දිනෙක මතු දා දෛවයෝගෙන් ඔබව හමු වේ නම් ………….!


අද කියන්නේ ඊයේ විරුද්ද පදය. ඇත්තටම අද එහෙම දිනයක්. වැහි අඳුර සමග සීතල දිනයක්. ඊයේ එළියේ වැඩ කරන ගමන්, කලින් අවුරුද්දේ හිටවපු කැරට් අල ටිකක් ගැලෙව්වා. කඩේ එව්වා වගේ නොවේ, සුවඳ බේරෙනවා.

කැරට් වගේ දේවල් ගලවා වැඩිකල් තියා ගන්න බැහැ. හැබැයි හොඳට පැසුන වට්ටක්කා ගෙඩි කඩල, තුවාල නොකර වියලි තැනක තැබුවොත් බොහෝ කාලයක් යනතුරු නරක් නොවී තියා ගන්න හැකියි.

W1

මේ කුඩා ගෙවත්තේ අපට අවුරුද්දට අවශ්‍ය එළවලු වගා කරන්න හැටියක් නැහැ. ඒ වගේම තමන්ගේ එළවලු හා පලතුරු තමන්ටම වවා ගන්න හැමටම ඉඩමක් වෙන් කරන්න හා එසේ වෙන් කරපු ඉඩම් මිලදී ගන්න හැකි පිරිස් බිහිකිරීම යන දේවල් මේ ලොව කරන්නට හැකි දේවල් නොවේ. අනික එසේ ලොකු ගෙවතු තියන අයට කරන්න හැකි වුණත්, බහුතරයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න හැකි, “මහා පරිමාණ” වගා බිම් වලින්ම තමා.

IMG_2322

දැන් අනුන් කරපු උපාධි, ඉගෙන ගත් පාසල්, උපන් ගම් යනාදියට සිනා වෙමින් මෝඩ ආතල් ගන්නවාට වඩා, හොඳ විනෝදාංශ අප තෝරා ගන්න ඕනේ. ඔය පොඩියට එළවළුවක් හා මල් ගහක් වවා ගැනීම අන්න එවැනි විනෝදාංශයක්.

ඊයේ පුතා පළමු වරට වාහනය අරන් නගරයට ගියා. ගිය සතියේ එයා ලයිසොම ගත්තේ. විනෝදාංශ තෝරා ගැනීම වගේම, ජිවිතයට අවශ්‍ය කුසලතා අත්කර ගැනීමත් අප හැකි හැමවිටම කරන්නට අවශ්‍ය දෙයක්. මේවා අමාරු දේවල් නම් තමා.

IMG_2323

මේ කතාව මා ලියුවේ අල්ලපු ගෙදර නෝනා අද මා වාහනයෙන් බහිද්දී, පුතා සමග එයාලගේ වාහනය සෝදමින් සිටියේ. මා දැකල ඇහුව, ටයර් වලට හුලං ගහන්නේ කොහොමද කියල (එයාගේ මහත්තයා මේ දිනවල වෙන තැනක හුලං ගහන අතරේ දරුවෙකු හා අම්මා කෙනෙකු හෙට දින ගැන ලතවෙනවා).

දැන් බලන්න අනපේක්ෂිත දෙයක් වෙනතුරු මෙවැනි සුළු දෙයක් වත් කරන්නේ කොහොමද කියා සොයා බලන්න අප බොහෝ විට වෙහෙසෙන්නේ නැහැ. මා කියන්නේ ගැහැණු-පිරිමි බේදයකින් තොරව. තේක හදල දෙන කෙනා නැතිවුණ දවසක තමා තේක හදන්න දන්නේ නැහැ කියා තේරෙන්නේ.

IMG_2325

විනෝදාංශ කතාවට යලි ආවොත්, සතුට සොයා යාම කියන දේ ජීවිතය පුරාම අප කරන දෙයක්. මේ දැන් ඒබීසී වල ගිය වැඩසටහනක ගියේ ක්ලයිව් ජේම්ස් සමග කරපු සම්මුඛ සාකච්ඡාවක්. ජිවිතයට වටිනා අදහස් ටිකක්. තමන් තවම ජිවත් වෙන එක ගැන පමණක් නොවේ, ජීවිතය දිහා හැරී බලන්න හැකි වීම ගැනත් තමන් අප්‍රමාණ ලෙස සතුටු වන වග ක්ලයිව් කිව්වා. ඒ වැඩසටහන නොවූවත් මෙන්න කියවන්න හා අහන්න හොඳ තවත් ක්ලයිව්ගේ අදහස් ටිකක්.

