ජීඑම් සැමන් සහ මයික්‍රෝවේව් කොන්ඩ කැවුම්!


අද දුටුව පුවතක් ගැන යන්තමින් ලියන්න සිතුනා ලැබුන වේලාවෙන්. පුවත තමා ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂද අධිකාරිය, ජාන තාක්ෂණයෙන් “වැඩි දියුණු” කරපු සැමන් වර්ගයකට අනුමැතිය දීම. මේ මිනිස් ආහාරයට අනුමත කරපු ජෙනටිකලි මොඩිෆයිඩ් පළමු සත්ත්වයා. මෙයිට කලින් ජිඑම් සතුන් වෙනත් පර්යේෂණ (විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ) වලට යොදා ගත්තත් ආහාර සඳහා අනුමත වී නැහැ.

ඇමෙරිකාවේ AquaBounty කොම්පැනිය මේ මත්සයා සඳහා අනුමැතිය ඉල්ලා අයදුම් කර තිබෙන්නේ මෙයට දශක දෙකකට පමණ පෙර. සාමාන්‍ය පරිසරයේ ඉන්න සැමන් වගේ නොවේ, මූ ඉක්මනින් ලොකු වන වගත්, අරුන් මෙන් ශීත සමයේදී වැඩිම අඩු නොවීමත් තමා විශේෂත්වය. හදල තියෙන්නේ අත්ලාන්තික සැමන් වර්ගයට, පැසිපික් චිනුක් සැමන් ගේ ජානයක් එකතු කිරීමෙන්.

දැන් මේ සාමාන්‍ය පරිසරයේ ඉන්න අත්ලාන්තික සැමන් වර්ගය ශීත සමයේ වර්ධනය අඩුවන්නේ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ ක්‍රියාමාර්ග වල කොටසක් ලෙස. මොකද ඒ කාලයේ ආහාර අඩු නිසා, නැත්නම් පැවැත්ම කොහොමත් අනතුරේ. දැන් මේ ජිඑම් සැමන්ට පරිසරයේ පැවැත්මක් ඇතිද? එහෙම වුනොත් අනික් මසුන්ගේ අනාගතය කොහොම වනු ඇත්ද?

මොක වුණත් දැනට අනුමැතිය දී තිබෙන්නේ කැනඩාවේ හා පැනමා රටේ තැන් දෙකක ටැංකි වල වර්ධනය සඳහා පමණයි. එයිට අමතරව බෝ කරන මසුන් වඳ එවුන් වගද කියවෙනවා. එනම් පරිසරයට නිරාවරණය වුවත්, වෙනත් මසුන් සමග එක්වී වර්ගයා බෝ කිරීමේ හැකියාව නැහැ.

මේ මාළු කන්න කැමති වෙන අය ඉන්නවද? වෙළඳ පොලට ඒමේදී මොවුන් ජිඑම් මසුන් ලෙස ලේබල් කිරීමේ අවශ්‍යතාවයක් ඇමෙරිකානු ආහාර ලේබල් කිරීමේ නීති යටතේ නැහැ. හැබැයි ප්‍රභවය වුන තැන ලියන්නට ඕනේ නිසා, කැනඩාවෙන් හා පැනමාවෙන් ගෙන්වපු සැමන් ජිඑම් වන්නට හැකි වග තීරණය කිරීමේ හැකියාව පාරිභෝගිකයාට ලැබෙනවා.

පරිභෝජනවාදී දිවියක් ගෙවන විට නොයෙකුත් අවශ්‍යතා මතු වීම ස්වභාවිකයි. මේ සමහර උපකරණ නොමැතිව නුතන දිවිය ගෙන යාම ප්‍රශ්නයක්. අවශ්‍යතාවය මත භාණ්ඩ මිලදී ගැනීම හා අවශ්‍යතා හදාගෙන මිලදී ගැනීම යනු දෙකක්.

