Would you still love me the same? පසු වදනකුත් සමග!


අද සිංදුව මුලට දානවා. ඇත්තටම දවසම ටිකක් කම්මැලි කමින් ගත කර එහි අවසානයේ තිබුන සම්බන්දතා ඇතිකර ගැනීමේ පානයට මා නැවතුනේ නොකර බැරි කමට. මා ඔය තරල සාර වීදුරුවක් අතින් අරන්, වෙලාව බලමින් සිටියේ මගේ “රියදුරා” එනකම්.

ඔන්න එතකොට එතෙන්ට සුද්දෙක් කඩා පාත් වුණා. නම් දෙක හුවමාරු කරගෙන පටන් ගත්, අපේ කතාව යන අතරතුර තවත් තරලසාර වීදුරු දෙකකටත් සෙට් වුණා. ඇත්තටම මා සමුගත්තේ අකමැත්තෙන්.

මාළුවන් දියට බහිනවා වගේ අපේ කතාව ගියේ. ඔය බලාපොරොත්තු වන සම්බන්දතා නම් නොවේ. එයිට එහා ගිය මාතෘකා. ගෙදර එන ගමන් මා කල්පනා කළේ එයයි.

ඊයේ පෙරද මා දුටුවා, ශිෂ්‍යත්ව වලට පරණ සෝවියට් දේශයට ගිය සමහරුන් කාපු-බීපු දේවල් ගැන උජාරුවෙන් ලියා තියනවා දැක්ක කියල. සමහරවිට මටත් එක්ක වෙන්න ඇති. මා ලියන විට ලියන්නේ මේ ලියන සියල්ල, කියවන්නා අනුව සාපේක්ෂයි කියා.

මා නම් උජාරුවෙන් කිසි දෙයක් ලියන්නේ නැහැ. හැබැයි, අපේ සෝවියට් ශිෂ්‍ය ජීවිතය, අපේ දරුවන්ට පවා ලබා දෙන්නට නොහැකි අන්දමේ උසස් එකක්. එය සස්ටේනබල් නැති ක්‍රමයක් වීම වෙනම කරුණක්. මා අර සුද්ද සමග කතා කරන විට, මගේ අතීතය ගැන ඇදී ආපුවහම අප කතා කරපු එක දෙයක් තමා එය.

මා අතිශයෝක්තියෙන් කිසි දෙයක් මෙහි ලියා නැහැ. තියන දේ හා තිබුණ දේ ඔබට දැනගන්න ලියුවත් නැතත් ඒ දේවල් එහෙම නොවේ කියා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. එකම දේ ඔබ මේවා නොදැන ගන්න එක විතරයි.

එයිට වඩා සිතන්න ඕනේ කතාවක් මා වෙන කොහේ හරි දුටුවා. කොහෙද කියා දැන් මට මතක නැහැ. එනම්, අපේ තියන උජාරු කම් වලට නොවේ, තියන දුර්වල කම් ගැන දැන දැනත් අප එක්ක ඉන්න මිනිසුන් තමා හොඳම කට්ටිය කියල.

ඔබට මතකනේ, මා අර රුසියානු ජනකතාවක් ගැන මෙයිට පෙර කියුවා. යාළුවන් තුන් දෙනෙකු ගැන. දැන් කුකුළා අනික් දෙන්න ගේ කීම අහන්නේ නැතුව හැමදාම දොර හැරියත්, යාළුවන් දෙන්න මූ මෝඩයා කියල සොයන්න යන එක අල්ලලා දැම්මද? නැහැනේ? මෙන්න මේ වගේ මිනිසුන් අපට ජීවිතයේදී හමු වන්නේ කලාතුරකින්.

ඔබට එවැනි මිනිසුන් හමු වී තියනවද?

පසු වදනක් (අද 7/10/15 7.48pm)
මේ සටහන පොඩ්ඩක් අංජබජල් වෙලා තියෙන්නේ කතාවේ කොටසක් අතහැර ඇති නිසයි. මේකේ තියෙන්නේ වෙන මොකවත් නොවේ, දෙදෙනෙක් සංවාදයක් ගෙනියනකොට, දෙදෙනාටම එය සතුටින් කරන්න පුළුවන් වන්නේ, දෙදෙනාගේ මූලික අදහස් වල සමපාත ගතියක් තියනවා නම් පමණයි. නැත්නම් වන්නේ සංවාදය ඉදිරියට යන්න යන්න, එය අකමැත්තෙන් කෙරෙන එකක් වීමයි. එයට නිධන කතාව හැලුවේ, එයින් පවා කියවන්නා තුල ධනාත්මක සිතිවිල්ලක් ජනනය නොවන නිසා.

