තල කැරලි ගැසීම!


IMG_20151102_145312161 (2)

කලින් සටහනෙන් මා කියුවේ වර්තමානයේ ජීවත්වීම ගැන. මේ ජිවිතයෙන් මතු ජිවිතයක් ගැන මගේ බලාපොරොත්තුවක් නැහැ. හදිසියේ තිබුනොත් අවුල්ද? මා නම් හිතන්නේ නැහැ කියල. මොකද කියනවා නම්, ඔය මතු ජිවිත ගැන බලාපොරොත්තුවෙන් මිනිසුන් නටන නාඩගම් වල හැටියට, එහෙම තිබුණත් ලොකු අවුලක් වන්න නොහැකියි.

ඕව අමතක කර අතීතයට යමු. දෙදහස් පන්සියයක අතීතයට හෝ කෘෂිකර්මයේ හිමිදිරිය ලෙස සැලකෙන වසර 12,000-10,000 ක අතීතයටත් නොවේ. මේ වසරේ මාර්තු  මාසයට යමු. මගේ පතෝල සටහන් කියවන බහුතරය මේ සටහන කියවන්න ඇති නේද?

පසු කාලෙක බීට්ල් අහල තිබුණා, එහි කියා තිබුණ  නඩු තීන්දුවේ අභියාචනයේ තීන්දුව ලැබුනද කියා. ඒ අසපු දින එය ලැබී තිබුනේ නැහැ. හැබැයි ඒ තීන්දුව පසුගිය සැප්තැම්බර වල ලැබුණා.

එම තීන්දුවෙන්, පළමු තීන්දුව යලිත් තහවුරු කර තියනවා. එනම් කාබනික ගොවියාගේ නඩුව නඩු ගාස්තුවට යටත්ව ඉවත දැමීම. වෙන වචන වලින් කියනවා නම්, ඔහු අර ජානමය දියුණු කළ  කැනෝලා වැවුව ගොවියා, හිතාමතා නොසැලකිලිමත්කමින් ඔහුගේ (නඩුව දමපු කෙනාගේ) කාබනික වගා භුමිය අනාමැකුවා යන්න උසාවිය පිළිගත්තේ නැහැ.

මේ නඩු වේදී මතුවූ කරුණු දෙකතුනක් මා කියන්නම්. එකක් තමා, ජාන තාක්ෂණයෙන් බිජ අභිජනනය කරන මොන්සන්ටෝ අර ජානවලින් දියුණු කරපු කැනොලා වවපු ගොවියාගේ නඩු ගාස්තු වලට උදව් කිරීම හෙළිදරව් වුණා අභියාචනය යත්දී. එහි අවුලක් නොවේ මා කියන්නේ, අනික් ගොවියටත් “ආරක්‍ෂිත ආහාර පදනමෙන්” උදව් ලබා දී තිබුණා.

දෙවෙනි කරුණ ලෙස මා දක්වන්නේ, අර නාසා කියන ඔය කාබනික ආහාර ප්‍රමිති සහතික දෙන ආයතනයේ තියන යල්පැන ගිය ප්‍රමිති. ඔවුනට අනුව කාබනික ආහාර, 100% ක් ජාන-තාක්ෂණ ආහාර වලින් වියුක්ත විය යුතු වග. මෙය කොතරම් ප්‍රායෝගිකද? තවත් නිත්‍යානුකුල බෝගයක කොටස් වලින් 100% ක් වියුක්තව ආහාර නිපදවන්න හැකිද?

අනික් කරුණ තමා, මේ කාබනික ගොවියන් හුණුගල් (ලයිම්) පසට දැමීම කාබනිකයි. හැබැයි පොස්පේට් ගහන එක අකාබනිකයි.

අනික් කරුණ ලෙස ජිඑම් කැනොලා වැවුව බැක්ස්ටර් කියුව මේ ටික දමන්නම්  “He’s an organic farmer, he can’t spray, he can’t use chemicals, you know he’s got red mite, he’s got aphids, he’s got rust, he’s got all the diseases in the world, does he worry about that?

