රුවක්ද ගල් කුළේ නෙලූ or ගඟක් ද සීතලේ ගැලූ? A “Mick Drop” Moment!


ලියනවා වැඩිද? මා නම් සිතන්නේ නැහැ. මොකද කියවන පිරිස අඩු නිසා දෙක බැලන්ස් වෙනවා. මට අහංකාර වෙන්න එපා කියා කෙනෙක් නිතර මතක් කරනවා. පහුගිය දවසක මගේ අහංකාර කම් නිසා පොඩි වැඩක් කෙල වෙන්න ගියා. ඇත්තටම ඒ අහංකාර කමම නිසා නොවේ. අහංකාර කම හා ජජ්මන්ට් යන දෙකේ මිශ්‍රණයක්. හැබැයි එහෙම වුණා  නම් බලපාන්නේ මට විතරක් නොවේ. අන්න එතන තමා ප්‍රශ්නය. අනික තමා එහෙම හදිසියේ වුණා නම් මෙතරක් කල් කරගෙන ආපු පිලිවෙත් වලත් බරපතල දෙදරුමක් වෙනවා.

අද මන් හදන්නේ කලින් ලියපු සටහන් දෙක-තුනක් එකතු කරන්න. එතැනදී ඒවා කියවපු අය සිටි නම් ඒ අයට වඩාත් පැහැදිලි වෙන්න ඉඩ තියනවා. මෙන්න මේ සටහනේ ලියා ඇති පරිදි අප හැමෝම ටිකක් අහංකාර නොවුණොත් නරකයි. අපේ සමාජ අධ්‍යයන ගුරුවරයා නිතර කියුව කරුණක් තමා කොල්ලනේ, පොඩි පෙම් පෙත්තක් තියා ගනිල්ලා කියල.  ගුරුතුමා එහෙම කියුවේ, එතකොට කොන්ඩේ පීරලා, රැවුල් කපාගෙන ඉන්න සිතෙන නිසා. පොඩ්ඩක් අහංකාර වීමත් අන්න ඒ වගේ දෙයක්.

සමහරුන් කියනවනේ අපි හේතුවක් නැතුව ආඩම්බරයි කියල. හේතුවක් නැතිව ආඩම්බරයි කියන්නේ ගොන් කතාවක්. ආඩම්බර වන්න ඕනේ හේතුවක් ඇතිව. හේතු නැතුව ආඩම්බර වෙන්න ගිහින් කෙල ගත්තු අය ඉන්නවා. පසුගිය කාලේ ඇමෙරිකාවට පුළුවන්නම්, අපට බැරි මොකද කියපු “ඇමෙරිකන් කාරයන්ම” සිටියා. ලෝකය ගැන දැන ගන්න,  ඇමෙරිකාවේ පදිංචි වෙලා, පුරවැසි බව ගත්තටම විතරක් මදි. පොඩ්ඩක් සිතන්නත් මනස දියුණු කර ගන්න අවශ්‍යයි. ලෝකයේ ගොඩක් කල් සර්වයිව් වුනු ඒකාධිපතියන් අන්න ඒ කලාව ප්‍රගුණ කරපු මිනිසුන්. ඒ කියන්නේ ගොන් ගස්ම නොවේ.

ආඩම්බර කමේ තියන ප්‍රශ්නය තමා සිඟා කන්න බැරිවීම. සිඟා කන්නට පුළුවන්කමත් ජිවිතයට අවශ්‍ය එක්තරා කුසලතාවයක්. එක පැත්තකින් හේතුවක් නැතිව ආඩම්බර වෙමින්, සිඟා නොකා ඉන්නත් බැරිවීම නිසා තමයි අර කට්ටියක් ගෙදර ගියේ. අන්න ඒකම නිසා, ආඩම්බර කෙනෙක් පාරට වැටුණොත්, වැඩිකල් ජිවත් වෙන්නේ නැහැ. මේ නිසාම තමා මා ඔය මල්ලිලට නිතර මතක් කරන්නේ, තරුණ කළ විප්ලව නොකර, කුසලතා එකතු කිරීමට වැඩි බරක් යොදන්න කියල. නැත්නම් ලොකු වුණහම, නෝනාගෙ පඩියෙන් කාල ජීවත් වෙමින්, අකාලයේ මැරෙන්නත් වෙනවා. නැත්නම් සීගිරිත් ගොහිං, තලගොයිත් මරාගන්න වෙන්නේ මහජන මුදල් වලින්.

