පොල්ලේ බලේ!


උදේ පුතාව පොඩි තැනකට දාල කල් මරන්න මා ගියා නේබර්හුඩ්  එකේ රවුමක් ඇවිදින්න. උදේ දහය පමණ වූ එවෙලාවේ, උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 15-17 ක් විතර වගේ, ලා අවුව හා මද සුළඟක් තිබුණා. අවට හිටියේ කිහිප දෙනෙකු පමණයි. ඔවුනුත් ඇවිදින්නට යන පිරිස්.

IMG_20151128_102434135 (2)

ඔවුනතර පුතුන් සමග බයිසිකල් පදින තාත්තල, මුණුපුරන් සමග යන සීයල, තනිවම ගිය ආච්චිලා, දරුවන් ඉන්න ප්‍රෑම් සමග යන අම්මල, ජොගින්  යන තලතුනා අය, අත දරුවන් වඩා ගත්තු තරුණ ජෝඩු සිටියා. සමහරුන් පාස් කර යන්නට පෙර එක්කෝ අත වනා ගියා, නැත්නම් සුබ උදෑසනක් කියුවා. සමහරුන් නිකම්ම ගියා. මාත් එහෙමයි, සමහරුන් කියන්නට පෙරම මාත් සුබ උදෑසනක් කියුවා, නැත්නම් නිකම්ම පාස් කරගෙන ගියා. විශාල  පරාසයකට අයත් වුවත් මෙතන විශාල පිරිසක්  නැහැ. මේ පැයක  පමණ කාලය තුල දැකපු පිරිස්.

එක තැනකද බල්ලන් දෙදෙනෙක් ගෙදරක ඉඳල මට බුරා ගෙන ආවා. නපුරු පාටක් නම් තිබුනේ නැහැ. හැබැයි දිව්වා නම්, බල්ලන් නිකම් ඉන්නේ නැහැ. ඒ ගෙදර කාන්තාව සමාව යදිමින් ඕකුන් කන්නේ නැහැ කියුවා. බල්ලන්ගේ තරම මා දන්නේ නැත්ද? ඇයත්  කියුවේ අන්න එහෙම තමා කරන්න ඕනේ කියා. උනුත් බුරාගෙන එන්නේ බයට. අපත් බය වුණොත්, වැඩේ දෙල් වෙනවා. එක තැන නැවතුනොත් මේ වගේ එවුන්ගෙන් බේරෙන්න හැකියි. හැබැයි ඇත්තටම දරුණු එවුන් නම් මේ වැඩේ හරි යන්නේ නැහැ.

කතාව ගමනට ඉණිමගක්  කියනවනේ. ඉනිමං  නොමැති නිසා මා කෙරුවේ සිතපු එක. ඉතිං ඔය ඇවිදින කොට මට එකපාරට මතකයට ආපු කතාවක් මොකක්ද දන්නවද? අර මා නිතර මතක් කරන කතන්දර හා පින්තූර  පොතේ එන තවත් කතාවක්. මේක මගේ මතකයට ආවේ නිකම් අහම්බෙන්. සමහරවිට ඔය වගේ දේවල් වෙනවා නේ.

ඔන්න වපර හාමියි, ඉඳිකටු අප්පු හාමියි ගමනක් යනවා. අන්ඊවන් ටෙරේන් එකක්. පාරේ අද්දර පොල්ලක්  තියනවා දැකපු ඉත්තෑවා  එයට පයින් ගහනවා. එය ඇහිඳලා ගන්න හාව කියන්නේ මේක නිකම්ම පොල්ලක් නොවේ, ලොකු බලයක් තියන පොල්ලක් කියා. එහෙම කියල එයා එය අතට ගන්නවා.

දෙදෙනා ගමන යන විට, කඳු නගින්න, වතුර වලවල් වලින් පනින්න වගේ දේවල් වලට මේ පොල්ල උදව් කර ගන්නවා. ගමනේ අවසානයට ලඟා වුන පසු, හාවා  පොල්ල විසි කරනවා. ඉත්තෑවාට පුදුමයි. යකෝ, ඔච්චර උදව්කරපු ලොකු බලයක් තියන පොල්ල විසි කරන්නේ ඇයිද කියා එයා හාවාගෙන් අහනවා.

