I will never be the same without you….!


මේ සති අන්තය වැඩිපුර ගෙවුණේ අන්තර්ජාලයේ. විචාරකට වගේ ඇබැද්දියක් නම් වුණේ නැහැ. මා කලින් බාර අරන් අන්තිම මොහොත දක්වා කල් දාපු දෙයක් නිම කිරීමට, තව ටිකක් කියවන්න සිදු වුණා. අප ජිවිතයේ සියල්ල කරන්නේ මුල්‍යමය ප්‍රතිලාභ බලාගෙන නොවේනේ. මේ වාණිජ ලෝකය ප්‍රවර්ධනය කරන අසීමිත සම්පත් හා සතුටු සොයා අප හඹා යනවා කියනවනේ. ලෝකයේ ඉන්න හැමෝම ඒ වගේ අයද?

හැබැයි අප කරන බොහෝ දේවල් අප කරන්නේ එයින් යම් ප්‍රතිලාභයක් තියන නිසා. යම් දෙයක් සාර්ථකව නිම කළහම අඩුම වශයෙන් සෙන්ස් ඔෆ් අකම්ප්ලිෂ්මන්ට් කියන දෙය වත් ලැබීම ම ප්‍රතිලාභයක්. ඊයේ දුරකථන ඇමතුම් දෙකකින් සිතට ගලා ආ සිතිවිලි නිසාත්, අද විවේක දිනයක් නිසාත් මේ සටහන ලියන්නට සිතුනා.

මිනිසුන් වෙනස් වෙනවා කියල ඔමා කියන කතාවට, හොඳම උදාහරණය, මා පෙරේදා දැකපු කොමෙන්ටුවක්. මගේ සටහන් කලින් ඉතා ආසාවෙන් කියවනවා යයි, මෙහිම කිහිපවරක් ලියපු, මා මිත්‍රයෙක්, දැන් මේවා නොතේරෙන අප්‍රබංශ යයි ලියා තිබුණා. එය ඇත්තක් වන්නට පුළුවන්. හැබැයි ඒ මට නොවේ. ඒ ගැන මා කනගාටු වුවත්, කරනට හැකි දෙයක් නැහැ. මොකද කියනවා නම්, මේ සටහන් එදාට වඩා මට නම් නිරවුල්. ඒ නිසාම වෙන කෙනෙකුට මේවා අප්‍රබංශ වීමද සමහරවිට පුදුමයට කරුනකුත් නොවේ.

දැන් අර දුරකථන සංවාදයේ යෙදුන කෙනෙක් මගෙන් ඇහුවේ මොකටද මේ බ්ලොග් ලියන්නේ කියල. එයට පිළිතුර මා කලින් කිහිප විටක් ලියා තියනවා. සටහන් අප්‍රබංශ වීම පිටුපසද තියෙන්නේ එම කරුණම වෙන්න හැකියි. ඇත්තටම පෞද්ගලික සටහන් කියන ඒවායේ ගොඩත් දැන් වැඩි වෙනවා. එයට හේතුව වී තියෙන්නේ, මට කෙලින්ම ලියා සේව් කිරීමට ඇති පහසුම මාර්ගය මෙය නිසා.

අනික් මිත්‍රයා සමග කතා කරන විට, අපේ එක මාතෘකාවක් වුණේ, දරුවන් (පාසැලින් පසු) මොනවාද ඉගෙන ගත යුත්තේ කියන එක. එය අපට තීරණය කරන්නට හැකි දෙයක්ද? එසේ කළ යුතුද? ගිය සතියේ ප්‍රවුර්ති වලට ගියේ, මෙහෙ එනම් ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබන පිරිස් වලින් හරියට බාගයක් ම ඉගෙන ගන්නේ, අනාගතයේ මැරුණු (වෙන්නට හැකි) වෘත්තියන්ට අදාළ විෂයය කරුණු කියල.

