සැමදාම ඇසිමි, ඔබ නැත මට පිළිතුරු කීවේ!


ඉරිදා හවස පුතාගේ බෝලයක් ගන්න වට ගාවට ගියහම, අල්ලපු ගෙදර සුද්ද, පිටිපස්සෙන් කොහොමද කියල ඇහුවහම මා ගැස්සිලා ගියේ, එවැන්නක් අසන්නට බලාපොරොත්තු නොවුන නිසා. බීර කෑන් එකකුත් සමග එයා, එළවලු පාත්තියේ ලස්සන නරඹමින් සිටියා.

පොඩි පාත්තියක්. නමුත් මාර පිළිවෙලකට ගොඩක් දේවල් හිටවල තියනවා. එයා කියුවේ හැදෙන දේවල් කනවට වඩා, මේවා හැදෙන හැටි බලා ඉන්න ආසයි කියල. ඒ වගේම ගොඩක් වෙලාවට හැදෙන තක්කාලි වගේ ඒවා කනවට වඩා කරන්නේ බෙදල දෙන වගයි මිනිහ කියුවේ.

මගේ “එක්ස්සොටික් මිරිස් පැල” වැඩිපුර තියනවා නම්, මේ පාරත් දීපන් කියා මිනිහ කියුව. පොර කියාපු තව කතාවක් තමා හැමදාම උයන්නේ එයා කියන එක. අලුත් එළවලු හා කොළ ජාති පාත්තියෙන් කඩා ගෙන උයන්න හැකි දිනය එනකම් බලා ඉන්නවා කියුවා. දැන් උයන්නත් වෙලාව හරි කියපු නිසා, මා කතාව නවත්වා ගෙට ආව.

එලියට බහින විට පිච්ච මල් වල සුවඳ දැනෙන එක තමා මා ආස කරන්නේ. එයිට අමතරව උදේ නැගිටින විටත්, හවස හොඳටම කරුවල වැටෙන කනුත් මීමැස්සන් ගෙන් පිරී තියන ලැවන්ඩර් පඳුරත් දැකීම සතුට උපදවන දෙයක්.

මේක “El Nino”* වසරක් නිසා ඕස්ට්‍රේලියානු ග්‍රීෂ්ම සෘතුව වියලි හා උෂ්ණ එකක් වනු ඇතැයි දැනටම අනාවැකි පළ කර තියනවා. මේ දිනවල අංශක 30 ට කිට්ටුවට ගිය උෂ්ණත්වය එහි පෙරනිමිති කියනවා.

පරිසරයේ දැනට ඇති සුන්දර දසුන්, දින කිහිපයකින් මැකී යාවි.

අර සුද්දගේ කතාව මා ටිකක් දුරට කල්පනා කළා. එනම් වැඩෙන හැටි බලල, ගෙඩි ටික බෙදල දෙනවයි කියුව එක. මගේ “ස්පෙෂල්ටිය” වන මිරිස් වැවීම නම් මාත් කරන්නේ ගොඩක් වෙලාවට අනුන්ට බෙදල දෙන්න. මේවා හැදෙනවා බලා ඉන්න එක සතුටක් තමා.

අවුරුදු ගණනාවකට පසු ලංකාවට ගියහම, මා පොඩි කාලේ සිටවපු (කැලේට වෙන්න) රඹුටන් ගස් හා කොස් ගස් කිහිපයක් රූස්ස ගස් වෙලා, ගෙඩි හැදිලා කොල්ලන් හා වවුලන් කනවා කියල දුටුවා.

මේවා හිටවල වතුර දැම්ම කියල මට මතකයි. සමහර වෙලාවට මේවා දකින මිනිසුන්, ලඟින් යන විට පැළය කඩලා දාල ගිය වගත් මට මතකයි. ඉස්සර මට තේරුම් ගන්න බැරි වුන දෙයක් තමා මේක. මිනිසුන් මේ වගේ දේවල් කරන්නේ ඇයිද කියා.

