පූසන් සමග බෑ, බල්ලන් එක්ක කොහොමත් බෑ! It is never too late to apologize!


අපට ගෙවල් දොරවල් මාරු කරන්න හැකියි. අත්පිට මුදල් හෝ බැංකු ණය අවශ්‍යය කියන එක ද්විතියික කරුණක්. හැබැයි, මේ නිවස සමග අපට ලැබෙන එක දෙයක් නම්, අපට අවශ්‍ය ආකාරයට මාරු කර ගන්න නොහැකියි. අන්න ඒවා ගන්න නිවාසය සමග අපට කොහොමත් ලැබෙනවා. නිවාස වලට විතරක් නොවේ, රටවල් වලටද මේවා වෙනස් කර ගන්න නොහැකියි. දූපතක් වීමේ එක වාසියක් තමා, මේවයින්/මොවුන්ගෙන් ටිකක් හෝ ඈත් වී ඉන්නට හැකි වීම.

ඒ තමා අසල්වැසියන්. අප දැනට ඉන්න ගෙදර මුලින්ම බලන්න ආපු වෙලාවේ, වැට ගාවට ඇවිත් මුලින්ම කතා කෙරුවේ අල්ලපු වත්තේ ඉන්න සුද්දා. ඒ වන විට අප මේ ගෙදර ගන්නවා යයි තීරණය කර තිබුනේ නැහැ. හැබැයි එදා ඔහු මගෙන් අහගත්ත නම, ඉන්පසුව කිසි දිනෙක අසන්නේ නැතුව ඔහුගේ මතකයේ තියනවා. ඔහු පමණක් නොවේ, ඔහුගේ බිරිඳද එදා මා සමග කතා කෙරුවා.

ඒ පළමු හමුවීමෙන්, මා ඔහු ගැන ඇතිකර ගත් තක්සේරුව, වැරදිය කියන්න හේතුවක් අදත් මට නැහැ. කුඩා පවුලක් වන ඔවුන් ජෙනුයින් මිනිසුන්. ඒ වගේම අහිංසක කට්ටිය.

අප ගෙවල් වලට නොයනවා වුණත්, වැටගාවට ඇවිත් කතා කරනවා. ඔහු තමා මට එළවලු පැල හා එළවලුත් දෙන්නේ. එයාලගේ චූටි දුවට කියන සුරතල් නාමය, පම්ප්කින්. ඇය කුඩා ළදැරියක්. මේ දරුවට සෙල්ලම් කරන්න “සෙල්ලම් ගෙයක්” පසුගිය අවුරුද්දේ හදල දුන්නා. ඔවුනගේ කෙළිලොල් සිනහා අපට ඇහෙනවා.

ලෝකයේ හොඳම දෙමාපියන් ඉන්නේ අප අතරය විතරක් කියල සිතන කට්ටිය ගැන මට පුදුමයි. විශේෂයෙන් බටහිර පවුල් කියන්නේ දරුවන්ට ආදරය නොකරන පිරිස් වශයෙන් අර දෙයියෝ සාක්කි පත්තරේ කොමෙන්ටු වල එහෙම සඳහන් වෙනවා. මේ අය කිසිදා එවැනි පිරිස් දැක ඇත්දැයි මට නම් සැකයි.

කොහොමහරි අප ගෙදර ගත්තට පස්සේ, එයාල වැට තව ටිකක් ඉස්සුවා. හැබැයි ඒ ගැන මට කියුවා. අප ආපු හින්දා තමා ඉස්සුවේ. මොකද කියනවා නම්, තඩි බල්ලන් දෙන්නෙකු එයාලට හිටියා. ඇත්තටම තඩි බල්ලෙකුයි, පොඩි බල්ලෙකුයි. හිටියා කියුවේ තඩියා පසු කාලෙක මළා.

මුන් අපට නොපුරුදු නිසා පුතාලගේ කටහඬ වල් වලට බුරාගෙන වැට ගාවට එනවා. වැටෙන් මෙහා පැත්තට පනීවි කියල බයට තමා වැට ඉස්සුවේ. හැබැයි එක කොටසක වැට පරණ උසටම තිබුණා. ඒ එළවලු පාත්තිය තියන කොටස. එය කොටු කර ඇති නිසා බල්ලන්ට එන්න බැහැ.

ඊයේ මා වැලෙන් රෙදි ගන්නා විට, ඒ කොටසේ පොඩි දැලක් ගහමින් ජෝඩුව හිටියා. මා දැකපු විට, මට කියුවේ, මේක කරන්නේ උඹලට එරෙහිව නම් නොවේ කියා.

