දුරකතනයේ මතක අතරින්……..!


IMG_20150927_171109313 (2)

මේ මා ඔය ඇවිදින විට ගත්තු ඡායාරුප වගයක්. මේවා අලුත් ඒවා. ඒ කියන්නේ ලඟදි ගත්තුවා. ජංගම දුරකතනයේ මතක කාඩ් එක පිරිසිදු කිරීම පිණිස මකන විට ටිකක් තෝරා ගත්තා. හරිනම් අර වල්බිහි වී තියන අනෙක් බ්ලොගයේ තමා දමන්න ඕනේ.

IMG_20150927_171117158_HDR (2)

බ්ලොග් ටයිරන්ට් කියල තිබුණා බ්ලොගයක් මැරෙනවා කියල සිතෙනවා නම් කරන්න හැකි දේවල් ටිකක්. මෙවැනි උපදෙස් වැදගත් වන්නේ ගොඩක් විට වෙළඳ බ්ලොගයන් සඳහා. හැබැයි විනෝදාංශ බ්ලොගයක් පවා මැරෙන්නට යනවා නම්, බේරා ගැනීම සඳහා වැදගත් වෙන්න හැකියි. එතනදිත් මුලිකව මතුවන ප්‍රශ්නය ඇයි බේරා ගන්නේ කියන එකම තමා.

IMG_20150928_140955503 (2)

මේ පොටෝ වැඩිය එඩිට් කර නැහැ. නිකම්ම ඔය ටිකක් ඔටෝ එන්හාන්ස් කර දමපුවා. දාර කපල නැහැ. ඕවා ඇවිදින ගමන් ගත්තුවා නිසා, ඔය කෝණ ආදිය ගැන බලලත් නැහැ.

IMG_20150928_141124469 (2)

හැබැයි බලන්න කුඩා උපකරණයක් සාක්කුවේ තියන එකෙත් පොඩි වටිනාකමක් නැත්තේ නැහැ. මේවා විවිධ ආකාරයට භාවිතා කරන්න හැකියි. කුණු රසයට අපේ තියන නිසඟ කැමැත්ත නිසා, මෙවැනි උපකරණ වලින් විවිධ අවස්ථා සේව් කර ගන්නා හැටි අප නිතර දකින දෙයක් නේ.

IMG_20151005_105135759 (2)

ලංකාව පිලිබඳ විකල්ප වෙබ් අඩවි කියවමින් හිටිය, මගේ එම පුරුද්දට ඩෙත් නේල් එක වැදුනේ, අමානුෂික ලෙස ඝාතනය කරපු, කුඩා දැරියකගේ ඉරණම විස්තර කර තිබුන එක්තරා ජුගුප්සාජනක “වෙබ් පුවතක්” දැකීමෙන් පසුව.

IMG_20151005_125843184 (2)

මට හිතා ගන්න බැරි වුනේ, ලංකාවෙන් ජීවිතය බේරා ගන්න කියා බටහිරට පැන, වඩාත් ශිෂ්ඨ මාධ්‍ය පරිසරයක වෙසෙමින්, මෙවැනි දේවල් ලිවීමයි. එහි විස්තර කර තිබුන කරුණු, කිසිසේත් මාධ්‍ය සඳහා නිරාවරණය කෙරිය යුතු දේවල් හෝ වෙබ් අඩවි වල තලු මරා ලිවිය යුතු ඒවා නොවේ. උසාවියක පමණක් වැසුන දොරවල් යටතේ විමසිය යුතු සාක්ෂියි.

IMG_20151005_125953169 (2)

මේවා කියවීමෙන් එවැනි ජුප්සාජනක මනස් ඇති මිනිසුන්ට රැඩිකල් මාධ්‍යවේදියන් ලෙස පෙනී සිටීමට පාර කපා දෙන්නේ කියවන අපමයි. එදා සිට මේවා කියවීම මා සහමුලින්ම අත්හැර දැමුවා.

අර කියනවනේ ignorance is bliss කියා. ඔව්, මේ වෙබ් අඩවි කියවා “දැනුවත් වෙන්නේ නැතිව”, “මොහාන්දකාරයේ” සිටීම ආශිර්වාදයක් කියල මා සිතනවා.

 
ක්‍රිස් බ්‍රවුන්ගේ සීග්‍රයෙන් නැගී ආපු කැරියර් එක, මහා කඩා වැටීමකට ලක්වුණේ, රියැනාට ගුටි-බැට දීමේ සිද්දියත් සමග. ඔහුගේ ටුවර් එකකට විසා දීම ඕස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කෙරුවා.. කාලයකට පසුව උදේ ගුවන් විදුලියෙන් අහපු, මේ ගීතය මා කැමති එකක්.

Advertisements

9 Comments

Filed under Nature, Social

9 responses to “දුරකතනයේ මතක අතරින්……..!

  1. Pingback: දුරකතනයේ මතක අතරින්……..! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Love will keep us alive
    Photos will do the same to a dying blog.
    Anyway nice pics. Why did you have to delete them? Don’t have a external hard disk?

    • //Love will keep us alive// Very true Machan! I would say love will keep us and our blogs alive! 🙂
      Thanks! No machan, were deleted from the memory of the phone after saving on a another disk.

  3. පොටැස් ටික නං අවුලක් නැතුවා ලු
    කුණු රස කතාව ගැන නං කියන්න දෙයක් නෑ ඒ කතාවත් දැං කුණු වෙමින් තියෙන්නෙ හෙහ්..
    ක්‍රිස් ට පිස්සු.. රිහන්නට ගහන්න දෙයක් තියෙයි යැ පොහ්

    • පොටෑෂ් විතරක් නොවේ යුරියත් අවුලක් නැහැ, හරියට දමනවා නම් මහේෂ්!
      අන්න එහෙම කියන්න, මන් චකිතයෙන් හිටියේ, ගෑල්ළමයි ඇවිත් මේවායේ අඩුපාඩු කියාවි කියල.
      ක්‍රිස් ම නොවේ මන් හිතන්නේ එදා වැඩ කෙරුවේ. ගහපු ද්‍රව්‍යය තමා. දැන් මිනිහා හොඳ වෙලා කියලයි කියන්නේ. 🙂

  4. ඇවිදින්ට යන පැත්ත මාර ලස්සන්යි වගේ. තුන්වෙනි ෆොටෝ එක වැඩිය ලස්සන්ට පේනවා…

    • හදවත ලස්සන නම් ප්‍රවීනා, කාන්තාරයේ පවා ලස්සනක් දකින්න හැකියි. 🙂

      ඔතන ඇවිදින්න ගිය තැන් තුනක පොටෝ තියනවා. Views from the top of Mount Ainslie (1-2), Black Mountain Peninsula (3-4), Corin Dam and walk (5,6.7). මේ අවට තියන ඇවිදින අඩි පාරවල්.

      මාත් කැමති ඔබ තෝරපු එම පින්තුරේට තමා.

  5. Read (and looked )

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s