………….සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මා පවසන්නම්!


කවුරුන්ගෙන් බේරුණත් ගෑල්ළමයින්ගෙන් නම් බේරෙනවා කියන්නේ බොරු. පුදුම ලෙඩ තමා දාන්නේ. එක්කෙනෙකුට තියන ප්‍රශ්නය එයා, මොබයිල් පෝන් එකෙන් ලස්සන පින්තුර ගනිත්දී, මා ගන්න කබල් පොටෝ මොකකින්ද ගත්තේ කියන එක, අනික් එක්කෙනා අහනවා පින්න මිදිලා තියන තණකොළ ගොල්ලේ පෙරලෙන්නේ නැතිව පොටෝ ගගහ ඉන්නේ මොකද කියලා, අනික් එක්කෙනා අහස-පොලව බැලන්ස් කරන්නේ නැත්තේ ඇයි කියල අහනවා, ඒ අස්සේ තව කෙනෙකුට දැනගන්න ඕනේ අල්ලපු වත්තේ නෝනා හා මා අතර තියන සම්බන්ධය මොනවගේ එකක්ද කියල. මේවට දීපල්ලකෝ උත්තර. හැබැයි මේ කතා සියල්ල නලින් කියන හා මා ලියන්න ආව සතුට සොයා යාම කියන සනාතන මනුෂ්‍යය ප්‍රශ්නය හා සම්බන්දයි.

මේ සටහන් පතෝල කියන කට්ටියගේ විවේචන කෙසේ වෙතත්, පතෝල නොවන සටහන් ලියන එකට කැමති නැතිය කියන හා උදේ පාන්දර නැගිටපු ගමන් මේවා කියවන කෙනෙකුගේ විවේචනයක් මට අහක දමන්න නොහැකි නිසා කලින් සටහන, පොඩි ව්‍යායාමයක් කර ටිකක් වෙනස් කෙරුවා. ඇත්තටම අර නීල් ආම්ස්ට්‍රෝන්ලට එයාලගේ අත්දැකීම් අපට හරියට සන්නිවේදනය කරන්න බැරිවුණා වගේ, යමක් දන්නා කෙනෙකුට ඒ පණිවුඩය හරියට සන්නිවේදනය කරන්න නොහැකිවීම එයාගේ දුර්වල කමක් කියා මා පිළිගන්නවා. මා නම් දන්නේ අර ඇනෝ කියන්න වගේ සීමිත පරාසයක් වුවත්, මේවා ඉදිරිපත් කිරීමේදී නිර්මාණශීලි වන්න හැකි නම් වඩාත් ප්‍රයෝජනවත් වගත් මා පිළිගන්නවා.

ඉංගිරිසියෙන් කතාවට කියනවනේ ඔබට “ජීන්ස්” මාරු කර ගන්න බැරි වුණාට “ජීන්ස්” මාරු කර ගන්න පුළුවනි කියල. මෙතන කලින් කියන්නේ genes ගැන, දෙවෙනියට කියන්නේ jeans ගැනයි. එහි තේරුම නම්, උපතින් අපට හම්බ වෙන (අම්මගෙන් හා අල්ලපු ගෙදර මාමාගෙන්) ජාන මාරු කරගන්න නොහැකි වුවත්, ජිවන විලාසිතා කියන දේවල් අපට අවශ්‍ය ආකාරයට තෝරා ගන්න, මාරු කරන්න පුළුවන් කියල. මට මේ කතාව ලියන්න හිතුනේ ගිය සතියේ උදේ ඒබීසීයේ ගිය කතාවක් නිසා.

what-determines-your-happiness-levels

ගිය සතියේ වැඩට යන්න කලින් දරුවන්ට කන්න හදල දීල, පාතරාසය ගන්න ගමන් බලපු ඒබීසී ප්‍රවුර්ති වැඩසටහන ගියේ සතුට කියන දේ ගැන විවරණයක්. ඉහතින් තියන “පයි” ප්‍රස්ථාරයත් එහිදී ඉදිරිපත් වූවා. මෙය නැරඹුවේ, කලබලයෙන් නිසා එහි කියපු දේවල් සේරම මට මතක නැහැ. හැබැයි ඉහත ප්‍රස්ථාරයේ 10% කොටස ඔවුන් හැඳින්වුයේ ජිවන විලාසිතා වශයෙන්. සියයට පනහ කොටස ජාන වලින් තීරණය වන ටික. සියයට හතලිහ කොටස අප සිතා මතා කරන ක්‍රියාකාරකම්.

