තාත්තලාගේ හා අම්මලාගේ දිනයන්!


අද ඉරිදා වෙනදට වඩා උදෙන් නැගිට්ටා. ඇත්තටම වෙන වැඩ නැත්ද? වෙනදට ඉරිදට යන දේ මේ දිනවල වෙන දිනකයි තියෙන්නේ.

පුතාල හදපු කාඩය (කාඩ් එක) ලැබුණේ උම්මා එකක් සමගින්. I really LOVE you and hope that you enjoy father’s day as much as I love having you around (A LOT). කලින් නැගිටපු එක නරක නැහැ නේද?

මිනිසා විශ්වය තරණය කරන එක හේතුවක් තමා ජීවයේ සම්භවය සොයා යාම. පසුගියදාක ඒබීසීයට ආපු කැනඩා ගගණගාමියෙකු (Chris Hadfield) පළ කරපු අදහස් ටික ඇහුවහම මට සිතුණේ, එවැනි මිනිසුන්ගෙන් මේ ලෝකය පිරී ගියොත් කොතරම් අපූරු ද කියා.

එක අවස්ථාවක අභ්‍යවකාශයේදී එළියට පැමිණි පසු අවටත් අපේ පෘථිවියත් දුටු හැටි ගැන ඔහු කරපු විස්තරය අහන් ඉන්න පවා චමත්කාර ජනකයි. මේ කියන්නේ හොඳ මිනිසුන් වන්නට අප සියළු දෙනා අභ්‍යවකාශ ගත විය යුතු බවද?

………..අපටම යමක් නිශ්චිත නැත්නම් එය අන් අයට ඒත්තු ගන්වන්නට යාම නිෂ්ඵලයි……….

බඩු මිල සමගින් ලෝකයේ කොහේ සිටියත් සාමාන්‍ය අපට පුහුණුවක් නොමැතිව වුවත් අභ්‍යවකාශ ගත වෙන්න හැකියි. හැබැයි එක දෙයක් පැහැදිලියි. එනම් අප හැදිලා තියෙන්නේ කොහොමද කියා දැන ගන්න ගන්න අප යහපත් මිනිසුන් වෙනවා.

ඔබට මතක ඇති මිනිසා කුටුම්බ ජිවිතයක් ගත කිරීමට කලින් බෝ වුණේ බෙදී වෙන් වීමෙන්. මේක පසු කාලේදී කෙල වුනා නම් තමා.

……….මාත් ජිවිතයේ සිහින පසුපස හඹා යනවා කියන දෙය විශ්වාස කරන දෙයක් නොවේ …………

මා දැන් මිනිසුන් සමලිංගික ද, උභය ලිංගික ද, බහු ලිංගික ද කියා දැන ගත්ත හෝ නොගත්ත නිසා සිතේ ඇතිවන හැඟීමේ වෙනසක් වෙන්නේ නැහැ. එය බලෙන් ආරෝපණය කර ගත්තු තත්වයක් නොවේ. පරිණාමය වූ අදහසක්. මිනිසුන් දෙදෙනෙකුට වැඩිහිටි ජිවිතයේ නිත්‍යානුකුල ලෙස එකට ගත කිරීමේ නීති සම්පාදනයට මගේ චන්දය ලැබෙනවා.

ලිංගික ආකර්ෂණය කියන දේ ජිවන විලාසිතා තේරීමකට වඩා වැඩි දෙයක් කියා ජාන විද්‍යා පර්යේෂණ පෙන්වනවා. එසේම තරබාරුකම (එකම තත්ත්ව යටතේ), බීමත්කම, නිකොටින් වලට තියන ඇබ්බැහිය, කුසීතකම, අපේ සිතේ ඇතිවන සතුට, බුම්මටු කම, ආඩම්බර කම යනාදී ලක්ෂණ අප අතර වෙනස්ව පිහිටන්නේ ප්‍රවේණික තත්ත්ව නිසා කියලත් සොයා යමින් පවතිනවා. මේවා අවසාන නිගමන නොවේ. මෙය නිරන්තර කාර්යයක්.

හැබැයි මේ සොයා ගැනීම් නිසා එක හොඳක් සිදු වෙනවා. එනම්, එකෙකු, තවකෙකුට කරන වෙනස්කම් කියන්නේ පදනම් විරහිත දෙයක්ය කියන සරල සත්‍යයයි.

මෙතන තව ප්‍රශ්නයක් තියනවා. මැරුණහම අර “දොරටුවේදී” දෙපැත්තෙන් කොයි පැත්තට යන්න ආස කියන කෙනා, විහිළුවක් නැති සුරපුරද? විහිළු කරන්නට හැකි අපායටද කියල ඇහුවොත්, අප දෙපාරක් සිතන්නේ නැත්ද?