IMG_2324

ජීවිතය දෙස හැරී බැලීම නැත්නම් to reflect on life කියන දේ සහා අපේ සතුට ලබන ආකාරය අතර පුදුම බැඳීමක් තියනවා. මා මුල් කාලයේ ලියූ සතුට කියන දේ අපේ තේරීමක් කියන සටහනේ මාතෘකාවේ ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ ඇයි කියල ඔබ සිතුවද? ඒ විතරක් නොවේ, ඔබ දුකින් ද, මට පුළුවනි පිහිට වන්න කියා යමෙකු කියුවත් එයත් කොතරම් විස්ම කර්මයෙක් වුවත් කරන්නට හැකි දෙයක් ද? ඉපදෙන කොටම අපට තෝරලා දීලා තිබෙන කොටසේ ප්‍රමාණය ගැන ඔබ සිතුවද?

(ජූලි මස අවසාන දිනයක ඉරිදා උදේ එළියට බැහැපුවහම දුටු මනස්කාන්ත පරිසරයේ පින්තූර ටිකක්. අවට බල්ලෙක්වත් නොසිටිය මේ වෙලාවේ උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක සෘණ 4 ක් පමණ වූවා).

ඉතිරිය පසුව………

(සටහන හා මගේ පිළිතුරු සංස්කරණය කළ බව සලකන්න 27/08/2015 ප.ව.9.00)

Advertisements

31 Comments

Filed under Lifestyle

31 responses to “දිනෙක මතු දා දෛවයෝගෙන් ඔබව හමු වේ නම් ………….!

  1. /// සතුට කියන දේ අපේ තේරීමක්/// කියන ලිපිය කියවන්න ඕනේ.. මේ රටේ කැරට් වල මට නම් කිසිම සුවදක් රැසක් නෑ… කැරට් නෙමේ ලොකූ රෝස මල් පෙත්තක් හැපුවත් කිසි සුවඳක් නෑ.. ඔයාලට සිතද අනේ.. අපිට මෙහෙ 50 c’ රශ්නෙයි.. මං කන්න ආස අනිත් වට්ටක්කා. බටානා නේද ඒවා.. මට මතකයි මං කලින් බලාගත්ත මාස 6ක් වැඩ කරපු ආච්චි ගේ ගෙදර සාලේ ලස්සනට තියලා තිබ්බ ලොකු වට්ටක්කා ගෙඩි අපි කවදාවත්ම ඉවුවේ නෑ,, ඒවා තාමත් ඇති,, බලන් ඉන්න බැරිම තැන එතන තිබ්බ කිලෝ එකාමාරක් වගේ පොඩිම ගෙඩිය මං ඉවුවා අලුත් වගේ කිසි වෙනසක් නෑ.. ඒත් ඇට තියෙන හරිම කරකුට්ටන් වෙලා වගේ තිබ්බා. :D.

    ෆොටෝ ගත්තේ ෆෝන් එකෙන්ද ?

  2. කුරුටු ගෑ ගී පවුර

    මං නං පට්ට අාසයි ඔය තරම් සීතලේ ඉන්න….

  3. Pingback: දිනෙක මතු දා දෛවයෝගෙන් …………. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  4. /* අවට බල්ලෙක්වත් නොසිටිය මේ වෙලාවේ */

    කමක් නෑ, එළ කොල්ලෙකු හිටියා නේ!

  5. වට්ටක්කා ගෙඩිය තාම පැහිලා නැහැ.pumpkin pie & carrot halawa හෝ අච්චාරු.
    කැරට් කොල සම්බල් හෝ තෙල් දමා.

    ලොකු පුතෙක් ඉන්නවා කියලා කෙලින්ම කිව්වනම් ඉවරනේ.ලයිසොමට වඩා ගුගල් කාර් ලේසියි.
    (මට එක්කෙනෙකුටත් පොටෝග්‍රැෆි උගන්නලා හේහාවෙලා ඉන්නේ.) ඒක පැත්තකින් තියමු.පොටෝ වලට පොඩි එඩිට් පාරක් ඕන නේද නියම ඇත්ත පේන විදිය එන්න. ලොකු පොටෝෂොප් නෙමෙයි., පිකාසා/ ms office picture manager වගේ එකකින් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් පොඩ්ඩක් එහා මෙහා කලත් හරියයි.
    අන්තිම පින්තූරේ හොදයි.!

