බෝර්ෂ් සුප් හදමු!


මේ දිනවල ලියුව දේවල් වලට පොඩි විරාමයක් දෙමු. ගොඩක් වෙලාවට මේ මාසේ, මගේ අවසාන සටහන මෙයත් වෙන්න හැකියි. නමුත් මේ බ්ලොග් වල තියන the only rule is that there are no rules නිසා කිසි දෙයක් ගැන කලින් කියන්න බැහැ.

කොහොම වුණත් ජීවිතය සිතුවම් කරන මේ සටහන් ඇඳ අවසන් කර පින්සල සේදුවහම, කලින් දිනය අමතක කර අලුත් දිනයක් ගැන නැවුම් බලාපොරොත්තු ඇතිකර ගැනීමක් තමා මාත් අරමුණු කරන්නේ. ඒ නිසා පරණ පාඨක පිරිස සමගම, අලුත් සටහනකින් හමුවීමට මා හැමදා බලාපොරොත්තු වෙනවා.

මා උයල ඉවර වී බ්ලොග් සටහනක් ලියපු එක ගැන මල්මි කියල තිබුණේ //මට අන්තිම පෝස්ට් එකට කියවෙන්න ගියේම, ඉතින් යකෝ බ්ලොග් එක පැත්තක දාලා ඉව්වනම් ඉවරනේ කියලමයි//. ඉතිං මා කෙරුවෙත් ඒකමනේ. එනම් උයල ඉවරවී තමයි මේ බ්ලොග් ලියන්නේ. උයනවට අමතරව තව වැඩ තියනවා. ඒ කිසිවක් අතපසු කර නැහැ.

මා උයන්න ඉගෙන ගත්තේ සෝවියට් සමුහාණ්ඩුවේ දී කියන එක මේ සටහන් කියවන අයට තව දුරටත් රහසක් නොවේ. එහිදී හදපු සමහර කෑම මා තාමත් හදන්නේ විශේෂ හේතුවක් නිසා නොවේ. හැබැයි අමුතු කෑම හදන එක අද හරිම අඩුයි. තවෙකක් කියන්න ඕනේ, මා හැමදාම උයන්නෙත් නැහැ.

අරෙහිදී උයන්න පුරුදු වූ, තවමත් ඉඳහිට හෝ උයන එක ආහාරයක් තමා සුප්. සුප් සාමාන්‍යයෙන් ගැනෙන්නේ “ඔන්ට්‍රේ” ලෙසනේ. එනම් කන්නට පෙර, කන දෙයක් ලෙස. අප එහෙම සලකන්නේ නැහැ. අප සුප් හැදුවොත් ප්‍රධාන ආහාරය වන්නේ එයයි. සූපයන් කියුවහම නානාප්‍රකාර ඒවා තියනවනේ. අර කුරුළු කෙල වලින් හදන කූඩු සුප් ජාතියකුත් තියනවනේ. ඉතිං සුප් කියන ආහාර ප්‍රබේදය වුණත් රටරටවල ආහාර සංස්කෘති අනුව වෙනස් වෙනවා.

ඔබට මතක ඇති සැබෑ මිනිසෙකුගේ කතාවේ එන කුකුල් පැටියාගේ සුප් එක. අර ඇලෙක්සෙයි මැක්සිමොවිච් කැලෙන් එලියට බඩගාගෙන ඇවිත්, ගමේ ඉන්න විට, හිටිය එකම කුකුල් පැටිය මරල හදල දුන්න සුප් එක (කියෙවුවෙ පාසල් යන කාලයේ). සරසවි කැන්ටිමේ ගොඩක් වෙලාවට සුප් වර්ගයක් තිබුණා. ඒ නිසාම සුප් අපත් එහිදී ගෙදරත් හැදුවා. එයින් එකක් විශේෂයි.

මේකට කියන්නේ බෝර්ෂ්. එහි උපත අද කෙල ගැනීම් පවතින උක්රේනයේ යයි පැවසෙනවා. මාත් මේක හදන්න උගත්තේ එහිදී. ඒ නිසාම මේ සුපය ජෙනුවින් කියා කියන්න හැකියි.

සුප් හදන්න කලින්, පහල ඇමුණුමේ කතාවට ටිකක් යමු.

අද ලෝකයේ සාපේක්ෂව අඩු දියුණුවක් තියන රටවල් වලට තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමා, වැඩි දියුණු රටවල් වලින් ඇති කරන තෙරපුමට ප්‍රතිරෝධයක් දක්වන්නට නොහැකි වීම. මෙය ඉතා කණගාටු දායකයි. මේ රටවල් අතර පරතරය එන්න එන්නම වැඩිවීමට ප්‍රධාන හේතුවත් එයමයි කියා මට සිතෙනවා.