හැබයි මෙන්න මේ වගේ දේවල් වලදී අප ප්‍රවේශම් විය යුත්තේ, ලෝකයේ ඉන්න සියල්ලන්ම අප වගේ නොසිතන නිසා. අජිත් මගේ සටහනක ප්‍රතිචාරයකට ” මචෝ මාව උඹ හීනෙන් දැක්කේ නැත්ද?” කියා ඇහුවොත්, මට උත්තර දෙන්න හරි ලෙහෙසියි. නමුත් මේ කතාවම විරුද්ධ ලිංගික පාර්ශවයට කියන විට, එය ඇත්තටම අහිංසක විහිළුවක් වුවත්, වෙනස් විධිහට අර්ථකථනය කරන්න හැකියි. ප්‍රසිද්ධ වේදිකාවක කතාකරන හා ලියන විට ප්‍රවේශම් විය යුතු වග මා හොඳින් දන්නා දෙයක්.

අර ඉහත කිව්න්ඩ්ඒ වැඩසටහනට කලි සතියේ වැඩසටහනට ආපු, එක කාලයක ලෝකයේ සරාගිතම තාරුකා-භෞතික විද්යාඥයා ලෙස විරුදාවලිය ලත් නීල් (Neil deGrasse Tyson) කියුව කතාවක් මතක් කරන්නම්. අන්න ඒ වැඩසටහනත් නරඹන්න වටින දෙයක්.

අහපු ප්‍රශ්නයකට උත්තර දුන්න නීල් කියුවේ, මිනිසා ඔය එක එක මිනිසුන් රහිත යාත්‍රා ඈත අභ්‍යවකාශයට යවනවනේ. මේවායේ පෘථිවිය ගැන හා මිනිසා ගැන තොරතුරු ඇතුලත්. ඒ මොකද කියා අප දන්නවනේ. නීල් කියුවේ ඇත්තටම මේක සමාන වන්නේ, පාරේ හම්බු වෙන නාඳුනන මිනිහෙකුට, අපේ ගෙදර ලිපිනය දෙනවා වගේ වැඩක් කියා.

අර දෙවෙනි එක අප කරනවද? එනම් පාරේ හම්බු වෙන කෙනෙකුට අපේ ඇඩ්රස් එක දීම. නැහැ, මහා පිස්සු වැඩක් නේ. ඇවිත් ගෙදරත් අතුගාගෙන යාවි. දැන් මිනිසා ඇත්තටම කරන්නේ මෙන්න මේ වගේම වැඩක් තමා. ඔය පණිවුඩය සොයා ගන්නා, අපට වඩා දියුණු ශිෂ්ටාචාරයක් විශ්වයේ කොතැනක හෝ ඉඳල, අප සොයා එනු ඇත්තේ මිත්‍රත්වය දිගු කිරීමට නම් නොවේ.

ඔවුන් එනු ඇත්තේ, ඔවුන්ගේ ක්ෂය වී ගිය සම්පත් සොයාගෙන. ඔවුන්ට වසන්නට හැකි වෙනත් පරිසරයන් සොයා ගෙන. මිනිසාම ගන්න. අප සතුන්ට කෙසේ වෙතත්, අපේම වර්ගයාට සලකන අයුරු අපට රහසක් නොවේනේ. දැන් වෙනත් සත්ත්ව (දියුණු) අපේ ප්‍රතිචාරය මිත්‍රශීලි වනු ඇතැයි කෙසේ සිතන්නද?

මා ඔය කතාව ලියුවේ, අප වැනි සමාජයේ සිවිල් බලයක් හිමි නැති සාමාන්‍ය මිනිසුන් විසින් අපේ තොරතුරු මේ වගේ ප්‍රසිද්ද වේදිකාවක කීමේදී, ප්‍රවේශම් වීම හොඳටම තේරුම් ගන්න හැකි දෙයක්. මාත් පෞද්ගලික ජීවිතය ගැන ලිවීමේදී මේ සීමා-මායිම් ගැන සැලකිලිමත් වෙනවා. කරන විහිළු ගැනත් දෙවරක් සිතනවා.

සමහර විට ලියන දේවල් අපේ ගෙදර කතා කරන විට, මට පොඩි පොඩි “උපදෙස්” ලැබෙනවා. මොකද මෙය ඕනෙම කෙනෙකුට කියවන්න හැකිනේ. හැබැයි නැවත මතක් කළොත්, මේක අපේ පුතාලා කියෙවුවත් මට කමක් නැතිය සිතෙන දේවල් මෙහි ලියන්නේ. ඔවුන් සමග කරන විහිළු අනුව, මා මෙහි නරක විහිළු කිසිදා කර නැහැ.

මා මෙන්ම කියවන අයද ඔවුන්ට ඇති සීමා මායිම් ගැන වැටහීමක් තියන වගත් මා විශ්වාස කරන දෙයක්. මා නමක් නොමැතුව ප්‍රතිචාර වලට ඉඩ දී ඇත්තේ අන්න ඒ නිසා. කෙනෙකුට අවිහිංසක ප්‍රශ්නයක්, තමන්ගේ නම නොකියා ඇසීමට ඇති අයිතිය මට පිළිගත හැකියි. අනික සමහර ප්‍රශ්න පවා ප්‍රසිද්දියේ අහන්න බැරි වගත් මා දන්නවා. මෙයටත් මා පිලියමක් ලෙස ඊමේල් ලිපිනයක් දමා තිබෙනවා. එය මගිනුත් සමහර පාඨකයන් මට තොරතුරු සන්නිවේදනය කර තිබෙනවා. මේවා සිදු වන්නේ අපේ කැමැත්තට අනුව මිසක් කිසිවෙකුගේ බල කිරීමට නොවේනේ.

