හොරා-පොලිස් සහ පොලිස්-හොරා!


පොලෝසිය හා මගේ එන්කවුන්ටර් තියෙන්නේ බොහොම ටිකයි. සමාජයේ ඉන්න විශාල පිරිසක් මා වගේම වෙන්න ඇති. හැබැයි පොලෝසිය සිවිල් අපට නැතුව බැරි ආයතනයක්. අද මට පොලෝසියේ නිලධාරියෙකු හා කතා කරන්නට සිදුවුණා, පොඩි අවශ්‍යතාවයකට.

මගේ විස්තර අහල, එයා අහපු එක ප්‍රශ්නයක් නිසා මා හොල්මන් වී ගියා. එම ප්‍රශ්නය මා මෙහි ලියන්නේ නැත්තේ, එය සමග වෙනත් පෞද්ගලික විස්තරත් ලියන්න වෙන නිසා. හැබැයි ඒ ප්‍රශ්නය මගේ ඔළුවට කිසි දා ආපු එකක් නම් නොවේ. එම ප්‍රශ්නය නොකිය ලියන මේ සටහනේ එයට උත්තරය තියනවා.

ඇත්තටම ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීම කියන්නේ මොකක්ද? අප ලංකාවෙන් සංක්‍රමණය වීමේදී, ඉල්ලුම් පත සමග අර පොලිස් රිපෝර්ට් කියන ඒවාත් අමුණන්න ඕනනේ. ඔන්න කරලා වරෙල්ලකෝ.

මට ඒ රිපෝර්ට් හතරක් අමුණන්න තිබුණා. අනික්වා අමතක කරමුකෝ. අමතක කරනවා නොවේ, අමාරුම අනික් ඒවා යැවුවත් (ඒ මොනවාද කියල අහන්න එපා), අන්තිමට බෝතල් කටට හිර වුණේ, ලෙහෙසිම එක යයි මා සිතුව ජිවත්ව සිටි ප්‍රදේශයේ පොලොසියෙන් දෙන සහතිකයයි.

හරිනම් මුලින්ම යවන්න ඕනේ මේක නේද? ඒ පොලොසියට ගියහම, මාව ඒ වැඩේ කරන නිලධරයා ගාවට යැවුවා. හරි, පොර ෆයිල් අවුස්සලා, අදාළ රික්වෙස්ට් එක යන්තම් සොයා ගත්තා. හැබැයි ඉතිං වැඩේ කරනවා කියුවේ නැහැ. ඒ වෙනුවට අදාළ ක්‍රියාමාර්ගය මට ඔහෙන් වරෝ කියලම විස්තර කර දුන්න.

දැන් මෙතැනදී පරතිපත්ති ගරුක කියා නියම විදිහට වැඩේ කර ගන්නවා කියා මට ඉන්න තිබුණා. සමහරවිට එක්කෝ තව ගොඩක් පමා වේවි. නැත්නම් ජලා හුටා වේවි.

අදාළ තුමා කියපු පිළිවෙලට වැඩේ නොකර ඊටත් ලෙහෙසි වැඩ පිළිවෙලක් තමා මා කෙරුවේ. එය  අර මහත්තය කියල දුන්න වගේ, නීති විරෝධී දෙයක් හෝ වෙනත් හොර වැඩක් ද නොවේ. නමුත් සාමාන්‍ය මිනිසෙකුට (සමහර සම්බන්දතා නොමැති) නම් කර ගන්න බැහැ.

මාස ගණනක් හිරවී තිබුණ ඒ වාර්තාව, එදා හවස මගේ අතේ. මෙවැනි දේවල් වලින් තොරව ඔබට ජීවිතය ගෙවන්න හැකියි කියල සිතනවා නම් මුලාවක්. නීති විරෝධී නොවන, නමුත් සාමාන්‍ය ක්‍රියාමාර්ගයත් නොවන දේවල් අප ජීවිතය පුරාම කරනවා. එය ඉන්න රට අනුව වෙනස් වන්නේ නැහැ.

ඇත්තටම සමහර සමාජ සංස්ථා හා ක්‍රියාමාර්ග ස්ථාපනය වී නොමැති පරිසරයක, “ප්‍රතිපත්ති ගරුක” වීම යනු නිකම් නපුරු සිහිනයක් පමණයි. සමහර පොඩි දේවල් ජිවිත කාලයටම ඉටු කර ගන්න බැහැ.

හැබැයි, සමාජ සංස්ථා හා ක්‍රමවේදයන් ස්ථාපනය වී ඇති විට පවා, අපට මෙවැනි සම්බන්දතා නොමැතිව ජීවිතය ගෙවීම අසීරුයි.

Advertisements

13 Comments

Filed under Opinion, Social

13 responses to “හොරා-පොලිස් සහ පොලිස්-හොරා!

