දිනපොතෙන් පිටුවක්! True colors!


අද නම් ලියන එකට විවේකයක් දෙන්න සිතුවා. නැහැ ඔන්න ඔහේ ලියනවා. ප්‍රෙජුඩිස් හොඳ නැතිය කියල අප දන්නවනේ. කලින් ඒ ගැන ලියුවා. නමුත් අප ජිවිතයේ “එඩුයුකේටඩ් ගෙස්” කරනවා (මොකද අයියේ සිංහලෙන් ලියන්න බැරිද?). ඒ කියන්නේ හිතාමතා, එනම් අත්දැකීම් මත අනුමාන කරන එක. මේවත් වරදින අවස්ථා ඕනේ තරම් තියනවා.

සයිබර් ලෝකයේ අඩත්තේට්ටම් ගැන මගේ අදහස මෙහි කිහිපවරක් ලියා ඇති. සයිබර ලෝකයේ පමණක් නොව තත්‍ය ලෝකයේ අඩත්තේට්ටම් වලටත් අප නිතර මුහුණ දෙනවා. කඩේ, වැඩපොළේ, ගෙදර සහ පාරේ මේවට මුහුණ දීමට සිදුවන්නට පුළුවන්.

මෙයිනුත් සයිබර අඩත්තේට්ටම් පහසු, එහිදී මුහුණ නොපෙනෙන නිසා. මා නම් මෙහි ලියන්නේ මට කෙනෙකුට මුහුණටම කියන්නට හැකි දේවල්, එසේ හැකි භාෂාවකින්. අන්න ඒකයි මගේ මුල් පිටුවේ තියෙන්නේ, “Don’t say anything online that you wouldn’t say in person” කියල. මේක මුලධර්මයක් ලෙස මා පිළි පදිනවා.

මගේ සමහර පිළිතුරු කර්කශ වුවත්, ඒවා විනීත භාෂාවෙන් ලියා තියෙන්නේ. මේ බ්ලොගය කුඩා දරුවෙකු වුවද කියවන්නට හැකි වග මා අමතක කරන්නේ නැහැ. මොකද සමහර වචන සෙවුම් යන්ත්‍ර වලින් සොයා යන විට මේකත් මතු වන්නට පුළුවන්.

හැබැයි කිසිවෙකු මාව මඩවන්නට එනවා යයි මත සිතෙනවා නම්, මාත් කරන්නේ එක්කෝ මැඩවීම, නැත්නම් ඈත් වීම. ඉස්සර බොරු පුරසාරම් කියන මිනිසුන්ට නිහඬව සවන්දුන්න මා, දැන් ඒ වගේ කෙනෙකුට එයිට වඩා බොරු ගොතල කියනවා. සමහරවිට එය හොඳ ප්‍රතිකර්මයක් කියලත් මට වැටහී ගිය අවස්ථාත් තියන වග මතක් කරන්න කැමතියි.

මේ සියල්ල ලියුවෙත් කිසියම් හේතුවක් නිසා. අපේ “එඩියුකේටඩ් ගෙස්” වැරදුන විට මොකද කරන්නේ? ඇත්තටම මේවා වැරදුනා නැත්ද කියල හොයා ගන්න බැරි විටත් මොකද කරන්නේ කියන ප්‍රශ්නය මට නිකම් ඉන්න විට සිතුන දෙයක්.

(මේ දිනපොතෙන් පිටුවක් යන්න මගේ ප්‍රයෝජනය සඳහා ලියමින් සිටි දේවල් ඔබත් සමග බෙදා ගැනීමකි. මේවායේ නිධාන කතා හෝ වෙන යම් හේතුවක් ඇතැයි ලත වෙන්නට එපා. මා පහේ පංතියේදී වෙනස්ම අයුරින් බ්ලොගය ලියන වගත් මතක් කරන්නට කැමති).

මේ ගීතයත් මගේ එම්පී3 ප්ලේයරයේ නිතර අහන එකක්.

You with the sad eyes
Don’t be discouraged
Oh I realize
Its hard to take courage
In a world full of people
You can lose sight of it all
And the darkness inside you
Can make you feel so small

But I see your true colors
Shining through
I see your true colors
And that’s why I love you
So don’t be afraid to let them show
Your true colors
True colors are beautiful,
Like a rainbow

Show me a smile then,
Don’t be unhappy, can’t remember
When I last saw you laughing
If this world makes you crazy
And you’ve taken all you can bear
You call me up
Because you know I’ll be there

And I’ll see your true colors
Shining through
I see your true colors
And that’s why I love you
So don’t be afraid to let them show
Your true colors
True colors are beautiful,
Like a rainbow

(Can’t remember when I last saw you laughing)
If this world makes you crazy
And you’ve taken all you can bear
You call me up
Because you know I’ll be there

And I’ll see your true colors
Shining through
I see your true colors
And that’s why I love you
So don’t be afraid to let them show

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “දිනපොතෙන් පිටුවක්! True colors!

