Monthly Archives: October 2015

මිහිරි සුවඳ ඔබේ, මහද වතට එබේ? Don’t drink and speak!


D&D

අද උදේ වැඩට යනවිට රේඩියෝවෙන් අගමැති මැල්කම් සහභාගී වූ “බ්‍රෙක්ෆස්ට් රේඩියෝ ෂෝ” එකක කළ සම්මුඛ සාකච්ඡාවකින් කොටසක් අහන්නට ලැබුණා. ඔහු කියපු එක කරුණක් තමා, ඔහුගේ ජීවිතයත් ගුරුවරුන් නිසා වෙනස්ව තියන වග. අනික තමා, පාසල් වලට need-based ප්‍රතිපාදන ව්‍යුහයක අවශ්‍යතාවයේ චායා පිළිගැනීමක් කරපු එක.

මේ සටහන් වලින් මා නිතර කියන කරුණක් තමා, පාසල් අධ්‍යාපනය හා සමස්ත සමාජයේ හැසිරීමේ තියන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. මෙතැනදී මා මහජන ආයෝජන වැදගත් කර්තව්‍යයක් ඉටුකරන වගත් විශ්වාස කරනවා. කොස් තියන තැනටම, පොලුත් දීම වෙනුවට, වඩාත් අවශ්‍යතා සහිත ඒවායේ අඩුපාඩු සැපිරීම වෙන්න ඕනේ දෙයක්.

අපේ දරුවන් යන පාසැල් වලට, අප බදු ගෙවනවා කියල නිකම් ඉන්නේ නැති වග මා කලින් ලියා ඇති. හැකි විටෙක අප ඒවාට මුදලිනුත්, අනෙක් විධි වලිනුත් උදව් කරනවා. ඒ නිසාම දරුවන් ලබන අධ්‍යාපනයේ ගුණාත්මක බවත් යන්තමින් හෝ ඉහල යන වගත් මා දන්නවා. හැකි විටෙක ගුරුවරුන් හා කතා කිරීමත්, ඔවුන්ට අපේ ප්‍රශ්න කීමත් මෙහිම අංගයක්. බාලාංශ හා මධ්‍ය වසර වලදී මේ මැදිහත් වීම් ඉතා වැදගත්.

මැල්කම් කියුව තව කරුණක් තමා, රජය පාසල් අධ්‍යාපනයට යොදවන මුදල වසරින් වසර ඉහල ගිහින් තියන වගත්. මෙය ඇත්තක්. නමුත් වැඩිවන අවශ්‍යතා අනුව මේ ඉහල යාම ප්‍රමාණවත් නොමැති වගනේ මේ කියන්නේ. එතකොට මේ අමතර මුදල එන්නේ කොහෙන්ද. අධ්‍යාපනය විතරක් නොවේනේ තියෙන්නේ.

මේක නම් මහා කොනන්ඩ්‍රම් එකක් තමා. නමුත් වියදම් කිරීමේ ප්‍රමුඛතා වල සමහරක්, මහජන අවශ්‍යතා වල ප්‍රමුඛතා නොවීමත්, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයක්. කොහොම වුණත් මෙතෙක් පැවති කතාවේ සුළු හෝ වෙනසක් ඇතිවීම ධනාත්මක දෙයක් යයි මා සිතනවා.

මහා සමාජයේ වෙනස්කම් අප නිතර කතා කරන්නේ, ඒවා අපගෙන් ඉවත් කර කියන්න හැකි නිසා. එනම්, ගොඩක් වෙලාවට අප කොටස් කරුවන් නොවී, හතර අතට නෙලන්න හැකියි. මෙතන ඇත්තම කරුණ නම් අපත් ඒවායේ කොටස් කරුවන් වීමයි. එනම් බැන ගන්න ඕනේ අපටම තමා.

එතැනදී පෙන්නුම් කෙරෙන එක දෙයක් තමා, වෙනස්කම් කියන්නේ හරි අසීරු දෙයක්. මොනම වෙනස්කමක් වුනත් ලෙහෙසි නම් නැහැ. ඒ නිසාම, තමන්ව ඉවත් කර අනුන්ව විවේචනය ඉතාම සිත්ගන්නා සුළු දෙයක්.

ඔක්තෝබර මස නිම වෙමින් පවතිනවා. මා ඔක්තෝබරය ඩ්‍රයි මාසයක් ලෙස ලෙස නම් කිරීම කඩා නොගෙන පවත්වාගෙන යන්නට සමත්වීම (ඉතා) අසීරු කරුණක් වූයේ නැහැ. එය ඔක්තෝබර 30 න් අවසන් කරන්නට මගේ බලාපොරොත්තුවක් නැහැ.

ඒ ගැන කියන කොට ඊයේ ගිය ප්‍රවුර්තියක් මට මතක් වුණා. එනම් ඕස්ට්‍රේලියානු ඉංගිරිසි උච්චාරණය පරිණාමය වෙලා තියන විදිහට බලපාපු එක කරුණක් පිලිබඳ මෙල්බර්න් නුවර වික්ටෝරියා සරසවියේ කථිකාචාර්ය ඩීන් ෆ්රෙන්කෙල් ඉදිරිපත් කරපු මතයක්.

ඔහු කියන්නේ අද තියන ඕස්ට්‍රේලියානු ඉංගිරිසි උච්චාරණය එලෙස පරිණාමය වී තියෙන්නේ, මුල් බටහිර පදිංචි කරුවන් අධිකව මත්පැන් පානය කිරීම නිසා, ඔවුන් මතින් කතා කරපු හැටි පරම්පරාවෙන් පරම්පරාව දායාද වී ඇවිත් කියා. ඔහුම කියන පරිදි මෙය තියරියක් පමණයි.

ඒ පරිණාම කතන්දර කෙසේ වෙතත් ගණන් මිනුම් වලින් කියවෙන්නේ අදත් ඕස්ට්‍රේලියානුවන් කියන්නේ, ලෝකයේ මධ්‍යසාර ඒකීය පුද්ගල පරිභෝජනය අතින් ඉහලින් ඉන්න ජාතියක්. ඒ ගණන්-මිණුම් මා කලින් සටහනක දමා ඇති.

මුල් පුවත

තවත් ප්‍රභව කිහිපයක්. මේවා කියවන්න අවශ්‍යම නැහැ.

මෙයත් කියවන්න හැකියි.
alcohol-and-its-influence-on-the-australian-accent
මේ ඩේලි මේල්

12 Comments

Filed under Education, Opinion