  1. Pingback: හොරා-පොලිස් සහ පොලිස්-හොරා! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මා නම් කිසි දිනක අල්ලස් (හෝ එවැනි දේ) දී නැත, දෙන්නට අදහසක් ද නැත!

    • ඇණයා Nut Man

      අපේ ජීවිතයේ පහසුවට / ඉදිරියට යන්න අපි නොකරන සමහර දේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් කරන්න වෙනවා. මගේ තේරීම වුනේ දේශපාළුවන් සහ නිළධාරී වන්දනාවට වඩා ප්‍රින්සිපල් ට පගාව දීම හොඳ බවයි. ඒ තේරීම නිසා බොරු කියන්නත් / කූට ලිපි සකස් කරන්නත් වුනේ නෑ, ඡන්දෙ කාලේ කොන්ද කෙලින් තියාගෙන ඉන්නත් හැකිවුනා වගේම ප්‍රතිඋපකාර වෙනුවෙන් මගේ රැකියාවට වංචාවක් කරන්න වෙන අවධානමත් වැළකුණා.

      රයිගම්ට ඔතන අපෙන් හංගන්න තරම් තේරීම් ගොඩක් නෑනේ, දෙකයි කියෙන්නේ; පොඩි සංතොෂමක් දීම හදන්න අඳුනන ඉහල තැනකින් සහයෝගයක් ඉල්ලීම.

    • සාමාන්‍ය කටයුතු වලදී අල්ලස් කියන්නේ රසික, සමහර සමාජ වල යමකට තියන මිල, කෘතිමව යටපත් කිරීම නිසා ඇතිවන තත්ත්වයක්.

      මා නම් අතීතයේදී අල්ලස් කෙසේ වෙතත් සන්තෝෂම් දී තියනවා. අද ඉන්නේ අර මිල නියම කර තියන සමාජයක නිසා, එවැනි දේවල් කරන්නට සිදු වන්නේ නැහැ.

      • //රයිගම්ට ඔතන අපෙන් හංගන්න තරම් තේරීම් ගොඩක් නෑනේ, දෙකයි කියෙන්නේ; පොඩි සංතොෂමක් දීම හදන්න අඳුනන ඉහල තැනකින් සහයෝගයක් ඉල්ලීම.//

        ඇණයාණනි, මේ කොටස කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාරයේ අනෙක් කොටස මා බලාපොරොත්තු වූවක්.

        නැහැ මා හැංගුවේ ඔබ සිතන දෙයක් නොවේ. එය විස්තර කරන්න බැරි එක හේතුවක් නිසයි. එම ප්‍රශ්නය මොකක්ද කියා සිතන එකේ තේරුමක් නැහැ. එය අනුමාන කරන්නත් ලෙහෙසියෙන් බැහැ. අනුමාන කිරීමට අවශ්‍ය ක්ලු මා දෙන්නෙත් නැහැ.

        මෙතැනදී මා අල්ලස් දීමක් හෝ උදව් ඉල්ලීමක් කෙරුවේ නැහැ. ඇත්තටම එහි අනෙක. එනම් පුරවැසියෙකු ලෙස මගේ අයිතිය ලබා ගැනීම. එහිදී මා උපන් රට, හමේ පාට හෝ වෙනත් දෙයක් ඒ නිලධාරියා සැලකුවේ නැහැ. මගෙන් සන්තෝෂම් බලාපොරොත්තු වුනෙත් නැහැ. ඉහල කෙනෙකුගේ උදව් සොයා යන්න අවශ්‍ය වුනෙත් නැහැ.

        අපේ නිල කතා බහ යද්දී, ඔහු මගෙන් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රශ්නයක් ඇහුවා. එය මගේ කටයුත්තට අදාළ දෙයක් නොවේ. ඒ ගැන අප දෙදෙනා ටිකක් කතා කළා. එය ඔබ සිතන අන්දමේ දෙයක් නම් නොවේ.

        දැන් හරි කතාවට ආවොත් //මගේ තේරීම වුනේ දේශපාළුවන් සහ නිළධාරී වන්දනාවට වඩා ප්‍රින්සිපල් ට පගාව දීම හොඳ බවයි. ඒ තේරීම නිසා බොරු කියන්නත් / කූට ලිපි සකස් කරන්නත් වුනේ නෑ, ඡන්දෙ කාලේ කොන්ද කෙලින් තියාගෙන ඉන්නත් හැකිවුනා වගේම ප්‍රතිඋපකාර වෙනුවෙන් මගේ රැකියාවට වංචාවක් කරන්න වෙන අවධානමත් වැළකුණා.// ඇයි මෙහෙම කරන්න සිදු වන්නේ? අප වැනි අය මේ වැනි රටක ඉඳන් ප්‍රතිපත්ති ගරුක පිරිසිදු ජිවිත ගතකරපන් කියා, ඔබට කියුවට එය ප්‍රයෝගිකව කරන්න බැරිවග ඉහත කියුමෙන් සනාථ වෙනවා.