මා කලින් කියා ඇති, නුතන සමහර මනුෂ්‍යයන් වික්ටිම්ස් ඔෆ් අවර් ඔව්න් සක්සෙස්. සමහරුන් ප්‍රතිශක්තිකරණයට විරුද්ධයි. දරුවන්ට එන්නත් දෙන්නේ නැතිව ළදරු පාසැල්  එවනවා. මෙයින් අනතුරේ වැටෙන්නේ ඒ දරුවන් විතරද? තවත් සමහරුන්, ඖෂද ප්‍රතික්ෂේප කරගෙන, ලෙඩ වැඩිකර ගත් පසුව රෝහල් වලට ඇවිත්, සම්පත් නාස්ති කරනවා (මා මේ කියන්නේ සාමුහික ධනයෙන් දුවන සෞඛ්‍ය සේවා ඇති පරිසර වල). ඔය කාබනික ගොවියන් කරන්නෙත් ටිකක් අන්න ඒ වගේ වැඩක්.

පරිසරය අපට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න පටන් ගත්තට පස්සේ අපේ සක්සෙස් එක ගැන සැක කරන මිනිසුන් තියෙන්නේ ටිකක් අවට බලන එක. අප වෙන කවරදාටත් වඩා වැඩි කලක් ජිවත් වෙනවා. අද දරුවන් අකාලයේ මිය යාම නිසා කනගාටු වන පවුල් ගණන වෙන කවරදාටත් වඩා අඩුයි. මොකද ළදරු මරණ ප්‍රතිශතය (ජනගහනයේ අනුපාතයක් ලෙස) විශාල ලෙස අඩුකරගෙන තියනවා. මේ වගේ දිග ලැයිස්තුවක් හදන්න පුළුවන්.

මෙතැනදී අපේ අනාගතය (එනම් මනුෂ්‍ය හා අනෙක් ජීවීන්ගේ) අනතුරේ හෙලමින් යනවද කියන ප්‍රශ්නයත් අප ඉදිරියේ තියනවා. ඔව් මේ සම්පත් පරිභෝජනය මේ ලෙසම කරගෙන යාමේ ශඛ්‍යතාවයක් නැහැ. එතැනදී මොනවාද වඩාත් ප්‍රශස්ත විසඳුම් වන්නේ?

අපේ ආහාර නිෂ්පාදනය අඩුකරගෙන මානව හා අනෙක් ජීවීන්ගේ පැවැත්ම තහවුර කර ගන්න හැකි නම් එය ඉතා හොඳ විසඳුමක්. ඒ වගේම යලිත් කොළ පොතු ප්‍රතිකාර වලින් රෝග සුව කර ගැනීමේ යුගයට යාමෙන් දියුණුවක් ලබා ගන්න හැකි නම් එයත් නරක නැහැ. ඔය එකක්වත් නොවේ මා ලියන්න ආවේ.

ඔය uninformed-opinion කියන එව්වා ගැන මා කලින් කතා කර තියනවා. අන්තර්ජාලය සමග මේවා හිතු හැටියට පැතිරවීමේ හැකියාවත් අප සතුයි. ජාන තාක්ෂණයෙන් වැඩි “දියුණු” කරපු, මිනිසාගේ පරිභෝජනය සඳහා මාංශමය ආහාර ප්‍රභවයක්  ලෝකයේ පළමු වරට අනුමත වුනේ ඊයේ පෙරේද.

අද ලෝකයේ තියන, මිනිසාගේ ශාක හා මාංශමය ආහාර වලින් වැඩිපුර ප්‍රමාණයක් ජිඑම් කියල යමෙක් කියනවා නම්, ඔහු මේ ලෝකේ ජිවත් වන කෙනෙක් නොවේ.

පසු වදන

කාබනික සිහින ලෝක වල ජිවත් වෙන බොහෝ මිනිසුන්ට වඩා අකාබනික මගේ ආහාර තේරීම් සෞඛ්‍ය සම්පන්න වග මට සහතිකයි. ඒ වගේම නූතන ප්‍රගතිය ප්‍රතික්ෂේප කරමින්, ඒවම අවභාවිතා කරමින්, තමන්ගේ පමණක් නොව, අනෙක් සහෝදර ජනතාවගේ ජිවිතත් අනතුරේ හෙලීම මහත්ම ව්‍යසනයක්.

පපලි

ඇත්තටම ලියන්න ආව, ස්ටාලින් යුගයේ මහා ප්‍රෝඩාවක් කරපු කෙනෙක් ගැන සටහන වෙන දිනෙක ලියන්නම්.

 

නීලා මා කැමති ගායිකාවක් (කටහඬින් හා රූපයෙන්). ඇය  ගැන මෑත කතා බහක් ඇතිවුණේ  වෙනත් හේතුවකට. ඇයත් පෝලියෝ රෝගයේ වින්දිතයෙක්. ඇයට  මේ රෝගය වැළඳී තියෙන්නේ හොඳටම ළදරු මාස හයේදී. එදා හා සලකන විට පෝලියෝ කියන්නේ ලෝකෙන් තුරන් කිරීමට ලඟා වූ රෝගයක්. නමුත් තවම එය කරන්න හැකි වී නැහැ. ඒ ගැන අපුර්ව කරුණු දහයක් මේ. පෞද්ගලික හා මහජන මුදල් යොදා මහජන සෞඛ්‍යය වෙනුවෙන් මෙතෙක් ගත්තු ලොකුම ව්‍යයාමයකට, එහි අරමුණු කරා ලඟා වෙන්න තවමත් නොහැකි වී තියෙන්නේ ඇයිද කියන එක තමා මා ඉහතින් කතා කෙරුවේ.

The global effort to eradicate polio is the largest public-private partnership for public health

In fact, it is the largest-ever internationally-coordinated public health effort in history. It is spearheaded by national governments, WHO, Rotary International, the US Centers for Disease Control and Prevention (CDC) and UNICEF, and is supported by key partners including the Bill and Melinda Gates Foundation. Underpinning the effort is a global network of more than 20 million volunteers worldwide who have collectively immunized nearly 3 billion children over the past 20 years.

පින්තූරය; “අකාබනික” තිරිඟු යායක් (මගෙනි).

Advertisements

15 Comments

Filed under Agriculture, Opinion

15 responses to “තල කැරලි ගැසීම!

  1. Pingback: තල කැරලි ගැසීම! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මාතෘකාව (Sesame Rebellion) ඇයි?

    • කැනෝලා නිසාද?
      Btw, කැනෝලා නම හැදුනේ රේප් කියන්න ලැජ්ජා නිසා නේද?

    • සමහරුන්හේ සංකල්ප විප්ලව/කැරලි, මා දකින්නේ ඇත්තටම, තල කැරලි ලෙස. ප්‍රධාන මාධ්‍ය හා අප ලබා තියන ඇත්ත දැනුම අතර පරතරය වැඩිවෙමින් පවතිනවද?

      • Etymology[edit]
        The name “canola” was chosen by the board of the Rapeseed Association of Canada in the 1970s. The “Can” part stands for Canada and “ola” refers to oil.[5][6] However, a number of sources, including The Free Dictionary, continue to claim it stands for “Can(ada)+o(il)+l(ow)+a(cid).[7] The name was coined partially to avoid the negative connotations of rapeseed.[8]
        ප්‍රා, විකිපීඩියාවේවෙන් 🙂
        https://en.wikipedia.org/wiki/Canola

  3. මේක හොඳ කරුනක මතු කරනවා. අපි කාබනික (organic ) මස් හා එලෙවලු තමා වැඩිපුර කන්නේ. මොකද අර එක එක ඒවා ගහපුවා හින්ද අනහ. ඒවාට අපෛඅ අසත්මිකටහ්වයන් එනවා. නමුත් ජි එම් කෑම ගන්නවා. සොයල බලල කටයුතු කරන්නයි ඕනේ. හරි ලයින් එකක් නැහැ ඔතන.

    • මචෝ, මිනිසුන් ගොඩක් හිතන්නේ අප මෙතනට ඇවිත් ඉන්නේ ඕපපාතිකව කියා. ජිඑම් අපේ ආහාර අර්බුධයේ විසඳුම් වලින් එකක් කියා මා නම් සිතනවා. මේ අය යෝජනා කරන, “ආපසු ගමනේ” ජිවිතයකට එයාලම කැමතිද? එක පැත්තකින් නුතන දිවිය විඳින අතරේ, මොවුන්ගේ “විසඳුම්” වලින් ඇත්තටම අමාරුවේ වැටෙන්නේ, ඔවුන් නොවේ. මේ දියුණුවේ ඵල තවමත් නොලබන කාණ්ඩමයි.

  4. පීරා

    /සමහරුන් ප්‍රතිශක්තිකරණයට විරුද්ධයි. දරුවන්ට එන්නත් දෙන්නේ නැතිව ළදරු පාසැල් එවනවා. මෙයින් අනතුරේ වැටෙන්නේ ඒ දරුවන් විතරද? තවත් සමහරුන්, ඖෂද ප්‍රතික්ෂේප කරගෙන, ලෙඩ වැඩිකර ගත් පසුව රෝහල් වලට ඇවිත්, සම්පත් නාස්ති කරනවා (මා මේ කියන්නේ සාමුහික ධනයෙන් දුවන සෞඛ්‍ය සේවා ඇති පරිසර වල). ඔය කාබනික ගොවියන් කරන්නෙත් ටිකක් අන්න ඒ වගේ වැඩක්./

    මේ හා සමාන තත්වයක් ලංකාවේ පැරණි දේශීය සහල් වගා කිරීමේ ප්‍රවනතාව හරහා ඇතිවීමේ අවධානමක් තියෙනවා, දැනට ප්‍රචලිත වැඩි දියුණු වී වර්ග වලට පරිසරයේ සුලබ රෝග පළිබෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව ලබා දී ඇතත්, හඳුන්වා දී ඇති දේශීය සහල් ප්‍රබේදවලට එම හැකියාව ඇත්දැයි යන්න අවිනිශ්චිතයි, වෛද්‍යවරු කෘෂි විශේෂඥයන්වී, කෘෂි විද්‍යාඥයන්ගේ මුඛයට දේශ ද්‍රෝහී ප්ලාස්ටරයක් අලවා ඇති නිසා ඇති නිසා අර අවිනිශ්චිතතාව දුරු කරගන්න වෙන්නේ අප ඇසින් දකින සුළු සිද්ධි කීපයක් පමණක් මත පදනම්ව. නියම සංඛ්‍යලේඛන ගැන අවබෝධයක් නැතත් පසුගිය වසර 5 ක කාලයේ වී වගාවේ වල්නාශක නොවන වෙනත් පළිබෝධනාශත බාවිතය අවමයකට පහල බැස ඇති බව මා දන්නවා, (එළවළු වගාවේද එවැනි ප්‍රවනතාවක් ඇති බවක් හැගේ). එහෙත් පැරණි සහල් වගා කළ සමහර කුඹුරුවල පළිබෝධගහනය වැඩිවූ නිසා විශේෂයෙන් අමතර කෘමිනාශක යොදන්න වුනා. විය යුත්තේ පැරණි සහල් වල ඇති යහපත් ගුණාංග ඇතුලත් වී ප්‍රභේද හඳුන්වාදීම වුනත් බල්ලාගේ වැඩේ බූරුවා බාරගෙන ඇති නිසා …

    • පීරා, මෙය කනගාටු දායක ප්‍රවණතාවයක්. මේවායේ ඉදිරියෙන්, බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා වුණත්, පරිණාමයේ, පසු අවධි වල ඉන්න මිනිසුන් ද සිටිනවා. ඔය කියන ක්‍රියා වල නියම ප්‍රතිපල ලැබෙනු ඇත්තේ අනාගතයේ.

      අප අද ඉන්න තැනට ආවේ කොහොමද, මෙයින් බිමට වැටුනහම කොයි වගේද කියල පෙනෙනු ඇත්තේ, එම තත්ත්ව අත්කර ගත්තු විටෙක තමා. හැබැයි පීරා එම තත්ත්ව වලින් බැටකනු ඇත්තේ, ඒවාට උල්පන්දම් දෙමින් දේශනා කරන අයියලා නම් නොවේ. දුප්පත්කමින් දැනටම බැටකන පිරිසමයි.

      //විය යුත්තේ පැරණි සහල් වල ඇති යහපත් ගුණාංග ඇතුලත් වී ප්‍රභේද හඳුන්වාදීම වුනත් // වැඩේ බාර ගෙන ඇත්තේ බූරුවන් නොවේ, ලෝක කපටි නරින්.

  5. පීරා

    නැන්දම්මා ගිය කන්නයේ ගෙදර කුඹුරේ දේශීය සහල් වගා කරන්න තීරණය කළ නිසා, කාලයකට පස්සේ එපා වෙන තරමට කඩේ හාල් කන්න වාසනාව ලැබුණා, ඒ දේශීය වී අස්වැන්න භාගයකින්ම අඩුවුනු නිසා. කඩේ හාල් මොනතරම් විෂ තියද කියන එක අප නොදැන සිටියත්, විවිධ මූලාශ්‍ර වලින් එන හාල් කන කොට වකුගඩු ලෙඩවෙන අවධානම අඩුයි කියල එංගලන්තේ ඉන්න ලංකාවේ විද්‍යාඥයෙක් කියල තිබුනලු.

    • //නැන්දම්මා ගිය කන්නයේ ගෙදර කුඹුරේ දේශීය සහල් වගා කරන්න තීරණය කළ නිසා// මේක නම් නරක නැහැ. අපේ ආච්චිලා කුඹුරේ විදේශීය වර්ග වලට ඉඩ දුන්න නිසා කරදරත් වී තියනවා.

      රසායනික අවභාවිතව නිසා ප්‍රශ්න ඇතිවී තියනවා නම්, රටට, ප්‍රදේශයට ගැලපෙන පරිදි ප්‍රමිති හදා ගැනීම හා මිනිසුන් රසායනික වල ක්‍රියාකාරීත්වය ගැන දැනුවත් කිරීම නොවේද කරන්න ඕනේ. මේ වන්නේ මොකක්ද?

  6. //හදිසියේ තිබුනොත් අවුල්ද? මා නම් හිතන්නේ නැහැ කියල.//
    මම ඔය ගොඩක් අය ඉන්න අන්තයෙන් අනිත් අන්තයට ගියේ කවුරුත් ඔය වගේ බරපතල තීන්දුනොගන්න ඩබල් ඩිජිට් වෙන්නත් පෙර වයසකදී. ඒ නොදන්න කමට නෙමෙයි. සෑහෙන දුරකට දැනුවත්ව. හැබැයි තවත් අවුරුදු පහ හයකින් මේ අනිත් අන්තයේ සිටීමේ වැරැද්දත් මට තේරුණා. ඉන්පසුව ගත වූ දීර්ඝ කාලයේදී ඔබ වගේ ගොඩක් හන්දි පහුකළත් මේ මූලික සිතීමේ ආකෘතිය තවමත් වෙනස් වෙලා නැහැ.

    මා අද මේ දේවල් වෙනත් තැනකත් සටහන් කළා. ප්‍රාජේත් මීටම සමාන දෙයක් එතැන සටහන් කර තිබුණා. මා පෙර කී දෙවන වෙනස් වීමේ සිටම මා නොදන්නා දේවල් නොදන්නා ලෙස තියලයි කටයුතු කරන්නේ. මුල කාලයේදී මෙය බරපතල ප්‍රශ්නයක් වුනේ නැහැ. නොදන්නා දේ කුමක් වුවත් එය බොහෝ තීරණ වලට අදාළ නොවන බව තේරුණ නිසා මෙය වැදගත් කරුණක් වුනේ නැහැ. ඒත් පහුවෙනකොට, කලින් දැන නොසිටි අළුත් කණ්ඩායම් හිතන විදිහ දැනගන්නකොට මෙය ප්‍රශ්නයක් වුණා. මේ හැම දේටම හරියන විදිහට තේ කෝප්පයක්වත් බොන්න බෑනේ. නොදන්නා දේවල් නොදන්නා බව බැහැර නොකළත්, ප්‍රායෝගිකව තීරණ ගන්න කොට එක පැත්තකට යන්න වෙනවා. එතකොට සම්භාවිතාව අනුවයි තීරණ ගන්න වෙන්නේ. අවදානමක් ගන්න වෙනවා. මෙතෙන්දී ඔය “හදිසියේ තිබුණොත්” අවදානම මටනම් ඉතාම සුළුයි. සමහරු කියනවනේ අඥයවාදියෙක් (මැට්ටෙක් කියන එක සරලයි) කියන්නේ ලජ්ජාශීලී ද්‍රව්‍යවාදියෙක් කියලා. එහෙම ලැජ්ජාවක් නැහැ. මා මේ අනිත් අන්තයේ හිරවෙන්නත් කැමති නැහැ.