ඇත්තටම අප ඉගෙන ගන්න කාලයේ, ඉගෙන ගන්න දේවල් වලින් අනාගතයට මොනවගේ ප්‍රයෝජනයක් වේවිද කියා මෙලෝ සංසාරයක් දැනුනේ නැහැ. ඒ අතින් අද ඉන්න දරුවන්, මේවා ගැන අවධිමත්. නමුත් අනාගතය අපට නිශ්චිතවම කිව නොහැකියි. ඒ නිසාම ගන්නා ඕනෙම තිරණයක රිස්කයක් තියනවා.

ගිය සිකුරාදා වැඩ කරන තැන දී, හවස තිබුන දෙයකින් පසු “සැහැල්ලු බීර” බෝතලයක් බොමින් මා ටිකක් කතා කෙරුවේ, ටික කාලයකට ජර්මනියේ සිට පැමිණි අයෙකු සමග (ඇත්තටම මේ ලයිට් කියන ජාති කියන්නේ මහා ප්‍රෝඩාවක්. කිරි හැර අනෙක් ලයිට් ජාති කිසිවකට මගේ කැමැත්තක් නැහැ). දැන් අර කතාවට ගියොත්, ඔහු ඉපදී තියෙන්නේ ඉතාලියේ, මූලික සරසවි උපාධිය ඉතාලියේ. ආචාර්ය උපාධිය ස්විට්සර්ලන්තයේ. දැන් වැඩ කරන්නේ ජර්මන් විශ්ව විද්‍යාලයක මහාචාර්ය කෙනෙකු හැටියට.

ඉතාලියේ ඉතාලි බසින් ඉගෙන ගත්තු ඔහු, ස්විට්සර්ලන්තයේදී ඉංගිරිසියෙන් ඉගෙන, ජර්මන් වල ජර්මන් භාෂාවෙන් (භාගෙට භාගයක්) උගන්වනවා. අප වගේ නොවේ, අර කතාවට කියන්නේ නියම ඔලුකාරයෙක්. ඔහුගේ විෂයය භෞතික විද්‍යාව. හැබැයි අද කරන්නේ එම විෂයය වෙනත් විෂයකට සම්බන්ද කිරීමයි.

ඔහුගේ තියන අද්විතීය බවත් එයමයි. මා ඇහුවා ඒ නිසාම ඔබට තරඟයක් නැති වීම මහා වාසියක් නේද කියල. එය වාසියක් වගේම පාඩුවක් බවයි ඔහු කියුවේ. මොකද ඔහුට ඉන්න “පාරිභෝගිකයන්” ගණනත් අඩු නිසා. හැබැයි ඔහුගේ ප්‍රවේශය අර මා මුලින් කියුව මොනවාද ඉගෙන ගන්නේ කියන දෙයට හොඳ පිළිතුරක් කියා මට සිතෙනවා.

හැබැයි එක පරහක් තියනවා. හොඳ මොළකාරයන් බොහොමයක් වගේ, පෞද්ගලික සනීපාරක්ෂාව ගැන නම් ඔහුගේ අවධානය බිංදුවට ආසන්නයි කියා කතා කරපු ඒ ටික වෙලාවේ මට සිතුණා. අන්න ඒකත් අප ඉගෙන ගන්න අවශ්‍ය විෂය පථයන් වලට වැටෙන්නට ඕනෙයි කියල මට සිතෙන්නේ.

ඉගෙනීම (පොතපත කියවිමම නොවේ) ගැනත් මට කියන්න තියෙන්නේ, අෂ(ර්) ගයන ඩේවිඩ් ගෙටාගේ මේ ගීතය කියන කරුණම තමා. අපට ජිවිතයේ හමු වන සමහර මනුෂ්‍යයන් ද අන්න ඒවගේ.

