දිනපොතෙන් පිටුවක්! Are you with me?


අදත් අතින් කයිට් වෙන වැඩකට ගෙදර. එළියේ වහිනවා. රූපවාහිනිය නරඹනවා ද, පොතක් කියනවා දා, අන්තර් ජාලයේ කරක් ගහනව ද නැත්නම්…….

පුතාල පාසල් දාල එන්න කොහොමත් යන්න වුණා. එක තැනක කලර් ලයිට් තියන හන්දියක, කෙලින් යන්නට හා දකුණට හරවන්න එක තීරුවයි, වමට හරවන්නට පමණක් හැකි එක තීරුවකුත් තිබුණා. රතු සඥ්යාවට නවත්වල හිටිය මට පසුපසින් කාන්තාව හා මා අතර තව වාහන එකහමාරකට ඉඩ ඉතිරි කර තිබුණා. එයාට පසුපසින් තිබුණේ වමට සිග්නල් දමා තිබුණ බසයක්. අර කාන්තාව පරතරය තව ටිකක් අඩු කළා නම්, බසයට කෙටි වම් තීරුවට දමා යන්නට පුළුවන් කම තිබුණා.

මා කෙරුවේ මගේ වාහනය හා මට ඉදිරියෙන් තියන වාහනය අතර පරතරය තවත් අඩු කරන එක. ඔන්න එතකොට කාන්තාවට වැඩේ පත්තු වුණා. ඇය වාහනය ඉස්සරහට ගත්තා. මා හිතුවේ බස් රියදුරාට මගේ ක්‍රියාව පෙනෙන්නට නැතුව ඇති කියල. මා වැරදියි, මාව පාස් කර ගෙන යන ගමන්, ඔහු මට අතවනා ගෙන ගියා. ඉතා කුඩා සිදුවීමක්.

ඊයේ මහා රෑ මා පුදුම සිහිනයක් දුටුවා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් මා ලියන්නේ නැහැ. ලියුවත් පළ කරන්නේ නැහැ.

අප ජිවත් වුණේ අමුතුම රටක. මතක දල චිත්‍රය අනුව මා ටික කාලයක් ජිවත් වූ තවත් රටක. එය වැදගත් නැහැ.

මෙහි සිටිය අනෙක් චරිත ඇත්තටම මනස්කල්පිත ඒවා. ඔවුන් මගේ ඥාතින් තමා. නමුත් රුවවල් හරි වෙනස්. අපේ තාත්තා, මනස්කල්පිත වැඩිමහල් සහෝදරියක් හා මා විතරයි මේ කතාවේ ඉන්නේ.

සහෝදරිය ඉගෙන ගන්නේ සුපතල සරසවියක. ඇගේ ඉගෙනීමට දෙමාපියන් ණයක් අරන් මුළු මුදලම බැඳලා තියෙන්නේ. ඉගෙනීමේ මැදදී ඇයට ඉගෙනීම එපා වෙනවා. දෙමාපියන් එයට කැමති නැහැ. ඇයට ඕනේ බැඳපු මුදලේ ඉතිරි කොටස අරං වියදම් කරන්න.

අගේ මෝරල් සපෝර්ට් එකට ඉන්නේ මා. මා කියන්නේ ඇයට කැමති දෙයක් කර ගන්න ඉඩ දෙන්න ඕනේ කියල. තාත්තලා මේකට මගෙත් එක්කත් වලි. අන්තිමට ඇය, මුදල් ටික අරන් ගෙදර නවතිනවා (මෙතන උපකල්පනය තමා, මේ ණය අරන් දුන්නේ දෙමාපියන් වුවත්, යම් දිනෙක ගෙවන්නේ ඇයය කියන දෙය).