    දැන් ඔබේ ප්‍රස්තුත කරුණට ආවොත් මා හිතන්නේ ඔබ කියන දෙය මම දැක්කා කියලා. ඒ ගැන මා කතා කරන්නේ නැහැ. අදාල විෂයට ආවොත්, මමත් හිතනවා කෙටි කාලයකින් ලොකු වෙනසක් කළාම ‘ටයිම් ටෙස්ටඩ්’ නැති නිසා අවදානමක් තිබෙන බව. මේ අවදානම මයික්‍රෝවේව්, සෙල්ෆෝන් වගේ දේවල් වලත් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. මේවා නොදන්නා දේවල් නිසා මෙතන තියෙන්නේ අවදානම ගැනීම පිලිබඳ ප්‍රශ්නයක්. මෙතැනදී ඇමරිකාව කරන්නේ ප්‍රශ්නයක් ඇති බව තහවුරු වනතුරු ප්‍රශ්නයක් නැති ලෙස කටයුතු කිරීම. යුරෝපය කරන්නේ ප්‍රශ්නයක් නැති බව තහවුරු වනතුරු ප්‍රශ්නයක් ඇති ලෙස සලකා කටයුතු කිරීම. ඕස්ට්‍රේලියාව කරන්නෙත් යුරෝපය කරන දෙයම බවයි පේන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ප්‍රශ්නයක් නැති බව තහවුරු කරගන්නේ කොහොමද කියන එකයි. තියෙන එකම ක්‍රමය අර මුලින් විද්‍යාගාර මීයන් වන අය දෙස බලා සිටීමයි. මෙය ඉතිහාසයේ හැම හන්දියකදිම මේ විදිහට වෙන්න ඇති. කවුරු හෝ පිරිසක් මේ අවදානම ගත යුතුයි. මමනම් මෙතෙන්දිත් අර මුලින් කී “හදිසියේ තිබුනොත් අවුල්ද?” කියන අවදානම ගන්නවා. එහෙත්, වෙනත් අය ඒ අවදානම ගතයුතුයැයි මා සිතන්නේ නැහැ. එය ඒ අයගේ කැමැත්ත. හැබැයි කාබනික ආහාර ගැනත් මා සිතන්නේ සාධනීය දෙයක් ලෙස. මා ඒවා පස්සේ යන්නේ නැහැ. ඒත් හැමෝම එකම පාරේ නොයන එකේ අවදානම අඩුයි.

    මා හිතන්නේ ඔබේ සටහනේ “සත්ත්ව ආහාරයක්” කියන එක සඳහා මාංශමය ආහාර හෝ වෙනත් සුදුසු වචනයක් යෙදිය යුතු බවයි. මා හිතන හැටියට ඔබ අදහස් කරන්නේ සතුන්ට දෙන කෑම නෙමෙයි.

    • කෙටි කොමෙන්ටු වලට දිගට ලිවීමත්, දිග කොමෙන්ටු වලට කෙටියට ලිවීමත් කරන්නේ එක හේතුවකට. එයට එක්සේප්ෂන් තියනවා.

      මා ඉකෝ නිතරම මතක් කරන කරුණක් තමා, උපදෙස් සොයා ගෙන මෙය කියවන්න එපා කියා. එය ඔබ ඔය කියන //එහෙත්, වෙනත් අය ඒ අවදානම ගතයුතුයැයි මා සිතන්නේ නැහැ. එය ඒ අයගේ කැමැත්ත.// කියන කරුනටම අදාලයි. තියන තොරතුරු වලට අනුව, අප කවුරුත් තීරණ ගන්නවා. හැබැයි තොරතුරු පවා අප එකිනෙකාට ලැබෙන්නේ වෙනස්ව, ලැබුනත් තේරුම් ගන්නෙත් වෙනස්ව, තේරුම් ගැනීමේ හැකියාවනුත් වෙනස්.

      වාණිජමය නොවන බ්ලොග් යනු (මගේ පෞද්ගලික මතය අනුව) කෙනෙකුගේ මෝඩ ආතල් එකක්. තව කෙනෙකුගේ මෝඩ ආතල් මා ප්‍රතිපත්තියක් විදිහට කඩන්නේ නැහැ. 🙂

      //මමත් හිතනවා කෙටි කාලයකින් ලොකු වෙනසක් කළාම ‘ටයිම් ටෙස්ටඩ්’ නැති නිසා අවදානමක් තිබෙන බව.// මෙන්න මේක හරිම සාපේක්ෂ දෙයක්. මොකක්ද මේ කෙටි කාලය කියන්නේ.

