ජීවිතයේ ආශ්චර්යයන්!


Bottle IMG_1930

නියම සහුර්දයෙකු සමග මධු පානයකට සෙට් වීම, හරියට හිතට අල්ලන පොතක් කියවීමට ලැබීම හා සමානයි. ඉස්සර නම් මේ දෙකට අපේ ප්‍රවේශය එකම අන්දමේ දෙයක් වූවා. එනම් විවුර්ත කළ පසුව ඉවර කරන තුරුම නොනැවත්විම. අද මේවා සමහරක් වෙනස් වෙලා.

අද පොතක් කියවන්නට එතරම් කැමැත්තක් දනවන්නේ නැහැ.  ඒ කියන්නේ, පටන් ගත්තු පසු එකවර ඉවර කරන්නට ආසාවක් දනවන්නේ නැහැ, ඒවගේම බෝතලයක් විවුර්ත කළ පසුත් ඉක්මනින් එය ඉවර කරන්නට ආසාවක් නැහැ. හැබැයි මේ දෙකටම තියන ආසාවේ අඩුවක් වී තියනවා කියන්නත් නොහැකියි.

හැබැයි ඉස්සර වගේ නොවේ, අද මේ දෙවර්ගයම තෝරනවා. අතට අහුවෙන දෙය කියවන්න සිතෙන්නෙත් නැහැ. අනික් වර්ගයත් ඒ වගේ. මේ කරුණු දෙකම අපගේ ජිවිත වෙනස්වීම වගේම නොවෙනස්විම ගැනත් කියවෙන අපූරු රූපකයක්.

මේ ලඟදි කියවපු Miracles of Life by JG Ballard ගේ ජිවිත කතාව මා කැමති අන්දමට ලියවුන අවංක ජිවිත විවරණයක්. ගොඩක් ජිවිතකතා කියවන්නට සිතෙන්නේ නැත්තේ, ඒවා නිකම් වාර්තා විතරක් වන නිසා. මා නිතර ලියන, නියම විවේකයෙන් ජීවිතය දෙස නැවත හරි බැලීම හා වාර්තාකරණය යනු දෙකක්.

There was also a pleasantly tolerant climate of what now seems unbelievably heavy drinking. When I mentioned the ‘two martini lunch’ to my mother at the time I was  writing Empire of the sun, She retorted: Five martinis…. ‘ As a small boy I took it for granted that drinks were served at any hour, and the pantry cupboards resembled a medium-sized off licence, with shelves of gin and whisky bottles. Many of the people my parents knew remained slightly drunk all day, and I remember the family dentist whose breath always reeked of something stronger than mouth-rinse. But this was common in the Far East, partly a social convention, an extension of wine with one’s meals to every other human activity, and partly a response to living in a city without a museum or gallery, and where the houses in the nearby streets were thirty years younger than the residents.

I  asked my mother about drugs, and she insisted that no one in her circle took them, though she knew people who were morphine addicts. but bridge, alcohol and adultery are the royal cement that holds societies together, and too many sedative drugs would have shut down a large part of shanghai. In England in the 1960s my parents were abstemious drinkers, having a whisky soda before dinner and a single glass of wine, at a time when I  was drinking half a bottle of scotch a day. My mother was rarely ill and lived to the age of 93 (P 39-41,  J. B.Ballard, Miracles of Life, Shanghai to Shepperton, An, Autobiography, Fourth Estate, London, 2008).

පොත ගැන විවරණයක් පසුව.

චායාරූපය මගෙනි.

Advertisements

9 Comments

Filed under Books

9 responses to “ජීවිතයේ ආශ්චර්යයන්!

