වසන්තේ නිදා වුන් යොවුන් ………!


IMG_20151009_092414290 (2)

ඔන්න වසන්තය නිල වශයෙන්ම ඉවරයි. අද ගිම්හානයේ පළමු දිනය. මේ හැබැයි යට කොටසට. උඩ කොටසේ කෙනෙක් ඉරිදා මට කියුවේ එයාලට සෙන්ට්‍රිගේට් අංශක සෘණ හයයි කියල. අද උදේ එලියට බහින විට අංශක 22 යි, දවාල වන විට මෙය 34 ට නැග්ග.

මේ ග්‍රීෂ්ම සමය නරක එකක් වනු ඇතැයි  කියනවා. පඳුරු ගිණි  නිසා දැනටම ජිවිත දෙක තුනක් නැති වූවා. සැමදා නියං  එක දා වැහි වලාවේ කියන එකේ අනික් පැත්ත වගේ, අද පෑවිල්ලට දැනටම පරිසරය වියලි වෙලා.

ඔය අව් අස්සේ මා වෙන දෙයකුත් දවල් යොදාගෙන තිබුණා. මෙවැනි දිනක ටිකක් අමාරු දෙයක්. ලෝකයේ වෙනස් කෙරෙන ලොකු බලාපොරොත්තු මට නම් නැහැ. ඒ වගේම ඔය අධිෂ්ටාන කියන ඒවත් නැතිය කියා කියන්න හැකියි. ඒ කියන්නේ මහ ලොකුවට කාගෙන කරන්න බලාපොරොත්තු වන දේවල් නැහැ.

ඒ එසේ වුවත්, මේ ලෝකය කියන්නේ අති ජරා තැනක් කියලත් මා සිතන්නේ නැහැ. සාමූහික ප්‍රයත්නයන් තුලින් මේ ලෝකය වඩාත් හොඳ තැනක් කර ගැනීමේ අවස්ථාවත් තියනවා නම් තමා. හැබැයි අර කවුද යෝජනා කරන්න වගේ ලොකු දාර්ශනික මතවාදයන් සොයා ගොස් ඒවා අතර තනි වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මගේ බලාපොරොත්තු එයිට වඩා කුඩා ඒවා. අර ප්‍රාගේ, බීෆ් ජර්කි සමග පොල් කනවා වගේ දේවල්.

අද දමාගෙන තිබුනේ මගේ පුරවැසි යුතුකමක් ඉටු කරන්න. එතනට එකට ඇවිත් සිටිය ගෑල්ලමයින් දෙන්නෙකු ගෙන් කෙනෙක් පොඩි ඩ්‍රාමා එකක් කෙරුවා. එයාගේ සිතේ බයට, මහා හයියෙන් සිනා වෙනවා. කොතරම් එපා කියුවත් නැවතුනේ නැහැ. කොහොම හරි එයාල දෙන්නටම වැඩේ කරන්න වුණේ නැහැ. හැබැයි වෙන ප්‍රශ්නයකට.

මා නිතර කියන අප ගොඩක් දෙනා ෆෝ ග්රාන්ටඩ් ගන්න එක දෙයක් තමා ශරීර සෞඛ්‍යය. ඒ ශිරිර සෞඛ්‍යය තියන අය. ජනගහණයෙන්  සෑහෙන පිරිසකට එය, නොයෙක් (තමන්ට පාලනය කර ගත නොහැකි) හේතූන්  නිසා නැහැ. මා දැන් කෝල් එකකින් මේ වගේ දෙයකට සහභාගී වෙන්න පුලුවන්ද කියා ඇහුවහම, ප්‍රතික්ෂේප නොකරන එක හේතුවක් මේක.

මා මේ සමාජය නරකම තැනක් නොවේ කියා මුලින් ලියුවේ, අන්න ඒ නිසා. එනම් සමාජයේ මිනිසුන්ගෙන් සෑහෙන දෙනෙක්, තමන්ට කෙලින්ම ඵල  ප්‍රයෝජනයක් නැති වුණත්, සමහර දේවල් කරනවා.