අද උදේ අපේ පුතාට අමතරව, එයාලේ පන්තියේ යාලුවෙකුත් හිටියා කන්න හදා දෙන්නට. ඔය උදේ කටයුතු වලදී අත්‍යවශ්‍ය භාණ්ඩයක් තමා මයික්‍රෝවේව් උදුන. විනාඩියක් යනු කොතරම් දිගද කියා මා හරියටම තේරුම් ගන්නේ උදේටයි. දර දමල ලිපේ ගිනි අවුලවා, තේ හදන්න ගියොත් මේ කරන දේවල් කර ගන්න බදාදට වගේ පහටම නැගිටින්න වෙනවා.

මයික්‍රෝවේව් කොන්ඩ කැවුම් හදන එක ටිකක් අසීරුයි. ඉරටු දමන්න හිලක් මයික්‍රෝවේව් උදුනේ උඩින් හදා ගන්න එක මුලින් කරන්න ඕනේ. එයිට වඩා පහසුවෙන් කැරට් කේක් එකක් හදා ගන්න හැටි, නිකමට කරක් ගහන ගමන් මගේ බ්ලොගයටත් ආපු ඩාර්ලි ගේ ජිවන විලාසිතා බ්ලොගයේ තියනවා.

Advertisements

11 Comments

Filed under Lifestyle, Opinion, Research & Development

11 responses to “ජීඑම් සැමන් සහ මයික්‍රෝවේව් කොන්ඩ කැවුම්!

  1. මයික්‍රෝ වේව් එකේ කැවුම් හදනන් පුළුවන් කියල ඇහුවමයි. උමබල ජී එම් කෑම කනවද? මගේ අනිත් පාළුව හෙන විරුද්ධයි. නමුත් ලාභයි.

    • මචෝ, මා නම් ජිඑම් නැත්ද යන්න මත කෑම තෝරන්නේ නැහැ. කුම්බලා මාළු, කුම්බලාවගේ ඇඟේ තියල කපන සුපර්මාර්කට් කාරයන්ගේ වැඩ වලට විරුද්ද ගම්බයියෙක් වුණත්, ජීඑම් කුම්බලාවන් කන්න මා දෙවරක් සිතන එකක් නැහැ.

  2. Pingback: ජීඑම් සැමන් සහ මයික්‍රෝවේව් කොන්ඩ කැවුම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. We in SL eat real poison because of the way our famers misuse insecticide and weedicides and we worry about GM food which have not been proven to be bad !

  4. මේ අපි මයික්‍රෝවේව් කැවුම් හදන ආකාරය

    අවශ්‍ය ද්‍රව්‍ය
    1. මයික්‍රෝවේව් උදුනක්
    2. විදුලි බලය
    3. ශීත කළ කැවුම් (නෙය්යියප්පන්) පැකට්ටුවක්

    සාදන ක්‍රමය
    පැකට්ටුව කඩා ගල්වී වී ඇති නෙය්යියප්පන් එලියට ගන්න. මයික්‍රෝවේව් කිරීමට සුදුසු පිඟානක් මත නෙය්යියප්පන් එකින් එක පරිස්සමින් තැන්පත් කර මයික්‍රෝවේව් උදුනේ තබා තත්පර 40ක් උදුන ක්‍රියාත්මක කරන්න. දැන් ඔබ රසවත් කැවුම් පිඟානක් පිළියෙළ කර ඇත. නැවත ගල් වෙන්නට පෙර ආහාරයට ගන්න.

    ජීඑම් ආහාර පරිභෝජනය කිරීමට අකැමති පාරිභෝගිකයන් ඉන්නවා. මේ ආහාර ලේබල් කර නොතිබීම ඒ අයට ප්‍රශ්නයක්. ඒවා ලේබල් කිරීම නියාමන අවශ්‍යතාවයක් නොවුණත් එසේ කිරීමට නිෂ්පාදකයෙකුට බාධාවක් නැහැ. ඒත් ජීඑම් නිෂ්පාදකයෙකුට ඒ බව සඳහන් කිරීම අවාසිදායකයි. මේ තත්ත්වයට නියාමනය නැති තත්ත්වයකදී වෙළඳපොළ ප්‍රතිචාර දක්වන ක්‍රමය වන්නේ ජීඑම් නොවන නිෂ්පාදකයින් ස්වේච්ඡාවෙන් ඒ බව සඳහන් කිරීමයි. ඒත් මෙය සිදුවීමටනම් යම් ජීඑම් ආහාරයකට අකැමැත්තක් වර්ධනය වී ජීඑම් නොවන නිෂ්පාදකයින්ටත් දැනෙන මට්ටමේ පාඩුවක් විය යුතුයි.

