උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා!


ගිය බදාදා මා අවදි වුණේ උදේ පහමාරට. මා හිතන්නේ මතක ඇති කාලයකට උදෙන්ම අවදි වූ දිනයක්. ඉස්සර පාසල් පාසල් යන විට හයේ පන්තියේ සිට අවදි වුණේ මෙන්න මේ වෙලාවට තමා. ඒ කාලයේ එපා කරපු දෙයක්.

නව යව්වනයේ ඉන්න පිරිසගේ බොඩි ඔරලෝසුව අනික් අයට වඩා වෙනස් කියල මතයක් ඔක්ස්පර්ඩ් වල නින්ද පිලිබඳ විශේෂඥය පෝල් කෙලි ඉදිරිපත් කරපු කතාවක් මා ප්‍රවුර්ති වල දුටුවා. ඒ අනුව ඔය උසස් පෙළ පංති හා සරසවි පටාන් ගන්න ඕනේ උදේ 8.00 වගේ නොවේ උදේ 10.00 හෝ 11.00 ට. මොකද ඔවුන් නින්දට යන්නේ වැඩිහිටියන්ට වඩා පසුව. අවදි විය යුත්තේත් පහු වෙලා.

ඒ ස්වභාවික දේහ ඔරලෝසුව වැඩ කරන හැටි. නින්ද ගැන කෙරී තියන පර්යේෂණ අනන්ත අප්‍රමාණයි. ඕවා අතර කිමිදීම, නිදිමත හැදීමට හේතුවක් වනු නොඅනුමානයි. නමුත් පෝල් ගේ thought-provoking පර්යේෂණය ගැන ගාඩියන් පළ කරපු විස්තරයක් තමා මේ තියෙන්නේ.

කොහොම හරි ගිය බදාදා, වෙනදා නැගිට උදේ කෑම ගන්න වෙලාව වන විට, මා දෙවරක් තේ බිලා. බලමු යමක් පටන් ගන්න එක ලෙහෙසියි. පවත්වාගෙන යාම අසීරුයි. ඔය අතර තියන සමහර ඒවා පටන් ගන්න හා පවත්වාගෙන යන්න හරිම ලෙහෙසියි. ඒ වගේ දෙයක් ගැන මා කලින් ලියා ඇති.

විනෝදාංශ ගැන මා නිතර ලියන වග රහසක් නොවේනේ. අනුන්ට කරදරයක් නොවන විනෝදාංශ තේරීම් ගැන පිට අය වද වෙන්නට අවශ්‍ය නැහැ. දැන් මෙන්න මේ සටහනේ තියන, බොන්නට නිපදවන මධ්‍යසාර විදුරු කැබිනෙට්ටු වල එකතු කරන එක, මෙටෆොරිකලි පෙර කරපු පවක් තමා. නමුත් කෙනෙක් සතුටක් ලබන්නේ එයින් නම්, ඔබේ සතුට මගේද සතුටයි කියා කීම හැර වෙන දෙයක් නැහැ.

අර මා කියපු කෙනා නම් කරන්නේ මහා ගොන් කමක්. මොකද කියනවා නම් ශරීරයට අඩුවෙන් අහිතකර වටිනා බෝතල් කබඩ් එකේ බැබිලෙත්දී, ළඟ කඩෙන් ගන්න ජරාව බොමින්, ජීවිතය තවත් කෙටි කර ගැනීම ගොන් කමක් මිස වෙන දෙයක් නොවේ.

මේ වගේම මුළුතැන් ගෙවල් මහා වියදමකින් තනාගෙන, එළියේ දමා ගත්තු කුඩා උදුනක සීතලේ ගැහෙමින් ඉවීම, පෙර කරපු පවක ප්‍රතිඵපලයක් නොවේ නම්, අන් කිම? ගෙදරට වටිනා පුටු සැටි මිලදී අරන්, ඒවා ඉටිකවර වලින් වසා බංකු කබල් වල දුක් විඳීම, පෙර කරපු පව් වල ප්‍රතිඵලයක් නොවේද? මේවාත් අනික් අයට කරදරයක් නොවන ඒකීය පුද්ගල තේරීම් නිසා, විවේචනය කිරීමත් එතරම් අවශ්‍ය නොවන දෙයක්.

මධ්‍යසාර වලට නැවත ගියොත්, දැනට සති කිහිපයකට පෙර මධුපානොත්සව දෙකකට මා සහභාගී වූවා. මේ දෙක හාත්පසින් වෙනස්. එකක මධුපානය සෝෂල් ලෙවලර් එකක් හැටියට භාවිතා වෙත්දී, අනෙකේ එය ශෝෂල් සේග්රිග්රේෂන් වලටත් හේතු වුණා.

සුද්ද අපට ඉගැන්වූවා යයි, අප බනිමින් කරන මේ දෙයත්, ප්‍රජාතන්ත්‍රවාදය වගේම වැරදි කොනින් නොවේද අල්ලාගෙන තියෙන්නේ? එක පාර්ශවයක් (විශේෂයෙන් කාන්තාවන්) කොන් කිරීම, අනෙකුන්ට ගරහන්නට අවස්තාවක් උදා කර ගැනීම වගේ කරුණු ශ්‍රී ලාංකික මධුපානොත්සව වල එක ලක්ෂණයක් කියාත් නම් කරන්න හැකියි. හරි නම් මේකේ අනෙක් පැත්ත නේද වෙන්න ඕනේ?

(සංස්කරණය කරන ලදී – 25.10.15 1.16 පව)

16 Comments

Filed under Opinion

16 responses to “උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා!

  1. Pingback: උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා! | සතුටු වැස්ස බ්ලොග් කියව

  2. හොඳ බෝතල් කඩන්නේ හොඳ අවස්ථාවලට!

    මා ගාවත් හොඳම බෝතලයක් තියෙනවා කවදා හරි නොදුටු මිතුරෙකු කැන්බරා සිට මේ පැත්තේ ආවොත් කඩනවා.

  3. මගේ එක මිතුරෙකු ලඟ විස්කි බෝතලක් තියෙනවා 2002 අප්‍රියෙල් මාසයේ සිට තාමත් නිරුපද්‍රිතව!

    http://rasikalogy.blogspot.com/2015/10/ice-wine-question.html?showComment=1445487151641#c7303975090302174407

  4. මංද ඕව කැබිනෙට්ටු වල දැම්ම කියල වෙනසක්යැ කවද හරි බඩට නං ආයෙ ඕක කවද කැඩුවම මකැයි..
    ඉස්කෝල උදේ අටට නැතිව 10 ට 11 ට පටං ගන්න ගියොත් යම යුද්දයක් වෙයි ඇයි අප්පා ඔපිසි යන නෝන මාත්තුරුන්ට අබ සරණයි නෙව.. හැක්

  5. බෝතලයක් කැඩීම කියන්නේ ඉට්සෙල්ෆ් හොඳ අවස්ථාවක්. එයට වෙනත් හොඳ අවස්ථාවක් එකතු වුනොත්, ඩබල් හොඳ අවස්ථාවන්. 🙂

    ෂාහ්! එවැනි නොදුටු මිතුරන් සිඩ්නි වල ඉන්නවා කියල දැන ගැනීමත්, බෝතලයක් කඩන්න තරම් හොඳ අවස්ථාවක්!

  6. මේවගේ මහත්මයෙකුට දීග දෙන වයසේ දුවක් ඉන්නවා නම් මහේෂ්, පන්චිකාවත්තට ගිහිං ගැලපෙන අන්දමේ කේන්දරයක් හදා ගන්න කීයක් වියදම් කළත් පාඩුවක් වෙන්නේ නැහැ.

    මහේෂ් දෙවෙනියට කියන කරුණ අර දොස්තර මහත්මයත් කියපු එක කරුණක්. 🙂

  7. තෝරා ගැනීම් වලට අවස්ථාවන් ඇති විට, තමන්ට හොඳම කියල සිතෙන තේරීම් වලට යාම ඒකීය පුද්ගල ලක්ෂණයක් නේ රසික!

  8. මගේ ලඟත් හොඳ බෝතලයක් සහ ටිකක් හොඳ බාගයක් තියනව. බාගය නං අද හෝ හෙට රග්බි ලෝක කුසලාන සෙමියක් බලන ගමන් අහවර කරන්න හිතං ඉන්නව. බෝතලයට නං තාම අත තිව්වෙ නෑ.
    ඔය බොන ගමන් අනිත් එවුන් ගැන හෙවිල්ලත් ඉතිං අපේ ටිපිකල් ගතිය නෙව.

  9. රාජ්ට ඔය හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. 🙂

    මා අද “කඩේ” ගිහින් ජිවිතයේ පළමු වරටද කොහෙද, වෙන අයෙකුට දෙන්න විතරක් දෙයක් ගත්තා. අප මෙහෙ ඕස්ට්‍රේලියානු “ෆුටි ටිපින්” කර, දිනුව කෙනාට දෙන්න වෙන දෙය ගන්න. මොකද මා අත්හදා බැලීමක් වශයෙන් තව ජිවන විලාසිතාවකින් සෑහෙන දුරකට අයින් වීමට යන්නේ.

    බීමේ හොඳ පැත්තක් තමා, මිනිසුන් සමග සම්බන්දතා ගොඩ නැගීම. දිනපතා හමුවන සමහරුන් සමග කිසි සඹද කමක් සමහරවිට ගොඩ නැගෙන්නේ නැහැ. මොකද දෙපාර්ශයම පෙර බැසගත් මත අනුව කටයුතු කරනවා. හැබැයි මේක වෙනස් වන එක අවස්ථාවක් තමා මධු පානය. ඒ ගැන දිගට ලියුවොත් නරකයි නේද?

    බොන ගමන් අනුන්ව (තමන් එක්ක බොන කෙනාම) හෙලා දකින්නත් ඒ අවස්ථාව යොදා ගැනීම නම් රාජ් අජපල් දෙයක්. 🙂

  10. One tequila
    Two tequila
    Three tequila
    Floor.

  11. Dude you know I can’t drink tequila, call me a cab!!!!

  12. Reblogged this on raigamahandiya and commented:

    මේ සටහන වෙත මට යළි යන්න හිතුනේ, පසුගිය දිනෙක, ශ්‍රීලාංකික-ඕස්ට්‍රේලියානුවෙක් මට කියපු දෙයක් නිසයි. මා කියනවනේ, අපගේ මිනිසුන් සමහරක් කායිකව සංක්‍රමණය වෙලා සිටියත්, මනසින් නැහැ.

    ඉහත සටහනේ මුලිකාර්ථය, බොන එකේදී සමානත්වයක් නැති සමාජයක, අනෙක් එව්වා ගැන කවර කතා ද කියන එකයි. මොකද බොන්නෙම, එදිනෙදා ජීවිතයේ තියන ඒකාකාරී බවෙන් මිදෙන්න. එතැනදී වෙනස්කම් කරන සමාජයක්, අනෙක් වෙලාවට සමානව සලකාවිද? 🙂

  13. Mornings are nightmares against humanity 🙂

    මමත් බොන කෙනෙක් නෙවෙයි, (හැබැයි බීල නැත්තෙත් නෑ) නමුත් ඕන කෙනෙකුට තමන්ගේ කැමැත්තෙන් බොන්න එපා කියන්නේ කොහොමද නේද?

    ලංකාවේ කට්ටියගේ පාටි ඔහොම තමයි. ගෑනු ටික උයනවා, පිරිමි ටික බොනවා. ඒ කාන්තාවෝ ඒ ජීවිතය ගැන ඇත්තටම සතුටු නම් ඉතින් එහෙම වුනාට අවුලක් නෑ. නමුත්, සතුට කියන්නේ මොකක්ද කියල දැනගෙන සතුටු වෙන එකයි, නොදැන සතුටින් ඉන්නවා කියල හිතන එකයි වෙනස් ඉතින්.

  14. මා නම්, බොන කෙනෙක්. හැබැයි නෙස්ටොමෝල්ට් තමා. 🙂

    හැබැයි මානවි, ලාංකික සමහර ගැහැණුන්ගෙන් බොනවද කියල අහන්න ගිහින්, මට අමිහිරි අත්දැකීම් නැත්තේ නැහැ.

    //ගෑනු ටික උයනවා, පිරිමි ටික බොනවා.// ඒ විතරක් නොවේ, එයාල නීතිත් හදනවා, ගැහැණුන්, ඉවසන් ඉන්නවා. ඒ විතරක් ද නොවේ, පිරිමින් අඩි ගහමින් කියනවා, ගැහැණුනුත් බොන්න ගත්තොත් මේ ලෝකේ විනාශ වේවිය කියා. මේවා අහන්න තව බොන්න වෙනවා.

    //නමුත්, සතුට කියන්නේ මොකක්ද කියල දැනගෙන සතුටු වෙන එකයි, නොදැන සතුටින් ඉන්නවා කියල හිතන එකයි වෙනස් ඉතින්./. හරි ඇත්ත.

  15. තවමත් එය රන්වන් පාටින් දිලිසෙමින් එලෙසම ඇත!

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.