කිරණ සේ හිරුගේ……..!


තව දින තුනයි මේ මාසයට තියෙන්නේ. ඉන්පසු එක මාසයයි මේ අවුරුද්දටම. ඔබ ජනවාරි මස සිතා ගත්තු වැඩ වලින් කොතරම් ඉෂ්ට  කර ගත්තද? එහෙම නැත්නම්, අර කවුද ජනාධිපති වරියක් කියුව වගේ, අන්තිම අවුරුද්ද ඉන්න දුන්නා නම් සේරම ඉවර කරලා යනවා කියුවා වගේ, දෙසැම්බර මාසයේ ඉතිරි වැඩ ටික පට පට ගාල ඉවර කරන්න.

ඊය මා ගෙදර හිටියේ. ඇත්තටම වෙන හේතුවකට ගෙදර නැවතුනේ වුවත්, ඊයේ දිනය වැදගත් දිනයක් අපේ ජිවිතයට. ඉස්සර නම් මේවා ගෙඩිපිටින් ලියුවා. වෙනදා මෙවැනි දිනෙක කරන සාමාන්‍ය දෙයක් විතරක් මා කෙරුවේ නැහැ. එයත් එක්තරා සංධිස්ථානයක්.

අද වැඩ කරන තැන දී කලින් එකම ගොඩනැගිල්ලේ හිටිය, නමුත් දැන් නැති කාන්තාවක් කලකට පසු මුණ ගැසුණා. හායි  කියුව එකට පෙරලා හායි  කියුව ඇය  මගෙන් ඇහුවේ, මගේ තොරතුරු නොවේ, තවත් කාන්තාවකගේ පොඩි ඕපාදුපයක්.

අදාල එක්කෙනා ඉස්සර මා අසල හිටියේ. නමුත් දැන් නැහැ. හැබැයි අප කතා කරන වග මෙයා දන්නවා. මගෙන් විස්තර ඇහුවේ ඒ නිසා වෙන්න ඇති. මා කියුවේ දන්නේ නැහැ කියල. එය බොරුවක්.

ඇත්තටම සිද්දිය ලොකු එකක් නොවේ. කණ්ඩායම් මාරු වුන පසු ලැබුන අලුත් කණ්ඩායමේ කෙනෙකු හා පර්සනලිටි ක්ලෑෂ් වීමකින් ටිකක් දුර දිග ගිය සිද්දියක්. අදාළ කෙනා මාත් එක්ක යන්තමින් සිද්දිය කියා තිබුණත්, මට හරියට සිද්දිය කියුවේ හතරවෙනි කෙනෙක්.

දැන් අරයත් මගෙන් ඇහුවේ මගේ වර්ෂන් එක දැන  ගන්න කියා, මා දැන ගත්තේ, ඇය එයාගේ වර්ෂන් එක මට කියුවට පස්සේ. මෙතන මිනිසුන් කී දෙනෙක් ද?

වැඩ කරන විට, ඉගෙන ගන්න විට, බස් එකේ යන විට, ගෙදර ඉන්න විට යනාදී වශයෙන් එදිනෙදා ජිවිතයේ කරන දේවල් වලදී ඇත්තටම අමාරු වන්නේ, ඒ කරන දේවල් නොවේ. අන් අය  සමග වැඩ කිරීම, ගැටීම. ප්‍රශ්න ඇතිවීම ස්වභාවිකයි. සමහර ඒවා කිසිසේත්ම ලිහා ගන්නට බැහැ. මොකද මිනිසුන් කොම්පැටිබිලිටි නොවීම නිසා.

එතැනදී අයින් වනවා හැර රැඳී සිටීම අනතුරු දායකයි  වගේම මේ වගේ දේවල් වලට ලේ පුච්චා ගනිමින් ජිවත් වීම අනවශ්‍ය දෙයක් කියාත් මා සිතනවා. අර කාන්තාව මුහුණ දී තිබෙන්නේ ටිකක් එවැනි තත්වයකට. මේවා නිතර අහන්න ලැබෙනවා. විශේෂයෙන් වැඩ කර තැනදී. අන් අය  මේවා කතා කිරීම නවතන්නට බැහැ. ලෝකයේ හැම රටකම එහෙමයි.

කතාවේ මුලට ආවොත්, ඊයේ කියන්නේ දීර්ග කාලීන සාර්ථක ආයෝජනයක හා පොදු උත්සාහයක හොඳ ප්‍රතිඵලයක් ලැබුන දිනක්. එවැනි දෙයක් බෙදා ගත්තහම සතුටු වන අය  ඉන්නවා කියන්නේ, තවත් සතුටු වෙන්න හැකි දෙයක්.

ලබන වසර කියන්නේ අලුත් බලාපොරොත්තු හා අධිෂ්ථාන වලින් පිරුණු තවත් එකක්.  ඒවා කරා ලඟා වීම හෝ නොවීම තියෙන්නේ අපේ අතේමයි. අද නම් මේවා ඔබට  කල්පනා කරන්න කියා ලියන්නේ නැහැ ප්‍රා! මොකද ඔබේ එහෙම ඒවා තියනවද නැත්ද යන්නත් මා දන්නේ නැති නිසා.