අපේ වත්තේ තඩි පූසෙක් ඉන්නවා. අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර එකෙක්. මුගෙන් අපට කරදරයක් නැති නිසා අප එළවන්නේ නැහැ. දැන් මේකා අල්ලපු ගෙදර පාත්තිය පැන සියල්ල පහුරු ගාන නිසා තමා වැටට තවත් පොඩි දැල් කෑල්ලක් ගහන්නේ.

මා කියුවනේ අනිත් අල්ලපු ගෙදර මිනිහා අපට කරපු වැඩේ. එයාගේ කබල් මඩුව ගහන විට හෝ අපෙන් ඇහුවේ නැහැ. එය හදල තියන හැටි කොහොමත් නීති විරෝධියි. දැන් මේ තරුණ, මවක සමග පැන ගිහින් තියෙන්නේ අන්න එයාම තමා.

මුලින් මා බිරිඳට කියුවහම අර යකා, නම් ජරා පොරක් කියල, ඇය මා සමග කිසිදා එකඟ වූයේ නැහැ. මොකද මූණිච්චියට හොඳට කතා කරනවා. විශේෂයෙන් ඇයත් සමග කතා කරන විට. මා නම් එතරම් කැමැත්තක් නැහැ ඔහු සමග කතාවට යන්න. හැබැයි අහු වුණොත් කතුරට අහුවුණා වගේ තමා.

මිණිසුන් හා ගැහැණුන් එකතු වීමට වගේම වෙන්වීමට ඉඩ තිබීම, අවශ්‍ය දෙයක්. විශේෂයෙන් කලකට පසු තේරෙනවා නම්, එකට ඉන්න බැරිය කියල. නමුත් ශිෂ්ට සම්පන්න මිණිසුන්/ගැහැණුන් වශයෙන් ඒවගේ අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියනවා.

දරුවන් ගැන වග බලාගැනීම එකක්, දේපොළ විතරක් නොවේ අනෙක් පාර්ශවය (විශේෂයෙන් ගැහැණු) ගැන වග බලා ගැනීමත් එම ක්‍රියාමාර්ගයට ඇතුලත් විය යුතුයි.

මිනිහා පැනගොස් තියෙන්නේ එයාලගේ හවුල් ගිණුමත් හිඳලා. මා ගාණ ලියන්නේ නැති වුවත්, එය ලොකු ගාණක්. මේ දිනවල හෝටල් වල මධු-සමය ගත කරන ඒවාට ගෙදරට බිල් එන වග මාත් දැන් දන්නවා. මට මිනිහා දුටු පළමු දිනයේ ඇතිවුණ තක්සේරුවේ ද වෙනසක් නැහැ.

ජිවත් වන විට අප දැනුවත්ව හා නොදැනුවත්ව කරන වැරදි වලට (ඒවා වැරදි කියා තේරුණ පසු) සමාව ගැනීමට කිසිදා ප්‍රමාද නැහැ. හැබැයි ඒ අනෙක් පාර්ශවය ජිවත්ව ඉන්නතුරු පමණයි. ඉන්පසු නම් සමාව ගන්න ප්‍රමාද වැඩියි. රට-රටවල් වල ආණ්ඩු හා අනෙක් සංස්ථා මගින් කෙරෙන වැරදි වලටද මෙයම අදාලයි නේද?

පලි
මේක දැන් කටුසටහන් ගොඩට දැම්මොත්, කිසිදා පළ නොවේවි. මොකද මා හැම දිනම පළ කරන්නේ එවෙලේ
සිතට එන හා එවෙලේ ලියන දේවල් නිසා. ප්‍රවීනා සිනහා වුවත්, මේ ගීතය නොදැම්මොත් අඩුවක්. 🙂

Advertisements

20 Comments

Filed under Opinion

20 responses to “පූසන් සමග බෑ, බල්ලන් එක්ක කොහොමත් බෑ! It is never too late to apologize!

  1. /විශේෂයෙන් ඇයත් සමග කතා කරන විට/ ෆෝබියා ජෙලසි හොදම එක!