මට කියන්න අමතක වුණා ( 😉 ) ඇයට පෙම්වතෙක් ඉන්නවා. නියම අපතයෙක්. තාත්තා මට දිනක් බැංකු සටහනක් ගෙනත් පෙන්වනවා. එහි තියෙන්නේ අර මගේ සහෝදරිය, අර අපත පෙම්වතාට මුදල් යවන අයුරු දැක්වෙන අයුරුයි. මේක ගැනත් තාත්තා මට කලින් කියා තිබුණත්, එය මා විස්වාස කරන්නේ නැහැ.

මා සහෝදරියට ඒ සටහන පෙන්වා අහනවා මේක ඇත්තද කියල. ඇය බිම බලාගන්නවා මිස වචනයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්ත. මා ගැස්සිලා ඇහෙරෙනවා. වෙලාව උදේ 4.30 යි. ඉන් පස්සේ 6.30 ට අවදී වෙනකම්ව වගේ මට නින්ද ගියේ නැහැ.

සාමාන්‍යයෙන් ගැස්සිලා ඇහෙරෙන්න හීනයක් පෙනෙන්නේ, මොකක් හරි හේතුවක් නිසානේ. මුත්‍රා කරන්න ඕනෙකම එයින් එකක්. මෙතැනදී එහෙම දෙයක් නැහැ. මේකේ තේරුම මොකද කියලා කල්පනා කරපු නිසා, තමා මට නැවත නින්ද නොගියේ.

එහි දල චිත්‍රයක් මට මැවෙන කොට නැවත නිදිමත ආවා. ඒත් අලාම් බෙලයේ සද්දෙන් මා නැවත ඇහැරුණා. මට සිතා ගන්න පුළුවන් වුන හේතුවට මේ සිද්දි සම්බන්ධ නැහැ. එය කියන්නත් බැහැ. නමුත් අපේ මනස වැඩකරන හැටි කියවෙන අපූරු නයිට් මේයාර් එකක්. රෑ නින්දේදී අපේ දත්ත ප්‍රොසෙස් වෙන හැටි හරි පුදුමයි.

පසු වදන
තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියා යෝජනා කරන සමාජයක ජිවත් වීමට මා කැමති නැහැ. එය මෙහි කලින් විටින් විට ලියා තියනවා. හැමෝම තුවක්කු තියාගෙන, බෝම්බ තියාගෙන, පිහි අරං ජිවත් වෙන්න අවශ්‍ය නැහැ. ජෝන් හාවර්ඩ් කියුව ලෙසටම මෙවැනි දේවල් පාලනය කිරීමෙන් සැමටම යහපතක් වෙනවා. මේක උදාහරණයක් පමණයි.

සමාජයේ මෙවැනි මැදිහත් වීම් රැසක් තියනවා. ලොකුම විහිළුව නම්, ඔය අපේ රටින් පවා ඇමෙරිකාවේ ගිහින් ඉන්න අයියල, මේ මැදිහත් වීම් අනවශ්‍යයි කියනවා. නමුත් ඇමෙරිකාව ලෝකයේ සෑම දෙයකටම මැදිහත් වීම ගැන වචනයක් නැහැ. ලිබියාවට බෝම්බ දමල පැන්න. දැන් බලන්න වෙලා තියන දේ. පොඩි රටවල් වල ඉන්න ජනතාවට බණ දේශනා කිරීමට පෙර මේවාට එරෙහි වෙන්න පොඩි දෙයක් කරපල්ලකෝ.

මගේ සිහිනයත් මැදිහත් වීමකට සම්බන්ද දෙයක්. මහා සමාජයේ නොවේ, කුඩා පවුල් සංස්ථාව තුල. මෙය වෙන කෙනෙකු දුටුවා නම් එහි තේරුම ගැන සිතා ගන්නට බැරි වේවි. නැත්නම් වෙනම සිහිනයක් දකීවි.

දැන් මෙහෙම මැදිහත් වීමේ හෝ නොවීමේ සීමාව මොකක්ද? කෙනෙකුගේ කැමැත්තට එරෙහිව, එයාගෙම යහපත පිණිස අපට මැදිහත්වීමක් කරන්න හැකිද? හැකිනම් කළ යුතුද?

