මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (3)


උත්තර අර්ධගෝලයේ කට්ටිය සීතලෙන් ගුලිවන මේ කාලයේ, අපට නම් හොඳට රත් වීගෙන එනවා. කොට කෑලි  නිකම් වේලෙනවා. තාවකාලික විරාමය දීර්ඝ කාලින විරාමයක් වීම හොඳ දෙයක්. හැබැයි සමහර කොට කෑලි ඉවර කිරීම හොඳය කියල හිතුණා. කලින් සටහනේ සමන් අහපු, මාතෘකාව හා පොස්ටුවේ අන්තර්ගතය අතර සම්බන්ද තාවය ගොඩ නගන්න උත්සහයක් ගනිමු. මේකත් බ්ලැක් හෝල් එකක නොපෙනී ගියොත් ඔන්න මං අල්ල ගන්න එපා.

දරුවන් කොයි පාසලට, කොහොමද යවන්නේ කියා වැඩියම කරදර වන පන්තිය කුමක්ද? මේ කියන්නේ පාසලේ පන්ති ගැන නොවේ සමාජ පන්ති ගැන. එම පන්තිය නම් මධ්‍යම පන්තියයි. අනෙක් පන්ති (අතරමැදි පන්ති නොසලකා හරිමු) දෙකටම මේක ලොකුවට කම්පනා කරන්න අවශ්‍ය පුරස්න නොවේ.

මේකට උදාහරණයක් ගත්තොත්, අර එක්තරා රටක රාජ්‍ය අධ්‍යාපනයට 6% ක් (දළජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන්) වෙන් කරන්න කියා උද්ගෝෂණය කරපු මේ පන්තියට අයත් කට්ටියකගේ, කොන්දේසි අතර තිබුන එකක් තමා, එයාලගේ පඩියට ගාණක් එකතු කරන එකත්. වෙන මොකකටවත් නොවේ දරුවන් පෞද්ගලික පාසල් වලට යවන්න. මේකෙනුත් පෙනෙන්නේ මා මුලින් කියපු අර පන්තියේ, තියන උභාතොකොටිකයයි.

පාසල් තෝරා ගන්න අවස්ථාව ඇති විට, මොනවගේ පාසලක් දරුවන් සඳහා තෝරා දෙනවද? විශේෂයෙන් ප්‍රාථමික වසර වල දරුවන් සඳහා. මා මේ සටහන් පෙළ පටන් ගත්තේ අන්න ඒ ගැන අපූරු පර්යේෂණ ලිපියක් ඇසුරින් කරුණු ටිකක් කියන්න. කොහෙද, මැක්කන් ගැන කියුවා මිසක් එළදෙනට එන්න නොහැකි වුනා.

මේ ලිපියට පාදක වෙලා තියෙන්නේ the Longitudinal Study of Australian Children දත්ත. කතුවරුනට අනුව මේ අධ්‍යයනය ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික පාසල් වල ඵලදායිකත්වය සොයන පළමු එකයි. එයිට අමතරව දත්ත වල තියන සාරවත් බව නිසා, කලින් නොදැකපු, ශිෂ්‍යයන්ගේ විවිධත්වයත් සැලකිල්ලට අරන් තියනවා. එයිට අමතරව බුද්ධිමය කුසලතා වලට අමතරව, අනෙක් කුසලතා වලට පාසල් වල දායකත්වයත් සොයා බලනවා.

මේ ලිපිය වැඩිපුර විස්තර කරන්න ගියොත් මගේ සටහන කියවන්න එපා වෙනවා. ඒ නිසා එහි අවසාන නිගමන දෙක තුන බලමු.

මේකේ ප්‍රධාන නිගමනය නම්, දරුවන් කතෝලික හෝ අනෙක් ස්වාධින ප්‍රාථමික පාසල් වලට යැවීමෙන්, ඔවුනගේ බුද්ධිමය හෝ බුද්ධිමය නොවන කුසලතා අත්කර ගැනීම කෙරෙහි කරන බලපෑම හා රජයේ පාසල් වලට යැවීමෙන් කරන බලපෑම අතර කිසිම වෙනසක් නැති වග. මෙතැනදී ඔවුන් දරුවන්ගේ තියන විවිධත්වය සැලකිල්ලට ගන්නවා. මේ හා සමාන අධ්‍යයන දෙකක් කරපු ඇමෙරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යයේ දත්තද මේ හා සමපාත වීම නිසා, දැන් මහද්වීප තුනකින් එකම විදිහේ ප්‍රතිපල ලැබී තියන වගත් මතක් කරන්නම්.

