ජිවිතේ අම ධාරා – මිවිතේ රස උතුරා!


අද දහවල් කන්න ගිය විට කියවපු සඟරාවක පළ වන තීරයේ වෙනදා තියන වෛරී ප්‍රකාශය වෙනුවට YPMO (මෙය වෙන විදිහකට දමන්න දැන් බැහැ) තිබුන. ඔය වගේ දේවල් නිතරම නොවුණත් අපේ ඇසෙ නොගැටෙනම දේවලුත් නොවේනේ. හැබැයි අපේ ඇස වැඩිපුර යන්නේ වෛරී ප්‍රකාශන වලටම තමා. ඒවාට විරුද්ධය කියන මිනිසුනුත් වැඩිපුර කියවන්නේ ඒවාම වීම ටිකක් සරදමකුත් තමා.

ඕකේ තියන tell those you love that you do කියන එක අප ගොඩක් වෙලාවට අමතක කරන එකක්. අපේ සංස්කෘතිය අනුව මෙහෙම කියන්න අප ලැජ්ජයි. අර නන්දා මාලිනි නම් කියන්නේ අප තුන්සිය හැටපස් දවසම ආදරය කරන පිරිසක්, අනේ එක දවසක් වෙනම වෙන් කරලා තියෙන්නේ මොකටද? කියා. එය ටිකක් ගොන් පාර්ට් එකක් කියලත් මට සිතෙනවා. මොකද අප එක දිනක් හෝ ආදරය කරන, හෝ එහෙම කරන බව කියන පිරිසක් නොවේ.

එතැන තියන අනෙක් කරුණ එනම්, practice kindness, care and love – not just toward others, but toward yourself as well කියන එකත් එතරම්ම ලෙහෙසි නැහැ. මාත් ඕක කියෙව්වේ, මගේ බර්ගරය හදන කම් බියර් එකක් බිබී. අනුන්ට ආදරය කරනවා තියා තමන්ට හෝ ආදරය කරන්නේ කොහොමද බියර් බිබී.

ඒ කතාව පැත්තකට දැමුවොත් මෙන්න මා ඊයේ ගත්ත පින්තූර ටිකක්. අහසට වැඩිය කැමති කෙනෙකුට අහස විතරකුත්, අහස පොලව අතර පාවෙන අය සඳහා මේ දෙකමත් අරන් ඇති. කොහොමත් අප කපා ගන්නේ වපුරපු දේවල් නිසා, මොනවා කළත් වපුරන්නේ මොනවාද කියා මුලින් ටිකක් සිතා බලමු.

IMG_20151210_141726484

IMG_20151210_105102040

IMG_20151210_105105917

IMG_20151210_105109553

IMG_20151210_105119323

IMG_20151210_131709990

IMG_20151210_131713109

IMG_20151210_141730449

IMG_20151210_141748103

IMG_20151210_141753848

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “ජිවිතේ අම ධාරා – මිවිතේ රස උතුරා!

  1. //අනුන්ට ආදරය කරනවා තියා තමන්ට හෝ ආදරය කරන්නේ කොහොමද බියර් බිබී.//

    “I ordered a beer and then I ordered another beer, because why finish one when I can finish two? Having only one is great for love, but bad for beer.”
    ― Jarod Kintz, This Book is Not FOR SALE

    “Whoever drinks beer, he is quick to sleep; whoever sleeps long, does not sin; whoever does not sin, enters Heaven! Thus, let us drink beer!”
    ― Martin Luther

    “Beer’s intellectual. What a shame so many idiots drink it.”
    ― Ray Bradbury, The October Country

    “Thirstily he set it to his lips, and as its cool refreshment began to soothe his throat, he thanked Heaven that in a world of much evil there was still so good a thing as ale.”
    ― Rafael Sabatini, Fortune’s Fool

    • //he thanked Heaven that in a world of much evil there was still so good a thing as ale.// අයි ඇග්රී 😀

      මේවා කොහොමද එක පාරට දැමුවේ. කට පාඩමින් දන්නවද ප්‍රා?

  2. Pingback: ජිවිතේ අම ධාරා – මිවිතේ රස උතුරා! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. //මොකද අප එක දිනක් හෝ ආදරය කරන, හෝ එහෙම කරන බව කියන පිරිසක් නොවේ.//

    මට නම් පුද්ගලිකව එහෙම දැනිල නැහැ.
    එහෙම හැමෝටම genaralise කරන්න අමාරුයි නේද? එක එක්කෙනාගේ හැටියට ඒක වෙනස් නේ. සමහර වෙලාවට ආදරේ කියලා ගෙඩි පිටින් කියන්නේ නැති උනාට ඒක දැනෙනවා… ආදරේ කියා කිය හැමදාම කිව්වත් ඒක හදවතට දැනෙන්නේ නැත්නම් වැඩක් නෑනේ.

    //practice kindness, care and love – not just toward others, but toward yourself as well//
    අනිවාර්යෙන්ම මේක අපි නිතරම neglect කරන දෙයක්. මෛත්‍රි භාවනා වෙදි ත් ඉස්සෙල්ලම මෛත්‍රි කරන්නේ තමන්ට… kindness, care and love වගේම ‘අවංක’ වෙනකොටත් ඉස්සෙල්ලම අවංක වෙන්න ඕනේ තමන්ට යි…

    • ඔව්, ඔව්, නිරෝෂි, එහෙම සාමාන්‍යකරණය කරන්න ටිකක් අමාරුයි වගේ තමා. හැබැයි නොහැකිත් නැහැ වගේ නේද?

      //ආදරේ කියා කිය හැමදාම කිව්වත් ඒක හදවතට දැනෙන්නේ නැත්නම් වැඩක් නෑනේ.// මෙයා මේ කියන්නේ ඒ ගැන නොවේ නේ. එයා කියන්නේ ආදරය කරනවා නම් නොසඟවා එය කීමත් වැදගත් කියල.

      //ඉස්සෙල්ලම මෛත්‍රි කරන්නේ තමන්ට// මේක නම් ඇත්ත. නැත්නම් අර කිසිම වැඩකරුවෙක් නොවන කුමාරසිංහ මල්ලිට, ටෙලිකොම් දීල, පඩිත් හිටු කියල වැඩිකරගන්න දේවිද? කවුරුත් කියන්නේ එක දෙයක්, ආවපුවහම කරන්නේ තව දෙයක්. මෙතැනදී අප සාපේක්ෂව හොඳයි කියා සිත සනසවා ගන්නවා. ඇත්තටම වෛරී කතාම කියනවාට වඩා එය හොඳ දෙයක් නේද නිරෝෂි?

      ඒ කතාව මොහොතකට අමතක කෙරුවොත් මාත් කියන්න හැදුවේ ස්වයං විවේචනය හා ඔබ කියන තමන්ට අවංක වීම අප හිතන තරම් පහසු දෙයක් නොවේ කියන එකම තමා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s