වසන්තයේ දවසක්; තවත් පියවරුන්ගේ දිනයක්! The daylight’s fading slowly………..!


වසරකට පෙර පෙර ලියූ මේ සටහන කියවූවේ නැත්නම් අද කියවන්න. හෙට එනම් අද (මෙය පළ වන විට) තාත්තලාගේ දිනයි. වසරක් ගිය ඉක්මන විතරක් නොවේ, දරුවන් ලොකු මහත් වෙමින් ඉන්න හැටි දකින විට කණගාටුවක් ද, සතුටක් ද සිතට දැනෙනවා.

පසුගිය දා පෙට්ටි අවුස්සා, කුණු ගොඩවල් විසි කරන්න සොයන විට, මගේ පරණ සටහන් ගොණුවක් අතර තිබුණේ, එක දරුවෙක් ඇඳපු පොඩි චිත්‍ර ටිකක්. මට ඒ දිනය මතකයට නැගුනේ නිතැතින්.

එදා දරුවත් අරන් (වෙන තියන්න තැනක් නැති නිසා) ගිහින් මා ඉගෙනිමින් හිටපු සරසවියේ කන්තෝරු කාමරේ තියා ගත්ත. මා කොම්පියුටයේ වැඩ කරන විට, එයාට අඳින්න කොළ ටික දුන්න. මේවා තමා මගේ ලිපි හා සටහන් අතර තිබුණේ. කාලය ගිහිං තියන ඉක්මන ගැන නිකම් කීරක් ගැහුවා වගේ සිතට වැදුණේ එතැනදී.

ඒ දවස් වල ෆාදර්ස් ඩේ එකට, පාසල් වල ස්ටෝල් තියනවා. ඩොලර් පහට හයට ගන්න පොඩි දේවල් මේවායේ විකුණනවා. මේවා පොඩි ෆන්ඩ් රේසින්. අර කාලෙම එක දරුවෙක් මට ගෙනැත් දුන්නේ, අර “ස්ට්‍රෙස් බෝලයක්”. අර මිරිකන්න තියෙන්නේ. ඔය රජවරුන් හා පුතුනුත් වේදිකාවල මිරිකමින් සිටියේ (විහිළු නොවේ, මේවා වශී බෝල කියුවට ඇත්තටම කෙරෙන්නේ ආතතිය නැති කරන එකනේ. මොකද සිතට විශ්වාසයක් දැනෙනවා).

තව දරුවෙක් මට එක පියවරුන්ගේ දිනට අරන් දුන්නේ මොඩල් කාරයක්. එයාට ආස හිතුන එක. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නේ මා ඒක පුතාටම දුන්න.

කාලය ගත වීම නවතන්නට බැහැ. හැබැයි ගතවන කාලය, කොහොමද ගත කරන්නේ කියන එක අපට තීරණය කරන්නට හැකියි.

හෙටට මොනවාද ඕනේ කියල දරුවන් ඇහුවට කියන්න දෙයක් අද මට නැහැ. ඔවුන් ම තමා මා හෙට බලාපොරොත්තු වන තෑග්ග. ඉස්සර කඩවල් ගානේ නිතර කරක් ගැහුව අප, අද ග්‍රොසරි බඩු ටික හා එළවළු ගන්න විතරයිම වගේ කඩේ යන්නේ. එක්කෝ අප සංතෘප්ත වෙලා. නැත්නම් අවශ්‍යතාවයන් තවත් සරල වෙලා.

මාස කිහිපයකට කලින් කවදා හෝ අඳිනවා යයි සිතමින් තියාගෙන හිටිය ෂර්ට් ටිකක් චැරිටියට ගිහින් දැම්ම. මොකද මේවායේ සයිස් එකත් අද ලොකු වැඩියි. හරිනම් අනෙක් පැත්තනේ වෙන්න තිබුණේ. එයම ලොකු කතාවක් කියනවා.