සෝවියට් කතාව හා මා පොදුවේ ලියන කෑම කතා තේරුම් ගන්න ඕනේ අයුරු මා ලියා තියන කරුණක් නැවත මතක් කිරීමක් විතරයි කෙරුවේ. එක රටක දී කන දේවල්, තව රටකදී කන්න අවශ්‍යත් නැහැ. ගොඩක් වෙලාවට කන්නත් බැහැ. එහෙම නොවේ මේවා තේරුම් ගන්න ඕනේ.

කෑම පමණක් නොවේ, බීම ගැනත් ලියන විට එහි කෙලින්ම නොකියවූ කරුණකුත් ගොඩක් වෙලාවට තියනවා. අන්න එය ඕනෙම රටකට පොදුයි. නැතුව නිකම් කතාව කියවූ විට මේවා පතෝල සටහන් තමා.

10 Comments

Filed under Opinion

10 responses to “Would you still love me the same? පසු වදනකුත් සමග!

  1. Pingback: Would you still love me the same? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Pra Jay

    Read

  3. තරල සාර වීදුරු කියන්නෙ මක්කද
    ඒ වගේ අය කියන්නෙ ක්ෂණිකව සෙට් වෙන අය ගැනද අහන්නෙ.
    ඒ කියන්නෙ එදිනෙදා ෆ්‍රෙඩාල. අද පළවෙනි වතාවට වගෙම සමහර විට අන්තිම වතාවටත් හම්බෙන ජාතිය සමහර විට අපේ ක්ලෝන් එකක්කියල හිතෙන අය(සිතුවිලි වලින්) එහෙමද

  4. / Would you still love me the same? /

    Of course I do. I am still reading your ramblings, Don’t I ?

    PS – Just joking Raigam. Don’t take mathematics five cents..Ok? 🙂

  5. තරලසාර යනු මධ්‍යසාර සහිත ශාක සාර මල්ලි.

    අන්න ඒක තමා මහේෂ්. දුටුව ගමන් නැත්නම් එක වචනයක් කතා කරපු ගමන් ක්ලික් වන අය. 🙂

  6. //I am still reading your ramblings// Ha! ha!! No need to be overly polite Ravi.
    There are only a few who could do that (i.e. could read my ramblings). That’s why I love you too!!! 🙂

  7. අවුරුදු පහක් බ්ලොග් ලියපු ඔබට මේ වගේ දේවල් නුපුරුදු නැතුව ඇතිනේ. මේ වගේ කමෙන්ට් දකින්න ලැබෙන එකත් (කාට වුණත් හිත රිදෙන එක ඇත්ත වුණත්) බ්ලොග් වල තියෙන හොඳක්. සාමාන්‍ය ජීවිතයේ හමුවන අය අතර ඔය විදිහටම හිතන නමුත් මූණට නොකියන හෝ වෙන දෙයක් කියන, නැති තැන්වල කමෙන්ට් දාන අය කොච්චර ඇද්ද?

  8. නැහැ, ඉකෝ, මේක කොමෙන්ටු වලට සම්බන්ද නැහැ. ඔබ මගේ බ්ලොගය මුල ඉඳන් කියවා බලන්න, මා මෙහි වැටුණු කිසිම කොමෙන්ටුවක්, කතෘගේ අවසරයකින් තොරව කපා නැහැ.

    ගිය සතියේ මෙයිට සමාන දෙයක් වැඩ කරන තැන මට වුණා. ඒත්, හැමදාම දුටුව කෙනෙක් (ආඩම්බර කියා කතා නොකරාපු) හදිසියේ කතා කිරීමෙන් නොහිතු විදිහට මගේ අදහස් වෙනස්වීම.

    මේ සටහන ලියුවේ සිද්දි ගණනාවක් දෙස නැවත බැලීමක් ලෙස. භාග්‍යමත් ජිවිතයක් කියන්නේ. අන්න ඒ වගේ වැඩක්. 🙂

  9. හරි ඉකෝ, මට තේරුණා ඔබ අහපු දෙය දැන්. නැහැ සෝවියට් කතාව ලියුවේ, ඈත්තටම අපගේ කතා උජාරු ඒවා නොවන වග මතක් කරන්න. අප ශිෂ්‍යත්ව වලට තමා ගියේ. මේ ලියන්නේ අතීත හා වර්තමාන අත්දැකීම්. සෝවියට් සංගමය විතරක් නොවේනේ අපට “ශිෂ්‍යත්ව” දුන්නේ. මේ කතා වලින් මිනිසුන්ගේ සිත නරක් කරන්නට මට අවශ්‍ය නැහැ. එයයි එතනින් මට කියන්න අවශ්‍ය වූයේ.