මා ඔක්තෝබර මාසය වියලි මාසයක් ලෙස ගෙවෙන්නට ඉඩ දෙන්න තීරණ කිරීමේ පසුපස දෙදෙනෙකු ඉන්නවා. ලියන්නට නොහැකි ඒ නිසා නම් නොවේ. පානේ තෙල් නිවෙන්නට තව කල් තියනවා වුණත්, සුළං පහර සැර නිසා දැල්ල නිවී යනවා. කොහොම වුණත් යමක් නොලියා බැහැ.
මා කලින් නැවත පළ කරපු අනුන්ගේ බ්ලොග් සටහනට ප්‍රතිචාර ලෙස ලැබුණ අපූරු අදහස් අතුරින්, මා මිත්‍ර ඉකෝ ගේ ප්‍රතිචාරය මෙහි නැවත පළ කිරීමෙන් මේ සටහන අරඹන්න මා කැමතියි. අවාසනාවකට මේ ප්‍රතිචාරය ඉංගිරිසියෙන් ලියපු එකක්.
ඉකොනොමැට්ටා Economatta
10/15/2015 at 05:45 Edit
It looks that your blog has gradually evolved to be a personal blog and all what you say is correct for a personal blog; One always have a gap to be filled in personal blogging and it takes less time.
Since I am still young in this space and just started to evolve I have no conclusive opinions about blogging. However, I am not sure whether personal blogging will work well for me. First, no matter how personal I want it to be, there still are some constraints when one opens herself up in an open space. The broader the bandwidth of one’s readership the more the constraints are.
I know that you have an answer here- screening the audience. Yes, it is a possibility but a very narrow possibility for a Sinhala blog, at least as I feel at the moment. I need someone to read what I write! I was never successful in consistently keeping a diary. Writing to self doesn’t sufficiently motivate me.
All the constraints I have to face are and will be the tradeoffs of maintaining a readership. As you have experienced, a fully personal blog will drop this already small audience significantly. This may not be an issue for an English blog since you start with a large number.
The second issue is that any surviving readership is more likely to comprise of like-minded people. While conversations with like-minded people are less stressful they are also boring. Different, even aggressive, opinions break the monotonicity.
If I do not wish to completely ignore the size of my readership, I have to serve some niche. Obviously, myself is replicated nowhere else the same way. However, though all my thoughts and experiences together as a single package is unique, replications of its individual bits and pieces are not rare.
Since I started my blog before studying about the Sinhala blogs existed for many years I was not aware about the places where these bits and pieces existed. One way, it’s good that things happened this way- I started a blog!
When one realizes that she has nothing unique, probably the logical response would be to move towards personal blogging. In my case, it could have been a reasonable motivation if I could think about it as something I save for my kids but unfortunately I can’t achieve that goal by writing in Sinhala.
So, I will have to balance my own needs and the needs of the readers at least in the near future. Since catering to the needs of readers, even partially, is costly I am not sure when my engine will stall suddenly.
මෙහි ලියවී තියන අනෙක් කරුණු ගැන ඔබටම සිතන්නට ඉඩහැර, පහත කොටසට විතරක් අවධානය යොමු කරන්නට මා අදහස් කරනවා.
//The second issue is that any surviving readership is more likely to comprise of like-minded people. While conversations with like-minded people are less stressful they are also boring. Different, even aggressive, opinions break the monotonicity.//
ඔබට මතකද දන්නේ නැහැ, ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් මුද්‍රණය කරපු රුසියානු ළමා කතා එකතුවක් වන කතන්දර හා පින්තූර පොතේ තිබුණ “නොගැලපෙන රෝද” කියන කතාව. මේක අපූරු කතාවක්. මේක මා අන්තිම වරට කියවුයේ කොයි කලේද කියා, මගේ වයස අනාවරණය කරන්න අවශ්‍ය නැහැනේ. ඒ යටගිය දවස. අදත් මේ කතා මතක මොකද?
ඒ කතාවේ තිබුන කරත්තයේ රෝද, එකම ප්‍රමාණයේ නොවේ. විවිධ සයිස් වල එව්වා. මේක තල්ලු කරන්නා ට්‍රයි කරපු බකබක අප්පුහාමි නිකම් වෙහෙසෙනවා විතරයි. මේකට මට මතක හැටියට පිළියමක් කියල දුන්නේ වපර හාමි.