I can’t win, I can’t reign
I will never win this game without you, without you
I am lost, I am vain,
I will never be the same without you, without you

I won’t run, I won’t fly
I will never make it by without you, without you
I can’t rest, I can’t fight
All I need is you and I, without you, without you

[Chorus]
Oh oh oh
You! You! You!
Without
You! You! You!
Without you

Can’t erase, so I’ll take blame
But I can’t accept that we’re estranged without you, without you
I can’t quit now, this can’t be right
I can’t take one more sleepless night without you, without you
I won’t soar, I won’t climb
If you’re not here, I’m paralyzed without you, without you
I can’t look, I’m so blind
I lost my heart, I lost my mind without you, without you

[Chorus]

I am lost, I am vain,
I will never be the same without you, without you
Without you

(Read more: David Guetta – Without You Lyrics | MetroLyrics)

16 Comments

Filed under Education

16 responses to “I will never be the same without you….!

  1. Pingback: I will never be the same without you….! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //I will never be the same without you….!//
    හම්මෝ දැනුණු සන්තෝසේ….:D:D

    //මගේ සටහන් කලින් ඉතා ආසාවෙන් කියවනවා යයි, මෙහිම කිහිපවරක් ලියපු, මා මිත්රයෙක්, දැන් මේවා නොතේරෙන අප්රබංශ යයි ලියා තිබුණා.//

    මේ සමහරවිට එක පෝස්ට් එකක් ගැන කියපු දෙයක් වෙන්ට ඇති. ‘වෙනස්වීම’ කියන දේ නිත්ය දෙයක් නම්, මිනිස්සු වෙනස්වීම ගැන පුදුම වෙන්ට දෙයක් නෑ නේද?

    කොහොම වුනත් මේ දවස්වල රයි සිංදු කියනවා වැඩී. අන්න ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්ට වටිනවා. 😛

  3. මොකද ඔච්චර සංතෝෂයක්! 😀

    සමහරවිට වෙන්න ඇති. ඔහු/හෝ ඇය දැන් මොනවා කියුවත්, මේ බ්ලොගය මුල් කාලයේ මට “උදව්” කරපු කෙනෙක් නිසා මට ඔහු ගැන තියෙන්නේ සදා හරිත මිත්‍රශීලි හැඟීමක්.

    අද මා ගෙදර. මේ වගේ දවසක සිංදු අහන්නේ නැත්නම්, කවදා අහන්නද?
    ඇයි ප්‍රවීනා හිතන්නේ, මං අල්ලපු ගෙදර මිනිහගේ අඩිපාරේ යන්න හදනවා කියලද? 😀

  4. /රයි /
    නියම සොයාගැනිමක් පොඩ්ඩි
    චියර්ස්!!
    😀

  5. Pra Jay

    Real Ale ගැන අදහස මොකක්ද?

  6. /අප ජිවිතයේ සියල්ල කරන්නේ මුල්‍යමය ප්‍රතිලාභ බලා……./
    අපි විකිපිඩියා වලින් “සාමාන්‍ය “ දැනුම “නොමිලේ “ ලබාගන්නවා. තවත් වැඩිපුර ඕනනම් තවත් ටිකක් සර්ච් කරලා හොයගන්නවා. නමුත් , මොහොතක් එනවා ඉන් එහාට දැනුම ලබාගන්න අපට “මුදල් “ ගෙවන්න වෙනවා.

    මං ඉගෙනගත් විෂයයන් ගැන ලියන්න මං කැමතියි.සෑහෙන්න නොසෑහෙන්න වියදම් කර ඉගෙනගත්තත්, නමුත්, රයිගම් දන්නවනේ ඉස්කෝලෙන් පස්සේ අපිට ඉගෙනගන්න වෙන්නේ හා ඒවාට පරිශිලනය කරන්න වෙන මුලාශ්‍ර ඉන්ග්‍රීසි.මං කම්මැලියි. ඉතින් නොදන්නා හෝ විෂයට විතරක් අදාල ඉන්ග්‍රිසි වචනවල “ඩෙෆිනිෂන්“ බලනවා විතරයි. සමහරවිට මේවාට සිංහල වචන හොයාගන්න අමාරුයි.වගේම හොයාගත්තත් ඒවා මතක තියාගන්න අමාරු විදියට හදලා තියෙන වචන. ඒවා මතක තියාගන්න එක මටනම් හරිම වෙහෙසයි. අනික විෂයක් තුල පවතින වාග් කෝෂයෙන් හා ඒ සංස්ක්රුතියෙන් මිදිලා , ඕන කෙනෙක්ට තේරෙන භාෂාවෙන් ලියන එක මාර අමාරු වැඩක්. ඒකට අවශ්‍ය දේවල් ප්‍රගුණකරන එක අර විෂය ඉගෙනගන්නවාට වඩා සිය ගුනයකටත් වඩා අමාරුයි.