  1. Pingback: දිනපොතෙන් පිටුවක්! True colors! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේ සටහන ගැන දල අදහසක්වත් ගන්න විදියක් නෑ හේතුව මම නිධාන කතාව නොදන්නා නිසා. නමුත් යමක් සිදුවී තිබෙන බැව් නං පැහැදිලියි. මොනවා නමුත් පහත ගිතය නම් හිතට හුගක් දැනුනා…

    • මගේ බ්ලොගය තවදුරටත් යුනීක් (අසමාන) කිරීම සඳහා කලින් ලියුවත් නොපළ කරන වර්ගයේ මෙවැනි සටහනුත් ඉඳහිට දමන්න සිතුණා. මෙය කියවන පිරිස දැන් මට අවශ්‍ය අයුරින් තේරී වෙන්වීම නිසයි එහෙම කරන්නේ නලින්.

      මේ කතාවේ නිධානය සෙවීමට වෙහෙසීම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට මා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

      ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති අපට සමාජයේ හමුවන බොහෝ පිරිස් වල “ට්රූ කලර්ස්” නැත්නම් සැබෑ ලක්ෂණ පෙනෙන්නේ නැතිය කියා. ගොඩක් ජරා යක්කු වෙනත් වෙස් මුහුණු දාගෙන අප අතර සැරි සරනවා. මෙයාලව හඳුනා ගන්න ලැබෙන්නේ තීරණාත්මක අවස්ථාවකදී වෙන්න පුළුවන්. එවිට සමහරවිට හඳුනා ගැනීම ප්‍රමාද වැඩියි.

      අන්න ඒ වගේම තවත් පිරිසක්, එයාලගේ හොඳ ලක්ෂණ මතු කරන්නේ නැතුවත් ජිවත් වෙනවා. මොකද නැත්නම් මේ සමාජයේ ජිවත් වන්න අමාරුයි. මේවා ඔබට අමුතු දේවල් නොවේනේ.

      ඒ වගේ කෙනෙකුට අප ඇත්තටම කැමති වන්නේ, පෙන්නාගෙන ඉන්න ජරා ලක්ෂණ හින්ද නොවේ, සැඟවී තියන හොඳ ලක්ෂණ හින්දා. නමුත් එවැනි දේවල් තේරුම් ගැනීම අසීරු කරුණක්. ඔච්චරයි!

  3. //“Don’t say anything online that you wouldn’t say in person” කියල.// මට මේ වගේ දෙයක් වුන. ඇනෝ කෙනෙක් ඇවිත් ඉතා ජරා විධිහට මගේ සුදු කාන්තාවක වන ජර්මන් ජාතික බිරිඳට බැන වැදුනා . එහෙම කලේ මට රිද්දන්න. මම ඔහුට ලිව්වා පුලුවන්නම් මගේ මුනට ඒක ලියන්න කියල. ඇනෝ දැම්මත් දාපු වෙලාව , තැන හා අයිපි ලිපිනය අනුව මම අනුමාන කල කවුද කියල. දන්නා කෙනෙක් වීම තම ලොකුම ප්‍රශ්නය. මම කොලමබ ගමයා කියා ලීවත් මගේ නම හැම තැනම ප්‍රදර්ශනය කරනවා. හේතුව මම කියන දේ මට මුනටත් කියන්න හැකියාව තියෙන නිසා. උඹ ලිව්ව දේට මට මිට වැඩිය කියනන් දෙයක් නැහැ. ඉඳහිට හරි අපි මේවා කිව යුතුවයි.

    • මේකේ යන කෙලි මා නොදන්නවා නොවේ මචෝ. නින්දිතයි. අපගේ සමාජ ප්‍රගමනයට ඇති ප්‍රධාන බාදවත් මෙයම තමා. එනම් සැඟවී සිටීම.

      මට නම් මචෝ ලෝකය වෙනස් කරන බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේවා කියවන කෙනෙකුට තව දුරටත් සිතන්නට අවකාශය ලැබේවිය කියල සිතනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s