ඒ වගේම මේ අයිතිය මගේ බ්ලොගයේ වසර හතරකට අධික කාලය තුල කිසිදා අවභාවිතා කෙරී නැහැ. ඒ නිසාම ඔය කොමෙන්ටු කපන ඒවා මට ආගන්තුකයි. එයින් ඇත්තටම කියවෙන්නේ රයිගමහන්දියට ගොඩවදින මනුෂ්‍යන්ගේ තියන විනීත කමයි. එයටත් මා ගරු කරනවා. මා මෙහි දැමෙන හැම කොමෙන්ටුවකටම හැකි පමණින්, එනම් මගේ දැනුමේ ප්‍රමාණයෙන් උත්තර දෙන්න උත්සහ කරන්නෙත් අන්න ඒ නිසාමයි.

…මිනිසුන් අතර තියන සුළු වෙනස් කම් වලට සිනා වෙන මිනිසුන්, සිතේ මවා ගෙන ඉන්නා අත්භූත සත්ත්වයන්ට මලින් පුදනවා……

Advertisements

10 Comments

Filed under Opinion

10 responses to “තාත්තලාගේ හා අම්මලාගේ දිනයන්!

  1. පුතුන් දෙදෙනාගෙන් අගනා ත්‍යාගයක් ලද වාසනාවන්ත පියෙක් ඔබ ඔබට සුබ පැතුම් මේ පියවරුන්ගේ දිනයේ.

  2. Pingback: තාත්තලාගේ හා අම්මලාගේ දිනයන්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. මා නමැති පියා අද මහා මාර්ගයේ ය. සැමට සුබ පියවරුන් ගේ දිනයක් පතමි.

    • ඔසී වල ඉන්න මා හිතවත් පියවරුන් දෙදෙනාට සුභ පැතුම්…….!

      • අද මහා මාර්ගයේ ඉන්නා රසිකට හා ගෙදර ඉන්න කෙන්ජිටත් සුබ පැතුම්! 🙂

  4. මෙහෙ පියවරුන්ගේ දිනය ජුනි 21 . කෙසේ වෙතත් උඹටත් රසිකයාටත් සුභ පියවරුන් ගේ දිනයක් . මම ඇනෝ කපලා තියෙන්නේ නෙළුම් යාය කරන නිසා එන බැනුම් නිසා. ඊයේ පෙරේද මම දන්නා කෙනෙක් අනො ඇවිත් මගේ සුදු ජාතික බිරිඳට බැනලා ගියා. උන් ඒවා කරන්නේ ඇනෝ තිබෙන නිසානේ . ගූගල් එකෙන් දැන් ලිපිනය දෙන්නේ නැහැ. උන් කියන්නේ ඇනෝ වහපන් කියල.
    මමත් ඔය අපේ විස්තර පිට ලෝකෙට යවනවට අකමැති එකෙක්. එනේ එක අපට ආදරේට එයි කියල හිතන්න බැහැ.

    • ඒකෙ වරදක් නැහැ. උඹල නිකම් බ්ලොග් ලියනවට වඩා දෙයක් කරනවනේ. අපේ අයියල ඔහොම තමා බන්. පවුලේ කෙනෙක් හරි අල්ල ගන්නව. නමුත් මුහුණත් සමග එන්නත් බයයි.

      මගේ බ්ලොගය කියන්නේ වෙනස් එකක් නේ. මේක පොඩි මෝඩ ආතල් එකක් විතරයි. ඉතිං කට්ටිය නැතුවා වගේම, මට කට්ටිය සොයා යන්නට ඕනේ කමකුත් නැහැ.

      ඔව් මචං , දිනෙක පිට එවුන් (ඒලියන්සලා) මේකට ආපු දිනෙක, සුද්දන් ඕස්ට්‍රේලියා ආව වගේම දෙයක් වෙන්නේ. 🙂

  5. පියවරුන්නේ දිනය කියල එක්කුත් තියේද
    මංද දන්නෙ නෑ නෙව….
    අපේ අප්පොච්චලාට නං හැමදාම පියවරුන්නේ දිනය වගේ තමයි..
    ඒත් ඒ චෑංස් එක අපිට තියෙයිද දන්නෑ
    සෝචනියයි මතක් වෙද්දිත්

    • කොහෙද බං මලේ ගිහිං හිටියේ?
      ඕව එහෙම එකකුත් තියනවා. මේවා රටරටවල් අතර වෙනස්ව සමරන්නේ නො සමරන් නැත්තේ.
      නිකං අනාගතය ගැන සිතල ශෝචනීය වෙන්න එපා. ඕව හරියාවි! 🙂