ඇත්තටම හොඳා සුසංයෝගයක් බිහි කිරීමට හෝ හොඳ සුසංයෝගයක් වීමට, දෙදෙනෙකුට එකම අන්දමේ අදහස් තිබීමද වැදගත්, නැත්නම් සහමුලින්ම වගේ වෙනස් අදහස් තිබීමද. මට නම් උත්තරය සරලයි.
සත්ත්ව ලෝකයේ විතරක් නොවේ ශාක ලෝකයේත්, ක්ෂුද්‍ර ජීවී ලෝකයේත් එකිනෙකාට සහමුලින්ම වෙනස් ගතිලක්ෂණ ඇති දෙපාර්ශවයක සුසංයෝග වලට උදාහරණ ඕනේ තරම් තියනවා. ඇත්තටම ජිව පරිණාමයෙත් අලුත් ගති ලක්ෂණ බිහිවන්නේ, විවිධ ගති ලක්ෂණ වල ගට්ටනය නිසා මයි.
දැන් අර රුසියානු කතාව මෙතනට ගලපන්නේ කොහොමද? එවැනි සුසංයෝග ගොඩාක් වෙලාවට සාර්ථක වන්නේ නැත්තේ ඇයි කියල අර කතාව කියනවා. හැබැයි හරියට තේරුම් ගත්තොත් ලෝකයේ වඩාත්ම සාර්ථක වන්නේ එවැනි සුසංයෝග විතරයි. එය ස්වභාව ධරමයේත් එක ඉල්ලීමක්. අප කවුරුත් වපර හාමි ගෙන් උපදෙස් ටිකක් ගත්තොත් නරකද? ඔය කේන්දර බලන අය පවා. 🙂
වර්ෂන් තුනක්. කැමති එකකට සවන් දෙන්න.
පසු වදන
ඔය කියුවට අපට මේ ජිවිතයෙන් පසු, තව ඉපදීම් තියනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ජිවිතයේ පසු වදන් ඉතිරි කර යන්න එපා. ඒවා කියන්නට කිසිදා අවස්ථාව නොලැබේවි. ඒ නිසා අප ඇත්තටම ආදරය කරන මෙන්ම, වෛර කරන අයටත් එය කියන්නට අමතක කරන්නට එපා. විශේෂයෙන් ආදරය කරන අයට.
Pingback: මා කේන්දර විශ්වාස කරන්නේ ඇයි? I’m glad we didn’t listen! | සතුටු වැස්ස බ්ලොග් කියවනය
සංසාරය ගැන මගේ නම් විශ්වාසයක් තියෙනවා. ඒ එක්කම මේ ජීවිතය නැවත එන්නේ නැති බවත්, මේ වටේ ඉන්න කට්ටිය ආයෙත් කවදාවත් හමු නොවෙන බවත් මා හිතනවා (මේ ‘මම’ කියල හඳුනා ගෙන ඉන්න කෙනා යලි නොඑන නිසා). මේ මොහොත විශේෂයි. මේ මොහොත යළි කිසිදා එන්නේ නෑ කියල තමයි මගේ හැඟීම.
Shanika is the best but poor recording.
ඔය “නොගැලපෙන දැති රෝදේ ” මම පොඩි කලේ කැමතිම කතාවක්. අනික තම අර පෝරණුවේ ඉන්න මෝඩ ඉවාන් රෑට ලස්සන අස්සයෙකු පිට නැගල කුමාරි බලන්න යන එක.
මාත් මේ බලන්නේ රයිගමයා එක්ක වලියක් ඇදගන්නේ කොහොමද කියල. කෝ බෑනේ. මමත් පුනරුත්පත්තිය නම් විශවාස කරන්නේ නැහැ.
හෙහ් “රයිගමයයි ගම්පළයයි වගේ.“
මෙහෙම කියන්නේ ගැලපෙන දෙන්නෙක්ද නොගැලපෙන දෙන්නෙක්ද?
I have never been able to understand the whys and hows of “belief” in lots of things, most probably because for me things are only “more likely” or “less likely”. Of course,I understand the psychological advantage or relief one gains through belief in things that can not be proven or explained conclusively. But, I am incapable of believing and don’t understand how others achieve that state of mind. I sometimes feel envious of people who are capable of belief and who gain mental relief through such belief.