මා අර අසල්වැසියන් කතාවේ කරපු නිගමන දෙකම, නිකම් අහඹු ඒවා මිසක් මගේ තියන තීක්ෂණ ඥානයක් නිසා නොවේ. මිනිසුන් කාල බලන්න බැහැ කියනවනේ. හැබැයි කෙනෙක් ගැන මේ වගේ ගන්න තීරණ (තොරතුරු මත පදනම් නොවී) එනම් prejudice (= preconceived opinion that is not based on reason or actual experience) එතරම් හොඳ නැහැ. එහෙම කියුවට අප බොහෝවිට එසේ කරනවා.

ඒ කියන්නේ චිත්ත රූප මවා ගන්නවා. මේක නරක දෙයක්. හැබැයි අප කරන දෙයක්. ඔන්න “පින්තූරය” හරියට දැකපු විට හෝ කලින් දැනගෙන තියනවිට, එනම් තොරතුරු ටිකක් දැන ගත්තට පස්සේ අපේ අදහස වෙනස් වෙනවා. සමහරුන් නම් එහෙම කරන්නෙත් නැහැ.

මෙහි අනෙක් පැත්ත තමා අප මවා ගත්තු “හොඳ චිත්ත රූපය” තොරතුරු දැන ගන්න, ගන්න වෙනස් වීම. මගේ මුල් සටහන අවුරුදු දෙකකට පසුව සංස්කරණය කෙරුවේ අන්න ඒ වගේ දෙයක් නිසා. මා වෙනස් කරපු එකම සටහනත් එයයි.

මෙය කියවන අය දන්නවා ඇති, සමහර සටහන් වල ප්‍රතිචාර තියනවා “අනේ මං හරි ආස ලිපියක්” කියා. මේවට මගේ ප්‍රතිචාරය ඇල්මැරුණු එකක්. ඒ මගේ ආඩම්බර කම නිසාම විතරක් නොවේ. මා දන්නවා බොහෝ විට එයාල නැවත එන්නේ නැහැ කියා. මේවා නැවත  කියවන විට මට පෙනෙනවා මා සිතූ දෙය හරිය කියා. ඒ වගේම අපට ඔබේ ලින්කුව එවන්න කියා මෙහි ලියුවට මා නම් ලින්කු යවන්න වෙහෙසෙන්නේ නැහැ. මොකද ඒකෙනුත් වැඩක් වෙන්නේ නැහැ.

මගේ සටහන් දිගටම කියවන්න පුළුවන් කම කියන්නේ විශේෂ දෙයක්. මොකද මටත් වෙන කෙනෙකුගේ සටහන් දිගටම කියවන්නට හැකි නම් එයත් විශේෂ දෙයක් නිසා. මේක කියවන ප්‍රමාණය අඩු වීමේ රහස එයයි.

මා පිළිකුල් කරන දේවල් ටිකක් මේ ලෝකයේ තියනවා. අන්න ඒවා ප්‍රමෝට් කරන අයට මගේ කැමැත්තක් නැහැ. මගේ ලිවිම මට සතුටක් දනවනා වගේම, ඔබේ කියවීම ඔබට සතුටක් දනවන්නේ නැත්නම් එහි තිරසාර බවක් නැහැ. කොයි මොහොතේ හෝ මේ සම්බන්ධය කඩා වැටෙනවා. මොකද මේ දෙකම අප කරන්නේ ස්වේච්චාවෙන්. මා මේ කියන දේ තේරුම් ගන්න සමහරුනට බැහැ. ඒ මොකද කියලත් මා දන්නවා.

මෙහෙම සටහනක් ලියුවෙත්, “එක්තරා” හේතුවක් නිසා. මේ වගේ සටහන් වලට තමා නියමම අප්‍රබංශ කියල කියන්නේ. 🙂

පසු වදන
රූකාන්ත මා කැමති ගායකයෙක්. එයට සමහරුන් සිනාත් වුණා. මොකද මෙතන තියෙන්නේ (මා රුකාන්තට කැමති වීම) අමුතුම සංකලනයක් නිසා. දැන් අමුතුම සංකලන වලට සහයෝගිතාවයෙන් වැඩ කරන්න බැරිද?

