Monthly Archives: November 2015

පොල්ලේ බලේ!


උදේ පුතාව පොඩි තැනකට දාල කල් මරන්න මා ගියා නේබර්හුඩ්  එකේ රවුමක් ඇවිදින්න. උදේ දහය පමණ වූ එවෙලාවේ, උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15-17 ක් විතර වගේ, ලා අවුව හා මද සුළඟක් තිබුණා. අවට හිටියේ කිහිප දෙනෙකු පමණයි. ඔවුනුත් ඇවිදින්නට යන පිරිස්.

IMG_20151128_102434135 (2)

ඔවුනතර පුතුන් සමග බයිසිකල් පදින තාත්තල, මුණුපුරන් සමග යන සීයල, තනිවම ගිය ආච්චිලා, දරුවන් ඉන්න ප්‍රෑම් සමග යන අම්මල, ජොගින්  යන තලතුනා අය, අත දරුවන් වඩා ගත්තු තරුණ ජෝඩු සිටියා. සමහරුන් පාස් කර යන්නට පෙර එක්කෝ අත වනා ගියා, නැත්නම් සුබ උදෑසනක් කියුවා. සමහරුන් නිකම්ම ගියා. මාත් එහෙමයි, සමහරුන් කියන්නට පෙරම මාත් සුබ උදෑසනක් කියුවා, නැත්නම් නිකම්ම පාස් කරගෙන ගියා. විශාල  පරාසයකට අයත් වුවත් මෙතන විශාල පිරිසක්  නැහැ. මේ පැයක  පමණ කාලය තුල දැකපු පිරිස්.

එක තැනකද බල්ලන් දෙදෙනෙක් ගෙදරක ඉඳල මට බුරා ගෙන ආවා. නපුරු පාටක් නම් තිබුනේ නැහැ. හැබැයි දිව්වා නම්, බල්ලන් නිකම් ඉන්නේ නැහැ. ඒ ගෙදර කාන්තාව සමාව යදිමින් ඕකුන් කන්නේ නැහැ කියුවා. බල්ලන්ගේ තරම මා දන්නේ නැත්ද? ඇයත්  කියුවේ අන්න එහෙම තමා කරන්න ඕනේ කියා. උනුත් බුරාගෙන එන්නේ බයට. අපත් බය වුණොත්, වැඩේ දෙල් වෙනවා. එක තැන නැවතුනොත් මේ වගේ එවුන්ගෙන් බේරෙන්න හැකියි. හැබැයි ඇත්තටම දරුණු එවුන් නම් මේ වැඩේ හරි යන්නේ නැහැ.

කතාව ගමනට ඉණිමගක්  කියනවනේ. ඉනිමං  නොමැති නිසා මා කෙරුවේ සිතපු එක. ඉතිං ඔය ඇවිදින කොට මට එකපාරට මතකයට ආපු කතාවක් මොකක්ද දන්නවද? අර මා නිතර මතක් කරන කතන්දර හා පින්තූර  පොතේ එන තවත් කතාවක්. මේක මගේ මතකයට ආවේ නිකම් අහම්බෙන්. සමහරවිට ඔය වගේ දේවල් වෙනවා නේ.

ඔන්න වපර හාමියි, ඉඳිකටු අප්පු හාමියි ගමනක් යනවා. අන්ඊවන් ටෙරේන් එකක්. පාරේ අද්දර පොල්ලක්  තියනවා දැකපු ඉත්තෑවා  එයට පයින් ගහනවා. එය ඇහිඳලා ගන්න හාව කියන්නේ මේක නිකම්ම පොල්ලක් නොවේ, ලොකු බලයක් තියන පොල්ලක් කියා. එහෙම කියල එයා එය අතට ගන්නවා.

දෙදෙනා ගමන යන විට, කඳු නගින්න, වතුර වලවල් වලින් පනින්න වගේ දේවල් වලට මේ පොල්ල උදව් කර ගන්නවා. ගමනේ අවසානයට ලඟා වුන පසු, හාවා  පොල්ල විසි කරනවා. ඉත්තෑවාට පුදුමයි. යකෝ, ඔච්චර උදව්කරපු ලොකු බලයක් තියන පොල්ල විසි කරන්නේ ඇයිද කියා එයා හාවාගෙන් අහනවා.

IMG_20151128_103803739_HDR (2)

ඔන්න එතකොට තමා හාව ඇත්ත  කියන්නේ. මචෝ, ඕක සාමාන්‍ය පොල්ලක්, බලේ තියෙන්නේ මෙන්න මෙතැන  කියා එයා ඔළුවට තට්ටු කර කියනවා.

අප අදත් කරන්නේ මේ පොල්ල විසිකරන්නේ නැතුව තියාගෙන, බලය තියෙන්නේ එතන කියා සිතන එක. අධ්‍යාපනය දුන්න පසුත්, මහජනතාවම යලිත් අපව නඩත්තු කරන්න ඕනේ කියල සිතන එකත් අන්න ඒ වගේම දෙයක්.

(* අද මේ වගේ මාතෘකාවක් කතන්දරයට දාන එකත් පොලිටිකලි ඉන්කොරෙක්ට් වන්න ඉඩ තියනවා. ඉස්සර ගීත වල යශෝදරා සැමියා දාල ගිය එක ගැන වැලපෙන එක ගැන අපූරුවට  තියනවා. අද මේ වගේ සිංදු  ලියුවොත්, අර ඥානඅසාර කට්ටිය ගෙදර ඒවි).

(Verse 1)
Heart beats fast
Colors and promises
How to be brave
How can I love when I’m afraid
To fall
But watching you stand alone
All of my doubt
Suddenly goes away somehow

One step closer

(Chorus)
I have died every day
waiting for you
Darlin’ don’t be afraid
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

(Verse 2)
Time stands still
beauty in all she is
I will be brave
I will not let anything
Take away
What’s standing in front of me
Every breath,
Every hour has come to this

One step closer

(Chorus)
I have died every day
Waiting for you
Darlin’ don’t be afraid
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

And all along I believed
I would find you
Time has brought
Your heart to me
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

One step closer
One step closer

(Chorus)
I have died every day
Waiting for you
Darlin’ don’t be afraid,
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

And all along I believed
I would find you
Time has brought
Your heart to me
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

Songwriters
HODGES, DAVID / PERRI, CHRISTINA

Published by
Lyrics © Sony/ATV Music Publishing LLC, Warner/Chappell Music, Inc.

Read more: Christina Perri – A Thousand Years Lyrics | MetroLyrics

11 Comments

Filed under Lifestyle, Opinion