වසත් කල එළැඹිලා!


IMG_20150918_134713952 (4)

මා කියුවනේ බ්ලොග් ලිවීමේදී සම්ප්‍රදායයන්, රීති, “නීති” හා ස්වයං වාරණ යනාදිය කිසිවක් වැදගත් වන්නේ නැහැ. රූල්ස් නැතිවීම තමා තියන එකම රූල් එක (නෝනා බලන්නේ නැත්නම් තමා). ඒ නිසා කලින් ලියුව පරිදි මේ මාසයට තව සටහන් නොලියවීමෙන් නොනැවතී තව සටහනක් දෙකක් ලියන්නට බලන්නම්. ඇත්තටම මා හැදුවේ මගේ චායාරූප බ්ලොගය යාවත්කාලින කරන්නට. නමුත් තාක්ෂණික ප්‍රශ්න නිසා එයට අවසරයක් නැහැ. මේ ලියන්නේ එහි ලිවිය යුතු සටහනක්.

ඉහතින් තියෙන්නේ මා පෙරේද ගත්තු චායාරූපයක්. මේක ගත්තේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ එක්තරා ගමක දී. එයින් පෙන්නුම් කරන්නේ තිරිඟු යායක්. මනරම් පරිසරයක් වගේම, මනරම් දිනයක්.

කොලනි සමයේ මුල් අවධියේ පැන නැගුන මේ කුඩා නගර වලින් සමහරක් අද නිකම් ගරාවැටුන ප්‍රදේශ ලෙස දිස් වෙනවා. මේ කුඩා නගරයේ ප්‍රධානතම කඩේ පබ් එකයි. එයිට අමතරව තවත් ග්‍රොසරි කඩයක්ද, මස් කඩේද තියනවා. අර ග්‍රොසරි කඩෙන් දිනෙක බඩුවක් ගන්න ගිය විටදී, මෙහි කොතරම් ජනගහනයක් ඉන්නවද කියල, නිදිමතේ සිටිය, නමුත් ප්‍රියමනාපශීලි සුද්දාගෙන් මා ඇහුව විට කීවේ 2000 ක් වගේ ගණනක් කියා.

එතරම් පිරිසක් වත් ඉන්නවා කියා පෙනෙන්නට නැහැ. උදේම පබ් එක ඉදිරියේ බියර් මග් අතේ තියාගෙන බොන දෙතුන් දෙනෙකු නම් සිටියා. වසන්තයේ මුල නිසා පරිසරය හරිම හරිතයි. මල් වලින් ගැවසුන ගස් හැමතැනම. වඩාත් ප්‍රියක් දනවන්නේ හරිත වර්ණයෙන් ගැවසුණ තණබිම් හා වැඩෙමින් පවතින තිරිඟු යායවල්. අම්මලාගෙන් යන්තම් කිරි අවැරුණ, බැටළු පැටවුන්ගේ කෙලි සෙල්ලම් ද ඒ අතර වූවා.

තිරිඟු කියන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අපනයනක්. මගේ මතකයේ හැටියට ලෝකයේ ප්‍රධාන නිෂ්පාදකයන් අතරේ හතර වැනියට වගේ ඉන්නේ ඕස්ට්‍රේලියාව. නිපදවන ප්‍රමාණය අතින් පමණක් නොවේ, තත්ත්වය අතරිනුත් ඕස්ට්‍රේලියානු තිරිඟු කීර්තියක් හිමි කර ගන්නවා. මේ තත්ත්ව පාලන ක්‍රම හා වගාව පිලිබඳ මා පසු දවසක ලියන්නම්.

තිරිඟු ගැනෙන්නේ ශීත කාලින බෝගයක් ලෙස. ඕස්ට්‍රේලියාවේ තිරිඟු වපුරන දිනයන් ප්‍රාන්තය, අවුරුද්ද, වර්ෂාපතනය යනාදී දේවල් සමග වෙනස් වෙනවා. මෙයින් වඩාත් වැදගත් සාධකය නම් වර්ෂාපතනයයි.

ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවේ තිරිඟු වැපිරීම ඇරඹෙන්නේ අප්‍රේල් මැද වගේ ඉඳලා. ඒ කියන්නේ සරත් සමයේ. අස්වැන්න කපන්නේ ග්‍රීෂ්ම සමයේ මුල හෝ මැද හෝ අවසානයේ.

Winter-growing-season-by-state1 (1)

මේ කාල වකවානු තීරණය කිරීමේදී, ගොවින් ප්‍රධාන වශයෙන් සලකන්නේ වර්ශාපතනයයි. එනම් වැපිරීමෙන් පසුව හොඳ එස්ටබ්ලිෂ්මන්ට් එකක් නැත්නම් හොඳ ආරම්භයක් ගැනීමට නම්, පසේ තියන තෙතමනය හරි වැදගත්.

ඒ කියන්නේ ආරම්භය වැදගත් කියල. ඒ විතරක් නොවේ අවසානයත් වැදගත්. එනම් තිරිඟු බන්ඩි අවධියේදී ලබා ගන්න හැකි පසේ තියන තෙතමනය මත අවසාන අස්වැන්න රඳා පවතිනවා.

මේ සාධක දෙක නිසා ඕස්ට්‍රේලියානු තිරිඟු අස්වැන්න, කලාපයෙන් කලාපයට, වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ තියන වියලීම මහද්විපයයි. මෙහි කෘෂිකර්මයට තියන ප්‍රධාන බාධකයත් හා තියන සීමාකාරී සාධකයත් ජලයයි.

අන්න ඒ නිසාම, ලැබෙන අස්වැන්න වසරින් වසර කන්නයෙන් කන්නයට වෙනස් වෙනචා. මෙතැනදී තව දෙයක් වැදගත්, එනම් පසයි.

තිරිඟු වගාවට පරමාදර්ශී ලෙස සැලකෙන ස්ටෙප්ස් වගා බිම් වල පස කළු පැහැති චෙර්නොසියෝම් ලෙස හැඳින්වෙනවා. මොන භාෂාවකින් හෝ රුසියානු සාහිත්‍යය කියවා ඇති නම්, මේ බිම් ගැනත් නොදැන ඉන්නට බැහැ.

ඇත්තටම ලෝකයේ පස් හැඳින්වෙන පාරිභාෂික නම් බොහොමයක් ඇවිත් තියෙන්නේ රුසියානු භාෂාවෙන්. මොකද කියනවා නම් පාංශු විද්‍යාවේ පියා ලෙස සැලකෙන වැසිලි වැසිලයෙවිච් දොකුචායෙෆ් කියන්නේ රුසියානුවෙක්. ඔහු ඉදිරිපත් කල රුසියානු නම් තමා, ලෝකයේ අදත් භාවිතා වන පාරිභාෂික නාමයන්.

එතකොට චෙර්නොසියෝම් කියන්නේ කළු පස් කියන එක. ස්ටෙප්ස් වල විතරක් නොවේ රුසියාවේ හා යුක්රේනයේ බොහෝ ප්‍රදේශ වල පස් මීටර් එකක් සමහරවිට එකහමාරක් පමණම කළු පස්. දිර්ගකාලීන ක්‍රියාවලියකින් පස්සේ, එනම් ශාක වර්ධනය, ශාක මැරීම, ඒවා වියෝජනය වීම හා භාගෙට වියෝජනය වුණු කොටස් තැන්පත්වීම කියන ක්‍රියාවලිය ඔස්සේ ගොඩ ගැනුන පසක්.

මෙවැනි පසක් සමකය අවට රටවල් වල බිහිවෙන්නේ නැහැ. ඒ ගැනත්, පස් ගැනත්, ඕස්ට්‍රේලියානු තිරිඟු වගාව හා ලෝක තිරිඟු වගාව ගැනත් වඩා විස්තර පසු සටහන් වලින් ලියන්නම්.