Your friend’s write-up is very well thought out and written. Very thought provoking. Made me do a bit of self analysis about my own writings of a different kind (past and intended) and some of my usually blurred ideas crystallized. But, since I have not been a blogger myself, my thoughts on blogging is not clear enough to write here concisely. All I can say at the moment is that I’d love to read her blog (link pl?)
Oh. Sorry. Just noticed.
It is economatta, right?
So, she has an english blog too?
Did you mean “the full package” ? or just the voice? I would like to know what does our “softer side” think? 🙂
Sorry everybody else. I have to prioritise my replies! 😀
//රෑට ලස්සන අස්සයෙකු පිට නැගල කුමාරි බලන්න යන එක.//
Caught on camera!
She? o.O
ඉංගිරිසියෙන් තිබ්බට හිංගල අපිටත් කොමෙන්ට් කොරන්න පුළුවන් මයේ හිතේ.. අර වැට ගහල වෙන් කරගත්ත කෑල්ල හැර අනිත් ටිකත් සාකච්චා කරනවානම් අගෙයි.. ඔය ලයික් මයින්ඩඩ් උන්ගේ කතා හරියට රුපවාහිනී ප්‍රසිද්ධ සංවාද වගේ.. එක එකා පිට කහ ගන්නවා හරි ප්‍රධාන මාතෘකාවට සපෝර්ට් කරලා මොනවා හරි කියනවා වගේ.. පට්ට බොරින් සමහර වෙලාවට.. බ්ලොගින් කියන්නේ ලයික් අ බන්ච් ඔෆ් මිස්ෆිට්ස් ෂෙයාරින් අ කොමන් එක්ස්පිරියන්ස් වගේ.. ඒකනේ මම බ්ලොග් වලට කැමති. මට තේරුනේ නැත්තේ මෙතනට කොහොමද කේන්දර කතාවක් ඇදුනේ කියල තමයි හිටං..
@ KM,
// First, no matter how personal I want it to be, there still are some constraints when one opens herself up in an open space. //
wow..
නිරෝෂි, එතකොට මේකත් විශ්වාස කරනවා ඇති. https://youtu.be/RHzFOW7Z3uk
දෙන්නෙකු හොට දමා මගේ තිබුණ එක ම විශ්වාසයත් මේ මස වැඩේ දුන්න කියා උඩින්ම ලියා ඇති. ඔබගේ හෝ වෙනත් අයෙකුගේ විශ්වාස ගැන වාදයකට එන්න කියුවොත්, එතනින් පැනල දුවන අය අතරින් ඉදිරියෙන්ම සිටිනු ඇත්තේ මා.
කොමෙන්ටුවේ දෙවෙනි කොටසට නම් ළඟ සිටියා නම් මගෙන් උම්මා එකක්. ඒ ගැන නම් මා කලින් ලියා තියනවා. නැවත ලියන්න කැමතියි. මා බ්ලොග් ලියන එක හේතුවකුත් අන්න එයමයි.මොකද // මේ මොහොත යළි කිසිදා එන්නේ නෑ කියල තමයි මගේ හැඟීම.//
ඒ වගේම අපට දැන් මේ පිරිස යලි හමුවන්නෙත් නැහැ. විශේෂයෙන් අපට ආදරය කරන පිරිස. අප මේ මොහොත අප්රිශියෙට් කරන්න ඕනේ අන්න ඒ නිසා. මගේ එකම විශ්වාසයට පවා කඩා ගන්න හදන්නේ අන්න ඒ නිසා. එනම් මේ ලෝකයේ ගෙවන කාලය කොට නොකරගෙන ඉන්න.
මා වෙනස් අදහස් තියන අය ලෙස හඳුන්වන්නේ ඔබ වැනි අයයි. අපගේ වෙනස් අදහස් වල වෙනස්කම් තියනවා තමා. නමුත් අපගේ පන්ඩමෙන්ටල් එකයි. කිසිදා කිසි දෙයක් ගැන එකඟ වන්න බැරි අය සමග වාද කරන විට බලා ඉන්න අයට විනෝදයක් ලැබෙනවා නම් තමා. එය මගේ විනෝදාංශයක් නොවේ. අන්න ඒකයි මා කැමති ඔබ වැනි පිරිස් සමග කතා කරන්න. 🙂
මෙහි ඉතිරි පිළිතුරු අපගේ “සෙකන්ඩ් ක්ලාස් ලැන්වේජ්” එකෙන් ලියන්නට ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මව් භාෂාවෙන් ලියූ අය කරනු මට කමා කරනු ඇතැයි සිතමි. 🙂
මේ ගීත තුනත් සුසංයෝග තුනකට උදාහරණයි. තනුව, පදමාලාව හා සංගීතය මෙහි කන්ස්ටන්ට් ලෙස ගන්න හැකියි. එතකොට රූප අමතක කළොත්, විචල්‍යය වන්නේ ගායක යුවලයි.
දැන් ඇස් පියාන සින්දු තුනම ඇහුවොත් කොයි සුසංයෝගය ටද ඔබා වඩාත් කැමති? මා දන්නේ නැහැ රසික පිරිමියා අමතක කළේ ඇයිද කියල. එය ඩෙලිබරේට් වන්න පුළුවන්.
කාන්තා පාර්ශවයේ අදහස මා දැන ගන්න කැමති අන්න ඒ නිසා. කවුද වඩා හොඳ? එක අයෙකු නොවේ, ෆුල් පැකේජ් එක. එනම් දෙන්නගෙන් කොයි දෙදෙනාද වඩා හොඳ?
වලොද්යාත් ඉවාන්ට දෙවෙනි නැහැ නේද මචෝ?
//මාත් මේ බලන්නේ රයිගමයා එක්ක වලියක් ඇදගන්නේ කොහොමද කියල//
අඩෝ, දැන් ධනපතීන් භංග වේවා කියල පටන් අරන් තවරිෂ්ල-තවරිෂ් ල ෆයිට් කර ගන්න ගත්තහම කොහොමද?
ඔන්න ගස්පදින් කෙනෙක් වලියට ආව නම්, මා දෙවරක් සලකා සලකා බලනවා. 😀
ඔන්න ඉතිං මල්මි, තව පොස්ට් එකක් ලියන්න වෙනවා. 🙂
රයිගමයයි-ගම්පොලයයි හොඳටම ගැලපෙන දෙන්නෙක්. දැන් රයිගමයන් හෝ ගම්පොලයන් දෙන්නෙක් එකතු වුනොත් වුනොත් හොඳම “මධු සමය” ගත කරනු ඔවුන්. හැබැයි ඉන්පසු ප්‍රශ්නාර්ථයක්.
රයිගමයා හා ගම්පොළයා ගේ “මධු සමය” මටසිලිටු වන එකක් නැහැ. හැබැයි වඩාත් සාර්ථක හා එන්ඩියුරින් සුසංයෝගය ඔවුනගේ වනු ඇති.
දැන් බලන්න සඳුන් ගසක් ගාව තව සඳුන් ගසක් හැදුනොත් වෙන දේ. මුල් පැල කාලයේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩෙන විට, පසේ පෝෂක වලට, හිරු එලියට හා තවත් අවශ්‍යතා වලට දෙදෙනාගේ තියෙන්නේ එකම ආකාරයේ කැමැත්තක් නිසා, ඒ සුසංයෝගයේ පැවැත්ම අනතුරේ. හැබැයි සමන් වැල එහෙම නැහැ. එයාට අවශ්‍ය පෝෂක වෙනස්. බිම ඉන්නවට වඩා ගස දිගේ උඩට නැගල හිරු එලිය ටිකක් ගන්න එක ගසටත් මහා පාඩුවක් නැහැ. බිම හිටියොත් ගසේ හෙවන නිසා හිරු එලිය නැතුව කොහොමත් මැරෙනවා.
මුලින්ම ඔය she කතාව මා දුටු වග විතරක් මතක් කරන්න කැමතියි. ඒ ගැන ඉකෝ පැහැදිලි කරනු හෝ නොකරනු ඇතැයි සිතමි. අපේ කතාවට එය ලොකු බාධකයක් නොවේ.
ප්‍රා හා පහල කල්‍යාණ කියන දේවල් ගැන එක පිළිතුරක් දුන්නොත්, ඇදහිලි හා විශ්වාස පිලිබඳ මගේ මතය මෙහි වරින් වර සිංහලයෙන් ලියා ඇති.
