නියාන්ඩතාල්වරුන් අප අතරට ආවේ කොහොමද?


man

නූතන මිනිසා කියන්නේ, පරිණාම මිනිස් ගසේ එක සුවිශේෂී අත්තක් වුවත්, එය වැඩීමට, මෙලොවින් තුරන්ව ගිය අනෙක් මිනිස් විශේෂත් දායක වී තිබෙනවා.

අපේ ජාන වල විශ්ලේෂණ පවසන්නේ අපේ මුතුන් මිත්තන් කියන්නේ වෙනත් මානව විශේෂ ලෙස සලකන නියාන්ඩතාල්, ඩෙනිසෝවානුවන්* හා වෙනත් උත්තර අර්ධගෝලයේ විසූ මානව විශේෂ සමග ලිංගික සඹදතා පැවත්වුවන් වගයි. මේ මිශ්‍ර වීම් මගින් නූතන මිනිසාට අප්‍රිකාවෙන් පිටත පරිසරය සමග ඔට්ටු වීමේ හැකියාවට අමතරව, ඇදුම, චර්ම රෝග හා සමහරවිට ආතතිය ද උරුම කර දුන් වග විද්‍යාඥයන් විශ්වාස කරනවා.

හැබැයි ප්‍රතිශතයක් ලෙස ගත්ත විට මේ ජාන මිශ්‍රවීම ඉතා කුඩායි. උදාහරණයකට යුරෝපීයයන්ගේ හා ආසියානුවන්ගේ තියන නියාන්ඩතාල් ජාන ප්‍රමාණය 2-4% ක් ද, මෙලනිසියානුවන්ගේ හා ඇබෝරිජිනල් ඕස්ට්‍රේලියානුවන්ගේ තියන ඩෙනිසොවන් ජාන ප්‍රමාණය 5% ක් පමණද වෙනවා.

හැබැයි ප්‍රමාණයෙන් කුඩා වුවත්, බලපෑම නම් විශාල එකක් වගයි විද්‍යාඥයන් පවසන්නේ. එනම් එකතු කරපු ලක්ෂණ කුඩා වුවත් ඒවායේ බලපෑම තීරණාත්මක වන වග.

ගිය වසරේ කරපු ජාන අධ්‍යයන වලින්, කියවෙන්නේ යුරේශියනුවන්ට එකතු වී ඇති නියන්ඩතාල් ජාන නිසා, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය හානිවීම අඩු කිරීමට හා ගණ හිසකෙස් ඇතිවීමට හේතු වෙන්න පුළුවන් කියා. නමුත් මේ ජාන වලින් ප්‍රොයෝජනවත් වැඩක් වුණාද කියන එකට සාක්ෂි තවම දුර්වලයි.

ඒ අතරම රෝගීන්ගේ දත්ත පරික්ෂා කිරීමෙන්, නියන්ඩතාල් විසින් එකතු කරපු ජාන මගින් මිනිසාට, අස්ථි කැඩී යාම, රුධිර කැටි නොගැසීමේ තත්ත්ව හා නිකොටින් වලට තියන ඇබ්බැහිය ද අපට උරුම කර දීමට දායක වී ඇතැයි සිතනවා.

ඩෙනිසොවානුවන් ටිබේට ජනතාවට එකතු කරපු ජාන නිසා ඔවුනට මුහුදු මට්ටමෙන් ඉතා ඉහල පරිසරයට අනුවතනය වීමේ හැකියාව ලැබුණ වග සිතන්නේ, එම ජාන ඔවුන්ගේ රුධිර ගණ වීම වලක්වන්නට දායක වන නිසා.

තවත් පර්යේෂණයක් මගින් නියන්ඩතාල් ජාන හා ආතතිය, තරබාරුකම සමග ඇති සම්බන්දය හෙළි කර තියනවා. හැබැයි මේවායේ බලපෑම සමහර විට ඉහල වෙන්නත්, සමහර තත්ත්ව වලදී නොසැලකිය හැකි තරම් කුඩා වෙන්නත් හැකිය කියන එකත් ඔවුන් අවධාරණය කරනවා.

ඒ වගේම උතුරු අර්ධගෝල මානව විශේෂ එකතු කරපු ජාන මගින් නුතන මිනිසාට අප්‍රිකාවෙන් පිට පරිසරයේ ජිවත් වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය එකතු කළ වගත් සිතනවා. හැබැයි එහෙම එකතු කරපු සමහර ලක්ෂණ මෙයට අවුරුදු 10 000 කට පමණ එපිට දී ප්‍රයෝජනවත් වුවත්, අද අපේ ජිවන විලාසිතා තේරීම් වලට අහිතරකර ඒවා වන්නට හැකි වගත් බැහැර කෙරෙන්නේ නැහැ.