මිමැස්සන් පවා අපට පෙන්වා දෙන්නේ පුළුවන් කියල. මිමැස්සන් යනු ශ්‍රම විභාජනය, ආහාර සොයා යාම, රැස් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, ගෘහනිර්මාණ ශිල්පය, ආරක්ෂාව, තමන්ගේ ජීවිතය නොසලකා පොදු යහපත වෙනුවෙන් වැඩ කිරීම, පිරිසිදු කම, දරුවන් බලා ගැනීම සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක පරමාදර්ශයන් සපයන කාණ්ඩයක්. නමුත් රැජින, පිරිමි මැස්සන් හා ගැහැණු මැස්සන් කියන්නේ බාහිර රූපයෙන්ද හොඳටම වෙනස් කට්ටියක්.

බේසික් ටික ගැන එකඟ නම්, ජීවිතය ගැන සිතන පතන හැටි හා රසවිඳීම් එක වගේම නොවුනත්, සහයෝගිත්වයක් ගොඩ නගන්න හැකියි. මෙතැන බේසික් කියුවේ මනුෂ්‍යයා යනු උස්මිටි, ගැහැණු-පිරිමි, කළු-සුදු යනාදී අපට උපතින්ම ලැබෙන සමහර වෙනස්කම් අමතක කළ විට, ඇත්තටම වෙනස් නැතිය කියන එක.

අනේ අපගේ සියලු සිතුම් පැතුම් එකයි කියා පටාන් ගන්න සමහරුන් වැඩිදුරක් නොයන හේතුව මා දන්නවා. මොකද මේ පිරිස් සමග කතා කරන විට ඔවුන්ගේ යටි සිතේ තියන ඩිස්ක්රිමිනේෂන් එළියට පනින අවස්ථා මා දැක තිබෙනවා.

මා ඔය මොනවා කියුවත් උදේ දවල් දකින සමහරුන්ව තේරුම් ගන්න මේ කපේදී බැහැ. උදේට සිනා වෙනවා, හවසට අහක බලන් යනවා. උදේට ගල් කුලක් වගේ, හවසට ගලන ගඟක් වගේ. මා කරන්නේ අන්න ඒ වගේ මිනිසුන්ගෙන් පුළුවන් තරම් ඈත් වීම.

මගේ පරණ සටහන් කියවන විට ඔබට තේරුම් යන්න ඕනේ කරුණ, මගේ එනර්ජි වඩාත් ඩ්‍රේන් වී තියෙන්නේ, මේ පිළිතුරු සැපයීම කියන දෙයට. අඩුම ගානේ කොමෙන්ටුව දාන කෙනා වත් මේ පිළිතුරු නොබලන බව දැනගත්විට, මටම මා ගැන අනුකම්පයි. කාගේවත් අනුකම්පා නොපතන මා, මගේ අනුකම්පා ලබන්නේ මොකටද?

කොහොමත් මේ සටහන තේරුම් ගන්නට හැකි, මේ සටහන් නිතර කියවන ප්‍රවීනා, රසික, හෙන්රි, ප්‍රා, නලින් වැනි කිහිප දෙනෙකුට වන්නත් පුළුවන්. ඔවුන් මේ සටහන් ගැන දරන මතය කලින් ලියා තියන නිසා, මෙයට ඔවුන්ගේ එකතු කිරීම් කොහොමත් අවශ්‍ය නැහැ.

මිනිසුන්ගේ වෙනස් වීම මට අරුමයක් නොවේ. ඒවා ගැන අඬමින් කල් ගත කිරීමත් තේරුමක් නැති දෙයක්. කෙනෙක් අකමැති නම්, මේ බිම් තලාවට ආවත් නාවත් කිසි කෙනෙකු (මාත් ඇතුළුව) අඬන එකක් නැහැ.

මා මෙහි දමන්නේ මගේ MP3 ප්ලේයරයේ තියෙන ගීත.

Advertisements

1 Comment

Filed under Opinion

One response to “රුවක්ද ගල් කුළේ නෙලූ or ගඟක් ද සීතලේ ගැලූ? A “Mick Drop” Moment!

  1. Pingback: රුවක්ද ගල් කුළේ නෙලූ or ගඟක් ද සීතලේ ගැලූ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය