ඒ සිහිනේ සැරි සරමු අපි…………!


අදත් ඔන්න ඔහේ සටහනක් ලියා දමනවා. මේක අද ලියුවේ නැත්නම්, වෙන කිසිදා නොලියවේවි. මේ බ්ලොගය පටන් ගත්ත මුල් කාලේ (මැස්සෙක්වත් නොකියවපු කාලේ) මා බිරිඳට කොම්පියුටරේ මේක දමල, කියවන්නට දුන්න. මොකද මේවා කියවන කෙනෙකුට තේරෙන්නේ නැත්ද කියල බලන්න. ඇය මට වරදක් කියුවේ නැහැ. ඉන්පසු ටික කලක් මේවා කියවපු ඇය, ඒවා නතර කෙරුවා (කොලා තමයි, ඉතිං අනික් අය කියවයිද 😀 ).

එයට ප්‍රධාන හේතුව ඇය “ගැජට්” භාවිතා කරන්නියක නොවීමයි. මේ තිරයේ කල්ගත කරනවා කියා මටත් අනෙක් දෙදෙනාටත් ඇය නිතරම සිනා සෙනවා. මේකේ කරක් ගහන එක එක්තරා විදිහක ඇබ්බැහියක්. මේකෙන් අනෙක් කියවීම් විස්ථාපනය වනවා. එක අතෙකින් එය හොඳ දෙයක්. තවත් විටක නරක දෙයක් කියාත් මට සිතෙනවා.

දැන් මේ මොනවාද ලියන්නේ කියා ඇය අහනවා. මා කියුවේ මේවා නිකම් ඉන්න විට කියවා බලන්න කියල.

අපේ අම්ම කාලෙකට පස්සේ ලියුමක් එවා තිබුණා. දුරකතනයකින් කතා කරනවා වගේ නොවේ ලියුම් වෙනස් වගේම, ඒවාට අදාළ කරුණුත් හරි වෙනස්.

ඔබට එක පාරටම නොතේරුණාට, තමන්ගේ සිතිවිලි සටහන් කිරීම හා නිකම් සිතීම කියන්නේ දෙකක් වගේම, මේ දෙකෙන් සිදුවන අපට බලපෑම හරිම වෙනස්. මේවා ගැන ලියවී තියනවා. මාත් ලියන්න බලන්නම්.

ඉස්සරත් මා ලියුවේ මටම තමා. හැබැයි අනුන්ද එතන සිටියා. එනම් මට අවශ්‍ය නොවන, අනුන්ට අවශ්‍ය දේවල්ද ඒවා අතර තිබුණා. මේ සටහන් අතර අදත් එවැනි දේවල් තියනවා. නමුත් අද මා ප්‍රධානව ලියන්නේ මට. මගේ අතිජාත පාඨකයෙක් මේවා අප්‍රබංශ බවට පත්වී තියන වග වෙනතැනක සටහන් කර විට, මා පුදුමයට පත් වුනේ නැහැ.

අම්මගේ ලියුමේ තිබුණේ, මා ලංකාවේ සිටියා නම්, වෙනස්ව සිදු වන්නට හැකියයි ඇය අනුමාන කරන දෙයක්. මා අද අම්මට කතා කරන විට කියුවේ, ඒ අදහස වැරදියි, අම්ම එහෙම සිතන්නේ, මා ලංකාවේ නොසිටින නිසා, මා ලංකාවේ සිටියත්, එය එයිට වඩා වෙනස් විදිහකට කෙරෙන්න තිබුණ ඉඩකඩ හරිම අඩුයි කියල.

ජිවිතයේ මෙන්න මේ වගේ වෙනස්ව වෙන්න හැකිව තිබුණා යයි අප සිතන දේවල් ගැන පසුතැවීම පලකට ඇත්ද?

කෙනෙකුට මෙන්න මේ වගේ සිතන්න හැකි නම් කොතරම් හොඳද? “මං හැම දවසකම අවදිවන්නේ අලුත් දවසකට. මං ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්නැහැ”. අතීතයේ කුණු කන්දල් අපට හලා ගන්න හැකි නම්, අද කියන දිනය මෙයට වඩා සොඳුරු දිනයක් වේවි. නමුත් කරන්නටත් අමාරු අන්න ඒ දෙයම නේද?

පසු වදන
මේ ගීතයට මා කැමතියි. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මා කැමති ගායකයෙක්. හැබැයි ඔහු ගයපු ගීත වලින් මා කැමති මේ ගීතයට විතරක් ම වගේ. තරුණ සේවා සභාවේ ෂර්ලි වයිජයන්ත සංගීතය උගන්නපු කාලයේ බිහිවුණ දක්ෂ ශිල්පින් අතර චන්ද්‍රසේනත් එක අයෙක්. ෂර්ලිත් කියපු ගීත නරකම නැහැ.