ඒ වගේම මා සිංහලයෙන් ලියන්නේ ඇයි? මා බ්ලොගයක් ලියන්නේ ඇයි? මෙය කියවනු ඇත්තේ කුඩා පිරිසක් යයි මා කලින්ම උපකල්පනය කරන්නේ ඇයි? සමහරුනට මේ සටහන් පතෝල වගේ පෙනෙනු ඈත්තේ ඇයි? මා පතෝල වලට කැමති ඇයි? එවැනි පිරිස් මේ සටහන් කියවීම වැඩක් නොවනු ඇත්තේ ඇයි? යන මාතෘකා ඔස්සේ දීර්ග ලෙස කරුණු දක්වා තියනවා. හැබැයි ඒ සිංහල භාෂාවෙන්. මා ඉකෝ ගේ ප්‍රතිචාරයට කලින් සටහනේ දීර්ග උත්තරයක් දී නොමැත්තේ අන්න ඒ නිසා.
මගේ අදහස් වලට ප්‍රති විරුද්ද මත දක්වා ඇති අයට මා දීර්ග පිළිතුරු දී තිබෙනවා. ඒ කිසි කෙනෙක් නැවත උත්තර දීමට ඇවිත් නැහැ. මා මෙවැනි දේවල් අද අයියෝ සල්ලි ලෙස සලකන්නේ අන්න ඒ නිසා.
මාත් පොත් කියවා තිබුනත් මේ ලියන්නේ පොත් පෙරලගෙන නොවේ. ඉතිං ඔය මහා විවාද කියන දේවල් මා අද සලකන්නේ උදාසීනව. ඕවයින් විනෝදයක් ලැබෙනවා තමා. ඉන් එහාට ලොකු දෙයක් නැහැ.
නැවත ලිවීම් වලින් ඔබ්බට යන්න මට අවශ්‍යයි. නමුත් එයම තමා කරන්නට අමාරුම දේ. ඒ බොහෝ විට කොමෙන්ටු දමන කියවන අයගෙන් සමහරක් දෙනා, මගේ මුල් සටහන් කියවා නැති නිසා. ඒ ගැන මා තැවෙන්නේ නැහැ. හැකි ලෙස නැවත, නැවත ලියන්නේ අන්න ඒ නිසා.
මා මුලිකවම ලියන්නේ මගේ සතුටට කියන කරුණෙහි ලොකු දෙයක් තියනවා. මෙයත් මා වෙනත් අයුරකින් නැවත ලියනවා. ඒ ඉඩක් ලැබුන විටෙක.
සිංහල බ්ලොගයක සිංහලයෙන් ලියන්න දෙවරක් සිතන්න එපා කල්‍යාණ. ඒ වගේම සිංහලයෙන් ලියන්න අපහසු වෙලාවක, මෙහි ඉංගිරිසියෙන් ලිවීමත් (සිංගිරිසියෙන් නැතුව) නරක දෙයක් කියලත් මා සලකන්නේ නැහැ. මා නම් ඉඳ හිට රුසියානු වචනත් ඔබනවා. ඒ ගැන අහිතක් සිතන්න ඕනේ නැහැ. 🙂
අර වැට ගහල ගත්තු කෑල්ල පවා මා කලින් කතා කරපු දෙයක්. නමුත් සමහර දේවල් බොක්කට වදින්න නම් නැවත නැවත ලියන්න වෙනවා.
එහි තියන අනෙක් කරුණු මා කලින් එක්ස්ටෙන්සිව්ලි කතා කර ඇති දෙවල්. විරුද්ධ මත වලට මා දී තියනා දීර්ග පිළිතුරු හා ඉන්පසු ඇතිවන බරපතල නිහඬ තාවය මට අද අවශ්‍ය දෙයක් නොවේ. ඒ වෙනුවට ලයික්-මයින්ඩඩ් කිහිප දෙනෙකු සමග කතා කිරීම මට සතුටක්.
කේන්දර කතාව මෙහෙමයි. ඇත්තටම කල්‍යාණ මේ කේන්දර හරි වෙන්නත් ඉඩ තියනවා කියල සිතෙන්නේ නැත්ද? දැන් බලන්න, හරියට ගලපා ගෙන බඳින ගොඩක් දෙනා එහෙම ගැලපෙන කට්ටිය කියා පෙනෙන්න තියනවද? සමහරවිට ඒ අර හරියටම ගැලපෙන නිසා වෙන්න බැරිද? හරිනම් සොයන්න ඕනේ, නොගැලපෙන අයෙක් වෙන්න බැරිද? ඔන්න ඕවා තමා මගේ ඔළුවට ආ ප්‍රශ්න.