වැඩිදුර කියවීම්

පලි
මොනයම් හේතුවක් නිසා හෝ යමක් ලියන්න කියා මගෙන් ඉල්ලූ හිතවතාගේ ඉල්ලීම පිට මෙය ලියුවෙමි. මගේ සටහන් කියවීමට ඔබගේ තියන කැමැත්ත ගැන මගේ  ස්තුතිය.

Advertisements

13 Comments

Filed under Agriculture

13 responses to “වසත් කල එළැඹිලා!

  1. Pingback: වසත් කල එළැඹිලා! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. වසන්තය සම්බන්ධයෙන් මා කැමතිම යෙදුමක් මෙන්න.

    Spring has sprung

    • මාත් කැමති යෙදුමක්. තණකොළ කපන විට එන සුවඳ සහිත “එයාර් ප්රෙශ්නර්” හදල තියනවද මා දන්නේ නැහැ (තියනවා මන් හිතන්නේ).

      වසන්තය මා කැමතිම කාලයක්. ශීතල නිසා නිද්‍රාවට පත්වූ සිතිවිලි අවදි කෙරෙන කාලයක්. 😀

  3. චෙර්නෙයා කියන වචනේනම් ඔරුවල බන්දුගේ පොතකින් වගේ අහපු මතකයක් තියෙනවා “මොයි චෙර්නෙයා ග්ලාෂා -ත්වොයි චෙර්නෙයා ග්ලාෂා- චෙර්නෙයා මොරේ” වගෙ කෑල්ලක්. පේනතෙක්මානෙට විහිදුනු ලොකු තිරිඟු යායක් දිහා බලා ඉන්න කොටත් මුහුද දිහා බලා ඉන්නකොට වගේ හැඟීමක් එන්නේ.

    • ඉකෝ මාර මතකයක්නේ, ඔරුවලගේ පොත් වැඩිපුර මා කියවා නැහැ. කියවපු දෙයින් මට තේරුම් ගියේ ඒවා ඉතා හැඟීම් බරව ලියවුන ලියවුන “වාර්තා” කියල. නමුත් ඔහු හොඳ මනුෂ්‍යයෙකු කියා සිතෙනවා. චියෝර්නියි, චියෝර්නයා කියල කියන්නේ කළු පාටට. (Чёрный (‘Chyornyj’) is the Russian word for Black). රුසියානු අව්‍ය පද එයිට පසුව එන ලිංගය අනුව වෙනස් වෙනවා. මොයි චෙර්නෙයා ග්ලාෂා කියන කියන එක “මයා චියෝර්නයා ග්ලාෂා” කියල තියෙන්න ඇත්තේ. චෙර්නෙයා(noye) මොරේ=කළු මුහුද.

      අපේ තිරිඟු යායවල් සමහර විට සමතලා භුමි වල නොවේ ඇත්තේ. මේවායේ අතරින් පතර ගස් පවා ඉතුරු කර තියනවා. තව ටික දිනකින් රත් වූ විට, අද දැනෙන තරම් සුන්දරත්වයක් දැනෙන්නේ නැහැ.