ගායකයෙකුට “ලස්සන” කටහඬකට අමතරව සංගීත පරිචයක් තිබීම සාර්ථක කැරියර් එකකට වඩාත් වැදගත් බව මා කලින් ලියුවා. අන්න ඒ වගේම ගායකයෙකුට තමන්ට ගැලපෙන “සුසංයෝජන” හමු වීම හෝ නොවීමත් “සාර්ථක හෝ අසාර්ථක” බවට බලපාන දෙයක් (සාර්ථක, අසාර්ථක බව සාපේක්ෂ නිසා උදෘත පාඨ දැමුවා). මෙන්න මේ දෙය ගායකයන්ට පමණක් නොවේ, අප හැමටම පොදු දෙයක් කියාත් කියන්න හැකියි. එනම් ගැලපෙන සුසංයෝජන හමුවීම හෝ නොවීම. එය මගේ කලින් සටහනටත්, මේ සටහනටත් අදාලයි. චන්ද්‍රසේනට නැවත ආවොත්, එවැනි සුසංයෝජනයක් හමු වූවා නම්, ඔහුත් මෙයට වඩා මා ප්‍රියකරන ගායකයෙක් වන්නට ඉහල ඉඩකඩක් තිබුණා.

සටහනත් එක්තරා විදිහක ඉලක්ක ගත කර ලියූවක්. මට කැමති කෙනෙකු, අකමැති දහස් ගණනකට වඩා මා අගය කරනවා. වැරදි වීම/කිරීම අපේ ස්වභාවයක්. වැරදි පිලි ගැනීම එයිට වඩා අමාරුයි. මා නැවත නැවත “වැරදි” කරපු කෙනෙක්. ඒ සියල්ල නොසලකා මා සමග ඉන්න කෙනෙකු හමු වීම මගේ “වාසනාවක්”. ඔබත් එහෙම කෙනෙක් ද? සමහරවිට මුහුණට කියන්න අවශ්‍ය දේ, කියන්නට අවස්තාවක් නොලැබීම මහා ටෝචර් එකක්. 😦

…….ආසයි ආ මග ආයිත් එන්නට “අප පෙම” බිඳුණු තැනින්….?

Advertisements

10 Comments

Filed under Lifestyle

10 responses to “ඒ සිහිනේ සැරි සරමු අපි…………!

  1. මා අද මගේ බ්ලොගයේ සඳහන් කළා හයින්ඩ්සයිට් (අපරදෘෂ්ටිය) එක්ක කියන එහෙම කළා/නොකලා නම් මෙහෙම වෙන්න තිබුනා වගේ කතා ගැන. එතැනදී කරන්න වෙන උපකල්පන දරුණුයි.

  2. සින්දුවේ රූප පෙළ අරගෙන තියෙන්නේ “විර් සාරා” මුවි එකෙන්!

    • එවැනි උපකල්පන සමහරවිට හරිම සුන්දර වෙන්නත් හැකි නේද? මා කියන්නේ ඔය සිහින ලෝක වල හොඳට සරි සරන්න හැකිනේ. මේවා නරකම නැහැ. නමුත් කිසි පල ප්‍රයෝජනයක් නැහැ.

      අර මුවිය මා නරඹා නැහැ. හින්දි මුවියක් බලපු කාලයක් මතක නැහැ. ෂාරුක් මා කැමති කෙනෙක්. මේ සිංහල ගීත හා හින්දි මූවි ගලපා යූ ටියුබ් හැදීමත් එක්තරා කලාවක්. සමහරුන් එය නියම විදිහකට කරනවා. 🙂

      මා වැඩියෙන්ම හින්දි සිනමා පට නැරඹුවේ සෝවියට් කාලයේදී. මාර පරස්පරයක් නේද? රුසියානු හඬ කවපු පට එක්තරා නගරයක සිනමාහල් වල හරියට පෙන්නුවා. ඒ කාලේ මා කැමතිම නළුවා, මිතුන් චක්‍රබොර්ති. ඒ කාලයේ මා කැමතිම හොලිවුඩ් නළුවා ගැන ලියන්නේ නැහැ. 😀

  3. Pingback: ඒ සිහිනේ සැරි සරමු අපි…………! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  4. දෙතුන් සැරයක් ම කියවලා බැලුවා මේ සටහන. සින්දුවත් ඇහුවා. අම්මගේ ලියුම ගැනත් හිතුවා. පසුවදනේ එන සුසංයෝජනය ගැනත් හිතුවා… අවසන ඔබ ව්‍යංගයෙන් කියන්න හදන දේ ගැන උපකල්පනයකට ආවා. යමක් සගවා හිතන්න බොහෝ දේ ඉතිරිකර ලියන්න ඔබ බොහොම සමතෙක්. ඔබ වාසනාවන්තයි…..වාසනාවේ දොරටුව තියෙන්නේ හිතේ සතුට කියන දේ ඇති තැන.