අල්ලපු ගෙදර නෝනා, එයාගේ කතන්දරේ මා සමග කියුව පසු මා දුන්න උපදේශය තමා, මුලින්ම පෙරකදෝරුවෙකු හමුවෙන්න කියන එක, දෙවනුව පොලිසි යාම, තුන්වනුව දරුවන්ට හා එයාට කවුන්සිලින් සේවාවක් සඳහා යාම. පොලිසි යාම ඇය ඒ වන විටත් කර තිබුණා. හැබැයි ඇය හිටපු තත්වය තුල අගේ මනසේ ක්‍රියාකාරීත්වය අඩපනව තිබුණා.

දැන් ඔබ මෙවැනි සිද්දියකදී ගන්න තීරණ කුමක්ද කියා කල්පනා කළාද? මෙවැනි දේවල් ඒවායේ ස්වභාවික ගමන් මගට ඉඩ දී අපට නිකම් බලා ඉන්න හැකියි. එහි වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. මෙවැනි දේවලට මැදිහත් වීම අතිශය අනතුරුදායකයි කියලත් මා දන්නවා. මෙතන සිතන්න කරුණු ගොඩක් තියනවා නේද?

Advertisements

24 Comments

Filed under Lifestyle

24 responses to “දිනපොතෙන් පිටුවක්! Are you with me?

  1. Pingback: දිනපොතෙන් පිටුවක්! Are you with me? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මට හිතෙන්නේ ඔය හීනේ අල්ලපු ගෙදර සිදුවීම නිසා දැකපු එකක් කියලා. ඔයා ගැස්සිලා ඇහෙරෙනවා. ඊට පස්සේ අවදි වෙනකල් නින්ද යන්නේ නෑ. හරිම භයානක් තත්වයක් හී හී…

    මට දුක ඔයා පොඩ්ඩිව හීනෙන් දැකපු නැති එක… 😛

    • නැහැ, අල්ලපු නෝනගේ සිදුවීම නොවේ ප්‍රවීනා. මේවා හරියට ලියන්න මමත්වය නසන්න ඕනේ. තවම කල් මදි.
      //ඊට පස්සේ අවදි වෙනකල් නින්ද යන්නේ නෑ// මේක මහා භයානක තත්වයක් තමා. හැබැයි මට තාම හොඳට නින්ද යනවා.

      ඔබව කිසි දිනෙක මා දැකල නැහැනේ. ඉතින් දකින්න විදිහක් නැහැ. 🙂

      • මමත්වය නැසිමේ තියරිය දන්නවද??
        මුලින්ම කාටවත් නගින්න බැරි උඩකට නගින්න ඕනා.
        ඊළගට ඉනිමගට පයින් ගහන්න ඕනා.
        ඊට කලින් මමත්වය නැසුවොත් පල්ලෙහා ඉන්න උන් ගල්ගහලා පාගලා මරනවාලු.

  3. “ඔයාට හොදක් කරන්නනේ එහෙම කලේ “

    “මට හොද දේ නරක දේ උඹ දන්නේ කොහොමද? ඒක දන්නේ මම.මම හිතනවිදිය, මං ඉස්සරහට කරන්න ඉන්න දේවල් උඹ දන්නේ කොහොමද?මේ කළ දේට මං උඹට සදහටම සාපකරනවා. (සාපකරන්න දන්න සේරම ප්‍රකාශ සාමකාමිව ප්‍රකාශ කරනු ලැබේ)

    මං නම් මුණටම කියනවා “ඕනෑම “ කෙනෙකුට:)
    “ඇත්තටම ඔයාට ඕනෑ මොනවද කියලා ඔ්‍ය අහන්නැතිව පණ්ඩිතකම් කරන අයට කරන්න බැරිද? මේක හරියට ලංකාවේ පොඩි උන්ට බත් කවනවා වගේ වැඩක්. බත්මද කන්න ඕනෑ??