      විශ්වයට නොයා ඉම්මු. පෘථිවියේ වයස අනුව, අපේ ජීවීන්ගේ පැවැත්ම ආරම්භයේ සිට අද දක්වා කුඩා එකක්. එයින් මනුෂ්‍යයාගේ පරිණාමය (අද ඉන්න තැනට) කියන්නේ තවත් කුඩා එකක්. සාපියන්ස් සාපියන්ස් ලගේ ජිවිත කාලය කියන්නේ බොහොම පොඩියි. එතකොට ඔවුනගේ කෘෂිකර්මාන්ත දිවිය, කර්මාන්ත විප්ලවය, වර්තමානයේ සිදුවන තාක්ෂණික වෙනස්කම්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව, අභ්‍යවකශ තරණය.

      මේ සේරම දිහා බැලුවහම ඔබට පෙනෙනවා ඇති මනුෂ්‍යයා විසින් “වෙනසක් කිරීමේ” කාලය එන්න එන්නම කෙටි කැරගෙන යන හැටි. මෙය ශාක/සතුන්ට අප විසින් කරපු වෙනස්කම් වලට විතරක් අදාළ දෙයක් නොවේ. කෘෂිකර්මයේ කෙරෙන වෙනස්කම් කියන්නේ “මේ වෙනස්කම් වල” කුඩා කොටසක්.

      ඉස්සර කැලේ වැවුන වී කරල් ගලවාගෙන එන විට, නොදැනීම ඉතිරි වුනේ කරලේ තදින් සවි වී තිබුන ඇට. ඒවා ගෙදර/ගුහාව ගාව ඉස්ස විට, අප නොදැනුවත්වම එක ලක්ෂණයක් වෙන් කෙරුවා (අපේ අවශ්‍යතාවය වෙනුවෙන්). කැලේ යනකොට හමුවුන අඹ ගස්වලින් රස අඹ තියන ගසෙන් ගෙඩි කාල, ගෙදරත් ගෙනත් ඇට එලියට විසි කෙරුවහම, අප එක ලක්ෂණයක් තෝරා ගත්ත.

      රස අඹේ ගෙඩියෙන් හැදෙන සමහර ගස් වල අඹ ඇඹුල්, තවත් සමහර ගස්වල අඹ මුල් එක වගේ රසයි කියාත් පසුව තේරුම් ගන්න ඇති. මේ තේරුම් ගැනීමේ එක අවධියක තමා, දැන් අප ඉන්නේ. එදාත් අඹ ගෙදර ගාව පැල කර ගන්නවට අකමැති කට්ටිය අප අතර ඉන්න ඇති. ඔව් එදත් ඒ අවදානම තිබුනා. කට්ටියක් එය ගත්තේ නැහැ. හැබැයි අවදානම ගත්තු කට්ටිය නිසා තමා අප මෙතැන ඉන්නේ. මේ ඉන්න තැන හොඳ නැතිය කියන පිරිස් සමග මා කතා කරන්න හෝ වෙහෙසෙන්නේ නැහැ.

      කොලපොතු බෙහෙත් වලින් පෙති දක්වා ඇවිත් ඉන්න ගමනේත් මේකම වුණා. අදත් වෙනවා. මේ “පර්යේෂණ කාල” එන්න එන්නම කෙටි වෙනවා.

      මා දකින ආහාර සුරක්ෂිතතාවය කියන්නේ, ඉහල හා මධ්‍යම පන්තියේ අයට එයාලගේ සංකල්ප වලට අනුව “සුරක්ෂිත” ආහාර නිපදවීම නොවේ. මුළුමහත් මානව සංහතියටම අවශ්‍ය ආහාර වඩාත් සුරක්ෂිතව මිලදී ගන්න හැකි වියදමින් නිපදවීම. එතැනදී ඔබත් ඔය කියන “කාබනික ආහාර” වලට කරන්න හැකි දෙයක් නැහැ. වඩාත් අතේ හැකියාවන් තියන ඉහල මධ්‍යම පන්තියට එම ආහාර විකිනිම ගැන මගේ විරෝධයක් නැහැ. එය අනෙක් පන්ති වල ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට එක අතෙකින් උදව්වකුත් තමා.