    සොරි කියන එක සංස්ක්රුතිකයි. ඒක සිංහලෙයේ සාමාන්‍ය නැහැ සමාවෙන්න කියන එක සොරි වගේ ජානවලට ඇතුල්වෙලා නැහැ. මගේ කුඩා ජීවිතකාලෙන් මං ඉගෙනගෙන තියෙන දෙයක් තමයි ඇතැම් ජනවර්ගවල මිනිස්සුන්ගෙන් සොරි බලාපොරොත්තුවෙන්න බැරි බව. 😦

    සොරි කෙසේවෙතත්. මම නොපමාව “අයි ලව් යු“ කියලා වගේම “මට ඔයාව පේන්න බැහැ“කියලා මිනිස්සුන්ට මුණටම කියනවා වගේම ඒ ඇයිද කියලත් කියනවා.
    හේතුව, උදේ ගෙදරින් යන අය හවසට ගෙදර එයිද කියලා 2009 වෙනකම්ම ෂුවර් එකක් නැති නිසා.කොයෙිවෙලේ කොතන බෝම්බයක් පුපුරයිද දන්නැහැනේ.ලව් යු කියන්න කලින් එයා මැරුණොත් ඒක ඉවසන්න පුලුවන් වුනත්, “පේන්න බැහැ“ කියලා කියන්න කලින් එයා මලොත් නම් සදා විදවන්න වෙන නිසා.

    මේවට උත්තර නොලිවුවට කමක් නැහැ.

    • //ෆෝබියා ජෙලසි හොදම එක!//
      අනේ නැහැ මල්මි, පොර කිසිදා එවැනි ආකාරයකට කතාවට ආපු කෙනෙක් නොවන වග මා හොඳින් දන්නවා. ඔහු ගෙදරට මොනවා කළත්, අපත් සමග කතා කරන විට ඉතා හොඳ කෙනෙක්.

      //මේවට උත්තර නොලිවුවට කමක් නැහැ.// මොකද ඒ ගමන කේන්ති ගිහින්ද?

      //මම නොපමාව “අයි ලව් යු“ කියලා වගේම//
      හරි වැදගත් කතාවක් මල්මි. බෝම්බ නොවේ කුමන පරිසරයක වුවත්, ගෙදරින් යන අප ගෙදර නොඒමේ සම්භාවිතාවයක් තියනවා.

      අද උත්තර ලියන්න කම්මැලි දිනයක්. නැතුව කියන්න දේවල් නැතුව නොවේ. මදිද සටහන් දෙකක්ම දමපු එක.

      කලින් කොමෙන්ටුවට යමක් කියනවා නම්, අන්තර්ජාලය කියන්නේ මිනිසාගේ මෑත කාලින අද්විතීය නිර්මාණයයි. මට තේරුම් ගන්න බැරි වුවත්, ලෝකයේ පළ වෙන බොහෝ ප්‍රකාශන වල නොමිලයේ අතපොවන්න ලැබෙනවා. ඔබ කියනවා වගේ මෙව්වට ගෙවන්න අවශ්‍යයි. අන්න එතැන පොඩි ප්‍රශ්නයක් තියනවා. මේවායේ තියන දේවල් ප්‍රධාන දහරාවට එන විට කොටස් හැලී එන්නේ. එයත් ප්‍රශ්නයක්.

  2. Pingback: පූසන් සමග බෑ, බල්ලන් එක්ක කොහොමත් බෑ! It is never too late to apologize! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. බල්ලන් පූසන් හා අසල්වැසියන්ගෙන් තොර එදිනෙදා ජිවිතයක් නෑ.
    වීඩියෝ එකට තෑන්ක්ස්.

    ඊයේ රෑ බැලුවා ඇමරිකන් ඇක්ෂන් ෆිල්ම් එකක් “flightplan” අම්මා කෙනෙක් තමන්ගේ දරුවා බේරගන්න පැසෙන්ජර්ස්ලා 400 කට වඩා වැඩි ප්ලේන් එකක් ගිණිබත් කරන හැටි.

    • බල්ලන් කෙසේ වෙතත්, පූසන් නැති ලොව කුමටද ඔමා?
      මාරයිනේ, ඇඳට වෙලා ඇක්ෂන් ෆිල්ම් බල බල නේද ඉන්නේ?

  4. සමහර වෙලාවට අපි හොඳයි කියල ආශ්‍රය කරන අය ගැන, අපේ ගෙදර අය (අම්මා හෝ තාත්තා) එතරම් ප්‍රසාදයක් දක්වන්නේ නැහැ. ගොඩක් කල් ගියාට පසු තමයි වැටහෙන්නේ එයාලට අපට වඩා දැනුම් තේරුම් තියන නිසා, අපට කලින්ම අර අයගේ සැබෑ ස්වරූපය වැටහී ඇති බව. ඔබේ බිරිඳ ටත් එවැන්නක් තමයි වෙලා තියෙන්නේ.