IMG_20151128_103803739_HDR (2)

ඔන්න එතකොට තමා හාව ඇත්ත  කියන්නේ. මචෝ, ඕක සාමාන්‍ය පොල්ලක්, බලේ තියෙන්නේ මෙන්න මෙතැන  කියා එයා ඔළුවට තට්ටු කර කියනවා.

අප අදත් කරන්නේ මේ පොල්ල විසිකරන්නේ නැතුව තියාගෙන, බලය තියෙන්නේ එතන කියා සිතන එක. අධ්‍යාපනය දුන්න පසුත්, මහජනතාවම යලිත් අපව නඩත්තු කරන්න ඕනේ කියල සිතන එකත් අන්න ඒ වගේම දෙයක්.

(* අද මේ වගේ මාතෘකාවක් කතන්දරයට දාන එකත් පොලිටිකලි ඉන්කොරෙක්ට් වන්න ඉඩ තියනවා. ඉස්සර ගීත වල යශෝදරා සැමියා දාල ගිය එක ගැන වැලපෙන එක ගැන අපූරුවට  තියනවා. අද මේ වගේ සිංදු  ලියුවොත්, අර ඥානඅසාර කට්ටිය ගෙදර ඒවි).

(Verse 1)
Heart beats fast
Colors and promises
How to be brave
How can I love when I’m afraid
To fall
But watching you stand alone
All of my doubt
Suddenly goes away somehow

One step closer

(Chorus)
I have died every day
waiting for you
Darlin’ don’t be afraid
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

(Verse 2)
Time stands still
beauty in all she is
I will be brave
I will not let anything
Take away
What’s standing in front of me
Every breath,
Every hour has come to this

One step closer

(Chorus)
I have died every day
Waiting for you
Darlin’ don’t be afraid
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

And all along I believed
I would find you
Time has brought
Your heart to me
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

One step closer
One step closer

(Chorus)
I have died every day
Waiting for you
Darlin’ don’t be afraid,
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

And all along I believed
I would find you
Time has brought
Your heart to me
I have loved you for a
Thousand years
I’ll love you for a
Thousand more

Songwriters
HODGES, DAVID / PERRI, CHRISTINA

Published by
Lyrics © Sony/ATV Music Publishing LLC, Warner/Chappell Music, Inc.

Read more: Christina Perri – A Thousand Years Lyrics | MetroLyrics

Advertisements

11 Comments

Filed under Lifestyle, Opinion

11 responses to “පොල්ලේ බලේ!

  1. පොල්ලක් නැතුව මඩවගුරු වල යන්න හදන අපි වගේ උජාරුකාරයෝත්, පොල්ල කරතියන් ටවුමක් මැද යන ගමරාලලාත් ඉන්නවා.

    • ඇනයෝ, සමහර පොලු ඇත්තටම වැඩක් නැහැ. අර කියන්නේ මෙලෝ රහක් නැහැ කියල. ඒවා හොඳ නිකම් කර තියාගෙන යන්න.
      නියම පොලු සොයා ගන්න අමාරු වගේම, ඒවා ළඟ තියන අය මේවා ගැන කියන්නේ නැති එක තවත් ප්‍රශ්නයක්.

  2. Thanks for stopping by my blog.
    In Solidarity with All Kind People,
    Peace via Cooperation and Non-Cooperation,
    ShiraDest
    29 November 12015 HE

  3. //ධ්‍යාපනය දුන්න පසුත්, මහජනතාවම යලිත් අපව නඩත්තු කරන්න ඕනේ කියල සිතන එකත් අන්න ඒ වගේම දෙයක්// රජයේ රැකියා ඉල්ලන අය ගැනද කිව්වේ ?
    සින්දුව් ලස්සනයි.

    • මචෝ, උඹ දන්නවා ඇතිනේ මා මෙහි නිතර ලියන දෙයක් තමා සමාජයේ අඩු වරප්‍රසාද ලාභීන්ට, අනෙක් හෝමෝ සාපියන්ස්ලගේ දායකත්වයෙන් දෙන අතදීම්. මේවා වැදගත් වගේම, අනෙක් සතුන් හා අප අතර තියන වෙනසද පෙන්නුම් කරනවා. හැබැයි මචෝ ඒවායින් බලාපොරොත්තු වන්නේ දිගින් දිගටම ඒවායේ පිහිටෙන් ජිවත් වීම නම් නොවේ. එයින් උඩට ඇවිත් ස්වාධීනව ජිවත් වීමත්, එමගින්ම අනෙක් පරම්පරාවටත් එම ආරක්ෂණ ලබා ගැනීමට යම් දායකත්වයක් දීමත්. ජීවිතය පුරාම අපට කරු ගහපල්ලා කියල ඉල්ලන මිනිසුන්, සමාජයට පිළිලයක්.