ආගමික නායකයන් හා අනෙකුත් ලෝගු පොරවාගත් අවශේෂ පිරිස් පිලිබඳ මගේ ලොකු විශ්වාසයක් නැහැ. භක්තියක් නම් ඇත්තෙම නැහැ. මේවා කෙලින්ම රැකියා කියා නම් කරන්න හැකියි. එසේ නොවන පිරිස් ඇත්තටම අප දන්නෙත් නැහැ. මොකද එහෙම කැපී පෙනීම ඔවුනගේ අරමුණත් නොවන නිසා. දලයි ලාමා කියන්නේ එක්සෙප්ෂන් එකක් නොවේ. තවත් සක්සෙස්පුල් ව්‍යවසායකයෙකු පමණයි. නමුත් සාර්ථක වීමට නිකම්ම බැහැනේ. එයට යම් හේතුවක්, උත්සාහයක් හා ජෝතිමත් බවක් තිබිය යුතුයි.

The Dalai Lama, when asked what surprised him most about humanity, answered “Man. Because he sacrifices his health in order to make money. Then he sacrifices money to recuperate his health. And then he is so anxious about the future that he does not enjoy the present: the result being that he does not live in the present or the future; he lives as if he is never going to die, and then dies having never really lived.”

ඕක තිබුණේ මා අද ලේ දෙන්න ගිය මොබයිල් මැදිරියේ නෝටිස් බෝඩ් එකේ.

පසු වදන
මේකෙන් කියන සංසාරයෙන් එගොඩ වන කතා හින්ද නොවේ මා මේ සිංදුව තෝරා ගත්තේ. සින්දු කියන පුතුන් අතර අහන්න පුළුවන් ලෙස ගීත කියන කෙනෙක් තමා සතිස්. ඔහුට මෙලොව හැර යන්න වුණේ, තමන්ගේ ජිවිතයේ ප්‍රයිම් අවධියට ලඟා වෙමින් ඉන්න විට. කුඩා දරුවෙක් ලැබී සුරතල් බලමින් ඉන්න විට, එක වරම දැනගැනීම ලැබුන අසනීප තත්වයෙන් පසු, ඔහුගේ දිවිය ඉතා කෙටි එකක් වූ වග, මා කියෙව්වේ, මේ ගීතය ඉරිදා අසා පසුව විස්තර සොයා බැලීම් වලදී, ඔහුගේ අම්මගේ සම්මුඛ සාකච්ඡාවකින්. මේ කතාන්දරය මා දැන සිටියා වුවත්, එය වෙනම විදිහකට අද මා තේරුම් ගන්නවා.

Advertisements

21 Comments

Filed under Lifestyle, Opinion

21 responses to “වසන්තේ නිදා වුන් යොවුන් ………!

  1. //අර ප්‍රාගේ, බීෆ් ජර්කි සමග පොල් කනවා වගේ දේවල්.//

    පොල් කනවා? “කනවා” ????? රයිගම්තුමා ජර්කි කොහොමවෙතත් මාව බයිට් එකට අරං වගේ. .
    එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න නම් Sullivans Cove එකයි XXXX Gold ක්‍රේට් එකයි අරං එන්න ජර්කි සමග.
    පොල් ගැන පස්සෙ බලමු

    අඩේ.. මේවගේ ඒවත් තියනව නේ :-
    Bundaberg Master Distillers’ Double Barrel Rum
    අන්තිමට – Mr. Black. ( අපිට අහන්නවත් නෑ නෙ. ස්කොටිශ් , ඇමරිකන්, ජැමෙයිකන් , රෂියන් ඒව ගැන කෙල හලන අපිට ඔසී ඒව ගැන පෝස්ට් එකක් ලියන්නකො)

    • //ජර්කි කොහොමවෙතත් මාව බයිට් එකට අරං වගේ// පික්ෂුද එහෙමත් කරනවා ඔබට මන්.
      //Bundaberg Master Distillers’ Double Barrel Rum// ඔහෙ පලයං, ප්රාත් හොයාගෙන තියන දේවල්. අපි නම් අවිහිංසකයි. බන්ඩබර්ග් වල හදන සීනි දමල තේ බොනවා. 😀

      පොස්ට් ලියුවට වැඩක් නැහැනේ. බලමුකෝ එන විදිහක්. 🙂

  2. Pingback: වසන්තේ නිදා වුන් යොවුන් ………! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ඇති යන්තම් මේ පාර ලිපිය අන්තිමේදී ලියලා තියෙනවා කොහෙද ගියේ මොකක්ද කළේ කියා….!