මෙතැනදී මට යන්තමින් ඉහත පයි සටහන මතකයට ආව. දැන් ජිවන විලාසිතා කියන්නෙත් අප සිතා මතා කරන ක්‍රියාකාරකම් නිසා, එය අර 40% ටම නේද අයිති වෙන්න ඕනේ. මෙන්න මේක තමා කපුටන් හත්දෙනාගේ කතාව කියල කියන්නේ. මුල් පර්යේෂකයා කියන්නේ අර 10% යනු, අපේ පරිසරය කියල. එනම් ඒ කොටසත් අපට වෙනස් කරන්න බැහැ (ඇත්තටම පුලුවනි. එයට පසුව එන්නම්). එතකොට අප සොයා යන සතුට කියන දෙයින් 60% ක් රඳා පවතින්නේ අපට තීරණය කරන්න බැරි කරුණු මත. එනම් අපට සිතා මතා තීරණය කරන්න පුළුවන් 40% ක් පමණයි.

අපට උරුම වන ජාන පවා වෙනස් කර ගන්න නොහැකිය කියන දෙය කාලයේ ප්‍රශ්නයක් පමණයි. ඒ විතරක් නොවේ, සමහර ජාන වල ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ පරිසරයේ බලපෑම මත. අම්මගේ බඩේ ඉන්න විට, අම්මගේ ක්‍රියාකාරකම් නිසා සමහර ජාන වලින් ඇතිවන බලපෑම මොනවගේ එකක්ද කියා තීරණය වනවා. ඒ වගේම මිනිස් ජාන සියල්ල හඳුනා ගැනීම හා ඒ එක එක ජාන මගින් ඇතිකරන ක්‍රියා කාරිත්වයන් හඳුනා ගත් පසු, බෙහෙත් කියන දේවල් අද තියන පරිදි ජෙනරික් ඒවා වනු වෙනුවට, එක එක පුද්ගලයන් ඉලක්ක කරගත් (කස්ටමයිස් කරපු) අද්විතීය ඒවා වනු ඇති. මේවාත් බිහිවුන පසුත් ලෝකයේ විශාල කොටසකට, ඒවාට අතපොවන්නට තවත් කාලයක් ගතවනු ඇති.

මේ කතාවේ තව කොටසක් තියනවා. පහත ලින්කු, මේ කතාව කීමට මා තෝරා ගත්තු ඒවා. හැබැයි මා කියන්න හදන්නේ මෑතකදී කියවා සිතේ තියන කරුණු ඇසුරින්. ලින්කු එකතු කරන්න බැරි මුලාශ්‍ර ද ඒවාට ඇතුලත්.

http://www.happenchance.net/7-phd-approved-ways-to-increase-your-happiness/
http://www.livescience.com/46877-denmark-happiness-genetics.html
https://www.psychologytoday.com/blog/media-spotlight/201302/can-happiness-be-genetic
http://www.economist.com/node/21532247

පලි
මොනවා කියුවත් අල්ලපු ගෙදර නෝනාගේ කතාව ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. එයාල පවුල් කෑම දශක දෙකකට ආසන්නයි. මේ සිද්දියෙන් පසු මිනිහා ඇඳුම්-කැඩුම් ටික ගෙනියන්න ආපුවහම මේ නෝනා අහල තියෙන්නේ, ඇයි මේ වගේ තීරණයක් ගත්තේ? අප මෙතරක් කල් සිටියේ සතුටින් නේද කියා. එයට ඔහු පිළිතුරු දී තියෙන්නේ, මෙතරම් කලක් මා කරපු සියළු දේවල් මවාපෑම් විතරයි කියා. දැන් එතකොට, තමන්ගේ සතුටට එරෙහිව මවා පෑම් කරමින් ජීවිතය ගත කරනවාට වඩා, ඉටිකිරිස් කෑල්ලක් සමග යාම ගැන අපට චෝදනා කරන්න හැකිද? (මා නම් හරි දේ මොක වුවත් ඉන්නේ අර නෝනගේ පැත්තේ).

දැන් අබේවර්දන මේ ගායනා කරන පරිදි, තමන්ගේ සිතේ තියන දේ නොකියා මුළු ජිවිතයම ගත කිරීම කොතරම් ගොන් කමක්ද? එයිට වඩා අර කපුගේ හා බුලත්සිංහල ලා වගේ එකතු වෙන්න බැරි වුවත්, ආදරය ප්‍රකාශ කිරීම ප්‍රගතිශීලි පියවරක් නේද? මේවා ගැන සිතීම මා ඔබටම බාර කරන්නම්. වෙලාවක් හම්බ වුවොත් මේ සටහනේ ඉතිරිය හෙට.

ඔබ දන්නේ නෑ… මා කිවේ නෑ………

Advertisements

1 Comment

Filed under Lifestyle

One response to “………….සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මා පවසන්නම්!

  1. Pingback: ………….සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මා පවසන්නම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s