I’m gonna hold you like I’m saying goodbye! වසන්තය කියන්නේ ……?


අද මොනවගේ අප්‍රබංශයක් ද ලියන්නේ? අද තවත් දිනයක් විතරක් නොවේ, වසන්තයේ මුල් දිනයයි. ඕස්ට්‍රේලියානු ජාතික පුෂ්පය වන ස්වර්ණමය වොට්ල් මල් පාර දෙපසම තිබෙනවා. කොළ හැලුණු බොහෝ ගස් වල ද මුලින්ම එන මල් දැනටම පිපිලා. හැබැයි අපේ කැලැන්ඩරේ දිනයට හරියටම පරිසරය වෙනස් වුණා කියලත් හිතන්න පුළුවන්.

පරිසරයේ සෘතු බෙදීමේ හොඳකම ගැන මා කලින් ලියා ඇති. අද සුද්දෙකු මට කියුවේ රත් වෙන්න වෙන්න ඇඟ කම්මැලි වෙනවා කියල. මොකද සීතලේ වැඩ කරන්න පහසු නිසා. එහිත් ඇත්තක් තියෙන්න පුළුවන්. හැබැයි මිනිසුන් දැන් වෙනදට වඩා ඇවිදිනවා දකින්න පුළුවන්. ගොඩක් දෙනා ශරීරයේ බර ටිකක් අඩුකර ගන්නේ රත්වන කාලයට. මොකද ඇඳුම් වලින් සිතල කාලයේදී ශරීරය වහගන්න හැකි වුණත්, රත් වන විට අඳින ප්‍රමාණය අඩුවන නිසාත්. එය එක හේතුවක් පමණයි.

ලෝකයේ ජනගහණයෙන් ජපානයට වඩා සමකයට කිට්ටුවෙන් තියන රටවල් වල 79% ක් ජිවත් වෙනවා. හැබැයි මුළු ලෝකයේ දල ජාතික නිෂ්පාදනයෙන් මේ හරියේ දායකත්වය 31% ක් පමණයි. අර රටවල් වලට වඩා ඈතින් තියන රටවල් වල ඉන්නේ ලෝක ජනගහණයෙන් 21% ක් පමණයි. හැබැයි ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 69% ක් නිපදවන්නේ ඔවුන්.

දැන් මෙයට හේතුව මොකක්ද කියල ඔබ සොයන්න ගත්තොත්, කියවන ප්‍රභවය අනුව කතාව වෙනස් වෙනවා. මේවට හේතුව ලෙස කතන්දර විශාල ප්‍රමාණයක් තියනවා. ඒවාට මා යන්නේ නැහැ. හැබැයි කළු හම සහිත මිනිසුන් සිටින රටවලින් එකක්වත්, සෞභාග්‍යමත් සමාජ ලෙස පරිණාමය නොවී තියෙන්නේ මන්ද කියන එක විශාල කොනන්ද්‍රමයක්.

දැනට කලකට පෙර මා මීමැස්සන් ගැන දේශනයක් අසන්නට ගියා. කුඩා කාලයේ මා ගෙදර මීමැසි පෙට්ටි දෙක තුනක් තියාගෙන හිටියා වුණත්, කිසිදා පැණි නම් අරන් නැහැ. ඒ දිනවල මීමැසි පොදියක් අල්ල ගන්න එක අමාරු කටයුත්තක් නොවේ.

මට මතකයි, බෙදිලා යන මීමැසි පොදියක් අහසේ දකින විට, අත්පුඩි ගැසුවහම, ඔවුන් පහතට බැහැල, ළඟ අත්තක වහනවා කියල අපේ ආතල කියනවා. ඇත්තටම මේක අප කෙරුවා. නමුත් අත්පුඩි වලට ඔවුන් ප්‍රතිචාර දක්වනවා කියල මා නම් සිතන්නේ නැහැ.