    මාත් ලේ දුන්නා අද, හැබැයි මිලිලීටර් දෙකතුනක් විතරයි. පරීක්ෂණ වාර්තාව සිකුරාදා වෙන කොට දොස්තරට යවාවි.

    • හයියෝ රසික හොර ගමන් කියන්න බැහැනේ!
      මොකද රසික, රූටින් චෙක් ද, නැත්නම් ඔය කොහේ හරි කරක් ගහල සැක සිතුන නිසා චෙක් කර ගන්නවද? 😀

  4. වසන්ති සමග කෑ දීගේ අහවරයි.
    අද සිට ගිම්හානී සමග පවුල් කමි.

  5. ආගමික නායකයන් හා අනෙකුත් ලෝගු පොරවාගත් අවශේෂ පිරිස් පිලිබඳ මගේ ලොකු විශ්වාසයක් නැහැ. භක්තියක් නම් ඇත්තෙම නැහැ. මේවා කෙලින්ම රැකියා කියා නම් කරන්න හැකියි. +++++++++++++++

  6. අනේ අපොයි මොකද බන් ලෝකේ ගැන කල කිරිලද?

    • පිස්සුද මචං, ලෝකේ ගැන කලකිරෙන්නේ ගොඩක් වෙලාවට පරලොවක් ගැන විස්වාස කරණ අය. මගේ බ්ලොග් එකේ ප්‍රධාන කතාව වර්තමානය ගැන කීමයි. අර ලාම කියන මිනිසුන් නොකරන වැඩේ.

      අතීතයෙන් අප දේවල් ගත්ත තමා. නමුත් එහි ජිවත් වීමෙන් ඇති සුගතියක් නැහැ. අනාගතය ගැන යන්තමින් හිතනවා. නමුත් අනාගතය වෙනුවෙන් වර්තමානය කැප කරන්න මගේ අදහසක් නැහැ.

      මා නිතරම ලියන පරිදි වර්තමානය එනම් අද දිනය අපේ හොඳම දිනය ලෙස සිතන්න හැකි නම්, මිනිහෙක් සතුටින්. මා බ්ලොගය ලියන්නේ සතුටින්! 🙂

  7. niroucsc

    තුන් පාරක් මාත් දුන්නා. හතර වෙනි පාරට ගිය දවසේ වසන්තය පටන් ගත්තා විතරයි. හේ ෆීව හැදිලා. ඉතින් දෙන්න බැරි උනා 😦
    මට ඔය වැඩේට කවදාවත් බය හිතිලා නෑ.ඒත් මම දන්න සමහර හෙන හයේ හතරේ පිරිමි ළමයි ඉන්නවා ඔය වැඩේට පුදුම බය! 😀

    • මොකෝ තණකොළ ඉගුල්ලුවද?

      එන්න එන්නම නිරෝෂිගෙයි මගෙයි සමාන කම් ගොඩ ලොකු වෙනවා.
      //මට ඔය වැඩේට කවදාවත් බය හිතිලා නෑ// අප දෙන්නම හරි නිර්භීතයි නේද? 😀
      ඉස්සර මට ඇත්තටම පොඩි බයක් තිබුණා. කටු ගහන එක ගැන නොවේ. එඩ්ස් හැදෙවිය කියා. එය හුඹස් බයක් තමා.

      දැන් ඔය කියන පරිදි මාස 3 න් තුනට දෙන්න හැකියි, වෙලාව හොයා ගැනීම තමා ප්‍රශ්නය. ලේ ගන්න එක විනාඩි පහේ වැඩක් වුණත්, මුළු වැඩේට පැය දෙකකට කිට්ටුවෙන්න යනවා නේ.

      මා මේ කතා ලියන්නේ, දෙන්න සිතමින් ඉන්න කෙනෙක් උනන්දු වේවිය කියා සිතල.

  8. සතිස් නැතිවෙන්ට කලින් මෙල්බන් ගීත ප්‍රසංගයකට ආවා. ගිහින් ටික දවසකට පස්සේ ඔහු මියගියබව දැනගත්තාම පුදුම දුකක් දැනුනේ.

    අපි නම් වසන්ත, ගිම්හාන, සරත්, සිසිර ඔය කොයි පිරිමි ලමයටත් කැමතී. 😛

    • ප්‍රවීනා, ජිවිතයක් නැති වීම කනගාටුවට කරුණක් තමා. සතිස් ගේ වගේ ජිවිතයක් අකාලයේ නැති වීම එයිටත් වඩා කණගාටුවට කරුණක්.

