පෙම්ලොව දී දුටු ඔහුමද මේ? යව්වනයේ දුටු ඔහුම ද මේ?


අද මට සතුටු දිනයක්. වෙන මොකවත් නොවේ, අල්ලපු ගෙදර හදල තියන මඩුව අන්තිමට කැඩෙනවා. මේවා තිබුණත් ලොකු ගාණක් නැහැ. මා ක්‍රියා මාර්ගයක් නොගත්තේ ඒ නිසා. “මේ ඔක්කොම අප ජිවත්ව ඉන්න නිසා කියල නේ” ඉස්සර නිතරම කියුවේ මට ගොඩක් බාල අයෙක්. ඔහු අද ජිවතුන් අතර නැහැ. අපගේ ජීවිතය කියන්නේ මාර පුදුම දෙයක්.

පෙරේදා රෑ ගෙදර එනවිට අල්ලපු ගෙදර ගරාජයේ දොර ඇරලා තිබුණේ. එය හරිම අසාමාන්‍ය දෙයක් නිසා, මා හා බිරිඳ ගිහිං දොරට තට්ටු කර ඇහුවා ඇයි, මේක වහගන්නේ නැත්ද කියා. ඇය එතකොට තමා කියුවේ, දවල් මඩුව කඩන්න ආපු කට්ටිය දොර ගලවන් ගියා කියල.

එවෙලේ මට ඇතිවුණ හැඟීම හරිම මිශ්‍ර එකක්. මඩුව කැඩෙන කම් මා බලා සිටිය වග මුසාවක් නොවේ. නමුත් එය කැඩෙන මේ මොහොතේ, ඒ ගෙදර මනුස්සයා වැටී තියන තත්ත්වය ගැන සතුටක් ඇති කරන්නේ නැහැ. අප සමහර විට, ඔළු දෙකකින් සිතුවත් මුහුණ දෙන ප්‍රශ්න ලෙහා ගන්න අසීරුයි. එතකොට, එක පාරටම ලෝකයේ තනි වුණොත් මොකද වෙන්නේ?

ඔබට මතක ඇති බලාර්ඩ් ගේ ජිවිත කතාවෙන් මා පිටුවක් උපුටා දැම්ම. මේ එහි තියන කොටසක් //But bridge, alcohol and adultery are the royal cement that holds societies together//. වැඩිහිටි මිනිසුන්ගේ සඹදතාවයන් ගැන මා අද බලන්නේ බැඳීම් වලින් තොරව. එනම් ජජ්මෙටල් වෙන්න ඉක්මන් වෙන්නේ නැහැ.

ලෝකයේ අපූර්වතම සත්ත්වයා වෙන කිසිවෙකු නොවේ, මිනිසාමයි. අප කියන්නෙත් මා කලින් ලියුවා වගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක නොවේ. අපත් ඉවෝල්ව් වෙනවා. ඉපදී මැරෙන තුරු ගතකරන කාලය තුලත්, පරම්පරා ගතවීමේදීත් අප පරිණාමය වෙනවා. නැවතෙනු ඇත්තේ, මෙන්න මෙතැන යයි කිසිවෙකුට තිතක් තියන්න බැහැ.

ඒ නිසාම මේ ගෙවෙන මොහොත අන්ප්‍රසිදන්ටඩ්. එනම් අද්විතීයයි. අපේ ජිවිතයේ පමණක් නොව සත්ත්ව පරිණාමයේ අප ඉන්න අවස්ථාව ගැනත් මෙය සැබෑවක්. නව අගමැති මැල්කම් මුලින්ම කළ කතාවේ කියුවේ, මේ මොහොතේ ඕස්ට්‍රේලියානුවෙකු වීමට තරම් හොඳ තව මොහොතක් නැතිය කියා. ඒ වගේම අප ගෙවන මේ ජිවිතයේ ඉන්න අවස්ථාව ගැනත් එසේ කියන්න, සිතන්නට හැකි නම් එයිට වඩා හොඳ දෙයක් තවත් නැහැ.

පරිණාමයට ආවොත් අප මේ ඉන්න මොහොත අන්ප්‍රසිඩන්ටඩ්. එනම් පෙර නොවූ විරූ මොහොතක්. කලින් මෙතැන අප ඉඳල නැහැ. අතීතයේ සිදුවුණ දේවල් යයි අප කල්පනා කරන බොහෝ දේ සමහර විට වැරදි වෙන්න හැකි මේ නිසාමයි. සාමාන්‍ය ජීවිතයේත් අප දැන් ඉන්න මොහොත අද්විතීයයි.