මීමැසි පාලනය ගැන රුසියානු පොත් දෙකක් ද, ඉංගිරිසි පොතක් ද මා ඒ දිනවල මිලදී ගත නමුත්, කිසිදා මේ පොත් වල අවසානය දක්වා මා කියවල නැහැ. දැන් නම් ඒවා කියවන එකේ තේරුමකුත් නැහැ. මොකද ඒ දැනුම අද අලුත් වී තියන නිසා.

දැන් අර දේශනයදී කියවුන කරුණක් තමා, ලෝකයේ ඔනෙම් රටක අප හිලෑ කරගෙන ඉන්න වර්ගයේ මුල් උපත යුරෝපයේ හා උතුරු අප්‍රිකාවේ කියන එක. ඒ ඔවුන්ගේ ජාන විශ්ලේෂණය කිරීමෙන් කරපු නිගමනයක්. මොවුන් යුරෝපයෙන් ආරම්භ වී ලෝකය පුරා විසිරී ගිහින්.

එයිට අමතරව තව විශේෂයක් ඉන්නවා. උන්ගේ ප්‍රභවය අප්‍රිකාවයි. ඔවුන්ගේ ඇඟ ටිකක් වෙනස්. ඒ විතරක් නොවේ, උන්ව පාලනය කිරීමත් අමාරුයි. එනම් හිලෑ වන්නේ නැහැ. ඒ විතරක් නොවේ මුන් පැණි එකතු කරන්නේ ටිකයි. නිතරම කණ්ඩායම් බෙදිලා වෙන්වෙලා යන නිසා, ඵලදායකත්වයත් අඩුයි.

හැබැයි මට මතක හැටියට, ඔවුන් මයිටාවෙකුට දක්වන ප්‍රතිරෝධය නිසා, කලකට පෙර දකුණු ඇමෙරිකානු රටකට හඳුන්වා දී තියනවා (මේ විස්තර මට මතක හැටියට ලියුවේ). එම හඳුන්වා දීම ඒ රටේ මීමැසි කර්මාන්තයට ඉතා අහිතකර අයුරින් බලපා තියනවා. ඒ විතරක් නොවේ, මොවුන් ඒ අවට රටවල් වලටත් සංක්‍රමණය වී ඒවාටත් ප්‍රශ්න ඇතිකර තියනවා.

ඔවුන්ගේ චර්යාවට හේතුව ලෙස සිතන්නේ, අප්‍රිකාවේ මුළු වසර පුරාම රස්නය තියන නිසා, වැඩි වෙර යොදා ආහාර ගබඩා කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් නොවන නිසා, ඔවුන් ටිකක් “කම්මැලි” වගයි. නමුත් ලෙඩ රෝග වැඩි නිසා, ඒවාට ප්‍රතිරෝධී ලෙස පරිණාමය වී තිබෙන වගයි.

දැන් මේවා ගැන හොයන කට්ටිය කරන්නේ, මේ අතරමැදි වර්ගයක් ප්‍රවර්ධනය කරන්න. මොකද කියනවා නම් මීමැසි පාලනයට පසුගිය කාලයේ නරක දසාවක් ලැබුවා. ලෙඩ රෝග නිසා. ඕස්ට්‍රේලියාව මී මැසි  රැජිනන් ආනයනය කරන්නේ යුරෝපයෙන්. මේවා තද තත්ත්ව පාලන මගින් අධීක්ෂණය කෙරෙනවා.

මීමැස්සන් ලෝකයෙන් තුරන් වුවොත්, මිනිසාටත් කෙල වෙනවා. අපේ ආහාර නිෂ්පාදනය සම්පුර්ණයෙන් අර්බුදයකට යනවා. මොකද ඔවුන්ගේ පරාගන ක්‍රියාවලිය වෙන කිසිවකින් විස්ථාපනය කරන්නට නොහැකියි.