    මූනිච්චාවට හොඳින් කතා කරන අය ට වඩා ඇත්තටම කියන දේ පැහැදිලිව කියන මිනිස්සු ආශ්‍රය කරන්න ලේසියි. ඔබට දෙයාකාරයක මිනිසුන් දෙපස තබාගෙන ජීවත් වෙන්න ලැබුණු එකත්, එක්තරා අතකින් වාසනාවක්. මොකද කොච්චර නරකයි කියල හිතන අයගෙන් උනත් ඉගෙන ගන්න දේවල් තියන නිසා. ගොඩක් වෙලාවට මම හොඳ මිනිසුන් දිහා බලල අපි කල යුතු දේ ඉගෙන ගන්නා අතරම, නොහොඳ දේවල් දිහා බලල අපි විසින් නොකළයුතු දේ ඉගෙන ගන්නව. දැන් බලන්න, ඔබටත් ඉගෙන ගන්නට ලැබෙනවනේ how to not to treat your wife වගේ දේවල් 🙂

    මම හරි කැමතියි මේ ලිපියට. කලකින් ආවේ.. ඉඩ ලැබුණු වෙලාවට එන්නම් ආයෙත් 🙂

    • හරි දැන් ඔයාත් ආව. ඔයා විතරයි මෙතන අඩුවකට හිටියේ. මේක දැන් මානවිකාවන්ගේ රජදහනක් වෙලානේ! 😀
      //මම හරි කැමතියි මේ ලිපියට.//
      මාත් හරි කැමතියි, ඔබගේ කොමෙන්ටුවට.

      ඒ සේරම විහිළු මානවිකා. කොහෙද ගිහින් හිටියේ? මා ඔබව ලිස්ට් එකෙන් අයින් කළා. තවදුරටත් ලියන්නේ නැතිය කියල සිතල. යාවත්කාලින නොවන බ්ලොග් වලින් වැඩක් නැහැ. ඔන්න ආයිත් දැමුවා. ඔව් යලිත් මෙහි එන්න. 🙂

  5. අර ජෝඩුව වගේ අසල්වැසියෝ වාසනාවන්. අර අනිත් පැත්තේ කට්ටිය නෙවෙයි.

    >>ලෝකයේ හොඳම දෙමාපියන් ඉන්නේ අප අතරය විතරක් කියල සිතන කට්ටිය ගැන මට පුදුමයි. විශේෂයෙන් බටහිර පවුල් කියන්නේ දරුවන්ට ආදරය නොකරන පිරිස් වශයෙන් අර දෙයියෝ සාක්කි පත්තරේ කොමෙන්ටු වල එහෙම සඳහන් වෙනවා. මේ අය කිසිදා එවැනි පිරිස් දැක ඇත්දැයි මට නම් සැකයි.<<

    මමත් හිතන දෙයක් ඕක. ඕකට හේතුව ලෝකෙ ජීවත් වෙන අනිත් මිනිසුන් ගැන නිසි අවබෝධයක් නොමතිව ලේසිම දේ වන stereotyping and generalization වලට තැන දීම.

    මේගැන වැඩි දුර වාද කරන්න ගිය එකත් බටහිරට ගැති එකෙක් හැටියට හංවඩුව වදිනවා.

    තමන් තමා ශ්‍රේෂ්ඨම කියන Holier than thou attitude එක මම හිතන්නේ බොහෝ ජාතීන් අතර තියෙන සංකල්පය.

    • මචෝ, සදා වෙනස් වන ලෝකයේ, සදා පසුගාමී ආකල්ප අතරට ඔන්න ඕකත් වැටෙනවා.
      ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල්වරුන් ගැන ලියැවුන දෙයියෝ සාක්කි ලිපියක ප්‍රතිචාරයක තිබුණේ, ඔවුන් මහා කැත මිනිසුන් කියා. ලස්සන-කැත සබ්ජෙක්ටිව් තමා. නමුත් මේ අයියල/අක්කල හිතන් ඇති එයාලත් මහා ලස්සනයි කියල. අනේ බං මෙව්වා කාට කියන්නද?

  6. මෙතන ආදර කතාවකුත් යනවද? 😛

    ඔන්න හිනාවුනේ නෑලු. ඩූඩ් හිටියේ නැත්නම් මෙතන මානවිකාවන්ගේ කමෙන්ටු විතරක් ඇති තැනක් වෙනවා. 😀

    • //මෙතන ආදර කතාවකුත් යනවද?//
      හෑ, මේ මොනවා කියනවද ප්‍රවීනා, මෙතන යන්නේ ආදර කතන්දර විතරයි. රයිගමහන්දිය යනු ආදර අන්දරයක් නේ!

      හිනා නොවුණට තැන්කිව්ලු. ඔන්න රසිකත් ඇවිත්. නමුත් අංක එක මානවිකාවන්ම තමා.