    /ජිවිතයට අවශ්‍ය කුසලතා අත්කර ගැනීම//
    මෙහෙම වුනාම වෙන දේ දන්නවද ?? පාට්නර් කෙනෙක් අවශ්‍ය නැහැ කියලා හිතෙනවා.

    / ඉපදෙන කොටම අපට තෝරලා දීලා තිබෙන කොටසේ ප්‍රමාණය ගැන ඔබ සිතුවද?/
    මේ මං ආසම නැති සින්දුව

    සතුටින් ඉන්න බැරිනම් අඩුගානේ හිනාවෙලා ඉන්න හරි ප්‍රගුණ කරන්න ඕන නේද?අදෝනා නාහෙන් ඇඩිලි මැසිවිලි අහන්න පිරිමි කැමතිද?

  6. පොටෝ දැක්කම කටවහන් යන්න හරි අමාරුයි අප්පා.
    වට්ටක්කේ අඩුගානේ කොලයක් එක්කවත් තිබුනනම් හරියට සයිස් එක නිර්ණය කරන්න පුලුවන්. අනික,සමාන හෝ ප්‍රතිවිරුද්ධ පාට වස්තුවක් හෝ පසුබිමක්.

    පාරේ පොටෝ වල අහස ටිකක් වැඩිපුර ආවානම් ටිකා…ක්…බැලන්ස්.

    අම්මෝ තව කියන්න ගියොත් කේන්ති යයි.
    අපි ගියා.

  7. මේ රයිගම්ගෙ මෙතඩ් එක නියමයි…පෝස්ට් එකේ මාතෘකාව අපූරු ගීතයක මුල් පදය…හෙහ්..මමත් කරනව ඒ වැඩේ…ඒ විදිහට මම ඉස්සෙල්ලම ලියන සටහනේ මාතෘකාව ඇවිල්ලා ” පිවිතුරු සිතින් එනු මැන ළඳේ….” 🙂

    ඇය මා ළඟින් වෙළී බැඳී,
    ළතැවුල් මවා ගියා ඇදී,
    ඒ දුක් රැහැන් වලින් මිදී,
    අද මම විඩා හරින්නෙමී.

  8. මට ඇතිවුන ප්‍රශ්ණ
    උඹලගෙ ප්‍රාන්තේ(වචනේ හරිද මන්දා) ලයිසන්ස් ගන්න වයස කීයක් වෙන්න ඕනෙද? 16ද 18ද?
    ලර්නර්ස් පර්මිට් එක තියෙනකොට තනියෙන් යන්න දෙනවද? ප්‍රාන්තෙන් පිට යන්න බැරිද?
    වින්ටර් එකේ අච්චර කොලපාටට ගස් තියෙන්නේ කොහොමද?
    ගෙවතු වගාව ගැන මමත් හීන දකිනවා.
    මිනිස්සුන්ට උදව්වක වටිනාකම තේරෙන්නේ තව දුරටත් ඒ උදව්ව නොලැබී ගියාමයි.

  9. පෙනුම ඔහොම වුනාට මේ වට්ටක්කා රසයෙන් අඩුවක් නැහැ ඕමා. ෆොටෝ ගත්තේ නියම කැමරාවකින්. නමුත් තිබුන සිතල හැටියට අත්වැසුම් නොදා මෝඩ් වෙනස් කර කර ඉන්න බැරි වුණා.

  10. ඔයාට නම් මොක කුරුටු, තුරුල් වී ඉන්න කෙනෙක් ඇති! 😀

  11. කෝ පේන්න නැහැනේ?

  12. මල්මි “නංගි”, කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් මා අනිවා ඩෙපා සලකා බලනවා. ඔබ කියන චායාරූප සංස්කරණ වැඩ මා නොදන්නවා නොවේ. මගේ අනික් බ්ලොගයේ පින්තුර දාන විට මා ms office picture manager භාවිතා කරනවා. හැබැයි පුතෝ, ඔටෝ කරෙක්ට් හා ක්‍රොප් විතරයි. මට අනෙක්වාට වෙලාව නැතුවා විතරක් නොවේ, කරන්න අවශ්‍යයි කියා සිතෙන්නෙත් නැහැ. මට වඩා වැදගත් පින්තුරයේ කතාව. මා ලියන දේවල් එඩිට් කරනවා. සමහරවිට ලියා ගොඩක් කලකට පස්සේ වුවත්.