නාන්න ලිඳ කපල දීල, වටේට ගස් ටිකක් සිටවපුවහම, ඇවිත් නාල, අර ගස් කඩා දාල යනවා. මෙහෙම කෙනහිලි අතරේ වැඩුන ගස් ටික තමා අද ලොකු මහත් වී තියෙන්නේ. සිටවපු මා ඒවා දකින්නවත් නැහැ. අර පොඩි කාලේ කුඩා ගස් වලට හානි කරපු මිනිසුන් සමාජයේ, වෙන දේවල් කරමින් ඇති.

*The El Nino condition causes increased rainfall across the southern part of the United States and in Peru, where El Nino has caused heavy flooding. On the other side of the Pacific, in Australia, El Nino causes drought conditions, sometimes associated with the onset of brush fires. In addition to creating climatic changes, El Nino conditions also reduce the nutrient levels in some areas of ocean water, affecting primary food chain productivity and commercial fisheries in the region (එල් නිනෝ ගැන සරල පිළිතුරක්).

Advertisements

22 Comments

Filed under Lifestyle

22 responses to “සැමදාම ඇසිමි, ඔබ නැත මට පිළිතුරු කීවේ!

  1. Pingback: සැමදාම ඇසිමි, ඔබ නැත මට පිළිතුරු කීවේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඔබ එදා ඉඳන් කී සැරයක් මා නැලෙව්වද?
    ඔබ එදා ඉඳන් කී සැරයක් මා හැඬෙව්වද?

    • දිනෙකදී එනවා, තව දිනකදී සැන්ගෙනවා!!!!

      • brampi

        xxxx xx xx xx xxxx xxxxx

        • ඉහත කොමෙන්ටුව කපා දමන ලදී.

          ඔව් ඔබ එක.

          ඔබ වැඩිහිටියෙකු යයි මා සිතමි. කොමෙන්ටු පිලිබඳ මගේ ප්‍රතිපත්තිය අවශ්‍ය නම් මෙතනින් දැන ගන්න හැකියි.

          එහිම තිබෙන “Don’t say anything online that you wouldn’t say in person” යන්න හා මෙවැනි කොමෙන්ටුවකට වෙනම නමක් හදා ගන්න වීම අතර තියන සම්බන්දය ඔබට පෙනෙනවා ඇති.

          ඔබේ මෝඩ ආතල් සඳහා මේ අන්තර්ජාලයේ ඕනේ තරම් අවකාශයන් තියනවා නේද? ඇයි පොඩි ළමයින් මෙන් හැසිරෙන්නේ. මේ බ්ලොගය කුඩා ළමුන්ට පවා කියවීමට හැකි වන ලෙසයි ලියවෙන්නේ. පිළිතුරු හෝ ඔවැනි කොමෙන්ටු දැමීමට පෙර දෙවරක් වටපිට බලන්න.

          මෝඩ ආතල් ගැනීම ගැන මගේ ලොකු විරුද්ධත්වයක් නැහැ. හැබැයි මෝඩ ආතල් පවා ගත යුත්තේ ටිකක් සම්භාව්‍ය විදිහට! 🙂

  3. //මගේ “ස්පෙෂල්ටිය” වන මිරිස් වැවීම//
    ලේසිම දේ.. මිරිස් පැළ වවන එක 🙂

    • නැහැ සෑම්, ඉරිදා කඩෙන් ගෙනත් සිටවපු මිරිස් පැල මේ ….ගේ ගොළු බෙල්ලන් කාල දැනටම. 😦

  4. සමහර වෙලාවට මේවා දකින මිනිසුන්, ලඟින් යන විට පැළය කඩලා දාල ගිය වගත් මට මතකයි. ඉස්සර මට තේරුම් ගන්න බැරි වුන දෙයක් තමා මේක. මිනිසුන් මේ වගේ දේවල් කරන්නේ ඇයිද කියා.<<

    මටත් ඔය සන්තෑසියම වෙනවා. මම ඉන්න ටික කාලෙ පෝර දාලා ආදරෙන් බලාගන්න ගස් මම යනකොට කවුරු හරි කපලා ගලවලා විනාශකරලා දාලා තියෙනවා. ඇයි බං ඒ?

    • ඒ විතරක් නොවේ, ලිඳෙන් නාන්නේ ගොඩක් පස්සට වෙන්න. මොකද වතුර වට්ටලා කන්ඩිය සෝදලා ඒවායේ සිටවා තියන ගස් හා මල් වලටත් කෙලවන්න. මේ දැකපු දේවල්.
      මෙහෙම රටකනේ මචං සමාජවාදයක් හදන්න ගියේ? 😦

  5. පරිණාමය සිදුවුණු දීර්ඝ කාලයෙන් ඉතා මෑතක් වනතුරුම ක්‍රීඩා කරන්න වුනේ zero-sum ක්‍රීඩා (ඔබේ පාඩුව මගේ වාසියට සමානයි). win-win ක්‍රීඩා මෑතකාලීන අළුත් අත්දැකීමක්. ගොඩක් ක්ෂීරපායී පිරිමි සතුන්, ශාක භක්ෂකයින් පවා, අළුත් සහකාරියක් සහේට ගත් පසු ඇගේ පෙර සහකරුවන්ගේ දරුවන් සිතාමතාම මරාදමන එක හොඳින් වාර්තාවී ඇති දෙයක්. දරුවන්ට දරුණු පීඩා කරන බොහෝ දෙමවුපියන් බොහෝ අවස්ථාවල හොඳින් සොයා බැලූ විට ඒ දරුවන්ගේ ජීවවිද්‍යාත්මක දෙමවුපියන් නෙමෙයි. (ප්‍රභව මතක නැති වුනත් මේවා පිළිගත් පර්යේෂණ ප්‍රතිඵල බව මතකයි.) ඒ අතර, විශේෂයෙන්ම බටහිර රටවල, අනුන්ගේ දරුවන් තමන්ගේ මෙන් හොඳින් රැකබලාගෙන හදා ගැනීම හොඳටම අළුත් ප්‍රවණතාවක්. මෙවැනි දියුණු චර්යාවන් ඉතා මෑතක් දක්වාම ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුවූ දේවල් නෙමෙයි. ඒවා තවමත් සංස්කෘතික චර්යාවන් මිස ජීවවිද්‍යාත්මක චර්යාවන් නෙමෙයි. අනුන් හිටවූ පැලයක් කඩා දැමීමෙන් සපුරා ගන්නේ ඔහුව (මෙහිදී මා චේතනාන්විතව ඇයව නොකියා ඔහුව කියා කියනවා) බඩගින්නේ තබා මරා දැමීමෙන් හෝ වර්ගයා බෝකළ නොහැකි තරමට දුර්වල කිරීමෙන් ඔහුගේ ජාන අභිබවා මගේ ජාන වැඩිපුර පැතිරවීමේ පරිණාමික මනෝවිද්‍යාත්මක අවශ්‍යතාව විය හැකියි. (මේ න්‍යාය අනුව දරුවන් ලැබිය හැකි වයසේ ගැහැණියක් පිරිමියෙකු හිටවූ ගසක දල්ල කඩා දමන්න ඉඩ අඩුයි). එසේත් නැත්නම්, ඊටත් පෙර ගස්වල ලපටි දළු කඩා කෑමේ පුරුද්දේ ශේෂ වෙන්නත් පුළුවන්.

    • ඉකෝ, ඔය ශේෂ කෙසේ වෙතත් මේවා මිනිසුන් කරන්නේ සහජ පුරුද්දෙන් නම් නොවේ. කල්-යල් බලා සිතා මතා. මෙවැනි දේවල් ඔය ජාන හා මානව විද්‍යාත්මක කරුණු මතම පටවන්න නොහැකියි.

      උදේ හවා දොහොත් මුදුන් දී බණ අසන පිරිස්, බණ මඩුවෙන් එලියට ආපු ගමන් වෙනස් සතුන් බවට පරිවර්තනය වීම ගැන මගේ හයිපොතිසිසය මෙහි ලියන්නේ නැහැ. එය මගේ ස්කෝප් එකට අද අයිති නැහැ. 🙂

      • ‘බන මඩුවෙන් එලියට ආපු ගමන් වෙනස් සතුන් බවට පරිවර්තනය වීම’ද වෙන්නේ නැත්නම් සාමාන්‍ය සතා බණ මඩුවේදී කූඩු කළ සතෙක් ලෙස ස්වාමියාව (බාහිර සමාජය) සතුටු කළ හැකි ලෙස හැසිරීමද?

          • ඉකෝ, ඔබ හදන්නේ මාව ලියපු මුල් කාලයට අරන් යන්න. 🙂

            • මා ඉඩ ලැබෙන පරිදි ඔබේ පරණ පෝස්ට් කියවනවා. ඒත් එයට සෑහෙන කලක් යයි. මා සඳහානම් එකම දේ නැවත ලිවීම අවශ්‍ය නැහැ. රසික බොහෝ විට කරනවා වාගේ පරණ පොස්ට් වලට ලින්ක් දමනවානම් (ඔබත් සමහර විට කරනවා) ප්‍රයරටයිස් කරගන්න ලේසියි. ඔබ මුලින් ලියූ දේවල් දැන් හිතන විදිහෙන් වෙනස් විය හැකිවීම මටනම් ප්‍රශ්නයක් නෙමෙයි.

              • නැහැ නැවත ලියනවා කියුවේ ඔබට විශේෂයෙන් නොවේ. එය මුල පටන් මා කරපු දෙයක් ඉකෝ. මේ සටහන් ගොඩක් වෙලාවට, අනෙක් ඒවායින් වියුක්තව කියවන්න හැකි විදිහටයි මා ලියන්නේ. ලින්ක් නොදමන්නගේ ගොඩක් වෙලාවට අන්න ඒ නිසා.

                මා දැන් පහේ පංතියේ නිසා, තරමක් වෙනස්ව ලියන්නේ. මේ වසර කිහිපය තුල මගේ අදහස් සැලකිය යුතු විදිහට වෙනස් වී නැහැ. ජිවිතයේ සිතුම්-පැතුම් වල ස්ථාවර අවධියට මා ඇවිත් කියා මට සිතෙනවා.

                වෙනස් වී ඇත්තේ ඒ සිතුම්-පැතුම් ඉදිරිපත් කරන විධිහයි. 🙂

  6. වෙන්න පුලුවන්…….
    // අර පොඩි කාලේ කුඩා ගස් වලට හානි කරපු මිනිසුන් සමාජයේ, වෙන දේවල් කරමින් ඇති.//

  7. //ඉරිදා හවස පුතාගේ බෝලයක් ගන්න වට ගාවට ගියහම, අල්ලපු ගෙදර සුද්ද, පිටිපස්සෙන් කොහොමද කියල ඇහුවහම මා ගැස්සිලා ගියේ, එවැන්නක් අසන්නට බලාපොරොත්තු නොවුන නිසා.//

    ලස්සන ගෑනු කටහඬක් ඇහුනා නම් ගැස්සෙන්නේ නෑනේ? 😛

    • ප්‍රවිනට ඉතිං කවදත් වගේ කතාව තේරෙනවා. එහෙනම් ඉතිං, නේචර් ස්ට්‍රිප් එකත් කපල දීල, වලං පිඟන් ටිකත් සෝදලා දෙයි, නේද? 😀

  8. ඒ් හානි කල පළිෙබා්ධ තමයි අද ඒ් ගස් වලිං වැඩි පුරම ප්‍රෙයා්ජන ගන් ෙන
    නෑ කියලද හිතන්ෙන
    ටිකක් විමසිල්ලකින් ඉන්න ෙපෙනයි හිහි
    අෙප් අත්තත් අර ඔයැයි අසල්වාසිය විදියයි
    වවනව සාත්තු කරනව ෙබදනව
    හිහි ඉන් ෙතාර ෙදයක් තිබ්ෙබ නැ

    • ඔව් මහේෂ්.
      අත්ත පවා කරන්නේ විනෝදාංශයක් නේ. එයින් ලබන පළ ප්‍රොයෝජන නැතුවම නොවේනේ මහේෂ්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s