අල්ලපු ගෙදර තරුණ මවක් සමග පැන ගිය මනුස්සයා, දැන් ඒක නොකෙරෙන දීගයක් කියා තේරිලා ආපසු එන්න අහනවා කියල අප දැනගත්තේ ඊයේ. මාත් බිරිඳත් දෙන්නම කියුවේ ගන්න එපා කියල. අප කියුවට ඇය අහන එකක් නැහැ. ඇයත්, දරුවනුත් දැනටම එය තීරණය කරලා ඉවරයි.

විවාහයට පෙර, අතරතුර හා විවාහය ඉවර වුණ පසුව වැඩිහිටියන් අතර ඇතිවන සඹදතා පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ, අපේ මනුෂ්‍ය චිත්තයේ සංකිර්ණත්වයන්ම තමා. කුඩා කල මා එහෙම සිතුවේ නැහැ. හැබැයි අද මා අහල තියන කතා වල හැටියට, මේවා සරල බැඳීම් වලින් එහාට යන ඒවා.

තමන්ගේ පාර්ට්නර් (දෙපැත්තම වෙන්න හැකියි) ඩිස්පොසබල් භාණ්ඩ ලෙස සැලකීම හොඳම නැති දෙයක් කියා මා කලින් ලියුවා. විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් අවශ්‍ය විට ලඟට අරන්, අනවශ්‍ය යයි සිතුනු විට පැත්තකට දැමීම කිසි ලෙසක සාධාරණිය කරණය කරන්න බැහැ.

හැබැයි මා ඒ වගේම තදින් පිළිගන්න දෙයක් තමා, දෙදෙනෙකු අතර විවාහය කියන නීතිමය බැඳීම, කියන්නේ මොනම හේතුවකට හෝ කඩන්න නොහැකි දෙයක් නොවේ, බඳින එක මෙන් ලෙහා ගන්නටත් ඕනෙම පාර්ශවයකට අවස්ථාව තියෙන්න ඕනේ. මොකද කියනවා නම්, ඉතා අසමාන දෙදෙනෙකු බලෙන් එකට ජිවත් විය යුතු නැහැ. දරුවනට අහයපතක් කියා අප වෙන් වෙන්නේ නැතිය කීම මෝඩ කතාවක්. දරුවනට තාවකාලික පසුබෑමක් වෙනවා තමා. නමුත් ඔවුනට කරන සැබෑ අයහපත වන්නේ, එහෙම දෙදෙනෙකු එකට ජීවත් වීමයි.

දැට් සේඩ්, එහෙම වෙන් වීමකදී ශිෂ්ට මනුෂ්‍යයා අනුගමනය කළ යුතු දේවල් ටිකක් තියනවා. ප්‍රධාන දෙය නම්, අනික් පාර්ශවය සමග කතා කිරීමයි. එහෙම වෙන්වීමක් ප්‍රචණ්ඩ විය යුතු නැහැ. ශිෂ්ට මිනිසුන් වශයෙන් ඇමිකබල් වෙන්විමකට යන්න හැකියි.

අනික තමන් දායකත්වය දී බිහි කරපු දරුවන් ලොකු මහත්වෙනතුරු ඔවුන් ගැන යම් වගකීමක් ගැනීම. දරුවන් හදාපල්ලා යයි කෑ ගසන බොහෝ ලෝගු කාරයන් අල්ලපු වත්තේ මැගිලින් අක්කලට, දරුවන් හදා දී, වගකීමක් නොගන්නා හැටි අප දැක තියනවා. හදන දරුවන්ට වගකීම් නොගැනීම, මනුෂ්‍ය සංහතිය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක්. අඩුම ගණනේ මධ්‍යම පංතිය වත් මේ වගකීම ගත යුතුයි.

ඉහත වෙන් වීමේදී මේ ප්‍රධාන අවශ්‍යතා දෙකම සැපිරි තිබුණේ නැහැ. එය ප්‍රචණ්ඩ, අබ්‍රරප්ට් එකක් වුණා. විශේෂයෙන්ම දරුවන්ගේ සිත ඔවුන් ඉදිරිපිට පාරා තිබුණා, යලි පිරිපහදන්න නොහැකි ලෙස. වැඩිහිටියන් අතර adultery ගැන මගේ මතය තද එකක් නොවේ. බලාර්ඩ් කියුවා වගේ මේවා සමාජයේ තියන බැඳීම් ශක්තිමත් (හෝ බුරුල් කරන) බදාමයන් කියල වුණත් කියන්න හැකියි.

ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි!
සිංහල ගීත ලොවේ මා දකින හොඳම සුසංයෝගය නන්දා-සුනිල් යුවලයි. මේ ගීත වලින් බොහොමයක් මා නිතර රසවිඳින ඒවා. මේ දෙදෙනා ගැනත් නොයෙක් කතා ලෝකයා කියුවා. මට නම් ඒවා කිසිවක් වැදගත් නැහැ. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය, අනුන්ට කරදයක් නැති නම්, ඒවා සෙවීමට වෙහෙසිමත් ගොන් වැඩක්. මේ ගීතය ඔබටයි!
ගිතෙල් පහන් එළියේ-නිවුණු නුවන් ඔබගේ……..!

පසු වදන
වෙනදා වගේම බෝරින් සටහනක් නේද? අමතක කරන්න මගේ බෝරින් කතා. මේක ජී රේටින්ග් බ්ලොගයක් කියා සමහරවිට අමතක වෙනවා. 🙂

අද අපේ නව අගමැති ඔහුගේ නව කැබිනෙට් මණ්ඩලය ඉදිරිපත් කරමින් අද කරපු කතාව, මා දකින හා පතන නවීන මිනිසෙකුගේ කතාවක්. කාන්තාවන් පස් දෙනෙකු කැබිනෙට් මණ්ඩලයට හඳුන්වා දී තිබුණා. විද්‍යාව හා තාක්ෂනය සඳහා නැවත ඇමති වරයෙකු පත් කර තිබුණා. මට අද, දේශපාලනයේදී පක්ෂ අතර තියන මුලධර්ම වාදී වෙනස්කම් පිලිබඳ ලොකු විශ්වාසයක් නැහැ. ඒ වෙනුවට මිනිසුන් කෙරෙහි වැඩි බරක් තබනවා. කොලා, මේකත් බොරින් වෙන්න යන්නේ. මැල්කම් කියුව එක කරුණක් තමා අප සමාජයක් වශයෙන් agile වෙන්න ඕනේ කියන එක. මා එකඟයි.

බොරු කියන්නට අවශ්‍ය නැහැ, මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක් හැබැයි, මේ යුවතියන් මෙන් agile වෙන්න ගොස්, ඔබේ කොඳු ඇට කඩා ගෙන මගෙන් වන්දි ඉල්ලන්නට එපා!

Advertisements

11 Comments

Filed under Social

11 responses to “පෙම්ලොව දී දුටු ඔහුමද මේ? යව්වනයේ දුටු ඔහුම ද මේ?

  1. Pingback: පෙම්ලොව දී දුටු ඔහුමද මේ? යව්වන යේ දුටු ඔහුම ද මේ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. එක පාරටම මේ මඩුව කැඩෙන කතාව කොහෙන්ද ආවේ කියල මට අදහසක් නැහැ. පරණ පෝස්ට් එකක් එක්කවත් සම්බන්ධයක් තියෙනවද ? ඊළඟට කතාව නතර වෙලා තියෙන්න් තවත් කොහෙන් හරි වගේ දැණෙනවා. සමාවෙන්න; මුල-මැද-අග කතන්දර ශෛලියක් හොයනවා නෙවෙයි. ඒත් එක අදහසක් ගන්න අමාරුයි කොමෙන්ට් කරන්නවත් වගේ දැණෙනවා. ඒ ගැන පුළුවන්නම් බලන්න. http://syberheartblog.blogspot.com/

    • මේක ටිකක් කොටස් වශයෙන් කතාවක් වගේ. නෙට් ඔය අසල්වැසියන් කියන ටැගය යටතේ කලින් කතා තියනවා. ඒ මඩු කතා (මඩුවක් නොවේ, හොඳ ගරාජයක්) එතරම් වැදගත් නැහැ. ඔබටත් කියවීමේදී කරදරය ගැන මගෙත් කනගාටුව.

  3. ඇජයිල් නැටුම හොඳයි!

    • ඕව සාමාන්‍යයෙන් රසික පණුවන් කැපිල වගේ කරන (සින්දුව කැලේ, නැටුම පැත්තක) දැඟලිලි වලට වඩා මෙහි වෙනසක් තියනවා තමා.