    මාත් හැමමාසේම ගානක් දීම කරලා තියෙනවා. මේගැන මං කාටවත් මේ වනතුරු කියලා නැහැ. නමුත්, ඒ කළදේ මට සතුටුවිය හැකි දේවල්අතර විශේෂ එකක්.

    • මා හිතන්නේ හිතන්නෙත් ඔබ වගේම තමා. මගේ කියන්න බැරි කතාවත් //මට හොද දේ නරක දේ උඹ දන්නේ කොහොමද?// කෙනෙක් කියනවා නම්, එයින් එහාට අපට අතපොවන්න බැහැනේ.
      අප හොඳයි කියල සිතන දෙයට කෙල වුණොත් , ඒ වගකීම ගන්න අප ඉදිරිපත් වෙනවද? නැහැනේ. අපේ දරුවන්ට පවා වැඩිහිටි දිවියේ දී අතපොවන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.

      සමාජයේ ප්‍රශ්න බහුතරයේ කැමැත්ත අවශ්‍ය අන්න ඒ නිසා. සුළුතරයක් පටවන විසඳුම් හැමදා අංජබජල් වෙන්නේ අන්න ඒ නිසා.

      • හරියට අර සහෝදරය ලොකු අයියලාගේ මතවාද වගේ. අයියලා කීපදෙනෙක්ට ඩොලර් කුට්ටි පොදි අරං දෙන්න, සහෝදර මල්ලිලා නංගිලා පාරේ වේලෙනවා වගේ.

        • කවුද ඔය කියන අයියල? සහෝදරයන් සමාගමක් නම් අර රටක හිටියා කියල කවුද මට කිව්වා. 😀

  4. ano

    අල්ලපු ගෙදර නෝනා ගැන වැඩි වැඩියෙන් ලියවෙන එක ගැන ගෙදර නෝනා මනාපද?

    • අප ඒ අවධිය දැන් පසුකර අවසන් ඇනෝ. කොහොමත් අල්ලපු නෝනට මගේ ආකර්ශනයකුත් නැහැ, කොයිම ආකාරයේ වත්. මෙතැනදී ඇගේ කතාව නැවත නැවත ලියන්නේ, ඇය ලංකාවේ හෝ සිංහල සමාජයේ කිසිම කෙනෙකුට කිසි සම්බන්ධයක් නැති නිසා. නමුත් මා දන්නා වෙන කතාවල් තියනවා, මෙවැනිම. ඒවා කියන්නට නොහැකියි. මොකද නමින් නොකියවුවත් යම් සම්බන්දයක් තියන මිනිසුන් නිසා. නැතුව මෙහි වෙන යමක් නැහැ. 🙂

      • ඔබේ කොමෙන්ටුවට මා තව දෙයක් එකතු කරන්නේ එය වැදගත් නිසා.
        මේ තියෙන්නේ මා දැන් කියවපු සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පත්තරේ කතාවක්. මිනිසුන් එකට ඉන්න බැරි නම් වෙන් වෙනවාට මගේ විරුද්දත්වයක් නැහැ. ආගමික බැඳීම් වලින් තොර තෝරා ගැනීමේ (එනම් ගබ්සා කර ගැනීමේ) අවස්ථාවද කාන්තාවන් සතු විය යුතුයි. මේවා මා කලින් ලියා තියනවා. ලිබරල් කියන බටහිර හනමිටිවාදින් මේවාට විරුද්ධයි. කොන්ඩම් භාවිතාවට විරුද්ධයි. රටවල් වලට කඩා පැනල වනසන එකට කමක් නැහැ. දරුවන්ට අපචාර කරපු පාදිලියන්ට නීතිමය ක්‍රියා මාර්ග ගන්න දෙන්නේ නැහැ. ඒවා කමක් නැහැ.