    මේ බ්ලොගය එහෙම නොවේ. මෙයින් මා ඉදිරිපත් කරන්න හදන්නේ එඩිටින් නොකරපු ජිවන විලාසිතාවක්. සමාජයේ නැත්තේ මෙන්න මේ දෙය. එනම් මිනිසුන් සමාජයට ඉදිරිපත් කරන හා ඇත්තටම ජිවත් වන විදිහ කියන්නේ දෙකක්. මේක එළිවුන විට ඇතිවන අපේක්ෂා භංගත්වය සමහර විට අපට දකින්න පුළුවන්.

    අනික මල්මි, සතියේ දින පහ හරිම ස්ට්‍රක්චර්ඩ් දිවියක් ගත කරන අප, එයින් මිදෙන්න කරන දේවල් එනම්, විනෝදාංශත් ස්ට්‍රක්චර්ඩ් කර ගන්න අවශ්‍යද? ඒ කියන්නේ පර්ෆෙක්ට් පින්තුර ගන්න එක, අහස -පොලව හරියට බැලන්ස් කරන එක, මේවා පර්ෆෙක්ටලී එඩිට් කරන එක, මේවායේ ඇදකුද ගැන වොරි වෙන එක අවශ්‍යද?

    නැහැ, එතකොට විනෝදාංශ, විනෝදාංශ වෙනවා වෙනුවට, ඒවායිනුත් ආතතිය ජනනය කරනවා. මගේ ඊළඟ සටහන අන්න ඒ ගැනයි.

    වට්ටක්ක ගෙඩිය පැහිල මදි කියල පිළිගන්නවා. එහෙම වුණේ නොදැන කඩල නොවේ. වැලේ ගෙඩි වැඩිවුණ නිසා. කලින්ම හදුනා ගෙඩිය හුඟක් මෝරන්න කලින් කැඩුවා. පසුව හැදුන මල් වලින් ගෙඩි හැදෙන්න දුන්නේ නැහැ.

  13. රවිත් විඩා හරිනවද? 😀
    මේකේ තව කොටසක් තියනවා.

  14. මේක ප්‍රාන්තයක්ම (ස්ටේට්) නොවේ. පළාතක් (ටෙරිටෝරියක්). එවැනි පළාත් දෙකක් මෙහි (ඕස්ට්‍රේලියාවේ) තියනවා. ප්‍රාන්තයක බලතල වලට සමාන හා වෙනස්කාම් මෙහි තියනවා. විස්තර පසුව ලියන්නම්.
    වයස 17යි (මාසයයි).
    වින්ටරයේදී හැම ගහකම කොළ හැලෙන්නේ නැහැ. සමහර ගස් මෙහෙට ආවේනික ඒවා නොවන්නත් පුළුවන්. නමුත් ආවේනික ගස් තියනවා කොළ නොහැලෙන. නමුත් අලුතින් දළු දමන්නේ නැහැ මේ කාලය තුල.
    මටත් එහෙමට ගෙවත්තක් නැහැ. නමුත් මෙයිට ලොකු ඉඩම් ගන්නත් බලාපොරොත්තුවක් දැන් නැහැ.
    //මිනිස්සුන්ට උදව්වක වටිනාකම තේරෙන්නේ තව දුරටත් ඒ උදව්ව නොලැබී ගියාමයි.//
    උදව් විතරක් නොවේ, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, ආදරය, ප්‍රජාතන්ත්‍රවාදය…..යනාදී දීර්ග ලැයිස්තුවක් තියනවා. 😦

  15. Anonymous

    නියම පොස්ටුව මචෝ. මම නම වගා කරන්නේ නැහැ. බිරිඳ තම ඕවට. මම කරන්නේ හොඳයි කියල කන එක. අපේ ඇඹුල් චෙරි ගහක් තියෙනෙව. බිරිඳ මේ දවස් වල එවලින් සමගොන්කි හදනවා. මම බොනවා. මචං මෙහෙ ඕන නම් පොඩි පර්චස් එකක දෙකක කෑල්ලක් අරන් වගා කරන්න දෙනවා. කුලිය හරිම අඩුයි. ගොඩක් වයසක අය කරන්නේ ඒක

  16. ඉහත කොමෙන්ටුව දැම්මේ අජිත් (කොලඹ ගමයා )

  17. නුවර කුමාරි

    අද කියන්නේ ඊයේ විරුද්ධ පදේ නෙවෙයි. එහෙනම් හෙට කියන්නේ ඊයේ විරුද්ධ පදේ කියල කියන්නේ කොහොමද ඈ ? ( කොහොමද නයා පාර.. දැක්කද පෙනේ? හික්)

