(ඊයේ උදේ දුටු පාළු දර්ශණයක්)
අද එළවලු ටික අරං ගෙදර එන අතරමගදී හාර්ඩ්වෙයාර් කඩයට ගොඩ වැදුණේ, එළවලු පැල දෙක තුනක් මිලදී ගන්න අදහසින්. එතැනදීත් හරි දෙයක් වුණා, සිංහල කතා කරමින් හිටිය අම්ම කෙනෙක් හා පුතෙක් මා ලඟට (අහම්බෙන්) ආපු විටදී, ඔන්න අපේ මව් භාෂාවට බැස්ස. මා තේරුම් ගනීවි කියා වෙන්න ඇති. කොහෙද ඩික්ෂනරිය ගෙදර තියලානේ ගියේ.
මා එළවලු පැලයක් දෙකක් වවන්නේ, ගෙදර ආර්ථිකයට උපකාරයක් වශයෙන් නොවේ. මේවා අතින් කයිට් විනෝදාංශ කියා කියන්න හැකියි. කලින් ගෙනත් හිටවපු පැල හතර පහින් ඉතිරිවී ඇත්තේ එක දෙකක්. කඩේ පැල විකුණන කොටසේ මීමැසි පොදිය වගේ මිනිසුන්ගෙන් පිරි තිබුණා. මේ නිරීක්ෂණය අනුව, කැන්බරා ජනගහණයෙන් විශාල පිරිසක් එළවලු, පළතුරු හා මල් වවනවා.
(ආදර්ශමත් ගොවි නායකයෙක්)
ඔන්න ඔය වගේ නිරීක්ෂණ කැෂුවල් ඔබ්සේර්වෂන් කියා නම් කරන්න හැකියි. මේවගේ නිරීක්ෂණ වලින් කරන නිගමන එතරම් නිවැරදි නැහැ. දැන් බලන්න, උදේ හා හවස බැලුවත්, ඔය අභ්යයාසාගාරයකට ගියත් මිනිසුන්ගෙන් අඩුවක් නම් නැහැ. එතකොට හරිම නිරෝගිමත් ජිවන විලාසිතා ගත කරන පිරිසක් නේ.
පසුගියදා එලි දැක්වූ වාර්තාවකට අනුව කැන්බරා වැඩිහිටි ජනගහනයෙන් 63% ක් එක්කෝ තරබාරුයි, නැත්නම් ඉතාම තරබාරුයි. දරුවන්ගෙන් 23% ක් මේ ගණයට අයිති වෙනවා. මෙය ජාතික තලයේත් වෙනසක් නැහැ. එතකොට අර කෙට්ටුවට ඉන්න පිරිස කොහෙද? අන්න ඒ පිරිස තමා ඔය අප උදේ හවස පාරේ හා ජිම් වල දකින්නේ.
ඕස්ට්‍රේලියානු ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව කැන්බරානුවන්ගෙන් 5% ක් පමණයි දිනකට නිර්දේශිත එළවලු ප්‍රමාණය කන්නේ. හැබැයි මේ පිරිසෙන් 54% ක් නිර්දේශිත ප්‍රමාණයට පළතුරු කනවා. ඒ කියන්නේ හරියට පළතුරු කන්නෙත් ජනගහණයෙන් භාගයක් පමණයි. මේ වාර්තාවට පදනම් වී තියෙන්නේ වසර 2011-12 දත්ත.
(වන සතුන් වෙනුවන් ආහාර නිපදවීම)
මේ වාර්තාවට අනුව කැන්බරා වැසියන්ගෙන් 22% ක් සමහර ආහාර ද්‍රව්‍ය වලින් ඉවත්වී ඉන්නේ ආසාත්මික තාවයන් නිසා. කැන්බරා වල ජනගහණයෙන් 4% ක් ආහාර හිඟකමින් හෝ ආහාර මිලදී ගැනීමට වත්කමක් නැති කමින් පීඩා විඳිනවා.