        කාන්තාවන්ට හා දරුවන්ට ඩිස්පෝසබල් ප්‍රොපටි ලෙස සැලකීම ලෝකයේ කරන්න පුළුවන් ජරාම දෙයක්. විශේෂයෙන් දුක්කිත කාල වලදී ප්‍රයෝජන අරං, යමක් කමක් එකතු කරගත් පසු මෙසේ කිරීම අන්තිම ජරා වැඩක්. අල්ලපු ගෙදර එකා කර තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. උදේට එක දරුවෙක් පාසල් යන්නේ අපේ ගෙදර ඉස්සරහින්. මට ඒ දරුවා ගැන කනගාටුයි. වැඩිහිටි මිනිසෙක් මෙසේ හැසිරිය යුතු නැහැ.

  5. සමහර වෙලාවලදී මිනිස්සුන්ට උදව් ඕනේ වෙනවා තෝරාගැනීම් කරන්න.
    හිතවතා අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැරි අය ඒ වෙලාවට මැදිහත් වෙනවා.
    ඒ උනාට ඒක හරි භයානක යි.
    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙන අවස්ථා ත් තියෙන නිසා.
    උපදෙස් අහන්න අකමැති අයගේ දේ වලට මැදිහත් වීමෙන් අපේ ලේ ටික පිච්චෙන එක විතරයි!
    අනිත් පැත්තත් තියෙනවා.
    ළමයාව බලෙන් කසාද බන්දන/ඉංජිනේරු/වෛද්‍ය උපාධි කරවන දෙමව්පියෝ කියන්නේ “අපි ඔයාට නරකක් කරන්නේ නෑ” කියල.

    • //වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙන අවස්ථා ත් තියෙන නිසා.//
      අපෝ කියන්න එපා ඒ ගැන ගැන. මොකුත්ම නොකර ඉහේ කඩන් වැටුණ අවස්ථා තියනවා.

      මට දැන් සිතීගෙන යන දෙයක් දෙයක් තමා නිරෝෂිනී අප ලිබරල් වැඩිද කියන එක. යම් අවස්ථාවක් තියනවානේ පොයින්ට් ඔෆ් නෝ රිටර්න්. දැන් මේ මේ අවස්ථාව අප පසු කරලා ඉන්නේ. දැන් කොන්සර්වටිව් වෙන්න හැකියාවක් නැහැ.

  6. ඔබ මාර්ගයේ ඉඩ ලබා දිමෙන් පසුපස සිටින තැනැත්තියට පුංචි ඉගියක් දුන්නා. ඒ ඉගිය අනුව ඇය මැදිහත් වුණා බස් රියට මාර්ගය පාදා දෙන්න.
    යමෙකුට යම් මාර්ගයක යන්නට අවැසි විට එවන් සුළු මැදිහත් වීමකින් උත්තේජනයක් ලබා දිය හැකිනම් එය දිරියක්ම වේවි.
    ඉන් එහා ගිය ලොකු මැදිහත් විම් තුළ අනවශ්‍ය පිඩන ගැටලු මතුවිය හැකියි. කෙනකුට ඔහුගේ කටයුත්තකදී තවකකුගේ මැදිහත් වීමක් අවැසි බව ට ඉල්ලීමක් ලදොත් මැදිහත් වෙන්න සිදුවෙනවා. එහි ඵල විපාක ඒ තැනැත්තාගේ තීන්දු තීරණ මත තමා අපට බලපාන්නේ.
    තවකකුගේ ජීවිතටය අනවශ්‍ය ලෙස බලපෑම් කිරිම නම් ගැටලු සහගතයි.

    • වැඩිහිටියෙකුට එලෙස බලපෑම් කරන්නට නොහැකියි. නමුත් අප සමාජයක් ලෙස යම් යම් යම් බාධක දමනවා. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ගන් කොන්ට්‍රෝල් ගන්න පුළුවන්. මෙයට බහුතරය එකඟයි. කැමති නැති පිරිස් ඉන්නවා. ඔවුන් සුළුතරය. මේ තීරණය නිසා අපේ සමාජය වඩාත් සුරක්ෂිත වී තියනවා.