        ඇත්තටම මට ලංකාවේදී ගන්න තිබුන රිපෝර්ට් එක වෙනුවෙන් මුදලක් නියම කර තිබුණා නම් එය මා කැමැත්තෙන් ගෙවනවා නේද? ඒ මුදල ආණ්ඩුවේ ආදායමට එකතු වී, කොටසක් අර පොලිස් නිලධරියගේ වැටුපට එකතු කරන්නත් තිබුනා. වැඩේ ඉක්මන්.

        ඔබත් කියන “හොඳ” පාසල් සොයා යාමේ මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයට පිළියම කුමක්ද? මේ දරාගැනීමේ ශක්තියක් තියන මිනිසුන්ට ඒ සඳහා මුදල් ගෙවන්නට පරිසරය බලෙන් යටපත් කිරීමෙන්, සාධාරණ සමාජ තනන්න හැකිද?

        ඔබට වැනි ප්‍රශ්නයක් මට ආවොත් මොකද කරන්නේ? බොරු කියන්න අවශ්‍ය නැහැනේ. අපත් දරුවන් යවා තියෙන්නේ, අප තෝරාගත් “හොඳ” පාසල් වලට. හැබැයි ඒවා රජයේ. ඒවා නොලැබුණා නම් අප මොකද කරන්නේ?

        විකල්පය ලෙස කරන්නේ පෞද්ගලික පාසලකට යවන එක මිසක්, අප අකමැති “නරක” පාසලකට යවන එක නොවේ. එතැනදී අප‍ට ඇත්තටම විකල්ප තියනවද? ඔව් ටිකක් අමාරුවෙන් හෝ කරන්න හැකියි.

        එහෙම යැවුවා කියා දරුවට වෙනස්කමක් කෙරෙන්නේ නැහැ. ඔවුන් අන්තිමටම සරසවි හෝ වෙනත් උසස් අධ්‍යාපන පිවිසුම් සඳහා සලකා බැලෙන්නේ එක සමානව (එලයිට් පාසල් වල සිසුන්ට වෙනම දොරටු සමාජයේ තියයනවා කියන පංතිමය කරුණ අමතක කරමු).

        දැන් ඔබට මුදල් ගෙවා ඔබ තෝරන අන්දමේ පාසැලක් නගරයේ තිබුනා නම්, ඔබ ඔය අල්ලස් දීම වැනි රිස්කි දෙයක් කරනවද? නැහැනේ. අනික එය ඔබගේ අතේ හැකියාවයි. එහෙම වුනා නම්, ඔබගේ “අල්ලසෙන්” කොටසක් අලුත් රැකියා අවස්ථා ජනනයට, රජයේ අදායම් උත්පාදනයට, රටේ යහපාලනයට දායක වෙනවා.

        එවැනි පාසල් අන්තර්ජාතික පාසල් සෙප්පඩ විජ්ජා නොව, අනෙක් පාසැල් වල උගන්වන විෂය නිර්දේශයම උගන්වන, අනෙක් පාසල් වල සිසුන් පෙනී සිටින විභාග වලටම පෙනී ඉන්න පුළුවන්, අනෙක් පාසල් වල සිසුන් ලබන උසස් අධ්‍යාපන අවස්ථා වලටම සලකා බැලෙන, අනෙක් පාසල් වල මෙන්ම “හරි” ගුරුවරුන් ඉන්න ඒවම විය යුතුයි.

        එමගින් අවසානයේ අර පිරි ඉතිරි ගොස් තියන සුපිරි පාසල් වල තදබදය අඩු කරන්න විතරක් නොවේ, අනෙක් පොඩි පාසල් වලත් අධ්‍යාපනය ගුණාත්මකව ඉහල යවන්න හැකියි. මොකද රජය එකම මුදල වියදම් කලත්, දැන් ඒ මුදලෙන් අර ඔබ වැනි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් ටිකක් වියදම් කරන්න හැකි පිරිසගේ වියදම් ඉවත් වී ඇති නිසා.

        ජිවිතයේ එදිනෙදා පැවැත්මට අල්ලස් දීමට අවශ්‍ය පරිසරයක නොවේ මා ඉන්නේ ඇනයෝ. නමුත් ඔබලාට එහෙම කරන්න නොහැකි වගත් මට තේරුම් ගන්න හැකියි. එයට හේතු වෙලා තියන කරුණු ගොඩක් අතර, මිනිසුන්ගේ සිත් වල තියන සියලුම දෙනාට එකම අවස්ථා, සමාන අවස්ථා කියන එතරම් වටිනාකමක් නොමැති (ඇත්තටම එහෙම දෙයක් නැහැනේ), අල්ලස් හා දුෂණ වලට විතරක් පාර කපන සංකල්පයත් ප්‍රමුඛත්වයක් ගන්නවා.