    සයිස් එක ගැන මල්මි නහයෙන් ඇඩුවට එලලා තියෙන කොලෙනුයි , නැට්ටේ ප්‍රමානයෙනුයි හිතාගත්තකි ලංකාවේ වගේ ලොකු නැති වට්ටක්ක කියල. තමන්ගේ එළවලු තමන්ට වවන්න නම් ඉතින් වැඩි කාලයක් ගෙදර ඉන්න වයසක් එන්න වෙයි. කොටින්ම මට මිරිස් පැලයක් බේරගන්න මාර ගේමක් දෙන්න වෙලා මේ ගොලුබෙලි හමුදාවෙන්! ඔය රටවල්වල ඉතින් එහෙම කරදර නැහැනේ. ඒ උනාට ඒ පාට පාට ගොළුබෙල්ලෝ මාව කෝචෝක් එකට අරගෙන. අඩුතරමේ බනිනකොට කටුව ඇතුළට වත් රිංගන්නේ නැහැ.අනිත් එක මගේ ආසම ජාති ගෙවත්තෙන් අරගෙන එකපාරටම කන්න පුළුවන් ජාති වලින් ටිකක් ඈතයි.

    ඒක නෙවෙයි.. මොන හිතලක් තිබ්බත් අර වගේ තණකොළ ගොල්ලක් තියාගෙන ඔකේ පෙරලෙන්නේ නැතුව ඉන්නේ මොන පිස්සුවකටද? ඊටත් පේනතෙක්මානෙක නැහැ කියල තියෙද්දිත්?? ඕක තමයි කියන්නේ මම වගේ උන්ට ඔය වගේ රටක වැඩිකල් වසන්ට බැරි මොකද කියල.. හි හි…

  18. Anonymous

    I love to grow my own vegi, but moved the house from own to rent. so can’t do any vegi patch. have to wait quite some time :-(.

  19. අපි හැමදේම කරන්නේ සතුට සොයා නේද?

  20. මම කියන්නේ එවර්ග්‍රීන්ස් ගැන නෙවෙයි මචං. ඔය දාලා තියෙන සීන් ඒ වින්ටර් එකේ දවසක් කියලා හිතෙන්නේ නෑ. වඩා කිට්‍ටු autumn/fall වල පින්තූරෙකට. සමහරවිට හිම නැති නිසා වෙන්නැති.

  21. ඔය වට්ටක්කා එක දුන්නේ අල්ලපු ගෙදර කෙනා නේ? පුදුම වැඩේ කියන්නේ රයිගමට එයා දැක්කාම සිංදුත් මතක් වෙන එකනේ? 😛

  22. මට තේරුණා. උඹගේ සිතේ තියෙන්නේ උතුරු අර්ධගෝලයේ ශීත සමය. මේක මචං වෙනස්. සිඩ්නි හෝ මෙල්බර්න් වල උෂ්ණත්වය සෘණ තියා +10ට අඩු වෙන්නෙත් කලාතුරකින්. අපට පවා උදේට හා රෑට සෘණ ගියාට දවල්ට + වෙනවා. අනික මචෝ ඕස්ට්‍රේලියාව කියන්නේ දින 365ම වගේ හොඳින් හිරු එලිය ලැබෙන රටක්. ඇබෝරජිනල් වරුන්ගේ හම කළු පාටින් පරිණාමය වුණේ (වසර 60000 ක් තිස්සේ), මෙලනින් හිරු එළියෙන් ආරක්ෂා වීමට අවශ්‍ය නිසා. සුද්දන් තව අවුරුදු 10,000 ක් වගේ මෙහෙ එක දිගටම පරිණාමය වුණොත්, සුදු හම නැතුව යාවි. මෙහෙ පරිසරයට අනුවර්තනය වීමට ලංකාවේ අපට ලොකු විභවයක් තියනවා. අපේ ජාන අනාගතයේ ප්‍රමුඛ වේවිද කියලයි මා නම් සිතන්නේ.:)

    රියදුරු වැඩේ ගත්තොත් ලර්නර් පර්මිට් ගන්න විදිහ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ටික ටික වෙනස්. ලර්නර් කෙනෙකුට තනිවම පදවන්න නොහැකියි. වම් පැත්තේ “ඉන්ස්ටක්ටර්” කෙනෙක් අනිවාර්යයෙන් ඉන්න ඕනේ. ගෙනයන්න හැකි අනික් මගින් ගාන ප්‍රාන්ත අනුව වෙනස් වෙනවා. ලර්නර් පර්මිට් එකෙන් පසු P නැත්තම් ප්රෝබෙෂනරි ලයිසොම ගන්න, ප්‍රයෝගික පරීක්ෂණයක් (එනම් එළවා පෙන්වීම) සමත්වීම හෝ බලයලත් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකු සමග ලොග් පොතක් නඩත්තුව මගින් කරන්න හැකියි. මේ කියන දේවලුත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. මේවා පළාත්සභා වලට අයිති දේවල්.

