රසය ඇතිකර පණක් නැසූ, ඔබයි පැණි බිඳ විසක් මුසූ! My feet are planted firmly on the ground!


IMG_20150926_150058752

මා කලිනුත් ලියුව පරිදි කැමති දේවල් වලින් ගැලවෙන්න හැදුවට ඒවා හරි අමාරුයි. අතහැරිය ඒවා පවා යලි සොයා යන්නේ අන්න ඒ නිසා.

ඊයේ හවස ආපු කෝල් එක මට නිතර ලැබෙන එකක්. එය මා බැඳී ඉන්න එක “සමාජයකින්”. මේ දිනවල තියන සේල් ගැන කියන්න කතා කෙරුවේ. මා මිනිහට කියුවේ, මේ දැන් ප්‍රධාන විධායක අධි පරිභෝජනය ගැන දේශනා කෙරුවා. දැනට නම් ගන්න බැහැ කියා. මිනිහට සිනහව නවතා ගන්න බැරි වුණා.

ගීත කියන ඒවාත් අනෙක් කළා නිර්මාණ වගේ නොයෙක් තේරුම් වලින් රස විඳින්න පුළුවන්. මේවායේ නිර්මාණ කරුවන් පවා, මේවා රස විඳිය යුත්තේ මේ ලෙසය කියල නියෝග කිරීම හා සීමා කිරීමට ඒම ගොන් පාට් එකක්. මේ ගැන මා කලින් ලියා ඇති.

අන්න ඒ වගේම රස විඳීම් කියන ඒවාත් ප්‍රගුණ කිරීම මගින්, රස විඳීම් වල නව මාණයන් (චමත්කාරයන්) සොයා යන්නත් පුළුවන්. ජිවිතයේ අපට හමුවන හා කරන, කන බොන දේවල් වලිනුත් නියම රසයන් හා අලුත් රසයන් විඳ ගැනීමට නම්, ප්‍රගුණ කිරීමක් අවශ්‍යයි.

IMG_20150930_133908554_HDR

ඉහත ගීතයේ “ලඳ” ගීතය රස විඳින කෙනා ආනුව වෙනස් වෙන්න හැකියි. එය එයා ලඳක්, පුරුෂයෙක් හෝ අජීවී වස්තුවක් පවා වෙන්න හැකියි. දැන් ලඳක් වුවත් තවත් ලඳක් ගැන මෙසේ සිතන්න පුළුවන් හා එහි අනෙක් පැත්ත එනම් පිරිමියෙක් පවා තවත් පිරිමියෙකු ගැන සිතන හැටි වෙන්නත් පුළුවන්. ලියපු කෙනා එනවා නම්, හා හා එහෙම බැහැ මා ඕක ලියුවේ ඔය අර්ථයෙන් නොවේ කියා, එය නියම ගොන් පාර්ට් එකක්.

පසු වදන
ටිකක් නැගල යන සිංදුවක් අහමු. විරහ ගීත වුනත්, ටිකක් කරකවල ගත්තොත්, හොඳට ඇජයිල් කරන්න පුළුවන්. විරහ ගීත වලට පවා නටමින් ඉන්නවා කියන්නේ මාර හොඳ දෙයක් නේ.

අද දවස ගැන “ජිවිතයට හොඳටම ඇති මේ වගේ ඇත්නම්” කියල කියන්න හැකි නම් හරි අගෙයි. හරි දාන්න මල්ලි!

පපලි

අධි පරිභෝජනවාදී සමාජයක් ගන නිතර අහන්න ලැබෙනවා. අවශ්‍ය පමණට වඩා පරිභෝජනය හොඳ වැඩකුත්, තිරසාර දෙයකුත් නොවේ. පෘථිවියේ සම්පත් ගැනත් අපට එසේ සිතන්න පුළුවන්. අන්න ඒ වගේම එව්රි තින් ඉන් මොඩරේෂන් කියන දෙයත් හැම තැනටම ගැලපෙන දෙයකුත් නොවේ. මේවාත් මොනවාදැයි තීරණය කිරීම ඔබටම බාර කරන්නම්.

හැබැයි අන්ත වලට යාම කරන්නේ අනර්ථයක්. මේ මා කලින් දමපු ගීයක කොටසක්;
I don’t take my whiskey to extremes
Don’t believe in chasin’ crazy dreams
My feet are planted firmly on the ground
But darlin’ when you come around.
උන්නතිකාමය කියන්නේ මනුෂ්‍යය ප්‍රගමනයේ එක ප්‍රධාන සාධකයක්. උන්නතිකාමය, අන්තවාදය හා උන්මාදනීය සිහින පසුපස හඹා යාම් අතර වෙනස තෝරා ගන්නට කියවන ඔබටම ඉඩ හරින්නම් (I don’t take my whiskey to extremes-මේ කියන්නේ සෙන්ටි මීටර කීයක් ගැනද?). 😀

Advertisements

15 Comments

Filed under Lifestyle, Music, Opinion

15 responses to “රසය ඇතිකර පණක් නැසූ, ඔබයි පැණි බිඳ විසක් මුසූ! My feet are planted firmly on the ground!

  1. Pingback: රසය ඇතිකර පණක් නැසූ, ඔබයි පැණි බිඳ විසක් මුසූ! My feet are planted firmly on the ground! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මා නම් විස්කි මනින්නේ පරණ ක්‍රමයට අඟල් වලින්.