      ජාන තාක්ෂණයට ආවොත් පර්යේෂණ කාලය ඉතා කුඩායි කියා මා නම් සිතන්නේ නැහැ. දැනට විසි වසරකට පමණ පෙර (මේ වන විට කෙරේ යයි බලාපොරොත්තු වූ දේවල්) වෙලා නැහැ. මගේ අදහසේ හැටියට මේ පර්යේෂණ මන්දගාමියි. එයට හේතු ගොඩක් තියනවා. ප්‍රධාන ධාන්‍ය බෝග වන තිරිඟු හා වී වලින් නව පැලෑටියක් බිහි කර ගැන්මට අප තවම අසමත් වී තියනවා.

      ඔබ පෙන්වා දුන්න දෝෂය ඉවත් කරන්නම්. පෙන්වා දීම ගැන ස්තුතියි ඉකෝ! 🙂

      • ජාන තාක්ෂණයෙන් වැඩි “දියුණු” කරපු සත්ත්ව (“ශාකමය නොවන”) ආහාරයක් ලෝකයේ පළමු වරට අනුමත වුනේ ඊයේ පෙරේද කියන තැනයි වෙනස් වෙන්න ඕනෑ. ජීඑම් සත්ත්ව (සතුන්ගේ) ආහාර කලිනුත් තිබුනනේ නේද?

        ඔබ කියන කාලය කෙටිවීම ගැන මමත් ටික කලකට පෙර ලියන්න පිවිසුමක් ගත්තත් එය අවසන් වුනේ නැහැ. විවිධ අයගේ අදහස් වල තියෙන හෙටෙරෝජෙනයිටි එකට හේතුවත් මේ කාලය කෙටිවීමමයි මම හිතන්නේ. එක් එක් කෙනා වෙනස්කම් ග්‍රහණය කරගන්න ගන්නා කාලය වෙනස්. ඉක්මනින් වෙනස්කම් වෙනකොට මේ වෙනස්කම් වඩාත් හොඳින් මතු වී පෙනෙනවා. හැබැයි අවසාන වශයෙන් වෙන්නේ මේ විදිහට වෙනස්කම් ග්‍රහණය කරගන්න අමාරු අයව ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයෙන් ස්වභාවිකවම බැහැර කෙරෙනු ලැබීම.

        //ප්‍රධාන ධාන්‍ය බෝග වන තිරිඟු හා වී වලින් නව පැලෑටියක් බිහි කර ගැන්මට අප තවම අසමත් වී තියනවා.//
        මෙය ටිකක් පැහැදිලි මදි. ඔබ මේ කියන්නේ මේ දෙකේ හයිබ්‍රිඩ් එකක් ගැනද?

        • ඔව් එක තැනක් හැදුව, අනෙක් තැන මගහැරිලා. 🙂

          අනාගතය පිලිබඳ මගේ තියෙන්නේ සුබවාදී බලාපොරොත්තු. ඔබත් ඔය කියන ග්‍රහණය කර ගැනීමට ගන්නා කාලය හා හැකියාව වෙනස් නිසා, මා සමහර තැන් වල අදහස් දක්වන්නේ නැහැ. මගේ මේ පතෝල සටහන් ද ගොඩක් වෙලාවට ජනප්‍රිය ධාරාවෙන් ඉවතට යනවා.

          //ප්‍රධාන ධාන්‍ය බෝග වන තිරිඟු හා වී වලින් නව පැලෑටියක් බිහි කර ගැන්මට අප තවම අසමත් වී තියනවා.//

          නැහැ ඉකෝ, මේ දෙකේ දෙමුහුමක් බිහි කරන්න නොහැකියි. මා කියුවේ “පොරොන්දු” වූ “සුපිරි ජිඑම්” තිරිඟු හෝ වී වර්ගයක් තවම වෙළඳ පොලට ඇවිත් නැති එක.
          බෝග ගත්තොත් ජිඑම් සක්සෙස් ස්ටෝරි ලොකු ගණනක් නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s