මහ රෑ හමු වූ අමුත්තා; හඳුනන්න පිළිවන් දුටුවොත් එයා!!!


එදිනෙදා සිදුවන සමහර දේවල් අහඹු වගේම කිසි වැදගත් කමකුත් නැහැ. ඒ වුණත් සමහර සිදුවීම් ටිකක් විශේෂයි. මේ කියන්න යන්නේ විශේෂම නොවන නමුත් යම් වැදගත්කමක් තියන පොඩි සිදුවීමක් ගැන.

ඔන්න එදා පොඩි පහේ කෑමකට ගිහිං මා අහඹුව වගේ ඉඳ ගත්ත මේසයේම තමා, ඒ ඉවෙන්ට් එකේ කී නෝට් එක කරන කෙනත් හිටියේ. එයත් එක්ක ඉඳගන්න ආවේ තුරුණු වියේ සිටින දකුණු ඇමෙරිකානු රටවල් දෙකකින් ආපු ලඳුන් දෙදෙනෙක්.

ඉඳගන්න ගමන් අරයා, විහිළුවට ඔබලාට කතා කරන්නවත් කවුරුවත් නැහැ, දෙවෙනි භාෂාවකට මෙතන රෂියන් විතරයි කතා කරන්නේ කියා කියුවා. මාත් විහිළුවට ස්පැනිෂ් නම් බැහැ, රෂියන් නම් ඔව් නෑ බෑ කියන්න හැකියි කියා කියුවා.

මා හිතුවේ රුසියානු කතාවත් විහිළුවට කියපු එකක් කියා. පසුව කතා කරන විට තේරුණේ, අරයා ඇත්තටම රුසියානු භාෂාව ඉගෙන ගත්තු අයෙක්. හැබැයි රුසියාවේදී නොවේ, ඇමෙරිකාවේදී.

එයා තමන්ගේ ආචාර්ය උපාධිය කර තිබෙන්නේ ඇමෙරිකාවේදී. දින වකවානු අවශ්‍යම නැහැ. මා ඉපදෙන්නට කලින්. මේ කාලයේ ඇමෙරිකාවේ ආචාර්ය උපාධිය කරන කෙනෙකුට (හැමතැනම තිබුණද කියල මා ඇහුවේ නැහැ) මාධ්‍යය වන ඉංගිරිසි වලට අමතරව, එක්කෝ මතුපිටින් භාෂා දෙකක් ඉගෙන ගන්නට හෝ ගැඹුරට එක භාෂාවක් ඉගෙන ගන්නට නියම වී තියනවා.

මෙයා මුලින් ජර්මන් හා රුසියන් භාෂා දෙක මතුපිටින් ඉගෙන ගැනීම ආරම්භ කර, ටික කලක් යනවිට උගන්නපු රුසියානු ගුරුවරියට තිබුණ ඇල්ම නිසාත්, ජර්මානු ගුරුවරියට තිබුන අකමැත්ත නිසාත්, ජර්මන් හලා රුසියානු භාෂාව ටිකක් ගැඹුරට ඉගෙන ගන්න පමණක් යොමු වෙලා.

මේ ගුරුවරිය, ඒ කාලයේ රුසියාවෙන් ඉවත් වූ උගත් පරපුරට අයත් කෙනෙක්. එයාගේ මහත්තයා ඒ සරසවියෙම ඉගැන්නපු භෞතික විද්‍යා ආචාර්ය කෙනෙක්. මෙසේ පැනගිය පිරිස සමාජයේ යමක් කමක් කරගන්න හැකි සම්බන්ද තා සහිත පිරිස්.

හැබැයි ඒ කාලයේ ඔවුන් අතර තිබුණ කතා බහකුත් අරයා මට කියුවා. එනම් මොවුන් කෙජිබි ඔත්තු කරුවන් ලෙස ගොඩක් දෙනා සැලකූ බව.

මේක සාමාන්‍ය කාතාවක්. හැබැයි ඇමෙරිකාව තමන්ගේ සරසවි වල ආචාර්ය උපාධි කරපු අයට තවත් භාෂා ඉගෙන ගන්න නියම කර තිබීම හා රුසියානු භාෂාවත් ඒ අතර තිබීම අහම්බයක්ද? ඒ ගැන මට හරියට සිතන්නට හැකි වුනේ අර දිනයට පසුව දා.

පසු වදන
මේ මොනවාද ලියන ජරා කතන්දර. අන්න එහෙම සිතන අයට මගේ කනගාටුව පිළිගන්වමි! 🙂

Advertisements

12 Comments

Filed under Opinion

12 responses to “මහ රෑ හමු වූ අමුත්තා; හඳුනන්න පිළිවන් දුටුවොත් එයා!!!

  1. ජරා කතන්දර නෙවී.. ඇත්තටම තුන පහ ටිකක් තිබ්බ නං හොද කතන්දර.. මොකද දන්නවද එහෙම හිතෙන්නෙ හුගක් අය කියන විදියට පතෝල ඒත් ඔයාට සාමාන්‍ය විදියට ලියැවෙන පෝස්ට් අතරිං මේ වගෙ ව දාන්න ගියාම රස නෑ ගතියක් දැනෙනෙක වැරැද්දක් නෙවී…
    කේජීබී එකට ගන්න හිතක් තියෙන්නත් ඇති නේද.. නැත්තං ඉතිං නේහ්… හෙහ්…

    • හි! හි!! මහේෂ් මේවා ලියන කොට තමා තේරෙන්නේ, අර මගේ පතෝල සටහන් වලට කැමති පිරිස් ඉන්නවා කියන එක. එයම ලොකු දෙයක් නේ!

  2. කොහොම හරි කමක් නෑ කතාව ඉවර වුනේ සිංදුවකින්. 😛

    • ප්‍රවීනා, ඔබ දන්නවනේ, සිංදුව කෙනෙක් වෙනුවෙන් දැම්මේ. එයා කොමෙන්ට් කරන්න ආව කියන්නේ බෝනස් නේ! 😉

  3. Pra Jay

    //මේ මොනවාද ලියන ජරා කතන්දර. අන්න එහෙම සිතන අයට මගේ කනගාටුව පිළිගන්වමි! //

    heh heh
    I’m still thinking where to put this :
    1. Genuinely apologetic
    2. Subtle offence being the best form of defense
    3. Take the wind out of the sails of critics before they start on you
    4. An oblique invitation for reviews
    5. Tongue in cheek dig at the less intellectual

    Hmmm. 1 is very unlikely. Could be any or all or a combination of 2 to 5.

    Anyway, it made me smile. 😀 😀

    • දි කොරෙක්ට් ආන්ස්වර් ඉස් 1.

      (You are very naughty Pra! 😀 ).

  4. ඇතැම් විශ්ව විද්‍යාල වල මේ අවශ්‍යතාව තවමත් තිබෙනවා. ආචාර්ය උපාධි පමණක් නොවෙයි, පළමු උපාධි වලට පවා. එහෙත්, මෙය හැමතැනකටම පොදු භාවිතාවක් නෙමෙයි. බොහෝ වැදගත් පර්යේෂණ ලිපි ඉංග්‍රීසි නොවන භාෂා වලින්ද පලවන නිසා මේ භාවිතයට තර්කානුකුල හේතුවක් තිබෙනවා. සාමන්‍යයෙන් මේ දෙවන භාෂා අවශ්‍යතාව සඳහා ඉංග්‍රීසි නොවන වෙනත් ඕනෑම භාෂාවකට ඇති ප්‍රවීණතාව පෙන්විය හැකියි. පළමු බස ඉංග්‍රීසි නොවන අයට ඉංග්‍රීසි දෙවන බස ලෙස පෙන්වීමටත් පුළුවන්.

    //ඇමෙරිකාව තමන්ගේ සරසවි වල ආචාර්ය උපාධි කරපු අයට තවත් භාෂා ඉගෙන ගන්න නියම කර තිබීම හා රුසියානු භාෂාවත් ඒ අතර තිබීම අහම්බයක්ද?//
    රුසියානු භාෂාව වැනි බොහෝ පර්යේෂණ පළ වී ඇති භාෂාවක් මේ දෙවන භාෂා ගොඩේ නොතිබුනානම් මිස එසේ තිබීම මටනම් විශේෂ දෙයක් ලෙස පෙනෙන්නේ නැහැ. මේ වන විට ඇමරිකානු සිසුන් චීන භාෂාව හැදෑරීමට ලොකු උනන්දුවක් දක්වනවා.

    //ඒ ගැන මට හරියට සිතන්නට හැකි වුනේ අර දිනයට පසුව දා.//
    ඔබ මේ ගැන සිතන හැටි දැනගන්න කැමතියි.

    //මේ මොනවාද ලියන ජරා කතන්දර.//
    ඔබ ලියන දේ ගැන අනික් අය සිතන ආකාරය ගැන ඔබ සිතන ආකාරය මට තවමත් පැහැදිලි මදි. මටනම් එහෙම වර්ග දෙකක් පෙනෙන්නේ නැහැ.

    • එතැනදී ඉකෝ, එදා පැවතුන තත්ත්ව (සිතල යුද්ද) සමගත් ගලපා ගන්නට අවශ්‍යයි. අප කරපු කතා බහේ කොටසක් මා දැම්මේ නැහැ. කොතරම් සඟවන්න උත්සහ කළත් සෝවියට් ක්‍රමයේ තිබුණ යම් යම් සක්සෙස් ස්ටෝරීස් රහස් නොවේනේ. මේ ගැන වඩාත් අවධියෙන් හිටපු රටක් තමා එක්සත් ජනපදය.

      අද මා සිතන්නේ දෙවන භාෂාව තමන්ගේ තේරීමක් විතරයි. මෙවැනි උපාධියක් කරන අයෙක් ලොකු කාලයක් යොදවා රුසියානු වැනි භාෂාවක් හදාරාවි කියා මා සිතන්නේ නැහැ. මොහු එය කර තිබෙන්නේ, එය අනිවාර්ය අංගයක්ව තිබුන නිසා. පර්යේෂණ උපාධියක් කරන විට, මෙවැනි කාලයක් වෙන දෙයකටත් යෙදවීමත් පහසු කටයුත්තක් නොවේනේ.

      ඔබ ලියා ඇති අනික් කරුණු ගැන වද වන්නට එපා ඉකෝ, ඔය ප්‍රා, වගේ සිනහා වෙලා නිකම් ඉන්න.

      බෙදීමක් තියන වග මා නොවේනේ කියන්නේ. මෙය කියවන අයමයි.

      එය මටත් පැහැදිලි මදි තමා. 😉

  5. මම හිතන්නේ දෙවන භාෂාවක් කතා කිරීම හොඳයි කියා. ඇමෙරිකාව තමන්ගේ වැසියන්ට මොන හේතුවක් සඳහා හෝ දෙවන භාෂාවක් ඉගෙන ගැනීමට උපදෙස් දීම හොඳ දෙයක්. මම හිතනවා එක රහස් ඔත්තු සේවයට සම්බන්ධයි කියල. ඉංග්‍රීසි ජාතිකයන් ඒ අතින් සැහෙන්න දුර්වලයි.

    • අපේ දරුවනුත් ප්‍රථමික පන්ති වල සිට දෙවන භාෂාවක් ඉගෙන ගන්නවා නම් තමා මචං. නමුත් එය එතරම් සාර්ථක නැහැ. වඩාත්ම බලපාන්නේ මන් හිතන්නේ, දක්ෂ ගුරුවරුන්ගේ හිඟයත්, ළමුනට ඒ සඳහා ලොකු අවශ්‍ය තාවයක් නැති කමත්.

      උඹ කියන එක නම් හරි. එනම් භාෂා එකකට වැඩි ගණනක් ඉගෙනීම බුද්ධි වර්ධනයට ඉවහල් වන බව සොයා ගෙන තියනවා.

  6. මගේ ඔෆීස් කාලයේ දී දෙවෙනි භාෂාව සිංහල! ලංකාවේ දී වගේ ම තමයි!

    • හෙක්! වෙනසක් නැහැ වගේ. හැබැයි රසික දෙවන පංතියේ භාෂාව කර ගන්න එපා! 🙂