ඇත්තටම ශීත කාලයක් තිබීම නිසා මිනිස් මනස පරිණාමය වූ අයුරටත් බලපෑවද? මැදපෙරදිග වැනි රටවල් වල අනවශ්‍ය ලෙස කළහ කාරී මිනිසුන් වැඩි ඇයි? මේ වගේ ප්‍රශ්න බොහොමයක් අපගේ සිතට නැගෙන්න පුළුවන්. මේවා ගැන ලියවිලත් තියනවා නම් තමා. නමුත් නිශ්චිත පිළිතුරක් සොයා ගන්න හැකි වේද කියන එක තව ප්‍රශ්නයක් විතරයි. මොකද විචල්‍ය රාශියක් තියන නිසා.

‘Cause we’ll never know when, when we’ll run out of time

I found myself dreaming
In silver and gold
Like a scene from a movie
That every broken heart knows

We were walking on moonlight
And you pulled me close
Split second and you disappeared
And then I was all alone

I woke up in tears
With you by my side
A breath of relief
And I realized
No, we’re not promised tomorrow

So I’m gonna love you like I’m gonna lose you
And I’m gonna hold you like I’m saying goodbye
Wherever we’re standing
I won’t take you for granted
‘Cause we’ll never know when, when we’ll run out of time

So I’m gonna love you like I’m gonna lose you
I’m gonna love you like I’m gonna lose you

In the blink of an eye
Just a whisper of smoke
You could lose everything
The truth is you never know

So I’ll kiss you longer baby
Any chance that I get
I’ll make the most of the minutes
And love with no regrets

Let’s take our time to say what we want
Here’s what we got before it’s all gone
‘Cause no, we’re not promised tomorrow

So I’m gonna love you like I’m gonna lose you
I’m gonna hold you like I’m saying goodbye
Wherever we’re standing
I won’t take you for granted
‘Cause we’ll never know when, when we’ll run out of time

So I’m gonna love you like I’m gonna lose you
I’m gonna love you like I’m gonna lose you

I’m gonna love you like I’m gonna lose you
I’m gonna hold you like I’m saying goodbye
Wherever we’re standing
I won’t take you for granted
‘Cause we’ll never know when, when we’ll run out of time

So I’m gonna love you like I’m gonna lose you
I’m gonna love you like I’m gonna lose you

Songwriters
SMITH, CAITLYN ELIZABETH / WEAVER, JUSTIN MICHAEL / TRAINOR, MEGHAN

Published by
Lyrics © Warner/Chappell Music, Inc., BMG RIGHTS MANAGEMENT US, LLC, WARNER CHAPPELL MUSIC INC

Read more: Meghan Trainor – Like I’m Going To Lose You Lyrics | MetroLyrics

http://www.news.com.au/entertainment/tv/how-much-it-costs-a-radio-station-to-play-a-song/story-fnndfy6b-1227507293931

Advertisements

11 Comments

Filed under Music

11 responses to “I’m gonna hold you like I’m saying goodbye! වසන්තය කියන්නේ ……?

  1. Pingback: I’m gonna hold you like I’m saying goodbye! වසන්තය කියන්නේ ……? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Another world.
    First day of Fall & busy with cosmos.

  3. සින්දුව රස වින්දා!

    මීමැස්සන් ගේ චර්යාව අනුව ගණිතමය මොඩලින් කරන බව දන්නවා නේද? කැන්බරා නුවර ඩීෆෙන්ස් ඇකඩමියේත් ඒ පර්යේෂයෙකු හිටියා මතයයි!

    • මෑත කාලේ ආපු මා ප්‍රියකරන ගීතයක්. විවිධ තේරුම් වලින් රසවිඳින්න හැකියි.

      ඔව් දන්නවා රසික. මෙහි පලියක් ලියන්න මගේ සිතේ තිබුණා. රෑට උයන්න වුණ නිසා. පැය භාගයෙන් නවත්වා පබ්ලිෂ් කෙරුවා.

      මීමැස්සන් තරම් පර්යේෂණයට ලක් වූ තවත් කෘමි කොට්ටාශයක් නැතුව ඇති. සත්ත්ව, කෘෂි, ගණිත, අභ්‍යවකාශ හා ගුවන්, සමාජ හා තවත් විද්‍යා ක්ෂේත්‍ර ගණනාවකටම මොවුන් අධ්‍යයනය කර තිබෙනවා. ෆැසිනේටින්.