  3. මටත් ගන්න ඕන වුනා පොලිස් රිපෝර්ට් එකක්. එංගලන්තේ වඩා ලේසියි. ඔන්ලයින් ගිහින් ෆෝම් එක පුරවල ලිපිනය තහවුරු කරන්න ලිපි ස්කෑන් කරල දාල සතියේන් එවනවා ගෙදරට. කාවවත් හමුවෙන්න ඕනේ නැහැ.

    • මාත් රටවල් තුනකින් ගත්තා. එකක් ඔය වගේ ඔන්ලයින් පුරවා, අදාළ මුදල ගෙවා, අනෙක් දෙකම ක්‍රම-සහ-විධි වලින්. වෙන විකල්පයක් තිබුනේ නැහැ. ක්‍රිමිනල් නොවන ජිවිතයක් ගත කරන අප වගේ මිනිසුන්ගේ කොහොමත් නරක රෙකොර්ඩ් එකක් නැහැනේ!

      මට කියන්න අවශ්‍ය වුණේ මචං, සමාජ සුබසාධනය හා මධ්‍යම-පාංතික සුබසාධනය පටල ගන්න හොඳ නැහැ කියන එක.

      • මචන් මට ඒක තේරුනේ නැහැ.

        • නැහැ මචෝ, ඇත්තටම එය තියෙන්නේ පිලිතුරක. ඇත්තම බලාපොරොත්තුව එයට ඒම තමා. වෙලාවට මා බලාපොරොත්තු වුන ප්‍රතිචාරයක් ඇණය දමා තිබුණා!

  4. Anonymous

    isn’t that you can get Australian police report online ?

  5. අපේ දෙමව්පියන්ගේ කාලෙ බොහෝ දෙනා පගා දීම හා ගැනීම දෙකටම ලැජ්ජයි.
    අපේ මුල් කාලෙ බොහෝ දෙනා ගන්න ලැජ්ජයි ඒත් වැඩක් කරගන්න දෙනවා.
    දැන්… දීම හා ගැනීම දෙකටම ලැජ්ජා නෑ. අහුවෙනවට බය විතරයි

    ///නීති විරෝධී නොවන, නමුත් සාමාන්‍ය ක්‍රියාමාර්ගයත් නොවන දේවල් අප ජීවිතය පුරාම කරනවා. එය ඉන්න රට අනුව වෙනස් වන්නේ නැහැ.//

    ඔව්. ඒත් සමහර රටවල අනික් රටවලට වඩා ඉන්ෆ්ලුවන්ස් අවශ්‍යයි මොකක් කරගන්නත්

    • //අහුවෙනවට බය විතරයි// මහජනතාවගේ ඔය හොරා පොලිස් ජිවිතයට පාර කැපුනේ ඇයි කියා ඔබ දන්නවනේ. වැරදි කිරීම මිනිස් ගතියක් වගේම ඒවාට දඩ අය කර ගැනීමත් සරල කාරියක් වෙන්න ඕනේ ප්‍රා! ඒ එකක්.

      අනික අපේ ජනගහනයේ වැඩිවීම අනුව අනෙක් දේවල් ප්‍රසාරණය වුනේ නැහැනේ. ඉතින් තියන අවස්ථා කුඩා ප්‍රමාණයට පොරකන විට ඔවැනි දේවල් වෙනවා. ඒ දෙක
      අනික අපේ සමාජ සුබසාධනය කියන දේ වැරදියටයි අල්ලාගෙන තියෙන්නේ.

      සමාජයේ සියලුම දෙනාට මේ සහනාධාර දෙන්න අවශ්‍ය නැහැ. පාසල් අධ්‍යාපනයට බර දරන්න පුළුවන් දෙමාපියනට ඒ අවස්ථාව දෙන්න ඕනේ, සෞඛ්‍යය සඳහා වැය කරන්න හැකි කට්ටියට ඒ අවස්ථාව දෙන්න ඕනේ, සරසවි අධ්‍යාපනයට වියදම් කරන්න හැකි කට්ටියට ඒ සඳහා අවස්ථාව දෙන්න ඕනේ, පොලිස් රිපෝර්ටයට වගේ දේවල් වලට මුදල් අය කර, එවැනි සේවාවන් කාර්යක්ෂම කරන්න පුළුවන්, පඩි ටිකක් වැඩිකර.

      මේවා අප කතා කෙරුවට වැඩක් නැති දේවල් නේ.
      තනි මිනිසුන්ටත් කරන්න හැකි දෙයක් වන ලෝකය පුරා තියන අවස්ථාවන් සොයා යාමත් මෙයට එක විසාන්දුමක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s