ඕවා මොනවා වුණත්, මට ඇත්තටම ගන්න ඕනේ දෙයක් තියන කඩේට, පුතාලව පිටත් කරන්න එයාල තාම කුඩා වැඩියි. අනික් එක්කෙනා ගෙදර අරන් ආවොත් කෙලලා අරිනවා මිසක්, කවදාවත් හිතල මොකවත් ගෙදරට ගේන්නේ නැහැ. ඉතිං ඇත්තටම මට “තෑග්ගක්” ගන්න කඩේ යන්න වුණේ, මටම තමා.

කියවන පියවරුන් සියල්ලට හොඳ දරුවන් සහිත අනාගතයක් වේවා!

පසු වදන
රුසියාවේ ඉගෙන ගනිත්දී අප ගෙනිහුන් තිබුන රුසියානු-සිංහල ශබ්ද කෝෂයේ ගෝවා වලට තිබුණ නම තමා පීත පුෂ්පිකාව. ඉස්සර අප ගෝවා උයන්න ගන්න කොට කියන්නේ අද පීත පුෂ්පිකා උයනවා කියල. මගේ සටහන් වල සිංහල භාෂාව හඩුභාෂාවක් දක්වා පරිණාමය වීම ගැන කමන්න. නොතේරන වචන එනම් ප්‍රධාන ධාරාවේ නොමැති වචන දැමුවොත් අර මොනවාද “කර්ණ රසායන” වචන කියනවා. ශබ්දකෝෂ වලින් වචන හොයන කොට අප දන්නා කුණුහරුප ඒවාට වඩා හොඳය සිතෙනවා. අනික තමා මට දැන් ලියන්න ගත වන්නේ සුළු වෙලාවක්. ඊයේ සටහන ලියුවේ උදේට පොරි කන අතරේ කාලයෙන්. එතකොට වචන පෙරල පෙරලා ඉන්න බැහැ. කියන්න හදන දේ අප්‍රභංශ නැත්නම් එච්චරනේ.

The daylight’s fading slowly
The time with you is standing still
I’m waiting for you only
The slightest touch and I feel weak…………

Advertisements

5 Comments

Filed under Anniversary

5 responses to “වසන්තයේ දවසක්; තවත් පියවරුන්ගේ දිනයක්! The daylight’s fading slowly………..!

  1. Pingback: වසන්තයේ දවසක්; තවත් පියවරුන්ගේ දිනයක්! The daylight’s fading slowly………..! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. දු වරු දෙන්නෙකුගේ පියෙක් මමත්. එත් ඒ සේරටම වඩා මගේ හිතට මේ වැකිය වැදුණා. //ඉතිං ඇත්තටම මට “තෑග්ගක්” ගන්න කඩේ යන්න වුණේ, මටම තමා.// නුවන් අග කඳුළක් සහිතව සිනාසෙමින් මම මේ සටහන හුගාක් හදවතට සමීප කරගත්තා.

    • මොනවා කරන්නද නලින් පුතාල ලොකු වෙනකම් හා එයාල හම්බ කරන කම් බලා ඉන්නවා.
      දූවරුන් දෙදෙනාට හා ඔබටත් පියෙකු ලෙසින් සුබම අනාගතයක් පතමි! 🙂

  3. // අනික් එක්කෙනා ගෙදර අරන් ආවොත් කෙලලා අරිනවා මිසක්, කවදාවත් හිතල මොකවත් ගෙදරට ගේන්නේ නැහැ// මොකක්ද බන් මේකේ තේරුම?
    උඹ ශනායා ට්වේන් ට කැමතිද? මගෙත් ප්‍රියතම ගායිකාවක් .
    .

    • උඹේ කෙනා ගෙදර සමගෝන්කි හදන අතරේ අපේ කෙනා මා කඩෙන් ගේන ඒවත් කෙලලා අරිනවා මිසක්, ජිවිතයට කසිප්පු බෝතලයක් වත් ගෙදර ගෙනත් නැහැ. හැබැයි ගෙදර මොකුත් නැතිනම් එයත් හොඳ නැහැ. බිවුවත් හොඳ නැහැ. 😦

      //උඹ ශනායා ට්වේන් ට කැමතිද?// කැමතිද කියල අහනවා,, මචං කැමතිම එක්කෙනෙක්!