මට ඔය සදුන් ගස් සමන් වැල් කතාව අල්ලන්නේම නැති එකක්.
අපේ ගෙදර පොඩි කොහොඹ පැලේක සමන් වැලක් යවා තිබුණා. පොලොවේ වතුර වැඩිකමට ගහේ කදෙන් වතුර බේරෙනවා අන්තිමට ගහ කඩා වැටුණා. (කරිවිල සාමාන්‍ය තත්ව යටතේ වවන්න බැහැ කුනුවෙනවා/පතෝලත් බැහැ).
උද්‍යාන සැලසුම් කිරිම රස්සාවකට කරන කෙනෙක්ට වැරදි පැලැටි දෙකක් එක ළග හැදුවොත් ඒ නිසා සමහරවිට රස්සාවට සදහටම කෙළවෙන්නත් පුලුවන්.මට මතකයි ගෝටා බාප්පි ගාලුපාරේ ගස් ඉන්දලා බිමට ඉන්දුවා කහපාට බතල. වැල් දුවනවා පේමන්ට් එක හරහා කඩ ඇතුලටත්. ගස් නම් අතිබහුතරයක් මැරුණා. ඔන්න ලංකාවේ උද්‍යාන සැලසුම් කරණය. තමන්ගෙ රටට ගැලපෙන ගස් ටිකක් වවාගන්න මොළයේ රැළි නැහැ. ඒත් සුද්දා ලංකාවේ ගස් එයාට නුපුරුදු නිසා එයාගේ රටෙන් නැතිව, ඇමේසන් වලින් ගෙනත් ඉන්දපුවා තාම තියෙනවා. වඩාත්ම ගැලපෙන වගාව මොකක්ද කියලා සුද්දා දන්නවා අපි දන්නැහැ. අපි තාම ඒ ඉඩමේම තේම වවනවා.
වැල නෙමෙයි ඉතින් ගහ යට හැදෙන ඒ ගහේම පැලත් සාමාන්‍යෙයන් මැරෙනවානේ.
මෙහෙම දෙයක් මම දකිනවා.ඔප්පු කරන්නනම් බැහැ. කොහේහරි තියෙන ස්වභාවික වනාන්තර පද්ධතියත් එක්ක ඒ මිනිස්සුන්ගේත් සමානකම් තියෙනවා.
සමහරුන්ට ඕන බොන්සායිමයි. සමහරුන්ට තණකොළ විතරමයි.
අම්මප දන්නවා නම් එනවනේ පොඩි ටියුෂන් පාරක් ගන්න.
මෙහෙමනේ මල්මි, ඇත්තම කැලෑවේ ඔය සියලු ස්ථර තියනවා. කොහොඹ ගස් වලට යවන්න ඕනේ කරවිල වැල්. මේවා ටිකක් ඉගෙන ගන්න අවශ්‍ය දේවල් තමා. ගෝටා මාමිලා කා ගත්තේ අන්න ඒ දෙය නොමැති වුණ නිසානේ.
නගරයන්හි හා පාරවල් දෙපස ගස් සිටුවීම සුද්ද තරම් හොඳට කරන පිරිසක් ලෝකයේ නැතුව ඇති. කොළඹ නිදහස් චතුරශයේ විලෝ ගස් ටික කැපීම ගොන් වහන්සේලා ගේ වැඩක්. මෝඩ මිනිසුන් තමන්ගේ නායකයන් ලෙස පත් කර ගැනීම තරම් මෝඩ දෙයක් මේ ලෝකයේ නැහැ.
මිශ්‍ර වගාවන් කියන එකත් අද නැවත කතා බහට ලක් වන දෙයක්. මේ ගැන මා ලියන්නම් (කොට කෑලි ඉවර කර).
අද මග් කඩා ගත්තේ නැත්ද?