  4. ජීවිතය කියන්නේ හැමදාම ගැටලු හා ඒවාට මුහුණ දිම. විටෙක සුන්දර ගැටලු විටෙක අසුන්දර ගැටලු. කොහොම නමුත් අප ජීවත් වෙන්නේ ගනු දෙනු හා එක්කමයි. ජීවිතයේ හැම දෙයක්ම ගනු දෙනුවක්. ඒ ගනු දෙනු අපට වාසි වගේම අවාසි වෙන්න හැකියි. ඒ සියල්ල මැද අප තවත් අරමුණක් අවිඥානිකව හෝ තබාගන ඉදිරියට යනවා. ඒක තමා පැවතැත්ම.
    මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දුව රුප රචනයක් නැතුව අහගන ඉන්නැද්දි මගේ හිතේ සිත්තමක් ඇඳෙනවා. මේ යුවතියන්ගේ ජවසම්පන්න නැටුම නරඹන කොට තවත් වෙනස්ස මාදිලියේ සිතුවිලි හිතේ පොපියනවා. සින්දුව අහමින් මේ නැටුම නරඹනවිට ගීතයේ රසය මැකියනවා කියන ගනු දෙනුව මගේ හිතේ ඇඳෙනවා. එවිට ගීතරසය පසෙක දා අර ජවසම්පන්න ලෝකයට මා ස්වප්නයෙන් යනවා. මාත් මනුස්සයෙක් නේ. හික්මීම සදාචාරය නිසා සියලු හැගුම් යටපත් කරන් ඉන්නවා.
    ඔබේ සටහනට මා අසාධාරණයක් කළා ද මන්දා?

    • නැහැ, සම්පූර්ණ සාධාරණය ඉටු කෙරුවා. බලන්න සටහනේ ටැගයන් ගීත යන්නත් එහි තියනවා. ඒ හේතුවක් ඇතිව. ඔව්, ගීතයක් රස විඳීම රූප සමග, නැතුව අහන විට වෙනස්. මේ නැටුම සරාගී කියා මාත් පිලිගන්නවා. එය මෙතනට දැමුවේ හේතුවක් ඇතුව. ඔබ ඇහුවද නන්දාගේ ගීතය. එහි කියන්නේ සරාගී නොවන ආදරයක්. එය අහන විට පිරිමියෙකුට කාන්තාවක් ගැන හෝ කාන්තාවට පිරිමියෙක් ගැන සරාගී හැඟුමක් ඇතිවේ යයි මට සිතෙන්නේ නැහැ. මොකද මට එහෙම හැඟුමක් ඇති වන්නේ නැහැ. මිල්ටන්ගේ ගීතයේ වචනත්, එහි තාලයත් සමග මේ නැටුම එකතු වූ විට එය සරාගිත්වය තියුණු කරන වග ඔබ කියන කරුණ ඇත්ත.
      මිනිසුන්ගේ බැඳීම් හා නො බැඳීම් ද අන්න ඒ වගේ. වෙනස්. ගරාජය තමන්ගේ ඇති හදපු කෙනා අද ගෙදරවත් නැහැ. ගරාජයත් කැඩෙනවා. භෞතික දේවල් කැඩුනත් යලි ගොඩ නගන්නට පුළුවන්. නමුත් හිත් කැඩුනොත් යලි පිරිපහදු කරන්න හරිම අමාරුයි. අර නෝනගේ ස්ථාවරය කියන්නේ අන්න ඒ කතාව.

  5. ගරාජ් එක ගැලෙව්වට…උපන්ගෙයි ගරාජ් බාස්පාට යන්නැහැ.කලු කපුටා සුදු වුනත්.
    ගරාජ් කිට් ඇර වෙන ඇදුම් ගැලපෙන්නෙත් නැහැ.
    😛

    • තව පොඩ්ඩෙන් හයියෝ සල්ලි. මන් මේ පිරිකර හොයන්න යන්න සිතමින් ඉන්න ගමන්. හත් දවසේ දානයට. අපේ බොක්කේ අයිය කෙනෙක්, ඔබ මලා කියුවනේ! 😀

      කළු කපුටන් සුදු වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ මල්මි. හැබැයි අද ගරාජය සම්පුර්ණයෙන් ගලවා ඉවරයි. මා මේ බෝතලයක් කඩන්න හිතන් ඉන්නේ . 😉

  6. Pra Jay

    Not at all boring !

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s