(නේචර් ඇසුරිණි).

පසු වදන
අපේ සමහර පිරිස් අර ජාතින් කැතය, අප තමා ලස්සනම කියමින් මෝඩ ආතල් ගන්නවා. තවත් අය අපේ “සුපිරිසිදු ජාතිය” කෙසේ හෝ බේරා ගන්න අවශ්‍ය වග නිතර මතක් කරනවා.

මේ පර්යේෂණ වලින් කියවෙන්නේ නූතන මානවයා කියන්නේ මොන තරම් “සුපිරිසිදු” එකෙක් ද යන වග. අපේ පැවැත්ම තහවුරු කර ගන්න හැකි, ලිං වලට බැහැල සිටීමෙන් නොවේ. මල්මි කියනවා වගේ ලෝකය පුරාම විසිරී යාමෙන්. අපේ මුතුන් මිත්තන් එහෙම නොකළා නම් හා වෙනත් මානව විශේෂ සමග මිශ්‍ර නොවුනා නම්, අපේ කතාව සමහර විට මෙයිට වෙනස් ම එකක් වන්නට තිබුණා.

  • සයිබීරියාවේ ප්‍රදේශයක ගුහාවකින් සොයා ගත් ඇටකටු නිසා මොවුනාට මේ නම ලැබී තියේ. එහි කතාව මා වෙන දිනෙක ලියන්නම්.

7 Comments

Filed under Nature, Research & Development

7 responses to “නියාන්ඩතාල්වරුන් අප අතරට ආවේ කොහොමද?

  1. Pingback: නියාන්ඩතාල්වරුන් අප අතරට ආවේ කොහොමද? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. නේචර් උපුටනයට ස්තුතියි…….
    //අපේ පැවැත්ම තහවුරු කර ගන්න හැකි, ලින්වලට බැහැල සිටීමෙන් නොවේ// අදහස ඉස්තරම්.

  3. මෑතක් වෙනතුරුම තිබුණ ප්‍රමුඛ අදහස වූ හෝමෝ සේපියන්ස්ලා එකම ‘පිරිසිදු’ වර්ගයක් කියන ‘දේශපාලනිකව හොඳ’ අදහස අලුත් ජාන විද්‍යාත්මක සහ පුරා විද්‍යා සාක්ෂි එක්ක දැන් නිශ්චිත ලෙසම ප්‍රතික්ෂේප වෙලා වගෙයි තියෙන්නේ. එක් ජන කොටසක තියෙන නියාන්ඩතාල් ජාන ප්‍රමාණය 1-4% ක් වගේ වුණත් හැමෝගෙම තියෙන්නේ එකම ජාන නෙමෙයි නිසා නියාන්ඩතාල් ජාන 30%ක් පමණ ඉතුරු වෙලා තියෙන බවයි මම දැකපු මූලාශ්‍ර වල තිබුණේ. අනෙත් කරුණ නියාන්ඩතාල්ලාටත් සේපියන්ස්ලාට වගේම නිර්මාණශීලී හැකියාවන් තිබී ඇති බව. සමහර තැන් වලදී ඔවුන් සේපියන්ස් නිමැවුම් බලාගෙන වෙනම තාක්ෂණයකින් ඒවා හදලා තියෙනවා. මේ කරුණ ඩෙනිසෝවියන්ස්ලා ඇතුළු අනිත් අයටත් පොදුයි. නේචර් ලිපියනම් දැක්කේ නැහැ. මගේ විෂය නොවුනත් මම ගොඩක් කැමති විෂයක් මේක.

  4. දැන් මේ ලිං වලින් ඉවතට යාම නැත්නම් සංචරණය කියන දේ figuratively as well as literally කරන්න හැකියි නලින්.

    ඒ කියන්නේ මේ ලෝකයේ 4 වර්ගයක් ඉන්නවා (හැමතැන මේ හතර වර්ගය ඉන්නවා).

    පිරිසක් මනසින් හා කයින් ලිඳේ ජබුන් ගහනවා. අන්තිම නරක පිරිස.

    ඔන්න තව පිරිසකට එක තැන ඉඳන් මනසින් සංචරණය කරන්න හැකියි. මොකද භෞතික සංචරණයට පහසුකම් නැති නිසා. නමුත් ලෝකය පුරා සංචරණයේ යෙදෙනවා. නරක තත්වයක් නොවේ.