    • හි හි ඉකෝ, ඔබත් එහෙනම් කැවුම් කන්න සූර සිංහලයෙක්? තැන්ක්ස් රෙසිපි එක දැමුවාට. එය මගේ සටහනට කොම්ප්ලිමෙන්ට්‍රි.

      මගේ නම් කැවුම් වලට එතරම් ආසාවක් නැහැ. නමුත් කුඩා කල සිට පුරුදු වූ ආහාර මෙලෙස හෝ ගන්නට තිබීම, හොඳ දෙයක් ලෙස මා දකිනවා. ඕවායේ තියන ප්‍රශ්නය තමා කල්තබා ගැනීමේ සංගටක මොනවා ද යන්න හරියට ෂුවර් නැති වීම.

      ඒ හැර මේ කරුණ මා කියන්න කැමතියි. ලංකාවේ ඉන්න අය ඔයා සිනා වෙන කරුණක් තමා, ඔබ-අපි “ලාංකික” ආහාර රටින් පිටත ගොස් කෑම. ලංකාවේ ඉන්න බොහෝ දෙනාට සිතන්නට වෙන ප්‍රශ්න නොමැති නිසා, මේවා ගැනත් ගැඹුරට සාකච්ඡා කරන වග දකින්නට ලැබෙනවා.

      ඇත්තටම මිනිසෙකුගේ ආහාර තේරීම් වලින් අන් අයට ප්‍රශ්නයක් නැති වෙලාවට සිනා වීම හෝ නිග්‍රහ කිරීම මට තේරුම් යන්නේ නැහැ. ඔය සිනා වෙන අය මේ අප වගේ රටින් පිටත ඇවිත් ජිවත් වෙන කොට, මේ රටවල් වල තියන ආහාර කොතරම් දුරට කාවිද කියන එකත් මට නම් ප්‍රශ්නයක්. ඒ විතරක් නොවේ, එහෙම සිනා වෙන කෙනෙක් ජිවිතයට මුළුතැන් ගෙට යනවාද කියන එකත් දන්නවා ඇත්තේ ඒ ගොල්ලන්ම පමණයි.

      මේ මිනිසුන් දන්නේ නැත්තේ, මෙහෙම සංක්‍රමණය වුන අනික් ජාතීන්ද අප වගේම කියන එක. ඉතාලි සංක්‍රමණික යන්ගේ ගේ දරුවනුත් ඉතාලි ඌරුවට උයනවා. ප්‍රංශ කාරයනුත් එහෙමයි, එතකොට අයර්ලන්ත, ඉංග්‍රීසි, ජපන්, කොරියන්, චීන, …… මේ ලිස්ට් එක ඔබට නම් කියන්න අවශ්‍ය දෙයක් නොවේනේ.

      ආහාර හා මානවයාගේ තියන සංස්කෘතික බැඳීම හරි දිගට ලියන්න හැකි මාතෘකාවක්. ඒ වගේම අපේ (නොයෙක් ජාතින් අතර) තියන වෙනස්කම් හා සමානකම් තේරුම් ගන්නට ද ආහාර තේරීම් තේරුම් ගැන්මෙන් කරන්න පුළුවන්.

      එවැනි දෙයකට යන්නේ නැතිව අරුන් තාමත් කරවල කනවා යයි සිනාවෙන අය දැකීම මට එක්තරා පුදුමයක්. අප දැන් ලාංකික කඩයට යන්නේ කලාතුරකින්. නමුත් දේශීය අමුද්‍රව්‍ය යොදා හදන බොහෝ කෑම වල, ලංකා ගතියක් තියනවා. අප විතරක් නොවේ, මෙහෙට මුලින් ලංකාවෙන් සංක්‍රමණය වූ, බර්ගර් වරුන් තාමත් කන්නේ බත් සහ ව්‍යාංජන. එය මට නම් හරි අපූරු කරුණක්.