      • ඊයේ රාත්‍රිෙය් මේ සටහන කියෙව්වත් කමෙන්ටුවක් දාන්නට තරම් හොද මානසිකත්වයක මා හිටියේ නෑ. දැන්ද කමෙන්ටුවක් දාන්න තරම් හොද වාතාවරණයක නෙමේ ඉන්නේ. වැඩ ගොඩක් අස්සේ හිරවෙලා. එත් මේ ටික කියා යන්නම් ඔරුවල බන්දු ගැන ලියා තියන ටිකට විතරක්.
        ඔරුවල බන්දු ගේ ගම පල්ලේවෙල කැන්දලන්ද? මා සිටිනා මීරිගමට දුම්රිය පළ තුනක් මෙහායින්. ඉස්සර එතුමා හැමදාම සුදු සරමක් කමිසයක් ඇඳගන අප උදේ වැඩට එන සුපුරුදු මැදිරියට නගිනවා. කවමදාකවත් පයට සෙරප්පු දෙකක්වත් දාල නෙමේ එන්නේ. එහම ඇවිත් වේයන්ගොඩින් බහිනවා. ඒ එන්නෙ පත්තර ටික අරන් යන්න. දුම්රියේ කිසිවකු මේ විද්වතා ගැන දන්නේ නෑ. රාජකාරිමය ලෙස මා දැන සිටි නිසා එතුමන් සමග මා කතාවට වැටෙනවා. ඉන්පසු අප අතර ලොකු මිතු දමකුත් ඇති වෙනවා. එනිසාම දිනක ඔහු මට ඇරියුම් කරනවා ඔහුගේ නිවසේ තියන පුස්ථකාලය බලන්න. එය මා ලද ලොකුම භාග්‍යයක් ලෙසයි මා දකින්නේ. එවන් දිනක බොහෝ දේ ගැන අප කතා කරනවා වගේම පොල් රා කට්ටක රස බලන්නටද අවස්ථාව ඔහු මට ලබා දි තියනවා තම නිවස අසල අතුරකින්. එවන් දිනවල මා නොදත් බොහෝ දැ ඔහුගෙන් ඉගන ගත්තා. එත් කියන්න කණගාටුයි අවසන් කාලයේ ඔහු සිහි මද ගතියෙන් හිටියේ. ඒ දිනවලත් ඉරිදාවක වගේ මම ඔහු හමුවන්න ගියත් ඔහුට මා හදුනාගන්න බැරි වුණා වගේම ඔහු කියන දේ තේරුම් ගන්නත් අපට බැරිව ගියා. එවන් මිනිසුන්ගේ අඩුව වෙන කවදාටත් වඩා දැන් දැනේ.

        • ස්තුතියි නලින් ඒ අත්දැකීම් බෙදා ගත්තට. බලන්න කොමෙන්ටු නිසා සටහනේ නැති මේ වගේ කරුණුත් මතුවන හැටි. බන්දු අහිංසක මිනිසෙක් තමා. අප වගේ නොවේ ඔහු සෝවියට් සංගමයට අසීමිත ලෙස ආලය කෙරුවා. ඔහුගේ සෝවියට් අත්දැකීම් ඒ ආදරය නිසා හැඟීම් බරව ලියවුණ අතිශයෝක්ති කියන්නත් හැකියි.

          • මන් හිතන්නේ සමහර තැන්වල අතිශයෝක්තියක් තිබුන කියල. “සෝවියට් සිර මැදිරියේ සිට” හෙම?

            • තිබුණා මචං. ඒ පොත් මා ළඟ නැහැ. තිබුණත් ඕවා නැවත කියවන එක හා කියන එක තේරුමක් නැහැ.

  4. ගොවිතැන ගැන ඔබ ලියූ හැම සටහනක්ම මා කියවන්නේ පුදුම උනන්දුවකින්.

    • ඒවා කියවීමට තරම් රසවත්විම සතුටක්. මේ මාතෘකාවෙන් තව ගොඩක් සටහන් ලියන්නට ඉන්නවා. ඇත්තටම නලින් මේ දිනවල මට ලියන්නට එතරම් ආසාවක් නැහැ. එක දිගට ගොඩක් ලියුව නිසා වෙන්න ඇති. මේ කොමෙන්ටු ටිකට දැන් උත්තර ලියන්නේ ප්‍රවුර්ති අහන ගමන්. නැත්නම් මේක කෙරෙන එකක් නැහැ.

  5. යකෝ මු අපිවත් බ්ලොක් කරලා. අපටත් දැන් රයිගමයා විතරක් බ්ලොක් කරන්න වෙනවා.

    • ඔන්න තවරිෂ් ගස්පදින් මචෝ අපටත් තද වෙනවා. උදේට කියනවා බ්ලොග් ලියවෙනවා මදි කියල, දවල්ට මූ ලියනවා වැඩිය කියනවා, හවසට කෝ බලන්න බැහැනේ කියනවා! 😀

      නැහැ බන් මා කියුවනේ තාවකාලික පොස්ටුවක් කියල. ගැලෙව්වා! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s