආකාරය ගැන ගැටලුවක් කියලයි මට හිතෙන්නෙ. සුදු හම තියෙන ඉංග්‍රීසි කතා කරන අය විතරක් උසස් එයිනුත් යුරෝපීන් අති උසස් කියන මේ අය අමෙරිකාවත් ඒ ගොඩට දාගන්නව අමෙරිකාව කියන්නෙ එංගලන්තෙ හිටිය මිනිසුන්ගෙන් පැවත එන්නන් ඉන්න රටක් කියල. නමුත් අමතක කරනව අමෙරිකාවෙ මුල් පදිංචි කරුවන් මොන වගේ අයද කියන එක.

    ඒ වගේ තමයි රුසියාව ට නිග්‍රහ කරල කතා කරනව නමුත් ඊට සරිලන විදියෙ එක සාධාරණ හේතුවක් අහන්න එහෙම ගර්හා කරන්නෙ ඇයි කියල. මං නං හිතන්නෙ නෑ පුස් වෙඩිල්ලක් තරං උත්තරයක් හම්බෙයි කියල.

    මං කලිං කීවනෙ හතීමයි අවුල කියල. ඒක එන්නෙ තුන් වන ලොව රටවල ඉදන් විශේෂයෙන්ම යටත් විජිත වාදයෙන්. මොකද සුද්ද (මෙහිදී මම කියන්නෙ බහුතර සුදු හම ඇත්තන් ගැන නෙවී යුරෝපියන් ගැන) කියන්නෙ මාර පොරක් ඌ ඇවිලල හෙනම ධනවතා උගත ඌ තමා හැම දේම දන්නෙ කියන මානසිකත්වයෙන් ඉන්න අයගෙන් අර වගේ ප්‍රතිචාර සුලභයි. ඔන්න ඔය මං ක්යන හේතුව හින්දම තමයි ලංකාව වගේ රටවලට එන ටුවරිස්ට්ල ගෙන් පුලුවන් තරං සූරගන්න බලන්නෙ. ඇයි මේ හැම කෙනාම හිතං ඉන්නෙ සුද්දො ඉන්නෙ කප් රුක් පහල වෙන දේශයක කියලනෙ. ඇත්තටම ඒකට අපේ උංට විතරක් වැරද්ද කියල හරි යන්නෙ නෑ. මොකද සුදු ජාතිකයම තමයි මේ මිනිස්සුන්ව ඒ තත්වෙට පත් කලේ.

    අරයට තිබ්බ ප්‍රශ්නෙ තමන් පෙට්ටි කඩයක් කරන එක නෙවී. තමන් යුරෝපීය කුලකයට අයත්ය යන ප්‍රෝඩාකාරී මානසිකත්වය. තමන් තමන්ගෙන්ම පරාරෝපණය වීමක් සම අනෙකාව පරාරෝපණයට ලක් කරන්න තැත්කිරීමක් එහෙම බැරි වෙද්දි ගර්හාත්මක ලක්ෂන එලියට එනව. . ඒක මොන විදියෙන් හරි අර තමා පෙනී ඉන්න කුලකය උසස්ය අනෙකාගේ කුලකය පහත්ය කියන පටු තැනින් ඇති වුවක්.

    අජිත් ධර්ම ගෙ අවසානයට ලියල තිබ්බ පෝස්ටුවෙ මේ කතාවම තියෙයි නෙහ්. මං හිතන්නෙ රුසියාවෙන් ගොඩ බහින අයට මූණ දෙන්න වෙන සුලභ කාරනයක් වගෙයි

    • මල්ලි, මා මගේ අතීතය විතරක් නොවේ වර්තමානය ගැනද යම් ගර්වයකින් තමා මේ බ්ලොගය ලියන්නේ. මෙහි තියෙන්නේ අතීතය දිහා මගේ reflection (serious thought or consideration) කියන්නත් පුළුවන්.
      මේ තවත් පරණ සටහනක්.
      මෙන්න තව එකක්
      මේකත් කියවන්න

      ඔබ කියන කතා සමග මා එකඟයි. ඇත්තටම මල්ලි ශිෂ්ට මිනිසුන් මේ ලෝකේ වෙන සමහර දේවල් හෙලා දකින්න අවශ්‍යයි. ඔය ආගම් ඇදහීම කියල අපේ අයියල කරාන ගොං පාට් එකත් එයින් එක අංගයක්. හැබැයි ඔබ කියනවා වගේ මිනිසුන් සිනා වෙන්නේ, ඇත්තටම සිනහා විය යුතු දේවල් වලට නොවේ. මේ රට-රටවල් වලට ආපු අයත් ලංකාව වෙනස් කරන්න ඕනේ කියල කියන ගමන්, එහෙ ජිවන විලාසිතාවන්ම මෙහෙත් පවත්වාගෙන (මේවා සමහරක් කරන්නේ හරි අමාරුවෙන්) යනවා. දැන් එතකොට ලංකාව වෙනස් කරන්න කියන්නේ ඇයි? නියම ගොං පාට් නේද මල්ලි? මේවා කලින් ලියා ඇති. අප එයිට වඩා ප්‍රයෝජනවත් විදිහට මෙය ලියන්න බලමු!

  2. මේකට කොමෙන්ට් එක දාන්න හිටියේ ගොඩක් කලින්. නමුත් ඉන්ටෙර්නෙට් ප්‍රොවයිඩර් වෙනස් කරන්න ගිහින් ඇන ගත්ත. දැන් මොබයිල් එකෙන් වැඩ කරන්නේ. අලුත් එක එනකම්. මචන් මටත් මේ වගේ දෙයක් වුණා . මගේ බිරිඳ උගන්වනවා මෙහෙ තියෙනේ ග්‍රමර් කොලේජ් එකක. ඒකට පයේ අය මැරෙනවා ළමයි දාන්න. ට්යුෂන් යවල හෙම. මගේ දූරු දෙන්නම ඒකෙ විභාගේ පාස් . නමුත් අපි දැම්මේ නැහැ. දැන් ඉන්න විදුහලේ උන් දෙන්නම ත්‍රයිව් වෙනවා. ඉතින් ඔය ඉස්කෝලෙට ළමක් දාගත්ත ලංකාවේ පොරක් ඝමුවුනා. ළමයි එයාගේ ළමයි දෙන්න එක්ක සෙල්ලම් කල නිසා මම ගෙදරට කතා කලා. මම මොකක්ද කරන්නේ කියල අහල මම රුසියාවේ ඉගෙන ගත්තේ කිව්වම පොර හෙන කැපිල්ලක් දැම්මා . සෝවියට් දේශයේ ඉගෙනීම කරල ඉතින් ලංකාවේ වත් මෙහෙවත් මුකුත් කරන්න බැහැ නේද? කවුරුත් ගණන් ගන්නේ නැහැ නේද ? මන් ඇහුව පොර මොකක්ද කරන්නේ කොහේ විශ්ව විද්යලේටද ගියේ වගේ ? මිනිහ බිසිනස් කරන්නේ වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ . බිසිනස් බලන් හිටිය වගේ කතාවක් කිව්වා. මම කිව සෝවියට් දේශයේ ඉගැන්වීම හොඳයි. උන් අභ්‍යවකාශය ටත් ගියා. මු කිව්වා ඒ උන් හොරකම් කරලා කියල අමෙරිකාවෙන් එංගලන්තෙන්. මන් කිව්වා ඇමෙරිකාව හොන්ඩ අරටක්. නමුත් අභ්‍යවකාශ විද්‍යාව ගෙනාවේ රොකට් එක්ක ජර්මන් වරු කියල ඇමෙරිකාවට. මම කිව්වා මම මෙහෙ ඩිග්රියක් කලා. දැන් ඉංජිනේරුවෙක් කියල. මු කියනවා ඒක තමා මෙහෙ ඉගෙන ගන්න ඕනේ. මම කිව්වා මට මුල් එක තිබ්බේ නැත්නම් දෙවෙනි එක ලැබෙන්නේ නැහැ කියල.
    මම පස්සේ දවසක දැක්ක මිනිහ වැඩ කරනවා පුංචි කඩේක. රාක්ක පුරවනවා. පව් ඉතින්.

    • මේ ගැන මා කලිනුත් ලියා තියෙන්නේ, මෙහෙම කරන අය ඉන්නවා නම්, මේවා කියවනවා නම් ඔවුනට දෙවරක් සිතන්න. වැලේ වැල් නැති අයියල පවා, අනුන්ට සිනහා වෙමින් මෝඩ-චූන් ගන්නවා දැකීමත් මට නම් කනගාටුවක්. මට මෙවැනි කතා ගොඩක් තියනවා. අපේ උපාධි වැඩක් නැහැ කියල හිනා වෙනවා, වැස්සකට වත් උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩ වී නැහැ. කාටද බං මේවා කියන්නේ?

      සෝවියට් අධ්‍යාපන ක්‍රමය යටතේ අප ඉගෙන ගත්ත විදිහ තමා අද බටහිර හොඳයි කියන්නෙත්. දැනට කරගෙන යන සමහර දේවල් වෙනස් කරන්නෙත් ඒ හින්දම තමා. එවැනි අධ්‍යාපන ක්‍රමයක් තිබිලත් සෝවියට් සමාජ ක්‍රමය අසාර්ථක වීමට හේතුව ගැන මෙතැනදී මා කතා කරන්නේ නැහැ. ඒවා ගැන අනාගතයේ කතා කරමු.

      හැබැයි මා කලිනුත් ලියා ඇති පරිදි, අපේ ඉස්තෝරියා ගුරුවරයා කියුවේ, ගගාරින්ගේ වික්‍රමයට පසුව, ඇමෙරිකානු කණ්ඩායමක් සෝවියට් අධ්‍යාපන ක්‍රමය ගැන හැදෑරුවා කියල. ඔහු එය කියුවේ සෝවියට් දේශය කඩා වැටුණට පස්සේ වුවත්, එතැනදී උත්සහ කෙරුවේ සෝවියට් සමාජ ක්‍රමය උත්කර්ෂයට නං වන්න නොවේ.

      අද රුසියාව, චීනය, වෙනුසුවේලාව, උතුරු කොරියාව, කියුබාව, ඉරානය වැනි රටවල් පරමාදර්ශී ලෙස ගන්න අයියල, ඇත්තටම ලෝකය මෙයිට වඩා හදාරන්නට අවශ්‍යයි. මේ බටහිර රටවල් වල ඉඳන් පවා, මෙවැනි රටවල් ආදර්ශයට ගන්න අපේ ලංකාවේ අයියලට උල්පන්දම් දෙන අපේ සමහර “සංක්‍රමණිකයන්” කරන්නෙත් නියම ගොන් පාර්ට් එකක්.

  3. Pingback: සමාජවාදී අධ්‍යාපන භාවිතාවක්! A constructivist approach for blogging! | Nelum Yaya

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s