  4. උඹ මතුකරන ප්‍රශ්ණෙට උත්තරේ මම දන්නේ නෑ. නමුත් සදාහරිත පරිසරයක ගහකට වඩා අවුරුද්දේ සෘතු හතර නිරූපණය කරන ගස් තියෙන පරිසරයක සුන්දරත්වයක් තියෙනවා. ඒ එක්කම ශීත කාලයේ විෂබීජ ක්‍රියාකාරිත්වය අඩු වගේම, කෘමි සතුන්ගේ කරදරයත් දකින්න නෑ.

    • මචං, අප පොඩි කාලේ කියවපු කුඹි කතන්දරේ මතකනේ. අවුව කාලේ ජොලියෙන් ඉඳල වැස්ස කාලේ කෙළවුණ පලන්ගැටියා ගැන. මෙන්න මේ මානසිකත්වය සදා හරිත පරිසරයේ තියනවා කියල මට සිතෙනවා.

  5. සදා හරිත පරිසරයක සිටින විට නව නිපැයුම් කෙරෙහි නවීන තාක්ෂණය උපයෝගි කරගැනිම කෙරෙහි දක්වන උෟනතාවත් බලපෑමක් කරනවා නේද? නිරායාසයෙන් ලැබෙන දෙයින් අහා අඩු මහන්සියකින් ඵල නෙලන්නට බලා සිටිනා ගතියකුත් දැනෙනවා.

    • ඔව් නලින්, එහි ඇත්තක් තියනවා.

      ඇත්තටම නලින් පරිසරය කියන්නේ එක විචල්‍යයක් පමණයි. සීතල නොමැති වීම එකම කරුණ වෙන්නට බැහැ. මොන්ගෝලියාව, චීනය වැනි රටවල් වල තද ශීත සමයක් තියනවා.

      තවත් සමහරුන් කියනවා දියුණු සමාජ ස්වර්තවාදීන්ගෙන් පිරි ගිය ඒවා කියල. සාමුහිකත්වය තියන සමාජ දියුණු වෙන්නේ නැතිය කියා. ඕස්ට්‍රේලියානු සමාජ පරිණාමය (බටහිර ආක්‍රමණයෙන් පසු) සාමුහිකත්වය පදනම්ව. මෙහෙ තියන නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය කැපීමට ප්‍රතිරෝධයක් සමාජයෙන් පැන නගින්නේ ඒ සාමුහිකත්ව හැඟීම නිසා.

      එතකොට එක නිශ්චිත හේතුවක් දෙන්න හැකිද? මා හිතන්නේ නැහැ. මේවා ගැන කියවීම කාල නාස්තියක් නිසා මා ලියන්නේ නැහැ. නමුත් නොයෙක් මතවාද, න්‍යායන් ඉදිරිපත් වී තිබෙන වග මතක් කරන්න කැමතියි.

      • අනේ අද අවසන් වරට ඔබ දැමු සටහනට කමෙන්ට් එකක් කරන්න විදියක් නෑ. ඇතැම් විට කිය යුතු දේ කියාගන්නත් බෑ විවේකය නොමැති කමින්. අද විවේකය හා සටහන ගැන අදහස් ගොන්නක්ම තිබුණු විරල වෙලාවක්. කමක් නෑ ඒ සටහනින් ඔබ ව්‍යංගයෙන් කි දේ මෙන්ම තත්‍ය අයුරින් කි දේ තුළද ඇත්තේ සත්‍යයකි. එහෙත් ඒ තත්ත්වයට ලාංකිකයා පත්කරන්නේ කුමණ පසුබිමක ද? කතිකාවකට යා යුතු තැනක්.

        • සමාවනු මැනවි නලින්. එය මයික් ඩ්‍රොප් මොහොතක්. ඉන්පසු කතාවක් නැහැ. කතාව කෙරෙන්න ඕනේ ඒකීය පාඨක මනස් තුලයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s