    • හි! හි!! කවදාද. කොහොම, කොයි තැනකද අප හමු වූයේ රසික! 😉

      • සෙන්ටිමීටරේ ගානේ දෙතුන් පාරක් නවා ගන්නේ නැතුව නරකද අඟල්වලට බැස්සා නම්?

        • යටගිය දවස බරණැස් පුරවරදී එහෙම තමා, දැන් බැරිය වෙණ ගායනා පෙරසේ! (බාහිර හේතුන් නිසා). 🙂

  3. single malt scotch whiskey and pshenichnaya vodka and blue smirnoff – are my favourites. for liquor cointreau and any German brands. අධිපරිභෝජනවාදය කියන්න නම් බහ මොකද බොන්නේ ඉඳල හිටලා.

    • //අධිපරිභෝජනවාදය කියන්න නම් බැහැ මොකද බොන්නේ ඉඳල හිටලා.// හැබැයි මචෝ ස්කෑන් එකක් කර, ශෛල ඉතුරු වෙලාද කියල බැලුවනම් තමා හොඳ. 😀

  4. ප්‍රධාන විධායකවරු හැමදාම ඔහොමමයි මගේ හිතේ කොහෙත්. අපිත් ඉතිං සෝඩා සහ අයිස් ටිකක් වැඩිපුර දාල තමා අරගන්නේ තොළගගා ඉන්න.

    • අද සටහනට කොමෙන්ටු දාල තියෙන්නේ connoisseurලා ටික කියල පෙනෙනවා. 🙂
      නලින්ලට නම් ඕවා ඔෆිස් එකෙනුත් දෙනවා ඇති නේද?

  5. සමහර දේවල් වලට ස්වාභාවිකවම නියම වුණු quota තියෙනවා. ඇත්තටම හිතල බැළුවහම ගොඩක් දේවල් වලට. මේ quota එක බෙදල තියෙන්නේ සමසමවත් නෙමෙයි. තමන්ගේ quota එක කලින් ඉවර කර ගත්තොත් බඩු තමයි. සම්මත දේවල්වල හානිය ගැනනම් පොඩි කාලෙ ඉඳන්ම අදහසක් හරි තියෙනවා. එහෙම නැති, පොඩි කාලෙ ඉඳලම බලෙන් ඇබ්බැහි කරවන දේවල් වල හානිය දැන ගන්න වෙන්නේ quota එකෙන් සෑහෙන්න ඉවර වුණාම.

    • ඉකෝ, මෙතන තව දෙයක් තියනවා. එක එක්කෙනාගේ quota එක වෙනස් වගේම, ජිවිතයේ එක එක අවධියේදී වෙන්කරපු quota එකකුත් තියනවා. මේවා ඒ ඒ කාල වලදී භාවිතා නොකළ හොත්, roll over වන්නේ නැහැ. එතනින් ඉවරයි. වැඩේ තියෙන්නේ, මේවා තේරුම් ගන්න විට එක්කෝ quota එක ඉක්මවා ගිහිං, නැත්නම් පාවිච්චි කරලම නැහැ. 🙂

  6. අධිපරිභෝජනය හුගක්ම බැදිල තියෙන්නෙ ප්‍රදර්ශනකාමයත් එක්කම නේද..
    තමන්ට ඇතත් නැතත් තියෙනව කියල පෙන්නන්නට යාමේ කුජීත ප්‍රතිඵලයක්..
    බ්ලාහ්

    • ඔව් මල්ලි කියන්නේ එක පැත්තක්. ඕක වැඩිපුර තියෙන්නේ පසුගාමී චින්තන වැඩිපුර ඇති සමාජ වල.

      දැන් මෙහෙම දෙයකුත් තියනවනේ. අනුන් දෙස නොබලා ජිවත් වෙන සමාජ ගම්මු. දැන් බටහිර ඒක පුද්ගලයෙක් පරිභෝජනය කරනා, සම්පත් ලෝකේ හැම මිනිහම කලොත්, අපට තව ලෝක හත අටක් මවන්න වෙනවා. මෙතැනදී මෙයාල එහෙම කරන්නේ තමන්ට හැකි නිසානේ. ලෝකයේ හැමටම එහෙම කරන්න හැකිද, මේ ජනගහණය යටතේ?

      අනික තමා දියුණු වෙමින් පවතින ලෝකයේ අධික ජනගහනය. මේ ළමයින් හදන්න කියල පිටින් ඇවිත් කවුරුවත් බල කරන්නේ නැහැනේ.
      මේ පොඩි සිතන්න කරුණු දෙකකක් විතරයි. දිගට ලියුවොත් තව පොස්ටුවක් වෙනවා. මගේ ප්‍රතිචාර කෙටි කරන්නට මට ඕනේ.

      මා කියන්නේ මල්ලි, ලෝකේ කොහේ සිටියත්, අපට අපේ ප්‍රතුවිය, සමාජය ගැන ටිකක් සිතන්න පුළුවන්. ඒ අනුව අපේ චර්යාවන් ටිකක් වෙනස් කර ගන්නත් හැකියි. උන්මාදනීය සිහින හඹා යන්න අවශ්‍ය නැහැ.

  7. I’m in the wrong country. Alcohol is banned here.