    කෑම බීම හැදිල්ල ගැන මං ලොස් නැතිව සත්ගුණවත් භාවයෙන් ලියනවා. හේතුව කවදාවත් මං කෑම බීම විකුණන එකක් නැති නිසාම නෙමෙයි. මේ තාක්ෂණය අතින් අපි ඉස්සරහට යනවා හරිම අඩුනිසා.දන්නවනේ ගෙවල් සීයකින් පරිප්පු හොදි සීයක් කෑවොත් රස සීයක්. අපි එච්චචර නොහිතුවත් ආවේණික “ට්‍රිප්ස් හා ට්‍රික්ස්“ දහස්ගානක් . නමුත්, මේ දේවල් ව්‍යාපාර විිදියට කරනවනම් ,මුෂ්ටි තියාගත යුතුමයි. මේ මුෂ්ටිය හා ලංකාවේ ව්‍යාපාර ගැන සෝචනිය ලිපියක් ලියන්න ඉන්නේ බලමු පැය 48 ක දවසක් අල්ලගන්න.

    හැබැයි, සමහර දේවල් නම් මං ලියන්නේ කවුුරු හරි කොපිකරන්න ට්‍රයිකලොත් කෙලවිලාම යන්න .හරි අමාරුවෙන් හරි හරි ලේසියෙන් හරි මං හොයාගත් දේවල් පිනට දෙන්න මං වෙස්සන්තර නෙමෙයි. නමුත්, මගේ බඩු විකුණගන්න මුලින් ටිකක් හරි නිකං දෙන්න වෙනවා. හරියට පෙරහැර දවසට නිකං/පිනට නෙස්ටමෝල්ට් දෙනවා වගේ. 🙂

    ඔයාගේ ලිපිවලට මෙච්චර දිග කමෙන්ට් ඇයි දන්නවද??ඔයාට ලව් එකට නෙමෙයි.
    මගේ බ්ලොග් එක කියවන සමහරකට මේවා සන්නිවේදනය නොවිය යුතු නිසා. එ් අපතයන් මෙතනට එන්නැති බව ෂුවර්. 😀

    අම්මෝ මේ “සමහරක්“ අතර කිසිම බ්ලොගර් කෙනෙක් හා කමෙන්ට් කරන්නන් නැති බව ලියන්නම ඕන.මට තියෙන ලොකුම බ්ලොග් ප්‍රශ්නය “එවුන්“ ටික මගේ බ්ලොග් එකෙන් හලාගන්න එක.

    අනේ මේක මකන්නනම් එපා හොදේ. 😀

  7. 5.5% තියනවා නම් ප්‍රා රියල් නොවේ පේල් ඒල් වුවත් මට නම් හොඳයි!

  8. අද නම් Malmi දිග කොමෙන්ටුවට දිග උත්තර ලියන්නේ නැහැ. හැබයි ඔබ දිග කොමෙන්ටු දිගටම ලියන්න.

  9. Pra Jay

    මං real ale බීලා නැති නිසා ඇහුවෙ.