      දැන් මා කැමති සින්දු සියල්ලටම වගේ උඹත් කැමතියි වගේ. වෙලාවක සෙට් වෙමුද? 😀

  4. බටහිර රටවලට මං ගිය සීමිත අවස්ථාවන්වල හයි ලයිට් එක තමයි බල්ලන් මුණ ගැසීම. පාරවල්වල.
    උන්ගේ ආචාරශීලීබව හා ඩිසිප්ලින්බව. මං උන් සමග හා උන්ගේ අයිතිකාරයින් සමග කතාකරනකොට අයිතිකාරයන්ට එන සතුට. උන්ගේ බ්‍රීඩ් එක මං හරියට ගෙස් කරපු වෙලාවට අයිතිකාරයින්ගේ මුහුනවල් එලිය වීම. ඒ වගේම සුමානයක් දෙකක් බල්ලෙක් පෙට් නොකර ඉඳලා (ලංකාවෙ අවු විසිපහක් විතර හැමදාම වගේ කරන එක ) එහෙම කරනකොට මටත් සතුට.

    ලංකාවෙ පාරෙ ඉන්න බල්ලන්ට කෑම දුන්නොත් මිස ආදරෙන් කතාකරන එක මං පුලුවන් තරම් අඩුවෙන් කරන්නෙ , ඒ උන් මං යනකොට වලිගෙ වන වනා බලා ඉන්න එක හෝ මාත් එක්ක එන්න හදන එක මට ඉවසන්න බැරි නිසා හා මට උන් ඔක්කොම ගෙනිහින් හදන්න බැරි නිසා. ඒ රටවල දුක හිතෙන්නෙ නැතුව මට බල්ලොත් එක්ක කතා කරන්න පුලුවන්.
    Here I go. I just can’t prevent myself from talking about my pets and pet subject. Hope, you don’t think I am misanthropic. I don’t understand why some people misunderstand our love of dogs. They seem to think that dog lovers do something against humans and give priority to dogs over humans. I don’t understand that attitude. It is just something I love. It is like music and songs for some people. Just because someone loves music people don’t say they love music more than humans and therefore are bad people noh?
    I love petting and interacting with or caring for a dog like some people love music.
    Heh, talking too much aint I?

    • ප්‍රා ගේ ෆෙවරිට් සබ්ජෙක්ට් එකට ආව වගේ. සුද්දන් හා බල්ලන් අතර බැඳීම හරිම පුදුමාකාරයි. සමහරවිට එය අන්තයකට යනවා. මගේ ලොක්කගේ කුඩා බල්ලාගේ බ්‍රේන් ටියුමර් එකක් ඇවිත් සිඩ්නි එක්කන් ගිහිං චෙක් කරවාගෙන බේත් අරන් ආව, ජිවිතයේ ඉතිරි කාලය ඌට වේදනාවක් නැතිව ජිවත් වෙන්න දෙන්න. එයට මහා ගාණක් ගියා. ඌට හෙල්ත් ඉන්සුඅරන්ස් එකකුත් තියනවා.

      අපේ අසල්වැසියන් තුන් දෙනාටම බල්ලන් ඉන්නවා. මුන්ව ඇවිදින්න එක්ක යාමත් එක්තරා කලාවක් හා විනෝදාංශයක් තමා. බල්ලන්ට හෝ අනෙක් සතුන් ඇති කිරීමට මගේ ලොකු ආසාවක් දැන් නැහැ. නමුත් ඉඳ හිට ඔය හම්බ වෙන ලෙඩ සතුනට පොඩි පොඩි උදව් කරනවා.

      බල්ලන්ට හෝ වෙනත් සතුන්ට ආදරය කිරීම හා උන්ව හදා ගැනීම මා නම් වරදක් හෝ නරක දෙයක් ලෙස දකින්නේ නැහැ. ලෝකයේ දුප්පත් කම තියනවා තමා. නමුත් සතුන්ට ආදරය කරන මිනිසුන්ම තමා, මිනිසුන්ටත් ආදරය කරන්නේ.

  5. පොල්ලෙ බලේ කිව්වම මතක් වුණේ ශිෂ්‍යත්ව පංතිය!!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s