  23. //බිරිඳ මේ දවස් වල එවලින් සමගොන්කි හදනවා.// මෙය දැකුමින් අප කළ පිං මද බව හැඟුනි! 😀
    කඩේ බෝතල් කරලා තියන දේවල් ගෙනාවත් දැන් කුරු කුරු ගානවා.
    //මචං මෙහෙ ඕන නම් පොඩි පර්චස් එකක දෙකක කෑල්ලක් අරන් වගා කරන්න දෙනවා. කුලිය හරිම අඩුයි. // අඩෝ, සමාජවාදය ඇස් ඉදිරිපිටම නේද? ඉස්සර අපේ උනිවර්සිතේතය ළඟ තිබුන තට්ටු නිවෙස් වල කට්ටියට මේ වගේ පොඩි ඉඩම් කට්ටි දීල තිබුණා. එයාලගේ මේ කුඩා වගා අර සංක්‍රාන්ති සමයේ ප්‍රධාන නිෂ්පාදන මාර්ගය වුණා. අපි විලක් ගාවට බොන්න/මාළු බාන්න ගියේ (සහ අමාරුවෙන් නැවත ආවේ) මේ පාත්ති මැදින්. මාර සුන්දර කාලයක්.

  24. Anonymous

    ෆොටෝ එඩිට් නොකලත් කලත් වින්ටර් එකේ පාලුව, මූඩ් එක ටිකක් හරි ඔබේ ෆොටෝවලින් දැක්කා. ඒක හැමෝටම වදින්නේ නැති වන්න පුළුවන්. ඔහොම යමු

  25. I must say that my vegi patch is quite small one. However, the pleasure I get from it is enormous.
    I know, gardening is tricky when you are renting. May I ask, are you building your own house at the moment? 🙂
    You can still try with pot-gardening which is a good alternative for (transit) people like you.

  26. ඔව් නලින් හරියට හරි. අපේ සතුට සොයා යාමේදී, අනුන්ව අසතුටු නොකිරීමටත් අප සිතනවා නම් තවත් හොඳයි.

  27. හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා! උරණ නොවන්නෙමි ඔබ අන්සතු වන දා!! 😀

    ප්‍රවීනාට ඇත්ත කතාව තේරුණා.

  28. ඔන්න ඕකනේ කියන්නේ. මේවා අප විවිධ විදිහට රස විඳිනවා. ඔබ මගේ ජාතියේ කෙනෙක්. මේ සටහන් වලින් කියන දේවල් ද විවිධ අරුත් වලින් තේරුම් ගන්න හැකි විදිහටයි මා ලියා තියෙන්නේ. ස්තුතියි! ඔබත් නැවත එනු ඇතැයි සිතමි. 🙂

  29. Anonymous

    ලගයි වගේ

  30. අතන කියුවේ පද ගැන නොවේ උපේක්ෂා. කාලාගුණය සම්පුර්ණයෙන් වෙනස් වූවා කියන එක.

    මල්මි හරි උපේක්ෂා (සොරි, පැහිල මදි. මේක පරණ පොටෝ එකක්. මා පින්තූරය වෙනස් කරනවා.

    අපට යන්තමින් කාලය තියෙන්නේ, වයසට ගිය හන්දා නොවේ, අප ලෝකයේ සමහර මිනිසුන් කරන මනස්ගාත වැඩ වලින් ඈත් වී, සරල දිවියක් ගෙවන නිසා.

    මා කලින් ලියා ඇති. ගොළුබෙල්ලන් කියන්නේ අපටත් විසාල ප්‍රශ්නයක්. මා බේත් දමා මුන්ව විනාශ කරනවා. නැත්නම් මිරිස් හදනවා තියා, වැහි දිනෙක එලියට බහින්න පවා නොහැකියි. චොර චොර කියල පෑගෙනවා. මා ආස නැති දෙයක්.

  31. Pingback: දිනෙක මතු දා දෛවයෝගෙන් ඔබව හමු වේ නම් ………….! | සතුටු වැස්ස බ්ලොග් කියවනය