    දිගටම ferment වෙන එකක් කියනවනෙ

    චීස් වල බැක්ටීරියා දිගටම ක්‍රියාකරනවනෙ (processed cheese වල නෑ)

  10. මෙහෙ ale වර්ග රාශියක් තියනවා. ඇත්තටම ප්‍රා, බිර යනු මගේ පානයක් නොවේ. මේවා ගැන විස්තර ගොඩාක් දන්නේ නැහැ. මා ඉඳහිට ඔය ale වර්ග ගන්නවා. මල්මි කියන්න වගේ නිතර බීර බිව්වහම බඩ එනවා. ඒ වගේම කැලරි ගොඩකුත් එන නිසා කොහොමත් මහත් වෙනවා. හැබැයි බීර වල සීනි වර්ග කිසිවක් නැහැ.

    කිසිම මධ්‍ය පානයක් හොඳය කියා මා කියන්නේ නැහැ. මේවායේ පොඩි පොඩි හොඳ වල තියනවා වුණත්, නරක වැඩියි කියා තමා සොයා ගැනීම් කියන්නේ. අනික ඒවායේ තියන ඇබ්බැහි කරවන ගතිය. එයත් නරක ගුණාංගයක්.

    මධ්‍ය පානය, කුසීත ජීවිතය, පමණට වඩා කෑම යනාදී සියල්ලම නරක ජිවන විලාසිතා තේරීම්.

  11. Pra Jay

    මං ඇහුවෙ මධ්‍යපාන විදිහට ගුණ අගුණ නෙමෙයි රයිගම් , රියල් ඒල් අනිත් (ෆිල්ටර්ඩ් /ප්‍රොසෙස්ඩ්) ඒවට හොඳයි කියන එක ගැන. ප්‍රොසෙස්ඩ් චීස් වලට වඩා අමු චීස් හොඳ වගේ.

    කමක් නෑ
    මල්මිට බයයි වගේ,
    අපි හැමෝම gentler gender එකට බයයිනෙ

  12. මේ මාසයේ වැඩ කොටස ඉක්මනින් ඉවරකරගත් නිසත් ලබන මාසේ වැඩට බඩු ලැස්ති කරගත් නිසත් නිදහස්.හෙට අලුත් මාසයක් අලුත් වැඩ සමග.

  13. මට තේරුණා ඔබගේ ප්‍රශ්නය. මග හැරියේ ඕනෙකමින්.
    මා ජාති දෙකම බිලා නම් තියනවා. නමුත් වෙනසක් කියන්න තරම් මා දිව ප්‍රගුණ කර නැහැ. හැබැයි ප්‍රොසෙස්ඩ් ඒවාට වෙනත් රසායන දමා තිබෙන නිසා, ඒවායින් හැදෙන ඔලුව කැක්කුමත් වැඩිය කියා මා සිතන්නේ. කෙලින්ම ටැප් එකෙන් ගන්න හැකි, එතනම හදන, අර වෙනත් ජාති කලවම් නැති, කල් තියා ගන්න බැරි බිර වල “අමුතු ගතියක්” තියනවා නම් තමා.

    චීස් කියන්නෙත් මගේ ප්‍රියතම කෑමක් නොවේ. මේවත් කන්න නම් රසය දන්නා කෙනෙක්ම වෙන්න ඕනේ නේද?

  14. කවදද අර ලබන මාසෙට අවශ්‍ය බඩු ලේස්ති කර ගත්තේ? ඕවා කලින් අරන් තියා ගන්න එක පාඩු නැත් ද?

  15. කලින් අරන් තියාගන්න එක පාඩු නැහැ. හැ‍මෝම කරන්‍‍නේ එ‍හෙමයි. ‍මේ කාලසටහන,වැඩ කරන පිලි‍වෙල සබ්‍‍ජෙක්ට් එකත් එක්ක එන එකක්.

    ප්‍රස්න අහන්න එපා අ‍නේ ‍හෙට ඉදන් මම වැඩ.

  16. හරි, හරි, මාත් හෙට ඉඳන් වැඩ තමා. බලන්න අඛණ්ඩව මාස 6 ක් පොස්ට් 12 ගානේ පබ්ලිෂ් කර තියනවා.

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.