    තව පිරිසක් ඉන්නවා භෞතික ලෙස සංචරණය කරනවා. නමුත් මනසින් ස්තිතයි. එනම් එකම තැන. නරකයි. ඔය අපේ අයියල ඉන්නේ, මේ රටවල් වල දරුවන් ඈත පාසල් වලට පිටත් කර, හවස 5-6 ගෙදර ආපුවහ ආයිත් ටියුෂන් දක්කන. තවත් අය පංසල් ගිහින් ගෝරි දා ගන්නේ. තවත් අය ගෙදර ඇවිත්, එයාට වඩා මහන්සි වෙලා ගෙදර එන නෝනා එනතුරු තේකක් වත් හදා ගන්න දන්නේ නැත්තේ. තවත් අය මේලෝකේ ඉගෙනීමක් නැතුව, අනුන්ගේ උපාධි, සහතික, පාසල්, උපන් ගම් යනාදියට සිනහ වෙමින් ඉන්නවා. ඔය සියල්ලන්, භෞතික ලෙස ලිඳෙන් එලියට ආවත්, මනසින් අර ලිඳේ. ඇති වැඩක් නැහැ. මෙලෝ රහක් නැති පිරිසක්.

    අන්තිම පිරිස මනසින් හා කයින් සංචරණයේ යෙදෙන කට්ටිය. මෙයාල අඩුයි.

  5. ඔබේ පළමු කොමෙන්ටුව නේද?

    මෙතැනදී එකනොමැට්ටෝ මෙතෙක් කල් අප මේවා ඉදිරිපත් කිරීමේත් තිබුණ වරද හදාගෙන යනවත් නේද? ඒ කියන්නේ නූතන මානවය පවා “ෆයිනල් ප්‍රොඩක්ට්” එක නොවේනේ. මේක “වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස්” නේ. මෙන්න මේ දෙය දෙස, අප කලින් බලපු හැටි වැරදියිනේ. එනම් මේ අතු රිකිලි කියන්නේ, අප තේරුම් ගැනීමේ පහසුවට හදා ගත්තු ඒවා මිස ඇත්ත පොලවේ සිදු වන්න ඇත්තේ වෙන දෙයක් නේ.

    ඔවේ මේ ජාන කලවම් වීමේ ප්‍රතිශත ගැන විවිධ මත තියනවා. ගිය වසරේ සයන්ස් සඟරාවේ මෙයට වඩා හොඳ, දීර්ග විස්තර සහිත ලිපියක් මා කියෙව්වා. එයත් ඒ දිනවල ලියන්න හිටියේ. නමුත් විවේකයක් තිබුණේ නැහැ. මේ හිටු කියල ලියන ලියවිල්ල කවද, කොහොම නවතිවිද කියා මා වත් දන්නේ නැහැ. නිවෙන්නට පෙර දැල්ලේ එළියද මේ?

    මගේ විෂයකුත් නොවේ, ආසාවෙන් කියවන, නරඹන අහන ක්ෂේත්‍රයක්. මා කලින් මානව පරිණාමය යටතේ සරල සටහන් කිහිපයක් ලියා තියනවා. සියල්ල ඉඩ ලැබෙන පරිදිනේ. මේක තිබුනේ ජූලි මස (2015) කලාපයක. ගොඩක් දිග ලිපියක් නොවේ.

    එකම දේ මෙවැනි සොයා ගැනීම් පොදු ජනයාට ගෙන යන්න හැකි නම්, මේ ලෝකය මෙයිට වඩා හොඳ තැනක් වීම සහතිකයි. නමුත් පිරිවැය අතිනුත්, ගොඩක් පිරිසකගේ ධාරිතාවය අතිනුත් එය ප්‍රායෝගික එතරම් නැහැ. නමුත් හැකි පමණ ප්‍රධාන ධාරාවට එකතු කරන්න හැකි නම් ධනාත්මක බලපෑමක් ෂුවර්. 🙂

  6. මම ඔබේ බ්ලොග් එක කියවන්න අරන් ලොකු කාලයක් නැහැ. ඒ නිසා පහුගිය දවස්වල පොස්ට් වල අවස්ථා සම්බන්ධය තේරුණේ නෑ. වැඩිපුර කියවන්නේ නෑ කියලා පසුතැවිල්ලක ඡායාවක් වගේ පෙනුණාම කියවනවා කියන්න හරි කමෙන්ට් එකක් දාන්න ඕනෑ වුණත් ලිපිවල යටිපෙළ නොතේරුන නිසා අලියගේ කණ හරි වලිගෙ හරි අතගානවද කියල ෂුවර් එකක් තිබුණේ නැහැ. ඒ නිසා නිකං හිටියා.