ස්ටාලින් සෝවියට් ජනයාට එරෙහිව නොයෙක් අපරාධ කෙරුවත්, ඔහු කරපු (රටක නායකත්වය වැදගත්) එක දෙයක් නිසා අද රුසියාව කියන්නේ මොනම තත්වයක් යටතේ වුවත්, බාහිර බලවේග වලට ප්‍රතිරෝධයක් දක්වන්නට හැකි ෆොර්මිඩබල් බලවේගයක් බවට පත් වී තිබීම අපට පිලි ගන්නට හැකි දෙයක්. ඔක්තෝබර් විප්ලවය වන විට රුසියාව කියන්නේ පසුගාමී, කෘෂිකාර්මික රාජ්‍යයක්. වසර 1930 ගණන් වල එහි සිදුවුණ කාර්මික විප්ලවය රිමාකබල්. එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්නට නොහැකියි. එහෙම නොවුනා නම්, රුසියාවත් අද බටහිර බලවේග වල කෙලි පිටියක් වනු නොඅනුමානයි.

ටෝනි ඇබට් අමෙරිකාවෙන් ඉල්ලලා තිබුණා, එයාලගෙන් ඉල්ලන්න කියල සිරියාවට බෝම්බ දාන්න, ඉල්ලන ලෙස. මේක ලියන්නත් අමාරු අප්‍රබංශ යක්. ඇත්තටම අප්‍රබංශයක්. මෙයාල ඉරාකයට බෝම්බ දාන්නත් ගියා. එයින් පසු ඇති කර තිබෙන මහා අවුල් ජාලය අප දිනපතා දකිනවා. අසනවා. ඒ ගැන කිසි වගවීමක් නැහැ.

දැන් සිරියානු සරණාගතයන් 12,000 කට ස්ථිර විසා දෙනවා කියා කටපත්ත අදිනවා. මාර ගොන් පාර්ට් නේද? තමන්ට කිසිම සම්බන්දයක් නැති රටවල් වලට බෝම්බ දමල, මිලියන ගණන් ජනයා අවතැන් කර, දෙතුන් දෙනෙකුට විසා ගහල, ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ගැන විහිළු කියමින් ආතල් ගන්නවා. අසාද් ව පන්නල මොකද කරන්නේ? ආයිත් ලිබියාවක් හදල පැත්තකට වෙනවද?

සෝවියට් දේශය කඩා වැටුනට පස්සේ රුසියාවට, බටහිරට විකල්ප දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික බලවේගයක් ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය මුලද්‍රව්‍ය සියල්ල සමාජයේ තිබුණා. ප්‍රධාන වශයෙන්ම උගත් හා එම්පතියක් සහිත ජනකායක් එහි සිටියා. නමුත් එයට නායකත්වය දෙන්නට හැකි අන්දමේ පිරිසක් ඉහල ඇවරියේ හිටියේ නැහැ.

මාත් බලාපොරොත්තු වුණේ එවැනි නැගිටීමක්. නමුත් යලිත් බලය අල්ලා ගත්තේ කොමියුනිස්ට් පක්ෂයේ දුෂිත පිරිස්ම තමා. ඉස්සර හොරකම් කළත් එළිපිට ලක්ෂරි ජිවිත ගත කරන්න බැරිව හිටිය, ඒ පිරිස්ම තමා රාජ්‍යය මංකොල්ල කාල, ධන කුවේරයන් වූයේ. කාලාන්තරක් තිස්සේ තෝරාගත් පිරිසක් පරලොව යැවීම මෙසේ නායකත්ව රික්තයක් ඇති කිරීමට හේතු වුනාද කියන එක, සමහර වෙලාවට මා කල්පනා කරන දෙයක්.

අද රුසියාව පැමිණ තියන ගමන කණගාටුදායකයි. ටයිම් කියන පරිදිම “It is power without institutions” says the adviser “It means we have no solid ground beneath us”. The state is Putin, Putin is the state. එහෙම තිබුනේ පුටින්ගේ පාලන ශෛලය ගැන ලියවුන ලිපියක. මෙවැනි පාලන ක්‍රමයක් නරක වනු ඇත්තේ, මේ නායකයා මියගිය හෝ බලයෙන් පහවුන විටෙක ඇතිවන තත්වය කිසිවෙකුට පාලනය කරන්නට හෝ කලින් අනාවැකි කියන්නට නොහැකි නිසා.

බටහිර කඩා වැටෙනු ඇතැයි දෙනා සිහින මැවුවත්, කෑදරකම ප්‍රධාන අරටුව ලෙස ගොඩනැගී තියන මේ සමාජයේ ගොඩනැගී තියන සංස්ථා වල පදනම බහුතර කැමැත්තයි. එය එක පුද්ගලයෙකු මත රඳා පවතින්නේ නැහැ.

අද ඕස්ට්‍රේලියාවේ නායකයා කවුද කියා රෑ රැස් වන ලිබරල් පක්ෂය තීරණය කරනවා. හෙට සම්පුර්ණ වෙනස් දිනයක් වේවිද? නැහැ ආයිත්, බිස්නස් ඈස් යුෂූවල් ම තමා.