  1. thanks ,, පින්තූරේ මගෙන් කිවුවේ 😀

    හි හි ඔයාගේ කථාව මටත් එහෙම්ම මයි.. ඉස්සර ඉස්කෝලේ යනකාලේ පොතක් ගෙනාවම ඉවරකරනකල් ඉවසිල්ලක් නෑ, ඇත්තටම සමහර පොත් කියෙවුවා කියන්න කියෝන වෙලාවලුත් තිබ්බා.. මං මහ වයසක කෙනෙක් නෙමේ ඒත් මට දැන් දැනෙන විදියට ජිවිතේ වෙනස් ඉස්සරට වඩා ගොඩාක්… හොඳ පොතක් නෙමේ නම් ඒක ටිකක් කියෝලා පැත්තක දානවා.. ෆිල්ම් එකක් නම් පැය දෙකක් නැවතිලා බලන්න හිතක් ඇත්තෙම නෑ.. ඉස්සර නම් ඒ වගේ හැඟීම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා ,කාලෙකදී අමුතු උද්යෝගයක් එනවා ආයේ නැතුව යනවා, දැන් ඒත් එහෙම නෑ,, මට දැනෙන්නේ සානුවක් උඩ යනගමනක් වගේ ඒත් එක පාරට දඹයක් සෙට් වෙලා සෙත්තපෝච්චි වෙයිද දන්නේ නෑ..

    • චායාරූපය මා ගත්තු එකක් කියන එක ඔමා.
      ජීවිතය කියන්නේ එහෙම දෙයක් තමා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මාත් දැන් කුඩා ලිපි කියවන්න කැමතියි පොත් වලට වඩා.
      //ඒත් එක පාරට දඹයක් සෙට් වෙලා සෙත්තපෝච්චි වෙයිද දන්නේ නෑ..//
      ඔව් ඒවා කියන්න බැහැ. 🙂

  2. Alcohol – Life’s lubricant.

    • ජිවිතයේ සිමෙන්ති කියලයි බලාර්ඩ් කියන්නේ හෙන්රි. 🙂

  3. නිවාඩු ගිහින් ආවේ ඊයේ. උඹ ලියල තියන ගොඩ දැක්කම තව නිවාඩුවක් ගන්න ඕනේ කියවන්න. උඹ ම දවසකට එකක ගානේ ලිව්වද? හා හා 🙂 නිවාඩු කාලේ බෝතලේට සෙට් වෙලා සිංහල සින්දු ගොඩක් කියන එවුන් එක්ක කාලයක් ගතැහැ කලා . ඒකත් ෆන් එකක් තමා. /නියම සහුර්දයෙකු සමග මධු පානයකට සෙට් වීම, හරියට හිතට අල්ලන පොතක් කියවීමට ලැබීම හා සමානයි// ඔන්න උඹත් ඇත්ත කතාවක් කිව්වා.

    • මචං, උඹ වැඩ කරන්නෙම නැත්ද? හැමදාම නිවාඩු.

      එක නොවේ මචං, සමහර දාට දෙකක් ලියුවා. උඹටත් ඒ සේරම පැත්තක තියෙද්දී පෙනිලා තියෙන්නේ බෝතල ගැන ලියපු සටහන විතරයි. මචෝ, අනෙක් වයේත් ටික ටික හරි ඇත්ත තියනවා. 😀

      • කාන්දමට වගේ ඇදී එන්නේ ඒකනේ බන්.මේ දවස් වල අගෝස්තු නිවාඩුව නේ. ඉතින් පොඩි ට්‍රිප් එකක් ගියා ලේක් ඩිස්ට්‍රික්ට් කියන පැත්තට. අනිත් ඒවා කියවන්නම් . නෙලුම්යාය ත් .පොඩ්ඩක් හිර වෙලා මම නැති නිසා.

        • මේවා නම් මචෝ මොන යායක වත් දාන්න එපා. මෙය කියවන්නේ තලස්තානි අදහස් වලින් යුතු පිරිස් නිසා, මේවා මා බය නැතුව ලියනවා. නමුත් වෙනතැනක ලියන්නේ නැහැ.
          නිවාඩු ගත්ත නම් දැන් තමා හති අරින්න වෙන්නේ. නැත්ද? 🙂

  4. අද ලියූ පෝස්ටුවට කමෙන්ට් වැහුවේ ඇයි. අදහසක් දක්වන්න නියම තැනක් වගේම නිදහන් වෙලාවක් ලැබුණු මොහොතක ඒ ගැන දුක් වෙමින්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s