      අපට නිදහස් සෞඛ්‍ය සේවයක් තියනවා. මෙය අහෝසි කරන එක ලෙහෙසි වෙන එකක් නැහැ. මොකද තාමත් බහුතර මතය ඒ පැත්තේ. අපට පෞද්ගලික රක්ෂනත් තියනවා. මා නම් කැමතියි ඒ මුදලත් අර මහජන සෞඛ්‍ය සේවයට යොදල, එය තවත් දියුණු කරන්න. එනම් අවශ්‍යතාවයකදී පෝලිමේ නොහිට සැමටම ප්‍රතිකාර ගන්න ක්‍රමයක්.

      දරුවන්ට, මා-පියන්ගේ ආර්ථික තත්වය කුමක් වුවත්, අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. මෙයත් තවත් මැදිහත්වීමක්. සමාජයේ මත්ද්‍රව්‍ය භාවිතාව වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න ඕනේ. මෙය තවත් මැදිහත් වීමක්.

      ඇත්තටම හෝමෝ සේපියන්ස් සේපියන්ස් අද ඉන්න තත්වයට ආවේ මෙවැනි මැදිහත් වීම තුලින්ම තමා. මෙහි ආපසු ගමනක් නැහැ නලින්.

      ඔබ වයි-ෆයි කියා භාවිතා කරන්නේ ඕස්ට්‍රේලියානු මහජනතාවගේ මුදල් යොදා සොයා ගත් තාක්ෂණයක්. විද්‍යාවේ නව සොයා ගැනීම් වල මහජන දායකත්වය (එනම් මැදිහත්වීම්) ඉතා විශාලයි. මේවා සමහරුන් දන්නේ නැහැ, තවත් සමහරුන් දැනගෙන සඟවනවා.

  7. මට උදේ මේ බ්ලොගයේ කමෙන්ට් කරන්නම බැරිකමක් තිබුණා මොන ක්‍රමයකින් වත්.

    හීන ගැන් මට ඇති ප්‍රශ්නය නම්, ඇඳෙන් නැගිටින්නට කලින්ම ඒ සේරම අමතක වීමයි.

    • අද මා ගෙදර නොසිටියා නම් රසික, මේ හීනය ඔබ සමග කිසිදා බෙදා නොගනිවී. මෙය මා අපේ අනික් කෑල්ලට කියුවහම, ඇය කියුවේ හරියට ටෙලි නාට්‍යයක් වගේනේ කියල. එහි නිධාන කතාව මට ලියන්න බැහැ.

      හැබැයි මගේ මනස වැඩ කර තිබෙන අයුරු ගැන හිතුවහම, මටම පුදුමයි, ප්‍රශ්නය හා සිහිනය අතර තියන සම්බන්ද තාවය ගැන.
      (ඔබේ කොමෙන්ටුව සංස්කරණය කළා)

  8. හීනය නම් අනේ මන්ද.. මමත් කිසිම තේරුමක් නැති හීන දකිනවා ගොඩක් දවසට.. රෑට හීනේ දැකල ඇහැරුනාට, උදේ වෙනකොට ඒ මුකුත් මතක නැහැ. සමහර වෙලාවට හීනයක් දැක්ක බව මතකයි, නමුත් දැකපු දේ මතක නැහැ.

    ලස්සන හීන දකින්නට ලැබේවා යයි පතනවා ඔබට.

