BAD*, SAD සහ තවත් කතාන්දර!


අද කල්ප ගාණකට පසු පරිසර උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 20 කට පමණ නැග්ගා. හැමදාම මේවගේ හෝ මෙයිට වඩා ඉහල උෂ්ණත්වයක් තියන රටක කෙනෙකුට නම් මේක එතරම් දෙයක් නොවේ. ඒ වගේම සෘණ උෂ්ණත්වය දිගටම තියන ශීතල කාල සහිත රටවල් වල මිනිසුනුත් කැන්බරා වල, ශීත කාලය දකිනු ඇත්තේ ග්‍රීෂ්ම සමයක් ලෙස. ඒ කෙසේ වෙතත් අපට නම් මේ සීත කාලය වෙනදාට වඩා ශිතලත්, වෙනදට වඩා දිග එකකුත් වුණා.

ඔබ අහල ඇතිනේ ටී-ෂර්ට් කාලගුණය කියල එකක්. ඒ කියන්නේ ටී ෂර්ට් එකක් දාගෙන එලියට බහින්න හැකි කාලගුණයක්. මට නම් බැරි වුණාට, සමහරුන් නම් ඉන්නවා අවුරුද්දේ ඕනෙම කාළගුණයක ටී ෂර්ට් අඳින. විශේෂයෙන් සුද්දන්ට සීතල දැනීම, අපට වඩා අඩුයි කියල මා විශ්වාස කරනවා.

දැන් අර චිකාගෝ ටී ෂර්ට් කාලගුණය කියල එකකුත් තියනවනේ. මා නම් චිකාගෝ ගිහින් නැහැ. නමුත් කියන්නේ එහෙ වසරේ දින වලින් 70% ක්ම අඳුරු අහසින් සමන්විත ඒවා කියා. ඉතින් හිරු එලිය තියන දවසක් ආවොත්, කොතරම් ශීතල වුවත්, මිනිසුන් ටී ෂර්ට් දාගෙන එලියට බහිනවා කියන එක තමා ඒ කියමනේ අරුත.

මේ පාර වින්ටර සමය සැර නිසාම, මට ඇහුණා රූපවාහිනියේ කියනවා, අර SAD කියන රෝගී තත්ත්වය සහිත අයගේ ගණනත් වැඩිය කියලත්, ඒවගේම එවැනි තත්ත්ව තියන අයට බලා ඉන්නේ නැතුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න කියලත්. Seasonal Affective Disorder නැත්නම් “සෑඩ්” යන්න ගැන ඔබට ඕනෙ තරම් තොරතුරු අන්තර්ජාලයේ සොයා යන්න හැකියි.

ලංකාවේ වුණත් වැහිබර දිනයන් කියන්නේ වැඩක් කරන්නට නොසිතෙන හරි කම්මැලි දවස්. හිරු එලිය හා අපේ සිතේ ඇතිවන ප්‍රාණවත් හා ප්‍රීතිමත් සිතිවිලි අතර සම්බන්දය ගැන නොයෙක් මතාන්තර තියනවා. හැබැයි මගේ පෞද්ගලික අත්දැකීම අනුවත් එහෙම සම්බන්දයක් තියන වග සිතන්නට පුළුවන්.

ප්‍රතිකාර ගන්න අවශ්‍ය සෑඩ් තත්වයක් මට නැති වුවත්, ටිකක් රස්නේ කාලය එනකම් බල ඉන්නේ ඉතා කැමැත්තෙන්. හවස ගෙදර එනකොට කළුවර වැටී තියන, එලිය තිබුණත් එලියට (කොයි එළිය ද හරි) යන්න ගොඩක් ඇඳුම් අඳින්න වෙන දවස් වල හමාර දැකීම හොඳ දෙයක්. අද ටිකක් එහෙම දවසක්.

පසුගිය දිනවල අල්ලපු වතු වල ඉන්න මිනිසුනුත් අප වගේම තමා. සතියේ දිනවල දකින්නට ලැබෙන්නේ නැහැ. සති අන්තයේත් එළියේ ගත නොකරන නිසා ඒත් දකින්නේ නැහැ. අද මිදුලේ ඉන්නකොට අල්ලපු ගෙදර නෝනා, කොහොමද කියල ඇහුවා. මට නම් හොඳයි, උඹට කොහොමද කියල අහන්නන් වාලේ වගේ අහපු ප්‍රශ්නයට ඇගේ මුහුණ අඳුරු වී ගියා.

ඇගේ කතාව ශෝක ජනකයි වගේම අප හැමටම මුහුණ පෑමට වන බලාපොරොත්තු නොවන දේවල් වලටත් හොඳ උදාහරණයක්. සිතේ තියන වේදනාවටම කොහෙද කියාගෙන ගිය දීර්ඝ කතන්දරේට, මා කරන්න ගිය වැඩේ පැත්තක දමා සවන් දෙන්නට, මට සිදු වුණා.

විවාහක යුවලකගේ “එකම” කතාන්දරය එය කියන කෙනා අනුව වෙනස් වේවි. ඒ කියන්නේ දෙන්නට වෙන වෙනම සවන් දුන්නොත් කතන්දර දෙකක්. හැම කතන්දරයම ඒ වගේනේ. කියන කෙනා හා දකින කෙනා අනුව කතාන්දරය වෙනස්.

අන්න ඒ වගේම //විවිධ මිනිසුන් එකම පරිසර තත්ත්ව යටතේ වෙනස්ව පරිණාමය වෙනවා. වෙනස්ව ක්‍රියා කරනවා. වෙනස්ව හැසිරෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ හැකියාවන් හා ආකල්ප වෙනස්. මෙවැනි දේවල් වලට උපන් රටට, ඉගෙන ගත්තු පාසලට හෝ ඉවර කරපු වෙනත් අධ්‍යාපනික ආයතන වලට වගකීම දමන්න නොහැකියි//..

දැන් අර නෝනාගේ කතාවට ආවොත්, ඇය කියපු සියළු තොරතුරු මා ලියන්නේ නැහැ. ඔබ ඇය නොදන්නවා වුවත්, එවැනි කුණු රසය දනවන දේවල් වලින් අපට වැඩක් වෙන්නේ නැහැ. මට නම් මේවට විසඳුම් ඇත්තේත් නැහැ. ඒ වගේම ඇය කියුවේ, “ඇගේ” කතාව විතරනේ. හැබැයි මේ කතා මට කීමෙන්, ඇයට යම් සහනයක් ලැබෙන්නත් ඇති.

මේකයි ඇත්තටම වෙලා තියෙන්නේ, එයාගේ සැමියා, එක පාරටම වෙනත් තරුණ කාන්තාවක සමග ගිහිං. යන්නම ගිහිං (ආයිත් ආවත් එකට ජිවත් වෙන්න අදහසක් නොමැති වග අර නෝනා කියුවා).

මිනිහට SAD හැදිලද? නැත්නම් වෙන දෙයක් ද? නෝනාගේ කතාවට වඩා වෙන දේවලුත් මෙතන ඇති ද? වැඩිහිටියන් එකට ඉන්න බැරි නම් වෙන් වීම විසඳුම වුවත්, දරුවන් ගැන බලන්න අවශ්‍යයි නේද? ඔන්න ඕවා ගැන සිතමින් කාලයකට පස්සේ, මා අද තණකොළ කැපුවා.

*BAD කෙසේ වෙතත්, මෙය ලියන්න ඉස්සරට වඩා වෙහෙසක් දරන්න ඕනේ. මෙන්න මා Blog Addiction Disorder (BAD) ගැන ලියපු පරණ බයිලාවක්. සෘතු වෙනස්වීම හා තවත් කතා ගැන තියන ඒ සටහන මට නම් අද වඩාත් වලංගු බවක් දැනෙනවා. ඒ වගේම මා හැමදාම කියන අපේ වෙනස්වීම් අතර තියන නොවෙනස්වන චර්යා හා සිතිවිලි වලටද මේ සටහන හොඳ උදාහරණයක්..

Advertisements

7 Comments

Filed under Social

7 responses to “BAD*, SAD සහ තවත් කතාන්දර!

  1. Pingback: BAD*, SAD සහ තවත් කතාන්දර! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. දරුවන්ව බලාගනන මට ඉල්ලගන්න බැරිවෙයිද?

    සුද්දගේ හමේ තෙල් තට්ටුව නිවර්තන කලාපික මිනිස්සුන්ට වඩා ඝනකමයිලු. ඒනිසා සීත දැරීමේ හැකියාව වැඩියිලු.

    සදාකාලික ටි ෂර්ට් කාලගුණය. !
    අත්කොට ටී ඇදන් ඉන්න පිරිමි දැක්කම මම ගායනා කරන සින්දුව“ සගවාගනු මැන ඔබ රුව සොදුරිය“

    කැන්බරාවල සර්පයෝ ඉන්නවද?(අතුරු ප්‍රශ්නයක්)

    • අල්ලපු ගෙදර දරුවන් නම් දැන් ලොකුයි. ඒ කියන්නේ ටිනේජර්ලා. ඉල්ලගත්තොත් මල්මිට කරදර කරාවි! 😀

      ඔව්, සුද්දන්ගේ ඇඟේ තෙල් වැඩියි. එය ඔවුන් ශීතල පරිසරයේ පරිණාමයත් සමග එන්නක්. හැබැයි කෙට්ටු සුද්දන්ට පවා ශීතල දැනෙන්නේ නැහැ.

      අර පැනලගිහින් තියෙන්නේ, කුඩා දරුවන් ඉන්න මවක් සමග. එතන තුන්දෙනෙක් ඉන්නවා. පොඩිම එකාට අවුරුදු තුනයි. හරි කියුට්. සුද්දියෙක්. එයාත් පොටෝ එකේ හරි කියුට් නම් තමා. මේවා සේරම මට පෙන්නුවා.

      හි හී, අත්කොට ටී ෂර්ට් ඇඳපු හොඳ “ගන්” දෙකක් තියන පිරිමි වෙන්න ඇති නේද? එතකොට කොට කලිසන් ගහගෙන ඉන්න අය දෙස බලන්නේ නැත්ද? 😉

      //කැන්බරාවල සර්පයෝ ඉන්නවද?(අතුරු ප්‍රශ්නයක්)//
      අපෝ ඉන්නවා. ගොඩක් අය ආසියාවෙන් සංක්‍රමණය වුණ එවුන්! 😀

      ඉන්නවා මල්මි. මා ළඟ පොටෝ ගහපුවත් ඇති. ඇති කරන එවුන් නොවේ, ඇත්ත පරිසරයේ. මේවා තෝරන්න අමාරුයි. පසුව දමන්නම්. එවුන් මේ ශීත කාලය, පොලව යට, හෝ යන්තමින් උණුසුම ඇති ගුහා තුල හෝ නිද්‍රා සහගතව (එනම් ශරීර උෂ්ණත්වය අවම කරගෙන) ගත කරනවා. උන් නැවත එලියට එන්නේ පරිසර උෂ්ණත්වය ඉහල ගියාට පසුව. ඔබ දන්නවා ඇතිනේ උන්ට, අපට වගේ එකම රුධිර උෂ්ණත්වයක් නැතිවග. ඒ නිසා පරිසර උෂ්ණත්වය මත ශරීර උෂ්ණත්වය රඳා පවතිනවා. අන්න ඒකයි උන් අවුව තපින්නේ.

      උෂ්ණත්වය ඉහල ගිය දිනවල, එනම් ග්‍රීෂ්ම කාලයේ වැඩකරන තැන අපට එන ඊමේල් පණිවුඩයක් තමා, අතන මෙතන දුටු කොළ පැහැති සර්පයින් ගැන වොර්නින්. මොවුන්ගේ විෂ මාරාන්තිකයි. එවැනි තැන්වල ඇවිදින විට පරිස්සමින් යන්න හෝ එවැනි තැන් මගහරින්න කියා තමා අපට අවවාද කරන්නේ.

  3. ඔය කොහොමද ඉතිං කියලා අහන ප්‍රශ්ණයට උත්තරය. හොඳයි මිසක් වෙන එකක් වුනාම අහපු එකත් අමාරුවේ. උත්තර දුන්න එකත් අමාරුවේ. ඔය ප්‍රශ්ණෙට අවංක උත්තරයක් දෙන්න ඕනෙත් නෑ. එහෙම උත්තරයක් කවුරුත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ මට හිතෙන හැටියට

    • ඇත්ත මචං. ලෝකයේ උත්තරයක් බලපොරොත්තු වෙන්නේ නැතිව අහන ප්‍රශ්නයක් තියනවා නම්, එය ඔන්න ඔය පුරස්නය තමා!

  4. අලුත් පෝස්ට් එකේ සීතල ගැන ඇහුවේ මේක කියවා නොතිබ්බ නිසා.. සොරි, ජෝර්ජ් කිවුවා චිකාගෝ වලට අනිත් ස්ටේට් ස් වල අය සහ පොදුවේ ඇමරිකානුවන් කියන්නේ “The windy city” කියලලු

    • ගණන් ගන්න එපා!
      ඒ කියන්නේ චිකගොවානුවන් හොඳට කඩල කනවා ඇති නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s