    • //දෙතුන් සැරයක් ම කියවලා බැලුවා මේ සටහන.// මෙන්න උම්මා එකක් නලින්. 🙂

      මගේ සටහන් පතෝල වගේ යයි කියුව පිරිසක් හිටියා. ඔවුන් තව දුරට මෙහි නැහැ.
      ඔබගේ ගැලපීම් අනුව, ඔබ කරපු උපකල්පනය මට සිතා ගන්න හැකියි. එය තමා පොදු පාඨකයා වෙත මා කියන්න හැදුවේ. මෙතන අද්විතීය තේරුමකුත් තියනවා. එයත්, එනම් තේරුම් ගන්න හැටි කියවන්නාට අනුව වෙනස් වේවි.

      ඒ අතරිනුත් තවත් අද්විතීය තේරුමකුත් මෙහි තියනවා. 🙂

      දෙපාර්ශවයක් අතර කෙරෙන ගනුදෙනුවක්, දෙපාර්ශවයේම කැමැත්ත නැතුව කිසිදා තිරසාර නැහැ. දැන් බලන්න යහපාලනය හා ජනතාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාව අතර තියන සම්බන්දය. එකිනෙකාට අවශ්‍ය නොමැති නම්, මේවයේ පැවැත්මක් නැතිය කියල මා විශ්වාස කරනවා. අපේ සමාජය කියන්නේ අපේම නිර්මාණයක්. පොදු කැමැත්ත කියන එක අනෙක් දේවල් අභිබවා ඉදිරියට එනවා. සමහරවිට කාලය පිළබඳ ප්‍රශ්නයක් තියෙන්න හැකියි. නමුත් දෙපාර්ශවයකට එකම දෙයක් ගැන පොදු කැමැත්තක් තියනවා නම් එය කවදා හෝ මතු වනවා. සමාජයේ තිබෙන යහපත් ලක්ෂණ කියා මා නම් කරන දේවල් හා නරක දේවල් සියල්ල මෙසේ පොදු කැමැත්තෙන් පහල වූ දේවල්.

      අද අපට ටි ෂර්ට් කාලගුණයක් ඇති දිනක්. මහා කාලයකට පස්සේ. ලියන්න දේවල් නම් තිබුණත්, වෙන දිනෙක කතා කරමු නලින්!

  5. කතාව කියෙව්වම මට මතක් වෙන්නේ අර IF කියන කවිය.

    මේ වගේමයි නේද 1505දි ලංකාව පෘතුගීසි අල්ල ගත්තේ නැතිනම්… අපි කවදාවත් විදේශ බලවේගව්ලට යටත් වෙලා නොහිට, විදේශ බලවේග අපිට යටත් වෙලා හිටියනම් වගේ දේවල් උපකල්පනය කරන එක.

    මම ආසයි අන්න එහෙම දිගින් දිගටම හිතන්න සහ ඒ ගැන සංවාද කරන්න. හැබැයි මෙතන නෙවෙයි.

    • කෝ මේකෙන් ගැලවෙන්න දෙන්නෙම නැත්ද? 😀

      //හැබැයි මෙතන නෙවෙයි.// ඇයි අපි කළුද මල්ලි? 😀

      ඔය උපකල්පන වලින් සිහින ලෝක වල සැරි සරණා එක මාර ජොලියක් මචං. 🙂

      දරුවන්ගේ කාල්පනික ලෝකය අවධි කිරීමට දෙන මාතෘකාවක් තමා “මට ලොතරැයියක් ඇදුනොත්? ” කියන එක. මොකද එහි යන්නට හැකි සීමාවල් නැහැ. මෙහෙම රචනාවක් කියවන ගුරුතුමාගේ “කල්පනා ලෝකයේ සීමාවල්” අනුව දරුවට ලැබෙන ලකුණු ප්‍රමාණය තීරණය වනවා.

      • මාක් ස්කීම් එකේ තියෙන උත්තරෙන් ඔබබට ගිහින් නැති කට්ටිය ගැනයි උඹ කියන්නේ.

        මෙතන බැරි උඹ කලු නිසා නෙවෙයි. එහෙම සංවාදයක් පටන් ගත්තොත් මමත් මෙතනට වරින් වර ඇවිත් සහභාගි වෙන්න ඕනෙ. මේ දැන් මම ගත කරන්නේ එහෙම බැරි විවේකයක් නැති කාලයක්. ඒකයි.

        • කළු කළු කතාව විහිළුවක් මචෝ! 🙂

          //මාක් ස්කීම් එකේ තියෙන උත්තරෙන් ඔබබට ගිහින් නැති කට්ටිය// ගුරුවරුන් අතර විතරක් නොවේ, මුළුමහත් සමාජයේම විශාල කොටසක්, මේ මාක් ස්කීම් එකෙ උත්තරෙන් ඔබ්බට නොයාම නේද ප්‍රධාන පුරස්නය?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s