(මාතෘකාව අවසන් කෙරුවොත් ;…..හද සිනා සෙනවා, ඔබ සිනා සෙනවා)!

Advertisements

4 Comments

Filed under Anniversary

4 responses to “කිරණ සේ හිරුගේ……..!

  1. ///අද නම් මේවා ඔබට කල්පනා කරන්න කියා ලියන්නේ නැහැ ප්‍රා! මොකද ඔබේ එහෙම ඒවා තියනවද නැත්ද යන්නත් මා දන්නේ නැති නිසා.///

    දැනට එක බැගින් තියනවා

    අධිෂ්ඨානය – රයිගම්තුමාගේ අනාගත පෝස්ට් ඔක්කොම කියවා
    තේරුම්ගෙන එතුමාට තද නොවෙන ලෙසට බුද්ධිමත් කමෙන්ට් දැමීම
    බලාපොරොත්තුව – A good long tete a tete accompanied by jerky and
    Pol.

    • please forget about your adhishtanaya. 😀 I like your balaporoththuva. may be we can materialise that one in the new year through a saamuhika prayathnaya.
      මේ ප්‍රා, සිරා මගේ විහිළු ගණන් ගන්න එපා. ඔබගේ කොමෙන්ටු නැතිනම් මේක නැවතිලා ගොඩක් කල්! හොඳ බලාපොරොත්තුවක්. අයි ලයික් ගුඩ් පොල්. 🙂

  2. //ඔබ ජනවාරි මස සිතා ගත්තු වැඩ වලින් කොතරම් ඉෂ්ට කර ගත්තද?//
    මම පෞද්ගලික ජීවිතයේදී මේ වැඩේ මේ විදිහටම කරන්නේ නැහැ. රැකියාවට හෝ වෙනත් අයට අදාල දේ වලදීනම් සාමාන්‍යයෙන් නිශ්චිත ඉලක්ක අතපසු කරන්නේ නැහැ. ඒත් පෞද්ගලික ජීවිතයේදී ගොඩක් දේවල් ඔහේ ගලා යන්න ඉඩ දීල තියෙන්නේ. මා කරන මෙයට කිට්ටු දෙය අධිෂ්ඨානයකට වඩා ඇසෙස්මන්ට් එකක් කිවුවොත් නිවැරදියි. මෙය වැරදෙන බව පෙනුණොත් මා ඒ ගැන හිතනවා. එහෙත් වැඩිය කණගාටු වෙන්නේ නැහැ. අධිෂ්ඨානයක් කරගෙන ඉලක්කයට කෙසේ හෝ ලඟා වීමට උත්සාහ කිරීම බොහෝ විට කෙළවර වන්නේ ආතතියෙන්. එහෙම නැත්නම් ඉලක්කය ලඟා කරගැනීමෙන් පසු කාර්යක්ෂමතාව අඩු කරගැනීමෙන්. මේවා මට අදාල දේවල්. මම වෙනත් අයට ජෙනරලයිස් කරන්නේ නැහැ. ජනවාරි කෙසේ වුවත්, මැයි වල බ්ලොග් එක පටන් ගත් අළුත මේ වසර සඳහා මගේ තිබුණු අධිෂ්ඨානය හෝ ඇසෙස්මන්ට් එකට අදාලවනම් මා තවමත් නිසිතැන ඉන්නවා. කෙසේ වුවත්, මට (අවාසනාවටද වාසනාවටද දන්නේ නැහැ) යම් ඉලක්කයක් ළඟටම ඇවිත් එය අනිවාර්යයෙන්ම ලඟා කර ගත හැකි බව දැනුණු විට එය තවදුරටත් ආකර්ශනීය නැති වෙනවා. මේ නිසා මා හැම විටම වාගේ රැකියා වෙනස් කර ඇත්තේ උපරිම ඵලදායීතාවක් ඇති පීක් එකේදී.

    • ඉකෝ, ඔබ කරන දෙයම හෝ එයට කිට්ටු දෙයක් තමා අපත් කරන්නේ. අපේ ඔය “අධිෂ්ඨාන” මහා ලොකු ඒවා නොවේ. ඒවාට ලඟා වන්න එතරම් ආයාසයක් ගන්න අවශ්‍ය නැහැ (ඉබේමත් වෙන දේවල් 😀 ).

      නමුත් ජිවිතයේ බලාපොරොත්තු තියනවා. මේවා වෙනම දේවල් නොවේ. ජිවන විලාසිතාවේම අංග කියලත් නම් කරන්න හැකියි. වෙනස් කම් කර ගන්නේ අන්න ඒවාට මිසක්, වෙනම අධිෂ්ථාන පාරමිතා පෙරීමෙන් නොවේ.

      සමහර දේවල් කෙලින් නොලිය හැක්කේ, බ්ලොග් කියවන පිරිස අපට තෝරා ගන්නට නොහැකි නිසා.

      දීර්ග කාලයක් නිශ්චිත ජිවන විලාසිතා තේරීම් තුලින් යම් අවසානයක් කරා මේ සතියේ ලඟා වුණා කියුවොත් එය නිවැරදියි (විනාඩියක් පමණයි මතකද?). 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s