මේක මේ හදිස්සියේ ටයිප් කරද්දී වුන වැරැද්දක්. සාමාන්‍යයෙන් third person පාවිච්චි කරද්දී පුරුද්දට ලියවෙන්නේ ස්ත්‍රී ලිංග පදය, සාමාන්‍ය සම්මතය විදිහට. මේක ‘I’ එක්ක එකට යොදලා confuse කරලා වගේ. සිංහලෙන් ලියනකොටනම් හිතලම ගොඩක් වෙලාවට ‘ඔහු හෝ ඇය’ කියා යොදනවා. වෙලාවක් ලැබුණ ගමන් වැඩිපුර දෙයක් එකතු කරන්නම්.
මා ඒ ගැන සිතුවා. තුන්වන පාර්ශවයෙන් ලිවිම නිසා වුන අත් වැරැද්දක් කියා මාත් උපකල්පනය කෙරුවා. ඔය වගේ දේවල් වෙනවා. මා එතරම් ගණන් ගන්නේ නැහැ.
මෙයා මේ කේන්දර ගැනම නාඩෙන් අඩන නිසා මම පොඩ්ඩක් හොයා බැලුවා.
කේන්දර ගැලපිල්ල කියන්නේ මෙහෙමලු.
රන් -රස
කිරි -පැනි
විසෙන් විස නැසිම
ඔය වගේ අංස ගානක් ඔස්සේලු කරන්නේ.
එතකොට තව…කොටු ගොඩේ එකාට එක ග්‍රහයා බැගින් ඉන්න කෙනෙක්ට, එක කොටුවක ඔක්කොම ග්‍රහයන් ඉන්න අයත් ගැලපෙනවලු.
එක එක අංසවලින් බලනවලුනේ.
මල්මි, මා නම් නහයෙන් අඬන්නේ නැහැ. මගේ කේන්දරේ අනෙක් පාර්ශවයට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට මා සුදානම්. පුස්කොල පොත පිටින්ම එවන්න හැකියි. කෝ ගන්න කෙනෙක් නැහැනේ. 🙂
මාත් ඔය කේන්දර ගැන හිමාල වනයට ගොස් ඉගෙන ගෙන ආව. මා ඉගෙන ගත්තු ඉරිසිතුමා කියුවේ කෙනෙක් කැති නැකතින් ඉපදිලා නම්, බඳින්න හොයන්න ඕනේ පොලු නැකතින් ඉපදුන කෙනෙක් කියල. මොකද එතකොට තමා කැත්තට-පොල්ල වගේ ජිවත් වෙන්න පුළුවන්. 😀
හුරේ !
/මාත් ඔය කේන්දර ගැන හිමාල වනයට ගොස් ඉගෙන ගෙන ආව/
මෙන්න මේක අල්ලගන්න තමා මාත් කෙමන ඇටෙව්වේ.
ගල් බමුණා !
ගල් බමුණාද, පොල් බමුණාද කියල මා ලේබල් හොයන්න ගියේ නැහැ.
ඒ දවස් වල අහසින් යන්න පවා පුළුවන්කම තිබුණා. පසු කාලයේ මේ එර්දි වීමේ බලය නැතුව ගියා.
කියන්න මතක නැති වුණා. ඒ දවස්වල “ඇති හිටියා” ලේබලේ තිබුණේ නැහැ.