      //ජීඑම් ආහාර පරිභෝජනය කිරීමට අකැමති පාරිභෝගිකයන් ඉන්නවා.// වැඩිදුර යන්න ඕනේ නැහැ, ඔය මුලින්ම කොමෙන්ටු දාපු අජිත් ලා ඉන් එක ගෙයක්. දැනට GM රහිතයි කියා ලේබල් කරන්නේ ඔවුන් වෙනුවෙන් ඉලක්ක කර තමා. මාත් ආහාර ගන්න විල ලේබලේ බලනවා. GM නොමැති වීම කියා තිබීම මට ගැනීම හෝ නොගැනීම තීරණය කිරීමේ සාධක යක් නොවේ.

      මෙතැනදී මිනිසුන්ගේ තේරීම් ගැන මහා ලොකුවට කතා කරන්න මා යන්නේ නැහැ. මේවා කාලයේ ප්‍රශ්න කියා මා සිතනවා.

  5. කැවුම් කියන්නෙ කාලම එපා වෙච්ච කෑඹක්!!!
    තාමත් අපෙ අම්මල චාරිත්‍ර කියල හදනව… මොකට හදනවද දන්නෑ!!!
    මයික්‍රොෙව්ව් කතාව හොඳ යෙදුමක්

    • මොනවා කියනවද තරිඳු, මාත් කාපු කාලයක් මතක නැහැ. මේවට ඉස්සර තිබුන ඇල්ම, දැන් තියනවා කියා (කන්න අවට තිබුණත්) මා සිතන්නේ නැහැ. චාරිත්‍ර නරක දේවල් නොවේ, හැබැයි, ජීවිතය අවුල් නොකරන තාක් කල්! 🙂

  6. කැවුම්… කැවුම් කියද්දි මතක් වුණේ රයිගං අය්ය.. අපේ කිරිඅම්ම තරං ගතියට කැවුම් හදන්න අපේ කිරි අම්මගෙ ළමයි කාටවත් බෑ කාටවත් බෑ කීවෙ අම්මටත් බෑ… හෙහ්.. දුක කියන්නෙ පහුණු දවස් වල මං යාළුවෙලා හිටි එක කෙල්ලකටවත් කැවුමක් හදාගන්න බෑ… දැං ඉන්න එක යාන්තමට බතක් ගහ ගන්න දන්න එකක්.. මං උයන්න ඉගෙන ගන්න ගමං.. ඒත් දුක හරියකට කැවුමක් හැලපයක් කාගන්න බැරි වෙන එක… ඉතිං ඒවත් ඉගෙන ගන්න එක හොදයි කියල හිතෙනව
    ගෑණිට බැයිනං මිනිහට මොකෝ-තවම බැදල නැති වුණත්- කියල කෝම හරි ඉගෙන ගන්නව..
    ජාන තාස්සනේ ජාන තාස්සනේ කියපුවාම මෙහෙ ඉන්න උංගෙ ඔලුවට නං එන්නෙ සෝයා විතරයි වෙන්ට ඕන.. වෙන මොනවත් නෑනෙ නේහ්…
    ඔාල කියන දේ තමා අහ අහ ඉන්ට වෙන්නෙ…
    අර කවුද පොරවල් සෙට් එකක් ශාක ජාන වලිං මස් අනං මනං හදන පෝස්ට් එක දැම්මෙත් රයිගං අය්ය නේහ්..

    අයි ලෙව් කැවුම් ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා

    • //පහුණු දවස් වල මං යාළුවෙලා හිටි එක කෙල්ලකටවත් කැවුමක් හදාගන්න බෑ… දැං ඉන්න එක යාන්තමට බතක් ගහ ගන්න දන්න එකක්.// මල්ලි සෙල්ලක් කාරයා නේද? දැන් ඔය උඹ කියන දේ මලයා, මා ලියාගෙන එන එකට ප්‍රති විරුද්ධයි. ඉගෙන ගනින් මලයා උයන්න. කැවුම් පවා හදන්න අමාරු නැහැ.

      ජාන තාක්ෂණ වලට එන්න කලින් කතා කරන්න තව දේවල් තියනවා, මහේෂ්. ටික ටික බලමු නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s