    මම පෞද්ගලිකවනම් “ෆයිනල් ප්‍රොඩක්ට්” එකක් තියෙනවා කියන අදහසටම කැමති නැහැ. මේ සංකල්පය ඇතුලෙම තියෙන්නේ හිරවීමක්. “ෆයිනල් ප්‍රොඩක්ට්” එකක් අර්ථ දක්වපු ගමන්ම හිතීම රේඛීය වෙනවා. ඊට පස්සේ අපි මේකේ අපි ඉන්න තැන තීරණය කරලා අපිට එහායින් “ෆයිනල් ප්‍රොඩක්ට්” එකට වඩා කිට්ටුවෙන් ඉන්න වීරයෝ පස්සේ යන්න පටන් ගන්නවා. අපිට පිටිපස්සෙන් ඉන්න අයව අපි ඉන්න තැනට ගන්න හදනවා. එතකොට ඒ අය දන්න “ෆයිනල් ප්‍රොඩක්ට්” එක වෙන එකක්නම් ගැටුමක් එනවා. එහෙම නිශ්චිත “ෆයිනල් ප්‍රොඩක්ට්” එකක් තියෙනවානම් ඒකට කමක් නැහැ.

    මේ රූපවාහිණී වාර්තා වැඩසටහන් මාලාව සාමාන්‍ය ජනතාව ඉලක්ක කරලයි හදල තියෙන්නේ. තොරතුරු ගොඩක් අළුත්. සමහර විට ඔබනම් නරඹල ඇති.
    http://www.pbs.org/first-peoples/episodes/

  7. මා මෙවෙලේ අන්තර්ජාලයේ ඉන්නේ වෙන දෙයක නිරත වෙමින්.

    මා නම් මෙය කාලයක සිට ලියනවා. ඔබගේ බ්ලොගය කියවනවා. නමුත් කොමෙන්ට් කරන්නේ නැහැ. එය මගේ දුර්වලතාවයක් වගේම, වෙන හේතුවකුත් එයට තියනවා. ඔබගේ අන්තිම පොස්ටුවට මා ඉතා කැමතියි. 🙂

    “ෆයිනල් ප්‍රොඩක්ට්” එකක් නොමැති වගයි මා විස්වාස කරන්නේ. එහෙම වුනොත් අප මේ කරන, කියන සේරම තේරුමක් නැතිව යනවා. මේක අනවරත ගමනක්. ජිවන විලාසිතා තේරීම් වලත්, සත්ත්ව ශාඛ හා පරිනාමයේත්, විශ්ව පරිණාමයේත් එහෙම “ෆයිනල් ප්‍රොඩක්ට්” එක කියා දෙයක් තිබෙන්න ත් බැහැ නේද?

    අප සියල්ලන්ම හා විශ්වය “එ වරක් ඉන් ප්රෝග්රෙස්” කියන සිතිවිල්ල වඩා හොඳ එක. මා නම් සිතන්නේ එහෙමයි.

    ගණන් ගන්න එපා. මගේ බ්ලොගය කියවන්නේ ටික දෙනයි. එයත් මා නිතරම පැහැදිලි කරන කරුණක්. මේ සටහන් මින් එහාට ගෙන යන්න බැරි වී තියෙන්නේ, ඒවාට අවශ්‍ය උත්ප්‍රේරණ මා නොලබන නිසා. නමුත් ඇදගෙන යනවා. වඩාත් සරල සටහන්, එනම් එදිනෙදා ජීවිතය ගැන ලියන්න මා පෙළඹෙන්නේ අන්න ඒ නිසා.

    ඔය වැඩසටහන් මා නරඹා තියනවා. තවත් ඒවා නරඹා තියනවා. කියවලත් තියනවා. මේ සටහන් සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ ජිවිතයේ මා මෙතෙක් ආ ගමනයි. මා තෘප්තිමත් මිනිහෙක් කියා කියුව හැකි වුවත් අද ඉන්න මා “ෆයිනල් ප්‍රොඩක්ට්” එක නොවේ. මාත් “එ වරක් ඉන් ප්රෝග්රෙස්”………. 🙂