අර ලිපිය කරමින් ටයිම් මෙසේ කියනවා. “Of course, not even putin is immortal. But while the Communist Politburo would meet to elect new leader when the incumbent passed away in Soviet times, “in the current system, Putin has no answer to the question of what happens if he has a heart attack” says the President’s counselor. He knows that a struggle for control would then break out among the factions in the Kremlin, and in the process, “some of his friends could be torn into slivers of flesh” the adviser says. “So I don’t think it’s out of cleverness that he’s made everybody afraid of his departure. It’s just that he doesn’t know how to do it any other way”.

සංස්ථා ස්ථාපිත නොකර පවත්වාගෙන ආ තනිපුද්ගල දීර්ග කාලින “යහපත් පාලනයන්” ඉවර වූ හැටි අප මේ ලඟදි දුටුවනේ. ඉතිං රුසියාව ගැනත් මහා ප්‍රීතියක් සිතට ජනිත කරන්නේ නැහැ.

කොලා නේද? විරාමයක් ගන්න කියා පටන් ගත්තු කතාව සුප් එකක්ම වුණා. ඇත්ත සූපය ගැන හෙට ලියන්නම්. 🙂

http://www.news.com.au/finance/work/the-human-tragedy-of-mh17-could-boost-vladimir-putins-popularity-despite-damning-video-evidence/story-fn5tas5k-1227448079141

පසු වදන
මල්මි ඇතුළු, අර කියවනවා යයි කියුව ගැහැනු ළමුනට මොකද වුනේ? 🙂 මා කියුවනේ, මේ සටහන් දිගින් දිගටම කියවන්න හැකි නම් එය ලොකු දෙයක්. මෙහි ලියැවෙන්නේ මා ප්‍රිය කරන දේවල්. බොරුවට කැමැත්ත පෙන්නුවට, ඇත්ත කැමැත්තක් නැත්නම් මොනම සඹදතාවයකට වත් වැඩි ආයුෂක් නැහැ. ඒ වගේම කැමැත්ත තියනවා ප්‍රශ්න මධ්‍යයේ වුවත් සඹදකම් නොකැඩි පවතිනවා. දිගින් දිගටම කියවන අතලොස්සක් වන පාඨයන් පෙන්නුම් කරන්නේ අන්න ඒ වගේ සඹදතාවයක්.

Advertisements

13 Comments

Filed under Food, Opinion

13 responses to “බෝර්ෂ් සුප් හදමු!

  1. Pingback: බෝර්ෂ් සුප් හදමු! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කෝ බන් සුප් එක.
    මේවා තමයි බන් මගෙත් අදහස් හුඟක් වෙලාවට. රුසියාව ගැන දුක හිතෙන්නෙත් එකයි.

    • හිටපන් අද සුප් දෙනවා. මට දුක හිතෙන්නේ ඒ ගැනම තමා.

  3. මදැයි සුප් එක බලන්න ආව! 😛
    පහු ගිය අවුරුදු ටිකේම මා ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ ළමයින් පිරිසක් ‘f*** ටෝනි ඇබොට්’ යයි ගසා ගත් ටී ෂර්ට් ඇඳගෙන හිටි හැටි මතක් වෙනවා. දැන් මම කල්පනා කරන්නේ ඒ ළමයින් වෙන ටී එකකට බහීවිද නැත්නම් ටෝනි නම උඩින් මැල්කම් ගසා ගනීවිද කියලයි!

    • ඉන්න දෙනකම් නිරෝෂි!

      //‘f*** ටෝනි ඇබොට්’ // මේ ළමයන්ට පිස්සුද මන්දා? නැත්නම් දුවල තුන් දෙනෙකු හැදුවේ කොහොමද ?

      මහ රෑ කරපු තවත් “දේශපාලන ඝාතනයක්”! කොහොමත් ගිය හැටියට one-term Tony ම තමා.

  4. /* මල්මි ඇතුළු, අර කියවනවා යයි කියුව ගැහැනු ළමුනට මොකද වුනේ? */

    මටත් දුකයි!
    😦

    • ඔහොම අධෛර්ය කරන්න එපා රසික. කොතරම් අමාරුවෙන්ද, අපේ නෝනව යාළු කර ගත්තේ? 😦

  5. Pra Jay

    මාත් ආවෙ සුප් වලට
    😦

    • චන්ද 3 ක් තියනවා දැන්. මග හරින්න බැහැ. ඉන්න ප්‍රා, රාත්‍රියට ලියන්නට උත්සහ ගන්නම්! 🙂

  6. බෝර්ෂ් සුප් !මම හදනවා , ඒකට අවසානයේදී ඇපල් ගෙඩියක් ග්‍රේට් කරලා දාන්න අමුතු රසක් එනවා

    • සොරි මචං, මගෙත් පොඩි ගොන් කම් ටිකක් තියනවා. එනම් කිසිවෙකු මා සොයා නොඑනවා නම්, මාත් පසුපස යන්නේ නැති එක. උඹව මා කියවනවා.

      මගේ බොර්ෂ් එක අද හරි වෙනස්. මා මචං සියල්ල වෙනස් කරනවා, අවශ්‍ය තාවය හා ලබා ගත හැකි දේවල් අනුව.

  7. මල්මි මලා…..දන්නවද රයිගම….

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s