      //අපි නම් වසන්ත, ගිම්හාන, සරත්, සිසිර ඔය කොයි පිරිමි ලමයටත් කැමතී//
      ආ එහෙමද? ඔබ එහෙම වුනාට, මා නම් හැම ගෑල්ළමයෙකුටම කැමති නැහැ. තෝරනවා (ලු)!

  9. ගෑල්ලමයි හතර දෙනාගේම වරදක් නැතත් සුදු එක්කෙනාව ඔය පැත්තෙන් එලවන කොට මාසයක් හමාරක් කලින්ම ඇවිත් කල් පහුවෙලත් ඉන්නකොටනම් එපා වෙනවා.

    • හි හි ඉකෝ, ඊයේ සුද්දෙක් සමග කතා කරන විට මට කියුවේ ඔහු රස්නෙට කැමතියි කියා. මා කියුවා මාත් එහෙමයි කියා, එතනම හිටපු සුදු ගෑණු කෙනෙක්, (මා සෝවියට් දේශයේ හිටපු වග දන්නා) කතාව මැද්දට පැනල ඇහුවේ, උඹ කොහොමද මයිනස් වල සර්වයිව් වුනේ කියා.

      අප තුන් දෙනාගේ කතාව බ්ලොග් පොස්ට් එකකට හොඳයි. ජිවන විලාසිතා තේරීම්, පරිසරය, මිනිසා වගේ දේවල් එහි තිබුණා. පෞද්ගලික විස්තර නොලියා කතා ලියුවහම, (රසික චෝදනා කරන්න වගේ) කෑලි අත්හරින කොට ඇති වැඩක් නැහැ. ඒ නිසා ලියන්නේ නැහැ.

      අද මා ශීත සමයට කැමැත්තක් නැහැ.

      //ගෑල්ලමයි හතර දෙනාගේම වරදක් නැතත් //
      කෝ හතර දෙනෙක්? දෙන්නනේ ඉතුරුව ඉන්නේ! 🙂

  10. අතරමැද දෙන්නා හිටියත් නෑ වගේ තමයි. එනවා සතියෙන් දෙකෙන් ආපහු යනවා. රයිගම්ලටනම් එහෙම නැතුව ඇති. මමනම් ශීත කාලෙට විශාල අකමැත්තක් නැහැ. ඒත් ෆැරන්හයිට් ස්කේල් එකේත් මයිනස් යනකොටනම් එපා වෙනවා.

    • එහෙම කියන්න එපා ඉකෝ, ඒ දෙන්නත් ඕනේ.

      අපේ ඉර්තු ඔබලාට වඩා වෙනස්. ඔය රසිකලට ශීත සමයක් නැතිය කියන්න හැකියි. අපට රාත්‍රිය ශීතලයි. හැබැයි දවල් අවුල් නැහැ.

      කොහොමත් මේක හොඳට හිරු එලිය ලැබෙන රටක්. ඇබොරිජිනල් වරුන් අවුරුදු 40,000-60,000 ක් තිස්සේ පරිණාමය වුණේ, කළු හමක් මිසක් සුදු හමකින් නොවේ. 🙂

  11. මා කීවේ උඩ ඉතිරිව ඉන්න දෙන්නා ගැන නෙමෙයි. වසන්ති සහ ශාරදී ගැනයි. මා කොපමණ කැමැති වුනත් ඒ දෙන්නා මට වැඩිය කැමති නෑ. ඒ නිසා වැඩි කලක් ඉන්න වෙන්නේ ඉතිරි දෙදෙනා සමඟයි. ගොඩක් වෙලාවට සීතල වුණත් මටනම් 110+ (43 C) පමණ යන දින දෙක තුන ඊට වඩා හරිම අමාරුයි. දැන්නම් 32 F වලට වඩා යාන්තම් වැඩියි. රෑට අඩු වෙනවා. අළුත් පෝස්ට් එකට කමෙන්ට් එකක් පසුව ඇවිත් දමන්නම්.

    • //මා කීවේ උඩ ඉතිරිව ඉන්න දෙන්නා ගැන නෙමෙයි//
      හෑ, කවුරු ගැනද මේ? මාත් කියන්නේ සෘතු ගැන තමා! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s