මේ අධ්‍යයනයට පාසල් තෝරා ගැනීම් වලදී කතෝලික පාසැල් තෝරා ගන්නවා නම් තියන එකම හොඳකම නම්, එම සිසුන් තමන්ගේ සහෝදර සිසුන් හා සඹදතා ගොඩ නගා ගැනීමේදී ගැටළු ඇතිකර නොගැනීමයි.

දැන් එතකොට දරුවන්ගේ බුද්ධිමය කුසලතා වර්ධනයට වඩාත් බලපෑ කරුණු මොනවාද? ඒවායි සමහරක් මෙන්න මේවයි. දරුවාගේ ගෙදර තියන පොත් ප්‍රමාණය, ගෙදර පිහිටා තිබෙන තැන (මෙහිදී සැලකිල්ලට ගන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ තියන විවිධ සමාජ-ආර්ථික කොටස ගොනුවී තියන ප්‍රදේශ) හා නිවසේ ආදායම. ඒ වගේම මව වැඩ කරන දරුවන්ගේ බුද්ධිමය වර්ධනයට, මව වැඩකරන පැය ගණන බලපානවා. හැබැයි තාත්ත වැඩ කරන පැය ගණන හා දරුවන්ගේ බුද්ධිමය වර්ධනය අතර සඹද තාවයක් පෙන්නුම් කරන්නේ නැහැ.

එයිට අමතරව, දරුවන්ගේ උපත් බරත් තව බලපාන කරුණක්. උපතේදී බට කිලෝ 2.5 ට අඩු දරුවන් ගණිතය හා ව්‍යාකරණ වලදී අඩු දක්ෂතාවයක් පෙන්නුම් කර තිබෙනවා. දරුවන්ගේ නිවෙස් වල සංස්කෘතික පසුබිම හා ජාතිකත්වයත් තවත් බලපාන කරුණු දෙකක්.

මෙම කරුණු වල බලපෑම කොයි වගේද කියා දිර්ගව විස්තර කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. හැබැයි වැදගත්ම කරුණ තමා පාසැලට එන විට දරුවන් ලබා තියන මූලික කුසලතාවයන් අනුව, ඔවුන් තවදුරටත් කුසලතා අත්කර ගැනීම රඳා පවතිනවා කියන දෙය.

අවසානයි!

(Does school type affect cognitive and non-cognitive development in children? Evidence from Australian primary schools, Nghiem, H.S. et al,Labour Economics, 33 (2015) 55-65 ඇසුරු කරන ලදී).

Advertisements

5 Comments

Filed under Education

5 responses to “මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (3)

  1. ඔන්න පටන් ගණන් හොඳ මාතෘකාවක්. අපේ පැත්තේ සමාජවාදීන් ගේ දරුවුනුත් ෆුල් ට්‍රයි කරලා ග්‍රමර් විදුහල් වලට යවනවා. මගේ දුරු දෙන්නම එම විභාග දෙක පාස් කරවලා ඊට පස්සේ දැම්මේ රජයේ විදුහලට. හේතුව මටයි බිර්න්දටයි දෙන්නටම ඕක එපා වීම. ඔය පිස්සු තරඟය.

    • අන්න එහෙම තමා මචෝ ඉන්න ඕනේ. මන් මේ කියුවේ දරුවන්ගේ පාසල් තේරීම් නොවේ, දමපු ගමන් මගේ පොස්ටු කියවීම.
      සිඊඕ ගේ අවසරයකින් තොරව අපේ පෞද්ගලික තේරීම් ගැන ලියන්න මට නොහැකියි. අපේ අයියලා-අක්කලා විසින් උපද්දවා ගෙන තියන ඔය තුරඟ-තරඟ සියල්ලෙන්ම අප නම් අයින් වී ඉන්නේ.
      ලංකාවේ දරුවන් දහස් ගණනකගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරපු හා තව දරුවන් දහස් ගණනක් පරලොව යැවීමට අතහිත දුන්න “භූගත හා වායව” සමාජවාදී නායකයන් ගේ දරුවන් ලබන අධ්‍යාපනය, එලොව සිට හා මෙලොව සිට අර අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තවුන්, අද දකිනවා අහනවා ඇතිනේ. එයත් අධ්‍යාපනයේ කොටසක් මචං.

  2. Pingback: මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (3) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. කුරුටු ගෑ ගී පවුර

    වැදගත් මාතෘකාවක්….

    • //වැදගත් මාතෘකාවක්….// ජරා පෝස්ටුවක්. (ඔන්න කුරුටු ඔබ සිතේ තියාගෙන, නොකියා හිටපු දේ සම්පුර්ණ කෙරුවා! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s