    //දැන් මෙහෙම මැදිහත් වීමේ හෝ නොවීමේ සීමාව මොකක්ද? කෙනෙකුගේ කැමැත්තට එරෙහිව, එයාගෙම යහපත පිණිස අපට මැදිහත්වීමක් කරන්න හැකිද? හැකිනම් කළ යුතුද?//

    මේක ටිකක් සංකීර්ණයි. අවස්තාව අනුව අපට වෙනස් විදියට ක්‍රියා කරන්නට සිදු වෙනව. මිනිසුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඔවුන්ට ඉඩ දිය යුතුයි, නමුත් මම සමහර වෙලාවට පොඩි උපදෙසක් වගේ දෙන්නට මැලි වන්නේ නැහැ. ඒත් ඉතින් අපේ නරක වෙලාවට අනපේක්ෂිත දේවල් වෙනවා, උදාහරණයක් විදියට, මේ ලඟකදී, යාලුවෙකුට උදව් කරන්න ගිහින් සහ එයාගේ ප්‍රශ්නයකට මැදිහත් වීම නිසා, පාරේ යන නයෙක් ඇවිත් දෂ්ට කරල ගියා වගේ වැඩක් උනා මට. ඒත් මම ඒ කරපු දේ ගැන පසුතැවෙන්නේ නැහැ, මොකද මම එහෙම මැදිහත් නොවුනා නම්, ඇගේ ජීවිතය අද තිබෙනවාට වඩා බොහෝ අයහපත් එකක් වෙනවා.

    • බ්ලොග් ලිවීමටත් එක එක දේවල් කියනවනේ. එයින් එක කරුණක් පතෝල සටහන් ලියන්න එපා කියන එක. මා බලාපොරොත්තු වෙන්නේ වැඩිහිටි පිරිස් මේවා කියවාවි කියා. ඉතින් මොනවාද බන් ඔය ලියන්නේ කියා ඇසීම තේරුමක් නැති දෙයක්. ලිවිම හා කියවීම අප ස්වේච්චාවෙන් කරන දෙයක්.

      අන්න ඒ වගේ වැඩිහිටියෙකු මත තීරණ බලෙන් පටවන්න නොහැකියි මානවිකා. කවුරු මොනවා පැටෙවුවත් අරයගෙ කැමත්ත අන්තිමට උඩට එනවා. මගේ සිහිනයේ මා මුහුණ දෙන උභතෝටිකය අන්න ඒකයි. මාව ගැස්සිලා ඇහෙරෙන්නෙ ඒ නිසා.

  9. පාරෙ කතාව විතරක් ගත්තොත්, පාරෙදි දක්වන සුළු ආචාරශීලිත්වයක් වුනත් අපිට ලොකුවට දැනෙනවා. නමුත් සමහරු අයිතිවාසිකමයි වරප්‍රසාදයයි අනා ගන්නවා. ආචාරශීලිත්වයයි නිවට කමයි පටලාගන්නවා.

    අපි වැරදි වැඩක් වුනත් පාරෙදි ලයිට් ෆ්ලෑෂ් කරලා පොලීසියෙන් ඉන්න බව කියනකොටත් ඔය සහෝදරාත්මක හැඟීමමයි තියෙන්නේ.

    ඔය කියන විදියෙ සිදුවීමක් වුනා උඹ දැක් කියපු රටේ ජීවත් වන මගෙ මචං කාරයට wife’s brother. ඒකා දස දුක් විඳලා ලොකු කොලුවව අර සුප්‍රසිද්ධම විශ්ව විද්‍යාලයටත් යැව්වා. දෙවෙනි එකා පළවෙනි අවුරුද්දෙදි ඒක දමලා ගහලා ඇවිත් කිව්වා මම මගේ අදහස වෙනස් කරගත්තා. ඒක නෙවෙයි මට ජීවිතයෙන් ඕනෙ දේ කියලා. එතකොට දෙමාපියෝ අර කැපවීම් ඔක්කොම කරලා කන්න තියෙන ක‍ටු ඔක්කොම කාලා ඉවරයි. උඹ දන්නවනේ ඒවගෙ විශව විද්‍යාලයකට ළමයෙක් යවන්න යන වියදම. මට හිතුනේ අර කොළුවට ඕක තව අවුරුද්දකට කලින් තීරණය කරන්න පුලුවන් වුනානම් කියලා.