      ටිකක් සිරාවට කියුවොත්, ප්‍රවීනා, මට මතකයේ හැටියට ඔබ මෙය කියවන්නේ වසර තුනක පමණ සිට. අප අතර බැඳීමක් නැත්නම්, ඔබ මෙතරම් කාලයක් මෙය කියවමින්, කොමෙන්ටු දමාවිද. නැහැ. ඒ බැඳීම මා ලියන්නෙකු හැටියට ඔබටත් තියනවා. අප අතර ඇන්ටොගනිස්ටික් තත්වයක් නැත්තේ අන්න ඒ නිසා. මොක හෝ හේතුවක් නිසා ඔබට මාවත්, මට ඔබත් දරා ගන්න හැකියි. මේක විරුද්ධ පක්ෂයට ඇති ලිංගික ආකර්ෂණය නොවේ. ඔබට පෙනෙනවා ඇති මුලදී කියවමින් සිටිය පිරිස් (ලිංග බේදයකින් තොරව) අද මෙහෙ නැතිය කියල.

      හැබැයි, මා කාන්තා perspective එකට කැමති, ඔවුන් මගේ ජිවිතයට වැඩිම බලපෑමක් කරපු පුද්ගලයන් නිසා. පිරිමියෙක් කියන දෙයකට වඩා, කාන්තාවක් කියන දෙයක් ගැන දෙපාරක් සිතන්නට මා පෙළඹෙනවා.

      ඔබට මතකද මේ සටහන.ඒ මෙය කියවන අයෙකු මුලින්ම මට කතා කරපු දිනය. ඔබ දන්නවා, ඔහු තාමත් මෙය කියවනවා හා වයිස් වර්ස කියා. මෙවැනි ලංකාවේ කියවන අයෙකු-දෙන්නෙකු මා හමුවීමට කැමති යයි කියා තිබෙනවා. එය හරි අසීරු කරුණක්. අප ලංකාවට යන්නේ කලාතුරකින්. ඒ ගියත් දැන් ඒ රටේ වැඩ ආගන්තුකයි. ගෙදරින් එලියට බහින්න පවා කිසිවෙකුගේ උදව් අවශ්‍යයි. නමුත් අඩුමගානේ එයින් එක අයෙකු හෝ හමුවන්නට ඉදිරි අනාගතයේ මා සිතා සිටිනවා.

      මගේ ඇත්ත රූපය දැකගත් දිනෙක ඔවුනගේ ඔවුන්ගේ චිත්ත රූපය වෙනස් වෙයිද නොවෙයිද?

      (අපොයි මගේ පාන් කෑලි දෙක)!

  7. මා ඕස්ටේ‍ර්ලියාවේ මිනිසුන් ඝැන මුලින්ම දැනගත්තේ නේබර්ස් ටෙලියෙන්. ඒ 1990 දශකයේ මුල හරියේ. සතියටම පැය භාගයයි පෙන්නුවේ.

    එහි මා දුටු මුල් කොටසින් ම මා කැමති වූ කාරණා දෙකක් නම්,
    1. පයිප්ප බාස්ලාටත් හොඳ ඩබල් කැබ් තිබීම
    2. ගෙවල්වල ෆ්‍රීජ් ඇරපු ගමන් බියර් බෝතල් පුරෝලා තිබීම

    • හේ හේ රසික. නෙබර්ස් මා මුලින්ම බැලුවේ රුසියානු ජාතික රූපවාහිනියේ. එහි රුසියානු හඬ කවපු මේ කතාංග ගියා. නැරඹුවා වුවත් මට ගොඩක් විස්තර මතක නැහැ.
      ප්‍රිජ් ඇරපු ගමන් බියර් තියනවා නම්, වෙන මොනවාද ඕනේ කරන්නේ නේද?

  8. Pra Jay

    Read
    p.s, I’m not a girl

    • Noted! don’t worry ප්‍රා! who cares!

      • රසික, ඩබල් කැබ්ද සිංගල් කැබ්ද? ඩබල් කැබ් මාකට් ලංකාවෙ. පිටරටවල චිත්‍රපට සීරීස් වල නම් මම දකින්නෙ සිංගල් කැබ් ජනගහනය අධික බවයි.
        ඒ වගෙමයි කන්වර්ටිබල් කාර් ගැන කතාවත්. ලංකාවෙ අපි කැමති වැඩිම මගීන් සංඛ්‍යාවක් ගෙනියන්න පුලුවන් වාහන වලට. ඒකයි වෑන් ඔච්චර තියෙන්නේ මම හිතන්නෙ.
        ඒකනෙ කවුදෝ එකෙක් කට කහනවට කිව්වේ Condoms prevent minivans කියලා. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s