හෝමෝ සේපියන්ස්ලාව අවබෝධ කරගන්නනම් ලෝකයේ ප්‍රධාන ආගම් ගැන යම් තරමකට ඉගෙන ගන්න ඕනෑ වගේම ලංකාවේ සමාජය තේරුම් ගන්න කේන්දර ගැනත් තරමක් දුරට හෝ ඉගෙනගන්න අවශ්‍යයි කියන එකයි මගේ අදහස. මට තේරෙන හැටියට කේන්දර බැලීම යනුවෙන් මෙතනදී ඔබ අදහස් කරන්නේ පොරොන්දම් බැලීම. මෙය දහඅට වන සියවසේදී නම නොදන්නා ලංකාවේ කිසියම් කෙනෙක් සකස් කළ දෙයක් මිස සියවස් ගණනාවක් පැරණි භාවිතයක් නෙමෙයි. තීරණයක් ගැනීමට තරම් සංඛ්‍යාත්මකව ප්‍රමාණවත් නියැදියක් නිරීක්ෂණය කර ඇති නිසා මෙය තේරුමක් නැති දෙයක් බව මගේ අදහසයි. එහෙත්, මේ පොරොන්දම් බැලිල්ල සිදුවන්නේ දෙමවුපියන් මුල්වී කරන යෝජිත විවාහයක පැකේජයක කොටසක් ලෙස නිසා මේ පැකේජයේ වෙනත් වටිනා කොටස් තිබෙනවා. දෙමවුපියන් මුල්වී පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම් වැනිදේ සොයා බලා සැසඳීමේ සාධනීය ප්‍රතිඵල තියෙනවා. පොරොන්දම් වලට ආපසු ආවොත්, බොහෝ පොරොන්දම් වල ගැලපීම කියන්නේ සමාන වීම නෙමෙයි. පොරොන්දම් විස්සෙන් ඇතැම් පොරොන්දම් වල ගැලපීම කියන්නේ සමාන නොවීම. මේ කරුණ හා අදාලව පොරොන්දම් හරි. කෙසේවුවත්, පොරොන්දම් වල වගේම සැබෑ ජීවිතයේත් හොඳ සුසංයෝගයක් කියන්නේ සමාන දෙදෙනෙක්ද නැත්නම් වෙනස් දෙදෙනෙක්ද යන්න සාපේක්ෂ දෙයක්. මගේ අදහස අනුව හොඳ සුසංයෝගයක් වන්නේ ඇතැම් මූලික කරුණු වලින් සමාන එහෙත් වෙනත් ඇතැම් දේවල් වලින් වෙනස් (complementary) දෙදෙනෙක්.
//තනුව, පදමාලාව හා සංගීතය මෙහි කන්ස්ටන්ට් ලෙස ගන්න හැකියි. එතකොට රූප අමතක කළොත්, විචල්‍යය වන්නේ ගායක යුවලයි.//
මමනම් වඩා කැමති මිල්ටන්-මල්ලිකා කහවිට වර්ෂන් එකට. හැබැයි සංගීතය කන්ස්ටන්ට් ලෙස මා සිතන්නේ නැහැ. දෙවැන්නේ වෝකල් එක යට කරගෙන සංගීතය මතුවෙනවා. අන්තිම එකේ පටිගත කිරීම ඉතා දුර්වලයි. අමරදේවගේ සින්දු වලට මා කැමති වුවත් මේකට වඩා ගැලපෙන්නේ මිල්ටන්ගේ කටහඬ බවයි මට හිතෙන්නේ.
//මගේ අදහස් වලට ප්‍රති විරුද්ද මත දක්වා ඇති අයට මා දීර්ග පිළිතුරු දී තිබෙනවා. ඒ කිසි කෙනෙක් නැවත උත්තර දීමට ඇවිත් නැහැ. මා මෙවැනි දේවල් අද අයියෝ සල්ලි ලෙස සලකන්නේ අන්න ඒ නිසා.//
මෙයින් අදහස් වන්නේ ඔබේ මහන්සියෙන් වැඩක් වුනා කියන එක නේද?
ඇත්තටම ඉකෝ, මා කේන්දර, නැකත් ගැන කිසිවක් ඉගෙන නැහැ. මේවා වැඩිහිටි ජිවිතයේ කිසිම වැඩකදී උපයෝගී කරගෙනත් නැහැ. ඉදිරියට බලාපොරොත්තුවකුත් නැහැ. දරුවන්ට මේවා හදලත් නැහැ.
විවාහයේදී දරුවන්ට බලපෑමක් කිරීමට අපේ අදහසක් නැහැ. අපේ දෙමාපියන්ට පවා මට බලපෑමක් කරන්නට නොහැකි වුණා. යෝජිත විවාහ නරක දෙයක් නොවේ. මේවා ඒකීය පුද්ගල තේරීම් නේද?
ඔව්, මා කන්ස්ටන්ට් තේරුවේ දල වශයෙන්. සියල්ල විචල්‍යය යන තමා. මාත් කැමති මිල්ටන්-මල්ලිකා ගේ වර්ෂන් එකට. තව කෙනෙකුට අහන්න දුන්නා, එයා අමරදේවල ගේ වර්ෂන් එකට කැමති වුණා. තුන්වන ගීතයේ තියන ගෝෂාකාරී බව නිසා එය කොහොමත් යටපත් වෙනවා තමා.
🙂 (දන්නේ නැහැ ඉකෝ, පාඨක පිරිස නම් අඩුවී ගෙන ගොස් තිබෙන වග පෙනෙන්නට තියනවා).