    හරි හරි ප්‍රජාතන්ත්‍රවාදයත් ‍රැකුණා.
    This is a free country, alright.
    Land of the free
    Home of the brave.

    • //පාරෙදි දක්වන සුළු ආචාරශීලිත්වයක් වුනත් අපිට ලොකුවට දැනෙනවා.//
      හරි ඇත්ත. ඒවගේම සුළු අවනීතකමත් ලොකුවට දැනෙනවා.

      මෙතැනදී වරද දරුවාට දමන්න බැහැ නේද මචෝ. මොකද උපාධිය ඉවර කෙරුවට පසුත් ඕකෙන් මට වැඩක් නැතෙයි කියල එයාට සිතෙන්න තිබුණා නේද? එතකොට ජිවිතයේ තවත් කල් නාස්ති නොකර, ඉක්මනින් තීරණයක් ගන්න හැකි වීම එක අතෙකින් හොඳ නේද?

      එක අතෙකින් මේ කැපවීම කියන දේ අන්තයකට ගෙන යන්න නරකයි. ඒ වගේම දරුවනුත් මුළු ජිවිත කාලයම අපෙන් යැපෙන්න සිතන මානසිකත්වයත් කුඩා කළ සිටම ඔවුන්ගෙන් අයින් කරන්න ඕනේ.

      ප්‍රජාතන්ත්‍රවාදය නොරැකුණොත් කොලා නේද?

      • /දරුවනුත් මුළු ජිවිත කාලයම අපෙන් යැපෙන්න/ 😀
        බොරු මොකටද මම නම් මෙහෙමයි.

        • ඔන්න ඕකයි මා ඔබේ කොමෙන්ටුව ස්පෑම් යන්න රෑ සෙට් කෙරුවේ. මා දන්නවා ඔබට තරහා යන වග. මා කියුවනේ සොරි කියල. අයින් කරන්න කියපුවා අයින් කෙරුවා. ආයිත් සොරි නැවත වැටිලා නම්. එහෙම වන්නට ඇත්තේ මගේ පිළිතුරු සංස්කරණය කළ විට බැරිවෙලා නැවත වැටීමෙන් වෙන්න ඇති.

          ව්‍යායාම ගැන මා කියා තිබෙන්නේ බොරුවක් නොවේ. මා බිරිඳ යන යෝග පංතියටම යනවා. ඉතින් ඔබ ගැන මට පුදුමයක් නැහැ. හැබැයි ඉන්න පරිසරයේ හැටියට පුදුමයි. එය අයින් කරන්නම්.

          මගේ සටහන් කියවන්න වෙන කෙනෙකුට අපහසු යයි මා දන්නා නිසාම, ඒවා කියවන ඔබ ලියා ඇති, කියවන්නට හැකි සියලු සටහන් මා කියෙව්වා. මේක මා සාමාන්‍යයෙන් කරන වැඩක් නොවේ. එනම් පරණ සටහන් කියවන එක.

          ලෝකය ගැන මා දන්නවා. විශේෂයෙන් කාන්තාවන්ට තියන කරදර. මේ බ්ලොග් ලෝකයේ එයාලට කරන හිරිහැර මට ඉස්සර පෙනුණා. දැන් වැඩිය කියවන්නේ නැති නිසා පෙනෙන්නේ නැහැ.

          ඔබයි මගෙයි කොතරම් වෙනස්කම් තිබුණත්, අපේ එක ලක්ෂණයක් නම් හරිම සමානයි. ඔබ දන්නවා ඒ කුමක්ද කියා. මේක උඩ කොමෙන්ටුවට පිළිතුරක් නොවේ. අනෙක් එකට. ඒ නිසා ඔබ කියවපු පසු කපා දමන්නම්.

          ඔබ කියන අර අර සමාන්තර විශ්වය අපට මෙලොව තුලම හමු වේවි. හැබැයි ඒකට අපට තව ගොඩක් කල් බලන් ඉන්න වේවි. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s