දැන් මා කඩයේ ඉන්න මිනිසුන් ඇසුරින් නිගමනයකට ආව නම්, මගේ ගණන් හිලව් මිට වඩා ගොඩක් වෙනස්. මෙන්න මේ වගේ කැෂුවල් නිරීක්ෂණ හා බැලුබැල්මට පෙනෙන දේ ඇසුරින් කරන බොහෝ නිගමන සත්‍ය තත්වයෙන් බොහෝ දුරයි. මේක මගහරවා ගන්න තමා ගොඩක් වෙලාවට ප්‍රොපර් සමීක්ෂණ තියන්නේ.
ඒවායේදී සමහර දේවල් එක මට්ටමකට ගෙනෙනවා. අර පාසල් කතාන්දරයේ කර තිබුනේ අන්න ඒ වගේ විචල්‍ය ගොඩක් තියන විට, ඒවා එක්කෝ එක මට්ටමකට ගෙනත් හෝ අයින් කර දත්ත සලකා බැලීමයි. එහෙම නැතුව කරන සමහර නිගමන බොහෝ වෙලාවට මහා නොමග යවන සුළුයි.
Pingback: අපි වවමු-රට නගමු! | සතුටු වැස්ස බ්ලොග් කියවනය
මී බාන ගැන හිතුවේ, වප් මඟුල කරන එකත් ලේසි නැතුව ඇති මහා පුරුෂ ලක්ෂණ තියන මී බානක් හොයාන ට්‍රේනිං කරගන්නත් සෑහෙන කාලයක් යනවා ඇතිනේ.
හාඩ්වෙයාර් කඩයකට ගොඩ වෙලා පැල ගන්න පුලුවන් ද අනේ .
අද තංගල්ල ෆුඩ් සිටි එකට ගියාම සුද්දො ජොඩුවක් ඇවිත් ෆීසර් එකේ තිබුන බඩු ටිකක් බලලා සුද්දා සුද්දිට ෆක් ඔෆ් දිස් කියලා මොකද්ද කුනුහබ්බයක් වනලා ඒවා විසික් කරලා ගියා..සමහර විට එයාලට ඒ ෆීසර් එකේ තිබුන බඩු හරිගියෙ නැතුවද දන් නෑ..
ඔය නියමෙට මේකප් පාරක් දමල අරන් ඉන්නේ. මේ බාන පිරාගේ නැන්දම්මා ගේ කුඹුර හාන වැඩේටත් ගන්න හැකියි.
එකම පරහ, අර සමහර ඇමති මණ්ඩල සාමාජිකයන් වගේ දෙපැත්තටයි අදින්නේ!
කොහොමද ඔමා?
හාර්ඩ්වෙයාර් කියුවට මේ හෝම් ඉම්ප්රුව්මන්ට් baඩු විකුණන බනින්න්ස් (http://www.bunnings.com.au) කියන එක. මේක ඔමා මේ ආකාරයේ ඕස්ට්‍රේලියාවේ තියන ලොකුම හා සාර්ථකම කඩ ජාලය. 🙂
තංගල්ලේ අධිශීත කරලා තියන එළවලු හෙවුවද දන්නේ නැහැ චතු?
ගිය අවුරුද්දෙනම් රාජකීය ලක්ෂණ තිබුන එවුන් හිටිය
මොනවාද ප්‍රා ඔය කියන රාජකීය ලක්ෂණ?
රජෙක් ඉන්න ඕනෙ. එයාට ප්රශස්ති ගායනා කරන්න ඕනෙ. එයාගෙ වන්දිබට්ටො ඔක්කොටම ඒ ලක්ෂණ එනවා. Royal Buffalos
ආදර්ශමත් ගොවි නායකයෙක් කියන්න බැහැ නේ බං ෆොටෝ එකේ දෙන්නෙක්ම ඉන්නවා එක වගේ.
කවුද ඒ?